1. රාජොවාදජාතකවණ්ණනා 151 අට්ඨකථා
1. රාජොවාදජාතකවණ්ණනා (151)
1. රාජෝවාද ජාතකය (151)
දළ්හං දළ්හස්ස ඛිපතීති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො රාජොවාදං ආරබ්භ කථෙසි. සො තෙසකුණජාතකෙ (ජා· 2.17.1 ආදයො) ආවි භවිස්සති. එකස්මිං පන දිවසෙ කොසලරාජා එකං අගතිගතං දුබ්බිනිච්ඡයං අඩ්ඩං විනිච්ඡිනිත්වා භුත්තපාතරාසො අල්ලහත්ථොව අලඞ්කතරථං අභිරුය්හ සත්ථු සන්තිකං ගන්ත්වා ඵුල්ලපදුමසස්සිරිකෙසු පාදෙසු නිපතිත්වා සත්ථාරං වන්දිත්වා එකමන්තං නිසීදි. අථ නං සත්ථා එතදවොච – “හන්ද කුතො නු ත්වං, මහාරාජ, ආගච්ඡසි දිවා දිවස්සා”ති. “භන්තෙ, අජ්ජ එකං අගතිගතං දුබ්බිනිච්ඡයං අඩ්ඩං විනිච්ඡිනන්තො ඔකාසං අලභිත්වා ඉදානි තං තීරෙත්වා භුඤ්ජිත්වා අල්ලහත්ථොව තුම්හාකං උපට්ඨානං ආගතොම්හී”ති. සත්ථා “මහාරාජ, ධම්මෙන සමෙන අඩ්ඩවිනිච්ඡයං නාම කුසලං, සග්ගමග්ගො එස. අනච්ඡරියං ඛො පනෙතං, යං තුම්හෙ මාදිසස්ස සබ්බඤ්ඤුබුද්ධස්ස සන්තිකා ඔවාදං ලභමානා ධම්මෙන සමෙන අඩ්ඩං විනිච්ඡිනෙය්යාථ. එතදෙව අච්ඡරියං, යං පුබ්බෙ රාජානො අසබ්බඤ්ඤූනම්පි පණ්ඩිතානං වචනං සුත්වා ධම්මෙන සමෙන අඩ්ඩං විනිච්ඡිනන්තා චත්තාරි අගතිගමනානි වජ්ජෙත්වා දස රාජධම්මෙ අකොපෙත්වා ධම්මෙන රජ්ජං කාරෙත්වා සග්ගපුරං පූරයමානා අගමිංසූ”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
“දළ්හං දළ්හස්ස ඛිපති” යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් රජ කෙනෙකුට කළ අවවාදයක් අරබයා දේශනා කළ සේක. මෙහි වර්තමාන කථාව තේසකුණ ජාතකයෙහි මතු සඳහන් වන්නේය. එක් දිනක කොසොල් රජතුමා අගතිගාමී වැරදි තීන්දුවක් දුන් නඩුවක් නැවත විනිශ්චය කොට උදෑසන ආහාර අනුභවකොට තෙත් අත් ඇතිවම අලංකාර කරන ලද රථයකට නැගී බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් පිපුණු නෙළුම් මල් පැහැය ඇති ශ්‍රී පාදය ළඟ වැටී ශාස්තෲන් වහන්සේට නමස්කාර කොට එතක්පසෙක සිටියේය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ රජතුමාට මෙසේ වදාළ සේක. මහරජතුමනි! නුඹ කුමක් නිසා මහ දවල් ආවෙහිද? ස්වාමීනි! අද එක් අගතිගාමී වැරදි තීන්දුවක් දුන් නඩුවක් නැවත විනිශ්චය කිරීම නිසා කාලය ගතවිය. ඉඩ ලැබුණු පසු එය නිමවා ආහාර අනුභව කොට තෙත් අත් ඇතිව (අත වේලෙන්නට කලින්) දැන් ඔබවහන්සේට උපස්ථාන කිරීමට ආවෙමියි කීය. එවිට