2. භීරුකජාතකවණ්ණනා 132 අට්ඨකථා
2. භීරුකජාතකවණ්ණනා (132)
2. පඤ්චගරුක ජාතකය (132)
කුසලූපදෙසෙ ධිතියා දළ්හාය චාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො අජපාලනිග්රොධෙ මාරධීතානං පලොභනසුත්තන්තං ආරබ්භ කථෙසි. භගවතා හි ආදිතො පට්ඨාය වුත්තං –
“කුසලූපදෙසේ ධිතියා දළ්හාය චාති” යන මේ ජාතක දේශනාව බුදුහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, අජපල් නුග රුක මුල මාර දූවරුන්ගේ පෙළඹවීම් සූත්‍රය අරබයා දෙසූහ. බුදු රජහු මුල පටන්,
“දද්දල්ලමානා ආගඤ්ඡුං, තණ්හා ච අරතී රගා; තා තත්ථ පනුදී සත්ථා, තූලං භට්ඨංව මාලුතො”ති. (සං· නි· 1.161);
“දද්දල්ලමාතා ආගඤ්ජුං තණහා ච අරතී රගා, තා තත්ථපනුදී සත්ථා තුලංභට්ඨං ව මාලුතොති”
“තණ්හා, අරති, රගා යන මාර දූහු දිළිසෙමින් පැමිණියහ. බුදුහු ඔවුන් මහා සුළඟින් පුළුන් රොදක් මෙන් පලවා හැරියහ.”
එවං යාව පරියොසානා තස්ස සුත්තන්තස්ස කථිතකාලෙ ධම්මසභායං සන්නිපතිතා භික්ඛූ කථං සමුට්ඨාපෙසුං “ආවුසො, සම්මාසම්බුද්ධො මාරධීතරො අනෙකසතානිපි දිබ්බරූපානි මාපෙත්වා පලොභනත්ථාය උපසඞ්කමන්තියො අක්ඛීනිපි උම්මීලෙත්වා න ඔලොකෙසි, අහො බුද්ධබලං නාම අච්ඡරිය”න්ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව මය්හං සබ්බාසවෙ ඛෙපෙත්වා සබ්බඤ්ඤුතං සම්පත්තස්ස මාරධීතානං අනොලොකනං නාම අච්ඡරියං, අහඤ්හි පුබ්බෙ බොධිඤාණං පරියෙසමානො සකිලෙසකාලෙපි අභිසඞ්ඛතං දිබ්බරූපං ඉන්ද්රියානි භින්දිත්වා කිලෙසවසෙන අනොලොකෙත්වාව ගන්ත්වා මහාරජ්ජං පාපුණි”න්ති වත්වා අතීතං ආහරි.
මෙසේ කෙළවර දක්වා සූත්‍රය දෙසූ කල්හි, දිනක් දම් සභාවේ රැස්වූ භික්ෂූහු කථාවක් ඉපදවූහ. ඇවැත්නි, බුදු රජහු මාර දූන් නොයෙක් සිය ගණන් දිව්‍ය රූප මවා පොළඹවනු සඳහා එළැඹ සිටි කල්හි ඇස් ඇර බැලීම් පමණකුදු නො කළහ. අහෝ! බුද්ධ බලය මහත් පුදුමය. බුදු රජහු දම් සභාවට වැඩමවා මහණෙනි, දැන් කවර කථාවකින් හුන්නාහුදැ යි විචාරා, මෙනම් කථාවකින් හුන්නෙමු යි කී කල්හි, මහණෙනි, දැන් මම සියලු ආශ්‍රව ක්ෂය කොට සව්නේ දත් මුහුණ ලබා මරඟනන් නො ලැබීම පුදුමයක් නො වේ. පෙර සම්බෝධිය සොයමින් කෙලෙස් සහිත ව සිටි කල මවන ලද දෙවඟනන් රූප අසංවර ව ලෝභ සහගත සිතින් නො බලා ගොස් මහා රාජ්‍යයට පැමිණියෙමි යි වදාරා අතීත කථාව වදාළහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො භාතිකසතස්ස කනිට්ඨො අහොසීති සබ්බං හෙට්ඨා තක්කසිලාජාතකෙ වුත්තනයෙනෙව විත්ථාරෙතබ්බං. තදා පන තක්කසිලානගරවාසීහි බහිනගරෙ සාලායං බොධිසත්තං උපසඞ්කමිත්වා යාචිත්වා රජ්ජං පටිච්ඡාපෙත්වා අභිසෙකෙ කතෙ තක්කසිලානගරවාසිනො නගරං දෙවනගරං විය, රාජභවනඤ්ච ඉන්දභවනං විය අලඞ්කරිංසු. තදා බොධිසත්තො නගරං පවිසිත්වා රාජභවනෙ පාසාදෙ මහාතලෙ සමුස්සිතසෙතච්ඡත්තං රතනවරපල්ලඞ්කං අභිරුය්හ දෙවරාජලීලාය නිසීදි, අමච්චා ච බ්රාහ්මණගහපතිකාදයො ච ඛත්තියකුමාරා ච සබ්බාලඞ්කාරපටිමණ්ඩිතා පරිවාරෙත්වා අට්ඨංසු, දෙවච්ඡරාපටිභාගා සොළසසහස්සනාටකිත්ථියො නච්චගීතවාදිතකුසලා උත්තමවිලාසසම්පන්නා නච්චගීතවාදිතානි පයොජෙසුං. ගීතවාදිතසද්දෙන රාජභවනං මෙඝත්ථනිතපූරිතා මහාසමුද්දකුච්ඡි විය එකනින්නාදං අහොසි. බොධිසත්තො තං අත්තනො සිරිසොභග්ගං ඔලොකයමානොව චින්තෙසි “සචාහං තාසං යක්ඛිනීනං අභිසඞ්ඛතං දිබ්බරූපං ඔලොකෙස්සං, ජීවිතක්ඛයං පත්තො අභවිස්සං, ඉමං සිරිසොභග්ගං න ඔලොකෙස්සං. පච්චෙකබුද්ධානං පන ඔවාදෙ ඨිතභාවෙන ඉදං මයා සම්පත්ත”න්ති. එවඤ්ච පන චින්තෙත්වා උදානං උදානෙන්තො ඉමං ගාථමාහ –
පෙර බරණැස් නුවර බෝසත්හු සොහොයුරන් සියයකට කනිටු වී උපන්හ. සියලු කථා පුවත යට තක්කසිලා ජාතකයෙහි කී අයුරින් විස්තර කළ යුතුය. එදා වනාහි තක්ශලා වාසීහු නගරයෙන් පිට ශාලාවක සිටි බෝසතුන් වෙත එළැඹ රාජ්‍යය පිළිගන්වා රාජ්‍යයෙන් අභිෂේක කොට එදින නගරය දිව්‍ය නගරයක් මෙන් ද රාජ භවනය ශක්‍ර භවනය මෙන් ද අලංකාර කොට ඔසවන ලද සේසත් ඇති උතුම් රුවන් පළඟෙහි සක්දෙවිඳු මෙන් වැඩහුන්හ. ඇමැතියෝ ද බමුණු ගැහැවි ආදීහු ද කුමරුවෝ ද සව්බරණින් සැදී පිරිවරා සිටියහ. දෙවඟනන් වැනි සොළොස් දහසක් නළු ස්ත්‍රීහු ද නන් බරණින් සැරසී නෘත්‍යය ගීත වාදිතයෙහි යෙදුණහ. රජ භවන මේඝ නාදයෙන් පිරුණු මුහුද කුස මෙන් ඒකානාද විය. බෝසත්හු තමාගේ සෞභාග්‍යය බලමින් මෙසේ සිතූහ. ඉදින්, මම ඒ යකින්නන් මැවූ දිව්‍ය රූපයන් බැලුවේ නම් මරණයට පත් වන්නෙමි. එවිට මේ සෞභාග්‍යවත් ජීවිතය නො ලබන්නෙමි. පසේ බුදුවරුන්ගේ අවවාදයෙහි සිටි බැවින් මම මේ සැපතට පැමිණියෙමි. මෙසේ ද සිතා ප්‍රීති වාක්‍යය පහළ කිරීම් වශයෙන් මේ ගාථාව කීහ.
“කුසලූපදෙසෙ ධිතියා දළ්හාය ච, අනිවත්තිතත්තා භයභීරුතාය ච; න රක්ඛසීනං වසමාගමිම්හසෙ, ස සොත්ථිභාවො මහතා භයෙන මෙ”ති.
“කුසලූපෙදෙස ධිතියා දළ්හාය ච, අවත්ථිතත්තාභයභීරුතාය ච, න රක්ඛසීනං වසමාගමිම්හා, ස සොත්ථිභාවො මහතා භයෙන මෙති”
“දක්ෂ වූ පසේ බුදු රජුන්ගේ උපදේශයන්හි දැඩි ව ඤාණයෙන් යුතුව පිහිටි හෙයින් ද අකුශලයට බිය නිසා ද යකින්නන්ගේ වසඟයට නො ගියෙමු. මට ඒ බියෙහි ම සුවපත් බව විය.”
