යෙදුමෙන් කියවන්න

5. භග‍්ගජාතකවණ‍්ණනා 155 අට‍්ඨකථා

5. භග‍්ගජාතකවණ‍්ණනා (155)

5. ගග්ග ජාතකය (155)

ජීව වස‍්සසතං භග‍්ගාති ඉදං සත්‍ථා ජෙතවනසමීපෙ පසෙනදිකොසලෙන රඤ‍්ඤා කාරිතෙ රාජකාරාමෙ විහරන‍්තො අත‍්තනො ඛිපිතකං ආරබ‍්භ කථෙසි. එකස‍්මිඤ‍්හි දිවසෙ සත්‍ථා රාජකාරාමෙ චතුපරිසමජ‍්ඣෙ නිසීදිත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඛිපි. භික‍්ඛූ “ජීවතු, භන‍්තෙ භගවා, ජීවතු, සුගතො”ති උච‍්චාසද‍්දං මහාසද‍්දං අකංසු, තෙන සද‍්දෙන ධම‍්මකථාය අන‍්තරායො අහොසි. අථ ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි – “අපි නු ඛො, භික‍්ඛවෙ, ඛිපිතෙ ‘ජීවා’ති වුත‍්තො තප‍්පච‍්චයා ජීවෙය්‍ය වා මරෙය්‍ය වා”ති? “නො හෙතං භන‍්තෙ”ති. “න, භික‍්ඛවෙ, ඛිපිතෙ ‘ජීවා’ති වත‍්තබ‍්බො, යො වදෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති (චූළව· 288). තෙන ඛො පන සමයෙන මනුස‍්සා භික‍්ඛූනං ඛිපිතෙ “ජීවථ, භන‍්තෙ”ති වදන‍්ති, භික‍්ඛූ කුක‍්කුච‍්චායන‍්තා නාලපන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති – “කථඤ‍්හි නාම සමණා සක්‍යපුත‍්තියා ‘ජීවථ, භන‍්තෙ’ති වුච‍්චමානා නාලපිස‍්සන‍්තී”ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. ගිහී, භික‍්ඛවෙ, මඞ‍්ගලිකා, අනුජානාමි, භික‍්ඛවෙ, ගිහීනං “ජීවථ, භන‍්තෙ”ති වුච‍්චමානෙන “චිරං ජීවා”ති වත‍්තුන‍්ති. භික‍්ඛූ භගවන‍්තං පුච‍්ඡිංසු – “භන‍්තෙ, ජීවපටිජීවං නාම කදා උප‍්පන‍්න”න‍්ති? සත්‍ථා “භික‍්ඛවෙ, ජීවපටිජීවං නාම පොරාණකාලෙ උප‍්පන‍්න”න‍්ති වත්‍වා අතීතං ආහරි.

