යෙදුමෙන් කියවන්න

9. එකපණ‍්ණජාතකවණ‍්ණනා 149 අට‍්ඨකථා

9. එකපණ‍්ණජාතකවණ‍්ණනා (149)

9. ඒකපණ්ණ ජාතකය (149)

එකපණ‍්ණො අයං රුක‍්ඛොති ඉදං සත්‍ථා වෙසාලිං උපනිස‍්සාය මහාවනෙ කූටාගාරසාලායං විහරන‍්තො වෙසාලිකං දුට‍්ඨලිච‍්ඡවිකුමාරං ආරබ‍්භ කථෙසි. තස‍්මිඤ‍්හි කාලෙ වෙසාලිනගරං ගාවුතගාවුතන‍්තරෙ තීහි පාකාරෙහි පරික‍්ඛිත‍්තං තීසු ඨානෙසු ගොපුරට‍්ටාලකයුත‍්තං පරමසොභග‍්ගප‍්පත‍්තං. තත්‍ථ නිච‍්චකාලං රජ‍්ජං කාරෙත්‍වා වසන‍්තානඤ‍්ඤෙව රාජූනං සත‍්ත සහස‍්සානි සත‍්ත සතානි සත‍්ත ච රාජානො හොන‍්ති, තත‍්තකායෙව උපරාජානො, තත‍්තකා සෙනාපතිනො, තත‍්තකා භණ‍්ඩාගාරිකා. තෙසං රාජකුමාරානං අන‍්තරෙ එකො දුට‍්ඨලිච‍්ඡවිකුමාරො නාම අහොසි කොධනො චණ‍්ඩො ඵරුසො සාහසිකො, දණ‍්ඩෙන ඝට‍්ටිතආසීවිසො විය නිච‍්චං පජ‍්ජලිතො කොධෙන. තස‍්ස පුරතො ද‍්වෙ තීණි වචනානි කථෙතුං සමත්‍ථො නාම නත්‍ථි. තං නෙව මාතාපිතරො, න ඤාතයො, න මිත‍්තසුහජ‍්ජා සික‍්ඛාපෙතුං සක‍්ඛිංසු. අථස‍්ස මාතාපිතූනං එතදහොසි “අයං කුමාරො අතිඵරුසො සාහසිකො, ඨපෙත්‍වා සම‍්මාසම‍්බුද‍්ධං අඤ‍්ඤො ඉමං විනෙතුං සමත්‍ථො නාම නත්‍ථි, බුද‍්ධවෙනෙය්‍යෙන භවිතබ‍්බ”න‍්ති. තෙ තං ආදාය සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා ආහංසු “භන‍්තෙ, අයං කුමාරො චණ‍්ඩො ඵරුසො කොධෙන පජ‍්ජලති, ඉමස‍්ස ඔවාදං දෙථා”ති.

“එකපණ්ණො අයං රුක්‍ඛො” යන මේ ජාතකය බුදු රජහු විශාලා නුවර කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක්, සැහැසි ලිච්ඡවී කුමරු අරබයා වදාළහ. ඒ කාලයෙහි විශාලා නුවර ගව්වෙන් ගව්වට තැනුණු පවුරු තුනකින් යුක්තය. තුන් තැනක දොරටු, අටලු කොටු, ගේ ආදියෙන් යුත් ඉතාමත් පොහොසත් නගරයක් විය. එහි හැමදා රජ කැරෙමින් සිටින රජවරු සත්දහස් සත්සිය සත්දෙනෙක් වූහ. යුව රජ, සෙන්පති, අයකැමි ආදීහු ද එපමණ ම වූහ. මොවුනතර එක් සැහැසි ලිච්ඡවි කුමරකු විය. දණ්ඩකින් ගැසූ සර්පයකු මෙන් නිරතුරුව ම ක්‍රෝධයෙන්, ද්වේශයෙන් දූෂිත ව කල් ගත කළේය. ඔහු ඉදිරියේ වචන දෙක තුනක් කථා කිරීමට සමතකු නො වීය. එසේ ම ඔහු හික්මවීමට මව්පියෝ, නෑ හිතවත්හු සමත් නො වූහ. මව්පියෝ මෙසේ සිතූහ. තම පුතුගේ සැහැසිකම් අත්හැරවීමට ලොව්තුරා බුදු රජුන් හැර වෙන සමතකු නැත. මොහු බුදු රජුන් විසින් ම දමනය කළයුතු අයකු විය යුතු යි බුදුන් වෙත ගෙනගොස් ස්වාමීනි. මේ කුමරාගේ සැහැසි ගත් නැති කරනු මැනවැ යි අයැද සිටියහ.

