10. සඤ්ජීවජාතකවණ්ණනා 150 අට්ඨකථා
10. සඤ්ජීවජාතකවණ්ණනා (150)
10. සංජීව ජාතකය (150)
අසන්තං යො පග්ගණ්හාතීති ඉදං සත්ථා වෙළුවනෙ විහරන්තො අජාතසත්තුස්ස රඤ්ඤො අසන්තපග්ගහං ආරබ්භ කථෙසි. සො හි බුද්ධානං පටිකණ්ටකභූතෙ දුස්සීලෙ පාපධම්මෙ දෙවදත්තෙ පසීදිත්වා තං අසන්තං අසප්පුරිසං පග්ගය්හ “තස්ස සක්කාරං කරිස්සාමී”ති බහුං ධනං පරිච්චජිත්වා ගයාසීසෙ විහාරං කාරෙත්වා තස්සෙව වචනං ගහෙත්වා පිතරං ධම්මරාජානං සොතාපන්නං අරියසාවකං ඝාතෙත්වා අත්තනො සොතාපත්තිමග්ගස්ස උපනිස්සයං භින්දිත්වා මහාවිනාසං පත්තො. සො හි “දෙවදත්තො පථවියං පවිට්ඨො”ති සුත්වා “කච්චි නු ඛො මම්පි පථවී ගිලෙය්යා”ති භීතතසිතො රජ්ජසුඛං න ලභති, සයනෙ අස්සාදසුඛං න වින්දති, තිබ්බකාරණාභිතුන්නො හත්ථිපොතො විය කම්පමානො විචරති. සො පථවිං ඵලමානං විය, අවීචිජාලං නික්ඛමන්තිං විය, පථවියා අත්තානං ගිලියමානං විය, ආදිත්තාය ලොහපථවියා උත්තානකං නිපජ්ජාපෙත්වා අයසූලෙහි කොටියමානං විය ච සමනුපස්සි. තෙනස්ස පහටකුක්කුටස්සෙව මුහුත්තම්පි කම්පමානස්ස අවත්ථානං නාම නාහොසි. සො සම්මාසම්බුද්ධං පස්සිතුකාමො ඛමාපෙතුකාමො පඤ්හං පුච්ඡිතුකාමො අහොසි, අත්තනො පන අපරාධමහන්තතාය උපසඞ්කමිතුං න සක්කොති.
“අසන්තං යො පග්ගණ්හාතීති” යන මේ දේශනාව බුදුහු වේළුවනාරාමයෙහි වැඩ වසන සේක්, අජාසත් රජුගේ අසත්පුරුෂයන්ට අනුග්‍රහය අරබයා වදාළහ. හෙතෙම බුදු රජුන්ට විරුද්ධ වූ දුසිල් වූ පවිටු ස්වභාව ඇති දේවදත්තයන් කෙරෙහි පැහැදී ඒ අශාන්ත වූ අසත් පුරුෂයාට අනුග්‍රහ කොට ඔහුට සත්කාර කරන්නෙමි යි බොහෝ ධනය වියදම් කොට ගයා ශීර්ෂයේ විහාරයක් කැරවා ඔහුගේ ම කීම අසා පියා වූ දැහැමි රජ වූ සෝවාන් ඵලයට පත් ආර්යය ශ්රාවකයා ඝාතනය කොට තමන්ගේ සෝවාන් වීමට තිබූ හේතු සම්පත් බිඳ මහත් විනාශයකට පැමිණියේය. ඒ දේවදත්ත පොළව පලාගෙන ගියේයැ යි ආසා කිම මමත් පොළොවෙහි ගිලෙයිදැ යි බියෙන් තැති ගෙන රජ, සැප නො ලබයි. ඇඳෙහි නිදි සුවයක් නො ලබයි. තියුණු දුක් කම්කටොලුවලින් පෙළෙන ලද්දා වූ ඇත් පොව්වෙකු මෙන් කම්පාවෙමින් හැසිරෙයි. හෙතෙම පොළොව පැලෙන්නාක් මෙන් ද අවීචියෙන් ගිනිදැල් නික්මෙන්නාක් මෙන් ද තමා පොළොවට ගිලී යන්නාක් මෙන් ද දිලිසෙන යකඩ පොළොවෙහි උඩුකුරු ව සයනය කැරවා යකඩ උල්වලින් කොටන්නාක් මෙන් ද පෙනුණේය. ඒ නිසා ඔහු ගසන ලද කුකුලෙකුට මෙන් කම්පා විය. කිසි ම මොහොතක්වත් සැනසීමක් නම් නො වීය. හෙතෙම බුදු රජුන් දකිනු කැමැත්තේ, සමාකැරගනු කැමැත්තේ, ප්‍රශ්න අසනු කැමැත්තේ විය. තමාගේ අපරාධය මහත් බැවින් එළැඹෙන්නට නො හැකි වෙයි.
