යෙදුමෙන් කියවන්න

3. සූකරජාතකවණ‍්ණනා 153 අට‍්ඨකථා

3. සූකරජාතකවණ‍්ණනා (153)

3. සූකර ජාතකය (153)

චතුප‍්පදො අහං, සම‍්මාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අඤ‍්ඤතරං මහල‍්ලකත්‍ථෙරං ආරබ‍්භ කථෙසි. එකස‍්මිඤ‍්හි දිවසෙ රත‍්තිං ධම‍්මස‍්සවනෙ වත‍්තමානෙ සත්‍ථරි ගන්‍ධකුටිද‍්වාරෙ රමණීයෙ සොපානඵලකෙ ඨත්‍වා භික‍්ඛුසඞ‍්ඝස‍්ස සුගතොවාදං දත්‍වා ගන්‍ධකුටිං පවිට‍්ඨෙ ධම‍්මසෙනාපති සත්‍ථාරං වන්‍දිත්‍වා අත‍්තනො පරිවෙණං අගමාසි. මහාමොග‍්ගල‍්ලානොපි පරිවෙණමෙව ගන‍්ත්‍වා මුහුත‍්තං විස‍්සමිත්‍වා ථෙරස‍්ස සන‍්තිකං ආගන‍්ත්‍වා පඤ‍්හං පුච‍්ඡි, පුච‍්ඡිතපුච‍්ඡිතං ධම‍්මසෙනාපති ගගනතලෙ පුණ‍්ණචන්‍දං උට‍්ඨාපෙන‍්තො විය විස‍්සජ‍්ජෙත්‍වා පාකටමකාසි. චතස‍්සොපි පරිසා ධම‍්මං සුණමානා නිසීදිංසු. තත්‍ථෙකො මහල‍්ලකත්‍ථෙරො චින‍්තෙසි – “සචාහං ඉමිස‍්සා පරිසාය මජ‍්ඣෙ සාරිපුත‍්තං ආලුළෙන‍්තො පඤ‍්හං පුච‍්ඡිස‍්සාමි, අයං මෙ පරිසා ‘බහුස‍්සුතො අය’න‍්ති ඤත්‍වා සක‍්කාරසම‍්මානං කරිස‍්සතී”ති පරිසන‍්තරා උට‍්ඨාය ථෙරං උපසඞ‍්කමිත්‍වා එකමන‍්තං ඨත්‍වා “ආවුසො සාරිපුත‍්ත, මයම‍්පි තං එකං පඤ‍්හං පුච‍්ඡාම, අම‍්හාකම‍්පි ඔකාසං කරොහි, දෙහි මෙ විනිච‍්ඡයං ආවෙධිකාය වා නිවෙධිකාය වා නිග‍්ගහෙ වා පග‍්ගහෙ වා විසෙසෙ වා පටිවිසෙසෙ වා”ති ආහ. ථෙරො තං ඔලොකෙත්‍වා “අයං මහල‍්ලකො ඉච‍්ඡාචාරෙ ඨිතො තුච‍්ඡො න කිඤ‍්චි ජානාතී”ති තෙන සද‍්ධිං අකථෙත්‍වාව ලජ‍්ජමානො බීජනිං ඨපෙත්‍වා ආසනා ඔතරිත්‍වා පරිවෙණං පාවිසි, මොග‍්ගල‍්ලානත්‍ථෙරොපි අත‍්තනො පරිවෙණමෙව අගමාසි.

