යෙදුමෙන් කියවන්න

1. අසම‍්පදානජාතකවණ‍්ණනා 131 අට‍්ඨකථා

1. අසම‍්පදානජාතකවණ‍්ණනා (131)

1. අසම්පදාන ජාතකය (131)

අසම‍්පදානෙනිතරීතරස‍්සාති ඉදං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො දෙවදත‍්තං ආරබ‍්භ කථෙසි. තස‍්මිඤ‍්හි කාලෙ භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං “ආවුසො දෙවදත‍්තො, අකතඤ‍්ඤූ තථාගතස‍්ස ගුණං න ජානාතී”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව දෙවදත‍්තො අකතඤ‍්ඤූ, පුබ‍්බෙපි අකතඤ‍්ඤූයෙවා”ති වත්‍වා අතීතං ආහරි.

“අසම්පදානෙනිතරීතරස්සාති” යන මේ දේශනාව බුදුහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, දෙව්දත් තෙරුන් අරබයා වදාළහ. එකල්හි භික්‍ෂූහු දම් සභාවෙහි කථාවක් ඉපද වූහ. ඇවැත්නි, දෙව්දත් තෙර කළගුණ නො දනී. තථාගතයන් වහන්සේගේ ගුණ නො දනියි. බුදුහු වැඩමවා මහණෙනි, මෙහි කවර කථාවකින් යුක්ත ව දැන් හුන්නාහුදැ යි විචාරා මෙ නම් කථාවකින්යැ යි කී කල්හි මහණෙනි, දෙව්දත් තෙර කළගුණ නො දත්තේ දැන් පමණක් නොව, පෙරත් කළගුණ නො දත්තේමැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ මගධරට‍්ඨෙ රාජගහෙ එකස‍්මිං මගධරඤ‍්ඤෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො තස‍්සෙව සෙට‍්ඨි අහොසි අසීතිකොටිවිභවො සඞ‍්ඛසෙට‍්ඨීති නාමෙන. බාරාණසියං පීළියසෙට‍්ඨි නාම අසීතිකොටිවිභවොව අහොසි. තෙ අඤ‍්ඤමඤ‍්ඤං සහායකා අහෙසුං. තෙසු බාරාණසියං පීළියසෙට‍්ඨිස‍්ස කෙනචිදෙව කාරණෙන මහන‍්තං භයං උප‍්පජ‍්ජි, සබ‍්බං සාපතෙය්‍යං පරිහායි. සො දලිද‍්දො අප‍්පටිසරණො හුත්‍වා භරියං ආදාය සඞ‍්ඛසෙට‍්ඨිං පච‍්චයං කත්‍වා බාරාණසිතො නික‍්ඛමිත්‍වා පදසාව රාජගහං පත්‍වා සඞ‍්ඛසෙට‍්ඨිස‍්ස නිවෙසනං අගමාසි. සො තං දිස‍්වාව “සහායො මෙ ආගතො”ති පරිස‍්සජිත්‍වා සක‍්කාරසම‍්මානං කත්‍වා කතිපාහං වීතිනාමෙත්‍වා එකදිවසං “සම‍්ම, කෙනට‍්ඨෙන ආගතොසී”ති පුච‍්ඡි. “භයං මෙ, සම‍්ම, උප‍්පන‍්නං, සබ‍්බං ධනං පරික‍්ඛීණං, උපත්‍ථම‍්භො මෙ හොහී”ති. “සාධු සම‍්ම, මා භායී”ති භණ‍්ඩාගාරං විවරාපෙත්‍වා චත‍්තාලීස හිරඤ‍්ඤකොටියො දාපෙත්‍වා සෙසම‍්පි පරිච‍්ඡදපරිවාරං සබ‍්බං අත‍්තනො සන‍්තකං සවිඤ‍්ඤාණකං අවිඤ‍්ඤාණකං මජ‍්ඣෙ භින්‍දිත්‍වා උපඩ‍්ඪමෙව අදාසි. සො තං විභවං ආදාය පුන බාරාණසිං ගන‍්ත්‍වා නිවාසං කප‍්පෙසි.