බුදුරජාණන් වහන්සේ මහරජතුමනි! දැහැමින් සෙමෙන් නඩු විසඳීම නම් මහා කුසලයකි. එය ස්වර්ගයට යන මාර්ගයකි. නුඹ වැනි රජ කෙනෙක් මා වැනි සර්වඥවරයෙකු සමීපයෙහි අවවාද අනුශාසනා ලබමින් දැහැමින් සෙමෙන් නඩු විසඳනවාය කීම පුදුමයක් නොවේ. පුදුමය නම් පෙර රජවරු සර්වඥවරයන් වහන්සේ නොමැති කාලවලත් නුවණ ඇති අයගේ උපදෙස් (වචන) අසා දැහැමින් නඩු විසඳමින් සතර අගතියෙන් තොරව (ඡන්ද, දෝස, භය, මෝහ) දසරාජ ධර්මයට (දාන, සීල, පරිත්‍යාග ආදී) පටහැනි නොවී දැහැමින් රජකම් කර දෙව්ලොව ගියාහු යයි වදාරා ඔහුගේ ඉල්ලීම පරිදි ඒ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො තස්ස අග්ගමහෙසියා කුච්ඡිස්මිං පටිසන්ධිං ගහෙත්වා ලද්ධගබ්භපරිහාරො සොත්ථිනා මාතුකුච්ඡිම්හා නික්ඛමි. නාමග්ගහණදිවසෙ පනස්ස “බ්රහ්මදත්තකුමාරො”ත්වෙව නාමං අකංසු. සො අනුපුබ්බෙන වයප්පත්තො සොළසවස්සකාලෙ තක්කසිලං ගන්ත්වා සබ්බසිප්පෙසු නිප්ඵත්තිං පත්වා පිතු අච්චයෙන රජ්ජෙ පතිට්ඨාය ධම්මෙන සමෙන රජ්ජං කාරෙසි, ඡන්දාදිවසෙන අගන්ත්වා විනිච්ඡයං අනුසාසි. තස්මිං එවං ධම්මෙන රජ්ජං කාරෙන්තෙ අමච්චාපි ධම්මෙනෙව වොහාරං විනිච්ඡිනිංසු. වොහාරෙසු ධම්මෙන විනිච්ඡයමානෙසු කූටඩ්ඩකාරකා නාම නාහෙසුං, තෙසං අභාවා අඩ්ඩත්ථාය රාජඞ්ගණෙ උපරවො පච්ඡිජ්ජි. අමච්චා දිවසම්පි විනිච්ඡයට්ඨානෙ නිසීදිත්වා කඤ්චි විනිච්ඡයත්ථාය ආගච්ඡන්තං අදිස්වා උට්ඨාය පක්කමන්ති, විනිච්ඡයට්ඨානං ඡඩ්ඩෙතබ්බභාවං පාපුණි.
පෙර බරණැස් නුවර බඹදත් රජතුමා රට පාලනය කරන සමයෙහි බෝසතාණන් වහන්සේ ඔහුගේ අගබිසොවගේ කුස පිළිසිඳ ගෙන ලබන ලද ගැබ් පෙරහර ඇත්තේ යහතින් මව්කුසින් නික්මුණහ. නම් තබන දිනයේ ඔහුට බඹදත් කුමරා යයි නම් කළහ. හෙතෙම පිළිවෙලින් වැඩිවියට පැමිණියේ සොළොස්වියට පත්වූ විට තක්සලා නුවරට ගොස් සියලු ශිල්පයන් ඉගෙන ගෙන එහි නිමාවට පැමිණ පියාගේ ඇවෑමෙන් රාජ්‍යයෙහි පිහිටා දැහැමින් සෙමෙන් රජ කෙළේය. ඡන්දාදී සතර අගතියෙන් මිදී ඔහු මෙසේ දැහැමින් රජ කරද්දී ඇමතිවරුද ඒ අනුව දැහැමින්ම නඩු විසඳූහ. දැහැමින් නඩු විසඳද්දී බොරු නඩුකාරයන් හෝ නොවූහ. නඩු නොමැති නිසා රජ මිදුලෙහි නඩු විසඳීම සඳහා පිහිටුවන ලද අධිකරණ ශාලා සිඳලන ලදි. ඇමැතිවරු දවස පුරා අධිකරණ ශාලාවෙහි හිඳ විනිශ්චය සඳහා කිසිවෙකු එනු නොදැක නැගිට යත්. අධිකරණ ශාලා ඉවත් කළයුතු බවට පත්විය.
