6. සමුද්දකාකජාතකවණ්ණනා 146 අට්ඨකථා
6. සමුද්දකාකජාතකවණ්ණනා (146)
6. කාක ජාතකය (146)
අපි නු හනුකා සන්තාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො සම්බහුලෙ මහල්ලකෙ භික්ඛූ ආරබ්භ කථෙසි. තෙ කිර ගිහිකාලෙ සාවත්ථියං කුටුම්බිකා අඩ්ඪා මහද්ධනා අඤ්ඤමඤ්ඤසහායකා එකතො හුත්වා පුඤ්ඤානි කරොන්තා සත්ථු ධම්මදෙසනං සුත්වා “මයං මහල්ලකා, කිං නො ඝරාවාසෙන, සත්ථු සන්තිකෙ රමණීයෙ බුද්ධසාසනෙ පබ්බජිත්වා දුක්ඛස්සන්තං කරිස්සාමා”ති සබ්බං සාපතෙය්යං පුත්තධීතාදීනං දත්වා අස්සුමුඛං ඤාතිසඞ්ඝං පහාය සත්ථාරං පබ්බජ්ජං යාචිත්වා පබ්බජිංසු. පබ්බජිත්වා පන පබ්බජ්ජානුරූපං සමණධම්මං න කරිංසු, මහල්ලකභාවෙන ධම්මම්පි න පරියාපුණිංසු, ගිහිකාලෙ විය පබ්බජිතකාලෙපි විහාරපරියන්තෙ පණ්ණසාලං කාරෙත්වා එකතොව වසිංසු. පිණ්ඩාය චරන්තාපි අඤ්ඤත්ථ අගන්ත්වා යෙභුය්යෙන අත්තනො පුත්තදාරස්සෙව ගෙහං ගන්ත්වා භුඤ්ජිංසු. තෙසු එකස්ස පුරාණදුතියිකා සබ්බෙසම්පි මහල්ලකත්ථෙරානං උපකාරා අහොසි, තස්මා සෙසාපි අත්තනා ලද්ධං ආහාරං ගහෙත්වා තස්සායෙව ගෙහෙ නිසීදිත්වා භුඤ්ජන්ති. සාපි තෙසං යථාසන්නිහිතං සූපබ්යඤ්ජනං දෙති. සා අඤ්ඤතරෙන රොගෙන ඵුට්ඨා කාලමකාසි. අථ තෙ මහල්ලකත්ථෙරා විහාරං ගන්ත්වා අඤ්ඤමඤ්ඤං ගීවාසු ගහෙත්වා “මධුරහත්ථරසා උපාසිකා කාලකතා”ති විහාරපච්චන්තෙ රොදන්තා විචරිංසු. තෙසං සද්දං සුත්වා ඉතො චිතො ච භික්ඛූ සන්නිපතිත්වා “ආවුසො, කස්මා රොදථා”ති පුච්ඡිංසු. තෙ “අම්හාකං සහායස්ස පුරාණදුතියිකා මධුරහත්ථරසා කාලකතා අම්හාකං අතිවිය උපකාරා, ‘ඉදානි කුතො තථාරූපිං ලභිස්සාමා’ති ඉමිනා කාරණෙන රොදිම්හා”ති ආහංසු.
