3. විරොචජාතකවණ‍්ණනා 143 අට‍්ඨකථා
3. විරොචජාතකවණ‍්ණනා (143)
3. විරෝචන ජාතකය (143)
ලසී ච තෙ නිප‍්ඵලිතාති ඉදං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො දෙවදත‍්තස‍්ස ගයාසීසෙ සුගතාලයස‍්ස දස‍්සිතභාවං ආරබ‍්භ කථෙසි. දෙවදත‍්තො හි පරිහීනජ‍්ඣානො ලාභසක‍්කාරපරිහීනො “අත්‍ථෙකො උපායො”ති චින‍්තෙත්‍වා සත්‍ථාරං පඤ‍්ච වත්‍ථූනි යාචිත්‍වා අලභමානො ද‍්වින‍්නං අග‍්ගසාවකානං සද‍්ධිවිහාරිකෙ අධුනා පබ‍්බජිතෙ ධම‍්මවිනයම‍්හි අකොවිදෙ පඤ‍්චසතෙ භික‍්ඛූ ගහෙත්‍වා ගයාසීසං ගන‍්ත්‍වා සඞ‍්ඝං භින්‍දිත්‍වා එකසීමායං ආවෙණිකං සඞ‍්ඝකම‍්මං අකාසි. සත්‍ථා තෙසං භික‍්ඛූනං ඤාණපරිපාකකාලං ඤත්‍වා ද‍්වෙ අග‍්ගසාවකෙ පෙසෙසි. තෙ දිස‍්වා දෙවදත‍්තො තුට‍්ඨමානසො රත‍්තිං ධම‍්මං දෙසයමානො “බුද‍්ධලීලං කරිස‍්සාමී”ති සුගතාලයං දස‍්සෙන‍්තො “විගතථිනමිද‍්ධො ඛො, ආවුසො සාරිපුත‍්ත, භික‍්ඛුසඞ‍්ඝො, පටිභාතු තං භික‍්ඛූනං ධම‍්මීකථා, පිට‍්ඨි මෙ ආගිලායති, තමහං ආයමිස‍්සාමී”ති වත්‍වා නිද‍්දං උපගතො . ද‍්වෙ අග‍්ගසාවකා තෙසං භික‍්ඛූනං ධම‍්මං දෙසෙත්‍වා මග‍්ගඵලෙහි පබොධෙත්‍වා සබ‍්බෙ ආදාය වෙළුවනමෙව පච‍්චාගමිංසු.
“ලසී ද තෙ නිප්ඵලිතාති” යන මේ ජාතක දේශනාව බුදුහු වේළුවනයෙහි වැඩ වසන සේක්, ගයා ශීසයෙ දී දෙව්දත්ගේ බුද්ධ ආකල්පය දැක්වීම අරබයා දෙසූහ. දෙව්දත් වනාහි ධ්‍යානයෙන් හා ලාභයෙන් හා ගරු බුහුමනින් පිරිහී ගියේ, තවත් උපායක් ඇතැ යි සිතා වරපස ඉල්ලා නො ලැබ දෙඅගසව් තෙරණුවන්ගේ අතවැසි නවක පැවිදි වූ ධර්ම විනය නො හසළ පන්සියක් භික්‍ෂූන් ගෙන ගයා සීසයට ගොස් බික්සඟන බිඳ එක සීමාවක් තුළ වෙන වෙන ම සංඝ කර්ම කළේය. බුදු රජහු, ඒ භික්‍ෂූන්ගේ නැණ නුවණ මුහුකුරා යන කාලය දැන දෙඅගසව් තෙරණුවන් එහි යැවූහ. දෙව්දත් ඔවුන් දැක සතුටු සිතින් රාත්‍රියෙහි දම් දෙසමින්, බුදු රජුන් අනුකරණය කැරෙමි යි බුද්ධාකල්පය පෙන්වමින් සැරියුත් තෙරණුවන් අමතා ඇවැත්නි, සාරිපුත්‍රය, මෙහි සිටින සඟ පිරිස සිත, කය අලස බැවින් දුරුය. ඔවුන්ට සුදුසු දැහැමි කථාවක් ඔබට වැටහේවා. මගේ පිට රිදෙයි. මම මදක් විඩා හරිමි යි කියා නින්දට ගියේය. දෙඅගසව්වෝ ඒ භික්‍ෂූනට දම් දෙසා මඟඵලයෙන් නැණවත් කොට ඒ සියල්ලන්ම රැගෙන වේළුවනයට ම පෙරළා පැමිණියහ.
