10. කොසියජාතකවණ‍්ණනා 130 අට‍්ඨකථා
10. කොසියජාතකවණ‍්ණනා (130)
10. කෝසිය ජාතකය (130)
යථා වාචා ච භුඤ‍්ජස‍්සූති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං සාවත්‍ථියං මාතුගාමං ආරබ‍්භ කථෙසි. සා කිරෙකස‍්ස සද‍්ධාසම‍්පන‍්නස‍්ස උපාසකබ්‍රාහ‍්මණස‍්ස බ්‍රාහ‍්මණී දුස‍්සීලා පාපධම‍්මා රත‍්තිං අතිචරිත්‍වා දිවා කිඤ‍්චි කම‍්මං අකත්‍වා ගිලානාලයං දස‍්සෙත්‍වා නිත්‍ථුනමානා නිපජ‍්ජති. අථ නං බ්‍රාහ‍්මණො “කිං තෙ භද‍්දෙ අඵාසුක”න‍්ති පුච‍්ඡි. “වාතා මෙ විජ‍්ඣන‍්තී”ති. “අථ කිං ලද‍්ධුං වට‍්ටතී”ති? “සිනිද‍්ධමධුරානි පණීතපණීතානි යාගුභත‍්තතෙලාදීනී”ති. බ්‍රාහ‍්මණො යං යං සා ඉච‍්ඡති, තං තං ආහරිත්‍වා දෙති, දාසො විය සබ‍්බකිච‍්චානි කරොති. සා පන බ්‍රාහ‍්මණස‍්ස ගෙහං පවිට‍්ඨකාලෙ නිපජ‍්ජති, බහි නික‍්ඛන‍්තකාලෙ ජාරෙහි සද‍්ධිං වීතිනාමෙති.
“යථාවාචාව භුඤ්ජසු” යන මේ ජාතකය බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, සැවැත් නුවර වැසි එක් ගැහැනියක අරබයා දේශනා කළහ. මේ වනාහි එක් සැදැහැවත් බුදු සසුනෙහි පැහැදුණු උවසු බමුණකුගේ බිරිය වූවාය. ඕ දුසිල් පවිටුකම් ඇත්තී, රාත්‍රියෙහි අනාචාරයෙහි හැසිර දවල් කිසි වැඩක් නො කොට ගිලන් බවක් පෙන්වා තතනමින් නිදන්නීය. ඉක්බිති, බමුණා සොඳුරිය, කිම ද? යම්කිසි අපහසුවක් ඇත්තීදැ යි විචාරා, එසේය. මගේ සිරුර වාතයෝ පීඩා කරතැ යි කීවාය. එසේ නම් කිනම් දෙයක් අවශ්‍යදැ යි අසා මිහිරි ප්‍රණීත කැඳ, බත්, තෙල් ආදී යමක් ඇය කැමැති වන්නී ද, ඒ ඒ දෙය ගෙනවුත් දෙයි. දාසයකු මෙන් සියලු කටයුතු කරයි. බමුණා ගෙටවන් කල ඕ නිදන්නීය. බැහැර ගිය කල සොර සැමියන් සමග සතුටු වන්නීය.
