යෙදුමෙන් කියවන්න

7. ගුණජාතකවණ‍්ණනා 157 අට‍්ඨකථා

7. ගුණජාතකවණ‍්ණනා (157)

7. ගුණ ජාතකය (157)

යෙන කාමං පණාමෙතීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ආනන්‍දත්‍ථෙරස‍්ස සාටකසහස‍්සලාභං ආරබ‍්භ කථෙසි. ථෙරස‍්ස කොසලරඤ‍්ඤො අන‍්තෙපුරෙ ධම‍්මවාචනවත්‍ථු හෙට‍්ඨා මහාසාරජාතකෙ (ජා· 1.1.92) ආගතමෙව. ඉති ථෙරෙ රඤ‍්ඤො අන‍්තෙපුරෙ ධම‍්මං වාචෙන‍්තෙ රඤ‍්ඤො සහස‍්සග‍්ඝනිකානං සාටකානං සහස‍්සං ආහරියිත්‍ථ. රාජා තතො පඤ‍්ච සාටකසතානි පඤ‍්චන‍්නං දෙවීසතානං අදාසි. තා සබ‍්බාපි තෙ සාටකෙ ඨපෙත්‍වා පුනදිවසෙ ආනන්‍දත්‍ථෙරස‍්ස දත්‍වා සයං පුරාණසාටකෙයෙව පාරුපිත්‍වා රඤ‍්ඤො පාතරාසට‍්ඨානං අගමංසු.

යෙන කාමං පණාමෙති යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරනසේක් ආනන්‍ද තෙරුන්ට සළු දහසක් ලැබීම අරබයා වදාළ සේක. කොසොල් රජුගේ අන්තඃපුරයෙහිද තෙරුන් වහන්සේගේ ධර්මය පුහුණු කිරීමේ පුවත මෙයට මුලින් මහාසාර ජාතකයෙහි ආයේමය. (ඒකක නිපාත, ලිත්ත වර්ගය 10, ජාතකය 2) මෙසේ තෙරුන් වහන්සේ රජුගේ අන්තඃපුරයෙහි ධර්මය පුහුණු කරන කල්හි රජතුමාට කහවනු දහසක් වටිනා පිළි දහසක් තෑගි වශයෙන් ලැබුණි. රජතුමා එයින් පිළිපන්සියයක් බිසෝවරුන් පන්සියයකට දුන්නේය. ඒ බිසෝවරු ඒ සියලු පිළි තබාගෙන සිට දෙවන දින ආනන්ද තෙරුන් වහන්සේට පූජාකොට තම තමන් විසින් පැරණි පිළි පොරවාගෙන රජතුමාගේ උදේ ආහාර ගන්නා ස්ථානයට ගියාහුය.

රාජා “මයා තුම‍්හාකං සහස‍්සග‍්ඝනිකා සාටකා දාපිතා, කස‍්මා තුම‍්හෙ තෙ අපාරුපිත්‍වාව ආගතා”ති පුච‍්ඡි. “දෙව, අම‍්හෙහි තෙ ආනන්‍දත්‍ථෙරස‍්ස දින‍්නා”ති. “ආනන්‍දත්‍ථෙරෙන සබ‍්බෙ ගහිතා”ති? “ආම, දෙවා”ති. “සම‍්මාසම‍්බුද‍්ධෙන තිචීවරං අනුඤ‍්ඤාතං, ආනන්‍දත්‍ථෙරො දුස‍්සවණිජ‍්ජං මඤ‍්ඤෙ කරිස‍්සති, අතිබහූ තෙන සාටකා ගහිතා”ති ථෙරස‍්ස කුජ‍්ඣිත්‍වා භුත‍්තපාතරාසො විහාරං ගන‍්ත්‍වා ථෙරස‍්ස පරිවෙණං පවිසිත්‍වා ථෙරං වන්‍දිත්‍වා නිසින‍්නො පුච‍්ඡි – “අපි, භන‍්තෙ, අම‍්හාකං ඝරෙ ඉත්‍ථියො තුම‍්හාකං සන‍්තිකෙ ධම‍්මං උග‍්ගණ‍්හන‍්ති වා සුණන‍්ති වා”ති? “ආම, මහාරාජ, ගහෙතබ‍්බයුත‍්තකං ගණ‍්හන‍්ති, සොතබ‍්බයුත‍්තකං සුණන‍්තී”ති. “කිං තා සුණන‍්තියෙව, උදාහු තුම‍්හාකං නිවාසනං වා පාරුපනං වා දදන‍්තී”ති? “තා අජ‍්ජ, මහාරාජ, සහස‍්සග‍්ඝනිකානි පඤ‍්ච සාටකසතානි අදංසූ”ති. “තුම‍්හෙහි ගහිතානි තානි, භන‍්තෙ”ති? “ආම, මහාරාජා”ති. “නනු, භන‍්තෙ, සත්‍ථාරා තිචීවරමෙව අනුඤ‍්ඤාත”න‍්ති? “ආම, මහාරාජ, භගවතා එකස‍්ස භික‍්ඛුනො තිචීවරමෙව පරිභොගසීසෙන අනුඤ‍්ඤාතං, පටිග‍්ගහණං පන අවාරිතං, තස‍්මා මයාපි අඤ‍්ඤෙසං ජිණ‍්ණචීවරිකානං දාතුං තෙ සාටකා පටිග‍්ගහිතා”ති. “තෙ පන භික‍්ඛූ තුම‍්හාකං සන‍්තිකා සාටකෙ ලභිත්‍වා පොරාණචීවරානි කිං කරිස‍්සන‍්තී”ති? “පොරාණසඞ‍්ඝාටිං උත‍්තරාසඞ‍්ගං කරිස‍්සන‍්තී”ති? “පොරාණඋත‍්තරාසඞ‍්ගං කිං කරිස‍්සන‍්තී”ති? “අන‍්තරවාසකං කරිස‍්සන‍්තී”ති. “පොරාණඅන‍්තරවාසකං කිං කරිස‍්සන‍්තී”ති? “පච‍්චත්‍ථරණං කරිස‍්සන‍්තී”ති. “පොරාණපච‍්චත්‍ථරණං කිං කරිස‍්සන‍්තී”ති? “භුම‍්මත්‍ථරණං කරිස‍්සන‍්තී”ති. “පොරාණභුම‍්මත්‍ථරණං කිං කරිස‍්සන‍්තී”ති? “පාදපුඤ‍්ඡනං කරිස‍්සන‍්තී”ති. “පොරාණපාදපුඤ‍්ඡනං කිං කරිස‍්සන‍්තී”ති? “මහාරාජ, සද‍්ධාදෙය්‍යං නාම විනිපාතෙතුං න ලබ‍්භති, තස‍්මා පොරාණපාදපුඤ‍්ඡනං වාසියා කොට‍්ටෙත්‍වා මත‍්තිකාය මක‍්ඛෙත්‍වා සෙනාසනෙසු මත‍්තිකාලෙපනං කරිස‍්සන‍්තී”ති. “භන‍්තෙ, තුම‍්හාකං දින‍්නං යාව පාදපුඤ‍්ඡනාපි නස‍්සිතුං න ලබ‍්භතී”ති? “ආම, මහාරාජ, අම‍්හාකං දින‍්නං නස‍්සිතුං න ලබ‍්භති, පරිභොගමෙව හොතී”ති.

