1. රාජොවාදජාතකං
151. දළ‍්හං දළ‍්හස‍්ස ඛිපති මල‍්ලිකො මුදුනා මුදුං සාධුම‍්පි සාධුනා ජෙති අසාධුම‍්පි අසාධුනා, එතාදිසො අයං රාජා මග‍්ගා උය්‍යාහි සාරථි.
151. මල්ලික නම් රජ දැඩි (තද) අයට තදින් පහර දෙයි. මෘදු අය මෘදුභාවයෙන් දිනයි. සත්පුරුෂයා සාධු ගුණයෙන් ද අසත්පුරුෂයා අසාධු ගුණයෙන් ද දිනයි. මෙ රජ මෙබඳු ගති ඇත්තේ ය. රථාචාර්‍ය්‍ය, මාර්‍ගයෙන් පහව යා (යි මල්ලික රජුගේ රථාචාර්‍ය්‍යයා බරණැස් රජුගේ රථාචාර්‍ය්‍යයාට කී ය.)
152. අක‍්කොධෙන ජිනෙ කොධං අසාධුං සාධුනා ජිනෙ, ජිනෙ කදරියං දානෙන සච‍්චෙන අලිකවාදිනං එතාදිසො අයං රාජා මග‍්ගා උය්‍යාහි සාරථීති.
152. ක්‍රෝධ කරන්නා ක්‍රෝධ නො කිරීමෙන් (මෛත්‍රියෙන්) දිනයි. අසත්පුරුෂයා සාධු ගුණයෙන් දිනයි. තදමසුරා (තදමසුරුබව) දීමෙන් දිනයි. බොරු කියන්නා සත්‍යවචනයෙන් දිනයි. මෙ රජ මෙබඳු ගුණ ඇත්තේ ය. රථාචාර්‍ය්‍ය, මාර්‍ගයෙන් පහව යා (යි බරණැස් රජුගේ රථාචාර්‍ය්‍යයා) මල්ලික රජුගේ රථාචාර්‍ය්‍යයාට කී ය.
1. රාජොවාදජාතකං.
1. රාජෝවාද ජාතක යි.
153. අසමෙක‍්ඛිතකම‍්මන‍්තං තුරිතාභිනිපාතිනං, සානි කම‍්මානි තප‍්පෙත‍්ති උණ‍්හං වජ‍්ඣොහිතං මුඛෙ.
153. මනා කොට පරික්‍ෂා නො කොට කරන ලද කර්‍මාන්ත ඇති, (නොවිචාරා) වහා කටයුතු පටන් ගන්නහු, උණු අහරක් මුඛයෙහි තැබීමෙන් මුඛය දැවෙන්නා සේ තමාගේ ක්‍රියාවෝ (ඔහු) තවත් (ස්වකීය ක්‍රියාවලින් ඔහු තැවෙයි, දැවෙයි.)
154. සීහො ච සීහනාදෙන දද‍්දරං අභිනාදයි, සුත්‍වා සීහස‍්ස නිග‍්ඝොසං සිගාලො දද‍්දරෙ වසං භීතො සන‍්තාසමාපාදි හදයඤ‍්චස‍්ස අප‍්ඵලීති.
154. සිංහ තෙමේ ද සිංහනාදයෙන් පර්‍වතය ඒකනාද කෙළේ ය. පර්‍වතයෙහි වසන්නා වූ හිවලා සිංහයාගේ මහහඬ අසා (මරණ බියෙන්) බියපත් වූයේ තැතිගැන්මට පැමිණියේ ය. ඔහුගේ හෘදය ද පැළුණේ යි.
2. සිගාලජාතකං.
2. සිඟාල ජාතක යි.
155. චතුප‍්පදො අහං සම‍්ම ත්‍වම‍්පි සම‍්ම චතුප‍්පදො, එහි සීහ නිවත‍්තස‍්සු කින‍්නු භීතො පලායසී.
155. යහළුව, මම සිවුපායෙමි. යහළුව, තෝ ද සිවුපායෙහි. සිංහය මෙහි එව, නවතුව, බියපත් වූයේ කුමට පලායෙහි ද?