ජීව වස්සසතං ගග්ග යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමය, සමීපයෙහි පසේනදී කොසොල් රජතුමා විසින් කරවන ලද රාජකාරාමයෙහි වැඩවාසය කරන සේක් තමන්ගේ කිඹිසීමක් අරබයා දේශනා කළ සේක. එක්දිනක් බුදුරජාණන් වහන්සේ රාජකාරාමයේ සිවුපිරිස් මැද හිඳගෙන දම් දෙසමින් කිඹිසූ සේක, එකල බොහෝ භික්‍ෂූන් වහන්සේලා, භාග්‍යවතුන් වහන්සේ බොහෝ කලක් ජීවත් වෙත්වා! සුගත තථාගතයන් වහන්සේ බොහෝ කලක් ජීවත් වෙත්වායි උස්හඬින් මහා ශබ්ද කළාහුය. ඒ හඬින් ධර්ම දේශනාවට බාධා ඇතිවිය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ ඉදින් මහණෙනි! කිඹිසීමක් ගියවිටක දිගාසිරි ලැබේවා!යි ආවැඩූ පමණින්ම ආයුෂ බොහෝ වේද? ආ නොවැඩුවොත් ආයුෂ මදවේදැයි භික්‍ෂූන් විචාළහ. ස්වාමීනි! එය එසේ නොවේයයි භික්‍ෂූහු කීහ. මහණෙනි! කිඹිසුමක් ගියවිට දිගාසිරි වේවායි නොකිය යුතුයි. යමෙක් එසේ කියන්නේ නම් ඒ භික්‍ෂුවට දුකුලා ඇවැතක් සිදුවෙයි. එකල්හි වනාහි මහජනයා භික්‍ෂූන් කිඹිසූ විට ඔබවහන්සේලාට දිගාසිරි ලැබේවායි කියති. භික්‍ෂූහු කුකුස නිසා බියෙන් ප්‍රති උත්තර නොදෙත්. (කථා නොකරත්) එවිට මිනිස්සු ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් වහන්සේලාට දිගාසිරි වේවායි කියනු ලබන්නේ ප්‍රති උත්තර නොකියන්නෝ යයි බුදුරජාණන් වහන්සේට එම කරුණු සැල කළාහුය. මහණෙනි! ගිහියෝ දුටු දෙයින් ශුභා ශුභ ඇතැයි සිතන්නාහුය. “මහණෙනි! ගිහියන් විසින් දිගාසිරි වේවා’යි කියනු ලබද්දී දිගාසිරි වේවායි අනුදැන වදාරමි.” “ස්වාමීනි! දිගාසිරි පැතීමත් පෙරළා දිගාසිරි පැතීමත් කවදා සිට ඇති වූවක්දැ”යි භික්‍ෂූහු විමසූහ. මහණෙනි! දිගාසිරි පැතීමත් පෙරළා දිගාසිරි පැතීමත් පෙර සිට පැවත එන්නකැයි දේශනා කළ බුදුරජාණන් වහන්සේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො කාසිරට‍්ඨෙ එකස‍්මිං බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්ති. තස‍්ස පිතා වොහාරං කත්‍වා ජීවිකං කප‍්පෙති, සො සොළසවස‍්සුද‍්දෙසිකං බොධිසත‍්තං මණිකභණ‍්ඩං උක‍්ඛිපාපෙත්‍වා ගාමනිගමාදීසු චරන‍්තො බාරාණසිං පත්‍වා දොවාරිකස‍්ස ඝරෙ භත‍්තං පචාපෙත්‍වා භුඤ‍්ජිත්‍වා නිවාසට‍්ඨානං අලභන‍්තො “අවෙලාය ආගතා ආගන‍්තුකා කත්‍ථ වසන‍්තී”ති පුච‍්ඡි. අථ නං මනුස‍්සා “බහිනගරෙ එකා සාලා අත්‍ථි, සා පන අමනුස‍්සපරිග‍්ගහිතා. සචෙ ඉච‍්ඡථ, තත්‍ථ වසථා”ති ආහංසු. බොධිසත‍්තො “එථ, තාත, ගච‍්ඡාම, මා යක‍්ඛස‍්ස භායිත්‍ථ, අහං තං දමෙත්‍වා තුම‍්හාකං පාදෙසු පාතෙස‍්සාමී”ති පිතරං ගහෙත්‍වා තත්‍ථ ගතො. අථස‍්ස පිතා ඵලකෙ නිපජ‍්ජි, සයං පිතු පාදෙ සම‍්බාහන‍්තො නිසීදි. තත්‍ථ අධිවත්‍ථො යක‍්ඛො ද‍්වාදස වස‍්සානි වෙස‍්සවණං උපට‍්ඨහිත්‍වා තං සාලං ලභන‍්තො “ඉමං සාලං පවිට‍්ඨමනුස‍්සෙසු යො ඛිපිතෙ ‘ජීවා’ති වදති, යො ච ‘ජීවා’ති වුත‍්තෙ ‘පටිජීවා’ති වදති, තෙ ජීවපටිජීවභාණිනො ඨපෙත්‍වා අවසෙසෙ ඛාදෙය්‍යාසී”ති ලභි. සො පිට‍්ඨිවංසථූණාය වසති. සො “බොධිසත‍්තස‍්ස පිතරං ඛිපාපෙස‍්සාමී”ති අත‍්තනො ආනුභාවෙන සුඛුමචුණ‍්ණං විස‍්සජ‍්ජෙසි, චුණ‍්ණො ආගන‍්ත්‍වා තස‍්ස නාසපුටෙ පාවිසි. සො ඵලකෙ නිපන‍්නකොව ඛිපි, බොධිසත‍්තො න “ජීවා”ති ආහ. යක‍්ඛො තං ඛාදිතුං ථූණාය ඔතරති. බොධිසත‍්තො තං ඔතරන‍්තං දිස‍්වා “ඉමිනා මෙ පිතා ඛිපාපිතො භවිස‍්සති, අයං සො ඛිපිතෙ ‘ජීවා’ති අවදන‍්තං ඛාදකයක‍්ඛො භවිස‍්සතී”ති පිතරං ආරබ‍්භ පඨමං ගාථමාහ –