රජතුමා මවිසින් තොපට දහසක් අගනා පිළි දෙවන ලදි. කුමක් නිසා තොපි ඒවා නොහැඳ ආවාහුදැයි විචාළේය. දේවයන් වහන්ස! අප විසින් ඒවා තෙරුන් වහන්සේට පූජා කරන ලදි. ආනන්‍ද තෙරුන් වහන්සේ විසින් ඒ සියල්ලම පිළිගන්නා ලද්දේද? එසේය දේවයන් වහන්ස! සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් තුන්සිවුරු අනුදැන වදාරන ලදි. ආනන්‍ද තෙරුන් වහන්සේ රෙදි වෙළඳාම කරන්නාහුයයි හඟිමි. උන්වහන්සේ විසින් බොහෝ පිළි ගන්නා ලදැයි තෙරුන් වහන්සේ කෙරෙහි කිපී උදේ ආහාර ගෙන විහාරයට ගොස් තෙරුන් වහන්සේගේ පන්සලට පිවිස තෙරුන් වැඳ හුන්නේ ස්වාමීනි! අපේ මාලිගාවේ බිසෝවරු නුඹවහන්සේ සමීපයෙහි බණ ඉගෙන ගනිත්ද බණ අසත්දැයි විචාළේය. එසේය මහරජ! ගතයුතු දෙයක් ඉගෙන ගනිත්, ඇසිය යුතු දෙයක් අසත්. කිම ඔවුන් බණ අසනු පමණක්ද? නොහොත් නුඹ වහන්සේට වස්ත්‍ර හෝ පොරෝණා දෙත්දැයි විචාළේය. මහරජ, අද දහසක් අගනා පිළි පන්සියයක් දුන්නාහුය. ස්වාමීනි, ඔබවහන්සේ ඒවා පිළිගත් සේක්ද? එසේය මහරජ, බුදුරජාණන් වහන්සේ විසින් තුන්සිවුරු පමණක් අනුදැන වදාරණ ලද්දේද? එසේය මහරජ, බුදුරජාණන් වහන්සේ විසින් එක් භික්‍ෂුවකට තුන්සිවුරු පමණක් පරිහරණයට අනුදැන වදාළ නමුත් වැඩිපුර පිළිගැනීම වළක්වා නැත. ඒ නිසා මවිසින්ද දිරාගිය සිවුරු ඇති වෙනත් භික්‍ෂූන්ට දීමට ඒ සළු පිළිගන්නා ලදි. ඒ භික්‍ෂූන් වහන්සේලා ඔබවහන්සේ වෙතින් සළු ලබාගෙන පැරණි දිරාගිය සිවුරුවලට කුමක් කරන්නාහුද? පැරණි සිවුරුවලින් උතුරුසළු සකස්කර ගන්නෝය. පැරණි උතුරුසළුවලින් කුමක් කරන්නෝද? පැරණි උතුරුසළුවලින් අඳනකඩ සකස් කරන්නෝය. පැරණි අඳනකඩවලින් කුමක් කරන්නෝද? (නිදන) ඇතිරිලි කරන්නෝය. (නිදන) ඇතිරිලිවලින් කුමක් කරන්නෝද? බුමුතුරුණු (බිමට එලන පාපිසි) කරන්නාහ. පැරණි බුමුතුරුණුවලින් කුමක් කරන්නෝද? ඒවායින් පාපිසි කරන්නාහ. පැරණි පාපිසිවලින් කුමක් කරන්නෝද? මහරජ සැදැහෙන් දෙන ලද දේවල් විනාශ කිරීමට ඉඩ නැත. ඒ පැරණි පාපිසි පිහියකින් කෑලි කපා මැටි මිශ්‍රකොට සෙනසුනෙහි මැටි ආලේපයට ගනිති. ස්වාමීනි! ඔබවහන්සේලාට දෙන සිවුරු පිළි පාපිස්ස දක්වා විනාශ වීමට ඉඩක් නොලැබේද? එසේය මහරජ, අපට දෙන දේවල් විනාශවීමට ඉඩක් නොලැබේ. කුමන හෝ ප්‍රයෝජනයකට ගතයුතු වෙයි.

