6. අලීනචිත්තජාතකවණ්ණනා 156 අට්ඨකථා
6. අලීනචිත්තජාතකවණ්ණනා (156)
6. අලීන චිත්ත ජාතකය (156)
අලීනචිත්තං නිස්සායාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං ඔස්සට්ඨවීරියං භික්ඛුං ආරබ්භ කථෙසි. වත්ථු එකාදසනිපාතෙ සංවරජාතකෙ (ජා· 1.11.97 ආදයො) ආවිභවිස්සති. සො පන භික්ඛු සත්ථාරා “සච්චං කිර ත්වං, භික්ඛු, වීරියං ඔස්සජී”ති වුත්තෙ “සච්චං, භගවා”ති ආහ. අථ නං සත්ථා “නනු ත්වං, භික්ඛු, පුබ්බෙ වීරියං අවිස්සජ්ජෙත්වා මංසපෙසිසදිසස්ස දහරකුමාරස්ස ද්වාදසයොජනිකෙ බාරාණසිනගරෙ රජ්ජං ගහෙත්වා අදාසි, ඉදානි කස්මා එවරූපෙ සාසනෙ පබ්බජිත්වා වීරියං ඔස්සජසී”ති වත්වා අතීතං ආහරි.
අලීනචිත්තං නිස්සාය යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් උත්සාහය අත්හළ භික්ෂු කෙනෙකුන් වහන්සේ නමක් අරබයා දේශනා කළ සේක. මෙහි වර්තමාන කථාව එකොළොස්වන නිපාතයෙහි සංවර ජාතකයෙහි මතු සඳහන් වන්නේය. ඒ භික්ෂුව වනාහි බුදුරජාණන් වහන්සේ විසින් ඇත්තද මහණ? ඔබ වීර්ය අත්හළෙහිදැයි විමසූ කල්හි එසේය ස්වාමීනි!යි කීවේය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ මහණ! නුඹ පෙර ආත්මයක උත්සාහකොට මස් වැදැල්ලක් හා සමාන ලාබාල කුමාරයෙකුට දොළොස් යොදුනක් වූ බරණැස් නුවර රාජ්‍යය ලබා දුන්නා නේද? දැන් මෙබඳු සම්බුදු සසුනෙහි පැවිදිව උත්සාහය අත්හළේ කුමක් නිසාදැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බාරාණසිතො අවිදූරෙ වඩ්ඪකීගාමො අහොසි, තත්ථ පඤ්චසතා වඩ්ඪකී වසන්ති. තෙ නාවාය උපරිසොතං ගන්ත්වා අරඤ්ඤෙ ගෙහසම්භාරදාරූනි කොට්ටෙත්වා තත්ථෙව එකභූමිකද්විභූමිකාදිභෙදෙ ගෙහසම්භාරෙ සජ්ජෙත්වා ථම්භතො පට්ඨාය සබ්බදාරූසු සඤ්ඤං කත්වා නදීතීරං නෙත්වා නාවං ආරොපෙත්වා අනුසොතෙන නගරං ආගන්ත්වා යෙ යාදිසානි ගෙහානි ආකඞ්ඛන්ති, තෙසං තාදිසානි කත්වා කහාපණෙ ගහෙත්වා පුන තත්ථෙව ගන්ත්වා ගෙහසම්භාරෙ ආහරන්ති. එවං තෙසං ජීවිකං කප්පෙන්තානං එකස්මිං කාලෙ ඛන්ධාවාරං බන්ධිත්වා දාරූනි කොට්ටෙන්තානං අවිදූරෙ එකො හත්ථී ඛදිරඛාණුකං අක්කමි. තස්ස සො ඛාණුකො පාදං විජ්ඣි, බලවවෙදනා වත්තන්ති, පාදො උද්ධුමායිත්වා පුබ්බං ගණ්හි. සො වෙදනාප්පත්තො තෙසං දාරුකොට්ටනසද්දං සුත්වා “ඉමෙ වඩ්ඪකී නිස්සාය මය්හං සොත්ථි භවිස්සතී”ති මඤ්ඤමානො තීහි පාදෙහි තෙසං සන්තිකං ගන්ත්වා අවිදූරෙ නිපජ්ජි, වඩ්ඪකී තං උද්ධුමාතපාදං දිස්වා උපසඞ්කමිත්වා පාදෙ ඛාණුකං දිස්වා තිඛිණවාසියා ඛාණුකස්ස සමන්තතො ඔධිං දත්වා රජ්ජුයා බන්ධිත්වා ආකඩ්ඪන්තා ඛාණුං නීහරිත්වා පුබ්බං මොචෙත්වා උණ්හොදකෙන ධොවිත්වා තදනුරූපෙහි භෙසජ්ජෙහි මක්ඛෙත්වා නචිරස්සෙව වණං ඵාසුකං කරිංසු.