යෙදුමෙන් කියවන්න

4. නඞ‍්ගුට‍්ඨජාතකවණ‍්ණනා 144 අට‍්ඨකථා

4. නඞ‍්ගුට‍්ඨජාතකවණ‍්ණනා (144)

4. නඞ්ගුට්ඨ ජාතකය (144)

බහුම‍්පෙතං අසබ‍්භි ජාතවෙදාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ආජීවකානං මිච‍්ඡාතපං ආරබ‍්භ කථෙසි. තදා කිර ආජීවකා ජෙතවනපිට‍්ඨියං නානප‍්පකාරං මිච‍්ඡාතපං චරන‍්ති. සම‍්බහුලා භික‍්ඛූ තෙසං උක‍්කුටිකප‍්පධානවග‍්ගුලිවතකණ‍්ටකාපස‍්සයපඤ‍්චාතපතපනාදිභෙදං මිච‍්ඡාතපං දිස‍්වා භගවන‍්තං පුච‍්ඡිංසු “අත්‍ථි නු ඛො, භන‍්තෙ, ඉමං මිච‍්ඡාතපං නිස‍්සාය කුසලං වා වුඩ‍්ඪි වා”ති. සත්‍ථා “න, භික‍්ඛවෙ, එවරූපං මිච‍්ඡාතපං නිස‍්සාය කුසලං වා වුඩ‍්ඪි වා අත්‍ථි, පුබ‍්බෙ පණ‍්ඩිතා ‘එවරූපං තපං නිස‍්සාය කුසලං වා වුඩ‍්ඪි වා භවිස‍්සතී’ති සඤ‍්ඤාය ජාතග‍්ගිං ගහෙත්‍වා අරඤ‍්ඤං පවිසිත්‍වා අග‍්ගිජුහනාදිවසෙන කිඤ‍්චි වුඩ‍්ඪිං අපස‍්සන‍්තා අග‍්ගිං උදකෙන නිබ‍්බාපෙත්‍වා කසිණපරිකම‍්මං කත්‍වා අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙත්‍වා බ්‍රහ‍්මලොකපරායණා අහෙසු”න‍්ති වත්‍වා අතීතං ආහරි.

“බහුම්පෙතං අසබ්භිජාතවෙදාති” යන මේ ජාතක දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, මිසදිටු තපස් ක්‍රම අරබයා දෙසූහ. එකල ආජීවකයෝ දෙව්රම පිටුපස විවිධාකාර මිසදිටු තපස්හි හැසිරෙත්. භික්‍ෂූහු ඔවුන්ගේ උක්කුටිකයෙන් සිටීම නැමැති තපස, වවුල් ව්‍රතය, කටු යහනෙහි හෙවීම, ගිනි පසකින් සිරුර තැවීම ආදී නානාප්‍රකාර මිසදිටු තපස් ක්‍රම දැක බුදු රජුන්ගෙන් විමසූහ. ස්වාමීනි, මේ තපස් ක්‍රම නිසා මොවුන්ට වැඩීමක් ඇත්තේ ද? මහණෙනි, මිථ්‍යා තපස් නිසා කුසලයක් හෝ වැඩීමක් නො වන්නේය. පෙර නුවණැත්තෝ මේ තපස් නිසා කුසල් වැඩීමක් ඇතැ යි සිතා උපන් දින ගිනි රැගෙන වනයට ගොස් ගිනි පිදීම් ආදියෙන් කිසි ම වැඩීමක් නො දැක ගින්න ජලයෙන් නිවා කිසුණු පිරියම් කොට අභිඤ්ඤා හා අට සමවත් උපදවා බඹලොව ගියාහුයැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො උදිච‍්චබ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්ති. තස‍්ස ජාතදිවසෙ මාතාපිතරො ජාතග‍්ගිං ගහෙත්‍වා ඨපෙසුං. අථ නං සොළසවස‍්සකාලෙ එතදවොචුං “මයං තෙ, පුත‍්ත, ජාතදිවසෙ අග‍්ගිං ගණ‍්හිම‍්හ. සචෙසි අගාරං අජ‍්ඣාවසිතුකාමො, තයො වෙදෙ උග‍්ගණ‍්හ. අථ බ්‍රහ‍්මලොකං ගන‍්තුකාමො, අග‍්ගිං ගහෙත්‍වා අරඤ‍්ඤං පවිසිත්‍වා අග‍්ගිං පරිචරන‍්තො මහාබ්‍රහ‍්මානං ආරාධෙත්‍වා බ්‍රහ‍්මලොකපරායණො හොහී”ති. සො “න මය‍්හං අගාරෙන අත්‍ථො”ති අග‍්ගිං ගහෙත්‍වා අරඤ‍්ඤං පවිසිත්‍වා අස‍්සමපදං මාපෙත්‍වා අග‍්ගිං පරිචරන‍්තො අරඤ‍්ඤෙ විහාසි. සො එකදිවසං පච‍්චන‍්තගාමකෙ ගොදක‍්ඛිණං ලභිත්‍වා තං ගොණං අස‍්සමපදං නෙත්‍වා චින‍්තෙසි “අග‍්ගිභගවන‍්තං ගොමංසං ඛාදාපෙස‍්සාමී”ති. අථස‍්ස එතදහොසි “ඉධ ලොණං නත්‍ථි, අග‍්ගිභගවා අලොණං ඛාදිතුං න සක‍්ඛිස‍්සති, ගාමතො ලොණං ආහරිත්‍වා අග‍්ගිභගවන‍්තං සලොණකං ඛාදාපෙස‍්සාමී”ති. සො තං තත්‍ථෙව බන්‍ධිත්‍වා ලොණත්‍ථාය ගාමකං අගමාසි. තස‍්මිං ගතෙ සම‍්බහුලා ලුද‍්දකා තං ඨානං ආගතා. ගොණං දිස‍්වා වධිත්‍වා මංසං පචිත්‍වා ඛාදිත්‍වා නඞ‍්ගුට‍්ඨඤ‍්ච ජඞ‍්ඝඤ‍්ච චම‍්මඤ‍්ච තත්‍ථෙව ඡඩ‍්ඩෙත්‍වා අවසෙසමංසං ආදාය අගමංසු.