රාජා තුට‍්ඨො සොමනස‍්සප‍්පත‍්තො හුත්‍වා ඉතරානිපි ගෙහෙ ඨපිතානි පඤ‍්ච සාටකසතානි ආහරාපෙත්‍වා ථෙරස‍්ස දත්‍වා අනුමොදනං සුත්‍වා ථෙරං වන්‍දිත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි. ථෙරො පඨමලද‍්ධානි පඤ‍්ච සාටකසතානි ජිණ‍්ණචීවරිකානං භික‍්ඛූනං අදාසි. ථෙරස‍්ස පන පඤ‍්චමත‍්තානි සද‍්ධිවිහාරිකසතානි , තෙසු එකො දහරභික‍්ඛු ථෙරස‍්ස බහූපකාරො පරිවෙණං සම‍්මජ‍්ජති, පානීයපරිභොජනීයං උපට‍්ඨපෙති, දන‍්තකට‍්ඨං මුඛොදකං න‍්හානොදකං දෙති, වච‍්චකුටිජන‍්තාඝරසෙනාසනානි පටිජග‍්ගති, හත්‍ථපරිකම‍්මපාදපරිකම‍්මපිට‍්ඨිපරිකම‍්මාදීනි කරොති. ථෙරො පච‍්ඡා ලද‍්ධානි පඤ‍්ච සාටකසතානි “අයං මෙ බහූපකාරො”ති යුත‍්තවසෙන සබ‍්බානි තස‍්සෙව අදාසි. සොපි සබ‍්බෙ තෙ සාටකෙ භාජෙත්‍වා අත‍්තනො සමානුපජ‍්ඣායානං අදාසි.

රජතුමා සතුටුව සොම්නසට පත්වී රජගෙයි තබා තිබූ ඉතිරි සළු පන්සියයද ගෙන්වාගෙන තෙරුන් වහන්සේට පූජාකොට එහි ආනිසංස අසා තෙරුන්ට වැඳ පැදකුණු කොට ගියේය. තෙරුන් වහන්සේ මුලින් ලැබුණු සළු පන්සියය දිරාගිය සිවුරු ඇති භික්‍ෂූන්ට දුන් සේක. උන්වහන්සේ පන්සියයක් පමණ වූ එකට වාසය කරන (සද්ධි විහාරික) භික්‍ෂූහු සිටිති. උන්වහන්සේලා අතුරෙන් එක් ලාබාල භික්‍ෂුවක් තෙරුන් වහන්සේ බොහෝ උපකාර කරයි. පන්සල අමදියි. බොන පැන් පරිභෝග පැන් ගෙනවිත් තබයි. දැහැටි දඬු, මුහුණ සෝදන පැන්, නහන පැන් දෙයි. වැසිකිළිය, ගිනිහල්ගෙය, සෙනසුන් ආරක්‍ෂා කරයි. අත් පා වැඩීම, පිට ඉලීම ආදියද කරයි. තෙරුන් වහන්සේ පසුව ලැබුණු පිළි පන්සියයම මේ භික්‍ෂුව මට බොහෝ උදව් උපකාර කරයි. ඒ නිසා යුතුකමක් වශයෙන් සියල්ලම උන්වහන්සේට ම දුන් සේක. ඒ භික්‍ෂුව ද සියලු සළු බෙදා තමන්ගේ සම උපාධ්‍යායවරුන්ට දුන්නේය.

එවං සබ‍්බෙපි තෙ ලද‍්ධසාටකා භික‍්ඛූ සාටකෙ ඡින්‍දිත්‍වා රජිත්‍වා කණිකාරපුප‍්ඵවණ‍්ණානි කාසායානි නිවාසෙත්‍වා ච පාරුපිත්‍වා ච සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදිත්‍වා එවමාහංසු – “භන‍්තෙ, සොතාපන‍්නස‍්ස අරියසාවකස‍්ස මුඛොලොකනදානං නාම අත්‍ථී”ති. “න, භික‍්ඛවෙ, අරියසාවකානං මුඛොලොකනදානං නාම අත්‍ථී”ති. “භන‍්තෙ, අම‍්හාකං උපජ‍්ඣායෙන ධම‍්මභණ‍්ඩාගාරිකත්‍ථෙරෙන සහස‍්සග‍්ඝනිකානං සාටකානං පඤ‍්ච සතානි එකස‍්සෙව දහරභික‍්ඛුනො දින‍්නානි, සො පන අත‍්තනා ලද‍්ධෙ භාජෙත්‍වා අම‍්හාකං අදාසී”ති. “න, භික‍්ඛවෙ, ආනන්‍දො මුඛොලොකනභික‍්ඛං දෙති, සො පනස‍්ස භික‍්ඛු බහූපකාරො, තස‍්මා අත‍්තනො උපකාරස‍්ස උපකාරවසෙන ගුණවසෙන යුත‍්තවසෙන ‘උපකාරස‍්ස නාම පච‍්චුපකාරො කාතුං වට‍්ටතී’ති කතඤ‍්ඤුකතවෙදිභාවෙන අදාසි. පොරාණකපණ‍්ඩිතාපි හි අත‍්තනො උපකාරානඤ‍්ඤෙව පච‍්චුපකාරං කරිංසූ”ති වත්‍වා තෙහි යාචිතො අතීතං ආහරි.