අථස්ස රාජගහනගරෙ කත්තිකරත්තිවාරෙ සම්පත්තෙ දෙවනගරං විය නගරෙ අලඞ්කතෙ මහාතලෙ අමච්චගණපරිවුතස්ස කඤ්චනාසනෙ නිසින්නස්ස ජීවකං කොමාරභච්චං අවිදූරෙ නිසින්නං දිස්වා එතදහොසි “ජීවකං ගහෙත්වා සම්මාසම්බුද්ධස්ස සන්තිකං ගමිස්සාමි, න ඛො පන සක්කා මයා උජුකමෙව වත්තුං ‘අහං, සම්ම ජීවක, සයං ගන්තුං න සක්කොමි, එහි මං සත්ථු සන්තිකං නෙහී’ති, පරියායෙන පන රත්තිසම්පදං වණ්ණෙත්වා ‘කං නු ඛ්වජ්ජ මයං සමණං වා බ්රාහ්මණං වා පයිරුපාසෙය්යාම, යං නො පයිරුපාසතං චිත්තං පසීදෙය්‍යා’ති වක්ඛාමි, තං සුත්වා අමච්චා අත්තනො අත්තනො සත්ථාරානං වණ්ණං කථෙස්සන්ති, ජීවකොපි සම්මාසම්බුද්ධස්ස වණ්ණං කථෙස්සති. අථ නං ගහෙත්වා සත්ථු සන්තිකං ගමිස්සාමී”ති. සො පඤ්චහි පදෙහි රත්තිං වණ්ණෙසි “ලක්ඛඤ්ඤා වත භො දොසිනා රත්ති, අභිරූපා වත භො දොසිනා රත්ති, දස්සනීයා වත භො දොසිනා රත්ති, පාසාදිකා වත භො දොසිනා රත්ති, රමණීයා වත භො දොසිනා රත්ති, කං නු ඛ්වජ්ජ මයං සමණං වා බ්රාහ්මණං වා පයිරුපාසෙය්යාම, යං නො පයිරුපාසතං චිත්තං පසීදෙය්‍යා”ති (දී· නි· 1.150).
ඉක්බිති, ඔහුගේ රජගහ නුවර කාර්තික රාත්‍රී පැමිණි කල්හි දේව නගරයක් මෙන් නගරය අලංකාර කළ කල්හි මතු මහලේ ඇමැති සමූහයා විසින් පිරිවරන ලද්දේ, රන් අසුනේ හුන්නේ, ජීවක කෝමාරභච්ච නුදුරෙහි සිටිනු දැක මෙසේ සිත් විය. ජීවක ගෙන සම්බුදුන් දකින්නෙමි. කෙළින් ම කථා කිරීමට මම නො හැක්කෙමි. යහළු ජීවකය, මම, තෙමේ ම යන්නට නො හැක්කෙමි. එව. මා ශාස්තෲන් සමීපයට පමුණුවනු. සෘජු ව නො කියා එදින රාත්‍රිය වර්ණනා කොට අද මම කවර නම් ශ්‍රමණ බ්‍රාහ්මණයකු ඇසුරු කරයි ද? යමකු ඇසුරු කිරීමෙන් මගේ සිත පැහැදෙයි ද? එවැනි උතුමකු ඇසුරු කරන්නෙමි. එවිට ඇමැතිවරු තම තමන්ගේ ශාස්තෲන්වරුන් වර්ණනා කරන්නේය. එවිට ඔහු බුදු රජුන් වෙත යන්නෙමි යි පද පහකින් රාත්‍රිය වර්ණනා කෙළේය. මේ රාත්‍රිය දොසින් මිදුණේය. ඉතාමත් සිත්කළුය. මේ රාත්‍රිය දැකුම්කළුය. මේ රාත්‍රිය මනහරය. මේ රාත්‍රිය හැම අයුරින් ම සිත් ගන්නේය. මේ රාත්‍රිය මනහරය. අද මම යම් මහජන බමුණකු ඇසුරු කිරීමෙන් මගේ සිත පහදින්නේ ද එවැනි කවර නම් මහණ බමුණකු ඇසුරු කරන්නෙම් ද?
