8. සුහනුජාතකවණ්ණනා 158 අට්ඨකථා
8. සුහනුජාතකවණ්ණනා (158)
8. සුහනු ජාතකය (158)
නයිදං විසමසීලෙනාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො ද්වෙ චණ්ඩභික්ඛූ ආරබ්භ කථෙසි. තස්මිඤ්හි සමයෙ ජෙතවනෙපි එකො භික්ඛු චණ්ඩො අහොසි ඵරුසො සාහසිකො ජනපදෙපි. අථෙකදිවසං ජානපදො භික්ඛු කෙනචිදෙව කරණීයෙන ජෙතවනං අගමාසි, සාමණෙරා චෙව දහරභික්ඛූ ච තස්ස චණ්ඩභාවං ජානන්ති. “තෙසං ද්වින්නං චණ්ඩානං කලහං පස්සිස්සාමා”ති කුතූහලෙන තං භික්ඛුං ජෙතවනවාසිකස්ස පරිවෙණං පහිණිංසු. තෙ උභොපි චණ්ඩා අඤ්ඤමඤ්ඤං දිස්වාව පියසංවාසං සංසන්දිංසු සමිංසු, හත්ථපාදපිට්ඨිසම්බාහනාදීනි අකංසු. ධම්මසභායං භික්ඛූ කථං සමුට්ඨාපෙසුං – “ආවුසො, චණ්ඩා භික්ඛූ අඤ්ඤෙසං උපරි චණ්ඩා ඵරුසා සාහසිකා, අඤ්ඤමඤ්ඤං පන උභොපි සමග්ගා සම්මොදමානා පියසංවාසා ජාතා”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපෙතෙ අඤ්ඤෙසං චණ්ඩා ඵරුසා සාහසිකා, අඤ්ඤමඤ්ඤං පන සමග්ගා සම්මොදමානා පියසංවාසා ච අහෙසු”න්ති වත්වා අතීතං ආහරි.
නයිදං විසමසීලෙන යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් නොහික්මුණු භික්ෂූන් දෙනමක් මුල් කරගෙන දේශනා කළ සේක. එසමයෙහි දෙව්රම් වෙහෙරෙහි ද නොහික්මුණු සැඩපරුෂ සැහැසි භික්ෂුවක් සිටියේය. පිටිසරබද පෙදෙසකද එවැනි භික්ෂුවක් සිටියේය. ඉක්බිති දිනක් පිටිසරබද භික්ෂුව කිසියම් කටයුත්තක් සඳහා දෙව්රමට වැඩියේය. සාමණේරයන් වහන්සේලා ද ලාබාල භික්ෂූහු ද උන්වහන්සේගේ සැඩපරුෂ භාවය දනිත්. මේ නොහික්මුණු දෙනමගේ කෝලාහල බලන්නෙමුයි කුහුලින් ඒ භික්ෂුව ජේතවනවාසි කලහකාරී භික්ෂුවගේ පන්සලට යැවූහ. චණ්ඩ වූ දෙනම ඔවුනොවුන් දුටුගමන්ම සැසඳුනහ. ගැළපුනහ. අත්, පා, පිට පිරිමැදීම් ආදිය කළාහුය. “ඇවැත්නි, අනුන් කෙරෙහි චණ්ඩ වූ ඵරුෂ වූ සාහසික වූ චණ්ඩ භික්ෂූහු දෙකම ඔවුනොවුන් සමගිව සතුටින් ප්‍රියවාසයෙන් යුක්ත වූවාහුය”යි දම්සභාවෙහිද භික්ෂූහු කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩම කර මහණෙනි! මා එන්නට පළමු මෙහි කිනම් කථාවකින් යුක්තව සිටියාහුදැයි විමසා නොහික්මුණු භික්ෂු දෙදෙනා වහන්සේ ගැනයයි කී කල්හි මහණෙනි! දැන් පමණක් නොව පෙරත් මේ දෙදෙනා සැඩ පරුෂ සැහැසිව සිට එක්වූ විට ඔවුනොවුන් සමගිව සතුටු වෙමින් ප්‍රියමනාප භාවයට පත් වූවාහුයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො තස්ස සබ්බත්ථසාධකො අත්ථධම්මානුසාසකො අමච්චො අහොසි. සො පන රාජා ථොකං ධනලොභපකතිකො, තස්ස මහාසොණො නාම කූටඅස්සො අත්ථි. අථ උත්තරාපථකා අස්සවාණිජා පඤ්ච අස්සසතානි ආනෙසුං, අස්සානං ආගතභාවං රඤ්ඤො ආරොචෙසුං. තතො පුබ්බෙ පන බොධිසත්තො