සත්‍ථා තං කුමාරං ඔවදි – “කුමාර, ඉමෙසු නාම සත‍්තෙසු චණ‍්ඩෙන ඵරුසෙන සාහසිකෙන විහෙඨකජාතිකෙන න භවිතබ‍්බං, ඵරුසවාචො ච නාම විජාතමාතුයාපි පිතුනොපි පුත‍්තදාරස‍්සපි භාතිභගිනීනම‍්පි පජාපතියාපි මිත‍්තබන්‍ධවානම‍්පි අප‍්පියො හොති අමනාපො, ඩංසිතුං ආගච‍්ඡන‍්තො සප‍්පො විය, අටවියං උට‍්ඨිතචොරො විය, ඛාදිතුං ආගච‍්ඡන‍්තො යක‍්ඛො විය ච උබ‍්බෙජනීයො හුත්‍වා දුතියචිත‍්තවාරෙ නිරයාදීසු නිබ‍්බත‍්තති. දිට‍්ඨෙයෙව ච ධම‍්මෙ කොධනො පුග‍්ගලො මණ‍්ඩිතපසාධිතොපි දුබ‍්බණ‍්ණොව හොති, පුණ‍්ණචන්‍දසස‍්සිරිකම‍්පිස‍්ස මුඛං ජාලාභිහතපදුමං විය මලග‍්ගහිතකඤ‍්චනාදාසමණ‍්ඩලං විය ච විරූපං හොති දුද‍්දසිකං. කොධං නිස‍්සාය හි සත‍්තා සත්‍ථං ආදාය අත‍්තනාව අත‍්තානං පහරන‍්ති, විසං ඛාදන‍්ති, රජ‍්ජුයා උබ‍්බන්‍ධන‍්ති, පපාතා පපතන‍්ති. එවං කොධවසෙන කාලං කත්‍වා නිරයාදීසු උප‍්පජ‍්ජන‍්ති, විහෙඨකජාතිකාපි දිට‍්ඨෙව ධම‍්මෙ ගරහං පත්‍වා කායස‍්ස භෙදා නිරයාදීසු උප‍්පජ‍්ජන‍්ති, පුන මනුස‍්සත‍්තං ලභිත්‍වා විජාතකාලතො පට‍්ඨාය රොගබහුලාව හොන‍්ති. චක‍්ඛුරොගො සොතරොගොතිආදීසු ච රොගෙසු එකතො උට‍්ඨාය එකස‍්මිං පතන‍්ති, රොගෙන අපරිමුත‍්තාව හුත්‍වා නිච‍්චං දුක‍්ඛිතාව හොන‍්ති, තස‍්මා සබ‍්බෙසු සත‍්තෙසු මෙත‍්තචිත‍්තෙන හිතචිත‍්තෙන මුදුචිත‍්තෙන භවිතබ‍්බං. එවරූපො හි පුග‍්ගලො නිරයාදිභයෙහි න පරිමුච‍්චතී”ති. සො කුමාරො සත්‍ථු ඔවාදං සුත්‍වා එකොවාදෙනෙව නිහතමානො දන‍්තො නිබ‍්බිසෙවනො මෙත‍්තචිත‍්තො මුදුචිත‍්තො අහොසි. අඤ‍්ඤං අක‍්කොසන‍්තම‍්පි පහරන‍්තම‍්පි නිවත‍්තිත්‍වා න ඔලොකෙසි, උද‍්ධටදාඨො විය සප‍්පො, අළච‍්ඡින‍්නො විය කක‍්කටකො, ඡින‍්නවිසාණො විය ච උසභො අහොසි.

