යෙදුමෙන් කියවන්න

7. පුප‍්ඵරත‍්තජාතකවණ‍්ණනා 147 අට‍්ඨකථා

7. පුප‍්ඵරත‍්තජාතකවණ‍්ණනා (147)

7. පුප්ඵරතන ජාතකය (147)

නයිදං දුක‍්ඛං අදුං දුක‍්ඛන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං උක‍්කණ‍්ඨිතභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. සො හි භගවතා “සච‍්චං කිර ත්‍වං භික‍්ඛු උක‍්කණ‍්ඨිතො”ති වුත‍්තෙ “සච‍්ච”න‍්ති වත්‍වා “කෙන උක‍්කණ‍්ඨාපිතොසී”ති ච පුට‍්ඨො “පුරාණදුතියිකායා”ති වත්‍වා “මධුරහත්‍ථරසා, භන‍්තෙ, සා ඉත්‍ථී, න සක‍්කොමි තං විනා වසිතු”න‍්ති ආහ. අථ නං සත්‍ථා “එසා තෙ භික‍්ඛු අනත්‍ථකාරිකා, පුබ‍්බෙපි ත්‍වං එතං නිස‍්සාය සූලෙ උත‍්තාසිතො එතඤ‍්ඤෙව පත්‍ථයමානො කාලං කත්‍වා නිරයෙ නිබ‍්බත‍්තො, ඉදානි නං කස‍්මා පුන පත්‍ථෙසී”ති වත්‍වා අතීතං ආහරි.

“නයිදං දුක්‍ඛං අදුං දුක්‍ඛං” යන මේ ජාතක දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන සේක්, කලකිරුණු භික්‍ෂුවක් අරබයා දෙසූහ. බුදු රජහු ඒ භික්‍ෂුව අමතා මහණ, ඔබ උකටලී වූයේ සත්‍යයදැ යි විමසූ කල්හි ස්වාමීනි, සත්‍යයයි. කුමක් නිසා උකටලී වූයේ ද? ස්වාමීනි, මගේ ගිහි කල භාර්යාව නිසා උකටලී වෙමි. ඇය මිහිරි අන්රස ඇත්තීය. ඇයගෙන් වෙන් ව සිටීමට මට නො හැක්කෙමි. මහණ, ඇය ඔබට හිතෛෂී නො වේ. පෙර ඔබ ඇය නිසා හුලෙහි තබන ලද්දේ ඇය නිසා ම වැළපෙමින් මැරී ගොස් අපායෙහි උපන්නේය. දැන් කුමක් නිසා ඇය පතන්නෙහිදැ යි වදාරා කිකුන් වත ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො ආකාසට‍්ඨදෙවතා අහොසි. අථ බාරාණසියං කත‍්තිකරත‍්තිවාරඡණො සම‍්පත‍්තො හොති, නගරං දෙවනගරං විය අලඞ‍්කරිංසු. සබ‍්බො ජනො ඛණකීළානිස‍්සිතො අහොසි. එකස‍්ස පන දුග‍්ගතමනුස‍්සස‍්ස එකමෙව ඝනසාටකයුගං අහොසි. සො තං සුධොතං ධොවාපෙත්‍වා ඔභඤ‍්ජාපෙත්‍වා සතවලිකං සහස‍්සවලිකං කාරෙත්‍වා ඨපෙසි. අථ නං භරියා එවමාහ “ඉච‍්ඡාමහං, සාමි, එකං කුසුම‍්භරත‍්තං නිවාසෙත්‍වා එකං පාරුපිත්‍වා තව කණ‍්ඨෙ ලග‍්ගා කත‍්තිකරත‍්තිවාරං චරිතු”න‍්ති. “භද‍්දෙ, කුතො අම‍්හාකං දලිද‍්දානං කුසුම‍්භං, සුද‍්ධවත්‍ථං නිවාසෙත්‍වා කීළාහී”ති? “කුසුම‍්භරත‍්තං අලභමානා ඡණකීළං න කීළිස‍්සාමි, ත්‍වං අඤ‍්ඤං ඉත්‍ථිං ගහෙත්‍වා කීළස‍්සූ”ති. “භද‍්දෙ, කිං මං පීළෙසි, කුතො අම‍්හාකං කුසුම‍්භ”න‍්ති? “සාමි, පුරිසස‍්ස ඉච‍්ඡාය සති කිං නාම නත්‍ථි, නනු රඤ‍්ඤො කුසුම‍්භවත්‍ථුස‍්මිං බහු කුසුම‍්භ”න‍්ති. “භද‍්දෙ , තං ඨානං රක‍්ඛසපරිග‍්ගහිතපොක‍්ඛරණිසදිසං, බලවාරක‍්ඛා, න සක‍්කා උපසඞ‍්කමිතුං, මා තෙ එතං රුච‍්චි, යථාලද‍්ධෙනෙව තුස‍්සස‍්සූ”ති. “සාමි, රත‍්තිභාගෙ අන්‍ධකාරෙ සති පුරිසස‍්ස අගමනීයට‍්ඨානං නාම නත්‍ථී”ති. ඉති සො තාය පුනප‍්පුනං කථෙන‍්තියා කිලෙසවසෙන තස‍්සා වචනං ගහෙත්‍වා “හොතු භද‍්දෙ, මා චින‍්තයිත්‍ථා”ති තං සමස‍්සාසෙත්‍වා රත‍්තිභාගෙ ජීවිතං පරිච‍්චජිත්‍වා නගරා නික‍්ඛමිත්‍වා රඤ‍්ඤො කුසුම‍්භවත්‍ථුං ගන‍්ත්‍වා වතිං මද‍්දිත්‍වා අන‍්තොවත්‍ථුං පාවිසි. ආරක‍්ඛමනුස‍්සා වතිසද‍්දං සුත්‍වා “චොරො චොරො”ති පරිවාරෙත්‍වා ගහෙත්‍වා පරිභාසිත්‍වා කොට‍්ටෙත්‍වා බන්‍ධිත්‍වා පභාතාය රත‍්තියා රඤ‍්ඤො දස‍්සෙසුං. රාජා “ගච‍්ඡථ, නං සූලෙ උත‍්තාසෙථා”ති ආහ. අථ නං පච‍්ඡාබාහං බන්‍ධිත්‍වා වජ‍්ඣභෙරියා වජ‍්ජමානාය නගරා නික‍්ඛමාපෙත්‍වා සූලෙ උත‍්තාසෙසුං. බලවවෙදනා පවත‍්තන‍්ති, කාකා සීසෙ නිලීයිත්‍වා කණයග‍්ගසදිසෙහි තුණ‍්හෙහි අක‍්ඛීනි විජ‍්ඣන‍්ති.