බොධිසත්තො චින්තෙසි – “මයි ධම්මෙන රජ්ජං කාරෙන්තෙ විනිච්ඡයට්ඨානං ආගච්ඡන්තා නාම නත්ථි, උපරවො පච්ඡිජ්ජි, විනිච්ඡයට්ඨානං ඡඩ්ඩෙතබ්බභාවං පත්තං, ඉදානි මයා අත්තනො අගුණං පරියෙසිතුං වට්ටති ‘අයං නාම මෙ අගුණො’ති සුත්වා තං පහාය ගුණෙසුයෙව වත්තිස්සාමී”ති. තතො පට්ඨාය “අත්ථි නු ඛො මෙ කොචි අගුණවාදී”ති පරිග්ගණ්හන්තො අන්තොවළඤ්ජකානං අන්තරෙ කඤ්චි අගුණවාදිං අදිස්වා අත්තනො ගුණකථමෙව සුත්වා “එතෙ මය්හං භයෙනාපි අගුණං අවත්වා ගුණමෙව වදෙය්යු”න්ති බහිවළඤ්ජනකෙ පරිග්ගණ්හන්තො තත්ථාපි අදිස්වා අන්තොනගරෙ පරිග්ගණ්හි. බහිනගරෙ චතූසු ද්වාරෙසු චතුගාමකෙ පරිග්ගණ්හි. තත්ථාපි කඤ්චි අගුණවාදිං අදිස්වා අත්තනො ගුණකථමෙව සුත්වා “ජනපදං පරිග්ගණ්හිස්සාමී”ති අමච්චෙ රජ්ජං පටිච්ඡාපෙත්වා රථං ආරුය්හ සාරථිමෙව ගහෙත්වා අඤ්ඤාතකවෙසෙන නගරා නික්ඛමිත්වා ජනපදං පරිග්ගණ්හමානො යාව පච්චන්තභූමිං ගන්ත්වා කඤ්චි අගුණවාදිං අදිස්වා අත්තනො ගුණකථමෙව සුත්වා පච්චන්තසීමතො මහාමග්ගෙන නගරාභිමුඛොයෙව නිවත්ති.
බෝසතාණන් වහන්සේ මා දැහැමින් රජකරනවිට විනිශ්චය සඳහා එන්නෝ නම් නැත. අධිකරණ ශාලා සිඳලන ලදි. නඩු විසඳන ස්ථාන ඉවත් කළයුතු බවට පත්විය. දැන් මා විසින් මගේ අගුණයක් ඇද්දැයි විමසීමට වටියි. මෙය නම් මගේ අගුණයක් යයි දැන එය හැරදමා ගුණධර්මවලට පවතින්නෙමියි සිතූ සේක. එතැන් පටන් මගේ කිසියම් අගුණයක් කියන්නෙකු ඇද්දැයි පරීක්ෂා කරමින් ඇතුළත සේවය කරන්නන් අතරෙහි කිසි අගුණවාදියෙකු නොදැක. තමන්ගේ ගුණ කථාව අසා මොවුන් මට බියෙන් අගුණ නොකියා ගුණම කියතියි සිතා පිටත සේවකයන් පරීක්ෂා කරමින් එහිද කිසිවෙකු නොදැක නගරය ඇතුළත පරීක්ෂා කළහ. නුවරින් පිට දොරටු සතරෙහි දොරටු අසල ගම් පරීක්ෂා කළහ. එහිද කිසිම අගුණ කියන්නෙකු නොදැක තමන්ගේ ගුණ කථාව අසා ජනපදය පරීක්ෂා කරන්නෙමියි ඇමතියන්ට රාජ්‍යය පවරා දී රථයට නැගී රියදුරා පමණක් ගෙන වෙස් වලාගෙන නගරයෙන් නික්මී ජනපදය පරීක්ෂා කරමින් පසල් දනව්වට ගොස් එහිද කිසි අගුණවාදියෙකු නොදැක තමන්ගේ ගුණ කථනයන්ම අසා පිටිසර සීමාවේ සිට මහ මගින් නගරය බලාම නික්මුණහ.
