යෙදුමෙන් කියවන්න

4. උරගජාතකවණ‍්ණනා 154 අට‍්ඨකථා

4. උරගජාතකවණ‍්ණනා (154)

4. උරග ජාතකය (154)

ඉධූරගානං පවරො පවිට‍්ඨොති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො සෙණිභණ‍්ඩනං ආරබ‍්භ කථෙසි. කොසලරඤ‍්ඤො කිර සෙවකා සෙණිපමුඛා ද‍්වෙ මහාමත‍්තා අඤ‍්ඤමඤ‍්ඤං දිට‍්ඨට‍්ඨානෙ කලහං කරොන‍්ති, තෙසං වෙරිභාවො සකලනගරෙ පාකටො ජාතො. තෙ නෙව රාජා, න ඤාතිමිත‍්තා සමග‍්ගෙ කාතුං සක‍්ඛිංසු. අථෙකදිවසං සත්‍ථා පච‍්චූසසමයෙ බොධනෙය්‍යබන්‍ධවෙ ඔලොකෙන‍්තො තෙසං උභින‍්නම‍්පි සොතාපත‍්තිමග‍්ගස‍්ස උපනිස‍්සයං දිස‍්වා පුනදිවසෙ එකකොව සාවත්‍ථියං පිණ‍්ඩාය පවිසිත්‍වා තෙසු එකස‍්ස ගෙහද‍්වාරෙ අට‍්ඨාසි. සො නික‍්ඛමිත්‍වා පත‍්තං ගහෙත්‍වා සත්‍ථාරං අන‍්තොනිවෙසනං පවෙසෙත්‍වා ආසනං පඤ‍්ඤපෙත්‍වා නිසීදාපෙසි. සත්‍ථා නිසීදිත්‍වා තස‍්ස මෙත‍්තාභාවනාය ආනිසංසං කථෙත්‍වා කල‍්ලචිත‍්තතං ඤත්‍වා සච‍්චානි පකාසෙසි, සො සච‍්චපරියොසානෙ සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි.

ඉධූරගානං පවරො පවිට්ඨො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් සෙන්පතියන් දෙදෙනෙකුගේ කලහයක් අරබයා වදාළ සේක. කොසොල් රජුගේ වනාහි සේවක හමුදා ප්‍රධානී ඇමතියන් දෙදෙනෙක් ඔවුනොවුන් දුටු තැන කෝලහල කරත්. ඔවුන්ගේ අමනාපය මුළු නගරය පුරා ප්‍රකට විය. රජතුමාටවත්, නෑ මිතුරන්ටවත් ඔවුන් සමගි කරන්නට නොහැකි වූහ. දිනක් බුදුරජාණන් වහන්සේ අලුයම් වේලාවෙහි ධර්මාවබෝධයට සුදුසු (හේතු සම්පත්) නෑයන් ඇද්දැයි බලමින් ඒ ඇමතියන් දෙදෙනාට සෝවාන් වීමට හේතු සම්පත් ඇති බව දැක දෙවන දින හුදකලාව සැවැත්නුවරට පිඬු පිණිස වැඩමකොට ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ ගෙයි දොරටුව ළඟ වැඩසිටි සේක. හෙතෙම නික්ම අවුත් පාත්‍රය ගෙන බුදුරජාණන් වහන්සේ ගේ තුළට වඩමවා ගෙන ගොස් අසුනක් පනවා වැඩසිටීමට සැලැස්වීය. උන්වහන්සේ එහි වැඩසිට ඔහුට මෛත්‍රී භාවනාවේ අනුසස් වදාරා සුදුසු මානසික තත්ත්වයක් ඇති බව දැන චතුරාර්ය සත්‍යය දේශනා කළ සේක. ඔහු සත්‍ය දේශනාව අවසානයේදී සෝවාන් ඵලයෙහි පිහිටියේය.