මෙසේ ඒ ලබන ලද සළු ඇති සියලු භික්‍ෂූහු පිළි කපා (සිවුරු කොට) පඬු පොවා කිණිහිරි මල් පැහැයෙන් යුත් සිවුරු හැඳ පොරවාගෙන බුදුරජාණන් වහන්සේ වෙත ගොස් වැඳ එකත් පසෙක හිඳ මෙසේ කීවාහුය. ස්වාමීනි! සෝවාන් ඵලයට පත් ආර්ය ශ්‍රාවකයාගේ මුහුණ බලා දෙන දානයක් නම් ඇත්ද? මහණෙනි! ආර්ය ශ්‍රාවකයන්ගේ මුහුණ බලා දෙන දානයක් නම් නැත. ස්වාමීනි! අපගේ උපාධ්‍යායන් වහන්සේ වන ධර්ම භාණ්ඩාගාරික තෙරුන් වහන්සේ විසින් දහසක් අගනා සළු පන්සියයක් එක් දහර භික්‍ෂුවකට දෙන ලදි. ඒ භික්‍ෂුව වනාහි තමා විසින් ලබන ලද පිළි බෙදා අපට දුන්නේය. මහණෙනි! ආනන්ද මුහුණ බලා දන් නොදෙයි. ඒ භික්‍ෂුව වනාහි ආනන්දට බොහෝ උඵකාර කරන්නෙකි. ඒ නිසා තමන්ට උඵකාර කරන්නාට උපකාර වශයෙන් ගුණ වශයෙන් යුතුකම් වශයෙන් උපකාර කරන්නාට ප්‍රත්‍යුපකාර කරන්ට වටීයයි සිතා කළගුණ දන්නේ කෘතවේදීත්‍වයෙන් දුන්නේය. පෙර නුවණ ඇත්තෝ ද තමන්ට උදව් කළ අයට නැවත උදවු කළාහු යයි වදාරා භික්‍ෂූන්ගේ ඉල්ලීම පරිදි අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො සීහො හුත්‍වා පබ‍්බතගුහායං වසති. සො එකදිවසං ගුහාය නික‍්ඛමිත්‍වා පබ‍්බතපාදං ඔලොකෙසි, තං පන පබ‍්බතපාදං පරික‍්ඛිපිත්‍වා මහාසරො අහොසි. තස‍්ස එකස‍්මිං උන‍්නතට‍්ඨානෙ උපරිථද‍්ධකද‍්දමපිට‍්ඨෙ මුදූනි හරිතතිණානි ජායිංසු. සසකා චෙව හරිණාදයො ච සල‍්ලහුකමිගා කද‍්දමමත්‍ථකෙ විචරන‍්තා තානි ඛාදන‍්ති. තං දිවසම‍්පි එකො මිගො තානි ඛාදන‍්තො විචරති. සීහො “තං මිගං ගණ‍්හිස‍්සාමී”ති පබ‍්බතමත්‍ථකා උප‍්පතිත්‍වා සීහවෙගෙන පක‍්ඛන්‍දි, මිගො මරණභයතජ‍්ජිතො විරවන‍්තො පලායි. සීහො වෙගං සන්‍ධාරෙතුං අසක‍්කොන‍්තො කලලපිට‍්ඨෙ නිපතිත්‍වා ඔසීදිත්‍වා උග‍්ගන‍්තුං අසක‍්කොන‍්තො චත‍්තාරො පාදා ථම‍්භා විය ඔසීදිත්‍වා සත‍්තාහං නිරාහාරො අට‍්ඨාසි.

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී අප මහබෝසතාණන් වහන්සේ සිංහයෙකු වී ගල්ලෙනක වාසය කරන සේක. ඒ සිංහයා දිනක් ගුහාවෙන් නික්මී පර්වත පාමුල බැලුවේය. ඒ පර්වතය පාමුල වටේට මහ විලක් තිබුණේය. එහි එක් උස්තැනක මතුයෙහි තද මඩ කොටසක මොළොක් කොළ පැහැති තණ හටගත්තේය. හාවෝ මුවෝ ආදී සැහැල්ලු සත්තු මඩ මතුයෙහි හැසිරෙමින් ඒ තණ කති. එදවසද එක් මුවෙක් ඒ තණ කමින් හැසිරෙයි. සිංහයාද ඒ මුවා අල්ලා ගනිමියි සිතා පර්වත මුදුනෙන් උඩ පැන සිංහ වේගයෙන් පැන්නේය. මුවා මරණ බියෙන් තැති ගත්තේ කෑ ගසමින් පලා ගියේය. සිංහයාට වේගය පාලනය කරගැනීමට නොහැකිව මඩ මත වැටී ගිලාබැස උඩට ඒමට නොහැකිව පා සතර කණු සතරක් මෙන් මඩෙහි එරී සතියක් පමණ ආහාරයක් නොමැතිව සිටියේය.

අථ නං එකො සිඞ‍්ගාලො ගොචරප‍්පසුතො තං දිස‍්වා භයෙන පලායි. සීහො තං පක‍්කොසිත්‍වා “භො සිඞ‍්ගාල, මා පලායි, අහං කලලෙ ලග‍්ගො, ජීවිතං මෙ දෙහී”ති ආහ. සිඞ‍්ගාලො තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “අහං තං උද‍්ධරෙය්‍යං, උද‍්ධටො පන මං ඛාදෙය්‍යාසීති භායාමී”ති ආහ. “මා භායි, නාහං තං ඛාදිස‍්සාමි, මහන‍්තං පන තෙ ගුණං කරිස‍්සාමි, එකෙනුපායෙන මං උද‍්ධරාහී”ති. සිඞ‍්ගාලො තස‍්ස පටිඤ‍්ඤං ගහෙත්‍වා චතුන‍්නං පාදානං සමන‍්තා කලලෙ අපනෙත්‍වා චතුන‍්නම‍්පි පාදානං චතස‍්සො මාතිකා ඛණිත්‍වා උදකාභිමුඛං අකාසි, උදකං පවිසිත්‍වා කලලං මුදුං අකාසි. තස‍්මිං ඛණෙ සිඞ‍්ගාලො සීහස‍්ස උදරන‍්තරං අත‍්තනො සීසං පවෙසෙත්‍වා “වායාමං කරොහි, සාමී”ති උච‍්චාසද‍්දං කරොන‍්තො සීසෙන උදරං පහරි. සීහො වෙගං ජනෙත්‍වා කලලා උග‍්ගන‍්ත්‍වා පක‍්ඛන්‍දිත්‍වා ථලෙ අට‍්ඨාසි. සො මුහුත‍්තං විස‍්සමිත්‍වා සරං ඔරුය‍්හ කද‍්දමං ධොවිත්‍වා න‍්හායිත්‍වා දරථං පටිප‍්පස‍්සම‍්භෙත්‍වා එකං මහිංසං වධිත්‍වා දාඨාහි ඔවිජ‍්ඣිත්‍වා මංසං උබ‍්බත‍්තෙත්‍වා “ඛාද, සම‍්මා”ති සිඞ‍්ගාලස‍්ස පුරතො ඨපෙත්‍වා තෙන ඛාදිතෙ පච‍්ඡා අත‍්තනා ඛාදි. පුන සිඞ‍්ගාලො එකං මංසපෙසිං ඩංසිත්‍වා ගණ‍්හි. “ඉදං කිමත්‍ථාය, සම‍්මා”ති ච වුත‍්තෙ “තුම‍්හාකං දාසී අත්‍ථි, තස‍්සා භාගො භවිස‍්සතී”ති ආහ. සීහො “ගණ‍්හාහී”ති වත්‍වා සයම‍්පි සීහියා අත්‍ථාය මංසං ගණ‍්හිත්‍වා “එහි, සම‍්ම, අම‍්හාකං පබ‍්බතමුද‍්ධනි ඨත්‍වා සඛියා වසනට‍්ඨානං ගමිස‍්සාමා”ති වත්‍වා තත්‍ථ ගන‍්ත්‍වා මංසං ඛාදාපෙත්‍වා සිඞ‍්ගාලඤ‍්ච සිඞ‍්ගාලිඤ‍්ච අස‍්සාසෙත්‍වා “ඉතො පට‍්ඨාය ඉදානි අහං තුම‍්හෙ පටිජග‍්ගිස‍්සාමී”ති අත‍්තනො වසනට‍්ඨානං නෙත්‍වා ගුහාය ද‍්වාරෙ අඤ‍්ඤිස‍්සා ගුහාය වසාපෙසි. තෙ තතො පට‍්ඨාය ගොචරාය ගච‍්ඡන‍්තා සීහිඤ‍්ච සිඞ‍්ගාලිඤ‍්ච ඨපෙත්‍වා සිඞ‍්ගාලෙන සද‍්ධිං ගන‍්ත්‍වා නානාමිගෙ වධිත්‍වා උභොපි තත්‍ථෙව මංසං ඛාදිත්‍වා ඉතරාසම‍්පි ද‍්වින‍්නං ආහරිත්‍වා දෙන‍්ති.