අථ බ්‍රාහ‍්මණො “ඉමිස‍්සා සරීරෙ විජ‍්ඣනවාතානං පරියන‍්තො න පඤ‍්ඤායතී”ති එකදිවසං ගන්‍ධමාලාදීනි ආදාය ජෙතවනං ගන‍්ත්‍වා සත්‍ථාරං පූජෙත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදිත්‍වා “කිං, බ්‍රාහ‍්මණ, න පඤ‍්ඤායසී”ති වුත‍්තෙ “භන‍්තෙ, බ්‍රාහ‍්මණියා කිර මෙ සරීරෙ වාතා විජ‍්ඣන‍්ති, ස‍්වාහං තස‍්සා සප‍්පිතෙලාදීනි චෙව පණීතපණීතභොජනානි ච පරියෙසාමි, සරීරමස‍්සා ඝනං විප‍්පසන‍්නච‍්ඡවිවණ‍්ණං ජාතං, වාතරොගස‍්ස පන පරියන‍්තො න පඤ‍්ඤායති. අහං තං පටිජග‍්ගන‍්තොව ඉධාගමනස‍්ස ඔකාසං න ලභාමී”ති ආහ. සත්‍ථා බ්‍රාහ‍්මණියා පාපභාවං ඤත්‍වා “බ්‍රාහ‍්මණ, ‘එවං නිපන‍්නස‍්ස මාතුගාමස‍්ස රොගෙ අවූපසමන‍්තෙ ඉදඤ‍්චිදඤ‍්ච භෙසජ‍්ජං කාතුං වට‍්ටතී’ති පුබ‍්බෙපි තෙ පණ‍්ඩිතෙහි කථිතං, භවසඞ‍්ඛෙපගතත‍්තා පන න සල‍්ලක‍්ඛෙසී”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.
දිනක් බමුණා, මැගේ සිරුර පීඩාකරන වාතයන්ගේ කෙළවරක් නො පෙනේ යි සිතා සුවඳ මල් ගත් අතැති ව දෙව්රම් වෙහෙරට ගොස් බුදුන් පුදා වැඳ එකත් පසෙක හුන් කල්හි බුදුහු, කිම බමුණ, මෙතෙක් දවස් නො පෙනී සිටියෙහි යි ඇසූ කල්හි, ස්වාමීනි, මගේ බැමිණියගේ සිරුරෙහි වාත රෝගයක් ඇත. ඒ නිසා මම ඇයට ගිතෙල් ද ප්‍රණීත භෝජන ද සොයමි. ඇගේ සිරුර සවිමත්ය. සම පැහැපත්ය. එහෙත් වාත රෝගයෙහි කෙළවරක් නො පෙනේ. මා ඇය රැකබලා ගැනීම නිසා මෙහි ඒමට අවකාශයක් නො ලැබුණි. බුදු රජහු බැමිණියගේ අනාචාර බව දැන බමුණු ස්ත්‍රියගේ රෝගය සුව නො වන කල්හි මේ මේ බෙහෙත් කටයුතු යි පෙර නුවණැත්තන් විසින් කියන ලදි. භවයෙන් වැසී ගිය නිසා දැන් ඒ නො සලකන්නෙහි යි වදාරා ඔහු විසින් අයදනා ලද්දාහු, ඉකුත් කථාව වදාළහ.
අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො බ්‍රාහ‍්මණමහාසාලකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො තක‍්කසිලායං සබ‍්බසිප‍්පානි උග‍්ගණ‍්හිත්‍වා බාරාණසියං දිසාපාමොක‍්ඛො ආචරියො අහොසි. එකසතරාජධානීසු ඛත‍්තියකුමාරා ච බ්‍රාහ‍්මණකුමාරා ච යෙභුය්‍යෙන තස‍්සෙව සන‍්තිකෙ සිප‍්පං උග‍්ගණ‍්හන‍්ති. අථෙකො ජනපදවාසී බ්‍රාහ‍්මණමාණවො බොධිසත‍්තස‍්ස සන‍්තිකෙ තයො වෙදෙ අට‍්ඨාරස ච විජ‍්ජාට‍්ඨානානි උග‍්ගණ‍්හිත්‍වා බාරාණසියංයෙව කුටුම‍්බං සණ‍්ඨපෙත්‍වා දිවසෙ දිවසෙ ද‍්වත‍්තික‍්ඛත‍්තුං බොධිසත‍්තස‍්ස සන‍්තිකං ආගච‍්ඡති . තස‍්ස බ්‍රාහ‍්මණී දුස‍්සීලා අහොසි පාපධම‍්මාති සබ‍්බං පච‍්චුප‍්පන‍්නවත්‍ථුසදිසමෙව.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු උසස් බමුණු කුලයක ඉපිද වැඩිවියට පත්ව තක්සලාවෙන් සියලු ශිල්ප උගෙන බරණැස් නුවර දිසාපාමොක් ඇදුරු වූහ. සියයක් රජදහන්වල රජ බමුණු කුමරුවෝ මොවුන් ළඟ ම ශිල්ප උගනිත්. එකල පසල් දනව් වැසි බමුණෙක් බෝසතුන්ගෙන් තුන් වේදය හා අටළොස් විද්‍යා උගෙන බරණැස් නුවරට පවුල් සංවිධානය කොටගෙන වෙසෙමින් දිනපතා දෙතුන් වරක් බෝසතුන් වෙත එයි. ඔහුගේ බිරිය දුසිල් පාපකාරිනියක් වූවාය. මෙහි සියලු කථා පුවත වත්මන් කථාව හා සමාන වේ.
