13. කුසනාළිවග‍්ගො
13. කුසනාළි වර්‍ගය
121. කරෙ සරික‍්ඛො අථවාපි සෙට‍්ඨො නිහීනකො චා’පි කරෙය්‍ය එකො, කරෙය්‍යුං තෙ ව්‍යසනෙ උත‍්තමත්‍ථං යථා අහං කුසනාළී රුචාය’න‍්ති.
121. (ජාත්‍යාදීන්) සමාන වූයේ ද ශ්‍රේෂ්ඨ වූයේ ද (මිත්‍රධර්‍මය) කරන්නේ ය. එකෙක් හීන වූයේ ද (මිත්‍රධර්‍මය) කරන්නේ ය. ඒ මිත්‍රයෝ විපත්තියෙහි දී උතුම් වූ අර්‍ත්‍ථයක් ම (යහපතක් ම) කරන්නාහු ය. බුරුදගස උපන් මා ද දියබෙරලිය ගස උපන් කුසනාළි ද මෙනි.
1. කුසනාළිජාතකං.
1. කුසනාළි ජාතක යි.
122. යසං ලද‍්ධාන දුම‍්මෙධො අනත්‍ථං චරති අත‍්තනො, අත‍්තනො ච පරෙසඤ‍්ච හිංසාය පටිපජ‍්ජතී’ති.
122. නුවණ නැත්තේ යශස් (පිරිවර සම්පත්) ලැබැ තමනට අනර්‍ත්‍ථ පිණිස හැසිරෙයි. තමහට ද මෙරමාහට ද හිංසා පිණිස පිළිපදී.
2. දුම‍්මෙධ ජාතකං.
2. දුම්මේධ ජාතක යි.
123. අසබ‍්බත්‍ථගාමිනං වාචං බාලො සබ‍්බත්‍ථ භාසති, නායං දධිං වෙදි න නඞ‍්ගලීසං දධිම‍්පයං මඤ‍්ඤති නඞ‍්ගලීසන‍්ති.
123. නුවණ නැත්තේ හැම තැනට ම නුසුදුසු තෙපුල් හැම තන්හි ම බෙණෙයි. මේ තෙමේ දී ද (දීකිරි ද) නඟුලීස ද නො දන්නේ ය. (යම්සේ) දීකිරි ද නඟුලීස යයි සිතා ද එහෙයිනි.
3. නඞ‍්ගලීසජාතකං.
3. නඞ්ගුලීස ජාතක යි.
124. වායමෙථෙව පුරිසො න නිබ‍්බින්‍දෙය්‍ය පණ‍්ඩිතො, වායාමස‍්ස ඵලං පස‍්ස භුත‍්තා අම‍්බා අනීතිහන‍්ති.
124. නුවණැති පුරුෂ තෙමේ වෑයම් කෙරේ ම ය. නො කලකිරෙන්නේ ය. වෑයම් කිරීමේ ප්‍රයෝජනය බලව (රස) මෙසේ ද වී යැ යි මෙසේ ද වී යැ යි ඇසීම් මාත්‍රයෙන් නොවැ (ප්‍රත්‍යක්‍ෂයෙන් ම) අඹ අනුභව කරන ලදාහු ය.
4. අම‍්බජාතකං.
4. අම්බ ජාතක යි.
125. බහුම‍්පි සො විකත්‍ථෙය්‍ය අඤ‍්ඤං ජනපදං ගතො, අන්‍වාගන‍්ත්‍වාන දූසෙය්‍ය භුඤ‍්ජ භොගෙ කටාහකාති.
125. ඒ පුරුෂ තෙමේ අනෙක් ජනපදයකට ගියේ බොහෝ කොට ම (පරිභව හා වංචා වචන) බණන්නේ ය. නැවත අවූදින් (තමාගේ ස්වාමියා) දූෂණය කරන්නේ ය. කටාහකය (අනාචාර ගති හැරැපියා) සම්පත් අනුභව කරව.
5. කටාහකජාතකං.
5. කටාහක ජාතක යි.