ඉක්බිති එක් හිවලෙක් ගොදුරු සෙවීමෙහි නිරත වූයේ සිංහයා දැක බියෙන් පලා යන්නට විය. සිංහයා හිවලා කැඳවා යහලු හිවලාණෙනි! දුවන්න එපා. මම මඩෙහි එරී සිටිමි. මගේ බණ බේරා දෙන්නයි කීවේය. හිවලා සිංහයා ළඟට ගොස් මම නුඹව ගොඩට ගත්තේ නම් ගොඩට ආ විට මාව මරා කන්නේ යයි බිය වෙමි. බිය නොවන්න. මම නුඹව නොකන්නෙමි. එක්තරා උපායකින් මාව ගොඩට ගන්න. නුඹට බොහෝ උදව් කරන්නෙමි. හිවලා සිංහයාගෙන් පොරොන්දුවක් ගෙන පා හතර වටේ මඩ ඉවත්කර පා හතරටම ඇල මාර්ග හතරක් පාදා ජලය ගලා එන්නට සැලැස්වීය. ජලය ඇතුල්වී මඩ බුරුල් කළේය. ඒ අවස්ථාවේදී හිවලා සිංහයාගේ බඩ අතරට පිවිස ස්වාමීනි උත්සාහ කරන්නැයි උස්හඬ නගමින් හිසෙන් බඩට පහර දුන්නේය. සිංහයා වේගය උපදවාගෙන මඩෙන් ගොඩට පැන පොළොවෙහි සිටියේය. සිංහයා මොහොතක් විවේකීව සිට විලට බැස මඩ සෝදා නාගෙන ඉක්බිති එක් මී ගවයෙක් මරා දත්වලින් ඉරා මස් උපුටා දී යාලුව, මස් කන්නැ’යි හිවලාගේ ඉදිරියෙහි තබා හිවලා විසින් කෑ පසුව සිංහයා කෑවේය. නැවත නැවත හිවලා එක් මස් කෑල්ලක් ගත්තේය. යාලුව, මෙය කුමකටදැයි කී කල්හි නුඹවහන්සේගේ දාසියක් ඇත. ඇයට දියයුතු වන්නේ යයි කීවේය. සිංහයා අරගන්න යයි කියා තෙමේත් සිංහ ධේනුව වෙනුවෙන් මස් කොටසක් රැගෙන, එන්න යහලුව අපගේ පර්වතය මුදුනේ සිට යෙහෙලිය වසන තැනට යමුයි කියා එහි ගොස් මස් කවා හිවලා ද හිවලී ද සනසවා, දැන් මෙතැන් පටන් මම නුඹලා පෝෂණය කරන්නෙමියි තමන් වසන තැනට පමුණුවා ගුහාව දොරටුව අසල වෙනත් ගුහාවක වාසය කරවීය. එතැන් පටන් ගොදුරු පිණිස යනවිට සිංහ ධේනුවත්, හිවල් ධේනුවත් ගුහාවේ රඳවා හිවලා සමග ගොස් නොයෙක් සිවුපාවුන් මරා දෙදෙනාම එහි සිට මස් කා ඉතිරි දෙදෙනාට ද ගෙනවිත් දෙත්.