චතුප්පදො අහං සම්ම යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක් එක්තරා මහලු තෙරනමක් අරබයා වදාළ සේක. එක් දිනක් රාත්‍රියෙහි බණ ඇසීම පවතිද්දී බුදුරජාණන් වහන්සේ ගඳකිළි දොරටුවෙහි මැණික් සෝන පුවරුවෙහි වැඩසිට භික්‍ෂු සංඝයාට අවවාද දී ගඳකිළියට පිවිසිකල්හි දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වැද තමන් වහන්සේගේ විහාරයට වැඩි සේක. මුගලන් මහතෙරුන් වහන්සේද තම විහාරයටම වැඩමවා මොහොතක් විවේක ගෙන සැරියුත් තෙරුන් වහන්සේ සමීපයට අවුත් ප්‍රශ්න විමසූ සේක. ඇසූ ඇසූ ප්‍රශ්න දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ අහසෙහි පුන්සඳමඬල ඔසවා පාන්නාක් මෙන් විසඳා ප්‍රකට කළ සේක. සිව් පිරිසිඳ බණ අසමින් හුන්නාහුය. එහිදී එක් මහලු තෙරනමක් ඉදින් මම මේ පිරිස් වැද සැරියුත් තෙරුන් වහන්සේ කැළඹී යන පරිදි පැන විචාරන්නෙමි. මේ පිරිස මහත් බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙකැයි දැන සත්කාර සම්මාන කරන්නාහු යයි සිතා පිරිස් අතරින් නැගිට සැරියුත් මහරහතන් වහන්සේ ළඟට ගොස් එකත්පසෙක හිඳගෙන ඇවැත්නි! සැරියුත් තෙරුන් වහන්ස! අපිත් එක් ප්‍රශ්නයක් අසන්නෙමු. අවකාශ දෙනු මැනවි, මට විසඳුමක් දෙන සේක්වා. ආවෙඨිකායෙ වා නිබ්බෙඨිකායෙ වා නිග්ගහෙ වා පග්ගහෙ වා විසෙසෙ වා පටිවිසෙසෙ වා යනුවෙන් කටට ආ දෙයක් කීය. සැරියුත් මහතෙරුන් වහන්සේ ඔහු දෙස බලා මේ මහලු භික්‍ෂුව ආසාවලින් පිරුණු ලාභ සත්කාර කෙරෙහි ගිජු වූ හිස්වූ කිසිවක් නොදන්නෙකැයි ඔහු සමග කථා නොකොටම ලජ්ජාවෙන් විජිනිපත තබා ආසනයෙන් බැස විහාරයට වැඩි සේක. මුගලන් මහතෙරුන් වහන්සේද තමන්ගේ විහාරයටම වැඩි සේක.

මනුස‍්සා උට‍්ඨාය “ගණ‍්හථෙතං තුච‍්ඡමහල‍්ලකං, මධුරධම‍්මස‍්සවනං නො සොතුං න අදාසී”ති අනුබන්‍ධිංසු. සො පලායන‍්තො විහාරපච‍්චන‍්තෙ භින‍්නපදරාය වච‍්චකුටියා පතිත්‍වා ගූථමක‍්ඛිතො අට‍්ඨාසි. මනුස‍්සා තං දිස‍්වා විප‍්පටිසාරිනො හුත්‍වා සත්‍ථු සන‍්තිකං අගමංසු. සත්‍ථා තෙ දිස‍්වා “කිං උපාසකා අවෙලාය ආගතත්‍ථා”ති පුච‍්ඡි, මනුස‍්සා තමත්‍ථං ආරොචෙසුං. සත්‍ථා “න ඛො උපාසකා ඉදානෙවෙස මහල‍්ලකො උප‍්පිලාවිතො හුත්‍වා අත‍්තනො බලං අජානිත්‍වා මහාබලෙහි සද‍්ධිං පයොජෙත්‍වා ගූථමක‍්ඛිතො ජාතො, පුබ‍්බෙපෙස උප‍්පිලාවිතො හුත්‍වා අත‍්තනො බලං අජානිත්‍වා මහාබලෙහි සද‍්ධිං පයොජෙත්‍වා ගූථමක‍්ඛිතො අහොසී”ති වත්‍වා තෙහි යාචිතො අතීතං ආහරි.