කොකාලිකො විහාරං තුච‍්ඡං දිස‍්වා දෙවදත‍්තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “ආවුසො දෙවදත‍්ත, පරිසං තෙ භින්‍දිත්‍වා ද‍්වෙ අග‍්ගසාවකා විහාරං තුච‍්ඡං කත්‍වා ගතා, ත්‍වං පන නිද‍්දායසියෙවා”ති වත්‍වා උත‍්තරාසඞ‍්ගමස‍්ස අපනෙත්‍වා භිත‍්තියං පිට‍්ඨිකණ‍්ටකං ඵුසන‍්තො විය පණ‍්හියා නං හදයෙ පහරි. තාවදෙවස‍්ස මුඛතො ලොහිතං උග‍්ගඤ‍්ඡි. සො තතො පට‍්ඨාය ගිලානො අහොසි. සත්‍ථා ථෙරං පුච‍්ඡි “සාරිපුත‍්ත, තුම‍්හාකං ගතකාලෙ දෙවදත‍්තො කිං අකාසී”ති? භන‍්තෙ, දෙවදත‍්තො අම‍්හෙ දිස‍්වා “බුද‍්ධලීලං කරිස‍්සාමී”ති සුගතාලයං දස‍්සෙත්‍වා මහාවිනාසං පත‍්තොති. සත්‍ථා “න ඛො සාරිපුත‍්ත, දෙවදත‍්තො ඉදානෙව මම අනුකරොන‍්තො විනාසං පත‍්තො, පුබ‍්බෙපි පත‍්තොයෙවා”ති වත්‍වා ථෙරෙන යාචිතො අතීතං ආහරි.
මේ අතර කෝකාලික භික්‍ෂුව හිස් වෙහෙර දැක දෙව්දත් ළඟට ගොස් ඇවැත්නි දේවදත්තය, දෙඅගසව්වෝ පිරිස බිඳ විහාරය හිස් කොට පිරිස රැගෙන ගියාහුය. ඔබ තවමත් නිදන්නෙහිදැ යි කියා ඔහු සිවුර ඉවත් කොට බිත්තියට තබා පිටිකටුව ඇණ ගසන්නාක් මෙන් විලුඹින් ළයට පහරක් ගැසුවේය. එකෙණෙහි ම ඔහුගේ මුවින් ලේ වැතිරිණි. එතැන් පටන් ඔහු ගිලන් විය. බුදු රජහු සැරියුත් තෙරුන්ගෙන් ම විචාළහ. සාරිපුත්‍රය, තොප යන කළ දෙව්දත් හැසිරුණේ කෙසේ ද? ස්වාමීනි, දෙව්දත් මා දැක බුදු රජුන්ට අනුව ක්‍රියා කරන බව පෙන්වා මහත් විනාශයකට පැමිණියේය. සාරිපුත්‍රය, දෙව්දත් මා අනුකරණය කොට විනාශයට පැමිණියේ දැන් පමණක් නො වේ. පෙර ද පැමිණියේ යි වදාරා තෙරුන් විසින් අයදනා ලද්දාහු, ඉකුත් කථාව ගෙනහැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො කෙසරසීහො හුත්‍වා හිමවන‍්තප‍්පදෙසෙ කඤ‍්චනගුහායං වාසං කප‍්පෙසි. සො එකදිවසං කඤ‍්චනගුහාය නික‍්ඛමිත්‍වා විජම‍්භිත්‍වා චතුද‍්දිසං ඔලොකෙත්‍වා සීහනාදං නදිත්‍වා ගොචරාය පක‍්කන‍්තො මහාමහිංසං වධිත්‍වා වරමංසං ඛාදිත්‍වා එකං සරං ඔතරිත්‍වා මණිවණ‍්ණස‍්ස උදකස‍්ස කුච‍්ඡිං පූරෙත්‍වා ගුහං සන්‍ධාය පායාසි. අථෙකො සිඞ‍්ගාලො ගොචරප‍්පසුතො සහසාව සීහං දිස‍්වා පලායිතුං අසක‍්කොන‍්තො සීහස‍්ස පුරතො පාදෙසු පතිත්‍වා නිපජ‍්ජි. “කිං, ජම‍්බුකා”ති ච වුත‍්තෙ “අහං තෙ, සාමි, පාදෙ උපට‍්ඨාතුකාමො”ති ආහ. සීහො “සාධු එහි, මං උපට‍්ඨහ, වරමංසානි තං ඛාදාපෙස‍්සාමී”ති වත්‍වා සිඞ‍්ගාලං ආදාය කඤ‍්චනගුහං අගමාසි. සිඞ‍්ගාලො තතො පට‍්ඨාය සීහවිඝාසං ඛාදති. සො කතිපාහච‍්චයෙනෙව ථූලසරීරො අහොසි.