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී එනුවරට ආසන්නයේ වඩු කාර්මිකයන්ගේ ගමක් විය. එහි පන්සියයක් වඩු කාර්මිකයෝ වාසය කරති. ඔවුහු නැවෙන් ජල ප්රවාහයෙන් ඉහළට (උඩුගං බලා) ගොස් කැලයෙහිදී ගෙවල් තැනීමට ගන්නා දඬුපත් කැබලිකොට එහිම තනා මහල් දෙමහල් ආදී ප්‍රභේද ඇති ගෙවල් පිළියෙලකොට කණුවේ සිට සියලු දැව ලකුණුකොට ගංඉවුරට ගෙනගොස් නැවට පටවා දියපහරට අනුව (යටිගං බලා) නගරයට ගෙනවුත් යමෙක් යම් ආකාරයේ ගෙයක් කැමති වෙත්ද ඔවුන්ට ඒ ආකාරයේ ගෙවල් තනා දී කහවණු ගෙන නැවතත් එසේ ගොස් ගෙවලට දැව ගෙන එන්නාහ. මෙසේ ඔවුන්ගේ ජීවිත ගෙවද්දී එක් කලෙක කඳවුරු බැඳ දැව කැබලි කරන්නවුන් නුදුරෙහි එක් ඇතෙක් දිරාගිය කිහිරි උලක් පෑගුවේය. ඒ උළ ඇතාගේ කකුළ තුළට පසාරුවිය. බලවත් වේදනා ඇතිවිය. කකුළ ඉදිමී සැරව හටගත්තේය. වේදනාවෙන් පීඩිත ඇතා වඩුවන් දැව කැබලි කරන හඬ අසා මේ වඩුවන් නිසා මගේ කකුළ (තුවාළය) සුවකරවා ගත හැකියයි සිතමින් තුන්පාදයෙන් ඔවුන් සමීපයට ගොස් නුදුරෙහි හොත්තේය. වඩුවෝ ඉදිමුණු කකුළ දැක ළඟට ගොස් පයෙහි උලක් ඇනී ඇති බව දැක සියුම් ආයුධයකින් උළ වටේ පාදා ලනුවක් බැඳ අදිමින් උළ ඉවත්කොට සැරව මිරිකා හැර උණුදියෙන් සෝදා සුදුසු බෙහෙත් ගල්වා නොබෝ දිනකින් තුවාළය සුව කළාහුය.
හත්ථී අරොගො හුත්වා චින්තෙසි – “මයා ඉමෙ වඩ්ඪකී නිස්සාය ජීවිතං ලද්ධං, ඉදානි තෙසං මයා උපකාරං කාතුං වට්ටතී”ති. සො තතො පට්ඨාය වඩ්ඪකීහි සද්ධිං රුක්ඛෙ නීහරති, තච්ඡෙන්තානං පරිවත්තෙත්වා දෙති, වාසිආදීනි උපසංහරති, සොණ්ඩාය වෙඨෙත්වා කාළසුත්තකොටියං ගණ්හාති. වඩ්ඪකීපිස්ස භොජනවෙලාය එකෙකං පිණ්ඩං දෙන්තා පඤ්ච පිණ්ඩසතානි දෙන්ති. තස්ස පන හත්ථිස්ස පුත්තො සබ්බසෙතො හත්ථාජානීයපොතකො අත්ථි, තෙනස්ස එතදහොසි – “අහං එතරහි මහල්ලකො. ඉදානි මයා ඉමෙසං වඩ්ඪකීනං කම්මකරණත්තාය පුත්තං දත්වා ගන්තුං වට්ටතී”ති. සො වඩ්ඪකීනං අනාචික්ඛිත්වාව අරඤ්ඤං පවිසිත්වා පුත්තං ආනෙත්වා “අයං හත්ථිපොතකො මම පුත්තො, තුම්හෙහි මය්හං ජීවිතං දින්නං, අහං වො වෙජ්ජවෙතනත්ථාය ඉමං දම්මි, අයං තුම්හාකං ඉතො පට්ඨාය කම්මානි කරිස්සතී”ති වත්වා “ඉතො පට්ඨාය, පුත්තක, යං මයා කත්තබ්බං කම්මං, තං ත්වං කරොහී”ති පුත්තං ඔවදිත්වා වඩ්ඪකීනං දත්වා සයං අරඤ්ඤං පාවිසි.
ඇතා තුවාළය සුව වී මේ වඩුවන් නිසා මා විසින් දිවි ලබන ලද්දෙමි. දැන් මා විසින් ඔවුන් උදව්වක් කරන්නට වටී යනුවෙන් සිතුවේය. ඇතා එතැන් පටන් වඩුවන් සමග ගස් ඇදගෙන යයි. ගස් අහින (සසින) අයට කඳන් පෙරළා දෙයි. වෑ පොරෝ ආදිය ළංකර දෙයි. හොඬවැලේ ඔතාගෙන කලු නූලේ කෙළවර අල්ලා ගනියි. වඩුවෝද කෑම ගන්නා අවස්ථාවේදී එකිනෙකා බත්පිඩ බැගින් පිඩු පන්සියයක් දෙති. ඒ ඇතාට හැම ආකාරයෙන්ම සුදු වූ ආජානීය නම් උසස් වර්ගයේ පුතෙක් වූ ඇත් පොව්වෙක් ඇත. ඒ නිසා ඇතාට මම දැන් මහල්ලෙක්මි. දැන් මා විසින් මේ වඩුවන්ගේ කටයුතු කිරීමට පුතා පවරා දී යන්නට වටී යන මේ අදහස ඇතිවිය. ඇතා වඩුවන් නොදන්වාම වනයට ගොස් ඇත්පැටවා කැඳවා ගෙනවුත්, මේ ඇත්පොව්වා මගේ පුතාය. තොප විසින් මගේ ජීවිතය රැකදෙන ලදි. මම නුඹලාට වෙදකම් කුලිය වශයෙන් මොහුව පවරා දෙමි. මේ ඇත්පොව්වා තොපට මෙතැන් පටන් වැඩකටයුතු කර දෙන්නේ යයි කියා, මෙතැන් පටන් පුත, මා විසින් යම් වැඩ කොටසක් කළා නම් එය නුඹ කළ යුතුයයි කියා ඇත්පොව්වාට අවවාද දී වඩුවන්ට පවරා දී තෙමේ කැළයට පිවිසියේය.