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ කසී රට එක්තරා බමුණු කුලයක උපන් සේක. ඔහුගේ පියා වෙළඳාම් කොට ජීවිතය ගත කරයි. ඔහු සොළොස් වයස් වූ තම පුත් බෝසතාණන් වහන්සේ ලවා කදාවලලු ආදී බඩු ඔසවාගෙන ගම් නියම්ගම් හැසිරෙන්නේ බරණැසට පැමිණ දොරටුපාලයන් නිවසෙහි බත් පිසවා අනුභව කොට රෑ නිදන තැනක් නොලැබ අවේලාවෙහි මෙහි එන්නා වූ ආගන්තුකයන් නවතින්නේ කොහිදැයි විචාළේය. ඉක්බිති මිනිස්සු ඔහුට නගරයෙන් පිටත අමනුෂ්‍යයන් අරක් ගත් ශාලාවක් ඇත. කැමති නම් එහි නවාතැන් ගන්න යයි කීවාහුය. බෝසතාණන් වහන්සේ පියාණනි! එන්න යමු. යකාට බිය නොවන්න. මම යකා දමනය කොට නුඹ වහන්සේගේ දෙපාමුල හෙලන්නෙමි යි කියා, පියා සමග එහි ගිය සේක. ඉක්බිති ඔහුගේ පියා ලෑල්ලක වැතිරුණේය. පුතා පියාගේ පා පිරිමදිමින් හුන්නේය. එහි අරක්ගත් යක්‍ෂයා දොළොස් වසක් වෙසමුණු රජුට උවටැන් කොට ඒ ශාලාව ලබා මේ ශාලාවට පිවිසි මිනිසුන් අතුරෙන් යමෙක් කිඹිසි විට දිගාසිරි වේවා’යි කියයිද ඒ ජීවප්‍රතිජීව වචන කියන්නන් හැර එසේ නොකියන අයව කෑම වර ලැබුවේය. ඒ අමනුෂ්‍යයා ගෙය මැද ඇති කණුවේ වසයි. ඔහු බෝසතාණන්ගේ පියා කිඹිසවීමට තම බලයෙන් සියුම් කුඩක් විහිදෙව්වේය. ඒ කුඩු අවුත් පියාගේ නාස්පුඩු දෙකට පිවිසියේය. පියා ලෑල්ලෙහි සිටිමින්ම කිඹිසීය. බෝධිසත්ත්වයන් වහන්සේ ඔහුට දිගාසිරි වේවායි නොකී සේක. යක්‍ෂයා ඔහුව කෑමට කණුවෙන් බසියි. බෝසතාණන් වහන්සේ ඔහු බසින බව දැක මොහු විසින් මගේ පියා කිඹිසවන ලද්දේ වන්නේය. මේ තෙමේ කිඹිසි විට දිගාසිරි වේවා’යි නොකියන්නේ කන යක්‍ෂයා වන්නේ යයි සිතා පියා වෙනුවෙන්

“ජීව වස‍්සසතං භග‍්ග, අපරානි ච වීසතිං; මා මං පිසාචා ඛාදන‍්තු, ජීව ත්‍වං සරදොසත”න‍්ති.

ජීව වස්සසතං ගග්ග අපරානිච වීසතිං, මා මං පිසාචා ඛාදන්තු ජීව ත්‍වං සරදොසතං

යන පළමු ගාථාවෙන් කීවේය.

පියාණෙනි! ඔබ අවුරුදු එකසිය විස්සක් ජීවත් වව්. ප්‍රේතයෝ මාව නොකත්වා. නුඹ එකසිය විසි අවුරුද්දක් ජීවත් වේවා!

තත්‍ථ භග‍්ගාති පිතරං නාමෙනාලපති. අපරානි ච වීසතින‍්ති අපරානි ච වීසති වස‍්සානි ජීව. මා මං පිසාචා ඛාදන‍්තූති මං පිසාචා මා ඛාදන‍්තු. ජීව ත්‍වං සරදොසතන‍්ති ත්‍වං පන වීසුත‍්තරං වස‍්සසතං ජීවාති. සරදොසතඤ‍්හි ගණියමානං වස‍්සසතමෙව හොති, තං පුරිමෙහි වීසාය සද‍්ධිං වීසුත‍්තරං ඉධ අධිප‍්පෙතං.