මිනිස්සු නැගිට අපට මිහිරි ධර්මය අසන්නට ඉඩ නුදුන් බාධා කළ මේ දුෂ්ට මහල්ලා අල්ලා ගනුයි ලුහුබැන්දාය. හෙතෙම පලා යන්නේ විහාරය කෙළවර බිඳීගිය පුවරු ඇති වැසිකිළි වලෙක වැටී අසූචි තැවරී ගොඩ ආවේය. මිනිස්සු ඒ දැක විපිලිසර වූවෝ බුදුරජාණන් වහන්සේ වෙත ගියාහුය. බුදුරජාණන් වහන්සේ ඔවුන් දැක උපාසකවරුනි! අවේලාවෙහි කුමක් නිසා ආවාහුදැයි විමසූ සේක. මිනිස්සු ඒ සිද්ධිය උන්වහන්සේට දන්වා සිටියහ. බුදුරජාණන් වහන්සේ උපාසකවරුනි! ඒ මහලු භික්‍ෂුව උඩඟු ස්වරූප ඇතිව තමන්ගේ තරම නොදැන බලවතුන් සමග ගැටෙන්නට ගොස් අසූචි තවරා ඇත්තේ දැන් පමණක් නොවේ. පෙරත් උඩඟු ස්වරූප ඇතිව තමන්ගේ තරම නොදැන මහ බලවතුන් සමග ගැටෙන්න ගොස් අසූචි තවරා ගත්තේ යයි වදාරා ඔවුන් විසින් ඉල්ලන ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො සීහො හුත්‍වා හිමවන‍්තපදෙසෙ පබ‍්බතගුහාය වාසං කප‍්පෙසි. තස‍්සා අවිදූරෙ එකං සරං නිස‍්සාය බහූ සූකරා නිවාසං කප‍්පෙසුං. තමෙව සරං නිස‍්සාය තාපසාපි පණ‍්ණසාලාසු වාසං කප‍්පෙසුං. අථෙකදිවසං සීහො මහිංසවාරණාදීසු අඤ‍්ඤතරං වධිත්‍වා යාවදත්‍ථං මංසං ඛාදිත්‍වා තං සරං ඔතරිත්‍වා පානීයං පිවිත්‍වා උත‍්තරි. තස‍්මිං ඛණෙ එකො ථූලසූකරො තං සරං නිස‍්සාය ගොචරං ගණ‍්හාති. සීහො තං දිස‍්වා “අඤ‍්ඤං එකදිවසං ඉමං ඛාදිස‍්සාමි, මං ඛො පන දිස‍්වා පුන න ආගච‍්ඡෙය්‍යා”ති තස‍්ස අනාගමනභයෙන සරතො උත‍්තරිත්‍වා එකෙන පස‍්සෙන ගන‍්තුං ආරභි. සූකරො ඔලොකෙත්‍වා “එස මං දිස‍්වා මම භයෙන උපගන‍්තුං අසක‍්කොන‍්තො භයෙන පලායති, අජ‍්ජ මයා ඉමිනා සීහෙන සද‍්ධිං පයොජෙතුං වට‍්ටතී”ති සීසං උක‍්ඛිපිත්‍වා තං යුද‍්ධත්‍ථාය අව‍්හයන‍්තො පඨමං ගාථමාහ –

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී අප මහා බෝසතාණන් වහන්සේ සිංහ යෝනියේ ඉපදී හිමවතෙහි පර්වත ගුහාවක වාසය කළ සේක. ඊට නුදුරෙහි එක් විලක් ඇසුරුකොට බොහෝ ඌරෝ වාසය කළාහුය. ඒ විලම ඇසුරුකොට තවුසෝ ද පන්සල්වල වාසය කළහ. ඉක්බිති දිනක් සිංහයා මීගව ඇත් ආදීන්ගෙන් එකෙකු මරා ඇති තරම් මස් කා ඒ විලට බැස පැන් බී ගොඩට ආවේය. ඒ අවස්ථාවෙහි එක්තරා මහත ඌරෙක් ඒ විල නිසා (ඇසුරුකොට) ආහාර සොයා ගනියි. සිංහයා ඌ දැක වෙනත් දවසෙක මූ කන්නෙමි, මා දුටුවොත් නැවත නොඑන්නේ යයි සිතා ඌගේ නොපැමිණීමේ බියෙන් විලෙන් ගොඩවී එක් පැත්තකින් (නොපෙනී) යන්නට පටන් ගත්තේය. ඌරා එය බලා මූ මා දැක මට බියෙන් එළඹෙන්නට (මුණගැසෙන්න) නොහැකි වන්නේ බියේ පලායයි. අද මා විසින් මේ සිංහයා සමග ගැටෙන්නට වටින්නේ යයි හිස ඔසවා ඌ යුද්ධය සඳහා කැඳවමින්

“චතුප‍්පදො අහං සම‍්ම, ත්‍වම‍්පි සම‍්ම චතුප‍්පදො; එහි සම‍්ම නිවත‍්තස‍්සු, කිං නු භීතො පලායසී”ති.

චතුප්පදො අහං සම්ම! ත්‍වම්පි සබ්බ චතුප්පදො, එහි සීහ! නිවත්තස්සු කින්නු භීතොව පලායසී.