අස්සෙ අග්ඝාපෙත්වා මූලං අපරිහාපෙත්වා දාපෙසි. රාජා තං පරිහායමානො අඤ්ඤං අමච්චං පක්කොසාපෙත්වා “තාත, අස්සෙ අග්ඝාපෙහි, අග්ඝාපෙන්තො ච පඨමං මහාසොණං යථා තෙසං අස්සානං අන්තරං පවිසති, තථා විස්සජ්ජෙත්වා අස්සෙ ඩංසාපෙත්වා වණිතෙ කාරාපෙත්වා දුබ්බලකාලෙ මූලං හාපෙත්වා අස්සෙ අග්ඝාපෙය්යාසී”ති ආහ. සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා තථා අකාසි.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝධිසත්ත්වයන් වහන්සේ ඒ රජුගේ හැම කටයුත්තෙහිදීම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ඇමතියා වූහ. ඒ රජතුමා ස්වභාවයෙන්ම ධනයට ටිකක් ලෝබියෙකි. රජතුමාට මහාසෝණ නම් චණ්ඩ අශ්වයෙක් ඇත. ඉක්බිති උතුරු දිසාවෙහි වූ (උත්තරාපථ) අශ්ව වෙළෙන්දෝ අසුන් පන්සියයක් ගෙනාවාහුය. අශ්වයන් ගෙනා බව රජුට දැන්වූහ. එයින් පෙර වනාහි බෝධිසත්ත්වයන් වහන්සේ අසුන් මිළ නියමකොට අඩු නොකොට මුදල් ලබා දුන් සේක. රජතුමා ඔහුගෙන් වාසියක් නොමැති නිසා මැලිව අනෙක් ඇමතියෙකු කැඳවා දරුව! අසුන් මිළ නියම කරව. මිළ නියම කිරීමේදී පළමුව මහාසෝණ නම් වූ අසු යම්සේ ඒ අසුන් අතරට පිවිසෙයිද, එසේ පිටත්කර එවා අසුන් හපා කා තුවාල කරවා දුර්වල අවස්ථාවේ මුදල් අඩුකොට මිළ නියම කරන්නයි කීවේය. ඒ ඇමතියා යහපතැයි පිළිගෙන එසේ කෙළේය.
අස්සවාණිජා අනත්තමනා හුත්වා තෙන කතකිරියං බොධිසත්තස්ස ආරොචෙසුං. බොධිසත්තො “කිං පන තුම්හාකං නගරෙ කූටඅස්සො නත්ථී”ති පුච්ඡි. “අත්ථි සාමි, සුහනු නාම කූටඅස්සො චණ්ඩො ඵරුසො”ති. “තෙන හි පුන ආගච්ඡන්තා තං අස්සං ආනෙය්යාථා”ති. තෙ “සාධූ”ති පටිස්සුණිත්වා පුන ආගච්ඡන්තා තං කූටස්සං ගාහාපෙත්වා ආගච්ඡිංසු. රාජා “අස්සවාණිජා ආගතා”ති සුත්වා සීහපඤ්ජරං උග්ඝාටෙත්වා අස්සෙ ඔලොකෙත්වා මහාසොණං විස්සජ්ජාපෙසි. අස්සවාණිජාපි මහාසොණං ආගච්ඡන්තං දිස්වා සුහනුං විස්සජ්ජාපෙසුං. තෙ අඤ්ඤමඤ්ඤං පත්වා සරීරානි ලෙහන්තා සම්මොදමානා අට්ඨංසු. රාජා බොධිසත්තං පුච්ඡි – “පස්සසි ඉමෙ ද්වෙ කූටස්සා අඤ්ඤෙසං චණ්ඩා ඵරුසා සාහසිකා, අඤ්ඤෙ අස්සෙ ඩංසිත්වා ගෙලඤ්ඤං පාපෙන්ති, ඉදානි අඤ්ඤමඤ්ඤං පන සරීරං ලෙහන්තා සම්මොදමානා අට්ඨංසු, කිං නාමෙත”න්ති? බොධිසත්තො “නයිමෙ, මහාරාජ, විසමසීලා, සමසීලා සමධාතුකා ච එතෙ”ති වත්වා ඉමං ගාථාද්වයමාහ –