සත්‍ථා තස‍්ස සොතාපන‍්නභාවං ඤත්‍වා තමෙව පත‍්තං ගාහාපෙත්‍වා උට‍්ඨාය ඉතරස‍්ස ගෙහද‍්වාරං අගමාසි. සොපි නික‍්ඛමිත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා “පවිසථ, භන‍්තෙ”ති ඝරං පවෙසෙත්‍වා නිසීදාපෙසි. ඉතරොපි පත‍්තං ගහෙත්‍වා සත්‍ථාරා සද‍්ධිංයෙව පාවිසි. සත්‍ථා තස‍්ස එකාදස මෙත‍්තානිසංසෙ වණ‍්ණෙත්‍වා කල‍්ලචිත‍්තතං ඤත්‍වා සච‍්චානි පකාසෙසි, සච‍්චපරියොසානෙ සොපි සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. ඉති තෙ උභොපි සොතාපන‍්නා හුත්‍වා අඤ‍්ඤමඤ‍්ඤං අච‍්චයං දස‍්සෙත්‍වා ඛමාපෙත්‍වා සමග‍්ගා සම‍්මොදමානා එකජ‍්ඣාසයා අහෙසුං. තං දිවසඤ‍්ඤෙව ච භගවතො සම‍්මුඛාව එකතො භුඤ‍්ජිංසු. සත්‍ථා භත‍්තකිච‍්චං නිට‍්ඨාපෙත්‍වා විහාරං අගමාසි. තෙ බහූනි මාලාගන්‍ධවිලෙපනානි චෙව සප‍්පිමධුඵාණිතාදීනි ච ආදාය සත්‍ථාරා සද‍්ධිංයෙව නික‍්ඛමිංසු. සත්‍ථා භික‍්ඛුසඞ‍්ඝෙන වත‍්තෙ දස‍්සිතෙ සුගතොවාදං දත්‍වා ගන්‍ධකුටිං පාවිසි.

බුදුරජාණන් වහන්සේ ඔහු සෝවාන් වූ බව දැනගෙන ඔහු ලවා පාත්‍රය ගෙන්වා ගෙන නැගිට අනිත් ඇමතියාගේ ගේ දොරටුව ළඟට වැඩම කළ සේක. ඔහුද පැමිණ ශාස්තෲන් වහන්සේට වැඳ ස්වාමීනි! ගෙට වැඩමවනු මැනවයි ආරාධනා කොට වඩා හිඳවීය. අනෙක් ඇමතියාද පාත්‍රයත් රැගෙන බුදුරජාණන් වහන්සේ සමගම ගෙට පිවිසියේය. උන්වහන්සේ ඔහුට ද එකොළොස් ආකාර (සැපසේ නිදයි, සැපසේ පුබුදියි ආදී) මෛත්‍රියෙහි අනුසස් වර්ණනා කොට ධර්මාවබෝධයට සිත නැඹුරු වූ බව දැන සිව්සස් දේශනා කළ සේක. දේශනාව අවසානයේ ඔහුද සෝවාන් ඵලයෙහි පිහිටියේය. මෙසේ ඒ දෙදෙනාම සෝවාන් වී ඔවුනොවුන්ගේ වැරදි ප්‍රකාශකොට සමා කරවා සමගිව සතුටු වෙමින් සම අදහස් ඇත්තෝ වූහ. එදවසම බුදුරජාණන් වහන්සේ හමුවෙහි දී එකට අනුභව කළාහුය. බුදුරජාණන් වහන්සේ දන් වළඳා නිමවා විහාරයට වැඩම කළ සේක. ඔවුන්ද බොහෝ මල්, සුවඳ ජාති ද, ගිතෙල් මීපැණි, උක් පැණි ආදියද රැගෙන බුදුරජාණන් වහන්සේ සමගම නික්මුණාහ. බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝයා විසින් වත් පිළිවෙත් දැක්වූ කල්හි “සුගතොවාදය” දී ගඳකිළියට වැඩම කළ සේක.

භික‍්ඛූ සායන‍්හසමයෙ ධම‍්මසභායං සත්‍ථු ගුණකථං සමුට‍්ඨාපෙසුං “ආවුසො, සත්‍ථා අදන‍්තදමකො, යෙ නාම ද‍්වෙ මහාමත‍්තෙ චිරං වායමමානොපි නෙව රාජා සමග‍්ගෙ කාතුං සක‍්ඛි, න ඤාතිමිත‍්තාදයො සක‍්ඛිංසු, තෙ එකදිවසෙනෙව තථාගතෙන දමිතා”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙවාහං ඉමෙ ද‍්වෙ ජනෙ සමග‍්ගෙ අකාසිං, පුබ‍්බෙපෙතෙ මයා සමග‍්ගා කතායෙවා”ති වත්‍වා අතීතං ආහරි.