තත්ථ කුසලූපදෙසෙති කුසලානං උපදෙසෙ, පච්චෙකබුද්ධානං ඔවාදෙති අත්ථො. ධිතියා දළ්හාය චාති දළ්හාය ධිතියා ච, ථිරෙන අබ්බොච්ඡින්නනිරන්තරවීරියෙන චාති අත්ථො. අනිවත්තිතත්තා භයභීරුතාය චාති භයභීරුතාය අනිවත්තිතතාය ච. තත්ථ භයන්ති චිත්තුත්රාසමත්තං පරිත්තභයං. භීරුතාති සරීරකම්පනප්පත්තං මහාභයං. ඉදං උභයම්පි මහාසත්තස්ස “යක්ඛිනියො නාමෙතා මනුස්සඛාදිකා”ති භෙරවාරම්මණං දිස්වාපි නාහොසි. තෙනාහ “අනිවත්තිතත්තා භයභීරුතාය චා”ති. භයභීරුතාය අභාවෙනෙව භෙරවාරම්මණං දිස්වාපි අනිවත්තනභාවෙනාති අත්ථො. න රක්ඛසීනං වසමාගමිම්හසෙති යක්ඛකන්තාරෙ තාසං රක්ඛසීනං වසං න අගමිම්හ. යස්මා අම්හාකං කුසලූපදෙසෙ ධිති ච දළ්හා අහොසි, භයභීරුතාභාවෙන ච අනිවත්තනසභාවා අහුම්හා, තස්මා රක්ඛසීනං වසං න අගමිම්හාති වුත්තං හොති. ස සොත්ථිභාවො මහතා භයෙන මෙති සො මය්හං අයං අජ්ජ මහතා භයෙන රක්ඛසීනං සන්තිකා පත්තබ්බෙන දුක්ඛදොමනස්සෙන සොත්ථිභාවො ඛෙමභාවො පීතිසොමනස්සභාවොයෙව ජාතොති.
එහි, “කුසලූපෙදෙසේ”, දක්ෂයන්ගේ උපදේශයන් - පසේ බුදු රජුන්ගේ අවවාද යන අර්ථයි. “ධිතියා දළ්හාය චාති”, දැඩි බවින් හා ස්ථිර බවින් නො සිඳුණු නිරතුරු වීර්යයෙන් යන අර්ථයි. “අවත්ථීතත්තා භය භීරුතාය චාති”, බයින් නො නැවතුණු හෙයින් ද මෙහි “භාය”, නම් සිතෙහි තැතිගැනීම් මාත්‍රයකි. “භීරුතා”, නම් සිරුර කම්පා කරන මහා බයයි. මේ දෙයාකාර බිය ම බෝසතුන්ට නො වීය. යකින්නෝ මිනිසුන් කන්නෝ යි බිය ජනක අරමුණක් දැක ද බියක් නො වීය. එම නිසා “භය භීරුතා” නිසා නො නැවතී ඉදිරියට ගියේ යි කීවේ එහෙයිනි. “භය භීරුතා” නැති නිසා බිය ජනක අරමුණක් දැක ද නො නවතින බැවින් යන අර්ථයි. එම නිසා රකුසියන්ගේ වසඟයට නො ගියෙමු යි කියන ලදි. “ස සොත්ථිභාවො මහතා භයෙන මෙති”, ඒ මම අද මහත් බියෙන් රකුසියන්ගෙන් පැමිණිය හැකි දුක් දොම්නසින් සුවපත් බව, නිර්භය බව, සතුටු සොම්නස් බව ඇත්තෙක් වීමි.
එවං මහාසත්තො ඉමාය ගාථාය ධම්මං දෙසෙත්වා ධම්මෙන රජ්ජං කාරෙත්වා දානාදීනි පුඤ්ඤානි කත්වා යථාකම්මං ගතො.
මෙසේ බෝසත්හු මේ ගාථාවෙන් දම් දෙසා දැහැමින් රාජ්‍යය කොට පින්කම් කොට කම් වූ පරිදි ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “අහං තෙන සමයෙන තක්කසිලං ගන්ත්වා රජ්ජප්පත්තකුමාරො අහොසි”න්ති.
බුදුහු මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය නිම වූහ. එකල තක්සලාවට ගොස් රාජ්‍යයට පැමිණි කුමරා මම වූවෙමි.
භීරුකජාතකවණ්ණනා දුතියා.