යෙදුමෙන් කියවන්න

10. කාකජාතකවණ‍්ණනා 140 අට‍්ඨකථා

10. කාකජාතකවණ‍්ණනා (140)

10. කාක ජාතකය (140)

නිච‍්චං උබ‍්බිග‍්ගහදයාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ඤාතත්‍ථචරියං ආරබ‍්භ කථෙසි. පච‍්චුප‍්පන‍්නවත්‍ථු ද‍්වාදසකනිපාතෙ භද‍්දසාලජාතකෙ (ජා· 1.12.13 ආදයො) ආවි භවිස‍්සති.

“නිච්චං උබ්බිග්ගහදයාති” යන මේ ජාතක දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙර වසන සේක්, ඤාති සංග්‍රහය අරබයා දෙසූහ. මෙහි වත්මන් කථාව දොළොස් වැනි නිපාතයෙහි භද්දසාල ජාතකයෙහි එන්නේය.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො කාකයොනියං නිබ‍්බත‍්ති. අථෙකදිවසං රඤ‍්ඤො පුරොහිතො බහිනගරෙ නදියං න‍්හායිත්‍වා ගන්‍ධෙ විලිම‍්පිත්‍වා මාලං පිළන්‍ධිත්‍වා වරවත්‍ථනිවත්‍ථො නගරං පාවිසි. නගරද‍්වාරතොරණෙ ද‍්වෙ කාකා නිසින‍්නා හොන‍්ති. තෙසු එකො එකං ආහ – “සම‍්ම, අහං ඉමස‍්ස බ්‍රාහ‍්මණස‍්ස මත්‍ථකෙ සරීරවළඤ‍්ජං පාතෙස‍්සාමී”ති. ඉතරො “මා තෙ එතං රුච‍්චි, අයං බ්‍රාහ‍්මණො ඉස‍්සරො, ඉස‍්සරජනෙන ච සද‍්ධිං වෙරං නාම පාපකං. අයඤ‍්හි කුද‍්ධො සබ‍්බෙපි කාකෙ විනාසෙය්‍යා”ති. “න සක‍්කා මයා න කාතු”න‍්ති. “තෙන හි පඤ‍්ඤායිස‍්සසී”ති වත්‍වා ඉතරො කාකො පලායි. සො තොරණස‍්ස හෙට‍්ඨාභාගං සම‍්පත‍්තෙ බ්‍රාහ‍්මණෙ ඔලම‍්බකං චාලෙන‍්තො විය තස‍්ස මත්‍ථකෙ වච‍්චං පාතෙසි. බ්‍රාහ‍්මණො කුජ‍්ඣිත්‍වා කාකෙසු වෙරං බන්‍ධි.

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු කවුඩු යෝනියෙහි උපන්හ. දිනක් රජුගේ පුරෝහිත බමුණා නගරයෙන් බැහැර ගඟක නා සුවඳ විලවුන් ඇඟ ගල්වා මල්මාලා පැළඳ මාහැඟි වස්ත්‍ර හැඳ නගරයට පිවිසියේය. නගර දොරටු තොරණෙහි කවුඩෝ දෙදෙනෙක් සිටියාහ. එයින් එකෙක් අනිකාට, යහළුව, මේ බමුණාගේ හිසට සිරුරු මළ හෙළන්නෙමි යි කීවේය. ඔබට එසේ කිරීමට සිත් නො වේවා. මේ බමුණා අධිපතියෙකි. ඔවුන් සමග ගැටී ඉදින්, ඔහු කිපියේ නම් සියලු කවුඩන් විනාශ කළ හැකි වන්නේය යි අනිකා වැළකීය. එහෙත් මට එය නො කැර සිටිය නො හැකිය. එසේ නම් එම කාර්යයෙන් ඔබ ම ප්‍රකට වන්නේය යි කියා අනෙක් කවුඩා පලා ගියේය. ඉක්බිති, පුරෝහිත බමුණා තොරණ යටට පැමිණෙත් ම ලඹය බහන්නකු සෙයින් බමුණුගේ හිස මත වසුරු හෙළීය. බමුණා මෙයින් කිපී කපුටන් කෙරෙහි වෛර බැන්දේය.