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු කෝෂර සිංහ රාජයකු වී හිමවත් පෙදෙසෙහි රන් ගුහාවක වාසය කළහ. එක් දවසක් සිහ රජු ගුහාවෙන් නික්ම ඇඟමැලි හැර සිව් දිශාව බලා සිංහ නාද කොට ගොදුරු පිණිස යන්නහු, මහමීමෙකු මරා රසවත් මස අනුභව කොට එක් විලකට බැස මිණිවන් ජලයෙන් කුස පුරවා ගුහාව දෙස යමින් සිටියහ. එකල සිවලෙක් ගොදුරු පිණිස යන්නේ, හදිසියේ ම සිංහයා දැක පලායන්ට නො හැකි ව සිංහයා ඉදිරියේ පාමුල වැටී වැතිරී සිටියේය. කෙසේ ද සිවල යි සිංහයා කීය. ස්වාමීනි, මා ඔබට උවටැන් කරනු කැමැත්තෙමි. එවු. මැනවි. මට උවටැන් කැරව. තට මස් දෙන්නෙමි යි සිවලා ද ගෙන ගුහාවට ගියහ. එතැන් පටන් සිවලා සිංහයා ඉඳුල් කළ මස් කයි. ටික දිනකින් ම සිවලාගේ සිරුර මහත් විය.
අථ නං එකදිවසං ගුහාය නිපන‍්නකොව සීහො ආහ “ගච‍්ඡ ජම‍්බුක, පබ‍්බතසිඛරෙ ඨත්‍වා පබ‍්බතපාදෙ සඤ‍්චරන‍්තෙසු හත්‍ථිඅස‍්සමහිංසාදීසු යස‍්ස මංසං ඛාදිතුකාමොසි, තං ඔලොකෙත්‍වා ආගන‍්ත්‍වා ‘අසුකමංසං ඛාදිතුකාමොම‍්හී’ති වත්‍වා මං වන්‍දිත්‍වා ‘විරොච, සාමී’ති වදාහි, අහං තං වධිත්‍වා මධුරමංසං ඛාදිත්‍වා තුය‍්හම‍්පි දස‍්සාමී”ති. සිඞ‍්ගාලො පබ‍්බතසිඛරං අභිරුහිත්‍වා නානප‍්පකාරෙ මිගෙ ඔලොකෙත්‍වා යස‍්සෙව මංසං ඛාදිතුකාමො හොති, කඤ‍්චනගුහං පවිසිත්‍වා තමෙව සීහස‍්ස ආරොචෙත්‍වා පාදෙසු පතිත්‍වා “විරොච, සාමී”ති වදති. සීහො වෙගෙන පක‍්ඛන්‍දිත්‍වා සචෙපි මත‍්තවරවාරණො හොති, තත්‍ථෙව නං ජීවිතක‍්ඛයං පාපෙත්‍වා සයම‍්පි වරමංසං ඛාදති, සිඞ‍්ගාලස‍්සපි දෙති. සිඞ‍්ගාලො කුච‍්ඡිපූරං මංසං ඛාදිත්‍වා ගුහං පවිසිත්‍වා නිද‍්දායති. සො ගච‍්ඡන‍්තෙ ගච‍්ඡන‍්තෙ කාලෙ මානං වඩ‍්ඪෙසි “අහම‍්පි චතුප‍්පදොව, කිංකාරණා දිවසෙ දිවසෙ පරෙහි පොසියමානො විහරාමි, ඉතො පට‍්ඨාය අහම‍්පි හත්‍ථිආදයො හනිත්‍වා මංසං ඛාදිස‍්සාමි, සීහොපි මිගරාජා ‘විරොච, සාමී’ති වුත‍්තමෙව පදං නිස‍්සාය වරවාරණෙ වධෙති, අහම‍්පි සීහෙන ‘විරොච, ජම‍්බුකා’ති මං වදාපෙත්‍වා එකං වරවාරණං වධිත්‍වා මංසං ඛාදිස‍්සාමී”ති.