126. තථෙවෙකස‍්ස කල්‍යාණං තථෙවෙකස‍්ස පාපකං, තස‍්මා සබ‍්බං න කල්‍යාණං සබ‍්බං වාපි න පාපකන‍්ති.
126. එකකුහට හේ ම (එය ම) කල්‍යාණය (යහපත් ය) එකකුහට හේ ම ලාමක ය. එහෙයින් සියල්ල කල්‍යාණ නො වේ. සියල්ල ලාමක ද නො වේ.
6. අසිලක‍්ඛණජාතකං
6. අසිලක්ඛණ ජාතක යි.
127. තෙ දෙසා තානි වත්‍ථූනි අහඤ‍්ච වනගොචරො, අනුවිච‍්ච ඛො තං ගණ‍්හෙය්‍යුං පිඛ ඛීරං කලණ‍්ඩුකාති.
127. (තා උපන් මවුකුස නම් වූ) දේශය ද (මවු ගැබ නම් වූ) වස්තුව ද වනගෝචර වූ (තිරිසන් වූ) මම ද දනිමි. (ස්වාමිවරු) තා දැනැ හැරැගන්නාහ. කලණ්ඩුකය කිරි බොව.
7. කලණ‍්ඩුකජාතකං.
7. කලණ්ඩුක ජාතක යි.
128. යො චෙ ධම‍්මං ධජං කත්‍වා නිගූළ‍්හො පාපමාචරෙ, විස‍්සාසයිත්‍වා භූතානි බිළාරං නාම තං වතන‍්ති.
128. යමෙක් ඒකාන්තයෙන් (දශකුශල) ධර්‍මයන් ධ්වජයක් කොට (මතු කොට පෙන්නා) සත්ත්‍වයන් (ලවා මේ සිල්වතෙකැ යි) විශ්වාස ඇති කරවාගෙනැ තමන් තතු සඟවාගත්තේ පව් සිදු කෙරේ ද ඔහුගේ ඒ පැවැත්ම බිළාර නම් ව්‍රතය යි.
8. බිළාරවතජාතකං.
8. බිළාරවත ජාතක යි.
129. නායං සිඛා පුඤ‍්ඤහෙතු ඝාසහෙතු අයං සිඛා, න’ඞ‍්ගුට‍්ඨගණනං යාති අලන‍්තෙ හොතු අග‍්ගිකාති.
129. මේ සිඛාව (හිසැ මුදුනෙහි බැඳි කෙස් රොද) පින් පිණිස නො වේ. මේ සිඛාව අනුන් කනු සඳහා ය. (මේ මූසික සමූහයා) ඇඟිලි ගණනට නො යේ. අග්ගිකය තාගේ (මීයන් ගිණීම්) මෙ පමණ වේවා.
9. අග‍්ගිකජාතකං.
9. අග්ගික ජාතක යි.
130. යථා වාචා ච භුඤ‍්ජස‍්සු යථාභුත‍්තඤ‍්ච ව්‍යාහර, උභයං තෙ න සමෙති වාචාභුත‍්තඤ‍්ච කොසියෙති.
130. කෝසියාව (ලෙඩෙමි යන) වචනයට අනුකූල වැ අනුභව කරව. කෑ දෙයට අනුකූල වැ මෙහෙ කරව. තීගේ (ලෙඩෙමි යන) කීම ද අනුභව කිරීම ද යන මේ දෙකරුණ සම නො වේ.
10. කොසියජාතකං.
10. කෝසිය ජාතක යි.
කුසනාළිවග‍්ගො තෙරසමො.
තෙළෙස්වැනි කුසනාළි වර්‍ග යි.
තස‍්සුද‍්දානං:
එහි උද්දාන:
කුසනාළිසිරිවහයනො ච යසං දධිමම‍්බකටාහකපඤ‍්චමකො, අථ පාපක ඛීරබිළාරවතං සිඛිකොසියසව‍්භයනෙන දස.
කුසනාළි - යසං (දුම්මේධ) දධි (නඞ්ගලීස) - අම්බ - කටාහක - පාපක - (අසිලක්ඛණ) ඛීර (කලණ්ඩුක) බිළාරවත - සිඛී (අග්ගික) කෝසිය යන දසය යි.