පෙර මගධ රට රජගහ නුවර එක් මගධ රජ කෙනකු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු ඔහුගේ ම සිටුතුමා විය. අසූ කෝටියක් ධනය ඇති සඞ්ඛ යන නමිනි. බරණැස් නුවර ද පිළිය සිටුතුමා නමින් අසූ කෝටියක් ධනය ඇති සිටුවරයකු විය. ඔවුහු ඔවුනොවුන් සහායකයෝ වූහ. ඔවුන් අතුරෙන් බරණැස් නුවර පිළිය සිටුතුමාට කිසියම් කාරණාවක් නිසා මහත් බියක් උපන්නේය. සියලු වස්තුව පිරිහිණ. හෙතෙම දිළිඳු වූයේ, පිළිසරණක් නැතිව බිරිඳ රැගෙන සඞ්ඛ සිටුතුමා බලාපොරොත්තුවෙන් බරණැස් නුවරින් නික්මී පයින් ම රජගහ නුවරට පැමිණ සඞ්ඛ සිටුතුමාගේ නිවසට ගියේය. හෙතෙම ඔහු දැක ම මගේ සහායකයා ආවේයැ යි පිළිගෙන සත්කාර සම්මාන කොට කීප දිනක් ගතකොට එක් දිනක් කිම යහළුව, කුමක් සඳහා ආවේදැ යි විචාළේය. යහළුව, මට බයක් උපන්නේය. සියලු ධනය විනාශ විය. (පිරිහුණේ) මට පිහිට වන්නැ යි කීය. යහපති. යහළුව, බිය නො වන්න. භාණ්ඩාගාරිකයා විචාරවා හතලිස් කෙළක් අමු රන් දෙවා සෙසු උපකරණ හා පිරිවර ද තමා සන්තක පණ ඇති නැති දේ සියල්ල දෙකට බෙදා බාගයක් ම දුන්නේය. ඔහු ඒ ධනය ගෙන නැවත බරණැසට ගොස් වාසය කෙළේය.

අපරභාගෙ සඞ‍්ඛසෙට‍්ඨිස‍්සපි තාදිසමෙව භයං උප‍්පජ‍්ජි. සො අත‍්තනො පටිසරණං උපධාරෙන‍්තො “සහායස‍්ස මෙ මහාඋපකාරො කතො, උපඩ‍්ඪවිභවො දින‍්නො. න සො මං දිස‍්වා පරිච‍්චජිස‍්සති, තස‍්ස සන‍්තිකං ගමිස‍්සාමී”ති චින‍්තෙත්‍වා භරියං ආදාය පදසාව බාරාණසිං ගන‍්ත්‍වා භරියං ආහ “භද‍්දෙ, තව මයා සද‍්ධිං අන‍්තරවීථියා ගමනං නාම න යුත‍්තං, මයා පෙසිතයානමාරුය‍්හ මහන‍්තෙන පරිවාරෙන පච‍්ඡා ආගමිස‍්සසි. යාව යානං පෙසෙමි, තාව ඉධෙව හොහී”ති වත්‍වා තං සාලාය ඨපෙත්‍වා සයං නගරං පවිසිත්‍වා සෙට‍්ඨිස‍්ස ඝරං ගන‍්ත්‍වා “රාජගහනගරතො තුම‍්හාකං සහායො සඞ‍්ඛසෙට‍්ඨි නාම ආගතො”ති ආරොචාපෙසි. සො “ආගච‍්ඡතූ”ති පක‍්කොසාපෙත්‍වා තං දිස‍්වා නෙව ආසනා වුට‍්ඨාසි, න පටිසන්‍ථාරං අකාසි, කෙවලං “කිමත්‍ථං ආගතොසී”ති පුච‍්ඡි. “තුම‍්හාකං දස‍්සනත්‍ථං ආගතොම‍්හී”ති. “නිවාසො තෙ කහං ගහිතො”ති? “න තාව නිවාසට‍්ඨානං අත්‍ථි, සෙට‍්ඨිඝරණිම‍්පි සාලාය ඨපෙත්‍වාව ආගතොම‍්හී”ති. “තුම‍්හාකං ඉධ නිවාසට‍්ඨානං නත්‍ථි, නිවාපං ගහෙත්‍වා එකස‍්මිං ඨානෙ පචාපෙත්‍වා භුඤ‍්ජිත්‍වා ගච‍්ඡථ, පුන අම‍්හාකං ඝරං මා පවිසථා”ති වත්‍වා “මය‍්හං සහායස‍්ස දුස‍්සන‍්තෙ බන්‍ධිත්‍වා එකං බහලපලාපතුම‍්බං දෙහී”ති දාසං ආණාපෙසි. තං දිවසං කිර සො රත‍්තසාලීනං සකටසහස‍්සමත‍්තං ඔඵුනාපෙත්‍වා කොට‍්ඨාගාරං පූරාපෙසි, චත‍්තාලීසකොටිධනං ගහෙත්‍වා ආගතො අකතඤ‍්ඤූ මහාචොරො සහායකස‍්ස තුම‍්බමත‍්තෙ පලාපෙ දාපෙසි. දාසො පච‍්ඡියං එකං පලාපතුම‍්බං පක‍්ඛිපිත්‍වා බොධිසත‍්තස‍්ස සන‍්තිකං අගමාසි.

