යෙදුමෙන් කියවන්න

3. ඝතාසනජාතකවණ‍්ණනා 133 අට‍්ඨකථා

3. ඝතාසනජාතකවණ‍්ණනා (133)

3. ඝතාසන ජාතකය (133)

ඛෙමං යහින‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අඤ‍්ඤතරං භික‍්ඛුං ආරබ‍්භ කථෙසි. සො හි භික‍්ඛු සත්‍ථු සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ගහෙත්‍වා පච‍්චන‍්තං ගන‍්ත්‍වා එකං ගාමකං උපනිස‍්සාය අරඤ‍්ඤසෙනාසනෙ වස‍්සං උපගඤ‍්ඡි. තස‍්ස පඨමමාසෙයෙව පිණ‍්ඩාය පවිට‍්ඨස‍්ස පණ‍්ණසාලා ඣායිත්‍ථ. සො වසනට‍්ඨානාභාවෙන කිලමන‍්තො උපට‍්ඨාකානං ආචික‍්ඛි. තෙ “හොතු, භන‍්තෙ, පණ‍්ණසාලං කරිස‍්සාම, කසාම තාව, වපාම තාවා”තිආදීනි වදන‍්තා තෙමාසං වීතිනාමෙසුං. සො සෙනාසනසප‍්පායාභාවෙන කම‍්මට‍්ඨානං මත්‍ථකං පාපෙතුං නාසක‍්ඛි. සො නිමිත‍්තමත‍්තම‍්පි අනුප‍්පාදෙත්‍වා වුත්‍ථවස‍්සො ජෙතවනං ගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි. සත්‍ථා තෙන සද‍්ධිං පටිසන්‍ථාරං කත්‍වා “කිං නු ඛො තෙ, භික‍්ඛු, කම‍්මට‍්ඨානං සප‍්පායං ජාත”න‍්ති පුච‍්ඡි. සො ආදිතො පට‍්ඨාය අසප‍්පායභාවං කථෙසි. සත්‍ථා “පුබ‍්බෙ ඛො, භික‍්ඛු, තිරච‍්ඡානාපි අත‍්තනො සප‍්පායාසප‍්පායං ඤත්‍වා සප‍්පායකාලෙ වසිත්‍වා අසප‍්පායකාලෙ වසනට‍්ඨානං පහාය අඤ‍්ඤත්‍ථ අගමංසු, ත්‍වං කස‍්මා අත‍්තනො සප‍්පායාසප‍්පායං න අඤ‍්ඤාසී”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

