යෙදුමෙන් කියවන්න

8. සිඞ‍්ගාලජාතකවණ‍්ණනා 148 අට‍්ඨකථා

8. සිඞ‍්ගාලජාතකවණ‍්ණනා (148)

8. සිඟාල ජාතකය (148)

නාහං පුනං න ච පුනන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො කිලෙසනිග‍්ගහං ආරබ‍්භ කථෙසි. සාවත්‍ථියං කිර පඤ‍්චසතමත‍්තා සහායකා මහාවිභවා සෙට‍්ඨිපුත‍්තා සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා සාසනෙ උරං දත්‍වා පබ‍්බජිත්‍වා ජෙතවනෙ අන‍්තොකොටිසන්‍ථාරෙ විහරිංසු. අථෙකදිවසං තෙසං අඩ‍්ඪරත‍්තසමයෙ කිලෙසනිස‍්සිතො සඞ‍්කප‍්පො උප‍්පජ‍්ජි. තෙ උක‍්කණ‍්ඨිත්‍වා අත‍්තනා ජහිතකිලෙසෙ පුන ගණ‍්හිතුං චිත‍්තං උප‍්පාදයිංසු. අථ සත්‍ථා අඩ‍්ඪරත‍්තසමනන‍්තරෙ සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණදණ‍්ඩදීපකං උක‍්ඛිපිත්‍වා “කතරාය නු ඛො රතියා ජෙතවනෙ භික‍්ඛූ විහරන‍්තී”ති භික‍්ඛූනං අජ‍්ඣාසයං ඔලොකෙන‍්තො තෙසං භික‍්ඛූනං අබ‍්භන‍්තරෙ කාමරාගසඞ‍්කප‍්පස‍්ස උප‍්පන‍්නභාවං අඤ‍්ඤාසි. සත්‍ථා ච නාම එකපුත‍්තිකා ඉත්‍ථී අත‍්තනො පුත‍්තං විය, එකචක‍්ඛුකො පුරිසො චක‍්ඛුං විය අත‍්තනො සාවකෙ රක‍්ඛති. පුබ‍්බණ‍්හාදීසු යස‍්මිං යස‍්මිං සමයෙ තෙසං කිලෙසා උප‍්පජ‍්ජන‍්ති, තෙ තෙසං කිලෙසෙ තතො පරං වඩ‍්ඪිතුං අදත්‍වා තස‍්මිං තස‍්මිංයෙව සමයෙ නිග‍්ගණ‍්හාති. තෙනස‍්ස එතදහොසි “අයං චක‍්කවත‍්තිරඤ‍්ඤො අන‍්තොනගරෙයෙව චොරානං උප‍්පන‍්නකාලො විය වත‍්තති, ඉදානෙව තෙසං ධම‍්මදෙසනං කත්‍වා තෙ කිලෙසෙ නිග‍්ගණ‍්හිත්‍වා අරහත‍්තං දස‍්සාමී”ති. සො සුරභිගන්‍ධකුටිතො නික‍්ඛමිත්‍වා මධුරස‍්සරෙන “ආනන්‍දා”ති ආයස‍්මන‍්තං ධම‍්මභණ‍්ඩාගාරිකං ආනන්‍දත්‍ථෙරං ආමන‍්තෙසි. ථෙරො “කිං, භන‍්තෙ”ති ආගන‍්ත්‍වා වන්‍දිත්‍වා අට‍්ඨාසි. “ආනන්‍ද, යත‍්තකා භික‍්ඛූ අන‍්තොකොටිසන්‍ථාරෙ විහරන‍්ති, සබ‍්බෙව ගන්‍ධකුටිපරිවෙණෙ සන‍්නිපාතෙහී”ති. එවං කිරස‍්ස අහොසි “සචාහං තෙයෙව පඤ‍්චසතෙ භික‍්ඛූ පක‍්කොසාපෙස‍්සාමි. ‘සත්‍ථාරා නො අබ‍්භන‍්තරෙ කිලෙසානං උප‍්පන‍්නභාවො ඤාතො’ති සංවිග‍්ගමානසා ධම‍්මදෙසනං සම‍්පටිච‍්ඡිතුං න සක‍්ඛිස‍්සන‍්තී”ති. තස‍්මා “සබ‍්බෙ සන‍්නිපාතෙහී”ති ආහ. ථෙරො “සාධු, භන‍්තෙ”ති අවාපුරණං ආදාය පරිවෙණෙන පරිවෙණං ආහිණ‍්ඩිත්‍වා සබ‍්බෙ භික‍්ඛූ ගන්‍ධකුටිපරිවෙණෙ සන‍්නිපාතෙත්‍වා බුද‍්ධාසනං පඤ‍්ඤපෙසි.