අථෙකො අමච්චො පූරණකස්සපස්ස වණ්ණං කථෙසි, එකො මක්ඛලිගොසාලස්ස, එකො අජිතකෙසකම්බලස්ස, එකො පකුධකච්චායනස්ස, එකො සඤ්චයස්ස බෙලට්ඨපුත්තස්ස, එකො නාටපුත්තනිගණ්ඨස්සාති . රාජා තෙසං කථං සුත්වා තුණ්හී අහොසි. සො හි ජීවකස්සෙව මහාඅමච්චස්ස කථං පච්චාසීසති. ජීවකොපි “රඤ්ඤා මං ආරබ්භ කථිතෙයෙව ජානිස්සාමී”ති අවිදූරෙ තුණ්හී නිසීදි. අථ නං රාජා ආහ “ත්වං පන, සම්ම ජීවක, කිං තුණ්හී”ති? තස්මිං ඛණෙ ජීවකො උට්ඨායාසනා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා “එසො, දෙව, භගවා අරහං සම්මාසම්බුද්ධො අම්හාකං අම්බවනෙ විහරති සද්ධිං අඩ්ඪතෙළසෙහි භික්ඛුසතෙහි. තං ඛො පන භගවන්තං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො”ති නව අරහාදිගුණෙ වත්වා ජාතිතො පට්ඨාය පුබ්බනිමිත්තාදිභෙදං භගවතො ආනුභාවං පකාසෙත්වා “තං භගවන්තං දෙවො පයිරුපාසතු, ධම්මං සුණාතු, පඤ්හං පුච්ඡතූ”ති ආහ.
එවිට ඇමැතියෙක් පූර්ණ කස්සපගේ ගුණ වර්ණනා කළේය. එකෙක් මක්ඛලිඝෝෂාලගේ ද එකෙක් අජිත කේසකම්බිලිගේ ද එකෙක් පකුධකච්චායනගේ ද තව එකෙක් සඤ්ජය බෙල්ලට්ඨිපුත්රගේ ද එකෙක් නිගණ්ඨ නාථපුත්රගේ ද ගුණ කථා කළේය. එහෙත් රජතුමා ජීවකයන්ගේ කථාව ම බලාපොරොත්තුවෙන් සිටියේය. ජීවක ද රජතුමා මාගෙන් ඉල්ලූ විට ම කියමි යි නිහඬ ව නුදුරෙන් සිටියේය. ඉක්බිති, රජතුමා ජීවක අමතා යහළු ජීවකය, ඔබ මක්නිසා නිහඬ ව සිටින්නෙහි ද? එකෙණෙහි ජීවකයා හුනස්නෙන් නැඟී බුදු රජුන් දෙසට ඇඳිලි බැඳ, දේවයිනි, ඒ භාග්‍යවත් බුදු රජහු අපගේ අඹ වනයෙහි එක් දහස් දෙසිය පණසක් භික්ෂූන් වහන්සේ සමග වාසය කරති. ඒ බුදු රජුන්ගේ යහපත් කීර්ති ඝෝෂාව පැතිර පවතින්නේ යි නව අරහාදී බුදු ගුණ කියා බුදු රජුන්ගේ උපතෙහි පටන් සිදුවූ පෙර නිමිති ආදිය ද බුදු රජුන්ගේ ආනුභාවද ප්‍රකාශ කොට ඒ බුදු රජුන් ඇසුරු කෙරේවා. ධර්මය අසාවා. ප්‍රශ්න විචාරාවා යි කීවේය.