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු අහසෙහි වසන දෙවියෙක් වූහ. කැති නැකත් ලදී. ඉල්මස මැදි පෝදින රැයෙහි සැණකෙළිය පැමිණි කල්හි නගරය දෙව් පුරයක් මෙන් අලංකාර කළහ. සියලු ජනයෝ සැණකෙළියෙහි යෙදුණෝ වූහ. එක් දුගී මිනිසකුට එක ම රළු සළු යුවළක් විය. ඔහු එය මනාව සෝදා නමා සිය දහස් රැළි සිටින සේ කොට තැබීය. ඔහුගේ බිරිය, මම වණුක් මල් සුවද කැවූ වස්ත්‍රයක් හැඳ පොරවා ඔබගේ ගෙළ වැළඳගෙන නැකත්කෙළි කෙළිනු කැමැත්තෙමි. සොඳුර, අප වැනි දිළින්දන්ට වණුක් මල් කෙසේ ලබමු ද? පිරිසිදු වතක් හැඳ ක්‍රීඩා කැරව. වණුක් මල රැඳ වූ වස්ත්‍රයක් නො ලබන්නේ නම් සැණකෙළි නො පවත්වමි. ඔබ අන් ළඳක් ගෙන ක්‍රීඩා කැරව. සොඳුර, මා පෙළන්නේ මන් ද? අපට වණුක් මල් කොයින් ද? හිමියනි, පුරුෂයකුට කැමැත්ත තිබේ නම් නැති දෙයක් නැත. රජතුමාගේ වණුක් උයනෙහි බොහෝ වණුක් ඇත. සොඳුර, එම උයන යකුන් අරක් ගත් පොකුණක් මෙන් බලවත් ආරක්‍ෂාවලින් යුක්තය. එහි ඇතුළුවීමට ඇති තිගේ රුචිය දුරු වේවා. ලද දෙයින් සතුටු වීම මැනවි. හිමියනි, රාත්‍රී භාගයෙහි අඳුරෙහි පුරුෂයින්ට ගමන් නො කළ හැකි තැනක් නම් නැත. මෙසේ නැවත නැවත ඇවිටිලි කරන කල්හි කෙළෙස් ගති නිසා ඇයගේ වචනය පිළිගෙන සොඳුර, ඉවසන්න. ඉටු කරමි යි ඇය සනසා රාත්‍රියෙහි දිවි පරදුවට තබා නුවරින් නික්ම රජුගේ වණුක් උයනට ගොස් වැට බිඳ දමා උයන තුළට පිවිසියේය. පාලක පුරුෂයෝ වැට බිඳෙන හඬ අසා සොරකුයැ යි වටකොට ඔහු අල්ලාගෙන පරිභව කොට තලාපෙළා රාත්‍රිය පහ වූ කල රජුට දැක්වූහ. රජ මොහු ගෙනගොස් හුලෙහි හිඳවිය. රජ අණ නියම කළේය. ඉක්බිති, රාජ පුරුෂයෝ ඔහු පිටි අත්බැඳ වද බෙර වයද්දී ගෙන ගොස් හුලෙහි හිඳවූහ. ඔහුට බලවත් වේදනා ඇතිවිය. කවුඩෝ උල් වැනි තුඩින් ඇස් උපුටා දැමූහ.