“නාහං පුනං නච පුනන්ති” යන මේ ජාතක දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, කෙළෙස් සංසිඳීමත් අරබයා දෙසූහ. සැවැත් නුවර මහත් ධන සම්පත් ඇති ඔවුනොවුන් යහළු වූ පන්සියක් පමණ සිටු පුත්‍රයෝ බුදු දහම අසා සසුනට ලැදි ව පැවිදි ව දෙව්රම් වෙහෙර කෙළක් කහවණු අතිරූ බිම් පෙදෙස ඇතුළත වාසය කළහ. දිනක් ඔවුන්ට මධ්‍යම රාත්‍රියෙහි පමණ කෙළෙස් සිතුවිලි උපන්නේය. ඔවුහු කලකිරී තමන් විසින් අත්හළ කෙළෙස් නැවත දෙසීමට සිතූහ. බුදුහු ද එම වේලාවෙහි සර්වඥ ඥාන නමැති පහන් ටැඹ ඔසවා දෙව්රම් වෙහෙර තුළ භික්‍ෂූහු කවරකු ඇලී සිටිත්ද යි ඔවුන්ගේ අදහස් බලන්නාහු, එම භික්‍ෂුන් අතර කාමරාග සහගත සිතිවිලි උපන් බව දැන ගත්හ. බුදු රජහු වනාහි එක පුත්‍රයකු ඇති ස්ත්‍රිය ඒ පුත්‍රයා රකින්නාක් මෙන් ද එක් ඇසත් ඇති පුරුෂයකු ඇස රකින්නාක් මෙන් ද තම සව්වන් රකිත්. පෙරයම් ආදී යම් යම් වේලාවක ඔවුන්ට කෙළෙස් උපදී ද එම කෙළෙස් වැඩීමට ඉඩ නො දී ඒ ඒ වේලාවෙහි ම සංසිඳුවයි. බුදු රජුන්ට මෙබඳු සිතක් උපන. සක්විති රජුගේ නගරය ඇතුළත ම සොරුන් පැමිණි කැලක් විය. දැන් මම ඔවුන්ට දම් දෙසා කෙළෙස් නැති කොට රහත් බව දෙමි යි බුදුහු ගඳකිළියෙන් නික්ම මිහිරි ස්වරය විහිදුවා ධම්ම භාණ්ඩාගාරික අනඳ තෙරුන් ඇමතූහ. තෙරණුවෝ ද, කිම? ස්වාමීනි යි වහා අවුත් වැඳ සිටියහ. ආනන්ද, යම් පමණ භික්‍ෂූහු දෙව්රම් වෙහෙර භූමිය තුළ වෙසෙත් ද ඒ සියල්ලෝම ගඳකිළි හාත්පස රැස්කරවනු. අනඳ තෙරණුවන්ට මෙබඳු සිතක් පහළ විය. ඉදින්, මම ඒ භික්‍ෂූන් පන්සිය පමණක් රැස් කරන්නේ නම්, බුදු රජුන් විසින් අප සිත් කෙළෙස් වසඟ වූ බව දන්නා ලදැ යි සිත් තැවුලක් ඇතිවූයේ නම් ධර්මාවබෝධයට බාධාවක් වන්නේය. එම නිසා සියලු භික්‍ෂූන් රැස් කැරවන ලෙස වදාළිය යුතු යි, තෙරණුවෝ බුදු රජුන්ගේ වචනය පිළිගෙන කෙස්ස හෙවත් යතුර ගෙන කුටියෙන් කුටියට ගොස් සියලු භික්‍ෂූන් ගඳකිළි අංගනයට රැස්කැරවා බුද්ධාසනය පැනවූහ.