රාජා සම්පුණ්ණමනොරථො හුත්වා “තෙන හි, සම්ම ජීවක, හත්ථියානානි කප්පාපෙහී”ති යානානි කප්පාපෙත්වා මහන්තෙන රාජානුභාවෙන ජීවකම්බවනං ගන්ත්වා තත්ථ මණ්ඩලමාළෙ භික්ඛුසඞ්ඝපරිවුතං තථාගතං දිස්වා සන්තවීචිමජ්ඣෙ මහානාවං විය නිච්චලං භික්ඛුසඞ්ඝං ඉතො චිතො ච අනුවිලොකෙත්වා “එවරූපා නාම මෙ පරිසා න දිට්ඨපුබ්බා”ති ඉරියාපථෙයෙව පසීදිත්වා සඞ්ඝස්ස අඤ්ජලිං පග්ගණ්හිත්‍වා ථුතිං කත්වා භගවන්තං වන්දිත්වා එකමන්තං නිසින්නො සාමඤ්ඤඵලපඤ්හං පුච්ඡි. අථස්ස භගවා ද්වීහි භාණවාරෙහි පටිමණ්ඩිතං සාමඤ්ඤඵලසුත්තං (දී· නි· 1.150 ආදයො) කථෙසි. සො සුත්තපරියොසානෙ අත්තමනො භගවන්තං ඛමාපෙත්වා උට්ඨායාසනා පදක්ඛිණං කත්වා පක්කාමි. සත්ථා අචිරපක්කන්තස්ස රඤ්ඤො භික්ඛූ ආමන්තෙත්වා “ඛතායං, භික්ඛවෙ, රාජා, උපහතායං, භික්ඛවෙ, රාජා. සචායං , භික්ඛවෙ, රාජා ඉස්සරියස්ස කාරණා පිතරං ධම්මිකං ධම්මරාජානං ජීවිතා න වොරොපෙස්සථ, ඉමස්මිංයෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උප්පජ්ජිස්සථ. දෙවදත්තං නිස්සාය අසන්තපග්ගහං කත්වා සොතාපත්තිඵලා පරිහීනො”ති ආහ.
රජ පිරිපුන් මනදොළ ඇත්තේ වී, එසේ නම් යහළුව ජීවකය, ඇත් යානාදිය සූදානම් කැරව. යානා සූදානම් කැරවා මහත් රාජ ආනුභාවයෙන් ජීවක අඹ වනයට ගොස් සුවඳවත් කළ මැද මාලෙහි භික්ෂු සංඝයා විසින් පිරිවරන ලද බුදු රජුන් දැක සන්සුන් රළ මැද මහා නැවක් මෙන් නො සැලෙන භික්ෂු සංඝයා ද ඒ මේ අත විමසා බලා මෙබඳු පිරිසක් පෙර නො දක්නා ලදිමි යි ඉරියව් පැවැත්මෙහි ම පැහැදී සංඝයට ඇඳිලි බැඳ ස්තුති කොට භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්නේ, සාමඤ්ඤඵල පිළිබඳ ප්‍රශ්න විචාළේය. ඉක්බිති, ඔහුට බුදුහු බණ වර දෙකකින් යුක්තව සාමඤ්ඤඵල සූත්‍රය දෙසූහ. හෙතෙම සූත්‍ර දේශනාවගේ කෙළවර සතුටු සිත් ඇත්තේ, බුදුන් ක්ෂමා කැරවා අසුනෙන් නැඟිට පැදකුණු කොට ගියේය. බුදුහු රජු ගිය නොබෝ වේලාවකින් භික්ෂූන් අමතා මහණෙනි, හාරා දමන ලද්දේය. රජතුමා විසින් නසන ලද්දේය. ඉදින් මහණෙනි, මේ රජ තෙම රජ සම්පත් හේතුකොට ගෙන දැහැමි ධාර්මික රජ වූ පියා නො මැරුවේ නම් මේ ආසනයේ දී ම ඔහුට රජස් නැති මළ නැති දහම් ඇස පහළ වන්නේය. දෙව්දත් නිසා අදාන්ත පුද්ගලයන්ට අනුග්‍රහ කිරීම හේතුවෙන් සෝවාන් ඵලයෙන් පිරිහුණේයැ යි කීහ.
