යෙදුමෙන් කියවන්න

1. ගොධාජාතකවණ‍්ණනා 141 අට‍්ඨකථා

1. ගොධාජාතකවණ‍්ණනා (141)

1. ගෝධ ජාතකය (141)

න පාපජනසංසෙවීති ඉදං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො එකං විපක‍්ඛසෙවිං භික‍්ඛුං ආරබ‍්භ කථෙසි. පච‍්චුප‍්පන‍්නවත්‍ථු මහිළාමුඛජාතකෙ කථිතසදිසමෙව.

“න පාපජනසංසෙවීති” යන මේ ජාතක දේශනය බුදු රජහු වේළුවන විහාරයෙහි වසන සේක්, ප්‍රතිපක්‍ෂ සෙවුනා භික්‍ෂුවක් අරබයා මේ ජාතකය දේශනා කළහ. මෙහි වත්මන් කථාව මහිලාමුඛ ජාතකයෙහි කථාව හා සමානය.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො ගොධායොනියං පටිසන්‍ධිං ගණ‍්හි. සො වයප‍්පත‍්තො නදීතීරෙ මහාබිලෙ අනෙකගොධාසතපරිවාරො වාසං කප‍්පෙසි. තස‍්ස පුත‍්තො ගොධාපිල‍්ලකො එකෙන කකණ‍්ටකෙන සද‍්ධිං සන්‍ථවං කත්‍වා තෙන සද‍්ධිං සම‍්මොදමානො විහරන‍්තො “කකණ‍්ටකං පරිස‍්සජිස‍්සාමී”ති අවත්‍ථරති. තස‍්ස තෙන සද‍්ධිං විස‍්සාසං ගොධාරාජස‍්ස ආරොචෙසුං. ගොධාරාජා පුත‍්තං පක‍්කොසාපෙත්‍වා “තාත, ත්‍වං අට‍්ඨානෙ විස‍්සාසං කරොසි, කකණ‍්ටකා නාම නීචජාතිකා, තෙහි සද‍්ධිං විස‍්සාසො න කත‍්තබ‍්බො. සචෙ ත්‍වං තෙන සද‍්ධිං විස‍්සාසං කරිස‍්සසි, තං කකණ‍්ටකං නිස‍්සාය සබ‍්බම‍්පෙතං ගොධාකුලං විනාසං පාපුණිස‍්සති, ඉතො පට‍්ඨාය එතෙන සද‍්ධිං විස‍්සාසං මා අකාසී”ති ආහ. සො කරොතියෙව. බොධිසත‍්තො පුනප‍්පුනං කථෙන‍්තොපි තස‍්ස තෙන සද‍්ධිං විස‍්සාසං වාරෙතුං අසක‍්කොන‍්තො “අවස‍්සං අම‍්හාකං එතං කකණ‍්ටකං නිස‍්සාය භයං උප‍්පජ‍්ජිස‍්සති, තස‍්මිං උප‍්පන‍්නෙ පලායනමග‍්ගං සම‍්පාදෙතුං වට‍්ටතී”ති එකෙන පස‍්සෙන වාතබිලං කාරාපෙසි.

පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු තලගොයි යෝනියෙහි පිළිසිඳ ගත්හ. ඔහු වියට පැමිණ ගංතෙර මහත් ගුහාවක නොයෙක් සියගණන් තලගොයින් පිරිවරා වාසය කළේය. ඔහුගේ පුත් තලගොයි පෝතකයා එක් කටුස්සකු සමග මිත්‍රව ඔහු සමග සතුටුවෙමින් වසන්නේ කටුස්සා වැළඳ ගනිමි යි ඇඟ වැතිරෙයි. මේ දෙදෙනා අතර විශ්වාසය ගෝධ රජුට සැළවිය. ගෝධ රජු කුඩා පුතු කැඳවා දරුව, ඔබ නුසුදුසු තැනක විශ්වාසය තැබුවෙහි. කටුස්සෝ හීන ජාතියකි. ඔවුන් සමග විශ්වාසය නො කළ යුතුය. ඉදින්, ඔබ ඔහු විශ්වාස කරන්නේ නම් ඒ කටුස්සා නිසා මේ සියලු තලගොයි සමූහය විනාශ වන්නේය. මෙතැන් පටන් කටුස්සා සමග විශ්වාස නො කරව යි කීහ. එහෙත් පුත්‍රයා මිත්‍රත්වය පැවැත්වීය. බෝසත්හු නැවත නැවත කීව ද මේ මිත්‍රබව වැළැක්වීමට නො හැකි විය. මේ අතර බෝසත්හු මේ කටුස්සා නිසා අපට බියක් වන්නේ නම් පැන යා හැකි මඟක් තනන්ට වටනේ යි සිතා එක් පසෙකින් සුළං වදනා සිදුරක් කැරවීය.