තතො පට්ඨාය හත්ථිපොතකො වඩ්ඪකීනං වචනකරො ඔවාදක්ඛමො හුත්වා සබ්බකිච්චානි කරොති. තෙපි තං පඤ්චහි පිණ්ඩසතෙහි පොසෙන්ති, සො කම්මං කත්වා නදිං ඔතරිත්වා න්හත්වා කීළිත්වා ආගච්ඡති, වඩ්ඪකීදාරකාපි තං සොණ්ඩාදීසු ගහෙත්වා උදකෙපි ථලෙපි තෙන සද්ධිං කීළන්ති. ආජානීයා පන හත්ථිනොපි අස්සාපි පුරිසාපි උදකෙ උච්චාරං වා පස්සාවං වා න කරොන්ති, තස්මා සොපි උදකෙ උච්චාරපස්සාවං අකත්වා බහිනදීතීරෙයෙව කරොති. අථෙකස්මිං දිවසෙ උපරිනදියා දෙවො වස්සි, අථ සුක්ඛං හත්ථිලණ්ඩං උදකෙන නදිං ඔතරිත්වා ගච්ඡන්තං බාරාණසීනගරතිත්ථෙ එකස්මිං ගුම්බෙ ලග්ගෙත්වා අට්ඨාසි. අථ රඤ්ඤො හත්ථිගොපකා “හත්ථී න්හාපෙස්සාමා”ති පඤ්ච හත්ථිසතානි නයිංසු. ආජානීයලණ්ඩස්ස ගන්ධං ඝායිත්වා එකොපි හත්ථී නදිං ඔතරිතුං න උස්සහි. සබ්බෙපි නඞ්ගුට්ඨං උක්ඛිපිත්වා පලායිතුං ආරභිංසු, හත්ථිගොපකා හත්ථාචරියානං ආරොචෙසුං. තෙ “උදකෙ පරිපන්ථෙන භවිතබ්බ”න්ති උදකං සොධාපෙත්‍වා තස්මිං ගුම්බෙ තං ආජානීයලණ්ඩං දිස්වා “ඉදමෙත්ථ කාරණ”න්ති ඤත්වා චාටිං ආහරාපෙත්වා උදකස්ස පූරෙත්වා තං තත්ථ මද්දිත්වා හත්ථීනං සරීරෙ සිඤ්චාපෙසුං, සරීරානි සුගන්ධානි අහෙසුං. තස්මිං කාලෙ තෙ නදිං ඔතරිත්වා න්හායිංසු.
එතැන් පටන් ඇත්පොව්වා වඩුවන් කියන විදියට ක්‍රියා කරන්නේ කීකරුව සියලු කටයුතු කරයි. ඒ වඩුවෝද ඇතාව බත් පිඩු පන්සියයකින් පෝෂණය කරති. ඇත්පොව්වා වැඩ කොටස නිමවා ගඟට බැස දියකෙළි කෙළ එයි. වඩුවන්ගේ දරුවෝද ඌ සොඬ ආදියෙන් අල්ලාගෙන ජලයෙහිද ගොඩබිමද ඔවුන් සමග සෙල්ලම් කරත්. ආජානීය ඇත්තුද අශ්වයෝද මිනිස්සු ද වනාහි ජලයෙහි මල, මුත්‍රා නොකරති. එනිසා ඒ ඇතාද ජලයෙහි මල මුත්‍ර නොකොට ජලයෙන් පිටත ගංඉවුරෙහිම කරයි. ඉක්බිති එක්දිනක ගඟ ඉහළට වැස්සක් වැස්සේය. අඩක් වියළි ඇත් ඉලත්තියක් (ඇත් වසුරු) වැසි ජලයෙන් ගඟට පාවී යන්නේ බරණැස් නගරය අසල තොටුපලේ එක් ලැහැබක රැඳුණේය. ඉක්බිති රජතුමාගේ ඇත්ගොව්වෝ ඇතුන් නාවන්නෙමුයි ඇතුන් පන්සියයක් රැගෙන ගියාහුය. ආජානීය ඇත් ඉලත්තියේ සුවඳ දැනී එක් ඇතෙකුවත් ගඟට බැසීමට උත්සාහ නොකළේය. සියල්ලෝම වලිගය ඔසවාගෙන පලායාමට පටන් ගත්හ. ඇත්ගොව්වෝ ඇතුන් පිළිබඳ කරුණු දන්නා අය (ඇදුරන්ට) සැල කළාහුය. ඔවුහු ජලයෙහි උවදුරක් විය යුතුයයි ජලය පිරිසිදුකොට ගඟ අයිනේ ලැහැබක තිබූ ඒ ආජානීය ඇත් ඉලත්තිය දැක මේ හේතුව යයි දැන සැලියක් ගෙන්වාගෙන එහි ජලය පුරවා ඇත්වසුරු එහි දියකර ඇතුන්ගේ ශරීරවලට ඉස්සවූහ. ඔවුන්ගේ සිරුරු සුවඳවත් විය. එවිට ඇත්තු ගඟට බැස නාන්නට පටන් ගත්හ.