යන පළමු ගාථාව කීවේය.

“යහළුව! මම සිව්පාවෙක්මි. නුඹද සිව්පාවෙකි. සිංහය! එනු නවතිනු. කුමක් නිසා බියෙන් පලා යන්නෙහිද?

සීහො තස‍්ස කථං සුත්‍වා “සම‍්ම සූකර, අජ‍්ජ අම‍්හාකං තයා සද‍්ධිං සඞ‍්ගාමො නත්‍ථි, ඉතො පන සත‍්තමෙ දිවසෙ ඉමස‍්මිංයෙව ඨානෙ සඞ‍්ගාමො හොතූ”ති වත්‍වා පක‍්කාමි. සූකරො “සීහෙන සද‍්ධිං සඞ‍්ගාමෙස‍්සාමී”ති හට‍්ඨපහට‍්ඨො තං පවත‍්තිං ඤාතකානං ආරොචෙසි. තෙ තස‍්ස කථං සුත්‍වා භීතතසිතා “ඉදානි ත්‍වං සබ‍්බෙපි අම‍්හෙ නාසෙස‍්සසි, අත‍්තනො බලං අජානිත්‍වා සීහෙන සද‍්ධිං සඞ‍්ගාමං කත‍්තුකාමොති, සීහො ආගන‍්ත්‍වා සබ‍්බෙපි අම‍්හෙ ජීවිතක‍්ඛයං පාපෙස‍්සති, සාහසිකකම‍්මං මා කරී”ති ආහංසු. සොපි භීතතසිතො “ඉදානි කිං කරොමී”ති පුච‍්ඡි. සූකරා “සම‍්ම, ත්‍වං එතෙසං තාපසානං උච‍්චාරභූමිං ගන‍්ත්‍වා පූතිගූථෙ සත‍්ත දිවසානි සරීරං පරිවට‍්ටෙත්‍වා සුක‍්ඛාපෙත්‍වා සත‍්තමෙ දිවසෙ සරීරං උස‍්සාවබින්‍දූහි තෙමෙත්‍වා සීහස‍්ස ආගමනතො පුරිමතරං ගන‍්ත්‍වා වාතයොගං ඤත්‍වා උපරිවාතෙ තිට‍්ඨ, සුචිජාතිකො සීහො තව සරීරගන්‍ධං ඝායිත්‍වා තුය‍්හං ජයං දත්‍වා ගමිස‍්සතී”ති ආහංසු. සො තථා කත්‍වා සත‍්තමෙ දිවසෙ තත්‍ථ අට‍්ඨාසි. සීහො තස‍්ස සරීරගන්‍ධං ඝායිත්‍වා ගූථමක‍්ඛිතභාවං ඤත්‍වා “සම‍්ම සූකර, සුන්‍දරො තෙ ලෙසො චින‍්තිතො, සචෙ ත්‍වං ගූථමක‍්ඛිතො නාභවිස‍්ස, ඉධෙව තං ජීවිතක‍්ඛයං අපාපෙස‍්සං, ඉදානි පන තෙ සරීරං නෙව මුඛෙන ඩංසිතුං, න පාදෙන පහරිතුං සක‍්කා, ජයං තෙ දම‍්මී”ති වත්‍වා දුතියං ගාථමාහ –