156. අසුචි පූතිලොමොසි දුග‍්ගන්‍ධො වාසි සූකර, සචෙ යුජ‍්ඣිතුකාමොසි ජයං සම‍්ම දදාමි තෙති.
156. (තෝ) අපවිත්‍ර වූ කුණු වූ ලොම් ඇත්තෙහි ය, දුගඳ හමන්නෙහි ය. ශුකරය, ඉදින් මා හා යුද කරනු කැමැත්තෙහි නම් යහළුව තට ජය දෙමි.
3. සූකරජාතකං.
3. සූකර ජාතක යි.
157. ඉධූරගානං පවරො පවිට‍්ඨො සෙලස‍්ස වණ‍්ණෙන පමොක‍්ඛමිච‍්ඡං, බ්‍රහ‍්මඤ‍්ච වණ‍්ණං අපචායමානො බුභුක‍්ඛිතො නො විසහාමි. භොත‍්තුං.
157. මිදීමක් කැමැත්තා වූ සර්‍පරාජ තෙමේ ශෛල වර්‍ණයෙන් මේ වල්කලාවට හෙවත් තවුස් පොරෝණය ඇතුළට පිවිසියේ ය. මම තොප වහන්සේගේ බ්‍රහ්මවර්‍ණය පුදන්නෙම් (බඩගිනි ඇත්තෙම්) කනු කැමැත්තෙම් නමුදු කන්නට නො පොහොසත් වෙමි.
158. සො බ්‍රහ‍්මගුත‍්තො චිරමෙව ජීව දිබ‍්බා ච තෙ පාතුභවන‍්තු භක‍්ඛා, යො බ්‍රහ‍්මවණ‍්ණං අපචායමානො බුභුක‍්ඛිතො නො විසහාසි භොත‍්තුන‍්ති.
158. උත්තම වර්‍ණයට පුදන්නා වූ කනු කැමැත්තා වූ ද යමෙක් අනුභව කරන්නට නො පොහොසත් ද (ඒ තෝ) බ්‍රහ්මයා විසින් රක්නා ලද්දෙහි ය. බොහෝ කලක් මැ ජීවත් වේවා! තට දිව්‍යභෝජනයෝ පහළ වෙත්වා!
4. උරගජාතකං.
4. උරග ජාතක යි.
159. ජීව වසස‍්සතං ගග‍්ග අපරානි ච වීසතිං මා මං පිසාචා ඛාදන‍්තු ජීව ත්‍වං සරදොසතං.
159. ගග්ගය තෙපි එක්සිය විසි වසක් ජීවත් වව, පිසාචයෝ මා නො කත්‍වා, තෙපි ශරත් ඍතු සියයක් (එක්සියවිසිවසක්) ජීවත් වව. (ශරත් ඍතු සියය නම් අවුරුදු සියයයි).
160. ත්‍වම‍්පි වස‍්සසතං ජීව අපරානි ච වීසතිං, විසං පිසාචා ඛාදන‍්තු ජීව ත්‍වං සරදොසතන‍්ති.
160. තෙපි දු එක්සිය විසිවසක් ජීවත් වව. පිසාචයෝ හලාහල විෂය කත්‍වා, තෙපි ශරත් ඍතු සියයක් ජීවත් වව.
5. ගග‍්ගජාතකං.
5. ගග්ග ජාතක යි.
161. අලීනචිත‍්තං නිස‍්සාය පහට‍්ඨා මහතී චමූ, කොසලං සෙනාසන‍්තුට‍්ඨං ජීවගාහං අගාහයි.
161. අලීනචිත්ත කුමාරයා නිසා ඉතා සතුටු වූ මහත් වූ සේනා තොමෝ ස්වකීය රාජ්‍යයෙන් සතුටු නො වූ (පරරාජ්‍යලෝභයෙන් පැමිණි) කොසොල් රජු ජීවග්‍රාහයෙන් අල්වාගත්තී ද,
162. එවං නිස‍්සයසම‍්පන‍්නො භික‍්ඛු ආරද‍්ධවිරියො, භාවයං කුසලං ධම‍්මං යොගක‍්ඛෙමස‍්ස පත‍්තියා. පාපුණෙ අනුපුබ‍්බෙන සබ‍්බසංයොජනක‍්ඛයන‍්ති.