තස‍්මිං කාලෙ එකා භතියා වීහිකොට‍්ටිකදාසී වීහිං ගෙහද‍්වාරෙ ආතපෙ පත්‍ථරිත්‍වා රක‍්ඛන‍්තී නිසින‍්නාව නිද‍්දං ඔක‍්කමි. තස‍්සා පමාදං ඤත්‍වා එකො දීඝලොමකො එළකො ආගන‍්ත්‍වා වීහිං ඛාදි, සා පබුජ‍්ඣිත්‍වා තං දිස‍්වා පලාපෙසි. එළකො දුතියම‍්පි, තතියම‍්පි තස‍්සා තථෙව නිද‍්දායනකාලෙ ආගන‍්ත්‍වා වීහිං ඛාදි. සාපි තං තික‍්ඛත‍්තුං පලාපෙත්‍වා චින‍්තෙසි “අයං පුනප‍්පුනං ඛාදන‍්තො උපඩ‍්ඪවීහිං ඛාදිස‍්සති, බහු මෙ ඡෙදො භවිස‍්සති, ඉදානිස‍්ස පුන අනාගමනකාරණං කරිස‍්සාමී”ති. සා අලාතං ගහෙත්‍වා නිද‍්දායමානා විය නිසීදිත්‍වා වීහිඛාදනත්‍ථාය එළකෙ සම‍්පත‍්තෙ උට‍්ඨාය අලාතෙන එළකං පහරි, ලොමානි අග‍්ගිං ගණ‍්හිංසු. සො සරීරෙ ඣායන‍්තෙ “අග‍්ගිං නිබ‍්බාපෙස‍්සාමී”ති වෙගෙන ගන‍්ත්‍වා හත්‍ථිසාලාය සමීපෙ එකිස‍්සා තිණකුටියා සරීරං ඝංසි, සා පජ‍්ජලි. තතො උට‍්ඨිතා ජාලා හත්‍ථිසාලං ගණ‍්හි. හත්‍ථිසාලාසු ඣායන‍්තීසු හත්‍ථිපිට‍්ඨානි ඣායිංසු, බහූ හත්‍ථී වණිතසරීරා අහෙසුං. වෙජ‍්ජා හත්‍ථී අරොගෙ කාතුං අසක‍්කොන‍්තා රඤ‍්ඤො ආරොචෙසුං. රාජා පුරොහිතං ආහ “ආචරිය, හත්‍ථිවෙජ‍්ජා හත්‍ථී තිකිච‍්ඡිතුං න සක‍්කොන‍්ති, අපි කිඤ‍්චි භෙසජ‍්ජං ජානාසී”ති. “ජානාමි, මහාරාජා”ති. “කිං ලද‍්ධුං වට‍්ටතී”ති? “කාකවසා, මහාරාජා”ති. රාජා “තෙන හි කාකෙ මාරෙත්‍වා වසං ආහරථා”ති ආහ. තතො පට‍්ඨාය කාකෙ මාරෙත්‍වා වසං අලභිත්‍වා තත්‍ථ තත්‍ථෙව රාසිං කරොන‍්ති, කාකානං මහාභයං උප‍්පජ‍්ජි.