බොධිසත‍්තො පන “ඉමිනා කාරණෙන ඔවාදගහණාය ඔකාසං න ලභාමී”ති වුත‍්තෙ “සා මාණවිකා ඉමං වඤ‍්චෙත්‍වා නිපජ‍්ජතී”ති ඤත්‍වා “තස‍්සා රොගානුච‍්ඡවිකං භෙසජ‍්ජං ආචික‍්ඛිස‍්සාමී”ති චින‍්තෙත්‍වා ආහ “තාත, ත්‍වං ඉතො පට‍්ඨාය තස‍්සා සප‍්පිඛීරරසාදීනි මා අදාසි, ගොමුත‍්තෙ පන පඤ‍්චපණ‍්ණානි ඵලාදීනි ච පක‍්ඛිපිත්‍වා කොට‍්ටෙත්‍වා නවතම‍්බලොහභාජනෙ පක‍්ඛිපිත්‍වා ලොහගන්‍ධං ගාහාපෙත්‍වා රජ‍්ජුං වා යොත‍්තං වා රුක‍්ඛං වා ලතං වා ගහෙත්‍වා ‘ඉදං තෙ රොගස‍්ස අනුච‍්ඡවිකභෙසජ‍්ජං, ඉදං වා පිව, උට‍්ඨාය වා තයා භුත‍්තභත‍්තස‍්ස අනුච‍්ඡවිකං කම‍්මං කරොහී”ති වත්‍වා ඉමං ගාථං වදෙය්‍යාසි. “සචෙ භෙසජ‍්ජං න පිවති, අථ නං රජ‍්ජුයා වා යොත‍්තෙන වා රුක‍්ඛෙන වා ලතාය වා කතිචි පහාරෙ පහරිත්‍වා කෙසෙසු ගහෙත්‍වා ආකඩ‍්ඪිත්‍වා කප‍්පරෙන පොථෙය්‍යාසි, සා තඞ‍්ඛණඤ‍්ඤෙව උට‍්ඨාය කම‍්මං කරිස‍්සතී”ති. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා වුත‍්තනියාමෙනෙව භෙසජ‍්ජං කත්‍වා “භද‍්දෙ, ඉමං භෙසජ‍්ජං පිවා”ති ආහ. “කෙන තෙ ඉදං ආචික‍්ඛිත”න‍්ති? “ආචරියෙන, භද‍්දෙ”ති. “අපනෙහි තං, න පිවිස‍්සාමී”ති. මාණවො “න ත්‍වං අත‍්තනො රුචියා පිවිස‍්සසී”ති රජ‍්ජුං ගහෙත්‍වා “අත‍්තනො රොගස‍්ස අනුච‍්ඡවිකං භෙසජ‍්ජං වා පිව, යාගුභත‍්තානුච‍්ඡවිකං කම‍්මං වා කරොහී”ති වත්‍වා ඉමං ගාථමාහ –
මේ කරුණ නිසා ඔවදන් ලැබීමට ඉඩක් නො ලැබුණු බව කීවේය. බෝසත්හු, මේ ස්ත්‍රිය මොහු රවටා නිදන බව දැන රෝගයට සුදුසු බෙහෙතක් කියන්නෙමි යි සිතා දරුව, ඔබ මෙතැන් සිට ඇයට කිරි, ගිතෙල් ආදී රසවත් දේ නො දෙනු. පස්පළා, ත්‍රිඵල, ගෝ මුත්‍රයෙහි බහා කකාරා අළුත් තඹ භාජනයක දමා තඹගඳ ගන්වා රැහැනක් හෝ යොතක් හෝ වැලක් ගෙන මේ තිගේ රෝගයට සුදුසු බෙහෙතයැ යි මෙය බොව. නැතිනම් නැඟිටුව. අනුභව