5. රාධජාතකවණ‍්ණනා 145 අට‍්ඨකථා
5. රාධජාතකවණ‍්ණනා (145)
5. රාධ ජාතකය (145)
න ත්‍වං රාධ විජානාසීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො පුරාණදුතියිකාපලොභනං ආරබ‍්භ කථෙසි. පච‍්චුප‍්පන‍්නවත්‍ථු ඉන්‍ද්‍රියජාතකෙ ආවි භවිස‍්සති. සත්‍ථා පන තං භික‍්ඛුං ආමන‍්තෙත්‍වා “භික‍්ඛු මාතුගාමො නාම අරක‍්ඛියො, ආරක‍්ඛං ඨපෙත්‍වා රක‍්ඛන‍්තාපි රක‍්ඛිතුං න සක‍්කොන‍්ති. ත්‍වම‍්පි පුබ‍්බෙ එතං ආරක‍්ඛං ඨපෙත්‍වා රක‍්ඛන‍්තොපි රක‍්ඛිතුං නාසක‍්ඛි, ඉදානි කථං රක‍්ඛිස‍්සසී”ති වත්‍වා අතීතං ආහරි.
“න ත්‍වං රාධ, විජානාසිති” යන මේ ජාතක දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙර වසන කල්හි, ගිහිකල භාර්යාවගේ පෙළඹවීමක් අරබයා දෙසූහ. මෙහි වත්මන් කථාව ඉන්‍ද්‍රිය ජාතකයෙහි එන්නේය. බුදු රජහු එම භික්‍ෂුව අමතා මහණ, මාගමුන් නො රැකිය හැකිය. ඔබ පෙර මාගමක ආරක්‍ෂකයන් තබා රැක්මට තැත් කළ ද නො හැකි විය. දැන් කෙසේ නම් රකින්නෙහි ද? වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො සුකයොනියං නිබ‍්බත‍්ති. කාසිරට‍්ඨෙ එකො බ්‍රාහ‍්මණො බොධිසත‍්තඤ‍්ච කනිට‍්ඨභාතරඤ‍්චස‍්ස පුත‍්තට‍්ඨානෙ ඨපෙත්‍වා පොසෙසි. තෙසු බොධිසත‍්තස‍්ස “පොට‍්ඨපාදො”ති නාමං අහොසි, ඉතරස‍්ස “රාධො”ති. තස‍්ස පන බ්‍රාහ‍්මණස‍්ස භරියා අනාචාරා හොති දුස‍්සීලා. සො වොහාරත්‍ථාය ගච‍්ඡන‍්තො උභොපි භාතරො ආහ – “තාතා, සචෙ වො මාතා බ්‍රාහ‍්මණී අනාචාරං ආචරති, වාරෙය්‍යාථ න”න‍්ති. බොධිසත‍්තො ආහ “සාධු, තාත, වාරෙතුං සක‍්කොන‍්තා වාරෙය්‍යාම, අසක‍්කොන‍්තා තුණ‍්හී භවිස‍්සාමා”ති. එවං බ්‍රාහ‍්මණො බ්‍රාහ‍්මණිං සුකානං නිය්‍යාදෙත්‍වා වොහාරත්‍ථාය ගතො.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු ගිරා යෝනියෙහි පිළිසිඳ ගත්හ. එක්තරා බමුණෙක් බෝසතුන් ද කනිටු සොහොයුරා ද පුත්‍ර ස්ථානයෙහි තබා ඇතිදැඩි කළේය. බෝසතුන්ගේ නම පොට්ඨපාද නම් විය. කනිටු සොහොයුරු රාධ නම් විය. බමුණුගේ බිරිය ආචාරශීලී නො වූවාය. බමුණා වෙළෙඳාම පිණිස යන්නේ, දෙසොහොයුරන් අමතා දරුවනි, තොපගේ මව් බැමිණිය අනාචාරයෙහි හැසිරෙන්නී නම් ඇය එයින් වළක්වනු. එවිට බෝසත්හු පියාණෙනි, මැනවි. ඉදින්, හැකිනම් වළක්වමි. නො හැකි නම් නිශ්ශබ්ද වෙමි. මෙසේ බමුණා බැමිණිය ගිරවුන්ට පවරා දී වෙළඳාම පිණිස ගියේය.
තස‍්ස පන ගතදිවසතො පට‍්ඨාය බ්‍රාහ‍්මණී අතිචරිතුං ආරද‍්ධා, පවිසන‍්තානඤ‍්ච නික‍්ඛමන‍්තානඤ‍්ච අන‍්තො නත්‍ථි, තස‍්සා කිරියං දිස‍්වා රාධො බොධිසත‍්තං ආහ – “භාතික, අම‍්හාකං පිතා ‘සචෙ වො මාතා අනාචාරං ආචරති, වාරෙය්‍යාථා’ති වත්‍වා ගතො, ඉදානි චෙසා අනාචාරං ආචරති, වාරෙම න”න‍්ති. බොධිසත‍්තො “තාත, ත්‍වං අත‍්තනො අබ්‍යත‍්තතාය බාලභාවෙන එවං වදෙසි, මාතුගාමං නාම උක‍්ඛිපිත්‍වා චරන‍්තාපි රක‍්ඛිතුං න සක‍්කොන‍්ති. යං කම‍්මං කාතුං න සක‍්කා, න තං කාතුං වට‍්ටතී”ති වත්‍වා ඉමං ගාථමාහ –
ඔහු ගිය තැන් පටන් බැමිණිය පිළිසාචාරයෙහි හැසිරීමට පටන් ගත්තීය. ගෙට ඇතුළුවන්නන්ගේත් පිටවන්නන්ගේත් කෙළවරක් නො වීය. ඇගේ ක්‍රියා පිළිවෙල දුටු රාධ බෝසතුන්ට සොහොයුර, අප පියා, ඉදින් තොප මව අශීලාචාර වන්නී නම් වළක්වන ලෙස කියා ගියේ නො වේ ද? දැන් ඇය නො සිරිතෙහි යෙදෙයි. ඇය ඉන්වළක්වමු. එවිට බෝසත්, සොහොයුර, ඔබ අවියත් බව නිසාත් මුහුකුරා නො ගිය නිසාත් මෙසේ කියන්නෙහිය. මාගමුන් වනාහි කරතබා හැසුරුණා ද රැකියා නො හැක්කේ මය. මේ ක්‍රියාවක් නො කළ හැකි නම් එය කරන්ට නො වටනේයැ යි කියා මේ ගාථාව කීහ.