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු උසස් බමුණු කුලයෙහි උපන්හ. ඔහුගේ මව්පියෝ ඔහු උපන් දිනයෙහි ගිනි දල්වා තැබූහ. ඔහු සොළොස් වස් කල මෙසේ කීහ. පුත, මේ ඔබ උපන් දිනයෙහි ගින්නයි. ඉදින්, ඔබ ගිහි ගෙයි වසනු කැමැත්තේ නම් ත්‍රිවේදය උගෙන ගනුව. බඹ ලොව යනු කැමැති නම් මේ ගින්න රැගෙන වනයට ගොස් ගින්න පුදමින් මහබඹුන් සිත් ගෙන බඹ ලොවට සුදුස්සෙක් වෙව යි කීහ. කුමරා, මට ගිහි ගෙයින් කම් නැතැ යි උපන් දින ගින්න ගෙන මහා වනයට පිවිස අසපුවක් තනා ගෙන ගිනි පුදමින් වනයෙහි විසී. ඔහු දිනක් පසල් ගමකින් දාන වශයෙන් ගවයකු ලැබ අසපුවට ගෙන ගොස් මෙසේ සිතී. ගිනි දෙවියන්ට ගව මස් කවමි යි සිතත් ම මෙහි ලුණු නැත. ලුණු නැති මස් ගිනි දෙවියාට නම් බුදිනු නො හැක්කේය. එම නිසා ගම් පියසට ගොස් ලුණු ගෙනවුත් ලුණු සහිත මස් ගිනි දෙවියන්ට පුදමි යි ගවයා එතැන ම බැඳ තබා ලුණු පිණිස ගමට ගියේය. ඒ අතර වැදි රංචුවක් එතැනට පැමිණ ගවයා දැක ඌ මරා මස් පිස අනුභව කොට නගුට, කෙන්ඩා, හම පමණක් ඉතිරි කොට ඉතිරි සියලු මස් රැගෙන ගියහ.

බ්‍රාහ‍්මණො ආගන‍්ත්‍වා නඞ‍්ගුට‍්ඨාදිමත‍්තමෙව දිස‍්වා චින‍්තෙසි “අයං අග‍්ගිභගවා අත‍්තනො සන‍්තකම‍්පි රක‍්ඛිතුං න සක‍්කොති, මං පන කදා රක‍්ඛිස‍්සති. ඉමිනා අග‍්ගිපරිචරණෙන නිරත්‍ථකෙන භවිතබ‍්බං, නත්‍ථි ඉතොනිදානං කුසලං වා වුඩ‍්ඪි වා”ති. සො අග‍්ගිපරිචරියාය විගතච‍්ඡන්‍දො “හම‍්භො අග‍්ගිභගවා, ත්‍වං අත‍්තනොපි සන‍්තකං රක‍්ඛිතුං අසක‍්කොන‍්තො මං කදා රක‍්ඛිස‍්සසි, මංසං නත්‍ථි, එත‍්තකෙනපි තුස‍්සාහී”ති නඞ‍්ගුට‍්ඨාදීනි අග‍්ගිම‍්හි පක‍්ඛිපන‍්තො ඉමං ගාථමාහ –