කළ ආහාරයට සුදුසු සේ වැඩ කැරව යි මේ ගාථාව කියව. ඉදින්, බෙහෙත නො බොන්නී නම් රැහැණින් හෝ යොතින් හෝ වැලෙන් හෝ පහර කීපයක් දී කෙසින් ගෙන ඇද වැලමිටින් තලන්නේය. එවිට වහා නැඟිට වැඩපල කරන්නීය. ඔහු ද මැනවැ යි පිළිගෙන කී ආකාරයෙන් බෙහෙත සකස් කොට, සොඳුරිය, මේ බෙහෙත බොව යි කීය. එවිට බිරිය මේ බෙහෙත කවුරුන් විසින් කියන ලද ද? සොඳුරිය, ගුරුතුමන් විසින් කියන ලද්දේය. ඒ බෙහෙත ඉවත ලනු. මම නො බොමි. එවිට මානවකයා ඉදින්, තී කැමැත්තෙන් නො බොන්නී නම් මේ රැහැන ගෙන තමාගේ රෝගයට සුදුසු බෙහෙත බොව හෝ තමා කන බොන කැඳ බත් ආදියට සුදුසු වැඩපල හෝ කැරව යි කියා මේ ගාථාව කීය.
“යථාවාචා ච භුඤ‍්ජස‍්සු, යථාභුත‍්තඤ‍්ච බ්‍යාහර; උභයං තෙ න සමෙති, වාචා භුත‍්තඤ‍්ච කොසියෙ”ති.
“යථාවාචාව භුඤ්ජස්සු යථාභුත්තඤ්ච ව්‍යාහර, උභයං තෙ න සමෙති වාචා භුත්තංඤ්ච කොසියෙති”
“කොසියාවෙනි, කියන වචනයට අනුව අනුභව කරව. අනුභව කළ දෙයට අනුව වැඩ කරව. තිගේ කීම ද අනුභව කිරීම ද සම නො වේ.”
තත්‍ථ යථාවාචා ච භුඤ‍්ජස‍්සූති යථා තෙ වාචා, තථා භුඤ‍්ජස‍්සු, “වාතා මෙ විජ‍්ඣන‍්තී”ති වාචාය අනුච‍්ඡවිකමෙව කත්‍වා භුඤ‍්ජස‍්සූති අත්‍ථො. “යථාවාචං වා”තිපි පාඨො යුජ‍්ජති, “යථාවාචායා”තිපි පඨන‍්ති, සබ‍්බත්‍ථ අයමෙව අත්‍ථො. යථාභුත‍්තඤ‍්ච බ්‍යාහරාති යං යථා තෙ භුත‍්තං, තස‍්ස අනුච‍්ඡවිකමෙව බ්‍යාහර, “අරොගම‍්හී”ති වත්‍වා ගෙහෙ කත‍්තබ‍්බං කරොසීති අත්‍ථො. “යථාභූතඤ‍්චා”තිපි පාඨො, අථ වා අරොගම‍්හීති යථාභූතමෙව වත්‍වා කම‍්මං කරොහීති අත්‍ථො. උභයං තෙ න සමෙති, වාචාභුත‍්තඤ‍්ච කොසියෙති යා ච තෙ අයං වාචා “වාතා මං විජ‍්ඣන‍්තී”ති යඤ‍්ච තෙ ඉදං පණීතභොජනං භුත‍්තං, ඉදං උභයම‍්පි තුය‍්හං න සමෙති, තස‍්මා උට‍්ඨාය කම‍්මං කරොහි. “කොසියෙ”ති තං ගොත‍්තෙනාලපති.