එහි ගග්ග යනු පියා නමින් අමතයි. අපරානිච වීසතිං යනු තවත් වසර විස්සක් ජීවත් වේවා! මා මං පිසාචා ඛාදන්තුං යනු පිසාචයෝ මා නොකත්වා. ජීව ත්‍වං සරදො සතං යනු නුඹ වනාහි අවුරුදු විස්සක් වැඩි සියවසක් හෙවත් අවුරුදු එකසිය විසිවසරක් ජීවත් වේවා! සරත් සෘතු සියයක් යයි ගණන් ගන්නාවිට අවුරුදු සියයම වෙයි. එය පෙර කී විස්සත් සමග ගත්කල විස්සක් අධික යයි මෙහි අදහස් කරන ලදි.

යක‍්ඛො බොධිසත‍්තස‍්ස වචනං සුත්‍වා “ඉමං තාව මාණවං ‘ජීවා’ති වුත‍්තත‍්තා ඛාදිතුං න සක‍්කා, පිතරං පනස‍්ස ඛාදිස‍්සාමී”ති පිතු සන‍්තිකං අගමාසි. සො තං ආගච‍්ඡන‍්තං දිස‍්වා චින‍්තෙසි – “අයං සො ‘පටිජීවා’ති අභණන‍්තානං ඛාදකයක‍්ඛො භවිස‍්සති, පටිජීවං කරිස‍්සාමී”ති. සො පුත‍්තං ආරබ‍්භ දුතියං ගාථමාහ –

යක්‍ෂයා බෝසතාණන් වහන්සේගේ කීම අසා මේ තරුණයා දිගාසිරි වේවායි පළමුව කී බැවින් කෑමට නොහැක්කෙමි. මොහුගේ පියා වනාහි කන්නෙමැයි පියා සමීපයට ගියේය. පියා එන්නා වූ යක්‍ෂයා දැක, මේ යක්‍ෂයා පෙරළා දිගාසිරි වේවායි නොකියන අය කන යක්‍ෂයකු වන්නේ යයි සිතා පෙරළා දිගාසිරි පතන්නෙමි’යි සිතීය. පියා පුතා මුල්කරගෙන,

“ත්‍වම‍්පි වස‍්සසතං ජීවං, අපරානි ච වීසතිං; විසං පිසාචා ඛාදන‍්තු, ජීව ත්‍වං සරදොසත”න‍්ති.

ත්‍වම්පි වස්ස සතං ජීව අපරානිච වීසතිං, විසං පිසාචා ඛාදන්තු ජීවත්‍වං සරදොසතං

යන දෙවන ගාථාව කීවේය.

නුඹ ද එකසිය විසිවසක් ජීවත් වව්. පිසාචයෝ හලාහල විෂය කත්වා. තෙපි සරත් සෘතු එකසිය විස්සක් ජීවත් වව්.

තත්‍ථ විසං පිසාචා ඛාදන‍්තූති පිසාචා හලාහලවිසං ඛාදන‍්තු.

එහි, විසං පිසාචා යනු පිසාචයෝ හලාහල විෂ කත්වා!

යක‍්ඛො තස‍්ස වචනං සුත්‍වා “උභොපි මෙ න සක‍්කා ඛාදිතු”න‍්ති පටිනිවත‍්ති. අථ නං බොධිසත‍්තො පුච‍්ඡි – “භො යක‍්ඛ, කස‍්මා ත්‍වං ඉමං සාලං පවිට‍්ඨමනුස‍්සෙ ඛාදසී”ති? “ද‍්වාදස වස‍්සානි වෙස‍්සවණං උපට‍්ඨහිත්‍වා ලද‍්ධත‍්තා”ති. “කිං පන සබ‍්බෙව ඛාදිතුං ලභසී”ති? “ජීවපටිජීවභාණිනො ඨපෙත්‍වා අවසෙසෙ ඛාදාමී”ති. “යක‍්ඛ, ත්‍වං පුබ‍්බෙපි අකුසලං කත්‍වා කක‍්ඛළො ඵරුසො පරවිහිංසකො හුත්‍වා නිබ‍්බත‍්තො, ඉදානිපි තාදිසං කම‍්මං කත්‍වා තමො තමපරායණො භවිස‍්සති, තස‍්මා ඉතො පට‍්ඨාය පාණාතිපාතාදීහි විරමස‍්සූ”ති තං යක‍්ඛං දමෙත්‍වා නිරයභයෙන තජ‍්ජෙත්‍වා පඤ‍්චසු සීලෙසු පතිට‍්ඨාපෙත්‍වා යක‍්ඛං පෙසනකාරකං විය අකාසි.

