5. චන්දාභජාතකවණ්ණනා 135 අට්ඨකථා
5. චන්දාභජාතකවණ්ණනා (135)
5. චන්දාභ ජාතකය (135)
චන්දාභන්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො සඞ්කස්සනගරද්වාරෙ ථෙරස්සෙව පඤ්හබ්යාකරණං ආරබ්භ කථෙසි. අතීතෙ කිර බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො අරඤ්ඤායතනෙ කාලං කරොන්තො අන්තෙවාසිකෙහි පුච්ඡිතො “චන්දාභං සූරියාභ”න්ති වත්වා ආභස්සරෙ නිබ්බත්තො. තාපසා ජෙට්ඨන්තෙවාසිකස්ස න සද්දහිංසු. බොධිසත්තො ආභස්සරතො ආගන්ත්වා ආකාසෙ ඨිතො ඉමං ගාථමාහ –
“චන්දාභන්ති” යන මේ ජාතක දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, සංකස්ස නගර දොරටුවෙහි සැරියුත් තෙරණුවන්ගේ ම පැන විසඳීමක් අරබයා දෙසූහ. පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු අරණ්‍යායතනයක කළුරිය කරන්නාහු, අතවැස්සන් විසින් විචාරණ ලද්දාහු, සඳ එළිය, හිරු එළිය යි කියා ආභස්සර බඹ ලොවෙහි උපන්නේය. තාපසයෝ දෙටු අතවැසියාගේ වචන නො පිළිගත්හ. බෝසත්හු පැමිණ අහසෙහි සිට මේ ගාථාව කීහ.
“චන්දාභං සූරියාභඤ්ච, යොධ පඤ්ඤාය ගාධති; අවිතක්කෙන ඣානෙන, හොති ආභස්සරූපගො”ති.
“චන්දාභං සූරියාභඤ්ච යොධ පඤ්ඤාය ගාධති, අවිතක්කෙන ඣානෙන හොති ආභස්සරූපගොති”
“යමෙක් මෙලොව චන්ද්‍ර, සූරිය ආලෝකය යම්තාක් පැතිර සිටී ද ඒ තාක් නුවණින් ධ්‍යාන අරමුණ පතුරුවයි. විතරක් නැති එම දෙවැනි ධ්‍යානයෙන් ආභස්සර බඹ ලොව පැමිණියෙමි.”
තත්ථ චන්දාභන්ති ඔදාතකසිණං දස්සෙති. සූරියාභන්ති පීතකසිණං. යොධ පඤ්ඤාය ගාධතීති යො පුග්ගලො ඉධ සත්තලොකෙ ඉදං කසිණද්වයං පඤ්ඤාය ගාධති, ආරම්මණං කත්වා අනුපවිසති, තත්ථෙව පතිට්ඨහති . අථ වා චන්දාභං සූරියාභඤ්ච, යොධ පඤ්ඤාය ගාධතීති යත්තකං ඨානං චන්දාභා ච සූරියාභා ච පත්ථටා, තත්ථකෙ ඨානෙ පටිභාගකසිණං වඩ්ඪෙත්වා තං ආරම්මණං කත්වා ඣානං නිබ්බත්තෙන්තො උභයම්පෙතං ආභං පඤ්ඤාය ගාධති නාම. තස්මා අයම්පෙත්ථ අත්ථොයෙව. අවිතක්කෙන ඣානෙන, හොති ආභස්සරූපගොති සො පුග්ගලො තථා කත්වා පටිලද්ධෙන දුතියෙන ඣානෙන ආභස්සරබ්රහ්මලොකූපගො හොතීති.
එහි, “චන්දාභන්ති”, ඔදාත (සුදු පැහැය) කසිනය දක්වයි. “සූරියාභන්ති”, පීත (කහ) කසිනය දක්වයි. “යොධ පඤ්ඤාය ගාධති”, යම් කෙනෙක් මේ සත්ත්ව ලෝකයෙහි මේ කසින භාවනා දෙක නුවණින් වඩත් ද අරමුණු වශයෙන් පිවිසෙත් ද එහි පිහිටත් ද නොහොත් “චන්දාහං, සූරියාභඤ්ච යොච පඤ්ඤාය භාවතීති”, යම් තරම් ප්‍රමාණයක් සඳහිරු එළිය පැතිරෙයි ද එපමණ දුර ප්‍රතිභාග කසින අරමුණ වඩා ඒ අරමුණු කොට ධ්‍යාන උපදවන්නේ, මේ දෙඑළිය නුවණින් වැඩීම නම් වේ. එම නිසා මේ මෙහි අර්ථය වේ. “අවිතක්කෙන ඣානෙන හොති ආභස්සරූපගොති”, ආභස්සර බඹලොව උපදින්නෙක් වේ.
එවං බොධිසත්තො තාපසෙ බොධෙත්වා ජෙට්ඨන්තෙවාසිකස්ස ගුණං කථෙත්වා බ්රහ්මලොකමෙව ගතො.
මෙසේ බෝසත්හු තාපසයන් දැනුවත් කොට දෙටු අතවැසියාගේ ගුණ කියා බඹ ලොවට ම ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා ජෙට්ඨන්තෙවාසිකො සාරිපුත්තො, මහාබ්රහ්මා පන අහමෙව අහොසි”න්ති.
බුදු රජහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා ජාතකය නිම කළහ. එදා දෙටු අතවැසි සැරියුත් තෙරණුවෝය. මහබඹු වනාහි මම ම වීමි.
චන්දාභජාතකවණ්ණනා පඤ්චමා.