සත්‍ථා පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා උජුං කායං පණිධාය සිලාපථවියං පතිට‍්ඨහමානො සිනෙරු විය පඤ‍්ඤත‍්තෙ බුද‍්ධාසනෙ නිසීදි ආවෙළාවෙළා යමකයමකා ඡබ‍්බණ‍්ණඝනබුද‍්ධරස‍්මියො විස‍්සජ‍්ජෙන‍්තො. තාපි රස‍්මියො පාතිමත‍්තා ඡත‍්තමත‍්තා කූටාගාරකුච‍්ඡිමත‍්තා ඡිජ‍්ජිත්‍වා ඡිජ‍්ජිත්‍වා ගගනතලෙ විජ‍්ජුලතා විය සඤ‍්චරිංසු, අණ‍්ණවකුච‍්ඡිං ඛොභෙත්‍වා බාලසූරියුග‍්ගමනකාලො විය අහොසි. භික‍්ඛුසඞ‍්ඝොපි සත්‍ථාරං වන්‍දිත්‍වා ගරුචිත‍්තං පච‍්චුපට‍්ඨපෙත්‍වා රත‍්තකම‍්බලසාණියා පරික‍්ඛිපන‍්තො විය පරිවාරෙත්‍වා නිසීදි. සත්‍ථා බ්‍රහ‍්මස‍්සරං නිච‍්ඡාරෙන‍්තො භික‍්ඛූ ආමන‍්තෙත්‍වා “න, භික‍්ඛවෙ, භික‍්ඛුනා නාම කාමවිතක‍්කං බ්‍යාපාදවිතක‍්කං විහිංසාවිතක‍්කන‍්ති ඉමෙ තයො අකුසලවිතක‍්කෙ විතක‍්කෙතුං වට‍්ටති. අන‍්තො උප‍්පන‍්නකිලෙසො හි ‘පරිත‍්තකො’ති අවමඤ‍්ඤිතුං න වට‍්ටති, කිලෙසො නාම පච‍්චාමිත‍්තසදිසො. පච‍්චාමිත‍්තො ච ඛුද‍්දකො නාම නත්‍ථි, ඔකාසං ලභිත්‍වා විනාසමෙව පාපෙති, එවමෙව අප‍්පමත‍්තකොපි කිලෙසො උප‍්පජ‍්ජිත්‍වා වඩ‍්ඪිතුං ලභන‍්තො මහාවිනාසං පාපෙති. කිලෙසො නාමෙස හලාහලවිසූපමො උප‍්පාටිතච‍්ඡවිගණ‍්ඩසදිසො ආසීවිසපටිභාගො අසනිඅග‍්ගිසදිසො අල‍්ලීයිතුං න යුත‍්තො ආසඞ‍්කිතබ‍්බො. උප‍්පන‍්නුප‍්පන‍්නක‍්ඛණෙයෙව පටිසඞ‍්ඛානබලෙන භාවනාබලෙන යථා මුහුත‍්තම‍්පි හදයෙ අට‍්ඨත්‍වා පදුමිනිපත‍්තා උදකබින්‍දු විය විවට‍්ටති, එවං පජහිතබ‍්බො. පොරාණකපණ‍්ඩි තාපි අප‍්පමත‍්තකම‍්පි කිලෙසං ගරහිත්‍වා යථා පුන අබ‍්භන‍්තරෙ නුප‍්පජ‍්ජති, එවං නිග‍්ගණ‍්හිංසූ”ති වත්‍වා අතීතං ආහරි.