තස්මිං පන කාලෙ බල්ලිකො නාම කොසලරාජාපි ධම්මෙන රජ්ජං කාරෙන්තො අගුණකථං ගවෙසන්තො හුත්වා අන්තොවළඤ්ජකාදීසු අගුණවාදිං අදිස්වා අත්තනො ගුණකථමෙව සුත්වා ජනපදං පරිග්ගණ්හන්තො තං පදෙසං අගමාසි. තෙ උභොපි එකස්මිං නින්නට්ඨානෙ සකටමග්ගෙ අභිමුඛා අහෙසුං, රථස්ස උක්කමනට්ඨානං නත්ථි. අථ බල්ලිකරඤ්ඤො සාරථි බාරාණසිරඤ්ඤො සාරථිං “තව රථං උක්කමාපෙහී”ති ආහ. සොපි “අම්භො සාරථි, තව රථං උක්කමාපෙහි, ඉමස්මිං රථෙ බාරාණසිරජ්ජසාමිකො බ්රහ්මදත්තමහාරාජා නිසින්නො”ති ආහ. ඉතරොපි නං “අම්භො සාරථි, ඉමස්මිං රථෙ කොසලරජ්ජසාමිකො බල්ලිකමහාරාජා නිසින්නො, තව රථං උක්කමාපෙත්වා අම්හාකං රඤ්ඤො රථස්ස ඔකාසං දෙහී”ති ආහ. බාරාණසිරඤ්ඤො සාරථි “අයම්පි කිර රාජායෙව, කිං නු ඛො කාතබ්බ”න්ති චින්තෙන්තො “අත්ථෙසො උපායො”ති වයං පුච්ඡිත්වා “දහරස්ස රථං උක්කමාපෙත්වා මහල්ලකස්ස ඔකාසං දාපෙස්සාමී”ති සන්නිට්ඨානං කත්වා තං සාරථිං කොසලරඤ්ඤො වයං පුච්ඡිත්වා පරිග්ගණ්හන්තො උභින්නම්පි සමානවයභාවං ඤත්වා රජ්ජපරිමාණං බලං ධනං යසං ජාතිං ගොත්තං කුලපදෙසන්ති සබ්බං පුච්ඡිත්වා “උභොපි තියොජනසතිකස්ස රජ්ජස්ස සාමිනො සමානබලධනයසජාතිගොත්තකුලපදෙසා”ති ඤත්වා “සීලවන්තස්ස ඔකාසං දස්සාමී”ති චින්තෙත්වා “භො සාරථි, තුම්හාකං රඤ්ඤො සීලාචාරො කීදිසො”ති පුච්ඡි. සො “අයඤ්ච අයඤ්ච අම්හාකං රඤ්ඤො සීලාචාරො”ති අත්තනො රඤ්ඤො අගුණමෙව ගුණතො පකාසෙන්තො පඨමං ගාථමාහ –
ඒ කාලයේ වනාහි මල්ලික නම් කොසොල් රජතුමා ද දැහැමින් රාජ්‍යය කරන්නේ අගුණ සොයන්නෙක් වී ඇතුළත සේවකයන් අතුරෙහි අගුණවාදියෙකු නොදැක තමන්ගේ ගුණකථාව අසා ජනපදය පරීක්ෂා කරමින් ඒ ප්‍රදේශයට ආවේය. ඒ දෙදෙනාම එක් පහත් බිමක ගැල් මාර්ගයෙහි මුහුණට මුහුණලා හමුවූහ. රථය ඉක්මවා යාමට තැනක් නැත. ඉක්බිති මල්ලික රජුගේ රියදුරා බරණැස් රජුගේ රියදුරාට නුඹේ රථය ඉවත් කරන්නැයි කීවේය. හෙතෙමේද එම්බා රථාචාරිය! නුඹේ රථය ඉවත්කර ගනුව. මේ රථයෙහි බරණැස් රාජ්‍යයෙහි ස්වාමියා වූ බඹදත් මහරජතුමා හුන්නේ යයි කීවේය. අනිත් රියදුරාද ඔහුට එම්බා රථාචාරිය! මේ රථයෙහි කොසොල් රාජ්‍යයෙහි ස්වාමියා වූ මල්ලික රජතුමා සිටින්නේ නුඹේ රථය ඉවත් කරගෙන අපගේ රජතුමාට රථයට