2. සිඞ්ගාලජාතකවණ්ණනා 142 අට්ඨකථා
2. සිඞ්ගාලජාතකවණ්ණනා (142)
2. සිඟාල ජාතකය (142)
එතඤ්හි තෙ දුරාජානන්ති ඉදං සත්ථා වෙළුවනෙ විහරන්තො දෙවදත්තස්ස වධාය පරිසක්කනං ආරබ්භ කථෙසි. ධම්මසභායඤ්හි භික්ඛූනං කථං සුත්වා සත්ථා “න, භික්ඛවෙ, දෙවදත්තො ඉදානෙව මය්හං වධාය පරිසක්කති, පුබ්බෙපි පරිසක්කියෙව, න ච මං මාරෙතුං අසක්ඛි, සයමෙව පන කිලන්තො”ති වත්වා අතීතං ආහරි.
“එතං හි තෙ දුරාජානන්ති” යන මේ ජාතකය බුදු රජහු වේළුවන වෙහෙරෙහි වසන සේක්, දෙව්දත් බුදු රජුන් නැසීමට ගත් උත්සාහය අරබයා දේශනා කළහ. දම් සභාවෙහි භික්ෂූන්ගේ කථාව අසා මහණෙනි, දෙව්දත් මා නැසීමට තැත් කළේ දැන් පමණක් නො වේ. පෙරත් මා නසනු පිණිස තැත් කළේ මැයි. එහෙත් මා නැසීමට නො හැකි විය. තෙමේ ම පීඩාවට පැමිණියේ යි වදාරා අතීත කථාව වදාළහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො සිඞ්ගාලයොනියං නිබ්බත්තිත්වා සිඞ්ගාලරාජා හුත්වා සිඞ්ගාලගණපරිවුතො සුසානවනෙ විහාසි. තෙන සමයෙන රාජගහෙ උස්සවො අහොසි, යෙභුය්යෙන මනුස්සා සුරං පිවන්ති, සුරාඡණොයෙව කිරෙසො. අථෙත්ථ සම්බහුලා ධුත්තා බහුං සුරඤ්ච මංසඤ්ච ආහරාපෙත්වා මණ්ඩිතපසාධිතා ගායිත්වා ගායිත්වා සුරඤ්ච පිවන්ති, මංසඤ්ච ඛාදන්ති. තෙසං පඨමයාමාවසානෙ මංසං ඛීයි, සුරා පන බහුකාව. අථෙකො ධුත්තො “මංසඛණ්ඩං දෙහී”ති ආහ. “මංසං ඛීණ”න්ති ච වුත්තෙ “මයි ඨිතෙ මංසක්ඛයො නාම නත්ථී”ති වත්වා “ආමකසුසානෙ මතමනුස්සමංසං ඛාදනත්ථාය ආගතෙ සිඞ්ගාලෙ මාරෙත්වා මංසං ආහරිස්සාමී”ති මුග්ගරං ගහෙත්වා නිද්ධමනමග්ගෙන නගරා නික්ඛමිත්වා සුසානං ගන්ත්වා මුග්ගරං ගහෙත්වා මතකො විය උත්තානො නිපජ්ජි. තස්මිං ඛණෙ බොධිසත්තො සිඞ්ගාලගණපරිවුතො තත්ථ ගතො තං දිස්වා “නායං මතකො”ති ඤත්වාපි “සුට්ඨුතරං උපපරික්ඛිස්සාමී”ති තස්ස අධොවාතෙන ගන්ත්වා සරීරගන්ධං ඝායිත්වා තථතොවස්ස අමතකභාවං ඤත්වා “ලජ්ජාපෙත්වා නං උය්යොජෙස්සාමී”ති ගන්ත්වා මුග්ගරකොටියං ඩංසිත්වා ආකඩ්ඪි, ධුත්තො මුග්ගරං න විස්සජි, උපසඞ්කමන්තම්පි න ඔලොකෙන්තො නං ගාළ්හතරං අග්ගහෙසි. බොධිසත්තො පටික්කමිත්වා “භො පුරිස, සචෙ ත්වං මතකො භවෙය්‍යාසි, න මයි මුග්ගරං ආකඩ්ඪන්තෙ ගාළ්හතරං ගණ්හෙය්යාසි, ඉමිනා කාරණෙන තව මතකභාවො වා අමතකභාවො වා දුජ්ජානො”ති වත්වා ඉමං ගාථමාහ –
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු සිවල් යෝනියෙහි ඉපිද සිවල් රජෙක් වී සිවල් සමූහය පිරිවරාගෙන සොහොන් වනයෙහි වාසය කළහ. එකල්හි රජගහ නුවර උත්සවයක් විය. මේ උත්සවයේ දී මිනිස්සු බෙහෙවින් සුරා පානය කරත්. එය සුරා උත්සවය නම් විය. එකල එහි බොහෝ ධූර්ත (සලෙළු) ජනයා බොහෝ සුරා ද මස් ද ගෙන්වා සැදී පැහැදී ගී ගයමින් සුරා පානය කරත්. මස් ද කති. රාත්‍රියෙහි පළමු යම අවසානයෙහි මස් අවසන් විය. සුරා බොහෝ ඉතිරි විය. එහි දී එක් සලෙළුවෙක් මස් දෙව යි කී කල්හි මස් අවසන් බව කීහ. එවිට ධූර්තයා මා සිටින තාක් මස ක්ෂය වීමක් නම් නැතැ යි කියා අමු සොහොනට ගොස් මළ මිනී කෑමට පැමිණි සිවළුන් මරා මස් ගෙනෙමි යි මුගුරක් ගෙන දිය බැස යන මඟින් නුවරින් නික්ම සොහොනට ගොස් මළ අයකු මෙන් උඩුකුරු ව හොත්තේය. එකල්හි බෝසත්හු සිවල් රැළ පිරිවරාගෙන එහි ගියාහු. සලෙළුවා දැක මේ මළ මිනියක් නො වන බව දැක වඩාත් විමසමි යි යටි සුළඟින් ගොස් සිරුරෙහි ජීව ගඳ ඉව කොට එපමණකින් ම ඔහු නො මළ බව දැන ලජ්ජා කොට ඔහු පලවා හරිමි යි සිතා ළඟට ගොස් මුගුරු කෙළවර කටින් ඩැහැ ඇද්දාහ. ධූර්තයා මුගුර අත නො හැරියේය. ඔහු වඩ වඩාත් දැඩි කොට අල්ලාගත් බෝසත්හු පැත්තක පැන එම්බා පුරුෂය, ඉදින්, තා මැරුණෙහි නම් මා මුගුර අදිත් ම ඉතා දැඩි කොට අල්ලා නො ගත්තෙහිය. මේ කාරණයෙන් තා මළ නො මළ බව දැන ගැනීම පහසු වී යි කියා මේ ගාථාව කීහ.