එවං කාලෙ ගච‍්ඡන‍්තෙ සීහී ද‍්වෙ පුත‍්තෙ විජායි, සිඞ‍්ගාලීපි ද‍්වෙ පුත‍්තෙ විජායි. තෙ සබ‍්බෙපි සමග‍්ගවාසං වසිංසු. අථෙකදිවසං සීහියා එතදහොසි – “අයං සීහො සිඞ‍්ගාලඤ‍්ච සිඞ‍්ගාලිඤ‍්ච සිඞ‍්ගාලපොතකෙ ච අතිවිය පියායති, නූනමස‍්ස සිඞ‍්ගාලියා සද‍්ධිං සන්‍ථවො අත්‍ථි, තස‍්මා එවං සිනෙහං කරොති, යංනූනාහං ඉමං පීළෙත්‍වා තජ‍්ජෙත්‍වා ඉතො පලාපෙය්‍ය”න‍්ති . සා සීහස‍්ස සිඞ‍්ගාලං ගහෙත්‍වා ගොචරාය ගතකාලෙ සිඞ‍්ගාලිං පීළෙසි තජ‍්ජෙසි “කිංකාරණා ඉමස‍්මිං ඨානෙ වසති , න පලායසී”ති? පුත‍්තාපිස‍්සා සිඞ‍්ගාලිපුත‍්තෙ තථෙව තජ‍්ජයිංසු. සිඞ‍්ගාලී තමත්‍ථං සිඞ‍්ගාලස‍්ස කථෙත්‍වා “සීහස‍්ස වචනෙන එතාය එවං කතභාවම‍්පි න ජානාම, චිරං වසිම‍්හා, නාසාපෙය්‍යාපි නො, අම‍්හාකං වසනට‍්ඨානමෙව ගච‍්ඡාමා”ති ආහ. සිඞ‍්ගාලො තස‍්සා වචනං සුත්‍වා සීහං උපසඞ‍්කමිත්‍වා ආහ – “සාමි, චිරං අම‍්හෙහි තුම‍්හාකං සන‍්තිකෙ නිවුත්‍ථං, අතිචිරං වසන‍්තා නාම අප‍්පියා හොන‍්ති, අම‍්හාකං ගොචරාය පක‍්කන‍්තකාලෙ සීහී සිඞ‍්ගාලිං විහෙඨෙති ‘ඉමස‍්මිං ඨානෙ කස‍්මා වසථ, පලායථා’ති තජ‍්ජෙති, සීහපොතකාපි සිඞ‍්ගාලපොතකෙ තජ‍්ජෙන‍්ති. යො නාම යස‍්ස අත‍්තනො සන‍්තිකෙ වාසං න රොචෙති, තෙන සො ‘යාහී’ති නීහරිතබ‍්බොව, විහෙඨනං නාම කිමත්‍ථිය”න‍්ති වත්‍වා පඨමං ගාථමාහ –

මෙසේ කල්යද්දී සිංහ දෙන පැටවුන් දෙදෙනෙකු බිහි කළාය. හිවල් දෙනද පැටවුන් බිහි කළාය. ඔවුහු සියලු දෙනාම සමගියෙන් වාසය කළාහුය. ඉක්බිති එක් දිනක සිංහ ධේනුවට “මේ සිංහයා හිවලාට ද හිවල් දෙනටද හිවල් පැටවුන්ට ද අතිශයින් ප්‍රිය කරයි. ඒකාන්තයෙන් මොහුට හිවල්දෙන සමග සම්බන්‍ධයක් ඇත. ඒ නිසා මෙසේ ආදරය දක්වයි. මම යම් විදියකින් මැය පීඩාවට පත්කොට තර්ජනය කර පලවා හරින්නේ නම් මැනවයි මේ අදහස ඇතිවිය. සිංහ ධේනුව, හිවලා රැගෙන සිංහයා ගොදුරු සොයා ගියවිට හිවල් දෙන පෙළයි, තැති ගන්වයි. මේ ස්ථානයෙන් පලා නොගොස් සිටින්නේ ඇයිදැයි ඇසුවාය. ඇගේ පැටවුන් ද හිවල් පැටවුන්ට එසේම තර්ජනය කළාහුය. හිවල් දෙන ඒ කාරණය හිවලාට කියා සිංහයාගේ කීමකට ඇය විසින් මෙසේ කියන බවක්ද නොදනිමි. තවදුරටත් මෙහි විසුවොත් මරාදැමිය හැකි බැවින් අපගේ වාසස්ථානයට යමුයි කීවාය. හිවලා ඇගේ කීම අසා සිංහයා වෙත එළඹ මෙසේ කීවේය. ස්වාමීනි, බොහෝ කාලයක් අප විසින් නුඹ වහන්සේගේ සමීපයෙහි වාසය කරන ලදි. බොහෝ කාලයක් එකට වාසය කරනවිට අමනාපකම් ඇතිවෙයි. අප දෙදෙනා ගොදුරු පිණිස ගිය අවස්ථාවක සිංහ ධේනුව විසින් හිවල් දෙනට හිංසා කරන්නීය. මේ ස්ථානයේ කුමක් නිසා වාසය කරව්ද? පලා යන්නයි තර්ජනය කරන්නීය. සිංහ පෝතකයෝ ද හිවල් පෝතකයින්ට තර්ජනය කරති. යම් කිසිවෙක් තමන් සමීපයෙහි යමෙකුගේ වාසය රුචි නොකරයිද? ඔහු විසින් නුඹ යවයි ඉවත්කළ යුතුමය. වෙහෙසෙන්නේ කුමකටදැයි කියා,

“යෙන කාමං පණාමෙති, ධම‍්මො බලවතං මිගී; උන‍්නදන‍්තී විජානාහි, ජාතං සරණතො භය”න‍්ති.

යෙන කාමං පණාමෙති ධම්මො බලවතං මිගී, උන්නදන්ති විජානාහි ජාතං සරණතො භයන.

යන පළමු ගාථාව කීවේය.

උන්නත වූ දළ (දත්) ඇති මෘගරාජය! ස්වාමියා යම් දිසාවකින් සේවකයා පහකරනු කැමතිද ඒ දිසාවෙන් ඒකාන්තයෙන් පහකෙරෙයි. බලවතුන්ගේ ස්වභාවධර්මය මෙසේ දනුව. පිහිටව සිටි තොප කෙරෙන් බය උපන්නේය.