මේ කාලයෙහි බැලයට වී කොටන මෙහෙකාරියක් ගෙය ඉදිරියට වී අව්වෙහි අතුරා රකින්නී, හිඳගෙන ම නිදිගත වූවාය. ඇගේ ප්‍රමාදය දැක් දික් ලොම් ඇති එළුවෙක් පැමිණ වී කෑවේය. ඕ නින්දෙන් නැඟිට එළුවා අඬවාපීය. මෙසේ මෙහෙකාරිය තුන්වර දක්වා එළවා මෙසේ සිතුවාය. මෙසේ එළුවා නැවත නැවත එය නිදන කල්හි පැමිණ වී කෑවේය. වී කන්නේ නම් අඩක් ම වැය වන්නේය. එවිට මට බොහෝ දොස් වන්නේය. දැන් මම ඉදිරියට නො එන ආකාරයෙන් කරන්නෙමි යි සිතා ගිනි පෙනෙල්ලක් ගෙන නිදන්නාක් මෙන් හිඳ වී කෑම සඳහා එළුවා පැමිණි කල්හි නැඟිට ගිනි පෙනෙල්ලෙන් එළුවාට ගැහැව්වාය. ලොම්වලට ගිනි ඇවිලිණි. එළුවා ගින්න නිවා ගැනීම සදහා දුවගොස් ඇත්හළ ම අබියෙස තණ කුටියක සිරුර අතුල්ලන්ට වූවාය. එය ද ගිනි ගති. එයින් ඇති වූ ගින්නෙන් ඇත්හළ ම ඇවිලිණි. ඇත්හල් ගිනි ගනිත් ම ඇතුන්ගේ පිට දැවී ගියේය. බොහෝ ඇත්තු තුවාල ඇත්තෝ වූහ. වෙද්දු, ඔවුන් සුව කළ නො හැකි බව රජුට සැලකළහ. රජ පුරෝහිතගෙන් විමසීය. ගුරුතුමනි, ඇතුන් සුව කළ නොහැකි බව වෙද්දු කියති. ඔබ, ඔවුන් සුව කළ හැකි බෙහෙතක් දන්නේ ද? එසේය. මහරජ, දනිමි. එයට අවශ්‍ය කුමක්ද? මහරජතුමනි, කාක තෙල් අවශ්‍ය වේ. එසේ නම් කපුටන් මරා තෙල් ගෙන එවු යි රජ අණ කළේය. එතැන් පටන් මිනිස්සු කපුටන් මරා තෙල් නැති බැවින් ඒ ඒ තැන රැස් කරත්. කවුඩන්ට මහත් බියක් ඇති විය.

තදා බොධිසත‍්තො අසීතිකාකසහස‍්සපරිවාරො මහාසුසානෙ වසති. අථෙකො කාකො ගන‍්ත්‍වා කාකානං උප‍්පන‍්නභයං බොධිසත‍්තස‍්ස ආරොචෙසි. සො චින‍්තෙසි “ඨපෙත්‍වා මං අඤ‍්ඤො මය‍්හං ඤාතකානං උප‍්පන‍්නභයං හරිතුං සමත්‍ථො නාම නත්‍ථි, හරිස‍්සාමි න”න‍්ති දස පාරමියො ආවජ‍්ජෙත්‍වා මෙත‍්තාපාරමිං පුරෙචාරිකං කත්‍වා එකවෙගෙන පක‍්ඛන්‍දිත්‍වා විවටමහාවාතපානෙන පවිසිත්‍වා රඤ‍්ඤො ආසනස‍්ස හෙට‍්ඨා පාවිසි. අථ නං එකො මනුස‍්සො ගහිතුකාමො අහොසි. රාජා “සරණං පවිට‍්ඨො, මා ගණ‍්හී”ති වාරෙසි. මහාසත‍්තො ථොකං විස‍්සමිත්‍වා මෙත‍්තාපාරමිං ආවජ‍්ජෙත්‍වා හෙට‍්ඨාසනා නික‍්ඛමිත්‍වා රාජානං ආහ – “මහාරාජ, රඤ‍්ඤා නාම ඡන්‍දාදිවසෙන අගන‍්ත්‍වා රජ‍්ජං කාරෙතුං වට‍්ටති. යං යං කම‍්මං කත‍්තබ‍්බං හොති, සබ‍්බං නිසම‍්ම උපධාරෙත්‍වා කාතුං වට‍්ටති. යඤ‍්ච කයිරමානං නිප‍්ඵජ‍්ජති, තදෙව කාතුං වට‍්ටති, න ඉතරං. සචෙ හි රාජානො යං කයිරමානං න නිප‍්ඵජ‍්ජති, තං කරොන‍්ති, මහාජනස‍්ස මරණභයපරියොසානං මහාභයං උප‍්පජ‍්ජති . පුරොහිතො වෙරවසිකො හුත්‍වා මුසාවාදං අභාසි, කාකානං වසා නාම නත්‍ථී”ති. තං සුත්‍වා රාජා පසන‍්නචිත‍්තො බොධිසත‍්තස‍්ස කඤ‍්චනභද‍්දපීඨං දාපෙත්‍වා තත්‍ථ නිසින‍්නස‍්ස පක‍්ඛන‍්තරානි සතපාකසහස‍්සපාකතෙලෙහි මක‍්ඛාපෙත්‍වා කඤ‍්චනතට‍්ටකෙ රාජාරහං සුභොජනං භොජාපෙත්‍වා පානීයං පායෙත්‍වා සුහිතං විගතදරථං මහාසත‍්තං එතදවොච “පණ‍්ඩිත, ත්‍වං ‘කාකානං වසා නාම නත්‍ථී’ති වදෙසි, කෙන කාරණෙන නෙසං වසා න හොතී”ති බොධිසත‍්තො “ඉමිනා ච ඉමිනා ච කාරණෙනා”ති සකලනිවෙසනං එකරවං කත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