පුනදිවසෙ භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං “ආවුසො, අජාතසත්තු කිර අසන්තපග්ගහං කත්වා දුස්සීලං පාපධම්මං දෙවදත්තං නිස්සාය පිතුඝාතකකම්මස්ස කතත්තා සොතාපත්තිඵලා පරිහීනො, දෙවදත්තෙන නාසිතො රාජා”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, අජාතසත්තු ඉදානෙව අසන්තපග්ගහං කත්වා මහාවිනාසං පත්තො, පුබ්බෙපෙස අසන්තපග්ගහෙනෙව අත්තානං නාසෙසී”ති වත්වා අතීතං ආහරි.
දෙවැනි දින භික්ෂූහු දම් සභාවෙහි කථාවක් මතු කළාහුය. ඇවැත්නි, අජාසත් වනාහි නො දැමුණු පුද්ගලයන්ට අනුග්‍රහ කොට දුසිල් පවිටු දෙව්දත් නිසා පීතෘ ඝාතක කර්මය කළ බැවින් සෝවාන් ඵලයෙන් පිරිහුණේ, දෙව්දත් විසින් රජ නසන ලද්දේය. බුදුහු වැඩමවා මහණෙනි, මෙහි කවර කථාවකින් යුක්තව හුන්නාහුදැ යි විචාරා මෙනම් කථාවකින්යැ යි කී කල්හි මහණෙනි, අජාසත් දැන් පමණක් නො දැමුණු අයට අනුග්‍රහ කොට මහත් විනාශයට පැමිණියේ නො වේ. පෙරත් නො දැමුණු අයට අනුග්‍රහ කිරීමෙන් ම තමා ම නසා ගත්තේයැ යි වදාරා අතීතය ගෙනහැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො මහාවිභවෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො තක්කසිලං ගන්ත්වා සබ්බසිප්පානි උග්ගණ්හිත්වා බාරාණසියං දිසාපාමොක්ඛො ආචරියො හුත්වා පඤ්ච මාණවකසතානි සිප්පං වාචෙසි. තෙසු මාණවෙසු එකො සඤ්ජීවො නාම මාණවො අත්ථි, බොධිසත්තො තස්ස මතකුට්ඨාපනකමන්තං අදාසි. සො උට්ඨාපනකමන්තමෙව ගහෙත්වා පටිබාහනමන්තං පන අග්ගහෙත්වාව එකදිවසං මාණවෙහි සද්ධිං දාරුඅත්ථාය අරඤ්ඤං ගන්ත්වා එකං මතබ්යග්ඝං දිස්වා මාණවෙ ආහ “භො, ඉමං මතබ්යග්ඝං උට්ඨාපෙස්සාමී”ති. මාණවා “න සක්ඛිස්සසී”ති ආහංසු. “පස්සන්තානඤ්ඤෙව වො තං උට්ඨාපෙස්සාමී”ති. “සචෙ, මාණව, සක්කොසි, උට්ඨාපෙහී”ති. එවඤ්ච පන වත්වා තෙ මාණවා රුක්ඛං අභිරුහිංසු. සඤ්ජීවො මන්තං පරිවත්තෙත්වා මතබ්යග්ඝං සක්ඛරාහි පහරි, බ්‍යග්ඝො උට්ඨාය වෙගෙනාගන්ත්වා සඤ්ජීවං ගලනාළියං ඩංසිත්වා ජීවිතක්ඛයං පාපෙත්වා තත්ථෙව පති, සඤ්ජීවොපි තත්ථෙව පති. උභොපි එකට්ඨානෙයෙව මතා නිපජ්ජිංසු.