අවකාශ දෙවයි කීවේය. බරණැස් රජුගේ රියදුරා මොහුද වනාහි රජ කෙනෙකුමය. කුමක් කළයුතුදැයි සිතන්නේ, මෙයට එක් උපායක් ඇත. වයස විචාරා වයසින් බාලයාගේ රථය ඉවත් කරවා වැඩිමහලු කෙනාගේ රථයට ඉඩ ලබා දෙන්නෙමියි සනිටුහන් කොට ඒ රථාචාරියා කොසොල් රජුගේ වයස විචාරා පරීක්ෂා කරන්නේ දෙදෙනාම සම වයස් බව දැන රාජ්‍යයේ ප්‍රමාණය, බලය, ධනවත්කම, කීර්තිය, ජාතිය, ගෝත්‍රය, කුල ප්‍රදේශය යන සියල්ල විචාරා දෙදෙනාම යොදුන් තුන්සියයක් පමණ රාජ්‍යවල හිමිකරුවෝය. සමාන බලය, ධනය, කීර්තිය, ජාතිය, ගෝත්‍රය, කල ප්‍රදේශ ඇති බව දැන, සිල්වත්කමින් වැඩි තැනැත්තාට ඉඩ දෙන්නෙමියි සිතා එම්බා රථාචාර්යය! තොපගේ රජතුමාගේ සිල්වත්කම කෙබඳුදැයි විචාළේය. හෙතෙමේ අපගේ රජතුමාගේ සිල්වත්කම මේ මේ ආකාරයයි තමන්ගේ රජතුමාගේ අගුණයම ගුණ වශයෙන් ප්‍රකාශ කරමින්,
“දළ්හං දළ්හස්ස ඛිපති, බල්ලිකො මුදුනා මුදුං; සාධුම්පි සාධුනා ජෙති, අසාධුම්පි අසාධුනා; එතාදිසො අයං රාජා, මග්ගා උය්යාහි සාරථී”ති.
දළ්හං දළ්හස්ස ඛිපති මල්ලිකො මුදුනා මුදුං, සාධුම්පි සාධුනා ජෙති අසාධුම්පි අසාධුනා, එතාදිසො අයං රාජා මග්ගා උය්යාහි සාරථී.
යන පළමු ගාථාව කීවේය.
රථාචාර්යය! මල්ලික රජු දැඩි අයට තදින් පහර දෙයි. මෘදු අය මෘදු භාවයෙන් පරදවයි. සත්පුරුෂයා සාධු ගුණයෙන්ද අසත් පුරුෂයා අසත්පුරුෂ කමින්ද පරදවයි. මේ රජ මෙබඳු ගතිගුණ ඇත්තේය. ඒ නිසා මාර්ගයෙන් ඉවත්ව ඉඩ දෙන්න.
තත්ථ දළ්හං දළ්හස්ස ඛිපතීති යො දළ්හො හොති බලවදළ්හෙන පහාරෙන වා වචනෙන වා ජිනිතබ්බො, තස්ස දළ්හමෙව පහාරං වා වචනං වා ඛිපති. එවං දළ්හොව හුත්වා තං ජිනාතීති දස්සෙති. බල්ලිකොති තස්ස රඤ්ඤො නාමං. මුදුනා මුදුන්ති මුදුපුග්ගලං සයම්පි මුදු හුත්වා මුදුනාව උපායෙන ජිනාති. සාධුම්පි සාධුනා ජෙතීති යෙ සාධූ සප්පුරිසා, තෙ සයම්පි සාධු හුත්වා සාධුනාව උපායෙන ජිනාති. අසාධුම්පි අසාධුනාති යෙ පන අසාධූ, තෙ සයම්පි අසාධු හුත්වා අසාධුනාව උපායෙන ජිනාතීති දස්සෙති. එතාදිසො අයං රාජාති අයං අම්හාකං කොසලරාජා සීලාචාරෙන එවරූපො. මග්ගා උය්යාහි සාරථීති අත්තනො රථං මග්ගා උක්කමාපෙත්වා උය්යාහි, උප්පථෙන යාහි, අම්හාකං රඤ්ඤො මග්ගං දෙහීති වදති.