බුදු රජහු පළඟ බැඳ බුදු සිරුර සෘජුව තබා ගල් පොළොවෙහි පිහිටි මහමෙර මෙන් පනවන ලද බුද්ධාසනයෙහි අග්බඹරු වී යුගල ව සවණක් ගණ බුදු රැස් විහිදුවමින් වැඩ සිටියහ. ඒ බුදු රැස් ද අල්ලක් පමණව ද සතක් පමණව ද කුළු ගෙයක් පමණව ද සිඳි සිඳී අහසෙහි විදුලිය මෙන් හැසිරුණේය. අහස් කුස කළඹා උද්දස්ත්‍ර හිරු උදාවන කලක් මෙන් විය. භික්‍ෂු සංඝයා ද බුදු රජුන් වැඳ ගුරු සිත පෙරදැරි ය රන් කම්බල තිරයකින් වට කරන්නාක් මෙන් බුදුරජුන් පිරිවරා වැඩ සිටියහ. ඉක්බිති, බුදු රජහු බඹගොස් පතුරුවා භික්‍ෂූන් අමතා මහණෙනි, භික්‍ෂුව විසින් කාමුක සිතිවිලි, ද්වේෂ සිතිවිලි, හිංසා සිතිවිලි මේ තුන් අකුසල සිතිවිලි සිතන්ට නො වටී. සිතෙහි ඇතිවන කෙළෙස් සුළුයැ යි සිතන්ට නො වටී. කෙළෙස් වනාහි සතුරකු සමානය. සුළු වූ සතුරකු නැත. ඉඩක් ලැබුණු වහා ම විනාශයට පමුණුවයි. එමෙන් සුළු වූ ද ක්ලේශය වැඩෙන විට මහා විනාශයකට පමුණුවයි. මේ ක්ලේශයෝ මහා විෂක් බඳුය. ඉවත් කළ සිවිය හා ලොම් ඇති ගඩුවක් බඳුය. සර්පයකු හා සමානය. හෙණගින්නක් සමානය. ඇලෙන්ට නුසුදුසුය. සැක කටයුතුය. උපන් උපන් කෙණෙහි ම ප්‍රත්‍යවේක්‍ෂා බලයෙන් හා භාවනා බලයෙන් මොහොතක් හෝ සිතෙහි නො තබා නෙළුම් පතක දිය බිඳක් යම් සේ පෙරළී යයි ද එමෙන් අත්හැරිය යුතුය. පෙර පඬිවරු සුළු වූ ද ක්ලේශය පහත් කොට සලකා යම් සේ දුරලී ද, යම් අයුරකින් සිතෙහි නූපවද්ද, එමෙන් සංසිඳවූහ යි වදාරා ඉකුත් වත ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො සිඞ‍්ගාලයොනියං පටිසන්‍ධිං ගහෙත්‍වා අරඤ‍්ඤෙ නදීතීරෙ නිවාසං කප‍්පෙසි. අථෙකො ජරහත්‍ථී ගඞ‍්ගාතීරෙ කාලමකාසි. සිඞ‍්ගාලො ගොචරප‍්පසුතො තං මතහත්‍ථිසරීරං දිස‍්වා “මහා මෙ ගොචරො උප‍්පන‍්නො”ති ගන‍්ත්‍වා තං සොණ‍්ඩෙ ඩංසි, නඞ‍්ගලීසාය දට‍්ඨකාලො විය අහොසි. සො “නත්‍ථෙත්‍ථ ඛාදිතබ‍්බයුත‍්තක”න‍්ති දන‍්තෙසු ඩංසි, ථම‍්භෙ දට‍්ඨකාලො විය අහොසි. කණ‍්ණෙ ඩංසි, සුප‍්පකොටියං දට‍්ඨකාලො විය අහොසි. උදරෙ ඩංසි, කුසූලෙ දට‍්ඨකාලො විය අහොසි. පාදෙ ඩංසි, උදුක‍්ඛලෙ දට‍්ඨකාලො විය අහොසි. නඞ‍්ගුට‍්ඨෙ ඩංසි, මුසලෙ දට‍්ඨකාලො විය අහොසි. සො “එත්‍ථාපි නත්‍ථි ඛාදිතබ‍්බයුත‍්තක”න‍්ති සබ‍්බත්‍ථ අස‍්සාදං අලභන‍්තො වච‍්චමග‍්ගෙ ඩංසි, මුදුපූවෙ දට‍්ඨකාලො විය අහොසි. සො “ලද‍්ධං දානි මෙ ඉමස‍්මිං සරීරෙ මුදු ඛාදිතබ‍්බයුත‍්තකට‍්ඨාන”න‍්ති තතො පට‍්ඨාය ඛාදන‍්තො අන‍්තොකුච‍්ඡිං පවිසිත්‍වා වක‍්කහදයාදීනි ඛාදිත්‍වා පිපාසිතකාලෙ ලොහිතං පිවිත්‍වා නිපජ‍්ජිතුකාමකාලෙ උදරං පත්‍ථරිත්‍වා නිපජ‍්ජති.

පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු සිවල් යෝනියෙහි පිළිසිඳ ගෙන වනයෙහි ගං තෙරක වාසය කළහ. එකල මහළු ඇතෙක් ගංතෙර මරණයට පත්විය. සිවලා ගොදුරු සොයා ඇවිදින අතර ඇත් සිරුර දැක මට මහත් ගොදුරක් ලැබුණේ යි සිතා සොඬ සැපීය. එවිට නගුලිසක් සැපූ කලක් මෙන් විය. එහි කෑ යුතු දෙයක් නො දැක දළ සැපීය. ටැඹක් හැපූ කලක් මෙන් විය. ඊළඟට කන් හැපීය. කුල්ලක් සැපුවා වැනි විය. බඩ සැපීය. ධාන්‍යය කොටුවක් සැපූ කල මෙනි. පා සැපීය. වංගෙඩියක් සැපුවා වැනි විය. නගුට සැපීය. මෝල් ගස මෙනි. මේ කිසි තැනක කෑ යුත්තක් රස විඳිය යුත්තක් නො ලැබූ සිවලා වස මඟ සැපීය. මෘදු කැවුමක් මුවට ගත් කල මෙන් දැනිණි. එවිට සිවලා මේ සිරුරෙහි කෑ හැකි කොටසක් ලැබුවෙමි යි සතුටු ව එතැන් සිට කමින් කුස තුළට ම පිවිස වකුගඩු, හෘදය මාංශාදිය කමින් පිපාස වූ කල ලේ බොමින් නිදීමට අවශ්‍ය වූ විට බඩතුර වැතිර නිදයි.

අථස‍්ස එතදහොසි – “ඉදං හත්‍ථිසරීරං මය‍්හං නිවාසසුඛතාය ගෙහසදිසං, ඛාදිතුකාමතාය සති පහූතමංසං, කිං දානි මෙ අඤ‍්ඤත්‍ථ කම‍්ම”න‍්ති සො අඤ‍්ඤත්‍ථ අගන‍්ත්‍වා හත්‍ථිකුච‍්ඡියංයෙව මංසං ඛාදිත්‍වා වසති. ගච‍්ඡන‍්තෙ ගච‍්ඡන‍්තෙ කාලෙ නිදාඝෙ වාතසම‍්ඵස‍්සෙන චෙව සූරියරස‍්මිසන‍්තාපෙන ච තං කුණපං සුස‍්සිත්‍වා වලියො ගණ‍්හි, සිඞ‍්ගාලස‍්ස පවිට‍්ඨද‍්වාරං පිහිතං, අන‍්තොකුච‍්ඡියං අන්‍ධකාරො අහොසි. සිඞ‍්ගාලස‍්ස ලොකන‍්තරිකනිවාසො විය ජාතො. කුණපෙ සුස‍්සන‍්තෙ මංසම‍්පි සුස‍්සි, ලොහිතම‍්පි පච‍්ඡිජ‍්ජි. සො නික‍්ඛමනද‍්වාරං අලභන‍්තො භයප‍්පත‍්තො හුත්‍වා සන්‍ධාවන‍්තො ඉතො චිතො ච පහරිත්‍වා නික‍්ඛමනද‍්වාරං පරියෙසමානො විචරති. එවං තස‍්මිං උක‍්ඛලියං පිට‍්ඨපිණ‍්ඩි විය අන‍්තොකුච‍්ඡියං පච‍්චමානෙ කතිපාහච‍්චයෙන මහාමෙඝො පාවස‍්සි. අථ නං කුණපං තෙමෙත්‍වා උට‍්ඨාය පකතිසණ‍්ඨානෙන අට‍්ඨාසි. වච‍්චමග‍්ගො විවටො හුත්‍වා තාරකා විය පඤ‍්ඤායි. සිඞ‍්ගාලො තං ඡිද‍්දං දිස‍්වා “ඉදානි මෙ ජීවිතං ලද‍්ධ”න‍්ති යාව හත්‍ථිසීසා පටික‍්කමිත්‍වා වෙගෙන පක‍්ඛන්‍දිත්‍වා වච‍්චමග‍්ගං සීසෙන පහරිත්‍වා නික‍්ඛමි. තස‍්ස සඤ‍්ඡන‍්නසරීරත‍්තා සබ‍්බලොමානි වච‍්චමග‍්ගෙ අල‍්ලීයිංසු. සො තාලක‍්ඛන්‍ධසදිසෙන නිල‍්ලොමෙන සරීරෙන උබ‍්බිග‍්ගචිත‍්තො මුහුත‍්තං ධාවිත්‍වා නිවත‍්තිත්‍වා නිසින‍්නො සරීරං ඔලොකෙත්‍වා “ඉදං දුක‍්ඛං මය‍්හං න අඤ‍්ඤෙන කතං, ලොභහෙතු පන ලොභකාරණා ලොභං නිස‍්සාය මයා එතං කතං, ඉතො දානි පට‍්ඨාය න ලොභවසිකො භවිස‍්සාමි, පුන හත්‍ථිසරීරං නාම න පවිසිස‍්සාමී”ති සංවිග‍්ගහදයො හුත්‍වා ඉමං ගාථමාහ –