අස් වෙළෙන්දෝ නොසතුටුව ඔහු විසින් කළ ක්‍රියාව බෝසතාණන් වහන්සේට දැන්වූහ. බෝසතාණන් වහන්සේ කිම තොප නගරයේ හීලෑ නොවූ අශ්වයෙකු නැද්දැයි විචාළේය. ඇත ස්වාමීනි! සුහනු නම් හීලෑ නොවූ අශ්වයා සැඩ පරුෂය. එසේ නම් නැවත අසුන් වෙළඳාමේ එනවිට ඒ අශ්වයා රැගෙන එව. ඔවුහු යහපතැයි පොරොන්දු වී නැවත එන්නාහු ඒ නොකීකරු අශ්වයා ගෙන්වාගෙන ආවාහුය. රජතුමා අශ්ව වෙළඳුන් ආ බව අසා සීමැදුරු කවුළුව විවෘතකොට අසුන් බලා මහාසෝණ අශ්වයා අසුන් මධ්‍යය මුදා හැරියේය. අශ්ව වෙළෙන්දෝ මහාසෝණ අසු එනු දැක සුහනු නම් අසු මුදා හැරියේය. ඔවුහු ඔවුනොවුන් වෙත පැමිණ සිරුර ලෙවකමින් සිටියාහුය. රජතුමා බෝසතුන් විචාළේය. මිත්‍රය! මේ නොහික්මුණු අසුන් දෙදෙනා අනුන් සැඩපරුෂ සැහැසිව අනු අසුන් සපා කා ගිලන් බවට පමුණුවත්. එසේ වුත් මුන් දෙදෙනා ඔවුනොවුන්ගේ ශරීර ලෙවකමින් සතුටු වෙමින් සිටියාහුය. මේ කුමක් නිසාද? බෝධිසත්ත්වයන් වහන්සේ මහරජ, මොවුහු විසම ස්වභාව ඇත්තෝ නොවෙති. ඔවුහු එක ස්වභාව, සම අදහස් ඇත්තෝ වෙතියි කීය.
“නයිදං විසමසීලෙන, සොණෙන සුහනූ සහ; සුහනූපි තාදිසොයෙව, යො සොණස්ස සගොචරො.
නයිදං විසම සීලෙන සොණෙන සුහනුස්සහ, සුහනූපි තාදිසොයෙව යො සොණස්ස ස ගොචරො
“පක්ඛන්දිනා පගබ්භෙන, නිච්චං සන්දානඛාදිනා; සමෙති පාපං පාපෙන, සමෙති අසතා අස”න්ති.
පක්ඛන්දිනා පගබ්භෙන නිච්චං සන්දාත ඛාදිනා, සමෙති පාපං පාපෙන සමෙති අසතා අසන්ති.
යන මේ ගාථා දෙක කී සේක.
සූහනූ නම් අශ්වයා සෝණ නම් අශ්වයා සමග ප්‍රේම කරයි. එය තමාගේ නොගැලපෙන (විෂම) ස්වභාවය නිසා නොවේ. සොණ අශ්වයාගේ හැසිරීම යම්සේද සූහනූ අශ්වයාද එසේමය.අශ්වයන් වෙත පනින ස්වභාව ඇති කායික අසංවරතා ආදියෙන් යුක්ත නිතර තමා බැඳ තබන ලණුව කන ගතියෙන් යුක්ත පව්කාර ගති ඇති තැනැත්තා සමග දුශ්ශීලකම සමාන වන්නේය. එසේම අසත්පුරුෂයා වැරදි හැසිරීමෙන් යුක්ත පුද්ගලයා සමග සමාන වන්නේය.
තත්ථ නයිදං විසමසීලෙන, සොණෙන සුහනූ සහාති යං ඉදං සුහනු කූටස්සො සොණෙන සද්ධිං පෙමං කරොති, ඉදං න අත්තනො විසමසීලෙන, අථ ඛො අත්තනො සමසීලෙනෙව සද්ධිං කරොති. උභොපි හෙතෙ අත්තනො අනාචාරතාය දුස්සීලතාය සමසීලා සමධාතුකා. සුහනූපි තාදිසොයෙව, යො සොණස්ස සගොචරොති යාදිසො සොණො, සුහනුපි තාදිසොයෙව, යො සොණස්ස සගොචරො යංගොචරො සොණො, සොපි තංගොචරොයෙව. යථෙව හි සොණො අස්සගොචරො අස්සෙ ඩංසෙන්තොව චරති, තථා සුහනුපි. ඉමිනා නෙසං සමානගොචරතං දස්සෙති.
එහි නයිදං විසමසීලෙන සොණෙන සුහනුස්සහ යනු සුහන නම් වූ කුළු අශ්වයා සෝණ අසු සමග පෙම්කරයි යන යම් කරුණක් වේද මෙය තමාගේ විසම ස්වභාවය නිසා සිදුවන්නක් නොවේ. තමාගේ සම ස්වභාවය නිසාම සෝණ සමග පෙම්කරයි. මේ දෙදෙනාම තමතමන්ගේ අනාචාර බවෙන්ද දුසිල් බවෙන්ද සම ස්වභාව, සම අදහස් ඇත්තාහුයි. සුහනූපි තාදිසොයෙව යො සොණස්ස සගොචරො යනු සෝණ යම්සේද සුහනු ද එසේමය. සෝණ යමක් අරමුණු කරයි ද, සුහනු ද එයම අරමුණු කරයි. සෝණ අශ්වයන් අරමුණුකොට ඇත්තේ අශ්වයන් සපා කන්නේ යම්සේද සුහනු ද එසේම ය. මෙයින් ඔවුන්ගේ සමාන අරමුණු ඇති බව දක්වයි.