162. මෙසේ නිංශ්‍රය සම්පන්න වූ චතුර්විධ යෝගයාගේ ක්‍ෂේමයට හෙවත් නිවනට පැමිණෙනු සඳහා සත්තිස් බෝධිපාක්‍ෂික කුශලධර්‍මයන් වඩන්නා වූ පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති මහණ පිළිවෙළින් සියලු සංයෝජනයන්ගේ ක්‍ෂයට (රහත්බවට) පැමිණේ.
6. අලීනචිත‍්තජාතකං.
6. අලීනචිත්ත ජාතක යි.
163. යෙන කාමං පණාමෙති ධම‍්මො බලවතං මිගී, උන‍්නදන‍්තී විජානාහි ජාතං සරණතො භයං.
163. උන්නත වූ දළ ඇති මෘගරාජය, ඊශ්වර තෙමේ යම් දිශාවෙකින් සේවකයා පහ කරනු කැමැති ද ඒ දිශාවෙන් ඒකාන්තයෙන් පහ කෙරෙයි. බලවතුන්ගේ ස්වභාවධර්‍මය මෙසේ දැනුව, නොහොත් උස් වූ නාද ඇති සිංහධේනුව යම් කාරණයෙකින් ඒකාන්තයෙන් හිංසා කෙරේ ද එපරිදි තී දනුව. යම් හෙයෙකින් පිහිට වැ සිටි තොප කෙරෙන් භය උපන්නේ ද එහෙයින් යම්හ.
164. අපි චෙපි දුබ‍්බලො මිත‍්තො මිත‍්තධම‍්මෙසු තිට‍්ඨති, සො ඤාතකො ච බන්‍ධූ ච සො මිත‍්තො සො ච මෙ සඛා දාඨීනි මාතිමඤ‍්ඤිත්‍ථො සිගාලො මම පාණදොති.
164. ඉදින් දුර්‍වල වූ මිත්‍ර තෙමේ මිත්‍රධර්‍මයෙහි පිහිටියේ නම් හෙතෙමේ නෑයා ද, බන්‍ධු ද, මිත්‍ර ද, යහළුවා ද වේ. සිංහිය අවමන් නො කරව, හිවලා මාගේ ප්‍රාණදායක මිත්‍ර වේ.
7. ගුණජාතකං.
7. ගුණ ජාතක යි.
165. න ඉදං විසමසීලෙන සොණෙන සුහනුස‍්සහ, සුහනූපි තාදිසොයෙව යො සොණස‍්ස ස ගොචරො.
165. සුභානු නම් අශ්ව තෙමේ සෝණ නම් අශ්වයා සමඟ යම් ප්‍රේමයක් කෙරේ ද එය තමාගේ විෂම ස්වභාවයෙන් නො වේ. යම් සුභනු නම් අශ්වයෙක් සෝණ අශ්වයා හා සමාන ගෝචර ඇත්තේ ද සුහනු නම් අශ්වයා ද එබඳු මැ යි.
166. පක‍්ඛන්‍දිනා පගබ‍්භෙන නිච‍්චං සන්‍දනඛාදිනා සමෙති පාපං පාපෙන සමෙති අසතා අසන‍්ති.
166. අශ්වයන් මතුයෙහි පනින පියවි ඇති කායප්‍රගල්හතාදියෙන් යුක්ත වූ නිතර (තමා බැඳි) රැහන කන ස්වභාවය ඇති පාපස්වරූපඇතියහු හා දුශ්ශීලත්‍වය සමාන වන්නේ ය. (එසේම) අසත් පුරුෂයා අනාචාරයෙන් යුක්තයා හා සමාන වන්නේ යි.