පෙර බරණැස් නුවර බඹදත් රජ කරන කල්හි බෝසත්හු මහා ධනවත් බමුණු කුලයක ඉපදී වැඩිවියට පත්ව තක්සලාවට ගොස් සියලු ශිල්ප ඉගෙන බරණැස දිසාපාමොක් ඇදුරු ව පන්සියයක් මානවකයන්ට ශිල්ප උගන්වයි. ඒ මානවකයන් අතුරෙන් සංජීව නම් එක් මානවකයකු ඇත. බෝසත් තෙම ඔහුට මළවුන් දිවි ඇත්තන් සේ නඟා සිටුවන මන්ත්‍රය දුන්නේය. හෙතෙම නඟා සිටුවන මන්ත්‍රය පමණක් ගෙන නැවත ප්‍රකෘතිමත් කරන මන්ත්‍රය නො ගෙන එක් දිනක් මානවකයන් සමග දර පිණිස කැලයට ගොස් එක් මළ ව්‍යාඝ්‍රයකු දැක මානවකයන්ට කීවේය. සගයිනි, මේ මළ ව්‍යාඝ්‍රයා පණ ගන්වන්නෙමි. මානවකයෝ නො හැකියැ යි කීවාහුය. තොපට පෙනෙන්න ම පණ දෙන්නෙමි. ඉදින් මානවකය, හැකි නම් පණ දෙවන්න. එසේ ද කියා ඒ මානවකයෝ ගසකට නැංගාහුය. සංජීව මන්ත්‍රය ජපකොට මළ ව්‍යාඝ්‍රයාට ගල් කැටවලින් පහර දුන්නේය. ව්‍යාඝ්‍රයා නැගිට වේගයෙන් අවුත් සංජීවගේ ගල නාලය සපා මරණයට පමුණුවා එහි ම වැටුණේය. සංජීව ද එහි ම වැටුණේය. දෙදෙනා ම එක තැන ම මැරී වැටුණහ.
මාණවා දාරූනි ආදාය ආගන්ත්වා තං පවත්තිං ආචරියස්ස ආරොචෙසුං. ආචරියො මාණවෙ ආමන්තෙත්වා “තාතා, අසන්තපග්ගහකාරා නාම අයුත්තට්ඨානෙ සක්කාරසම්මානං කරොන්තා එවරූපං දුක්ඛං පටිලභන්තියෙවා”ති වත්වා ඉමං ගාථමාහ –
මානවකයෝ දර ආදිය ගෙන අවුත් ඒ පුවත ගුරුතුමාට සැලකළාහුය. ගුරුතුමා මානවකයන් අමතා දරුවනි, නො දැමුණු අයට අනුග්‍රහ කිරීම නම් නුසුදුසු ස්ථානයේ සත්කාර සම්මාන කරන්නෝ මෙබඳු දුක් ලබන්නේයැ යි කියා මේ ගාථාව කීවේය.
“අසන්තං යො පග්ගණ්හාති, අසන්තං චූපසෙවති; තමෙව ඝාසං කුරුතෙ, බ්‍යග්ඝො සඤ්ජීවිකො යථා”ති.
“අසන්තං යො පග්ගණ්හාති අසන්තඤ්චුපසෙවති, තමෙව ඝාසං කුරුතෙ ව්යග්ඝො සඤ්ජීවිකො යථාති”
“යමකු අසත් පුරුෂයාට සත්කාර සම්මාන කෙරේ ද අසත් පුරුෂයා සේවනය කෙරේ ද, (ඒ අසත් පුරුෂයා) ඔහු ම ගිල ගනී. (විනාශයට පත් කෙරේ.) ව්යාඝ්ර සංජීව දෙදෙනා මෙනි.”
තත්ථ අසන්තන්ති තීහි දුච්චරිතෙහි සමන්නාගතං දුස්සීලං පාපධම්මං. යො පග්ගණ්හාතීති ඛත්තියාදීසු යො කොචි එවරූපං දුස්සීලං පබ්බජිතං වා චීවරාදිසම්පදානෙන, ගහට්ඨං වා උපරජ්ජසෙනාපතිට්ඨානාදිසම්පදානෙන පග්ගණ්හාති, සක්කාරසම්මානං කරොතීති අත්ථො. අසන්තං චූපසෙවතීති යො ච එවරූපං අසන්තං දුස්සීලං උපසෙවති භජති පයිරුපාසති. තමෙව ඝාසං කුරුතෙති තමෙව අසන්තපග්ගණ්හකං සො දුස්සීලො පාපපුග්ගලො ඝසති සංඛාදති විනාසං පාපෙති. කථං? බ්‍යග්ඝො සඤ්ජීවිකො යථාති, යථා සඤ්ජීවෙන මාණවෙන මන්තං පරිවත්තෙත්වා මතබ්යග්ඝො සඤ්ජීවිකො ජීවිතසම්පදානෙන සම්පග්ගහිතො අත්තනො ජීවිතදායකං සඤ්ජීවමෙව ජීවිතා වොරොපෙත්වා තත්ථෙව පාතෙසි, එවං අඤ්ඤොපි යො අසන්තපග්ගහං කරොති, සො දුස්සීලො තං අත්තනො සම්පග්ගාහකමෙව විනාසෙති. එවං අසන්තසම්පග්ගාහකා විනාසං පාපුණන්තීති.