හත්ථාචරියා රඤ්ඤො තං පවත්තිං ආරොචෙත්වා “තං හත්ථාජානීයං පරියෙසිත්වා ආනෙතුං වට්ටති, දෙවා”ති ආහංසු. රාජා නාවාසඞ්ඝාටෙහි නදිං පක්ඛන්‍දිත්‍වා උද්ධංගාමීහි නාවාසඞ්ඝාටෙහි වඩ්ඪකීනං වසනට්ඨානං සම්පාපුණි. හත්ථිපොතකො නදියං කීළන්තො භෙරිසද්දං සුත්වා ගන්ත්වා වඩ්ඪකීනං සන්තිකෙ අට්ඨාසි. වඩ්ඪකී රඤ්ඤො පච්චුග්ගමනං කත්වා “දෙව, සචෙ දාරූහි අත්ථො, කිං කාරණා ආගතත්ථ, කිං පෙසෙත්වා ආහරාපෙතුං න වට්ටතී”ති ආහංසු. “නාහං, භණෙ, දාරූනං අත්ථාය ආගතො, ඉමස්ස පන හත්ථිස්ස අත්ථාය ආගතොම්හී”ති. “ගාහාපෙත්වා ගච්ඡථ, දෙවා”ති. හත්ථිපොතකො ගන්තුං න ඉච්ඡි. “කිං කාරාපෙති, භණෙ, හත්ථී”ති? “වඩ්ඪකීනං පොසාවනිකං ආහරාපෙති, දෙවා”ති. “සාධු, භණෙ”ති රාජා හත්ථිස්ස චතුන්නං පාදානං සොණ්ඩාය නඞ්ගුට්ඨස්ස ච සන්තිකෙ සතසහස්සසතසහස්සකහාපණෙ ඨපාපෙසි. හත්ථී එත්තකෙනාපි අගන්ත්වා සබ්බවඩ්ඪකීනං දුස්සයුගෙසු වඩ්ඪකීභරියානං නිවාසනසාටකෙසු දින්නෙසු සද්ධිංකීළිතානං දාරකානඤ්ච දාරකපරිහාරෙ කතෙ නිවත්තිත්වා වඩ්ඪකී ච ඉත්ථියො ච දාරකෙ ච ඔලොකෙත්වා රඤ්ඤා සද්ධිං අගමාසි.
ඇතුන් පිළිබඳ ඇදුරෝ රජුට ඒ පුවත දන්වා ඒ ආජානීය ඇතා සොයාගෙන ඒම සුදුසු යයි කීවාහුය. රජතුමා නැව් එකට යොදා ගඟට බැස උඩුගං බලා යන පහුණුවලින් වඩුවන් සිටින ස්ථානයට පැමිණියේය. ඇත්පොව්වා ගඟෙහි ජලක්‍රීඩා කරද්දී බෙරහඬ අසා වඩුවන් ළඟට ගොස් සිටියේය. වඩුවෝ රජු වෙත පෙරගමන්කොට දේවයන් වහන්ස! දැව අවශ්‍යද? කුමක් සඳහා යහපත් වූ සේක්ද? ඇයි කවරෙකු හෝ ඒවා ගෙන යන්න තිබුණා නේදැයි කීවාහුය. බොලව් වැසියනි! මම දැව බලාපොරොත්තුවෙන් ආවේ නැත. මේ ඇතා ලබාගැනීම සඳහා ආවෙමියි කීවේය. රැගෙන යනු මැන දේවයන් වහන්ස! ඇත්පොව්වා යන්න කැමති නොවේය. වැසියනි, ඇතා මා ලවා කුමක් කරවයිද? දේවයන් වහන්ස! වඩුවන්ට පෝෂණය සඳහා දිය යුතු මුදල් ගෙන්වයි. රජතුමා වැසියනි, යහපතැයි කියා ඇතාගේ පා සතර, සොඬවැල, වලිගය යන තැන්වල ලක්ෂය ලක්ෂය බැගින් කහවණු තැබ්බවීය. ඇතා එපමණකින් නොගොස් සියලු වඩුවන්ට ඇඳුම් යුගල බැගින් ද වඩුවන්ගේ බිරින්ඳන්ට ද අඳින්න වස්ත්‍ර දුන් පසු තමන් සමග සෙල්ලම් කළ දරුවන්ටද ඒ දරුවන්ගේ ආරක්ෂකයන්ට යුතුකම් ඉටුකළ කල්හි වඩුවන් නවත්වා කාන්තාවන් ද දරුවන්ද දෙස බලා රජු සමග ගියේය.