සිවලා නැවතත් සිතනුයේ, මේ ඇත් සිරුර විසීමට පහසු ව ඇති බැවින් ගෙයක් වැනිය. ආහාර අවශ්‍ය වූ විට බොහෝ මස් තිබේ. දැන් මට වෙනත් තැනක් හෝ වැඩක් අවශ්‍ය නො වේ. ඌ එහි ම වෙසෙමින් මස් කා ජීවත් වෙයි. කල්යත් ම නියංවාත හැමීමෙන් හා සූර්යය රශ්මියෙන් තැවීමෙන් ඇත් කුණ වියලී රැලි වැටිණි. සිවලා පිවිසි මඟ ද වැසී ගියේය. කුස තුළ අන්ධකාර විය. සිවලාට දැන් ලෝකන්තරික නම් අපාය මෙන් දැනුණි. ඇත් කුණ වියළී යත් ම මස ද වියළිණි. ලේ ද සිඳී ගියේය. ඌට දැන් නික්මෙන දොරටුවක් නැති ව බියට පත්ව ඔබමොබ දුවමින් පහර දෙමින් නික්මෙන දොරටුවක් සොයමින් හැසිරෙන්ට විය. මෙසේ සිවලා සැළියක පිටි පිඬක් මෙන් කුස තුළ පැසෙන කල්හි කීප දවසකින් මහ වැස්සෙක් වට. එවිට ඇත් කුණ පෙඟී දිගහැරී ප්‍රකෘති ස්වභාවයෙන් ම පැවැතිණි. එමඟ විවෘත වූ තරුවක් මෙන් පෙනිණි. සිවලා ඒ සිදුර දැක, දැන් දිවි ලදිමි යි හිසෙහි සිට ආපසු හැරී වසමඟ හිසෙන් පළල් කොට නික්මුණේය. උගේ සිරුර තෙත්වී තිබුණු හෙයින් සිය ලෝම වස මඟේ ඇලුණේය. එවිට සිවලා තල් කඳක් මෙන් ලොම් නැති සිරුරෙන් බියටපත් සිත් ඇත්තේ, දුවමින් ටික දුරක් ගොස් නැවතී සිට තම සිරුර බලා මේ දුක මා විසින් ම කැරගත් දෙයකි. අනිකකු කළ දෙයක් නො වේ. ආශාව හේතුකොට, ලෝභය කරණ කොටගෙන මේ දුක ලබාගතිමි. මෙතැන් පටන් මම ආශාවන් මුළාවූවෙක් නො වෙමි. නැවත ඇත් සිරුරකට නම් නො පිවිසෙමියි කලකිරුණු සිතින් මේ ගාථාව කීය.