එහි, “අසන්තන්ති”, ත්‍රිවිධ දුශ්චරිතයෙන් යුත් දුස්සීල වූ පවිටු ස්වභාව ඇත්තේ, “යො පග්ගණ්හාතීති”, ක්ෂත්රිය ආදීන් අතුරෙහි යම් කිසිවකු මෙබඳු දුස්සීල වූ පැවිද්දකු චීවරාදිය ප්රදානය කිරීමෙන් හෝ යුවරජු, සෙනවි තනතුරු ආදිය දීමෙන් අනුග්‍රහ දක්වයි ද සත්කාර සම්මාන කෙරේ ද, යන අර්ථයි. “අසන්තඤ්චුපසෙවතීති”, යමකු මෙබඳු වූ නො හික්මුණු දුස්සීලයකු සේවනය කරයි ද භජනය කරයි ද ළඟ ඇසුරු කරයි ද, “තමෙව ඝාසං කුරුතෙති”, ඒ නො දැමුණු පුද්ගලයාට සංග්‍රහ කරන්නා ඒ දුස්සීල පුද්ගලයා කා දමයි. විනාශයට පමුණුවයි. කෙසේ ද යත්, “ව්යග්ඝො සඤ්ජීවකො යථාති”, යම් සේ සංජීවක මානවකයා විසින් මන්ත්‍ර භාවිත කොට මළ ව්‍යාඝ්‍රයාට ජීවිතය ලබා දීමෙන් අනුග්‍රහ දක්වන ලද්දේ ද, තමන්ගේ ජීවිතය ලබා දුන්නා වූ සංජීවකයා ම දිවි තොර කොට එතැන ම හෙළුවේය. මෙසේ අනිකකු හෝ අසත් පුරුෂයන්ට අනුග්‍රහ කරයි ද ඒ දුස්සීලයා තමන් ම අනුග්‍රහ කළා වූ ඔහු ම විනාශයට පමුණුවයි. මේ ආකාරයෙන් අසත් පුරුෂයන්ට අනුග්‍රහ දක්වන්නේ, විනාශයට පැමිණෙත්.
බොධිසත්තො ඉමාය ගාථාය මාණවානං ධම්මං දෙසෙත්වා දානාදීනි පුඤ්ඤානි කත්වා යථාකම්මං ගතො.
බෝසත්හු මේ ගාථාවෙන් මානවකයන්ට දම් දෙසා දානාදී පිංකම් කොට කම් වූ පරිදි ගියහ.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා මතබ්යග්ඝුට්ඨාපනකො මාණවො අජාතසත්තු අහොසි, දිසාපාමොක්ඛො ආචරියො පන අහමෙව අහොසි”න්ති.
බුදු රජහු ද මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය නිමවූහ. එදින මළ ව්‍යාඝ්‍රයා දිවි ගැන්වූ මානවකයා අජාතසත්තු විය. දිසාපාමොක් ඇදුරහු මම ම වීමි.
සඤ්ජීවජාතකවණ්ණනා දසමා.
කකණ්ටකවග්ගො පන්නරසමො.
පසළොස් වැනි කකණ්ඨක වර්ගයයි.
උපරිම පණ්ණාසකය නිමියේය.
තස්සුද්දානං –
ගොධසිඞ්ගාලවිරොචං, නඞ්ගුට්ඨරාධකාකඤ්ච; පුප්ඵරත්තඤ්ච සිඞ්ගාලං, එකපණ්ණඤ්ච සඤ්ජීවං.
අථ වග්ගුද්දානං –
අපණ්ණකො සීලවග්ගො, කුරුඞ්ගො ච කුලාවකො; අත්ථකාමො ච ආසීසො, ඉත්ථීවරුණපායිම්හා.
ලිත්තො පරොසතං හංචි, කුසනාළා සම්පදානො; කකණ්ටකො පන්නරස, සතපණ්ණාස ජාතකාති.
එකකනිපාතවණ්ණනා නිට්ඨිතා.
ඒකක නිපාත වර්ණනාව නිමි.
(පඨමො භාගො නිට්ඨිතො).