රාජා තං ආදාය නගරං ගන්ත්වා නගරඤ්ච හත්ථිසාලඤ්ච අලඞ්කාරාපෙත්වා හත්ථිං නගරං පදක්ඛිණං කාරෙත්වා හත්ථිසාලං පවෙසෙත්වා සබ්බාලඞ්කාරෙහි අලඞ්කරිත්වා අභිසෙකං දත්වා ඔපවය්හං කත්වා අත්තනො සහායට්ඨානෙ ඨපෙත්වා උපඩ්ඪරජ්ජං හත්ථිස්ස දත්වා අත්තනා සමානපරිහාරං අකාසි. හත්ථිස්ස ආගතකාලතො පට්ඨාය රඤ්ඤො සකලජම්බුදීපෙ රජ්ජං හත්ථගතමෙව අහොසි. එවං කාලෙ ගච්ඡන්තෙ බොධිසත්තො තස්ස රඤ්ඤො අග්ගමහෙසියා කුච්ඡිම්හි පටිසන්ධිං ගණ්හි. තස්සා ගබ්භපරිපාකකාලෙ රාජා කාලමකාසි. හත්ථී පන සචෙ රඤ්ඤො කාලකතභාවං ජානෙය්ය, තත්ථෙවස්ස හදයං ඵලෙය්ය, තස්මා හත්ථිං රඤ්ඤො කාලකතභාවං අජානාපෙත්වාව උපට්ඨහිංසු. රඤ්ඤො පන කාලකතභාවං සුත්වා “තුච්ඡං කිර රජ්ජ”න්ති අනන්තරසාමන්තකොසලරාජා මහතියා සෙනාය ආගන්ත්වා නගරං පරිවාරෙසි. නගරවාසිනො ද්වාරානි පිදහිත්වා කොසලරඤ්ඤො සාසනං පහිණිංසු – “අම්හාකං රඤ්ඤො අග්ගමහෙසී පරිපුණ්ණගබ්භා ‘ඉතො කිර සත්තමෙ දිවසෙ පුත්තං විජායිස්සතී’ති අඞ්ගවිජ්ජාපාඨකා ආහංසු. සචෙ සා පුත්තං විජායිස්සති, මයං සත්තමෙ දිවසෙ යුද්ධං දස්සාම, න රජ්ජං, එත්තකං කාලං ආගමෙථා”ති. රාජා “සාධූ”ති සම්පටිච්ඡි.
රජතුමා ඒ ඇතා රැගෙන නගරයට ගොස් නගරය හා ඇත්හළද සරසා ඇතා නගරයේ ප්‍රදර්ශනය කරවා ඇත්හලට යවා සියලු අලංකාරයෙන් සරසා අභිෂේක කරවා රාජ වාහනය කොට තම සහායක තනතුරේ තබා ඇතාට රජකමෙන් අඩක් දී තමන්ට සමානව උපහාර දැක්වීය. ඇතා පැමිණි දින සිට මුළු දඹදිවම රාජ්‍යය රජතුමාගේ අතට පත්වූවාක් මෙන් විය. මෙසේ කල් යද්දී බෝසතාණන් වහන්සේ ඒ රජුගේ අග මෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගත් සේක. ඇගේ ගැබ මෝරන කාලයේදී රජතුමා කලුරිය කළේය. ඉදින් රජු මළ බව ඇතා දැනගත්තේ නම් එහිදීම ඇතාගේ ළය පැලෙන්නේය. ඒ නිසා ඇතාට රජු මළ බව නොදන්වාම උවටැන් කළාහුය. රජු මළ බව අසා රාජ්‍යය හිස් යයි සිතා ඉතා ළංවූ අසල්වැසි කොසොල් රජ මහත් යුද සේනාවක් සමග අවුත් නගරය වට කෙළේය. නුවර වැසියෝ දොරටු වසා කොසොල් රජුට හසුනක් යැවූහ. අපගේ රජතුමාගේ අගබිසව පිරිපුන් ගැබ් ඇත්තී මෙයින් සත්වන දිනයෙහි පුතෙකු බිහි කරන්නී යයි දේහ ලක්ෂණ කියන අය කීවාහුය. ඉදින් ඇය පුතෙකු බිහි කරන්නේද අනතුරුව අපි සත්වන දවස යුද්ධයට සූදානම් වෙමු. රාජ්‍යය නොදෙමු. එතෙක් කල් ඉවසනු මැනවැයි කීහ. රජතුමා යහපතැයි පිළිගත්තේය.
දෙවී සත්තමෙ දිවසෙ පුත්තං විජායි. තස්ස නාමග්ගහණදිවසෙ පන මහාජනස්ස අලීනචිත්තං පග්ගණ්හන්තො ජාතොති “අලීනචිත්තකුමාරො”ත්වෙවස්ස නාමං අකංසු. ජාතදිවසතොයෙව පනස්ස පට්ඨාය නාගරා කොසලරඤ්ඤා සද්ධිං යුජ්ඣිංසු. නින්නායකත්තා සඞ්ගාමස්ස මහන්තම්පි බලං යුජ්ඣමානං ථොකං ථොකං ඔසක්කති. අමච්චා දෙවියා තමත්ථං ආරොචෙත්වා “මයං එවං ඔසක්කමානෙ බලෙ පරාජයභාවස්ස භායාම, අම්හාකං පන රඤ්ඤො කාලකතභාවං, පුත්තස්ස ජාතභාවං, කොසලරඤ්ඤො ආගන්ත්වා යුජ්ඣානභාවඤ්ච රඤ්ඤො සහායකො මඞ්ගලහත්ථී න ජානාති, ජානාපෙම න”න්ති පුච්ඡිංසු. සා “සාධූ”ති සම්පටිච්ඡිත්වා පුත්තං අලඞ්කරිත්වා දුකූලචුම්බටකෙ නිපජ්ජාපෙත්වා පාසාදා ඔරුය්හ අමච්චගණපරිවුතා හත්ථිසාලං ගන්ත්වා බොධිසත්තං හත්ථිස්ස පාදමූලෙ නිපජ්ජාපෙත්වා “සාමි, සහායො තෙ කාලකතො, මයං තුය්හං හදයඵාලනභයෙන නාරොචයිම්හ, අයං තෙ සහායස්ස පුත්තො, කොසලරාජා ආගන්ත්වා නගර ං පරිවාරෙත්වා තව පුත්තෙන සද්ධිං යුජ්ඣති, බලං ඔසක්කති, තව පුත්තං ත්වඤ්ඤෙව වා මාරෙහි, රජ්ජං වාස්ස ගණ්හිත්වා දෙහී”ති ආහ.