දිනක් ගුහාවේ වැතිරී සිටි සිංහයා මෙසේ කීය. සිවල, යව. මේ කඳු මුදුනෙහි හෝ කඳු පාමුල හැසිරෙන ඇත්, අස්, මී ආදී යමකුගේ මස් කනු කැමැත්තෙහි නම් ඌ බලා අවුත් අසවල් මස කනු කැමැති වෙමි යි කියා මා වැඳ ස්වාමීනි, බබලනු මැනවි යි කියව. මම ඌ මරා මස් අනුභව කොට තට ද දෙමියි. සිවලා කඳු ශිඛර පාදයෙහි හැසිර විවිධ සිවුපාවුන් බලා යමකුගේ මස් කනු කැමැත්තේ වේ ද රන් ගුහාවට ගොස් සිංහයාට ඌ හඳුන්වා පාමුල වැටී බබළනු මැනවැ ය කියති. සිංහයා ද වහා පැන ගොස් මහැතතු වුව ද එතැන දී ම ඔහු මරා ප්‍රණීත මාංශ අනුභව කොට සිවලාට ද දෙයි. හිවලා බඩපුරා මස් කා ගුහාවට පිවිස නිදයි. කල්යත් ම උගේ මානය වැඩිනි. මම ද සිව්පාවෙක් වෙමි. දිනපතා කුමක් නිසා මම අනුන් විසින් පෝෂණය කරනු ලබමින් වෙසෙම් ද? මෙතැන් පටන් මම ද ඇත් ආදීන් මරා මස් කමි යි සිංහයා රාජයා ද ස්වාමීනි, බබළනු මැනවැ යි කී කල්හි ඒ වචන බලයෙන් ඇතුන් මරයි. මම ද සිංහයා ලවා හිවලා, බබළනු මැනවැ යි කියවා ගෙන මතැතතු මරා මස් කමි යි සිතා,
සො සීහං උපසඞ‍්කමිත්‍වා එතදවොච “සාමි, මයා දීඝරත‍්තං තුම‍්හෙහි වධිතවරවාරණානං මංසං ඛාදිතං, අහම‍්පි එකං වරවාරණං මාරෙත්‍වා මංසං ඛාදිතුකාමො, තස‍්මා තුම‍්හෙහි නිපන‍්නට‍්ඨානෙ කඤ‍්චනගුහායං නිපජ‍්ජිස‍්සාමි, තුම‍්හෙ පබ‍්බතපාදෙ විචරන‍්තං වරවාරණං ඔලොකෙත්‍වා මම සන‍්තිකං ආගන‍්ත්‍වා ‘විරොච, ජම‍්බුකා’ති වදෙථ, එත‍්තකමත‍්තස‍්මිං මච‍්ඡෙරං මා කරිත්‍ථා”ති. අථ නං සීහො ආහ “න, ත්‍වං ජම‍්බුක, වාරණෙ වධිතුං සමත්‍ථෙ සීහකුලෙ උප‍්පන‍්නො, වාරණං වධිත්‍වා මංසං ඛාදනසමත්‍ථො සිඞ‍්ගාලො නාම ලොකෙ නත්‍ථි, මා තෙ එතං රුච‍්චි, මයා වධිතවරවාරණානඤ‍්ඤෙව මංසං ඛාදිත්‍වා වසා”ති. සො එවං වුත‍්තෙපි විරමිතුං න ඉච‍්ඡි, පුනප‍්පුනං යාචියෙව. සීහො තං වාරෙතුං අසක‍්කොන‍්තො සම‍්පටිච‍්ඡිත්‍වා “තෙන හි මම වසනට‍්ඨානං පවිසිත්‍වා නිපජ‍්ජා”ති ජම‍්බුකං කඤ‍්චනගුහායං නිපජ‍්ජාපෙත්‍වා සයං පබ‍්බතපාදෙ මත‍්තවරවාරණං ඔලොකෙත්‍වා ගුහාද‍්වාරං ගන‍්ත්‍වා “විරොච, ජම‍්බුකා”ති ආහ. සිඞ‍්ගාලො කඤ‍්චනගුහාය නික‍්ඛමිත්‍වා විජම‍්භිත්‍වා චතුද‍්දිසං ඔලොකෙත්‍වා තික‍්ඛත‍්තුං වස‍්සිත්‍වා “මත‍්තවරවාරණස‍්ස කුම‍්භෙ පතිස‍්සාමී”ති පක‍්ඛන්‍දිත්‍වා විරජ‍්ඣිත්‍වා පාදමූලෙ පති. වාරණො දක‍්ඛිණපාදං උක‍්ඛිපිත්‍වා තස‍්ස සීසං අක‍්කමි, සීසට‍්ඨීනි චුණ‍්ණවිචුණ‍්ණානි අහෙසුං. අථස‍්ස සරීරං වාරණො පාදෙන සඞ‍්ඝරිත්‍වා රාසිං කත්‍වා උපරි ලණ‍්ඩං පාතෙත්‍වා කොඤ‍්චනාදං නදන‍්තො අරඤ‍්ඤං පාවිසි.