“නාහං පුනං න ච පුනං, න චාපි අපුනප‍්පුනං; හත්‍ථිබොන්‍දිං පවෙක‍්ඛාමි, තථා හි භයතජ‍්ජිතො”ති.

“නාහං පුනං නච පුනං නචාපි අපුනප්පුනං, හත්‍ථිබොන්‍දිං පවෙක්‍ඛාමි තථා හි භයතජ්ජිතොති”

“මම ඇත් කඳ තුළට නැවත නො යමි. නැවත ද නො යමි. නැවත ද නො යමි. නැවත නැවත ද නො යමි. එපමණ බයින් තැති ගත්තෙමි.”

තත්‍ථ න චාපි අපුනප‍්පුනන‍්ති අ-කාරො නිපාතමත‍්තො. අයං පනෙතිස‍්සා සකලායපි ගාථාය අත්‍ථො – අහඤ‍්හි ඉතො පුන, තතො ච පුනාති වුත‍්තවාරතො පුන තතොපි ච පුනප‍්පුනං වාරණසරීරසඞ‍්ඛාතං හත්‍ථිබොන්‍දිං න පවෙක‍්ඛාමි. කිංකාරණා? තථා හි භයතජ‍්ජිතො, තථා හි අහං ඉමස‍්මිඤ‍්ඤෙව පවෙසනෙ භයතජ‍්ජිතො මරණභයෙන සන‍්තාසං සංවෙගං ආපාදිතොති.

එහි, “නචාපි අපුනප්පුනං”, මෙහි ‘අ’ කාරය නිපාත මාත්‍රයකි. මේ ගාථාවෙහි මේ අදහසයි. මම මෙයින් නැවත, එයිනුත් නැවත මෙකී වාරයෙහි පටන් තවත් නැවත, එයිනුත් නැවත නැවත ඇත් සිරුරට නො වදිමි. “හත්‍ථිබොන්‍දිං පවෙක්‍ඛාමි”, මක්නිසා ද, “තථා හි බයතජ්ජිතො”, මම මේ පිවිසීම නිසා මරණ බියෙන් තැතිගෙන තැවීමට, කලකිරීමට පත්වීමි.

එවඤ‍්ච පන වත්‍වා තතොව පලායිත්‍වා පුන තං වා අඤ‍්ඤං වා හත්‍ථිසරීරං නිවත‍්තිත්‍වාපි න ඔලොකෙසි. තතො පට‍්ඨාය න ලොභවසිකො අහොසි.

මෙසේ කියා එයින් පලාගොස් නැවත එය හෝ වෙනත් ඇත් සිරුරක් නැවතී නො බැලුවේය. එතැන් පටන් හිවලා ආශාවෙන් මුළා නො වූවේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “භික‍්ඛවෙ, අන‍්තො උප‍්පන‍්නකිලෙසස‍්ස නාම වඩ‍්ඪිතුං අදත්‍වා තත්‍ථ තත්‍ථෙව නං නිග‍්ගණ‍්හිතුං වට‍්ටතී”ති වත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි. සච‍්චපරියොසානෙ පඤ‍්චසතාපි තෙ භික‍්ඛූ අරහත‍්තෙ පතිට‍්ඨහිංසු, අවසෙසෙසු කෙචි සොතාපන‍්නා, කෙචි සකදාගාමිනො, කෙචි අනාගාමිනො අහෙසුං. තදා සිඞ‍්ගාලො අහමෙව අහොසින‍්ති.

බුදු රජහු මේ ජාතකය ගෙනහැර දක්වා මහණෙනි, සිතෙහි උපන් කෙළෙස් වැඩෙන්ට නො දී ඒ ඒ අවස්ථාවේදී ම සංසිඳුවා ගැනීමට වටනේයැ යි වදාරා සිව්සස් ප්‍රකාශ කොට ජාතකය නිමවූහ. පන්සියයක් ඒ භික්‍ෂූහු රහත් වූහ. එහි දී සමහරු සෝවාන්, සකදාගාමි, අනාගාමී වූහ. එකල සිවලා වනාහි මම ම වීමි.

සිඞ‍්ගාලජාතකවණ‍්ණනා අට‍්ඨමා.