ඉක්බිති, බුදු රජහු කුමරාට ඔවදන් දුන්හ. කුමාරය. මිනිසකු සැඩ පරුෂ නො විය යුතු මෙන් ම මෙරමා පෙළන්නකු නො විය යුතුය. නො සරුප් වචන වැදූ මවට මෙන් ම පියාට ද සහෝදර සහෝදරියන්ට ද භාර්යාවට ද නෑ මිතුරන්ට ද අප්‍රිය වේ. නො සතුටට හේතු වේ. තමා ඩැසීමට ආ සර්පයකු, වනයෙන් පැමිණි සොරකු, තමා කෑමට යකකු මෙන් බිය ජනක වේ. එපමණක් නොව මේ ජීවිතයේ චුත ව අනතුරු ව අපායෙහි උපදී. මෙලොව දී ම සැහැසි පුද්ගලයා කොතරම් ශරීරය සැරසුව ද විරූප වේ. පුන් සඳ මඬලක් වැනි මුහුණක් තිබුණ ද ගින්නෙන් දැවී ගිය නෙළුම් මලක් මෙන් ද මළ බැඳුණු රන් කැඩපතක් මෙන් ද දැකුම්කළු නො වේ. තරහ නිසා මිනිස්සු ආවුධ ගෙන තමා ම මරා ගනිත්. වස විෂ කත්. ගෙල වැළලා ගනිති. කඳු මුදුනින් පනිත්. ඒ ක්‍රෝධ සිත නිසා ම මරණින් පසු නිරයෙහි උපදියි. මෙරමා පෙළන්නේ මෙලොව අපහාස ලැබෙති. නැවත මිනිසත් බවක් ලැබුව ද උපන් කල පටන් රෝගීහු වෙති. ඇස් රෝග, කන් රෝග ආදිය සමූහ වශයෙන් පැමිණේ. නිරතුරු ව රෝගපීඩාදියෙන් දුක් විඳිති. මේ සියලු සත්ත්වයන් කෙරෙහි මෙත් සිත, මුදු සිත, හිත් පිත් ඇත්තකු විය යුතුය. එසේ නො වන්නේ, නිරය ආදී බයෙන් නො මිදේ. ඒ කුමරා බුද්ධාවවාද ලැබ එකවරකින් ම නිහතමානීව දැමුණේ, සංසිඳුණු හිතැත්තේ, මෙත් සිත්, මුදු සිත් ඇත්තකු විය. පරිභව කළ ද ගැසුව ද නැවත බැලීම් පමණක්වත් නො කළේය. විෂ දළ ඉවත් කළ සර්පයකු මෙන් ද අඬු ගැළවී ගිය කකුළුවකු මෙන් ද අං සිඳුණු වෘෂභයකු මෙන් ද විය.

තස‍්ස තං පවත‍්තිං ඤත්‍වා භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං “ආවුසො, දුට‍්ඨලිච‍්ඡවිකුමාරං සුචිරම‍්පි ඔවදිත්‍වා නෙව මාතාපිතරො, න ඤාතිමිත‍්තාදයො දමෙතුං සක‍්ඛිංසු, සම‍්මාසම‍්බුද‍්ධො පන තං එකොවාදෙනෙව දමෙත්‍වා නිබ‍්බිසෙවනං කත්‍වා මත‍්තවරවාරණං විය සමුග‍්ගහිතානෙඤ‍්ජකාරණං අකාසි. යාව සුභාසිතං චිදං – ‘හත්‍ථිදමකෙන, භික‍්ඛවෙ, හත්‍ථිදම‍්මො සාරිතො එකංයෙව දිසං ධාවති පුරත්‍ථිමං වා පච‍්ඡිමං වා උත‍්තරං වා දක‍්ඛිණං වා. අස‍්සදමකෙන…පෙ… ගොදමකෙන…පෙ… දක‍්ඛිණං වා. තථාගතෙන හි, භික‍්ඛවෙ, අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන පුරිසදම‍්මො සාරිතො අට‍්ඨ දිසා විධාවති, රූපී රූපානි පස‍්සති. අයමෙකා දිසා…පෙ… සො වුච‍්චති ‘යොග‍්ගාචරියානං අනුත‍්තරො පුරිසදම‍්මසාරථී’ති (ම· නි· 3.312). න හි, ආවුසො, සම‍්මාසම‍්බුද‍්ධෙන සදිසො පුරිසදම‍්මසාරථී නාම අත්‍ථී”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙවෙස මයා එකොවාදෙනෙව දමිතො, පුබ‍්බෙපාහං ඉමං එකොවාදෙනෙව දමෙසි”න‍්ති වත්‍වා අතීතං ආහරි.