තත්‍ථ යෙන කාමං පණාමෙති, ධම‍්මො බලවතන‍්ති බලවා නාම ඉස‍්සරො අත‍්තනො සෙවකං යෙන දිසාභාගෙන ඉච‍්ඡති, තෙන දිසාභාගෙන සො පණාමෙති නීහරති. එස ධම‍්මො බලවතං අයං ඉස‍්සරානං සභාවො පවෙණිධම‍්මොව, තස‍්මා සචෙ අම‍්හාකං වාසං න රොචෙථ, උජුකමෙව නො නීහරථ , විහෙඨනෙන කො අත්‍ථොති දීපෙන‍්තො එවමාහ. මිගීති සීහං ආලපති. සො හි මිගරාජතාය මිගා අස‍්ස අත්‍ථීති මිගී. උන‍්නදන‍්තීතිපි තමෙව ආලපති. සො හි උන‍්නතානං දන‍්තානං අත්‍ථිතාය උන‍්නතා දන‍්තා අස‍්ස අත්‍ථීති උන‍්නදන‍්තී. “උන‍්නතදන‍්තී”තිපි පාඨොයෙව. විජානාහීති “එස ඉස‍්සරානං ධම‍්මො”ති එවං ජානාහි. ජාතං සරණතො භයන‍්ති අම‍්හාකං තුම‍්හෙ පතිට‍්ඨානට‍්ඨෙන සරණං, තුම‍්හාකඤ‍්ඤෙව සන‍්තිකා භයං ජාතං, තස‍්මා අත‍්තනො වසනට‍්ඨානමෙව ගමිස‍්සාමාති දීපෙති.

එහි, යෙන කාමං පණාමෙති ධම්මො බලවතං යනු බලවත් අධිපතියා නම් තමන්ගේ සේවකයා යම් දිසාවකින් නෙරපනු කැමති වෙයිද ඒ දිසාවෙන්ම හෙතෙම නෙරපයි. බැහැර කරයි. එය බලවතුන්ගේ ස්වභාවයයි. එය අධිපතියන්ගේ ස්වභාවයයි. අයිතියයි. ඒ නිසා ඉදින් අපගේ විසීම නොකැමැත්තහුද කෙළින්ම අප නෙරපා හරින්න. වෙහෙසීමෙන් ඵලක් නැතැයි දක්වමින් මෙසේ කීවේය. මිගී යනු ඔහුට මුවෝ ඇත්තේනුයි මිගී නමි. උන්නදන්ති යනු ද ඔහුට ම අමතයි. උස්වූ දත් ඇති බැවින්, උන්නත දත් ඔහුට ඇන්නේය යන අර්ථයෙන් හෙතෙම උන්නදන්ති නම් වේ. උන්නතන්ති යනුද පාඨයකි. විජානාහි යනු මෙය අධිපතියන්ගේ ස්වභාවයයි. මෙසේ දැනගනුව. ජාතං සරණතො භයං යනු අප නුඹවහන්සේ උපකාර අර්ථයෙන් පිහිටකි. ඒත් තොපගේ සමීපයෙන් බියක් හටගත්තේය. ඒ නිසා අප වසන තැනටම යන්නෙමුයි දක්වයි.

අපරො නයො – තව මිගී සීහී උන‍්නදන‍්තීමම පුත‍්තදාරං තජ‍්ජෙන‍්තී යෙන කාමං පණාමෙති, යෙන යෙනාකාරෙන ඉච‍්ඡති, තෙන පණාමෙති පවත‍්තති, විහෙඨෙතිපි පලාපෙතිපි, එවං ත්‍වං විජානාහි, තත්‍ථ කිං සක‍්කා අම‍්හෙහි කාතුං. ධම‍්මො බලවතං එස බලවන‍්තානං සභාවො, ඉදානි මයං ගමිස‍්සාම. කස‍්මා? ජාතං සරණතො භයන‍්ති.

තවත් ක්‍රමයක් - ඔබගේ මිගී උන්නදන්තී සිංහ ධේනුව මගේ අඹුදරුවන්ට තර්ජනය කරන්නීය. යෙන කාමං පණාමෙති යම් යම් ආකාරයකින් කැමතිද ඒ ආකාරයෙන්ම නෙරපා හරියි. වෙහෙසවයි. මෙසේ නුඹ විජානාහි දැනගනුව. එහි අප විසින් කුමක් කළහැකිද? ධම්මො බලවතං මෙය අධිපතියන්ගේ ස්වභාවයයි. දැන් අපි යන්නෙමු. කුමක් නිසාද? යම් හෙයකින් ජාතං සරණතො භයං යනු පිහිට ඇති තැනින් බියක් උපන්නේය. (එහෙයිනි.)

තස‍්ස වචනං සුත්‍වා සීහො සීහිං ආහ – “භද‍්දෙ, අසුකස‍්මිං නාම කාලෙ මම ගොචරත්‍ථාය ගන‍්ත්‍වා සත‍්තමෙ දිවසෙ ඉමිනා සිඞ‍්ගාලෙන ඉමාය ච සිඞ‍්ගාලියා සද‍්ධිං ආගතභාවං සරසී”ති. “ආම, සරාමී”ති. “ජානාසි පන මය‍්හං සත‍්තාහං අනාගමනස‍්ස කාරණ”න‍්ති? “න ජානාමි, සාමී”ති. “භද‍්දෙ, අහං ‘එකං මිගං ගණ‍්හිස‍්සාමී’ති විරජ‍්ඣිත්‍වා කලලෙ ලග‍්ගො, තතො නික‍්ඛමිතුං අසක‍්කොන‍්තො සත‍්තාහං නිරාහාරො අට‍්ඨාසිං, ස‍්වාහං ඉමං සිඞ‍්ගාලං නිස‍්සාය ජීවිතං ලභිං, අයං මෙ ජීවිතදායකො සහායො. මිත‍්තධම‍්මෙ ඨාතුං සමත්‍ථො හි මිත‍්තො දුබ‍්බලො නාම නත්‍ථි, ඉතො පට‍්ඨාය මය‍්හං සහායස‍්ස ච සහායිකාය ච පුත‍්තකානඤ‍්ච එවරූපං අවමානං මා අකාසී”ති වත්‍වා සීහො දුතියං ගාථමාහ –