සිංහයාගේ ඌරාගේ කථාව අසා සිට යහලු සූකරය! අද අපට නුඹ හා යුද්ධයක් (ගැටුමක්) නැත. මෙයින් දින හතක් ගියතැන මේ ස්ථානයේදී යුද්ධය වේවායි කියා ගියේය. ඌරා සිංහයා සමග යුද කරන්නෙමියි ඉතා සතුටුව ඒ පුවත නෑයන්ට දැන්වීය. ඔවුහු ඔහුගේ කථාව අසා බියෙන් තැති ගෙන දැන් නුඹ අප සියල්ලෝම නස්නෙහිද? තමන්ගේ බලය නොදැන සිංහයා සමග යුද්ධ කරන්නට කැමති වුනාද? සිංහයා අවුත් අප සියල්ලෝම මරණයට පමුණුවන්නේය. සැහැසි ක්‍රියාවක් නොකරවයි කීවාහුය. ඌරා බියෙන් තැතිගෙන දැන් කුමක් කරම්දැයි විචාළේය. යහලු සූකරය! නුඹ ඒ තාපසයන් අසූචි දමන ස්ථානයට ගොස් අසූචි දින හතක්ම සිරුරෙහි තවරාගෙන සිරුර වේලවාගෙන හත්වෙනි දින සිරුර පිනිබිංඳුවලින් තෙමාගෙන සිංහයාගේ ඒමට පළමුවෙන් පැමිණ සුළඟ හමන අයුරු දැන උඩු සුළඟෙහි සිටුව. පිරිසිදුකම කැමැති සිංහයා නුඹේ ශරීරයේ ගඳ ආඝ්‍රාණය කොට තොපට ජය දී යන්නේ යයි කීවාහුය. ඌරා එසේ කොට සත්වෙනි දවසේ අසූචි ගාගෙන ඇති බව දැන යහලු සූකරය! උඹ සිතූ උපාය ඉතා හොඳයි. ඉදින් නුඹ අසූචි තවරා නොගත්තේ නම් මෙහිම තා මරණයට පමුණුවන්නෙමි. දැන් වනාහි නුඹේ සිරුර කටින් හපන්න නොහැකිය. පාදයෙන් පහර දෙන්නවත් නොහැකිය. තට ජය දෙමියි කියා,

“අසුචි පූතිලොමොසි, දුග‍්ගන්‍ධො වාසි සූකර; සචෙ යුජ‍්ජිතුකාමොසි, ජයං සම‍්ම දදාමි තෙ”ති.

අසූචි පූතිලොමොසි දුග්ගන්‍ධො වාසි සූකර!, සචෙ යුජ්ඣිතුකාමොසි ජයං සම්ම දදාමි තෙ

යන දෙවන ගාථාව කීවේය.

නුඹ අසූචි තැවරුණු කුණු ගඳ ගසන ලොම් ඇත්තෙහිය. දුගඳ හමන්නෙහිය. ඉදින් යුද කරන්නට කැමැත්තෙහි නම් යහලුව ඔබට ජයග්‍රහණය දෙමි.

තත්‍ථ පූතිලොමොති මීළ‍්හමක‍්ඛිතත‍්තා දුග‍්ගන්‍ධලොමො. දුග‍්ගන්‍ධො වාසීති අනිට‍්ඨජෙගුච‍්ඡපටිකූලගන්‍ධො හුත්‍වා වායසි. ජයං, සම‍්ම, දදාමි තෙති “තුය‍්හං ජයං දෙමි, අහං පරාජිතො, ගච‍්ඡ ත්‍ව”න‍්ති වත්‍වා සීහො තතොව නිවත‍්තිත්‍වා ගොචරං ගහෙත්‍වා සරෙ පානීයං පිවිත්‍වා පබ‍්බතගුහමෙව ගතො. සූකරොපි “සීහො මෙ ජිතො”ති ඤාතකානං ආරොචෙසි . තෙ භීතතසිතා “පුන එකදිවසං ආගච‍්ඡන‍්තො සීහො සබ‍්බෙව අම‍්හෙ ජීවිතක‍්ඛයං පාපෙස‍්සතී”ති පලායිත්‍වා අඤ‍්ඤත්‍ථ අගමංසු.

එහි, පූතිලොමොසී යනු අසූචි තැවරුණු බැවින් දුගඳ ලොම් ඇත්තෙහි, දුග්ගන්‍ධො යනු අප්‍රිය පිළිකුල් සහිත ගඳ ඇතිව හමයි. ජයං සම්ම දදාමි තෙ යනු නුඹට ජය දෙමි. මම පරාජය වුණෙමි. නුඹ යවයි කියා සිංහයා නැවතී ආහාර ගෙන විලෙන් ජලය බී පර්වත ගුහාවටම ගියේය. ඌරාද මවිසින් සිංහයා දිනන ලදැයි නෑයන්ට දැන්වීය. ඔවුහු බියෙන් තැතිගෙන නැවත දිනක එන්නා වූ සිංහයා අප සියල්ලන්ම මරණයට පමුණුවන්නේ යයි සිතා වෙනත් තැනකට පලා ගියාහුය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා සූකරො මහල‍්ලකො අහොසි, සීහො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මෙම ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල ඌරා අඳ මහලු තෙරය. සිංහයා වනාහි බුදුවූ මම ම වූයෙමි යි වදාළ සේක.

සූකරජාතකවණ‍්ණනා තතියා.