දිනක් භික්‍ෂූහු දම් සභාවෙහි මෙම පුවත මතු කළහ. ඇවැත්නි, මේ කුමරු බොහෝ කලක් අවවාද කළ ද හික්මවීමට මව්පිය ආදීහු අසමත් වූහ. බුදුහු එකවර අවවාදයෙන් ම මතැතකු උගත් හත්‍ථි ශිල්පය අනුව හික්ම වන්නාක් මෙන් හික්මවූහ. මේ සුභාෂිතය සත්‍යයමය. මහණෙනි, ඇතුන් හික්මවන සාරථියා හික්මවන ලද ඇතා පෙර දිශා, අපර දිශා, උතුරු දිශා, දකුණු දිශාවන්ගෙන් එක දිශාවකට ම මෙහෙයවයි. එසේ වෘෂභයන් හික්මවා සාරථියා හික්ම වූ ගවයා පෙර අපර උතුරු දකුණු දිශාවලින් එක දිශාවකට ම මෙහෙයවයි. පුරුෂයන් හික්මවන සම්මා සම්බුද්ධ තථාගතයන් විසින් හික්මවන ලද පුරුෂයා අට දිශාවකට මෙහෙයවයි. තමා රූප ධ්‍යාන ලාභී ව බාහිර රූපයන් දකී. මේ දිශාවක. -පෙ- නිරෝධ සමවතට සමවදී. මේ අට වැනි දිශාවයි. ඒ බුදු රජහු සතුන් හික්මවන ගුරුන් අතුරින් උසස් ම පුද්ගලයා යි කියනු ලැබෙති. එනම් පුරිසධම්මසාරථී වූ බුදුහුයැ යි ද බුදු රජුන් වැනි පුරුෂයන් හික්මවන උතුමකු නැතැ යි ද කථා ඉපැද්දීය. බුදුහු දම් සභාවට වැඩමවා මහණෙනි, දැන් කවර කථාවකින් යුතුව හුන්නාහුදැ යි විචාරා මෙනම් කථාවකින් හුන්නාහුමැ යි කී කල්හි මහණෙනි, මම මොහු එක ම අවවාදයකින් හික්ම වූයේ දැන් පමණක් නො වේ. පෙර ද මොහු එක්වර අවවාදයෙන් ම හික්මවීමි යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො උදිච‍්චබ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො තක‍්කසිලායං තයො වෙදෙ සබ‍්බසිප‍්පානි ච උග‍්ගහෙත්‍වා කිඤ‍්චි කාලං ඝරාවාසං වසිත්‍වා මාතාපිතූනං අච‍්චයෙන ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙත්‍වා හිමවන‍්තෙ වාසං කප‍්පෙසි. තත්‍ථ චිරං වසිත්‍වා ලොණම‍්බිලසෙවනත්‍ථාය ජනපදං ගන‍්ත්‍වා බාරාණසිං පත්‍වා රාජුය්‍යානෙ වසිත්‍වා පුනදිවසෙ සුනිවත්‍ථො සුපාරුතො තාපසාකප‍්පසම‍්පන‍්නො භික‍්ඛාය නගරං පවිසිත්‍වා රාජඞ‍්ගණං පාපුණි. රාජා සීහපඤ‍්ජරෙන ඔලොකෙන‍්තො තං දිස‍්වා ඉරියාපථෙ පසීදිත්‍වා “අයං තාපසො සන‍්තින්‍ද්‍රියො සන‍්තමානසො යුගමත‍්තදසො, පදවාරෙ පදවාරෙ සහස‍්සත්‍ථවිකං ඨපෙන‍්තො විය සීහවිජම‍්භිතෙන ආගච‍්ඡති. සචෙ සන‍්තධම‍්මො නාමෙකො අත්‍ථි, ඉමස‍්ස තෙනබ‍්භන‍්තරෙ භවිතබ‍්බ”න‍්ති චින‍්තෙත්‍වා එකං අමච‍්චං ඔලොකෙසි. සො “කිං කරොමි, දෙවා”ති ආහ. එතං “තාපසං ආනෙහී”ති. සො “සාධු, දෙවා”ති බොධිසත‍්තං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා හත්‍ථතො භික‍්ඛාභාජනං ගහෙත්‍වා “කිං, මහාපුඤ‍්ඤා”ති වුත‍්තෙ “භන‍්තෙ, රාජා තං පක‍්කොසතී”ති ආහ. බොධිසත‍්තො “න මයං රාජකුලූපකා, හෙමවන‍්තිකා නාමම‍්හා”ති ආහ. අමච‍්චො ගන‍්ත්‍වා තමත්‍ථං රඤ‍්ඤො ආරොචෙසි. රාජා “අඤ‍්ඤො අම‍්හාකං කුලූපකො නත්‍ථි, ආනෙහි න”න‍්ති ආහ. අමච‍්චො ගන‍්ත්‍වා බොධිසත‍්තං වන්‍දිත්‍වා යාචිත්‍වා රාජනිවෙසනං පවෙසෙසි.