“න ත්‍වං රාධ විජානාසි, අඩ්ඪරත්තෙ අනාගතෙ; අබ්‍යයතං විලපසි, විරත‍්තා කොසියායනෙ”ති.
“න ත්‍වං රාධ, විජානාසි අඩ්ඪරත්තෙ අනාගතෙ, අව්‍යායනං විලපසි විරත්තා කොසියායනෙති”
“රාධය, මධ්‍යම රාත්‍රිය එන්ට පෙර ම කොතෙක් පුරුෂයෝ පැමිණියාහුදැ යි නො දන්නෙහිය. ඔබ අරුත් නැති වචන කියන්නෙහිය. බැමිණිය බමුණා කෙරෙහි නො අමණාය.”
තත්‍ථ න ත්‍වං රාධ විජානාසි, අඩ‍්ඪරත‍්තෙ අනාගතෙති තාත රාධ, ත්‍වං න ජානාසි, අඩ‍්ඪරත‍්තෙ අනාගතෙ පඨමයාමෙයෙව එත‍්තකා ජනා ආගතා, ඉදානි කො ජානාති, කිත‍්තකාපි ආගමිස‍්සන‍්ති. අබ්‍යයතං විලපසීති ත්‍වං අබ්‍යත‍්තවිලාපං විලපසි. විරත්තා කොසියායනෙති මාතා නො කොසියායනී බ්‍රාහ‍්මණී විරත‍්තා අම‍්හාකං පිතරි නිප‍්පෙමා ජාතා. සචස‍්සා තස‍්මිං සිනෙහො වා පෙමං වා භවෙය්‍ය, න එවරූපං අනාචාරං කරෙය්‍යාති ඉමමත්‍ථං එතෙහි බ්‍යඤ‍්ජනෙහි පකාසෙසි.
එහි, “විරත්තා කොසියායනෙති”, අපගේ මව වූ කොසියායනී බැමිණිය අප පියට නො ඇළුණීය. ආදරයක් නැත. ඉදින්, ඇයට පියා කෙරෙහි ආදරයක් - ආලයක් ඇත්තී නම් මෙසේ අනාචාරයෙහි නො හැසිරෙන්නීය. මේ වචනවලින් මේ අදහස ප්‍රකාශ කළේය.
එවං පකාසෙත්‍වා ච පන බ්‍රාහ‍්මණියා සද‍්ධිං රාධස‍්ස වත‍්තුං න අදාසි. සාපි යාව බ්‍රාහ‍්මණස‍්ස අනාගමනා යථාරුචියා විචරි. බ්‍රාහ‍්මණො ආගන‍්ත්‍වා පොට‍්ඨපාදං පුච‍්ඡි – “තාත, කීදිසී වො මාතා”ති. බොධිසත‍්තො බ්‍රාහ‍්මණස‍්ස සබ‍්බං යථාභූතං කථෙත්‍වා “කිං තෙ, තාත, එවරූපාය දුස‍්සීලායා”ති වත්‍වා “තාත, අම‍්හෙහි මාතුයා දොසස‍්ස කථිතකාලතො පට‍්ඨාය න සක‍්කා ඉධ වසිතු”න‍්ති බ්‍රාහ‍්මණස‍්ස පාදෙ වන්‍දිත්‍වා සද‍්ධිං රාධෙන උප‍්පතිත්‍වා අරඤ‍්ඤං අගමාසි.
මෙසේ ප්‍රකාශකොට රාධට බැමිණිය සමග කීමට අවකාශ නුදුන්නේය. ඒ බැමිණිය ද බමුණා නො එන තුරු සිත් පරිදි හැසිරුණීය. බමුණා අවුත් දරුව, මවගේ හැසිරීම කෙසේ වීදැ යි පොට්ඨපාදගෙන් විමසීය. බෝසත්හු සියලු පුවත් කියා පියාණෙනි, මෙබඳු දුසිල් ස්ත්‍රියක් කුමටදැ යි කියා පියාණනි, අප මවගේ දොස් කී තැන් පටන් මෙහි විසීමට නො හැකිය. බමුණාගේ පා වැඳ රාධ සමග ඉගිලී වනයට ම ගියේය.
සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙසි, සච‍්චපරියොසානෙ උක‍්කණ‍්ඨිතභික‍්ඛු සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. “තදා බ්‍රාහ‍්මණො ච බ්‍රාහ‍්මණී ච එතෙයෙව ද‍්වෙ ජනා අහෙසුං, රාධො ආනන්‍දො, පොට‍්ඨපාදො පන අහමෙව අහොසි”න‍්ති.
බුදු රජහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා සිව්සස් වදාළහ. කලකිරුණු භික්‍ෂුව සෝවාන් විය. එදා බමුණා හා බැමිණිය මේ දෙදෙනා ම වූහ. රාධ ආනන්ද තෙරණුවෝ වූහ. පොට්ඨපාද මම ම වීමි.
රාධජාතකවණ‍්ණනා පඤ‍්චමා.