එහි, “යථාවාචාව භුඤ්ජස්සු”, තිගේ වචනය අනුව අනුභව කරව. වාතයෙන් මට පීඩා කරතැ යි කියන වචනයට සුදුසු වන සේ අනුභව කරව යන අර්ථයි. “යථාවාචං වා”, යන පාඨය ද ගැළපේ. “යථාවාචායාති”, කියා ද පාඨයකි. මෙම අර්ථ මැයි. “යථාභුත්තඤ්ච ව්‍යහරාති”, තී අනුභව කරන ආහාරයට අනුව මෙහෙ කරව. නීරෝගී වෙමි යා කියා ගෘහයෙහි කළයුතු දේ කරව යන අර්ථයි. “යථාභූතඤ්ච”, ද පාඨයකි. නොහොත් නීරෝගී වෙමි යි ඇති තත්ත්වයට ප්‍රකාශ කොට මෙහෙ කරව යන අර්ථයි. “උභයං තෙ න සමෙති වාචා භුත්තඤ්ච කොසියෙති”, වාතයෝ මා පෙළතැ යි තිගේ යම් වචනයක් වේ ද එය ද ප්‍රණීත ආහාර පාන බුදීම ද යන මේ දෙකරුණ සම නො වේ. එහෙයින් නැඟිට වැඩ කරව. “කොසියෙ”, ගෝත්‍රයෙන් ඇය අමතයි.
එවං වුත‍්තෙ කොසියබ්‍රාහ‍්මණධීතා “ආචරියෙන උස‍්සුක‍්කං ආපන‍්නකාලතො පට‍්ඨාය න සක‍්කා මයා එස වඤ‍්චෙතුං, උට‍්ඨාය කම‍්මං කරිස‍්සාමී”ති උට‍්ඨාය කම‍්මං අකාසි. “ආචරියෙන මෙ දුස‍්සීලභාවො ඤාතො, ඉදානි න සක‍්කා ඉතො පට‍්ඨාය පුන එවරූපං කාතු”න‍්ති ආචරියෙ ගාරවෙන පාපකම‍්මතොපි විරමිත්‍වා සීලවතී අහොසි. සාපි බ්‍රාහ‍්මණී “සම‍්මාසම‍්බුද‍්ධෙන කිරම‍්හි ඤාතා”ති සත්‍ථරිපි ගාරවෙන න පුන අනාචාරං අකාසි.
මෙසේ කී කල්හි කෝසිය බැමිණිය බියපත් ව ගුරුතුමන් විසින් උත්සාහවත් වූ කල පටන්, මොහු රැවටීමට නො හැකියැ යි නැඟිට මෙහෙ කළාය. ගුරුතුමන් විසින් මගෙ දුසිල් බව දැනගන්නා ලද්දේය. මෙතැන් පටන් නැවත මෙබන්දක් නො කැරමි යි ගුරු ගෞරවයෙන් පවෙහි වෙන් ව සිල්වතියක් වූවාය. ඒ බැමිණිය ද බුදු රජහු විසින් මා දක්නා ලදිමි යි බුද්ධ ගෞරවයෙන් පව්කමින් වෙන්වූවාය.
සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා ජයම‍්පතිකා ඉදානි ජයම‍්පතිකාව, ආචරියො පන අහමෙව අහොසි”න‍්ති.
බුදු රජහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා ජාතකය නිමවූහ. එදා අඹු සැමියෝ දැන් අඹු සැමියෝ ම වූහ. ගුරුතුමා වනාහි මම ම වීමි.
කොසියජාතකවණ‍්ණනා දසමා.
කුසනාළිවග‍්ගො තෙරසමො.
තෙළෙස් වැනි කුසනාළී වර්ගයයි.
තස‍්සුද‍්දානං –
කුසනාළි ච දුම‍්මෙධං, නඞ‍්ගලීසම‍්බකටාහං; අසිලක‍්ඛණකලණ‍්ඩුකං, බිළාරග‍්ගිකකොසියන‍්ති.