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු උසස් බමුණු කුලයෙහි ඉපිද වැඩිවියට පත්ව තක්සලාවෙහි ත්‍රිවේදය සහිත සියලු ශිල්ප හදාරා ටික කලක් ගිහි ගෙයි වැස මව්පියන්ගේ ඇවෑමෙන් සෘෂි පැවිද්දෙන් පැවිදි ව අභිඤ්ඤා සහිත සමවත් උපදවා හිමවතෙහි ම වාසය කළහ. කලක් එහි වැස ලුණු ඇඹුල් සෙවුනා පිණිස ගම්පියසට පැමිණ බරණැස් රජුගේ උයනෙහි වැඩ දෙවැනි දවස්හි මනාව හැඳ පෙරව සන්සුන් ව පිඬු පිණිස නගරයට පැමිණ රජ මැදුරට පැමිණියහ. රජ සිව්මැදුරු කවුළුවෙන් බලන්නේ, තවුසාණන් දැක ඉරියව් පැවැත්මෙහි පැහැද මේ තවුසා සන්සුන් ඉඳුරන් ඇත්තේය. හිත සන්සුන්ය. විය දණ්ඩක් පමණ බලන්නේය. පියවරක් පාසා දහසින් බැඳි පියල්ලක් තබන්නාක් මෙන් සිංහයකු මෙන් අභීත ව එන්නේය. ශාන්ත දහමක් ඇත්තේ නම් එය මේ තාපසයාණන්ගේ හිත තුළ වන්නේයැ යි සිතා ඇමැතියකු අමතා මේ තවුසාණන් කැඳවාගෙන එව යි කීය. ඔහු තවුසාණන් වෙත ගොස් වැඳ අතින් භික්‍ෂා භාජනත් ගෙන සිටි කල්හි කිම මහපිනැත්තෙහි යි ඇසූ කල්හි, රජ ඔබතුමන් කැඳවතැ යි කී කල්හි, රජු හා අප අතර කුලුපග බවක් නැත. අපි හිමවතට අයත් වූවෝ වෙමු යි කීහ. ඇමැතියා මෙකරුණ රජුට සැලකළහ. එවිට, ඇමැතිය, අපට වෙනත් කුළුපග කෙනෙක් නැත. ඔහු ම කැඳවාගෙන එන්නැ යි කීය. ඇමැති ද නැවත ගොස් බෝසතුන් වැඳ රජ හසුන පවසා තවුසාණන් රජ ගෙදරට පැමිණ වීය.

රාජා බොධිසත‍්තං වන්‍දිත්‍වා සමුස‍්සිතසෙතච‍්ඡත‍්තෙ කඤ‍්චනපල‍්ලඞ‍්කෙ නිසීදාපෙත්‍වා අත‍්තනො පටියත‍්තං නානග‍්ගරසභොජනං භොජෙත්‍වා “කහං, භන‍්තෙ, වසථා”ති පුච‍්ඡි. “හෙමවන‍්තිකා මයං, මහාරාජා”ති. “ඉදානි කහං ගච‍්ඡථා”ති? “වස‍්සාරත‍්තානුරූපං සෙනාසනං උපධාරෙම, මහාරාජා”ති. “තෙන හි, භන‍්තෙ, අම‍්හාකඤ‍්ඤෙව උය්‍යානෙ වසථා”ති පටිඤ‍්ඤං ගහෙත්‍වා සයම‍්පි භුඤ‍්ජිත්‍වා බොධිසත‍්තං ආදාය උය්‍යානං ගන‍්ත්‍වා පණ‍්ණසාලං මාපෙත්‍වා රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානාපි කාරෙත්‍වා පබ‍්බජිතපරික‍්ඛාරෙ දත්‍වා උය්‍යානපාලං පටිච‍්ඡාපෙත්‍වා නගරං පාවිසි. තතො පට‍්ඨාය බොධිසත‍්තො උය්‍යානෙ වසති. රාජාපිස‍්ස දිවසෙ දිවසෙ ද‍්වත‍්තික‍්ඛත‍්තුං උපට‍්ඨානං ගච‍්ඡති.