සො තථාරූපම‍්පි දුක‍්ඛං අමනසිකරිත්‍වා තමෙව ඉත්‍ථිං අනුස‍්සරිත්‍වා “තාය නාමම‍්හි ඝනපුප‍්ඵරත‍්තවත්‍ථනිවත්‍ථාය කණ‍්ඨෙ ආසත‍්තබාහුයුගළාය සද‍්ධිං කත‍්තිකරත‍්තිවාරතො පරිහීනො”ති චින‍්තෙත්‍වා ඉමං ගාථමාහ –

ඔහු මෙබඳු මහා දුක මෙනෙහි නො කොට සිය බිරිය සිහි කොට මල් රැඳවූ වස්ත්‍ර ඇඳගෙන තම ගෙළෙහි රැඳවූ අත් යුවලෙන් යුතුව නැකත් කෙළ කෙළීම් වාරයෙන් පිරිහුණෙමි යි මේ ගාථාව කීය.

“නයිදං දුක‍්ඛං අදුං දුක‍්ඛං, යං මං තුදති වායසො; යං සාමා පුප‍්ඵරත‍්තෙන, කත‍්තිකං නානුභොස‍්සතී”ති.

“නයිදං දුක්‍ඛං අදුං දුක්‍ඛං යං මං තුදති වායසො, යං සාමා පුප්ඵරත්තෙන කත්තිකං නානුභොස්සතී”

“කවුඩා හුල සිටින මා විඳින යම් දුකක් ඇද්ද, ඒ මට දුකක් නො වේ. වණුක් මලින් රැඳවූ සාමා තොමෝ කැති නැකැත් කෙළිය නො විඳී ද එය ම මට දුක් වේ.”

තත්‍ථ නයිදං දුක‍්ඛං අදුං දුක‍්ඛං, යං මං තුදති වායසොති යඤ‍්ච ඉදං සූලෙ ලග‍්ගනපච‍්චයං කායිකචෙතසිකදුක‍්ඛං, යඤ‍්ච ලොහමයෙහි විය තුණ‍්ඩෙහි වායසො තුදති, ඉදං සබ‍්බම‍්පි මය‍්හං න දුක‍්ඛං, අදුං දුක‍්ඛං එතංයෙව පන මෙ දුක‍්ඛන‍්ති අත්‍ථො. කතරං? යං සාමා පුප‍්ඵරත‍්තෙන, කත‍්තිකං නානුභොස‍්සතීති, යං සා පියඞ‍්ගුසාමා මම භරියා එකං කුසුම‍්භරත‍්තං නිවාසෙත්‍වා එකං පාරුපිත්‍වා එවං ඝනපුප‍්ඵරත‍්තෙන වත්‍ථයුගෙන අච‍්ඡන‍්නා මම කණ‍්ඨෙ ගහෙත්‍වා කත‍්තිකරත‍්තිවාරං නානුභවිස‍්සති, ඉදං මය‍්හං දුක‍්ඛං, එතදෙව හි මං බාධතීති? සො එවං මාතුගාමං ආරබ‍්භ විප‍්පලපන‍්තොයෙව කාලං කත්‍වා නිරයෙ නිබ‍්බත‍්ති.

එහි, “නයිදං දුක්‍ඛං අදුං දුක්‍ඛං යං මං තුදති වායසො”, හුලෙහි ලැගීම නිසා යම් කායික වූ ද මානසික වූ ද යම් ලොහෝ හුල් වැනි තුඩින් සිදුරු කැරෙමින් පීඩා කරයි ද, ඒ සියල්ල මට දුක් නො වේ. මෙයම මට දුකයි. ඒ කුමක් ද යත්, “යං සාමා පුප්ඵරත්තෙන කත්තිකං නානුභොස්සති”, යම් ඒ ප්‍රිය සාමා නම් වූ මගේ බිරිය වණුක් මල් රැඳවූ එක් වතක් හැඳ එකක් පොරවා මෙසේ මල් සුවඳ කැවූ වස්ත්‍ර යුගළයෙන් මගේ ගෙළ අල්ලාගෙන කැති නැකැත් කෙළිය නො විඳී ද, එය මට පීඩාවකි. බාධකයකි.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා ජයම‍්පතිකාව ඉදානි ජයම‍්පතිකා, තං කාරණං පච‍්චක‍්ඛං කත්‍වා ඨිතා ආකාසට‍්ඨදෙවතා පන අහමෙව අහොසි”න‍්ති.

ඔහු මෙසේ ස්ත්‍රියක අරබයා නන්දොඩවද්දී ම කළුරිය කොට නිරයෙහි උපන්නේය. බුදුහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා ජාතකය නිමවූහ. එදින අඹුසැමි යුවළ නම් දැන් මේ යුවළ මැයි. මෙකරුණ සියැසින් දුටු අහස් වැසි දෙවියා මම ම වීමි.

පුප‍්ඵරත‍්තජාතකවණ‍්ණනා සත‍්තමා.