“අපි නු හනුකා සන්තා” යන මේ ජාතක දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, මහළු තෙරුන් සමූහයක් අරබයා දෙසූහ. ඔවුහු ගිහිකල සැවැත් නුවර මහත් සම්පත් ඇති ඔවුනොවුන් යහළු වූ කෙළඹි පුත්‍රයෝය. ඔවුහු එකතුව පින් කරන්නාහු, බුදු රජුගෙන් දහම් අසා මහළු වූ අපට ගිහි ගෙයින් කවර වැඩක්දැ යි පරම සත්‍යය වූ සසුනෙහි පැවිදි වී දුක් කෙළවර කරමු යි සිතා සියලු ධනය දූ පුතුන්ට දී හඬා වැටෙන ඤාතීන් අත්හැර පැවිදි වූහ. පැවිදි වුව ද පැවිද්දට අනුරූපව මහණ දම් නො පිරූහ. මහළු වී පැවිදි වූ හෙයින් ධර්මය ද නො හැදෑරූහ. ගිහි කල මෙන් පැවිදි කල ද විහාරය කෙළවර සෙනසුනක් කැරවා එක තැන ම විසූහ. පිඬු පිණිස හැසිරෙන්නාහු, වෙනත් තැනකට නො ගොස් බෙහෙවින් තමාගේ අඹු දරුවන්ගේ ගෙට ගොස් වැළඳූහ. එයින් එක් මහළු භික්ෂුවකගේ ගිහි කල භාර්යාවක් සියලු මහළු තෙරුන්ට ම උපකාර වූවාය. එම නිසා සෙස්සෝ ද තමා ලද අහර ඇගේ ගෙදර ම හිඳ වැළඳූහ. ඇය ද ඔවුන්ට ඇය විසින් පිළියෙල කරන ලද සූපව්‍යඤ්ජන දෙන්නීය. ඇය හටගත් රෝගයකින් කළුරිය කළාය. ඉක්බිති, ඒ මහළු තෙරවරු ඔවුනොවුන්ගේ ගෙළ බදාගෙන මිහිරි රස ඇති උපාසිකාව මළා යි විහාරය කෙළවර හඬමින් හැසිරුණාය. හඬන ශබ්දය අසා භික්ෂූන් එහෙන් මෙහෙන් රැස්ව ඇවැත්නි, කුමක් නිසා හඬන්නාහුදැ යි විමසූහ. අප යහළු භික්ෂුවකගේ මිහිරි අතිරස ඇති ගිහි කල භාර්යාව කළුරිය කළාය. අපට මහත් සේ උපකාර කළාය. දැන් එවැනි අයෙක් කෙසේ ලබන්නේදැ යි, මේ කරුණ නිසා හඬන්නෙමු යි කීහ.
තෙසං තං විප්පකාරං දිස්වා භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං “ආවුසො, ඉමිනා නාම කාරණෙන මහල්ලකත්ථෙරා අඤ්ඤමඤ්ඤං ගීවාසු ගහෙත්වා විහාරපච්චන්තෙ රොදන්තා විචරන්තී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙවෙතෙ තස්සා කාලකිරියාය රොදන්තා විචරන්ති, පුබ්බෙපෙතෙ ඉමං කාකයොනියං නිබ්බත්තිත්වා සමුද්දෙ මතං නිස්සාය ‘සමුද්දඋදකං උස්සිඤ්චිත්වා එතං නීහරිස්සාමා’ති වායමන්තා පණ්ඩිතෙ නිස්සාය ජීවිතං ලභිංසූ”ති වත්වා අතීතං ආහරි.
මොවුන්ගේ මේ නුසුදුසු ක්‍රියාව දැක භික්ෂූහු දම් සභාවේ දී මෙ පුවත මතු කළහ. ඇවැත්නි, ඒ මහළු තෙරවරු මෙසේ හැසිරෙති යි කථා ඉපදුවෝය. බුදුහු දම් සභාවට වැඩම කොට මහණෙනි, දැන් කවර කථාවකින් හුන්නාහුදැ යි විචාරා මෙවන් කථාවකින් හුන්නෙමු යි කී කල්හි, මහණෙනි, ඒ භික්ෂූහු ඇගේ මරණය නිසා හැඬුවෝ, දැන් පමණක් නො වේ. මහණෙනි, පෙර ද