“ඛෙමං යහින්ති” යන මේ ජාතක දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, එක්තරා භික්‍ෂුවක් අරබයා දේශනා කළහ. බුදු රජුන්ගෙන් කමටහන් ලබාගත් භික්‍ෂුවක් පසල් දනව්වක කුඩා ගමක් ඇසුරු කොට වන සෙනසුනක වස් එළැඹ විසුවේය. පළමු මාසයේ ම පිඬු පිණිස වැඩ කල පන්සල දැවී ගියේය. සෙනසුන නැතිවීමෙන් පීඩාවට පත් භික්‍ෂුව දායක ජනයාට එකරුණ කීවේය. ස්වාමීනි, ඉවසන්න. පන්සල තනා දෙන්නෙමු. දැන් සී සෑම් ආදී ගොවිතැන් කටයුතු ඇතැ යි කියමින් මිනිස්සු තුන් මසට කල්ගත කළහ. භික්‍ෂුවට සුදුසු සෙනසුන් පහසුකම් නැති බැවින් කමටහන් සඵල කැර ගන්ට නො හැකි විය. එතෙම භාවනාවෙන් නිමිති මාත්‍රයක්වත් උපදවන්ට නො හැකි ව වස් වැස නිමවා දෙව්රම් වෙහෙරට ගොස් බුදු රජුන් වැඳ එකත් පසෙක හුන්නේය. බුදුහු ඔහු සමග පිළිසඳර කථා කොට එකල්හි බුදු රජහු මහණ, කෙසේ ද? කමටහන සඵල වීදැ යි විමසූහ. භික්‍ෂුව මුලපටන් කමටහන සඵල නො වූ පරිදි කීය. එවිට බුදු රජහු මහණ, පෙර තිරිසන් සත්තු පවා සුදුසු නුසුදුසු බව දැන විසීමට සුදුසු කල්හි වැස නුසුදුසු කල්හි විසූ ස්ථානය අත්හැර වෙනත් තැනකට ගියහ. මහණ, ඔබ කුමක් නිසා සුදුසු නුසුදුසු බව නො දන්නෙහිදැ යි වදාරා ඔහු විසින් අයදනා ලද බුදුහු අතීත කථාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො සකුණයොනියං නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත්‍වා සොභග‍්ගප‍්පත‍්තො සකුණරාජා හුත්‍වා එකස‍්මිං අරඤ‍්ඤායතනෙ ජාතස‍්සරතීරෙ සාඛාවිටපසම‍්පන‍්නං බහලපත‍්තපලාසං මහාරුක‍්ඛං උපනිස‍්සාය සපරිවාරො වාසං කප‍්පෙසි. බහූ සකුණා තස‍්ස රුක‍්ඛස‍්ස උදකමත්‍ථකෙ පත්‍ථටසාඛාසු වසන‍්තා සරීරවළඤ‍්ජං උදකෙ පාතෙන‍්ති. තස‍්මිඤ‍්ච ජාතස‍්සරෙ චණ‍්ඩො නාගරාජා වසති. තස‍්ස එතදහොසි “ඉමෙ සකුණා මය‍්හං නිවාසෙ ජාතස‍්සරෙ සරීරවළඤ‍්ජං පාතෙන‍්ති, යංනූනාහං උදකතො අග‍්ගිං උට‍්ඨාපෙත්‍වා රුක‍්ඛං ඣාපෙත්‍වා එතෙ පලාපෙය්‍ය”න‍්ති. සො කුද‍්ධමානසො රත‍්තිභාගෙ සබ‍්බෙසං සකුණානං සන‍්නිපතිත්‍වා රුක‍්ඛසාඛාසු නිපන‍්නකාලෙ පඨමං තාව උද‍්ධනාරොපිතං විය උදකං පක‍්කුධාපෙත්‍වා දුතියවාරෙ ධූමං උට‍්ඨාපෙත්‍වා තතියවාරෙ තාලක‍්ඛන්‍ධප‍්පමාණං ජාලං උට‍්ඨාපෙසි. බොධිසත‍්තො උදකතො ජාලං උට‍්ඨහමානං දිස‍්වා “භො, සකුණා, අග‍්ගිනා ආදිත‍්තං නාම උදකෙන නිබ‍්බාපෙන‍්ති, ඉදානි පන උදකමෙව ආදිත‍්තං. න සක‍්කා අම‍්හෙහි ඉධ වසිතුං, අඤ‍්ඤත්‍ථ ගමිස‍්සාමා”ති වත්‍වා ඉමං ගාථමාහ –

පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු කුරුලු යෝනියෙහි ඉපිද වැඩිවියට පත්ව දැකුම්කලු කුරුලු රජකු වී එක් වනබද විල් තෙරක අතු රිකිලි කොළ ගහණ වූ මහා ගසක් ඇසුරු කොට පිරිවර සහිත ව වාසය කළේය. බොහෝ කුරුල්ලෝ ඒ ගසෙහි දිය මතුපිට පැතිරී ගිය අතුවල වසන්නාහු, සිරුරු මළ හෙළති. එම විලෙන් සැඩ නා රජෙක් වසයි. මේ කුරුල්ලෝ, මගේ නිවහන වූ විලෙහි සිරුරු මළ හෙලතැ යි කිපී දියෙන් ගිනි මතුකොට ගස දවා කුරුල්ලන් පලවා පියමි යි සිතී. ඉක්බිති, රාත්‍රී කාලයෙහි සියලු කුරුල්ලන් එකතු වී ගස් අතුවල නිදිගත් කල්හි පළමු කොට සියලු ජලය ලිප තැබුවාක් මෙන් පැසුණු කල්හි දෙවැනි වර දුම් දමා තෙවැනි වර නලකඳක් පමණ ගිනි ජාලාවක් උඩට නැංවීය. බෝසත්හු දියෙන් ගිනිදැල් නැඟෙනු දැක යහලු කුරුල්ලනි, ඇවුළුණු ගිනි දියෙන් නිවෙයි. දැන් ජලය ම ගිනිදැල් විය. අපට මෙහි විසීමට නො හැකිය. වෙනත් තැනකට යමු යි කියා මේ ගාථාව කීහ.

“ඛෙමං යහිං තත්‍ථ අරී උදීරිතො, දකස‍්ස මජ‍්ඣෙ ජලතෙ ඝතාසනො; න අජ‍්ජ වාසො මහියා මහීරුහෙ, දිසා භජව‍්හො සරණාජ‍්ජ නොභය”න‍්ති.