පුත‍්තොපිස‍්ස අනුක‍්කමෙන මහාසරීරො අහොසි, කකණ‍්ටකො පන පුරිමප‍්පමාණොයෙව. ඉතරො “කකණ‍්ටකං පරිස‍්සජිස‍්සාමී”ති අන‍්තරන‍්තරා අවත්‍ථරතියෙව, කකණ‍්ටකස‍්ස පබ‍්බතකූටෙන අවත්‍ථරණකාලො විය හොති. සො කිලමන‍්තො චින‍්තෙසි “සචෙ අයං අඤ‍්ඤානි කතිපයානි දිවසානි මං එවං පරිස‍්සජිස‍්සති, ජීවිතං මෙ නත්‍ථි, එකෙන ලුද‍්දකෙන සද‍්ධිං එකතො හුත්‍වා ඉමං ගොධාකුලං විනාසෙස‍්සාමී”ති. අථෙකදිවසං නිදාඝසමයෙ මෙඝෙ වුට‍්ඨෙ වම‍්මිකමක‍්ඛිකා උට‍්ඨහිංසු, තතො තතො ගොධා නික‍්ඛමිත්‍වා මක‍්ඛිකායො ඛාදන‍්ති. එකො ගොධාලුද‍්දකො ගොධාබිලං භින්‍දනත්‍ථාය කුද‍්දාලං ගහෙත්‍වා සුනඛෙහි සද‍්ධිං අරඤ‍්ඤං පාවිසි. කකණ‍්ටකො තං දිස‍්වා “අජ‍්ජ අත‍්තනො මනොරථං පූරෙස‍්සාමී”ති තං උපසඞ‍්කමිත්‍වා අවිදූරෙ නිපජ‍්ජිත්‍වා “භො පුරිස , කස‍්මා අරඤ‍්ඤෙ විචරසී”ති පුච‍්ඡි. සො “ගොධානං අත්‍ථායා”ති ආහ. “අහං අනෙකසතානං ගොධානං ආසයං ජානාමි, අග‍්ගිඤ‍්ච පලාලඤ‍්ච ආදාය එහී”ති තං තත්‍ථ නෙත්‍වා “ඉමස‍්මිං ඨානෙ පලාලං පක‍්ඛිපිත්‍වා අග‍්ගිං දත්‍වා ධූමං කත්‍වා සමන‍්තා සුනඛෙ ඨපෙත්‍වා සයං මහාමුග‍්ගරං ගහෙත්‍වා නික‍්ඛන‍්තා නික‍්ඛන‍්තා ගොධා පහරිත්‍වා මාරෙත්‍වා රාසිං කත්‍වා යාහී”ති එවඤ‍්ච පන වත්‍වා “අජ‍්ජ පච‍්චාමිත‍්තස‍්ස පිට‍්ඨිං පස‍්සිස‍්සාමී”ති එකස‍්මිං ඨානෙ සීසං උක‍්ඛිපිත්‍වා නිපජ‍්ජි. ලුද‍්දකොපි පලාලධූමං අකාසි, ධූමො බිලං පාවිසි, ගොධා ධූමන්‍ධා මරණභයතජ‍්ජිතා නික‍්ඛමිත්‍වා පලායිතුං ආරද‍්ධා. ලුද‍්දකො නික‍්ඛන‍්තං නික‍්ඛන‍්තං පහරිත්‍වා මාරෙසි, තස‍්ස හත්‍ථතො මුත‍්තා සුනඛා ගණ‍්හිංසු. ගොධානං මහාවිනාසො උප‍්පජ‍්ජි.