එහි, දළ්හං දළ්හස්ස ඛිපති යනු යමෙක් දැඩිවෙයි ද බලවත් වෙයි ද දැඩි ප්‍රහාරයෙන් හෝ තද වචනයෙන් හෝ පැරදවිය යුතුයි. ඔහුට දැඩිවූම පහරදීමක් හෝ තද වචනයක් හෝ එල්ල කරයි. මෙසේ දැඩිවී ඔහු පරදන්නේ යයි දක්වයි. මල්ලිකො යනු ඒ රජුගේ නමයි. මුදුනා මුදුං යනු මෘදු පුද්ගලයාට තමාත් මෘදුවී මෘදු උපායෙන් පරදවයි. සාධුම්පි සාධුනා ජෙති අසාධුම්පි අසාධුනා යනු යමෙක්හු යහපත් සත්පුරුෂයෝද ඔවුන්ට තමාත් යහපත් වී යහපත් උපායෙන්ම පරදවයි. යමෙක්හු වනාහි අයහපත්ද ඔවුන්ට තමාත් අයහපත් වී අයහපත් උපායෙන්ම පරදවයි යනුවෙන් දක්වයි. එතාදිසො අයං රාජා යනු මේ අපගේ කොසොල් රජතුමා සිල් පැවැත්මෙන් මෙබඳු ආකාරයි, මග්ගා උය්යාහිසාරථී යනු තමන්ගේ රථය මාර්ගයෙන් අයින් කරවා ඉඩදී වැරදි මගින් යන්න. අපගේ රජතුමාට මාර්ගය දෙන්නයි කියයි.
අථ නං බාරාණසිරඤ්ඤො සාරථි “අම්භො, කිං පන තයා අත්තනො රඤ්ඤො ගුණකථා කථිතා”ති වත්වා “ආමා”ති වුත්තෙ “යදි පන එතෙ ගුණාති වදසි, අගුණා පන කීදිසී”ති වත්වා “එතෙ තාව අගුණා හොන්තු, තුම්හාකං පන රඤ්ඤො කීදිසො ගුණො”ති වුත්තෙ “තෙන හි සුණාහී”ති දුතියං ගාථමාහ –
ඉක්බිති රජුට බරණැස් රජුගේ රියදුරා, එම්බා! කිම නුඹ වනාහි තමන්ගේ රජතුමාගේ ගුණ කියන ලදද කියා එසේයයි කී කල්හි, ඉදින් ඒවා ගුණ නම්, අගුණ වනාහි කෙබඳු දැයි කියා ඒවා වනාහි අගුණ වෙත්වා, නුඹගේ රජතුමාටග් ගුණ වනාහි කෙබඳුදැයි කී කල්හි එසේ නම් අසවයි
“අක්කොධෙන ජිනෙ කොධං, අසාධුං සාධුනා ජිනෙ; ජිනෙ කදරියං දානෙන, සච්චෙනාලිකවාදිනං; එතාදිසො අයං රාජා, මග්ගා උය්යාහි සාරථී”ති.
අක්කොධෙන ජිණෙ කොධං අසාධුං සාධුනා ජිණෙ, ජිණෙ කදරියං දානෙන සච්චෙන අලිකවාදිනං, එතාදිසො අයං රාජා මග්ගා උය්යාහි සාරථී.
යන දෙවන ගාථාව කීවේය.
ක්‍රෝධ කරන්නා අක්‍රෝධයෙන් දිනයි. අසත්පුරුෂයා සත්පුරුෂ කමින් දිනයි. තද මසුරා පරිත්‍යාගයෙන් දිනයි. බොරු කියන්නා සත්‍ය වචනයෙන් දිනයි. මේ රජ ඒ ආකාරයි. රථාචාර්යය මග ඉඩ දෙන්න.
තත්ථ එතාදිසොති එතෙහි “අක්කොධෙන ජිනෙ කොධ”න්තිආදිවසෙන වුත්තෙහි ගුණෙහි සමන්නාගතො. අයඤ්හි කුද්ධං පුග්ගලං සයං අක්කොධො හුත්වා අක්කොධෙන ජිනාති, අසාධුං පන සයං සාධු හුත්වා සාධුනාව උපායෙන ජිනාති, කදරියං ථද්ධමච්ඡරිං සයං දායකො හුත්වා දානෙන ජිනාති. සච්චෙනාලිකවාදිනන්ති මුසාවාදිං සයං සච්චවාදී හුත්වා සච්චෙන ජිනාති. මග්ගා උය්යාහි සාරථීති, සම්ම සාරථි, මග්ගතො අපගච්ඡ. එවංවිධසීලාචාරගුණයුත්තස්ස අම්හාකං රඤ්ඤො මග්ගං දෙහි, අම්හාකං රාජා මග්ගස්ස අනුච්ඡවිකොති.