“එතඤ්හි තෙ දුරාජානං, යං සෙසි මතසායිකං; යස්ස තෙ කඩ්ඪමානස්ස, හත්ථා දණ්ඩො න මුච්චතී”ති.
“එතං හි තෙ දුරාජානං යං සෙසි මතසායිකං, යස්ස තෙ කඩ්ඪමානස්ස හත්ථා දණ්ඩො න මුච්චතීති”
“යම් හෙයකින් මළ එකක්හු සේ හොත්තෙහි ද, මුගුර අදනා කල්හි අතින් නො මිදේ ද එයින් තා මළ නො මළ බව දැනීම දුෂ්කරය.”
තත්ථ එතඤ්හි තෙ දුරාජානන්ති එතං කාරණං තව දුවිඤ්ඤෙය්යං. යං සෙසි මතසායිකන්ති යෙන කාරණෙන ත්වං මතසායිකං සෙසි, මතකො විය හුත්වා සයසි. යස්ස තෙ කඩ්ඪමානස්සාති යස්ස තව දණ්ඩකොටියං ගහෙත්වා කඩ්ඪියමානස්ස හත්ථතො දණ්ඩො න මුච්චති, සො ත්වං තථතො මතකො නාම න හොසීති.
එහි, “එතං හි තෙ දුරාජානං”, තාගේ කාරණය දැනීමට අපහසු නො වේ. “යං සෙසි මතාසායිකං”, යම් කාරණයක් තා මෘතශ්යාවෙන් හෝනේ ද, මළ මිනියක සේ නිදන්නෙහි ද, “යස්ස තෙ කඩ්ඪමානස්ස”, තාගේ මුගුරු කෙළවරින් අදින කල්හි අතින් නො මිදේ ද එහෙයින් තා ඇත්ත වශයෙන් මළ මිනියක් නො වේ.
එවං වුත්තෙ සො ධුත්තො “අයං මම අමතකභාවං ජානාතී”ති උට්ඨාය දණ්ඩං ඛිපි, දණ්ඩො විරජ්ඣි. ධුත්තො “ගච්ඡ, විරද්ධො දානිසි මයා”ති ආහ. බොධිසත්තො නිවත්තිත්වා “භො පුරිස, මං විරජ්ඣන්තොපි ත්වං අට්ඨ මහානිරයෙ සොළස ච උස්සදනිරයෙ අවිරද්ධොයෙවා”ති වත්වා පක්කාමි. ධුත්තො කිඤ්චි අලභිත්වා සුසානා නික්ඛමිත්වා පරිඛායං න්හායිත්වා ආගතමග්ගෙනෙව නගරං පාවිසි.
මෙසේ කී කල්හි ඒ ධූර්තයා ඔහු මා නො මළ බව දනිතැ යි නැඟිට මුගුරින් දමා ගැසීය. එහෙත් මුගුර වැරදිණි. යව. පහර වැරදුනා යි කීය. එවිට බෝසත්හු නැවත බලා එම්බල පුරුෂය, මා වැරදුන හට අට මහා නිරය, සොළොස් කුඩා නිරය නම් නො වරදින්නේ යි ගියහ. ධූර්තයා කිසිවක් නො ලැබ සොහොනෙන් නික්ම කාණුවෙන් නහා ආ මඟින් ම නුවරට පිවිසියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා ධුත්තො දෙවදත්තො අහොසි, සිඞ්ගාලරාජා පන අහමෙව අහොසි”න්ති.
බුදු රජහු මේ දම් දෙසුම පවත්වා ජාතකය නිමා කළහ. එදා ධූර්තයා දෙව්දත් විය. සිවල් රජු මම ම වීමි.
සිඞ්ගාලජාතකවණ්ණනා දුතියා.