සිංහයා වෙත ගොස් කීය. ස්වාමීනි, මම දිගු කලක් ඔබ විසින්මරන ලද ඇතුන්ගේ මස් කෑවෙමි. මම ඇතකු මරා මස් කනු කැමැත්තේ වෙමි. ගුහාවෙහි ඔබ හොත්නා තැන මම වැතිරී සිටිමි. ඔබ පර්වත පාදයෙහි හැසිරෙන ඇතකු බලා මා වෙත අවුත් සිවලානෙනි, බබළනු මැනවැ යි කියන්න. ඔබතුමා මෙපමණකට මසුරු නොවන්න. ඉක්බිති, සිංහයා සිවලාට, සිවල, ඇතුන් මැරීමට සමතුන් සිවල් කුලයෙහි උපන්නේ නැත. තෝ ද සිවල් කුලයෙහි උපන්නෙකි. ඇතුන් මරා මස් කෑමට සමත් සිවලෙකු ලෝකයේ ම නැත. එම නිසා තගේ අදහස අත් හරිනු. මා මරනා ඇතුන්ගේ මස් කා වසව යි සිංහයා මෙසේ කීව ද හිවලා එයින් මිදෙන්ට කැමැති නො වීය. නැවත නැවත ඉල්ලීය. සිංහයා ඔහු වැළැක්වීමට නො හැකි නිසා පිළිගෙන එසේ නම් යහළුව, මා වැතිර සිටි තැනට ගොස් වැතිරී සිටිනු යි සිවලා රන් ගුහාවෙහි හිඳුවා කඳුපාමුල ඇතකු බලා ගුහා දොරටුවට අවුත් සිවලාණෙනි, බබළනු මැනවැ යි කීය. හිවලා රන් ගුහාවෙන් නික්මී ඇඟමැලි ඇර සිව් දිශාව බලා තුන් වරක් නාද කොට මතැතකුගේ කුඹයට පනිමි යි පාමුල වැටුණේය. ඇතු දකුණු පය ඔසවා හිස තැලීය. හිසෙහි ඇටකටු සුණු විසුණු විය. ඉක්බිති, ඇතා හිවලාගේ ශරීර කොටස් පයින් එකතු කොට ඒ මත්තෙහි ඇත් බෙටි හෙළා කුඤ්ච නාද කැරෙමින් වනයට ගියේය.
බොධිසත‍්තො ඉමං පවත‍්තිං දිස‍්වා “ඉදානි විරොච, ජම‍්බුකා”ති වත්‍වා ඉමං ගාථමාහ –
බෝසත්හු මෙපුවත් දැක දැන් හිවල බබළනු මැනවැ යි කියා මේ ගාථාව කීහ.
“ලසී ච තෙ නිප්ඵලිතා, මත්‍ථකො ච පදාලිතො; සබ‍්බා තෙ ඵාසුකා භග‍්ගා, අජ‍්ජ ඛො ත්‍වං විරොචසී”ති.
“ලසී ච තෙ නිප්ඵලිතා මත්‍ථකො ච විදාළිකො, සබ්බාතෙ ඵාසුකා භග්ග අජ්ජ ඛො ත්‍වං විරෝචසීති”
“තාගේ හිස් මුල් ද පිටතට නික්මුණේය. හිස ද පලන ලද්දේය. සියලු ඉළ ඇට බිඳුණේය. අද තෝ බබළන්නෙහිය.”
තත්‍ථ ලසීති මත්‍ථලුඞ‍්ගං. නිප‍්ඵලිතාති නික‍්ඛන‍්තා. එවං බොධිසත‍්තො ඉමං ගාථං වත්‍වා යාවතායුකං ඨත්‍වා යථාකම‍්මං ගතො.
එහි, “ලසී”, හිස් මුල්ය. “තිප්ඵලිතා”, නික්මුණේය. බෝසත්හු මේ ගාථාව කියා දිවි ඇතිතාක් සිට කම් වූ පරිදි ගියේය.
සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා සිඞ‍්ගාලො දෙවදත‍්තො අහොසි, සීහො පන අහමෙව අහොසි”න‍්ති.
බුදුහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා ජාතකය නිමවූහ. [missing trans]
විරොචජාතකවණ‍්ණනා තතියා.