අපර භාගයෙහි සඞ්ඛ සිටුතුමාට ද එබඳු ම බයක් උපන්නේය. හෙතෙම තමාට පිළිසරණක් සොයන්නේ, මගේ සහායකයාට ලොකු උපකාරයක් කළෙමි. වස්තුවෙන් බාගයක් දුනිමි. ඔහු මා දැක බැහැර නො කරන්නේය. ඔහු සමීපයට යන්නෙමි යි සිතා භාර්යාව රැගෙන පයින් ම බරණැස් නුවරට ගොස් බිරිඳට කීවේය. සොඳුරිය, නුඹට මා සමග ඇතුල් වීදියෙහි යාම නම් යුතු නැත. මා විසින් එවන ලද යානයට නැඟී මහත් පිරිවරින් පසුව එන්නෙහි, යානාව එවන්නේ යම් විටක ද එතෙක් මෙහි ම හිඳුව යි කියා ඈ ශාලාවෙහි තබා තෙමේ නුවරට පිවිස සිටුතුමාගේ ගෙට ගොස් රජගහ නගරයෙන් නුඹගේ සහායක සඞ්ඛ සිටුතුමා ආවේයැ යි දැනුම් දුන්නේය. හෙතෙම එව යි කැඳවා ඔහු දැක අසුනෙන් නො නැඟිට්ටේය. පිළිසඳර කථා නො කළේය. හුදෙක් ආවේ ඇයිදැ යි විචාළේය. නුඹ බැහැදැකීමට ආවෙමි යි කීවේය. නවාතැන් පොළක් නුඹ කොහෙන් ගත්තෙහි ද? තව ම නවාතැන් පොළක් නැත. සිටු භාර්යාව ද ශාලාවේ නවතා ආවේ වෙමි. තොපට මෙහි නවාතැන් නැත. නවාතැන් පොළක් සොයාගෙන එක් තැනක පිස අනුභව කොට යවු. නැවත අප නො බලවයි කියා මගේ සහායකයාගේ රෙදි පොටෙහි බැඳ එක් බොල් බහුල වී (තිඹක්) ස්වල්පයක් දෙව යි දාසයාට අණ කෙළේය. එදවස වනාහි සිටුතුමා රත් ඇල්වලින් ගැල් දහසක් පමණ පොළවා ගබඩාව පිරවීය. සතලිස් කෝටියක් ධනය ගෙන ආවෙහිය. අකෘතඥ මහා සොරෙකි. යාළුවාට තිඹක් පමණ බොල් සහිත වී දෙවීය. දාසයා පසිම්බුවකට එක් බොල් වී තිඹක් දමා බෝසතාණන් ළඟට ගියේය.