දේවිය සත්වෙනි දවසේ පුතෙකු බිහිකළාය. ඔහුට නම් තබන දවසේ මහජනයාගේ සැඟවුණු සිත උත්සාහවත් කරමින් උපන් නිසා අලීන චිත්ත කුමාරයා යයි ඔහුට නම් තැබූහ. කුමාරයා උපන් දවසේ සිට නගරවැසියෝ කොසොල් රජු සමග යුද්ධ කළාහුය. යුද්ධයට නායකයකු නැති බැවින් මහත් බලසේනාවක් යුද්ධ කළත් ටික ටික පසුබසී. ඇමතිවරු ඒ බව බිසවට දන්වා බිසවුන් වහන්ස! අපි මෙසේ පසුබසිද්දී බලයෙන් පිරිහීමට බිය වෙමු. අපගේ මහරජතුමා කලුරිය කළ බවත්, පුත් කුමරු උපන් බවත් කොසොල් රජු පැමිණ යුද්ධ කරන බවත්, රජතුමාගේ සහායක මඟුල් ඇත්රජ නොදනියි. ඇතාට දන්වමුදැයි විමසූහ. බිසවුන් වහන්සේ යහපතැයි පිළිගෙන පුත් කුමරු සරසා දුහුලි රෙදිකඩක් මත හොවා ප්‍රාසාදයෙන් බැස ඇමති ගණයා පිරිවරාගෙන ඇත්හලට ගොස් බෝසතුන් ඇතාගේ පාමුල හොවා ස්වාමීනි! නුඹේ සහායක මහරජ කලුරිය කළේය. ශෝකයෙන් නුඹේ ලය පැලී යාවියයි සිතා බියෙන් අපි නොදැන්නුවෙමු. මේ තෙමේ සහායක රජුගේ පුත්රුවනයි. කොසොල් රජ අවුත් නගරය වටකරගෙන නුඹේ පුතා සමග යුද කරයි. බලසෙන් පසුබසියි. නුඹේ පුතා මරතත් නුඹම මැරුව මැනවි. ඔබම ඔහුට රාජ්‍යය හෝ ගෙන දුන මැනවැයි කීවාය.
තස්මිං කාලෙ හත්ථී බොධිසත්තං සොණ්ඩාය පරාමසිත්වා උක්ඛිපිත්වා කුම්භෙ ඨපෙත්වා රොදිත්වා බොධිසත්තං ඔතාරෙත්වා දෙවියා හත්ථෙ නිපජ්ජාපෙත්වා “කොසලරාජං ගණ්හිස්සාමී”ති හත්ථිසාලතො නික්ඛමි. අථස්ස අමච්චා වම්මං පටිමුඤ්චිත්වා අලඞ්කරිත්වා නගරද්වාරං අවාපුරිත්වා තං පරිවාරෙත්වා නික්ඛමිංසු. හත්ථී නගරා නික්ඛමිත්වා කොඤ්චනාදං කත්වා මහාජනං සන්තාසෙත්වා පලාපෙත්වා බලකොට්ඨකං භින්දිත්වා කොසලරාජානං චූළාය ගහෙත්වා ආනෙත්වා බොධිසත්තස්ස පාදමූලෙ නිපජ්ජාපෙත්වා මාරණත්ථායස්ස උට්ඨිතෙ වාරෙත්වා “ඉතො පට්ඨාය අප්පමත්තො හොහි, ‘කුමාරො දහරො’ති සඤ්ඤං මා කරී”ති ඔවදිත්වා උය්යොජෙසි. තතො පට්ඨාය සකලජම්බුදීපෙ රජ්ජං බොධිසත්තස්ස හත්ථගතමෙව ජාතං, අඤ්ඤො පටිසත්තු නාම උට්ඨහිතුං සමත්ථො නාහොසි. බොධිසත්තො සත්තවස්සිකකාලෙ අභිසෙකං කත්වා අලීනචිත්තරාජා නාම හුත්වා ධම්මෙන රජ්ජං කාරෙත්වා ජීවිතපරියොසානෙ සග්ගපුරං පූරෙසි.