රජ ඔවුන් වැඳ සේසත එසවූ රන් පළඟෙහි වඩා හිඳුවා තමා සඳහා පිළියෙල කළ රාජ භෝජනය වළඳවා ස්වාමීනි, කොහි වසන්නහුදැ යි ඇසීය. මහරජ, අපි හිමවතට අයත් තවුසෝ වෙමු. දැන් කොහි යන්නහු ද? මහරජ, වැසි කාලයට සුදුසු සෙනසුනක් සොයමි යි කීහ. එසේ නම් ස්වාමීනි, අපගේ උයනෙහි වසනු මැනවැ යි ප්‍රතිඥා ගෙන තමාත් අනුභව කොට බෝසතුන් ගෙන පන්සලක් සාදා දිවා රාත්‍රී වසන තැන් කැරවා තවුස් පිරිකර දී උයන් පාලකයාට පවරා නගරයට ගියේය. එතැන් පටන් බෝසත්හු උයනෙහි වසති. රජු ද දවසට දෙවරක් උවටැන් සඳහා යයි.

තස‍්ස පන රඤ‍්ඤො දුට‍්ඨකුමාරො නාම පුත‍්තො අහොසි චණ‍්ඩො ඵරුසො, නෙව නං රාජා දමෙතුං අසක‍්ඛි, න සෙසඤාතකා. අමච‍්චාපි බ්‍රාහ‍්මණගහපතිකාපි එකතො හුත්‍වා “සාමි, මා එවං කරි, එවං කාතුං න ලබ‍්භා”ති කුජ‍්ඣිත්‍වා කථෙන‍්තාපි කථං ගාහාපෙතුං නාසක‍්ඛිංසු. රාජා චින‍්තෙසි “ඨපෙත්‍වා මම අය්‍යං හිමවන‍්තතාපසං අඤ‍්ඤො ඉමං කුමාරං දමෙතුං සමත්‍ථො නාම නත්‍ථි, සොයෙව නං දමෙස‍්සතී”ති. සො කුමාරං ආදාය බොධිසත‍්තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “භන‍්තෙ, අයං කුමාරො චණ‍්ඩො ඵරුසො , මයං ඉමං දමෙතුං න සක‍්කොම, තුම‍්හෙ නං එකෙන උපායෙන සික‍්ඛාපෙථා”ති කුමාරං බොධිසත‍්තස‍්ස නිය්‍යාදෙත්‍වා පක‍්කාමි. බොධිසත‍්තො කුමාරං ගහෙත්‍වා උය්‍යානෙ විචරන‍්තො එකතො එකෙන, එකතො එකෙනාති ද‍්වීහියෙව පත‍්තෙහි එකං නිම‍්බපොතකං දිස‍්වා කුමාරං ආහ – “කුමාර, එතස‍්ස තාව රුක‍්ඛපොතකස‍්ස පණ‍්ණං ඛාදිත්‍වා රසං ජානාහී”ති? සො තස‍්ස එකං පත‍්තං ඛාදිත්‍වා රසං ඤත්‍වා “ධී”ති සහ ඛෙළෙන භූමියං නුට‍්ඨාභි. “කිං එතං, කුමාරා”ති වුත‍්තෙ “භන‍්තෙ, ඉදානෙවෙස රුක‍්ඛො හලාහලවිසූපමො, වඩ‍්ඪන‍්තො පන බහූ මනුස‍්සෙ මාරෙස‍්සතී”ති තං නිම‍්බපොතකං උප‍්පාටෙත්‍වා හත්‍ථෙහි පරිමද‍්දිත්‍වා ඉමං ගාථමාහ –