මොවුහු කාක යෝනියෙහි ඉපිද මුහුදේ දී මළ මැය නිසා මුහුදෙහි ජලය හිස්කොට මැය ගොඩගනිමු යි උත්සාහ කළාහු, පණ්ඩිතයන් අසා ජීවිතය ලැබුවාහු යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො සමුද්දදෙවතා හුත්වා නිබ්බත්ති. අථෙකො කාකො අත්තනො භරියං කාකිං ආදාය ගොචරං පරියෙසමානො සමුද්දතීරං අගමාසි . තස්මිං කාලෙ මනුස්සා සමුද්දතීරෙ ඛීරපායාසමච්ඡමංසසුරාදීහි නාගබලිකම්මං කත්වා පක්කමිංසු. අථ සො කාකො බලිකම්මට්ඨානං ගන්ත්වා ඛීරාදීනි දිස්වා සද්ධිං කාකියා ඛීරපායාසමච්ඡමංසාදීනි භුඤ්ජිත්වා බහුං සුරං පිවි. තෙ උභොපි සුරාමදමත්තා “සමුද්දකීළං කීළිස්සාමා”ති වෙලන්තෙ නිසීදිත්වා න්හායිතුං ආරභිංසු අථෙකා ඌමි ආගන්ත්වා කාකිං ගහෙත්වා සමුද්දං පවෙසෙසි. තමෙකො මච්ඡො මංසං ඛාදිත්වා අජ්ඣොහරි. කාකො “භරියා මෙ මතා”ති රොදි පරිදෙවි. අථස්ස පරිදෙවනසද්දං සුත්වා බහූ කාකා සන්නිපතිත්වා “කිංකාරණා රොදසී”ති පුච්ඡිංසු. “සහායිකා වො වෙලන්තෙ න්හායමානා ඌමියා හටා”ති. තෙ සබ්බෙපි එකරවං රවන්තා රොදිංසු. අථ නෙසං එතදහොසි “ඉදං සමුද්දඋදකං නාම අම්හාකං කිං පහොසි, උදකං උස්සිඤ්චිත්වා සමුද්දං තුච්ඡං කත්වා සහායිකං නීහරිස්සාමා”ති. තෙ මුඛං පූරෙත්වා පූරෙත්වා උදකං බහි ඡඩ්ඩෙන්ති, ලොණූදකෙන ච ගලෙ සුස්සමානෙ උට්ඨායුට්ඨාය ථලං ගන්ත්වා විස්සමන්ති.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු මුහුදු දෙවියෙක් වී උපන්හ. එකල කවුඩෙක් තම බිරිය වූ කැවිඩිය රැගෙන ගොදුරු සොයමින් මුහුද තෙරට ගියේය. එදවස මිනිස්සු මුහුදු තෙර කිරිබත්, මස් මාංශ, සුරා ආදියෙන් නාගයන් සඳහා බිලි පූජාකොට ගියාහුය. කවුඩා බිලිපූජා ස්ථානයට ගොස් කිරිබත්, මස් මාංශාදිය අනුභව කොට සුරා ද බීවේය. ඒ දෙදෙනාම සුරාවෙන් මත්ව මුහුදු කෙළි කෙළනා පිණිස මුහුදු වෙරළ කෙළවර සිට නහන්ට පටන් ගත්හ. ඒ සමග ම මහත් මුහුදු රැළක් අවුත් කවුඩු දෙන රැගෙන මුහුදට ගියේය. එවිට ම එක මසෙක් කවුඩු දෙන ගිල දැම්මේය. කවුඩා තම බිරිය මළා යි හැඬුවේය. කවුඩාගේ හැඬීම් අසා බොහෝ කවුඩෝ එතැනට රැස්වූහ. හැඬීමට කරුණු විමසූහ. ඔබගේ යෙහෙළිය නාමින් සිටිය දී රැළට අසුවී මුහුදට ගියා යි කීය. එවිට ඒ හැමදෙන ම මහහඬින් කෑගසන්ට වූහ. පසු ව ඔහු සැම එකතුව මේ මුහුද අපට එතරම් දෙයක් නො වේ. මුහුද ඉස හිස් කොට යෙහෙළිය ලබාගනිමු. එක එකා මුහුදු වතුරින් මුව පුරවා ගොඩ හෙලූහ. ලුණු දියෙන් ගෙළ තෙමෙත්ම උගුර වියලෙන කල්හි ගොඩට අවුත් ගිමන් හරිත්.