ඔහුගේ (හිවලාගේ) වචන අසා සිංහයා සිංහ ධේනුවට කීවේය. සොඳුර! අසවල් නම් කාලයේදී මා ගොදුරු සඳහා ගොස් සත් දවසක්ම සිට මේ හිවලා සහ හිවලිය සමග ආ බව සිහිකරයිද? එසේය. සිහිකරමි. සත් දවසක්ම නොඒමට කාරණය දන්නෙහිද? නොදනිමි ස්වාමීනි! සොඳුර! මම එක් මුවෙකු අල්ලා ගන්නෙමියි වැරදී මඩෙහි එරුණෙමි. එයින් නික්මෙන්ට (ගොඩඑන්න) නොහැකිව සතියක්ම ආහාරයක් නැතිව සිටියෙමි. ඒ මම මේ හිවලා නිසා ජීවිතය ලදිමි. මේ තෙමේ මගේ ජීවිතය දුන් තැනැත්තාය. සහායකයාය. මිත්‍ර ධර්මයෙහි සමත් මිත්‍රයාගේ දුර්වල බවක් නම් නැත. මෙතැන් පටන් මගේ සහායකයාටද සහායිකාවටද දරුවන්ට ද මෙබඳු අවමානයක් නොකරවයි කියා සිංහයා

“අපි චෙපි දුබ‍්බලො මිත‍්තො, මිත‍්තධම‍්මෙසු තිට‍්ඨති; සො ඤාතකො ච බන්‍ධු ච, සො මිත‍්තො සො ච මෙ සඛා; දාඨිනි මාතිමඤ‍්ඤිත්‍ථො, සිඞ‍්ගාලො මම පාණදො”ති.

අපිචෙපි දුබ්බලො මිත්තො මිත්ත ධම්මෙසු තිට්ඨති, සො ඤාතකො ච බන්‍ධූ ච සො මිත්තො සො ච මෙ සඛා, දාඨීනි! මාති මඤ්ඤිත්‍ථො සිගාලො මම පාණදො.

යන දෙවැනි ගාථාව කීවේය.

මිත්‍රයා දුර්වලයෙකු වුවද මිතු දහමෙහි සිටියි නම් ඔහු නෑයෙක්ද වෙයි. බන්‍ධුවරයෙක්ද වෙයි. මිත්‍රයෙක්ද වෙයි. හෙතෙම මගේ යාලුවෙක්ද වෙයි. දළ ඇත්තිය, මගේ පණ රැක දුන් හිවලා පහත්කොට නොසලකන්න.

තත්‍ථ අපි චෙපීති එකො අපිසද‍්දො අනුග‍්ගහත්‍ථො, එකො සම‍්භාවනත්‍ථො. තත්‍රායං යොජනා – දුබ‍්බලොපි චෙ මිත‍්තො මිත‍්තධම‍්මෙසු අපි තිට‍්ඨති, සචෙ ඨාතුං සක‍්කොති, සො ඤාතකො ච බන්‍ධු ච, සො මෙත‍්තචිත‍්තතාය මිත‍්තො, සො ච මෙ සහායට‍්ඨෙන සඛා. දාඨිනි මාතිමඤ‍්ඤිත්‍ථොති, භද‍්දෙ, දාඨාසම‍්පන‍්නෙ සීහි මා මය‍්හං සහායං වා සහායිං වා අතිමඤ‍්ඤි, අයඤ‍්හි සිඞ‍්ගාලො මම පාණදොති.

එහි, අපි චෙපි යනු එක් අපි ශබ්දයක් අනුග්‍රහ අර්ථයෙහිය. එකක් සම්භාවනා අර්ථයෙහිය. එහි මේ යෝජනාවයි. දුබ්බලො චෙපි මිත්තො මිත්තධම්මෙසු අපි තිට්ඨති ඉදින් සිටින්නට හැකිවෙයිද සො ඤාතකො ච බන්‍ධු ච සො මිතුරු සිත නිසා මිත්තො; සො ච මෙ සහායාර්ථයෙන්, සඛා; දාඨිනී මාති මඤ්ඤිත්‍ථො සොඳුරිය! දළවලින් යුත් තැනැත්තිය සිංහ ධේනුව! මගේ සහායකයා හෝ සහායිකාව පහත්කොට නොසිතන්න. මේ සිගාලො මම පාණදොති හිවලා මගේ පණ රැක දුන් කෙනාය.

සා තස‍්ස වචනං සුත්‍වා සිඞ‍්ගාලිං ඛමාපෙත්‍වා තතො පට‍්ඨාය සපුත‍්තාය තාය සද‍්ධිං සමග‍්ගවාසං වසි. සීහපොතකාපි සිඞ‍්ගාලපොතකෙහි සද‍්ධිං කීළමානා සම‍්මොදමානා මාතාපිතූනං අතික‍්කන‍්තකාලෙපි මිත‍්තභාවං අභින්‍දිත්‍වා සම‍්මොදමානා වසිංසු. තෙසං කිර සත‍්තකුලපරිවට‍්ටෙ අභිජ‍්ජමානා මෙත‍්ති අගමාසි.

ඈ සිංහයාගේ කීම අසා හිවලිය සමා කරවාගෙන එතැන් පටන් දරුවන් සහිත හිවලිය සමග සමගිව විසුවාය. සිංහ පෝතකයෝද හිවල් පොව්වන් සමග ක්‍රීඩා කරමින් සතුටු වෙමින් මව්පියන් මළ පසුද මිතුරු බව නොබිද සතුටුවෙමින් විසූහ. ඔවුන්ගේ වනාහි කුල පරම්පරා හතක් යනතුරු නොබිඳුණු මෛත්‍රියක් පැවතියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි – සච‍්චපරියොසානෙ කෙචි සොතාපන‍්නා, කෙචි සකදාගාමිනො, කෙචි අනාගාමිනො, කෙචි අරහන‍්තො අහෙසුං. “තදා සිඞ‍්ගාලො ආනන්‍දො අහොසි, සීහො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය දේශනාකොට ජාතක කථාව නිමවා වදාළ සේක. සත්‍ය දේශනාවගේ කෙළවර කොටසක් සෝවාන් වූහ. කොටසක් සකෘදාගාමි වූහ. කොටසක් අනාගාමි වූහ. කොටසක් රහත් වූහ. එකල හිවලා ආනන්ද තෙරය. සිංහයා ලොව්තුරා බුදු වූ මම ම වූයෙමි යි වදාළ සේක.

ගුණජාතකවණ‍්ණනා සත‍්තමා.