බෝසතුන්ගේ පුත්‍රයා ද මහා සිරුර ඇත්තේ විය. කටුස්සා නම් එපමණ ම විය. ගෝධ පුත් කටුස්සා වැළඳ ගනිමි යි අතරතුර ඇඟ වැතිරේමය. කටුස්සාට පර්වතයක් වැතිරෙන්නාක් මෙන් දැනේ. ඌ පීඩාවට පත්ව මෙසේ සිතී. මේ තලගොයා මේ අයුරින් මා ඇඟ වැතිරුණහොත් මගේ ජීවිත නැත. එක් වැද්දකු සමග යහළුව මේ තලගොයි රංචුව වනසා දමන්නෙමි යි එක් දවසක් නියං වැසි වට කල්හි තුඹසින් මෙරු නැංගාහ. තලගොයි ඒ ඒ තැනින් නික්ම මෙරුන් කෑහ. එක් තලගොයි වැද්දෙක් තලගොයි ගුහාව බඳිනා පිණිස උදැල්ලක් ගෙන වනයට පිවිසියේය. කටුස්සා ඔහු දැක අද මම මගේ මනදොළ පුරවා ගනිමි යි ඔහු වෙත එළැඹ බිම වැතිර පින්වත් පුරුෂය, වනයෙහි හැසිරෙන්නේ මක් නිසාදැ යි ඇසීය. තලගොයින් සඳහායැ යි කීය. මම සියගණන් ගෝධයින් සිටිනා බිලක් දනිමි. ගිනි ද පිදුරු ද ගෙන එව යි ඔහු ලවා ගෙන්වා ගෙන වැද්දා තලගොයි නිවාසයට පමුණුවා මෙතනින් පිදුරු දමා ගිනි දල්වා හාත්පස බල්ලන් තබවා තමා මහා මුගුරක් ගෙන නික්මෙන සෑම තලගොයෙක් ම තලා මරා එක්රැස් කැරව යි කියා අද මම මගේ සතුරා පිටු දකිමි යි එක් තැනක හිස ඔසවා වැතිර සිටියේය. වැද්දා ද පිදුරු දුම් දුන්නේය. දුම බිල තුළට වන් කල්හි දුමින් අඳ වූ තලගොයි මරණ බයෙන් තැතිගෙන නික්මී පලායන්ට පටන් ගත්හ. වැද්දා නික්මුණු නික්මුණු එකා ගසා මරා දැමූහ. ඔහුගෙන් මිදුණු තලගොයි බල්ලෝ ඩැහැගත්හ. ගෝධයින්ට මහත් විනාශයක් විය.

බොධිසත‍්තො “කකණ‍්ටකං නිස‍්සාය භයං උප‍්පන‍්න”න‍්ති ඤත්‍වා “පාපපුරිසසංසග‍්ගො නාම න කත‍්තබ‍්බො, පාපෙ නිස‍්සාය හිතසුඛං නාම නත්‍ථි, එකස‍්ස පාපකකණ‍්ටකස‍්ස වසෙන එත‍්තකානං ගොධානං විනාසො ජාතො”ති වාතබිලෙන පලායන‍්තො ඉමං ගාථමාහ –

බෝසත්හු මේ මහා විනාශය කටුස්සා නිසා උපන් බව දැන පවිටු පුද්ගලයන් හා මිත්‍රබව නො කළ යුතුය. පවිටුන් නිසා සැපයක් නම් නැත. එක පවිටු කටුස්සකු නිසා මේසා විනාශයක් වූයේයැ යි වාත බිලයෙන් නික්මී පලායමින් මේ ගාථාව කීහ.