ඒ රජුට සැහැසි කුමාරයෙක් සිටියේය. ඔහු පරුෂය. රජු ඔහු සන්සුන් කැරවීමට සමත් නො වීය. සෙසු ඤාතීහු ද සමත් නො වූහ. ඇමැතියෝ ද බමුණු ගැහැවියෝ ද එකතුව කුමාරය, මෙසේ නො කැරව යි බලවත් ලෙස කීව ද කුමරා හික්මවීමට නො හැකි වූහ. ඉක්බිති රජ, මගේ සිල්වත්, ගුණවත් තවුසාණන් හැර අන් කිසිවකු මේ කුමරා දැමීමට නො සමත්ය. මොහු මෙකුමරා දමනය කරතැ යි සිතීය. රජ, කුමරා ගෙන තවුසන් වෙත ගොස් ස්වාමීනි, මේ කුමරා ඉතා සැඩපරුෂය. අපට ඔහු හික්මවිය හැකි නො වේ. ඔබතුමා කවර උපායකින් හෝ මොහු හික්මවනු මැනවැ යි කුමරා බෝසතුන්ට පවරා දී ගියේය. තවුසාණෝ කුමරුන් රැගෙන උයනෙහි හැසිරෙන්නාහු, දෙදිශාවට විහිදුණු පත්‍ර දෙකක් ඇති කොහොඹ පැළයක් දැක කුමාරය. මේ කොසඹ පැළයෙහි එක කොළයක් විකා රස කියව යි කීහ. ඔහු එසේ කොට තිත්ත රස දැන කෙළ සමග බිම හෙළුවේය. රස කෙසේදැ යි තවුසාණන් විමසූ කල්හි, ස්වාමීනි, දැනට ම මේ පැළය මහා විෂ සහිතය. මේ පැළය වැඩුණු පසු මිනිසුන් මරන්නේයැ යි කොහොඹ පැළය උගුරා අතින් පිරිමැද මේ ගාථාව කීය.

“එකපණ‍්ණො අයං රුක‍්ඛො, න භූම්‍යා චතුරඞ‍්ගුලො; ඵලෙන විසකප‍්පෙන, මහායං කිං භවිස‍්සතී”ති.

“එකපණ්ණො අයං රුක්‍ඛො න භූම්‍යා චතුරඞ්ගුලො, ඵලෙන විසකප්පෙන මහායං කිං භවිස්සතීති”

“දෙපසෙහි එක එක පත්‍ර ඇති, බිම සිට සතරඟුලක් වත් නො වැඩුණු, හළාහල විෂ සමාන වූ, තිත්ත වූ පත්‍රයෙන් යුක්ත මේ ගස උස් මහත් වී නම් එදාට එ්කාන්තයෙන් මිනිසුන් මරන්නෙක් වන්නේය.”

තත්‍ථ එකපණ‍්ණොති උභොසු පස‍්සෙසු එකෙකපණ‍්ණො. න භූම්‍යා චතුරඞ‍්ගුලොති භූමිතො චතුරඞ‍්ගුලමත‍්තම‍්පි න වඩ‍්ඪිතො. ඵලෙනාති ඵලරසෙන. විසකප‍්පෙනාති හලාහලවිසසදිසෙන. එවං ඛුද‍්දකොපි සමානො එවරූපෙන තිත‍්තකෙන පණ‍්ණෙන සමන‍්නාගතොති අත්‍ථො. මහායං කිං භවිස‍්සතීති යදා පනායං වුද‍්ධිප‍්පත‍්තො මහා භවිස‍්සති, තදා කිං නාම භවිස‍්සති, අද‍්ධා මනුස‍්සමාරකො භවිස‍්සතීති එතං උප‍්පාටෙත්‍වා මද‍්දිත්‍වා ඡඩ‍්ඩෙසින‍්ති ආහ.

එහි, “එකපණ්ණො”, දෙපසෙහි එක එක පත්‍ර ඇත්තේය. “න භූම්‍යා චතුරඞ්ගුලො”, බිම සිට සතරඟුලක් වත් නො වැඩුණේය. “ඵලෙන”, පත්‍රයෙන්, “විසකප්පෙන”, හළාහල විෂ සමාන වූ ද කුඩා කල ද මෙවැනි තිත්ත වූ පත්‍රයෙන් යුක්ත වූයේය යන අර්ථයි. “මහායං කිං භවිස්සති”, යම් කලෙක මේ ගස උස් මහත් වී නම් එදාට එ්කාන්තයෙන් මිනිසුන් මරන්නෙක් වන්නේය. එම නිසා මේ ගස උදුරා ඉවත් කළෙමි යි කීය.