යක්‍ෂයා ඔහුගේ වචනය අසා මේ දෙදෙනාම කෑමට නොහැකි යයි නැවතුනේය. ඉක්බිති අමනුෂ්‍යයාගෙන් බෝසතාණෝ එම්බා යක්‍ෂය! කුමක් නිසා නුඹ මේ ශාලාවට පිවිසෙන මිනිසුන් කන්නෙහිදැයි විචාළහ. දොළොස් වසරක් වෙසමුණි රජුට උපස්ථාන කොට ලැබූ වරයක් නිසාය. කෙසේද? එන හැමදෙනාම කන්නට ලැබෙහිද? දිගාසිරි පැතූවන්ද පෙරළා දිගාසිරි වේවා’යි කියන අයද හැර සෙසු අය කන්නෙමියි කීවේය. යක්‍ෂය! නුඹ පෙරත් අකුශල කොට කර්කශ, පරුෂ අනුන්ට හිංසා කරන්නෙකු වී උපන්නේය. දැනුත් එවැනි පාප කර්ම කොට අඳුරෙන් අඳුරව පිහිටකොට ඇත්තෙකු වන්නෙහිද? එමනිසා මෙතැන් පටන්වත් ප්‍රාණඝාතාදී අකුශලයෙන් වැලකිය යුතුයි. ඒ යක්‍ෂයා දමනයකොට අපා බියෙන් තැති ගන්වා පඤ්චසීලයෙහි පිහිටුවා අමනුෂ්‍යයා මෙහෙ කරන්නෙකු මෙන් කළහ.

පුනදිවසෙ සඤ‍්චරන‍්තා මනුස‍්සා යක‍්ඛං දිස‍්වා බොධිසත‍්තෙන චස‍්ස දමිතභාවං ඤත්‍වා රඤ‍්ඤො ආරොචෙසුං – “දෙව, එකො මාණවො තං යක‍්ඛං දමෙත්‍වා පෙසනකාරකං විය කත්‍වා ඨිතො”ති. රාජා බොධිසත‍්තං පක‍්කොසාපෙත්‍වා සෙනාපතිට‍්ඨානෙ ඨපෙසි, පිතු චස‍්ස මහන‍්තං යසං අදාසි. සො යක‍්ඛං බලිපටිග‍්ගාහකං කත්‍වා බොධිසත‍්තස‍්ස ඔවාදෙ ඨත්‍වා දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා සග‍්ගපුරං පූරෙසි.

දෙවන දවසේ සංචාරය කරන මිනිස්සු යක්‍ෂයා දැක බෝසතාණන් වහන්සේ විසින් මොහු දමනය කළ බව දැන රජතුමාට දැන්වූහ. දේවයන් වහන්ස! එක්තරා මානවකයෙක් ඒ යක්‍ෂයා දමනයකොට මෙහෙකරුවෙකු මෙන් කොට සිටියි. රජතුමා බෝසතාණන් වහන්සේ කැඳවා සෙන්පති තනතුරෙහි තැබීය. ඔහුගේ පියාටද මහත් කීර්තියක් හිමිකර දුන්නේය. රජතුමා යක්‍ෂයාට බලිපිදේනි පිළිගන්නකු කොට බෝසතාණන් වහන්සේගේ අවවාදයෙහි පිහිටා දානාදී පිංකොට දෙව්ලොව උපන්නේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “ජීවපටිජීවං නාම තස‍්මිං කාලෙ උප‍්පන‍්න”න‍්ති වත්‍වා ජාතකං සමොධානෙසි – “තදා යක‍්ඛො අඞ‍්ගුලිමාලො අහොසි, රාජා ආනන්‍දො, පිතා කස‍්සපො, පුත‍්තො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ දම්දෙසුම ගෙනහැර දක්වා දිගාසිරි පැතූ අයට පෙරළා දිගාසිරි පැතීමේ සිරිත ඒ කාලයේ සිට උපන්නේ යයි වදාරා ජාතක කථාව ගළපා වදාළ සේක. එකල්හි රජතුමා ආනන්දය, පියා කාශ්‍යපය. වෙළඳ පුත්‍රයා වූයේ ලොව්තුරා බුදු වූ මම ම යයි වදාළ සේක.

භග‍්ගජාතකවණ‍්ණනා පඤ‍්චමා.