“න පාපජනසංසෙවී, අච‍්චන‍්තසුඛමෙධති; ගොධාකුලං කකණ‍්ටාව, කලිං පාපෙති අත‍්තාන”න‍්ති.

“න පාපජන සංසෙවී අච්චන්තසුඛමෙධති, ගොධාකුලං කකණ්ටාව කලිං පාපෙති අත්තානන්ති”

“පාප ජනයන් සෙවුනා පුද්ගලයා ඒකාන්තයෙන් සුව නොලබයි. කටුස්සා තලගොයි සමූහයා නෑසුවක් මෙන් තමාද එක් වූවන්ද විනාශය පමුණුවයි.”

තත්‍රායං සඞ‍්ඛෙපත්‍ථො – පාපජනසංසෙවී පුග‍්ගලො අච‍්චන‍්තසුඛං එකන‍්තසුඛං නිරන‍්තරසුඛං නාම න එධති න වින්‍දති න පටිලභති. යථා කිං? ගොධාකුලං කකණ‍්ටාව. යථා කකණ‍්ටකතො ගොධාකුලං සුඛං න ලභති, එවං පාපජනසංසෙවී පුග‍්ගලො සුඛං න ලභති. පාපජනං පන සෙවන‍්තො එකන‍්තෙනෙව කලිං පාපෙති අත‍්තානං, කලි වුච‍්චති විනාසො, එකන‍්තෙනෙව පාපසෙවී අත‍්තානඤ‍්ච අඤ‍්ඤෙ ච අත‍්තනා සද‍්ධිං වසන‍්තෙ විනාසං පාපෙති. පාළියං පන “ඵලං පාපෙය්‍යා”ති ලිඛන‍්ති. තං බ්‍යඤ‍්ජනං අට‍්ඨකථායං නත්‍ථි, අත්‍ථොපිස‍්ස න යුජ‍්ජති. තස‍්මා යථාවුත‍්තමෙව ගහෙතබ‍්බං.

මේ මෙහි ලුහුඬු අර්ථයයි. “පාප ජනසංසෙවී”, පවිටු ජනය ඇසුරු කරන පුද්ගලයා, “අච්චන්තසුඛං”, ඒකාන්ත සැපය නිරතුරු සැපය නම්, “න එධති”, නො ලබයි. කෙසේ ද යත්, “ගොධාකුලං කකණ්ටාව”, යම් සේ තලගොයි සමූහය කටුස්සාගෙන් සැප නො ලැබුවේ ද, එමෙන් පවිටු ජනයන් සේවනය කරන්නා ඒකාන්තයෙන් “කලිං පාපෙති අත්තානණ්ති”, මෙහි “කලි” නම් විනාශයයි. පාප සේවී පුද්ගලයා තමා ද අන්‍යයා ද තමා සමග ම විනාශයට පමුණුවයි. පාළියෙහි වනාහි “ඵලංපාපෙතීති” යනුවෙන් ද ලියයි. ඒ ව්‍යඤ්ජනය අටුවාවෙහි නැත. අර්ථය ද මෙතැනට නො ගැළපේ. එම නිසා කියන ලද අයුරින් ම ගත යුතුයි.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා කකණ‍්ටකො දෙවදත‍්තො අහොසි, බොධිසත‍්තස‍්ස පුත‍්තො අනොවාදකො ගොධාපිල‍්ලකො විපක‍්ඛසෙවී භික‍්ඛු, ගොධාරාජා පන අහමෙව අහොසි”න‍්ති.

බුදු රජහු මෙම දහම් දෙසුම ගෙනහැර දක්වා ජාතකය නිම කළහ. එදා කටුස්සා නම් දෙව්දත් විය. බෝධි සත්ත්ව පුත්‍රයා ප්‍රතිපක්‍ෂයේ වු භික්‍ෂුව විය. ගෝධ රාජයා මම ම වීමි.

ගොධාජාතකවණ‍්ණනා පඨමා.