එදවස බෝසත්හු අසූ දහසක් කවුඩන් පිරිවරා සොහොන් බිම වනයෙහි වෙසෙත්. එක් කවුඩෙක් ඔවුන්ට ඇති වී තිබෙන මහා විනාශය බෝසතුන්ට සැල කළේය. බෝසත්හු මෙසේ සිතූහ. පැමිණි මේ බය හරින්ට අන් සමතකු නම් නැත. දශ පෙරුම් දම් සිහි කොට මෛත්‍රී පාරමිතාව පෙරටුකොට ඉතා වේගයෙන් පැන හැර තිබුණු වා කවුලුවෙන් රජුගේ අසුන යටට පිවිසියහ. මිනිස්සු ඔහු එළවා දමන්ට තැත් කළෝය. පිහිට පතා මෙහි පැමිණි කපුටා අල්ලා ගැනීම සුදුසු නො වෙතැ යි රජ ඔහු වැළකීය. බෝසත්හු මදක් විඩාහැර මෛත්‍රී භාවනාව සිහි කොට යට අසුනින් නික්ම මහරජ, රජු වනාහි ලෝභාදී වශයෙන් නො මඟ නො ගොස් රාජ්‍යය කැරන්ට වටනේය. යමක් කළයුතු නම් එය ඉතා හොඳින් විමසා බලා කටයුතුය. යමක් කළ කල්හි සඵල වේ ද එය ම කටයුතුයි. ඉදින්, රජවරුන් කරනු ලබන යමක් සඵල නො වේ ද එය ම කරත් ද එවිට මහජනයාට මරණය කෙළවර කොට මහත් බිය උපදී. පුරෝහිත බමුණා වෛරයෙන් මුළාව බොරු කීවේය. කපුටන් හට තෙල් නැතැ යි කීය. ඒ අසා රජ සතුටු ව බෝසතුන්ට රන් පුටුවක් දෙවා එහි හුන් කල්හි පියාපත් අතර සියක්වර දහස්වර සිඳන ලද තෙල් ආලේප කොට රන් තැටියක රජුට සුදුසු මිහිරි ආහාර දෙවා පැන් පොවා සුවපත් බවට පැමිණි බෝසතුන්ගෙන් මෙසේ ඇසීය. පඬිතුමා, කපුටන් ගේ තෙල් නැතැ යි ඔබ කියන්නෙහිය. කවර හේතුවකින් ඔවුන්ට තෙල් නැත්තේ ද? එවිට බෝසත්හු මේ මේ කාරණයෙන්යැ යි රජ මැදුර ඝෝෂා පතුරුවමින් දහම් දෙසමින් මේ ගාථාව කීහ.

“නිච‍්චං උබ‍්බිග‍්ගහදයා, සබ‍්බලොකවිහෙසකා; තස‍්මා නෙසං වසා නත්‍ථි, කාකානම‍්හාක ඤාතින”න‍්ති.

“නිච්චං උබ්බිග්ගහදයා සබ්බලොකවිහෙසකා, තස්මා තෙසං වසා නත්‍ථි කාකානස්මාකඤාතිනන්ති”

“හැමවිට ම තැති ගත් සිත් ඇත්තාහ. සියලු ලෝ වැස්සන් වෙහෙසන්නාහ. එහෙයින් අපගේ ඤාතීන් වූ කපුටන් හට වුරුණු තෙල් නැත්තේය.”