තෙ හනූසු කිලන්තෙසු මුඛෙසු සුක්ඛන්තෙසු අක්ඛීසු රත්තෙසු දීනා කිලන්තා හුත්වා අඤ්ඤමඤ්ඤං ආමන්තෙත්වා “අම්භො, මයං සමුද්දඋදකං ගහෙත්වා බහි පාතෙම, ගහිතගහිතට්ඨානං පුන උදකෙන පූරති, සමුද්දං තුච්ඡං කාතුං න සක්ඛිස්සාමා”ති වත්වා ඉමං ගාථමාහංසු –
මෙසේ හකු සහ මුව වියලෙන කල්හි, ඇස් රතු වූ කල්හි, ගිලන් බවට පත්ව ඔවුනොවුන් අමතා පින්වත්නි, අපි මුහුදෙන් දිය ගෙන ගොඩ හෙළමු. ගත් ගත් තැන් ජලයෙන් පිරෙයි. මුහුද හිස් කරන්ට බැරිය කියා මේ ගාථාව කීහ.
“අපි නු හනුකා සන්තා, මුඛඤ්ච පරිසුස්සති; ඔරමාම න පාරෙම, පූරතෙව මහොදධී”ති.
“අපිනූ හනුකා සන්තා මුඛඤ්ච පරිසුස්සති, ඔරමාම න පාරෙම පූරතේව මහොදධීති”
“අපගේ හකු විඩාවට පත් විය. මුඛය ද වියැළෙන්නේය. මුහුද හිස් කරන්ට තැත් කරමු. එහෙත් කළ නො හැකිය. මුහුද පිරේ මය.”
තත්ථ අපි නු හනුකා සන්තාති අපි නො හනුකා සන්තා, අපි අම්හාකං හනුකා කිලන්තා. ඔරමාම න පාරෙමාති මයං අත්තනො බලෙන මහාසමුද්දඋදකං ආකඩ්ඪාම ඔසාරෙම, තුච්ඡං පන නං කාතුං න සක්කොම. අයඤ්හි පූරතෙව මහොදධීති.
එහි, “අපිනූ හනුකා සන්තා”, අපගේ හකු විඩාවට පත්විය. “ඔරමාම න පාරෙම”, අපි තම තමන්ගේ බලයෙන් මුහුද දිය ගොඩලීමු. එහෙත් හිස් කරන්ට නො හැකි වෙමු. “පුරතේව මහොදයි”, මේ මහමුහුද පිරෙයි.
එවඤ්ච පන වත්වා සබ්බෙපි තෙ කාකා “තස්සා කාකියා එවරූපං නාම තුණ්ඩං අහොසි, එවරූපානි වට්ටක්ඛීනි, එවරූපං ඡවිසණ්ඨානං, එවරූපො මධුරසද්දො. සා නො ඉමං චොරසමුද්දං නිස්සාය නට්ඨා”ති බහුං විප්පලපිංසු. තෙ එවං විප්පලපමානෙ සමුද්දදෙවතා භෙරවරූපං දස්සෙත්වා පලාපෙසි, එවං තෙසං සොත්ථි අහොසි.
මෙසේ කියා සියලු ම කවුඩෝ ඒ මළ කැවිඩියගේ රුව වණන්නෝ, ඇගේ තුඩ මෙසේ විය. වට ඇස් මෙබඳුය, හම මෙවැනිය, ඇගේ මිහිරි හඬ මෙසේය, මෙබඳු කැවිඩිය නො දැමුණු මුහුද නිසා නටුවාය යි කියමින් වැළපුණහ. මෙසේ කවුඩන් වැළපෙත් ම මුහුදු දෙවියා බියකරු රූ පෙන්වා ඔවුන් පලවා හැරියේය. ඒ නිසා ඔවුන්ට සෙතක් ම විය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා කාකී අයං පුරාණදුතියිකා අහොසි, කාකො මහල්ලකත්ථෙරො, සෙසකාකා සෙසමහල්ලකත්ථෙරා, සමුද්දදෙවතා පන අහමෙව අහොසි”න්ති.
බුදුහු මේ ජාතක දේශනාව ගෙනහැර දක්වා ජාතකය නිම කළහ. එදා කැවිඩිය පෙර බිරිය වූවාය. මුහුදු දෙවියා මම ම වීමි.
සමුද්දකාකජාතකවණ්ණනා ඡට්ඨා.