එවිට ඇතා බෝසතාණන් වහන්සේ හොඬවැලින් පිරිමැද ඔසවා කුම්භස්ථලයෙහි තබාගෙන හඬාවැළප බෝසතුන් බස්සවා දේවීන් වහන්සේගේ අතෙහි හොවා කොසොල් රජු අල්ලා ගන්නෙමියි ඇත්හලෙන් නික්මුණේය. ඉක්බිති ඇමතිවරු යුද ඇඳුම ගැටගසා සරසා නගරයෙහි දොරටුව රඳවා ඇතා පිරිවරාගෙන නික්මුණාහ. ඇතා නගරයෙන් නික්මී කුංචනාද කොට මහජනයා තැතිගන්වා පලවාහැර බලකොටු බිඳ කොසොල් රජුගේ කොණ්ඩෙන් අල්ලාගෙන විත් බෝසත් කුමරුගේ පාමුල හොවා මරන්නට නැගී සිටි කල්හි මරන්නට නොදී මෙතැන් පටන් නොපමා වන්න. මෙතැන් පටන් අප්‍රමාද වන්න. කුමාරයා ලාබාල යයි සිතා ආක්‍රමණය නොකරන්නයි අවවාද කොට උන්ගේ රටට යැවීය. එතැන් පටන් සියලු දඹදිව රාජ්‍යය බෝධිසත්වයන් වහන්සේගේ අතට පත්වූවක් මෙන් විය. වෙනත් සතුරු රජ කෙනෙක් නැගී සිටීමට නම් සමත් නොවීය. බෝසතාණන් වහන්සේ සත්හැවිරිදි වියේදී රජකමට පත්ව අලීන චිත්ත නමින් රජවී දැහැමින් රජ කර මරණින් පසු දෙව්ලොව ගියේය.
සත්ථා ඉමං අතීතං ආහරිත්වා අභිසම්බුද්ධො හුත්වා ඉමං ගාථාද්වයමාහ –
බුදුරජාණන් වහන්සේ මේ අතීත කථාව ගෙනහැර දක්වා ලොව්තුරා බුදුබවට පැමිණ,
“අලීනචිත්තං නිස්සාය, පහට්ඨා මහතී චමූ; කොසලං සෙනාසන්තුට්ඨං, ජීවග්ගාහං අගාහයි.
අලීනචිත්තං නිස්සාය පහට්ඨා වහතී චමු, කොසලං සෙනාසන්තුට්ඨං ජීවගාහං අගාහයි.
“එවං නිස්සයසම්පන්නො, භික්ඛු ආරද්ධවීරියො; භාවයං කුසලං ධම්මං, යොගක්ඛෙමස්ස පත්තියා; පාපුණෙ අනුපුබ්බෙන, සබ්බසංයොජනක්ඛය”න්ති.
එවං නිස්සය සම්පන්නො භික්ඛු ආරද්ධ වීරියො, භාවයං කුසලං ධම්මං යොගක්ඛෙමස්ස පත්තියා, පාපුණෙ අනුපුබ්බෙන සබ්බ සඤ්ඤොජනක්ඛයං.
යන මේ ගාථා දෙක වදාළ සේක.
අලීන චිත්ත කුමාරයා නිසා ඉතා සතුටු වූ මහත් වූ සේනා තොමෝ ස්වකීය රාජ්‍යයෙන් සතුටු නොවූ (අන් රාජ්‍ය ලෝභයෙන් පැමිණ) කෙසොල් රජු පණපිටින් අල්ලා ගත්තීද,මෙසේ නිශ්‍රය සම්පන්න වූ චතුර්විධ යෝගයාගේ ක්ෂේමයට හෙවත් නිවනට පැමිණෙනු සඳහා සත්තිස් බෝධිපාක්ෂික කුසල ධර්මයන් වඩන්නා වූ පටන් ගන්නා ලද වීර්ය ඇති මහණ පිළිවෙළින් සියලු සංයෝජනයන්ගේ ක්ෂයට (රහත් බවට) පැමිණේ.
තත්ථ අලීනචිත්තං නිස්සායාති අලීනචිත්තං රාජකුමාරං නිස්සාය. පහට්ඨා මහතී චමූති “පවෙණීරජ්ජං නො දිට්ඨ”න්ති හට්ඨතුට්ඨා හුත්වා මහතී සෙනා. කොසලං සෙනාසන්තුට්ඨන්ති කොසලරාජානං සෙන රජ්ජෙන අසන්තුට්ඨං පරරජ්ජලොභෙන ආගතං. ජීවග්ගාහං අගාහයීති අමාරෙත්වාව සා චමූ තං රාජානං හත්ථිනා ජීවග්ගාහං ගණ්හාපෙසි. එවං නිස්සයසම්පන්නොති යථා සා චමූ, එවං අඤ්ඤොපි කුලපුත්තො නිස්සයසම්පන්නො කල්යාණමිත්තං බුද්ධං වා බුද්ධසාවකං වා නිස්සයං ලභිත්වා. භික්ඛූති පරිසුද්ධාධිවචනමෙතං. ආරද්ධවීරියොති පග්ගහිතවීරියො චතුදොසාපගතෙන වීරියෙන සමන්නාගතො. භාවයං කුසලං ධම්මන්ති කුසලං නිරවජ්ජං සත්තතිංසබොධිපක්ඛියසඞ්ඛාතං ධම්මං භාවෙන්තො. යොගක්ඛෙමස්ස පත්තියාති චතූහි යොගෙහි ඛෙමස්ස නිබ්බානස්ස පාපුණනත්ථාය තං ධම්මං භාවෙන්තො. පාපුණෙ අනුපුබ්බෙන, සබ්බසංයොජනක්ඛයන්ති එවං විපස්සනතො පට්ඨාය ඉමං කුසලං ධම්මං භාවෙන්තො සො කල්යාණමිත්තුපනිස්සයසම්පන්නො භික්ඛු අනුපුබ්බෙන විපස්සනාඤාණානි ච හෙට්ඨිමමග්ගඵලානි ච පාපුණන්තො පරියොසානෙ දසන්නම්පි සංයොජනානං ඛයන්තෙ උප්පන්නත්තා සබ්බසංයොජනක්ඛයසඞ්ඛාතං අරහත්තං පාපුණාති. යස්මා වා නිබ්බානං ආගම්ම සබ්බසංයොජනානි ඛීයන්ති, තස්මා තම්පි සබ්බසංයොජනක්ඛයමෙව, එවං අනුපුබ්බෙන නිබ්බානසඞ්ඛාතං සබ්බසංයොජනක්ඛයං පාපුණාතීති අත්ථො.