අථ නං බොධිසත‍්තො එතදවොච “කුමාර, ත්‍වං ඉමං නිම‍්බපොතකං ‘ඉදානෙව එවංතිත‍්තකො, මහල‍්ලකකාලෙ කිං භවිස‍්සති, කුතො ඉමං නිස‍්සාය වුඩ‍්ඪී’ති උප‍්පාටෙත්‍වා මද‍්දිත්‍වා ඡඩ‍්ඩෙසි? යථා ත්‍වං එතස‍්මිං පටිපජ‍්ජි, එවමෙව තව රට‍්ඨවාසිනොපි ‘අයං කුමාරො දහරකාලෙයෙව එවං චණ‍්ඩො ඵරුසො, මහල‍්ලකකාලෙ රජ‍්ජං පත්‍වා කිං නාම කරිස‍්සති, කුතො අම‍්හාකං එතං නිස‍්සාය වුඩ‍්ඪී’ති තව කුලසන‍්තකං රජ‍්ජං අදත්‍වා නිම‍්බපොතකං විය තං උප‍්පාටෙත්‍වා රට‍්ඨා පබ‍්බාජනීයකම‍්මං කරිස‍්සන‍්ති, තස‍්මා නිම‍්බරුක‍්ඛපටිභාගතං හිත්‍වා ඉතො පට‍්ඨාය ඛන‍්තිමෙත‍්තානුද‍්දයසම‍්පන‍්නො හොහී”ති. සො තතො පට‍්ඨාය නිහතමානො නිබ‍්බිසෙවනො ඛන‍්තිමෙත‍්තානුද‍්දයසම‍්පන‍්නො හුත්‍වා බොධිසත‍්තස‍්ස ඔවාදෙ ඨත්‍වා පිතු අච‍්චයෙන රජ‍්ජං පත්‍වා දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා යථාකම‍්මං අගමාසි.

ඉක්බිති, බෝසත්හු මෙසේ කීහ. කුමාරය, ඔබ මේ කොහොඹ පැළය උදුරා දැමීමේ දැනට මෙසේ තිත්ත නම් වැඩුණු පසු කෙසේ වන්නේ ද සිතාය. මේ අනුව ඔබ ගැන ද සිතා බැලිය යුතුය. රට වැසියෝ ද මෙසේ සිතත්. මේ කුමරා ළදරු කල ම මෙසේ සැඬ පරුෂ නො හික්මුණු කෙනකු නම් වැඩිවියට පැමිණ රාජාභිෂේකය ලැබූ කල්හි කුමක් කරයි ද? මොහු නිසා අපට යහපතක් නො වන්නේයැ යි සිතා පියා සතු රාජ්‍යය ඔබට නො දී කොහොඹ පැළය උදුරා දැම්මාක් මෙන් ඔබ රටින් පිටුවහල් කරන්නාහුය. එම නිසා කොහොඹ පැළයේ ස්වරූපය අතහැර මෙතැන් පටන් ඉවසීම, මෛත්‍රිය, කරුණාව ඇත්තකු වේවා යි තාපසයාණෝ අවවාද කළහ. එතැන් පටන් කුමරා මානය අතහැර රළු නො වී ඉවසීම ආදී ගුණදම් වඩා බෝසතුන්ගේ අවවාදයෙහි පිහිටා පියාගේ ඇවෑමෙන් රාජ්‍යය ලැබ දානාදී පින්කම් කොට කම් වූ පරිදි ගියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “න, භික‍්ඛවෙ, ඉදානෙවෙස දුට‍්ඨලිච‍්ඡවිකුමාරො මයා දමිතො, පුබ‍්බෙපාහං එතං දමෙසිංයෙවා”ති වත්‍වා ජාතකං සමොධානෙසි – “තදා දුට‍්ඨකුමාරො අයං ලිච‍්ඡවිකුමාරො අහොසි, රාජා ආනන්‍දො, ඔවාදදායකතාපසො පන අහමෙව අහොසි”න‍්ති.

බුදු රජහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා මහණෙනි, මේ සැහැසි ලිච්ඡවි කුමරා මවිසින් දමනය කරන ලද්දේ දැන් පමණක් නො වේ. පෙර ද මම ඔහු දමනය කළෙමි යි වදාරා ජාතකය නිමවූහ. එදා සැහැසි කුමරා දැන මේ ලිච්ඡවි කුමරා ම විය. රජු ආනන්ද තෙරණුවෝය. අවවාදය දුන් තාපසයා මම ම වීමි.

එකපණ‍්ණජාතකවණ‍්ණනා නවමා.