බොධිසත‍්තො චින‍්තෙසි – “අයං අසප‍්පුරිසො මම සන‍්තිකා චත‍්තාලීසකොටිධනං ලභිත්‍වා ඉදානි පලාපතුම‍්බං දාපෙසි, ගණ‍්හාමි නු ඛො, න ගණ‍්හාමී”ති? අථස‍්ස එතදහොසි “අයං තාව අකතඤ‍්ඤූ මිත‍්තදුබ‍්භී කතවිනාසකභාවෙන මයා සද‍්ධිං මිත‍්තභාවං භින්‍දි. සචාහං එතෙන දින‍්නං පලාපතුම‍්බං ලාමකත‍්තා න ගණ‍්හිස‍්සාමි, අහම‍්පි මිත‍්තභාවං භින්‍දිස‍්සාමි. අන්‍ධබාලා පරිත‍්තකං ලද‍්ධං අග‍්ගණ‍්හන‍්තා මිත‍්තභාවං විනාසෙන‍්ති, අහං පන එතෙන දින‍්නං පලාපතුම‍්බං ගහෙත්‍වා මම වසෙන මිත‍්තභාවං පතිට‍්ඨාපෙස‍්සාමී”ති. සො පලාපතුම‍්බං දුස‍්සන‍්තෙ බන්‍ධිත්‍වා පාසාදා ඔරුය‍්හ සාලං අගමාසි. අථ නං භරියා “කිං තෙ, අය්‍ය, ලද‍්ධ”න‍්ති පුච‍්ඡි. “භද‍්දෙ අම‍්හාකං සහායො පීළියසෙට‍්ඨි පලාපතුම‍්බං දත්‍වා අම‍්හෙ අජ‍්ජෙව විස‍්සජ‍්ජෙසී”ති. සා “අය්‍ය, කිමත්‍ථං අග‍්ගහෙසි, කිං එතං චත‍්තාලීසකොටිධනස‍්ස අනුච‍්ඡවික”න‍්ති රොදිතුං ආරභි. බොධිසත‍්තොපි “භද‍්දෙ, මා රොදි, අහං තෙන සද‍්ධිං මිත‍්තභාවභෙදනභයෙන මම වසෙන මිත‍්තභාවං පතිට‍්ඨාපෙතුං ගණ‍්හිං, ත්‍වං කිංකාරණා රොදසී”ති වත්‍වා ඉමං ගාථමාහ –

බෝසත්හු මෙසේ සිතූහ. මේ අසත් පුරුෂයා මගේ සමීපයෙන් සතලිස් කෙළක් ධනය ලබා දැන් බොල් තිඹක් දෙවීය. ගනිම් ද? නො ගනිම් ද? ඉක්බිති, මොහුට මෙබඳු අදහසක් විය. යම්තාක් මේ අකෘතඥ මිත්‍රද්‍රෝහියා කළගුණ නො සැලකූ බැවින් මා සමග මිත්‍ර භාවය බින්දේය. ඉදින්, මම මොහු විසින් දෙන ලද බොල් වී තිඹ ලාමක බැවින් නො ගත්තෙමි යි මිත්‍ර භාවය බිඳින්නෙමි. ටිකක් ලද අන්ධ බාලයා එය නො ගන්නේ, මිතුරු බව විනාශ කරයි. මම වනාහි මොහු විසින් දෙන ලද බොල් සහිත වී තිඹ ගෙන මගේ ළඟ මිත්‍ර භාවය පිහිටුවන්නෙමි. හෙතෙම බොල් වී තිඹ රෙදි පොටෙහි බැඳගෙන ප්‍රාසාදයෙන් බැස ශාලාවට ගියේය. ඉක්බිති, ඔහුගෙන් බිරිඳ ආර්යයෙනි, කිම ලැබුණදැ යි විචාළාය. සොඳුරිය, අපගේ සහායක පිළිය සිටුතුමා බොල් වී තිඹක් දී අප අද ම බැහැර කළේය. ආර්යයෙනි, කුමකට ගත්තෙහි ද? කිම, මෙය හතළිස් දහසකට සුදුසුදැ යි අඬන්නට පටන් ගත්තාය. බෝසත්හු සොඳුරිය, නො හඬව. මම ඔහු සමග මිතුරු භාවය බිඳෙන බියෙන් මගේ ළඟ මිත්‍ර භාවය තබා ගන්නට ගත්තෙමි. නුඹ කුමක් නිසා ශෝක කරන්නේදැ යි කියා මේ ගාථාව කීවේය.