එහි, අලීන චිත්තං නිස්සාය යනු අලීන චිත්ත රාජ කුමාරයා නිසා, පහට්ඨා මහතී චමූ යනු උරුම රාජ්‍යය අප විසින් දක්නා ලදැයි සේනාව තුටු පහටු වී, කොසලං සෙනා සන්තුට්ඨං යනු තම රාජ්‍යයෙන් සෑහීමට පත් නොවී අනුන්ගේ රාජ්‍යයට ආසාවෙන් පැමිණි කොසොල් රජ ජීවගාහං අගාහයි යනු නොමරාවා. ඒ සේනාව ඇතු ලවා රජතුමාව පණපිටින් අල්ලා ගෙන, එවං නිස්සය සම්පන්නො යනු යම්සේ ඒ සේනාව ඇතුගේ ඇසුර ලැබීද, එසේ හේතු සම්පත් ඇති වෙනත් කුලපුත්‍රයෙක් කළණ මිත් බුදුවරයෙකුගේ හෝ බුදු සව්වෙකුගේ හෝ ඇසුර ලබා, භික්ඛු යනු පිරිසිදු බවට මේ පරියාය වචනයකි. ආරද්ධ විරියො යනු ඔසවා තබන ලද වීර්ය ඇති සිවු දෝෂයෙන් දුරු වූ වීර්යයෙන් යුක්ත වූ, භාවයං කුසලං ධම්මං යනු නිරාමිස වූ (කාමාශාවන් පිළිබඳ නොවූ) සත්තිස් බෝධිපාක්ෂික සංඛ්‍යාන කුසල ධර්මයන් වඩන්නේ, යොගක්ඛෙමස්ස පත්තියා යනු කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන සිව් යෝගයෙන් ක්ෂේම වූ නිවනට පැමිණීමට ඒ ධර්මය වඩන්නේ පාපුණෙ අනුපුබ්බෙන සබ්බ සඤ්ඤොජනක්ඛයං යනු මෙසේ විදර්ශනාවේ පටන් මේ කුසල් දහම් වඩන්නේ ඒ කළණ මිතුරන්ගේ ඇසුර ලබන භික්ෂුව පිළිවෙළින් විදසුන් නුවණ ද පහත තුන්මග ඵලයන්ට ද පැමිණෙන්නේ අවසානයේ දස සංයෝජන ධර්මයන් ක්ෂය කිරීමෙන් උපන් බැවින් සියලු සංයෝජන ක්ෂය කිරීම් සංඛ්‍යාත රහත් ඵලයට පැමිණෙයි. යම්සේ නිවනට පැමිණ සංයෝජන ගෙවෙත් ද ඒ නිසා එය ද සියලු සංයෝජනයන් ක්ෂය කිරීම ම වේ. මෙසේ පිළිවෙළින් නිර්වාණ සංඛ්‍යාත සියලු සංයෝජන ක්ෂය කිරීමට පැමිණෙන්නේය යන අර්ථයි.
ඉති භගවා අමතමහානිබ්බානෙන ධම්මදෙසනාය කූටං ගහෙත්වා උත්තරිපි සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ ඔස්සට්ඨවීරියො භික්ඛු අරහත්තෙ පතිට්ඨහි. “තදා මාතා මහාමායා, පිතා සුද්ධොදනමහාරාජා අහොසි, රජ්ජං ගහෙත්වා දින්නහත්ථී අයං ඔස්සට්ඨවීරියො භික්ඛු, හත්ථිස්ස පිතා සාරිපුත්තො, සාමන්තකොසලරාජා මොග්ගල්ලානො, අලීනචිත්තකුමාරො පන අහමෙව අහොසි”න්ති.
මෙසේ බුදුරජාණන් වහන්සේ අමාමහ නිවන් කුළුගන්වමින් මේ ධර්ම දේශනාව පවත්වා වැඩිදුරටත් චතුරාර්ය සත්‍යය ප්‍රකාශකොට ජාතක කථාව නිමවා වදාළ සේක. චතුරාර්ය සත්‍ය දේශනාව කෙළවර වීර්ය හළ භික්ෂුව රහත් ඵලයෙහි පිහිටියේය. එකල මව්බිසව මහාමායා දේවියයි. පියා සුද්ධෝදන මහරජතුමාය. රාජ්‍යය ගෙන දුන් ඇතා මේ වීර්ය හළ භික්ෂුවයි. ඇතාගේ පියා සැරියුත් මහ තෙරය. අලීන චිත්ත කුමාරයා වනාහි ලොව්තුරා බුදු වූ මම ම වූයෙමි යි වදාළ සේක.
අලීනචිත්තජාතකවණ්ණනා ඡට්ඨා.