යෙදුමෙන් කියවන්න

4. ඣානසොධනජාතකවණ‍්ණනා 134 අට‍්ඨකථා

4. ඣානසොධනජාතකවණ‍්ණනා (134)

4. ඣානසෝධන ජාතකය (134)

යෙ සඤ‍්ඤිනොති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො සඞ‍්කස‍්සනගරද‍්වාරෙ අත‍්තනා සංඛිත‍්තෙන පුච‍්ඡිතපඤ‍්හස‍්ස ධම‍්මසෙනාපතිනො විත්‍ථාරබ්‍යාකරණං ආරබ‍්භ කථෙසි. තත්‍රිදං අතීතවත්‍ථු – අතීතෙ කිර බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො අරඤ‍්ඤායතනෙ කාලං කරොන‍්තො අන‍්තෙවාසිකෙහි පුච‍්ඡිතො “නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී”ති ආහ…පෙ… තාපසා ජෙට‍්ඨන‍්තෙවාසිකස‍්ස කථං න ගණ‍්හිංසු. බොධිසත‍්තො ආභස‍්සරතො ආගන‍්ත්‍වා ආකාසෙ ඨත්‍වා ඉමං ගාථමාහ –

“යෙසඤ්ඤිතො” යන මේ ජාතක දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙර වසන සේක්, සංකස්ස නුවර දොරටුවෙහි දී තමන් වහන්සේ විසින් ලුහුඬින් අසන ලද ප්‍රශ්නයට දම් සෙනෙවි සැරියුත් තෙරණුවන් විසින් විස්තර වශයෙන් කළ පැන විසඳුම අරබයා වදාළහ. මේ ඒ පිළිබඳ ජාතක කථාවයි. පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු අරණ්‍යායතනයක කළුරිය කරන කල්හි අතවැසියන් විසින් විශේෂාධිගම විචාරණ ලද්දේ, නෙවසඤ්ඤානාසඤ්ඤා විඤ්ඤාණය - ඇත්තෙක් නැත. නැත්තෙක් නැතැ යි කීහ. -පෙ- අතවැසියෝ දෙටු අතවැසි තවුසාගේ වචනය නො පිළිගත්හ. එවිට බෝසත්හු ආභස්සර බඹ ලොවින් අවුත් අහසෙහි සිට මේ ගාථාව කීහ.

“යෙ සඤ‍්ඤිනො තෙපි දුග‍්ගතා, යෙපි අසඤ‍්ඤිනො තෙපි දුග‍්ගතා; එතං උභයං විවජ‍්ජය, තං සමාපත‍්තිසුඛං අනඞ‍්ගණ”න‍්ති.

“යෙ සඤ්ඤිනො තෙපි දුග්ගතා, යෙපි අසඤ්ඤිනො තෙපි දුග්ගතා, එතං උභයං විවජ්ජය, තං සමාපත්තිසුඛං අනඞ්ගණන්ති”

“සිත ඇති යම් සත්ත්ව කෙනෙක් වෙත් ද ඔහු දිළිඳු වෙති. සිත් නැති යම් සත්ත්ව කෙනෙක් වෙත් ද ඔහු ද දිළිඳු වෙති. සිත ඇති සිත නැති භවයන් දුරු කොට ඒ අරූප සමවන් සුවය නිදොස්ය.”

තත්‍ථ යෙ සඤ‍්ඤිනොති ඨපෙත්‍වා නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනලාභිනො අවසෙසෙ සචිත‍්තකසත‍්තෙ දස‍්සෙති. තෙපි දුග‍්ගතාති තස‍්සා සමාපත‍්තියා අලාභතො තෙපි දුග‍්ගතා නාම. යෙපි අසඤ‍්ඤිනොති අසඤ‍්ඤභවෙ නිබ‍්බත‍්තෙ අචිත‍්තකසත‍්තෙ දස‍්සෙති. තෙපි දුග‍්ගතාති තෙපි ඉමිස‍්සායෙව සමාපත‍්තියා අලාභතො දුග‍්ගතායෙව නාම. එතං උභයං විවජ‍්ජයාති එතං උභයම‍්පි සඤ‍්ඤිභවඤ‍්ච අසඤ‍්ඤිභවඤ‍්ච විවජ‍්ජය පජහාති අන‍්තෙවාසිකං ඔවදති. තං සමාපත‍්තිසුඛං අනඞ‍්ගණන‍්ති තං නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්තිලාභිනො සන‍්තට‍්ඨෙන “සුඛ”න‍්ති සඞ‍්ඛං ගතං ඣානසුඛං අනඞ‍්ගණං නිද‍්දොසං බලවචිත‍්තෙකග‍්ගතාසභාවෙනපි තං අනඞ‍්ගණං නාම ජාතං.

එහි, “යෙ සඤ්ඤිනො”, යන්නෙන් නේවසඤ්ඤානාසඤ්ඤා යන්න අරූප ධ්‍යානලාභීන් හැර සෙසු සිත සහිත සත්ත්වයන් දක්වයි. “තෙපි දුග්ගතා”, එම සමවන නො ලැබීම නිසා ඔහු දුගී මෙන්, “යෙපි අසඤ්ඤිනො”, අසඤ්ඤ භවයෙහි උපන්නෝ සිත් නැති බැවින් දක්වයි. “තෙපි දුග්ගතා”, ඔහු ද මේ සමාපත්තිය නො ලැබීම නිසා දුගියෝ වෙති. “එතං උභයං විවජ්ජය”, මේ සඤ්ඤාදී අසඤ්ඤාදී බව අත්හරව යි අතවැසියාට අවවාද කළේය. “තං සමාපත්තිසුඛං අනඞ්ගණන්ති”, නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවත් ශාන්ත බැවින් සැප ගණයට ගියේය. ධ්‍යාන සැපය නිදෝසීය. බලවත් සිතෙහි එකඟ භාවය නිසා ද එය “අනඞ්ගණ” නම් විය.

එවං බොධිසත‍්තො ධම‍්මං දෙසෙත්‍වා අන‍්තෙවාසිකස‍්ස ගුණං කථෙත්‍වා බ්‍රහ‍්මලොකමෙව අගමාසි. තදා සෙසතාපසා ජෙට‍්ඨන‍්තෙවාසිකස‍්ස සද‍්දහිංසු.

මෙසේ බෝසත්හු ධර්ම දේශනා කොට දෙටු අතවැසිගේ ගුණ කියා බඹ ලොවට ම ගියේය. එකල්හි සෙසු තාපසයෝ දෙටු අතවැසි පිළිගත්හ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා ජෙට‍්ඨන‍්තෙවාසිකො සාරිපුත‍්තො, මහාබ්‍රහ‍්මා පන අහමෙව අහොසි”න‍්ති.

බුදු රජහු මේ කථාව ගෙනහැර දක්වා ජාතකය නිම කළහ. එදා දෙටු අතවැසියා සැරියුත් තෙරණුවෝ වූහ. මහා බ්‍රහ්මයෝ මම ම වීමි.

ඣානසොධනජාතකවණ‍්ණනා චතුත්‍ථා.