“අසම‍්පදානෙනිතරීතරස‍්ස, බාලස‍්ස මිත‍්තානි කලීභවන‍්ති; තස‍්මා හරාමි භුසං අඩ‍්ඪමානං, මා මෙ මිත‍්ති ජීයිත්‍ථ සස‍්සතාය”න‍්ති.

“අසම්පදානෙනිතරීතරස්ස, බාලස්ස මිත්තානි කලීභවන්ති, තාස්මා හරාමි භූසං අඩ්ඪමානං, මා මෙ මිත්ති ජීයිත්‍ථ සස්සතායන්ති”

“කිසියම් හීන වූ ද උතුම් වූ ද වස්තුවක් නො ගැනීම නිසා අනුවණයාගේ මිතුරෝ කිලිටු වෙත්. (හෙවත් බිඳෙත්) එහෙයින් (මිත්‍රත්‍වය රකිනු පිණිස) මිතුරා දෙන ලද බොල් කුරුණි සතර ගත්මි. මගේ මිත්‍රත්‍වය නො පිරිහේවා. මිත්‍රත්‍වය සදා පවතීවා.”

තත්‍ථ අසම‍්පදානෙනාති අසම‍්පාදානෙන. අකාරලොපෙ සන්‍ධි, අග‍්ගහණෙනාති අත්‍ථො. ඉතරීතරස‍්සාති යස‍්ස කස‍්සචි ලාමකාලාමකස‍්ස. බාලස‍්ස මිත‍්තානි කලීභවන‍්තීති දන්‍ධස‍්ස අපඤ‍්ඤස‍්ස මිත‍්තානි කලීනි කාළකණ‍්ණිසදිසානි හොන‍්ති, භිජ‍්ජන‍්තීති අත්‍ථො. තස‍්මා හරාමි භුසං අඩ‍්ඪමානන‍්ති තෙන කාරණෙන අහං සහායෙන දින‍්නං එකපලාපතුම‍්බං හරාමි ගණ‍්හාමීති දස‍්සෙති. “මාන”න‍්ති හි අට‍්ඨන‍්නං නාළීනං නාමං, චතුන‍්නං අඩ‍්ඪමානං, චතස‍්සො ච නාළියො තුම‍්බො නාම. තෙන වුත‍්තං “පලාපතුම‍්බ”න‍්ති. මා මෙ මිත‍්ති ජීයිත්‍ථ සස‍්සතායන‍්ති මම සහායෙන සද‍්ධිං මිත‍්ති මා භිජ‍්ජිත්‍ථ, සස‍්සතාව අයං හොතූති අත්‍ථො.

එහි, “අසම්පදානෙනාති”, යනු ස්වර ලෝපයෙන් වූ සන්‍ධියකි. නො ගැනීම යන අර්ථයි. “ඉතරීතරස්සාති”, යම්කිසි ලාමක අලාමකයකුට, “බාලස්ස මිත්තානිකලී භවන්ති”, මෝඩයාගේ - අඥානයාගේ මිත්‍රයෝ වෙත් යන අර්ථයි. “තාස්මා හරාමි භූසං අඩ්ඪමානං”, මේ කාරණයෙන් මම යහළුවා විසින් දෙන ලද තුඹක් පමණ බෝල ගෙන යමි යි දක්වයි. “මාන”, නම් අටු නැලියට නමකි. නැලි හතරක් තුම්බ නම් වේ. එහෙයින් තුඹක් පමණ බොල්යැ යි කියන ලදි. “මා මෙ මිත්ති ජීයිත්‍ථ සස්සතාය”, මගේ යහළුවා සමග පවතින මිත්‍රත්වය නො බිඳේවා. එය හැමදා පවතීවා යන අර්ථයි.