එහි, එතාදිසො යනු ඒ අක්කොධෙන ජිණෙ කොධන්ති ආදී වශයෙන් කියන ලද ගුණයන්ගෙන් යුක්තය. මේ තෙමේ කිපුණු පුද්ගලයා තමන් ක්‍රෝධ නොකරන්නෙකු වී අක්‍රෝධයෙන් දිනයි. අසාධුං අසත්පුරුෂයා වනාහි තමන් සත්පුරුෂයෙක් වී, සාධුනා දිනයි. කදරියං තද මසුරාට තමා දෙන්නෙකු වී, දානෙන දිනයි. අලික වාදිනං බොරු කියන්නාට තමන් ඇත්ත කියන්නෙකු වී, සච්චෙන සත්‍යයෙන් දිනයි. මග්ගා උය්යාහීති යහලු රථාචාරිය! මාර්ගයෙන් ඉවත්වන්න. මෙබඳු සිල් ගුණ පැවතුම්වලින් යුක්ත වූ අපගේ රජතුමාට මාර්ගය ඉඩ දෙන්න. අපගේ රජතුමා මාර්ගයට සුදුස්සාය.
එවං වුත්තෙ බල්ලිකරාජා ච සාරථි ච උභොපි රථා ඔතරිත්වා අස්සෙ මොචෙත්වා රථං අපනෙත්වා බාරාණසිරඤ්ඤො මග්ගං අදංසු. බාරාණසිරාජා බල්ලිකරඤ්ඤො “රඤ්ඤා නාම ඉදඤ්චිදඤ්ච කාතුං වට්ටතී”ති ඔවාදං දත්වා බාරාණසිං ගන්ත්වා දානාදීනි පුඤ්ඤානි කත්වා ජීවිතපරියොසානෙ සග්ගපුරං පූරෙසි. බල්ලිකරාජාපි තස්ස ඔවාදං ගහෙත්වා ජනපදං පරිග්ගහෙත්වා අත්තනො අගුණවාදිං අදිස්වාව සකනගරං ගන්ත්වා දානාදීනි පුඤ්ඤානි කත්වා ජීවිතපරියොසානෙ සග්ගපුරමෙව පූරෙසි.
මෙසේ කී කල්හි මල්ලික රජතුමාද රථාචාරියාද යන දෙදෙනාම රථයෙන් බැස අසුන් මුදවා රථය ඉවත් කරවා බරණැස් රජතුමාට මාර්ගය දුන්හ. බරණැස් රජතුමා මල්ලික රජුට රජෙකු නම් මේ මේ දේ කරන්නට වටී යයි අවවාද දී බරණැසට ගොස් දානාදී පිංකොට දිවි කෙළවර ස්වර්ග පදවිය පිරෙව්වේය. (දෙව්ලොව උපන්නේය.) මල්ලික රජුද ඔහුගේ අවවාද පිළිගෙන ජනපද පරීක්ෂා කරමින් තමන්ගේ අගුණ කියන අය නොදැකම සිය නුවරට ගොස් දානාදී පින්කොට දිවි කෙළවර දෙව්ලොවම පිරවීය. (දෙව්ලොව උපන්නේය.)
සත්ථා කොසලරාජස්ස ඔවාදත්ථාය ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා බල්ලිකරඤ්ඤො සාරථි මොග්ගල්ලානො අහොසි, බල්ලිකරාජා ආනන්දො, බාරාණසිරඤ්ඤො සාරථි සාරිපුත්තො, බාරාණසිරාජා පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමාට අවවාද දීම පිණිස මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල මල්ලික රජුගේ රථාචාරියා මහමුගලන් තෙරය. රජ ආනන්ද තෙරය. බරණැස් රජුගේ රථාචාරියා සැරියුත් මහතෙරය. රජ වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
රාජොවාදජාතකවණ්ණනා පඨමා.