භික්‍ෂූන් වහන්සේ සවස් කාලයෙහි දම්සභාවෙහි කථාවක් මතුකළහ. ඇවැත්නි! ශාස්තෲන් වහන්සේ අදාන්තයන් දමනය කරන සේක. හුඟකලක් උත්සාහ කළත් රජතුමාට ඒ මහ ඇමතියන් දෙදෙනා සමගි කරවන්නට නොහැකි විය. නෑ මිතුරන්ටද නොහැකි විය. ඔවුහු එක දවසින්ම තථාගතයන් වහන්සේ විසින් දමනය කරන ලදහ. බුදුරජාණන් වහන්සේ දම්සභාවට වැඩම කර, මහණෙනි! දැන් මෙහි කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විමසා ඇමතියන් දෙදෙනා දමනය කිරීමේ පුවත ගැන යයි කී කල්හි මහණෙනි! දැන් පමණක් නොව පෙරත් මේ ඇමතියන් දෙදෙනා සමගි කෙරෙව්වෙමියි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බාරාණසියං උස‍්සවෙ ඝොසිතෙ මහාසමජ‍්ජං අහොසි. බහූ මනුස‍්සා චෙව දෙවනාගසුපණ‍්ණාදයො ච සමජ‍්ජදස‍්සනත්‍ථං සන‍්නිපතිංසු. තත්‍රෙකස‍්මිං ඨානෙ එකො නාගො ච සුපණ‍්ණො ච සමජ‍්ජං පස‍්සමානා එකතො අට‍්ඨංසු. නාගො සුපණ‍්ණස‍්ස සුපණ‍්ණභාවං අජානන‍්තො අංසෙ හත්‍ථං ඨපෙසි. සුපණ‍්ණො “කෙන මෙ අංසෙ හත්‍ථො ඨපිතො”ති නිවත‍්තිත්‍වා ඔලොකෙන‍්තො නාගං සඤ‍්ජානි. නාගොපි ඔලොකෙන‍්තො සුපණ‍්ණං සඤ‍්ජානිත්‍වා මරණභයතජ‍්ජිතො නගරා නික‍්ඛමිත්‍වා නදීපිට‍්ඨෙන පලායි. සුපණ‍්ණොපි “තං ගහෙස‍්සාමී”ති අනුබන්‍ධි. තස‍්මිං සමයෙ බොධිසත‍්තො තාපසො හුත්‍වා තස‍්සා නදියා තීරෙ පණ‍්ණසාලාය වසමානො දිවා දරථපටිප‍්පස‍්සම‍්භනත්‍ථං උදකසාටිකං නිවාසෙත්‍වා වක‍්කලං බහි ඨපෙත්‍වා නදිං ඔතරිත්‍වා න‍්හායති. නාගො “ඉමං පබ‍්බජිතං නිස‍්සාය ජීවිතං ලභිස‍්සාමී”ති පකතිවණ‍්ණං විජහිත්‍වා මණික‍්ඛන්‍ධවණ‍්ණං මාපෙත්‍වා වක‍්කලන‍්තරං පාවිසි. සුපණ‍්ණො අනුබන්‍ධමානො තං තත්‍ථ පවිට‍්ඨං දිස‍්වා වක‍්කලෙ ගරුභාවෙන අග‍්ගහෙත්‍වා බොධිසත‍්තං ආමන‍්තෙත්‍වා “භන‍්තෙ, අහං ඡාතො, තුම‍්හාකං වක‍්කලං ගණ‍්හථ, ඉමං නාගං ඛාදිස‍්සාමී”ති ඉමමත්‍ථං පකාසෙතුං පඨමං ගාථමාහ –