එවං වුත‍්තෙපි සෙට‍්ඨිභරියා රොදතෙව. තස‍්මිං ඛණෙ සඞ‍්ඛසෙට‍්ඨිනා පීළියසෙට‍්ඨිස‍්ස දින‍්නො කම‍්මන‍්තදාසො සාලාද‍්වාරෙන ආගච‍්ඡන‍්තො සෙට‍්ඨිභරියාය රොදනසද‍්දං සුත්‍වා සාලං පවිසිත්‍වා අත‍්තනො සාමිකෙ දිස‍්වා පාදෙසු නිපතිත්‍වා රොදිත්‍වා කන්‍දිත්‍වා “කිමත්‍ථං ඉධාගතත්‍ථ, සාමී”ති පුච‍්ඡි. සෙට‍්ඨි සබ‍්බං ආරොචෙසි. කම‍්මන‍්තදාසො “හොතු, සාමි, මා චින‍්තයිත්‍ථා”ති උභොපි අස‍්සාසෙත්‍වා අත‍්තනො ගෙහං නෙත්‍වා ගන්‍ධොදකෙන න‍්හාපෙත්‍වා භොජෙත්‍වා “සාමිකා, වො ආගතා”ති සෙසදාසෙ සන‍්නිපාතෙත්‍වා දස‍්සෙත්‍වා කතිපාහං වීතිනාමෙත්‍වා සබ‍්බෙ දාසෙ ගහෙත්‍වා රාජඞ‍්ගණං ගන‍්ත්‍වා උපරවං අකාසි. රාජා පක‍්කොසාපෙත්‍වා “කිං එත”න‍්ති පුච‍්ඡි, තෙ සබ‍්බං තං පවත‍්තිං රඤ‍්ඤො ආරොචෙසුං.

මෙසේ කී කල්හි ද සිටු බිරිඳ හැඬුවා මය. ඒ අවස්ථාවෙහි සඞ්ඛ සිටු විසින් පිළීය සිටුතුමාට දෙන ලද කර්මාන්ත ගැත්තෙක් ශාලාව දොරටුව අසලින් එන්නේ, සිටු බිරිඳගේ හඬන ශබ්දය අසා ශාලාවට පිවිස තමාගේ ස්වාමියා දැක පාළඟ වැටී හඬා වැළප කුමක් සඳහා මෙහි අවුදැ යි විචාළේය. සිටුතුමා සියල්ල සැල කළේය. කර්මාන්ත දාසයා එසේ වේවා. ස්වාමීනි, නො සිතව යි දෙදෙනා ම සනසා අනුභව කැරවා අපේ ස්වාමියා ආවේයැ යි සෙසු දාසයන් රැස් කැරවා දක්වා කීප දිනක් ගතකොට සියලු දාසයන් රැගෙන රජ මිදුලට ගොස් මහත් කොට හැඬුවේය. රජතුමා කැඳවා මේ කිමෙක්දැ යි විචාළේය. ඔවුහු ඒ සියලු පුවත් රජුට සැලකළහ.