“ඛෙමං යහිං තත්‍ථ අරී උදීරිතො, උදකස්ස මජ්ඣෙ ජලතෙ ඝතාසනො, න අජ්ජ වාසො මහියා මහීරුහෙ, දිසා භජව්හො සරණජ්ජ නො භයන්ති”

“යම් තැනක නිර්භය ද එතැන සතුරා නැඟී සිටියේය. දිය මැද ගිනි දිළිසෙහි. පොළොවෙහි ගසක අද විසීමක් නැත. කුරුල්ලනි, අන් තැනකට යව්. අපට පිහිට වූ තැනින් බය උපන.”

තත්‍ථ ඛෙමං යහිං තත්‍ථ අරී උදීරිතොති යස‍්මිං උදකපිට‍්ඨෙ ඛෙමභාවො නිබ‍්භයභාවො, තස‍්මිං අත‍්තපච‍්චත්‍ථිකො සපත‍්තො උට‍්ඨිතො. දකස‍්සාති උදකස‍්ස. ඝතාසනොති අග‍්ගි. සො හි ඝතං අස‍්නාති, තස‍්මා “ඝතාසනො”ති වුච‍්චති. න අජ‍්ජ වාසොති අජ‍්ජ නො වාසො නත්‍ථි. මහියා මහීරුහෙති මහිරුහො වුච‍්චති රුක‍්ඛො, තස‍්මිං ඉමිස‍්සා මහියා ජාතෙ රුක‍්ඛෙති අත්‍ථො. දිසා භජව‍්හොති දිසා භජථ ගච‍්ඡථ. සරණාජ‍්ජ නො භයන‍්ති අජ‍්ජ අම‍්හාකං සරණතො භයං ජාතං, පටිසරණට‍්ඨානතො භයං උප‍්පන‍්නන‍්ති අත්‍ථො.

එහි, “ඛෙමං යහිං තත්‍ථ අරී උදීරිතො”, යම් දිය තලයක නිර්භය බව වී ද එහි සතුරෙක් පැමිණියේය. පැන නැංගේය. “උදකස්ස”, ජලයෙහි, “ඝතාසනො”, ගින්නයි. ගින්න ගිතෙල් අනුභව කරන නිසා “ඝතාසනො”, යි කියනු ලැබේ. “න අජ්ජ වාසො”, අද අපට වාසය නැත. “මහියා මහීරුහො” මහීරුවා නමින් ගස කියනු ලැබේ. ගසෙහි - මේ මහපොළොවෙහි උපන් ගසෙහි යන අර්ථයි. “දිසා භජව්හො”, දිශාවන් ඇසුරු කරවු. යවු. “සරණජ්ජ නො භයන්ති”, අද අපට පිහිටි ස්ථානයෙන් ම බය ඇතිවිය. තදින් ම බිය උපන්නේය යන අර්ථයි.

එවං වත්‍වා බොධිසත‍්තො අත‍්තනො වචනකරෙ සකුණෙ ආදාය උප‍්පතිත්‍වා අඤ‍්ඤත්‍ථ ගතො. බොධිසත‍්තස‍්ස වචනං අග‍්ගහෙත්‍වා ඨිතසකුණා ජීවිතක‍්ඛයං පත‍්තා.

බෝසත්හු මෙසේ කියා තමාගේ වචනය පිළිගන්නා කුරුල්ලන් රැගෙන උඩට නැඟී අන් තැනකට ගියහ. බෝසතුන්ගේ වචනය නො පිළිගෙන සිටි කුරුල්ලෝ මළහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ සො භික‍්ඛු අරහත‍්තෙ පතිට‍්ඨාසි.

බුදුහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා සිව්සස් වදාරා ජාතකය නිමවූහ. සත්‍යය දේශනාව කෙළවර ඒ භික්‍ෂුව රහත් ඵලයෙහි පිහිටියේය.

තදා බොධිසත‍්තස‍්ස වචනකරා සකුණා බුද‍්ධපරිසා අහෙසුං, සකුණරාජා පන අහමෙව අහොසින‍්ති.

එදා බෝසතුන්ගේ වචනය පිළිගත් කුරුල්ලෝ බුදු පිරිසය. කුරුලු රජ වනාහි මම ම වීමි.

ඝතාසනජාතකවණ‍්ණනා තතියා.