තත්‍රායං සඞ‍්ඛෙපත්‍ථො – මහාරාජ, කාකා නාම නිච‍්චං උබ‍්බිග‍්ගමානසා භයප‍්පත‍්තාව විහරන‍්ති, සබ‍්බලොකස‍්ස ච විහෙසකා, ඛත‍්තියාදයො මනුස‍්සෙපි ඉත්‍ථිපුරිසෙපි කුමාරකුමාරිකාදයොපි විහෙඨෙන‍්තා කිලමෙන‍්තාව විචරන‍්ති, තස‍්මා ඉමෙහි ද‍්වීහි කාරණෙහි නෙසං අම‍්හාකං ඤාතීනං කාකානං වසා නාම නත්‍ථි. අතීතෙපි න භූතපුබ‍්බා, අනාගතෙපි න භවිස‍්සතීති.

මේ ගාථාවේ සංක්‍ෂේප අදහසයි. මහරජ, කවුඩෝ නම් නිතර ම තැතිගත් සිතින් බියවූවාහු ම වෙත්. සියලු ලෝකයාට ම වෙහෙස ගෙන දෙන්නේය. රජ ආදී මිනිසුන් ද ගැහැනුන් ද පිරිමින් ද කුමර කුමරි ආදීන් ද වෙහෙසමින් පීඩා කැරෙමින් හැසිරෙති. මේ දෙකරුණ නිසා ඒ අපගේ ඤාතීන් වූ කපුටන්ට වුරුණු තෙල් නම් නැත. පෙර ද නො වීය. මතු ද නො වන්නේය.

එවං මහාසත‍්තො ඉමං කාරණං උත‍්තානං කත්‍වා “මහාරාජ, රඤ‍්ඤා නාම අනිසම‍්ම අනුපධාරෙත්‍වා කම‍්මං න කත‍්තබ‍්බ”න‍්ති රාජානං බොධෙසි. රාජා තුස‍්සිත්‍වා බොධිසත‍්තං රජ‍්ජෙන පූජෙසි. බොධිසත‍්තො රජ‍්ජං රඤ‍්ඤොයෙව පටිදත්‍වා රාජානං පඤ‍්චසු සීලෙසු පතිට‍්ඨාපෙත්‍වා සබ‍්බසත‍්තානං අභයං යාචි. රාජා තස‍්ස ධම‍්මදෙසනං සුත්‍වා සබ‍්බසත‍්තානං අභයං දත්‍වා කාකානං නිබද‍්ධදානං පට‍්ඨපෙසි. දිවසෙ දිවසෙ තණ‍්ඩුලම‍්බණස‍්ස භත‍්තං පචිත්‍වා නානග‍්ගරසෙහි ඔමද‍්දිත්‍වා කාකානං දීයති, මහාසත‍්තස‍්ස පන රාජභොජනමෙව දීයිත්‍ථ.

බෝසත්හු මෙකරුණ මතුකොට පෙන්වා මහරජ, රජු නො විචාරා නො විමසා ක්‍රියා නො කළ යුතුයැ යි රජුට අවබෝධ කළහ. රජ සතුටු ව බෝසතුන් රාජ්‍යයෙන් පිදීය. බෝසත්හු රාජ්‍යය නැවත පවරා පන්සිල්හි පිහිටුවා සියලු සතුන්ට ජීවන දානය ඉල්ලූහ. රජු ද සියලු සතුන්ට අභය දානය දී කපුටන් උදෙසා නිබඳ දන් ඇරඹීය. දිනපතා අමුණක සහල් පිස නොයෙක් රසයෙන් මුසු කොට කපුටු දානය දෙවීය. බෝසතුන්ට රාජ භෝජනය ම දෙනු ලැබීය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා බාරාණසිරාජා ආනන්‍දො අහොසි, කාකරාජා පන අහමෙව අහොසි”න‍්ති.

බුදු රජහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා ජාතකය නිම කළහ. එදා බරණැස් රජ ආනන්ද තෙරණුවෝ වූහ. කවුඩු රජ මම ම වීමි.

කාකජාතකවණ‍්ණනා දසමා.

අසම‍්පදානවග‍්ගො චුද‍්දසමො.

තුදුස් වැනි අසම්පදාන වර්ගයයි.

තස‍්සුද‍්දානං –

අසම‍්පදානභීරුකං, ඝතාසනඣානසොධං; චන්‍දාභං සුවණ‍්ණහංසං, බබ‍්බුගොධුභතොභට‍්ඨං; කාකරාජාති තෙ දසාති.