14. අසම්පදානවග්ගො
14. අසම්පදානවග්ගො.
14. අසම්පදාන වර්ගය
131. අසම්පදානෙනිතරීතරස්ස බාලස්ස මිත්තානි කලීභවන්ති, තස්මා හරාමි භුසං අඩ්ඪමානං මා මෙ මිත්ති ජීයිත්ථ යස්සතායන්ති.
131. කිසියම් හීන වූ ද උතුම් වූ ද වස්තුවක් නො ගැනීම නිසා අනුවණයාගේ මිතුරෝ කිලුටු වෙත්. (හෙවත් බිඳෙත්.) එහෙයින් (මිත්රත්වය රකිනු පිණිස) මිතුරා දෙන ලද බොල් කුරුණි සතර ගතිමි. මගේ මිත්රත්වය නො පිරිහේවා, මිත්රත්වය සදා පවතීවා.
1. අසම්පදානජාතකං.
1. අසම්පදාන ජාතක යි.
132. කුසලූපදෙසෙ ධිතිසා දළ්හාය ච අවත්ථිතතත්තා භයහීරුතාය ච, න රක්ඛසීනං වසමාගමිම්හ ස සොත්ථිභාවො මහතා භයෙන මෙති,
132. දක්ෂ වූ (පසේබුදුවරයන්ගේ) අවවාදයෙහි දැඩි වැ පිහිටි හෙයින් ද භය භීරුතායෙන් නො නැවති හෙයින් ද යකින්නන්ගේ වශයට නො පැමිණියම්හ. මට මහත් වූ බියෙන් ඒ සෙත් බව වී.
2. පඤ්චගරුකජාතකං.
2. පඤ්චගරුක ජාතක යි.
133. ඛෙමං යහිං තත්ථ අරී උදීරිතො උදකස්ස මජ්ඣෙ ජලතෙ ඝතාසනො, න අජ්ජ වාසො මහියා මහීරුහෙ දිසා භජව්හො සරණජ්ජ නො භයන්ති.
133. යම් තැනෙකැ නිර්භය ද එ තැන සතුරා නැඟීසිටියේ ය. දිය මැදැ ගිනි දිලිසෙයි. පොළෝ තෙලෙහි වූ රුක්හි අද වාසයෙක් නැත. අන් දෙසෙක යවු අපට පිහිට වූ තැනින් අද බිය උපන.
3. ඝතාසනජාතකං.
3. ඝතාසන ජාතක යි.
134. යෙ සඤ්ඤිනො තෙපි දුග්ගතා යෙපි අසඤ්ඤිනො තෙපි දුග්ගතා, එතං උභයං විවජ්ජය තං සමාපත්තිසුඛං අනඞ්ගණ’න්ති.
134. සිතැති යම් සත්ව කෙනෙක් වෙත් ද ඔහු ද දිළිඳු වෙති. සිත නැති යම් සත්ව කෙනෙක් වෙත් ද ඔහු ද දිළිඳු වෙති. සිත ඇති සිත නැති භවයන් දුරු කරව, ඒ අරූප සමවත් සුව නිදොසි.
4. ඣානසොධනජාතකං.
4. ඣානසෝධන ජාතක යි.
135. චන්දාභං සුරියාහඤ්ච යො’ධ පඤ්ඤාය ගාධති, අවිතක්කෙන ඣානෙන හොති ආහස්සරූපගොති.
135. මෙ ලොවැ යමෙක් ඕදාතකසිණය ද පීතකසිණය ද නුවණින් වඩා ද, මේ දෙයාකාරයෙන් වැඩූ විතර්ක රහිත දැහැනින් (දෙවැනි දැහැනින්) ආභස්සර බඹ ලොවට පැමිණියේ වෙයි.
5. චන්දාභජාතකං.
5. චන්දාභ ජාතක යි.
136. යං ලද්ධං තුට්ඨබ්බං අතිලොභො හි පාපකො, හංසරාජං ගහෙත්වාන සුවණ්ණා පරිහායථාති.