රාජා තෙසං වචනං සුත්‍වා උභොපි සෙට‍්ඨී පක‍්කොසාපෙත්‍වා සඞ‍්ඛසෙට‍්ඨිං පුච‍්ඡි “සච‍්චං කිර තයා මහාසෙට‍්ඨි පීළියසෙට‍්ඨිස‍්ස චත‍්තාලීසකොටිධනං දින‍්න”න‍්ති? “ආම, මහාරාජ, මම සහායස‍්ස මං තක‍්කෙත්‍වා රාජගහං ආගතස‍්ස න කෙවලං ධනං, සබ‍්බං විභවජාතං සවිඤ‍්ඤාණකං අවිඤ‍්ඤාණකං ද‍්වෙ කොට‍්ඨාසෙ කත්‍වා සමභාගෙ අදාසින‍්ති. රාජා “සච‍්චමෙත”න‍්ති පීළියසෙට‍්ඨිං පුච‍්ඡි. “ආම, දෙවා”ති. “තයා පනස‍්ස තඤ‍්ඤෙව තක‍්කෙත්‍වා ආගතස‍්ස අත්‍ථි කොචි සක‍්කාරො වා සම‍්මානො වා කතො”ති. සො තුණ‍්හී අහොසි. අපි පන තෙ එතස‍්ස පලාපතුම‍්බමත‍්තං දුස‍්සන‍්තෙ පක‍්ඛිපාපෙත්‍වා දාපිතං අත්‍ථීති. තම‍්පි සුත්‍වා තුණ‍්හීයෙව අහොසි. රාජා “කිං කාතබ‍්බ”න‍්ති අමච‍්චෙහි සද‍්ධිං මන‍්තෙත්‍වා තං පරිභාසිත්‍වා “ගච‍්ඡථ, පීළියසෙට‍්ඨිස‍්ස ඝරෙ සබ‍්බං විභවං සඞ‍්ඛසෙට‍්ඨිස‍්ස දෙථා”ති ආහ. බොධිසත‍්තො “මහාරාජ, මය‍්හං පරසන‍්තකෙන අත්‍ථො නත්‍ථි, මයා දින‍්නමත‍්තමෙව පන දාපෙථා”ති ආහ. රාජා බොධිසත‍්තස‍්ස සන‍්තකං දාපෙසි. බොධිසත‍්තො සබ‍්බං අත‍්තනො දින‍්නවිභවං පටිලභිත්‍වා දාසපරිවුතො රාජගහමෙව ගන‍්ත්‍වා කුටුම‍්බං සණ‍්ඨපෙත්‍වා දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා යථාකම‍්මං ගතො.

රජතුමා ඔවුන්ගේ කීම අසා සිටුවරුන් දෙදෙනා ම කැඳවා සඞ්ඛ සිටාණන්ගෙන් විචාළේය. ඇත්තද? මහසිටුතුමනි, නුඹ විසින් පිළිය සිටුතුමාට සතළිස් කෙළක් ධනය දෙන ලද ද? මහරජතුමනි, මගේ යහළුවාට මා සලකා රජගහ නුවරට ආ විට ධනය පමණක් නොව සියලු ද්‍රව්‍යය පණ ඇති නැති වශයෙන් කොටස් දෙකකට බෙදා සමාන ව බාගයක් දුන්නෙමි. රජතුමා මෙය ඇත්දැ යි පිළිය සිටුගෙන් විචාළේය. එසේය, දේවයන් වහන්ස. නුඹ විසින් තමා ම සලකා ආ මොහුට කිසියම් සත්කාරයක් හෝ සම්මානයක් කැර තිබේ ද? ඔහු නිහඬ විය. තව ද නුඹ මොහුට බොල් වී තුඹක් රෙදි පොටට දමා දී තිබේ ද? එය ද අසා නිශ්ශබ්ද විය. රජතුමා කුමක් කළයුතුදැයි ඇමතියන් සමග සාකච්ඡා කොට ඔහුට පරිභව කොට යවු. පිළිය සිටාණන්ගේ ගෙයි සියලු ධනය සඞ්ඛ සිටුතුමාට දෙවු යි කීවේය. බෝසත්හු මහරජ, මට අනුන් සන්තක දෙයින් අර්ථයක් නැත. මා විසින් දෙන ලද ප්‍රමාණය පමණක් දෙවනු මැනවි. රජතුමා බෝසතාණන් වහන්සේට අයිති කොටස දෙවීය. බෝසත්හු තමා විසින් දෙන ලද සියලු ධනය ආපසු ලබා දාස පිරිස පිරිවරා රජගහ නුවරට ම ගොස් පවුල් ජීවිතය පිහිටුවා දානාදී පිං කොට කම් වූ පරිදි මිය පරලොව ගියෝය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා පීළියසෙට‍්ඨි දෙවදත‍්තො අහොසි, සඞ‍්ඛසෙට‍්ඨි පන අහමෙව අහොසි”න‍්ති.

බුදුහු මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළහ. එකල පිළිය සිටුතුමා දෙව්දත් තෙරුන් විය. සඞ්ඛ සිටුතුමා වනාහි මම ම වෙමි.

අසම‍්පදානජාතකවණ‍්ණනා පඨමා.