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී එම නුවර නැකත් උත්සවයක් සඳහා කල් දැන්වූ කල්හි මහත් සැණකෙලියක් විය. බොහෝ මිනිස්සු ද දෙවි, නාග, ගුරුළු ආදීහුද සැණකෙළිය බලන්නට රැස්වූහ. එහි එක්තැනෙක එක් නයෙක් ද ගුරුළෙක් ද උත්සවය නරඹමින් එක්ව සිටියාහුය. නයා ද ගුරුළාගේ ගුරුළු බව නොදන්නේ දසරුවෙහි (උරහිසෙහි) අත තැබීය. ගුරුළා කවරෙකු විසින් මගේ උරහිසෙහි අත තැබුවේදැයි නැවතී බලන්නේ නාගය බව හැඳින ගත්තේය. නයා ද ඌ දෙස බලන්නේ ගුරුළා හැඳිනගෙන මරණ බියෙන් තැති ගත්තේ නගරයෙන් නික්මී ගඟ මතුපිටින් පලා ගියේය. ගුරුළා ද නයා අල්ලා ගනිමියි ලුහුබැන්දේය. ඒ කාලයෙහි බෝසතාණන් වහන්සේ තවුසෙකු වී ඒ ගංතෙර පන්සලක වාසය කරන සේක් දවල් දාහය සංසිඳුවා ගැනීමට දියරෙද්ද ඇඳගෙන වැහැරි සිවුර ගඟ අයිනේ තබා ගඟට බැස ස්නානය කරති. නයා මේ පැවිද්දා නිසා පණ රැක ගන්නෙමැයි ප්‍රකෘති ස්වභාවය හැර දමා විශාල ඉන්‍ද්‍රනීල මාණික්‍යයක ස්වරූපය ගෙන පට්ටාවලින් වියූ වස්ත්‍රය අස්සට පිවිසියේය. ගුරුළා ලුහුබඳින්නේ ඌ සිවුර අස්සට පිවිසි බව දැක වල්කලා සිවුරට ඇති ගෞරවය නිසා අල්වා නොගෙන බෝසත් තවුසා අමතා ස්වාමීනි! මම කුසගින්නෙන් පෙළෙමි. නුඹවහන්සේගේ සිවුර ගනු මැනවි. මේ නාගයා කන්නෙමියි ඒ කාරණය පැහැදිලි කිරීමට

“ඉධූරගානං පවරො පවිට‍්ඨො, සෙලස‍්ස වණ‍්ණෙන පමොක‍්ඛමිච‍්ඡං; බ්‍රහ‍්මඤ‍්ච වණ‍්ණං අපචායමානො, බුභුක‍්ඛිතො නො විතරාමි භොත‍්තු”න‍්ති.

ඉධුරගානං පවරො පවිට්ඨො, සෙලස්ස වණ්ණෙන පමොක්ඛ මිච්ඡං, බ්‍රහ්මඤ්ච වණ්ණං අපචාය මානො, බ්‍රභූක්ඛිතො නො විසහාමි භොත්තුං.

යන පළමු ගාථාව කීවේය.

මේ තවුස් පොරෝණය අස්සට උතුම් නයෙක් පිවිසියේය. සෛල වර්ණයෙන් යුත් මේ නයා මගෙන් මිදීමක් කැමැති වෙයි. ඔබතුමාගේ බ්‍රහ්මත්වයට ගරු කරන්නෙමි. ඒ නිසා බඩගිනි වුවත් නාගයා කෑමට නොහැකි වෙමි.

තත්‍ථ ඉධූරගානං පවරො පවිට‍්ඨොති ඉමස‍්මිං වක‍්කලෙ උරගානං පවරො නාගරාජා පවිට‍්ඨො. සෙලස‍්ස වණ‍්ණෙනාති මණිවණ‍්ණෙන, මණික‍්ඛන්‍ධො හුත්‍වා පවිට‍්ඨොති අත්‍ථො. පමොක‍්ඛමිච‍්ඡන‍්ති මම සන‍්තිකා මොක‍්ඛං ඉච‍්ඡමානො. බ්‍රහ‍්මඤ‍්ච වණ‍්ණං අපචායමානොති අහං පන තුම‍්හාකං බ්‍රහ‍්මවණ‍්ණං සෙට‍්ඨවණ‍්ණං පූජෙන‍්තො ගරුං කරොන‍්තො. බුභුක‍්ඛිතො නො විතරාමි භොත‍්තුන‍්ති එතං නාගං වක‍්කලන‍්තරං පවිට‍්ඨං ඡාතොපි සමානො භක‍්ඛිතුං න සක‍්කොමීති.