136. යමක් ලැබුණේ ද එයින් (ලද දෙයින්) සතුටු විය යුතු ය. අධික ලෝභය ලාමක ය. (රන් වැඩියක් ලබනු රිසි ව) ස්වර්ණහංස රාජයා අල්ලා ගැනීම නිසා රනින් පිරිහුණේ ය. (ලැබෙන්නට තිබූ රන් ද නො ලැබුණේ ය.)
6. සුවණ්ණහංසජාතකං.
6. ස්වර්ණහංස ජාතක යි.
137. යත්ථෙකො ලභතෙ බබ්බු දුතියො තත්ථ ජායති, තතියො ච චතුත්ථො ච ඉදං බබ්බුකා බිලන්ති.
137. යම් තැනෙකැ බළලෙක් (ගොදුරක්) ලබා ද එතැනැ දෙවෙනි බළලෙක් උපදී. තෙවැන්නෙක් ද සිවුවැන්නෙක් ද උපදී. මේ තීගේ බබ්බුකා බිලය යැ. (පිළිඟු ගුහාව යැ.)
7. බබ්බුකජාතකං.
7. බබ්බුක ජාතක යි.
138. කින්තෙ ජටාහි දුම්මෙධ කින්තෙ අජිනසාටියා, අබ්භන්තරං තෙ ගහනං බාහිරං පරිමජ්ජසීති
138. මෝඩය, ජටායෙන් තට කවර ප්රයෝජනයෙක්ද? අඳුන් දිවි සමෙන් තට කවර ප්රයෝජනයෙක්ද? තාගේ හිත රාගාදි කෙලෙස් කසළින් පිරී ඇත. පිටත (සිරුර) තවුස්වෙස් දරා පිරිමඳනෙහි ය.
8. ගොධජාතකං.
8. ගෝධ ජාතක යි.
139. අක්ඛි භින්නා පටො නට්ඨො සඛී ගෙහෙ ච භණ්ඩනං, උභතො පදුට්ඨකම්මන්තො උදකම්හි ථලම්භි චාති.
139. නේත්රයෝ බුන්හ, පටය (වස්ත්රය) නටුයේ ය. (නැති විය) යෙහෙළිය හා තාගේ බිරිය ගෙයි කහල යැ. දිය ගොඩ දෙතැන්හි දුෂිතකර්මාන්ත ඇත්තෙහි යැ.
9. උභතොභට්ඨජාතකං.
9. උභාතොභට්ඨ ජාතක යි.
140. නිච්චං උබ්බිග්ගහදයා සබ්බලොකවිහෙසකා, තස්මා තෙසං වසා නත්ථි කාකානස්මාක ඤාතීන’න්ති.
140. සතතයෙන් තැතිගත් සිත් ඇතියහ. සියලු ලෝවැස්සන් වෙහෙසන්නාහ. එහෙයින් අපගේ නෑසියන් වූ ඒ කවුඩනට වුරුණුතෙල් නැත.
10. කාකජාතකං.
10. කාක ජාතක යි.
අසම්පදානවග්ගො චුද්දසමො.
තුදුස්වැනි අසම්පදාන වර්ග යි.
තස්සුද්දානං:
එහි උද්දාන:
ඉතරීතරරක්ඛසිඛෙමියො ච පරොසතපඤ්හෙන ආහස්සරො පුන, අථ හංසවරුත්තමබබ්බුජටං පටනට්ඨකකාකවරෙන දස.
ඉතරීතර (අසම්පදාන) යැ රක්ඛසී (පඤ්චගරුක) යැ ඛේමි (ඝතාසන) යැ පරොසතපඤ්හ (ඣානසෝධන) යැ ආභස්සර (චන්ද්රාභ) යැ හංසවරුතගම යැ බබ්බු යැ ජටා (ගෝධ) යැ පටනට්ඨක (උභාතොභට්ඨ) යැ කාක යැ යි ජාතක දසයෙකි.