බමුණා අවුත් නගුට ආදිය පමණක් ඉතිරි ව තිබෙනු දැක මෙසේ සිතී. මේ ගිනි දෙවියා තමාට අයිති දේ පවා රැකීමට අසමත්ය. ඒ දෙවියා කෙසේ නම් මා රකී ද? මේ ගිනි පිදුම නිශ්ඵලය. මෙයින් කුසලයක් හෝ වැඩීමක් නො වන්නේය. ඔහු ගිනි දෙවි පිදීමේ අදහස අතහැර එම්බා දෙවියනි, ඔබ තමා සතු දෙය පවා රැකීමට අසමත්ය. කෙසේ නම් මා රකින්නේ ද? මාංශ නැත. මෙපමණකින් සතුටු වව යි නගුට ආදිය ගින්නෙහි දමමින් මේ ගාථාව කීහ.

“බහුම‍්පෙතං අසබ‍්භි ජාතවෙද, යං තං වාලධිනාභිපූජයාම; මංසාරහස‍්ස නත්‍ථජ‍්ජ මංසං, නඞ‍්ගුට‍්ඨම‍්පි භවං පටිග‍්ගහාතූ”ති.

“බහුම්පෙතං අසබ්භි, ජාතවෙද, යං තං වාලධිනාභිපූජයාමි, මංසාරහස්ස නත්‍ථජ්ජ මාසං නඞ්ගුට්ඨම්පි භවං පටිග්ගහාතුති”

“අසත් පුරුෂ වූ ගිනි දෙවියනි, තමා සතු දේ රැකීමට නො හැකි ඔබට නගුට ද වැඩිය. නගුටෙන් ගිනි දෙවි පුදමු. මාංශානුභවයට සුදුසු තට අද මස් නැත. නගුට පමණක් පිළිගනු.”

තත්‍ථ බහුම‍්පෙතන‍්ති එත‍්තකම‍්පි බහුං. අසබ‍්භීති අසප‍්පුරිස අසාධුජාතික. ජාතවෙදාති අග‍්ගිං ආලපති. අග‍්ගි හි ජාතමත‍්තොව වෙදියති පඤ‍්ඤායති පාකටො හොති, තස‍්මා “ජාතවෙදො”ති වුච‍්චති. යං තං වාලධිනාභිපූජයාමාති යං අජ‍්ජ මයං අත‍්තනොපි සන‍්තකං රක‍්ඛිතුං අසමත්‍ථං භගවන‍්තං වාලධිනා අභිපූජයාම, එතම‍්පි තව බහුමෙවාති දස‍්සෙති. මංසාරහස‍්සාති මංසං අරහස‍්ස තුය‍්හං නත්‍ථි අජ‍්ජ මංසං. නඞ‍්ගුට‍්ඨම‍්පි භවං පටිග‍්ගහාතූති අත‍්තනො සන‍්තකං රක‍්ඛිතුං අසක‍්කොන‍්තො භවං ඉමං සජඞ‍්ඝචම‍්මං නඞ‍්ගුට‍්ඨම‍්පි පටිග‍්ගණ‍්හාතූති.

එහි, “බහුම්පෙතං”, මෙපමණක් ද වැඩිය. “අසබ්හි”, අසත් පුරුෂය, යහපත් නැත්ත, “ජාතවෙද”, මෙයින් ගින්නට අමතයි. ගින්න උපන් කෙණෙහි ම පෙනේනු යි, ප්‍රකට වේනු යි “ජාතවෙද”, යි කියයි. “යං තං වාලධිනාභිපූජයාමි”, අපි අද, තමා සතු දෙය පවා රැකීමට අසමත් දෙවියන් වලිගයෙන් පුදමු. එයත් ඔබට වැඩි දෙයකි. “මංසාරහස්ස”, මස් අනුභවයට සුදුසු ඔබට අද මස් නැත. “නඞ්ගුට්ඨම්පි භවං පටිග්ගහාතුති”, තමා සතු දේ රැකීමට අසමත් පින්වත් දෙවියා කුර සහිත කෙණ්ඩා, සම හා වලිගය පිළිගනිත්වා.

එවං වත්‍වා මහාසත‍්තො අග‍්ගිං උදකෙන නිබ‍්බාපෙත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙත්‍වා බ්‍රහ‍්මලොකපරායණො අහොසි.

මෙසේ බෝසත්හු ගින්න ජලයෙන් නිවා සෘෂි පැවිද්දෙහි පැවිදි ව අභිඤ්ඤා සමාපත්ති උපදවා බඹ ලොව උපන්නේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “නිබ‍්බුතග‍්ගිතාපසො අහමෙව තෙන සමයෙනා”ති.

බුදුහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා ජාතකය නිම කළහ. ගිනි නිවි තවුසාණෝ මම ම වීමි.

නඞ‍්ගුට‍්ඨජාතකවණ‍්ණනා චතුත්‍ථා.