තෙ පන ආචාරගොචරෙ එකතො කත්වා දස්සෙතුං “පක්ඛන්දිනා”තිආදි වුත්තං. තත්ථ පක්ඛන්දිනාති අස්සානං උපරි පක්ඛන්දනසීලෙන පක්ඛන්දනගොචරෙන. පගබ්භෙනාති කායපාගබ්භියාදිසමන්නාගතෙන දුස්සීලෙන. නිච්චං සන්දානඛාදිනාති සදා අත්තනො බන්ධනයොත්තං ඛාදනසීලෙන ඛාදනගොචරෙන ච. සමෙති පාපං පාපෙනාති එතෙසු අඤ්ඤතරෙන පාපෙන සද්ධිං අඤ්ඤතරස්ස පාපං දුස්සීල්යං සමෙති. අසතා අසන්ති එතෙසු අඤ්ඤතරෙන අසතා අනාචාරගොචරසම්පන්නෙන සහ ඉතරස්ස අසං අසාධුකම්මං සමෙති, ගූථාදීනි විය ගූථාදීහි එකතො සංසන්දති සදිසං නිබ්බිසෙසමෙව හොතීති.
ඒ ආචාර ගෝචර එක්කොට දක්වන්නට පක්ඛන්දිනා යනාදිය කියන ලදි. එහි පක්ඛන්දිනා යනු අසුන්ගේ මතුයෙහි පනින ස්වභාවයෙන් පනින අරමුණෙන්. පගබ්භෙන යනු කායික අසංවරාදියෙන් යුක්ත වූ දුසිල් බවෙන්. නිච්චං සන්දානඛාදිනා යනු හැමකල්හි තමාගේ බඳින යොත කඩා කන ස්වභාවයෙන් කඩා කන ගෝචරයෙන්. සමෙති පාපං පාපෙන යනු මොවුන් දෙදෙනා අතරින් එකෙකුගේ එක්තරා පාපයක් සමග අනිකාගේ පාපය දුසිල්බවෙන් ගැලපෙයි. අසතා අසං යනු මොවුන් දෙදෙනා අතරින් එකෙකුගේ එක්තරා අනාචාර ගෝචර සම්පන්න අයහපත් ක්‍රියාවක් සමග අනිකාගේ අයහපත් ක්‍රියාව ගැළපෙයි. අශුචි ආදිය සමග අශුචි ආදිය එකට සැසඳෙන්නාක් මෙනි. සමාන වන්නාක් මෙනි. විශේෂයක් නැත්තේම ය.
එවං වත්වා ච පන බොධිසත්තො “මහාරාජ, රඤ්ඤා නාම අතිලුද්ධෙන න භවිතබ්බං, පරස්ස සන්තකං නාම නාසෙතුං න වට්ටතී”ති රාජානං ඔවදිත්වා අස්සෙ අග්ඝාපෙත්වා භූතමෙව මූලං දාපෙසි. අස්සවාණිජා යථාසභාවමෙව මූලං ලභිත්වා හට්ඨතුට්ඨා අගමංසු. රාජාපි බොධිසත්තස්ස ඔවාදෙ ඨත්වා යථාකම්මං ගතො.
මෙසේද කියා බෝධිසත්ත්වයන් වහන්සේ, මහරජතුමනි! රජෙකු නම් ඉතා ලෝභියෙකු නොවිය යුතුයි. අනුන් අයත් දේ නැසීම නොවටී යයි රජුට අවවාද දී අසුන් අගය කර නියම මුදල් දෙවීය. අස් වෙළෙන්දෝද ඇති සැටියෙන් මුදල් ලැබ තුටුපහටුව ගියාහුය. රජතුමාද බෝසතාණන්ගේ අවවාදයෙහි පිහිටා සිට කම් වූ පරිද්දෙන් පරලොව ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා ද්වෙ අස්සා ඉමෙ ද්වෙ දුට්ඨභික්ඛූ අහෙසුං, රාජා ආනන්දො, පණ්ඩිතාමච්චො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල්හි අසුන් දෙදෙනා මේ දුෂ්ට (කලහකාරී) භික්ෂූහු දෙනම වූහ. රජතුමා ආනන්ද තෙරය. නුවණ ඇති ඇමතියා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
සුහනුජාතකවණ්ණනා අට්ඨමා.