එහි, ඉධූරගානං පවරො පවිට්ඨො යනු මේ වැහැරි පොරෝනය අස්සට උතුම් නාගරාජයෙක් පිවිසියේය. සෙලස්ස වණ්ණෙන යනු මැණික් පැහැයෙන් විශාල මැණිකක් මෙන් වී පිවිසියේය යන අර්ථයි. පමොක්ඛ මිච්ඡං යනු මා වෙතින් මිදීමක් කැමති වෙයි. බ්‍රහ්මඤ්ච වණ්ණං අපචාය මානො යනු මම වනාහි නුඹ වහන්සේගේ බ්‍රහ්මත්‍වයට ශ්‍රේෂ්ඨත්‍වයට පුදන්නේ ගරු කරන්නේ බ්‍රභූක්ඛිතො නො විසහාමි භොත්තුං යනු මේ නයා පොරෝණය අස්සට පිවිසියේය. බඩගිනි ඇතත් කන්නට නොහැක්කෙමි.

බොධිසත‍්තො උදකෙ ඨිතොයෙව සුපණ‍්ණරාජස‍්ස ථුතිං කත්‍වා දුතියං ගාථමාහ –

බෝසතාණන් වහන්සේ ජලාසයේ සිටිමින්ම ගුරුළු රජුට ස්තුතිකොට

“සො බ්‍රහ‍්මගුත‍්තො චිරමෙව ජීව, දිබ්‍යා ච තෙ පාතුභවන‍්තු භක‍්ඛා; යො බ්‍රහ‍්මවණ‍්ණං අපචායමානො, බුභුක‍්ඛිතො නො විතරාසි භොත‍්තු”න‍්ති.

සො බ්‍රහ්මගුත්තො චිරමෙව ජීව, දිව්‍යා ච තෙ පාතු භවන්තු භක්ඛා, සො බ්‍රහ්ම වණ්ණං අපබාය වානො, බ්‍රභූක්ඛිතො නො විතරාසි භොත්තුං.

යන දෙවන ගාථාව කීවේය.

උත්තම වර්ණයට පුදන කනු කැමති යමෙක් අනුභව කරන්නට නොහැකිද (ඒ තෝ) බ්‍රහ්මයා විසින් රක්නා ලද්දෙහිය. බොහෝ කලක්ව ජීවත් වේවා! නුඹට දිව්‍ය භෝජන පහළ වේවා!

තත්‍ථ සො බ්‍රහ‍්මගුත‍්තොති සො ත්‍වං බ්‍රහ‍්මගොපිතො බ්‍රහ‍්මරක‍්ඛිතො හුත්‍වා. දිබ්‍යා ච තෙ පාතුභවන‍්තු භක‍්ඛාති දෙවතානං පරිභොගාරහා භක‍්ඛා ච තව පාතුභවන‍්තු, මා පාණාතිපාතං කත්‍වා නාගමංසඛාදකො අහොසි.

යනු ඒ ඔබ බ්‍රහ්මයා විසින් ගෝපනය කරන ලදි. බ්‍රහ්මයා විසින් රක්නා ලද කෙනෙක් වී දිව්‍යා ච තෙ පාතු භවන්තු භක්ඛාති දෙවියන්ගේ පරිභෝගයට සුදුසු ආහාර නුඹට පහළ වේවා! ප්‍රාණඝාත කොට නයි මස් කන්නෙක් නොවේවා!

ඉති බොධිසත‍්තො උදකෙ ඨිතොව අනුමොදනං කත්‍වා උත‍්තරිත්‍වා වක‍්කලං නිවාසෙත්‍වා තෙ උභොපි ගහෙත්‍වා අස‍්සමපදං ගන‍්ත්‍වා මෙත‍්තාභාවනාය වණ‍්ණං කථෙත්‍වා ද‍්වෙපි ජනෙ සමග‍්ගෙ අකාසි. තෙ තතො පට‍්ඨාය සමග‍්ගා සම‍්මොදමානා සුඛං වසිංසු.

මෙසේ බෝසතාණන් වහන්සේ ජලයේ සිටිමින්ම අනුමෝදනාව කොට ගොඩ අවුත් පොරෝණය හැඳගෙන ඒ දෙදෙනාම ගෙන අසපුවට ගොස් මෛත්‍රී භාවනාවෙහි අගය කියා ඒ දෙදෙනා සමගි කරවූහ. ඔවුහු එතැන් පටන් සමගිය සතුටු වෙමින් සැපසේ විසූහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා නාගො ච සුපණ‍්ණො ච ඉමෙ ද‍්වෙ මහාමත‍්තා අහෙසුං, තාපසො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එදා නාගයා ද ගුරුළා ද මේ ඇමතියෝ දෙදෙනා වූහ. තාපසයා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.

උරගජාතකවණ‍්ණනා චතුත්‍ථා.