9. මොරජාතකවණ්ණනා 159 අට්ඨකථා
9. මොරජාතකවණ්ණනා (159)
9. මෝර ජාතකය (159)
උදෙතයං චක්ඛුමා එකරාජාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං උක්කණ්ඨිතභික්ඛුං ආරබ්භ කථෙසි. සො හි භික්ඛු භික්ඛූහි සත්ථු සන්තිකං නීතො “සච්චං කිර, ත්වං භික්ඛු, උක්කණ්ඨිතො”ති වුත්තෙ “සච්චං, භන්තෙ”ති වත්වා “කිං දිස්වා”ති වුත්තෙ “එකං අලඞ්කතපටියත්තසරීරං මාතුගාමං ඔලොකෙත්වා”ති ආහ. අථ නං සත්ථා “භික්ඛු මාතුගාමො නාම කස්මා තුම්හාදිසානං චිත්තං නාලුළෙස්සති, පොරාණකපණ්ඩිතානම්පි හි මාතුගාමස්ස සද්දං සුත්වා සත්ත වස්සසතානි අසමුදාචිණ්ණකිලෙසා ඔකාසං ලභිත්වා ඛණෙනෙව සමුදාචරිංසු. විසුද්ධාපි සත්තා සංකිලිස්සන්ති, උත්තමයසසමඞ්ගිනොපි ආයසක්‍යං පාපුණන්ති, පගෙව අපරිසුද්ධා”ති වත්වා අතීතං ආහරි.
උදෙතයං චක්ඛුමා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරනසේක් එක්තරා කලකිරුණු භික්ෂුවක් මුල් කරගෙන දේශනා කළ සේක. භික්ෂූන් විසින් ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේ වෙත පමුණුවන ලද්දේ ඇත්තද? මහණ! නුඹ කලකිරුණෙහිදැයි කී කල්හි එසේය ස්වාමීනියි කියා කුමක් දැක දැයි විමසූවිට එක්තරා අලංකාර කොට සරසන ලද සිරුරක් ඇති ස්ත්‍රියක දැකීමෙන් යයි කීවේය. ඉක්බිති එම භික්ෂුව බුදුරජාණන් වහන්සේ මහණ! ස්ත්‍රිය නම් නුඹ වැන්නෙකුගේ සිත කුමක් නිසා නොකළඹන්නේද? පෙර දවස නුවණ ඇති අය පවා ස්ත්රීන්ගේ කටහඬ අසා සත්සියයක් අවුරුදු පුරුදු නොකළ කෙලෙස් ඉඩ ලැබුණු අවස්ථාවේදීම මතුවිය. පිරිසිදු අයත් කෙලසන්නෝය. උතුම් කීර්තිමත් අයත් අපකීර්තියට පත්වෙති. අපිරිසිදු චරිත ඇති අය ගැන කියනුම කවරේදැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො මොරයොනියං පටිසන්ධිං ගහෙත්වා අණ්ඩකාලෙපි කණිකාරමකුළවණ්ණඅණ්ඩකොසො හුත්වා අණ්ඩං භින්දිත්වා නික්ඛන්තො සුවණ්ණවණ්ණො අහොසි දස්සනීයො පාසාදිකො පක්ඛානං අන්තරෙ සුරත්තරාජිවිරාජිතො, සො අත්තනො ජීවිතං රක්ඛන්තො තිස්සො පබ්බතරාජියො අතික්කම්ම චතුත්ථාය පබ්බතරාජියා එකස්මිං දණ්ඩකහිරඤ්ඤපබ්බතතලෙ වාසං කප්පෙසි. සො පභාතාය රත්තියා පබ්බතමත්ථකෙ නිසින්නො සූරියං උග්ගච්ඡන්තං ඔලොකෙත්වා අත්තනො ගොචරභූමියං රක්ඛාවරණත්ථාය බ්රහ්මමන්තං බන්ධන්තො “උදෙතය”න්තිආදිමාහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී, බෝසතාණන් වහන්සේ මොණර ආත්මයෙහි පිළිසිඳගෙන බිත්තර අවස්ථාවේදීම කිණිහිරි මල් කැකුලක පැහැයෙන් යුක්තව බිත්තරය බිඳ නික්මෙන්නේ දැකුම්කලු වූයේ ද පැහැදීම ඇතිකරන ස්වභාවයෙන් යුක්ත වූයේ ද පියාපත් අතර රතුවන් ඉරිවලින් බබලනසුළු වූයේද රන්වන් පැහැ ඇත්තෝ වූහ. හෙතෙම තම ජීවිතය රකින්නේ පර්වත වළලු තුනක් ඉක්මවා හතරවන වළල්ලෙහි එක්තරා දණ්ඩක හිරඤ්ඤ නම් පර්වත තලයෙහි වාසය කෙළේය. ඒ මොණරා උදෑසන පර්වතය මුදුනේ සිටිමින් හිරඋදාව බලා තමාගේ ගොදුරු (ආහාර) බිමෙහි ආරක්ෂා වීම පිණිස බ්‍රහ්ම මන්ත්‍රය බඳිමින් “උදෙතයං” ආදී ගාථාව කීහ.
“උදෙතයං චක්ඛුමා එකරාජා, හරිස්සවණ්ණො පථවිප්පභාසො; තං තං නමස්සාමි හරිස්සවණ්ණං පථවිප්පභාසං, තයාජ්ජ ගුත්තා විහරෙමු දිවස”න්ති.
උදෙතයං චක්ඛුමා එකරාජා, හරිස්ස වණ්ණො පඨවිප්පභාසො, තංතං නමස්සාමි හරිස්ස වණ්ණං පඨවිප්පභාසං, තයජ්ජ ගුත්තා විහරෙමු දිවසන්ති.
ඇස් ඇති, එකම රජා වූ, රන්වන් වූ, පොළොව බබුළුවන්නා වූ මේ හිරු තෙමේ නැගෙයි. එහෙයින් රන්වන් වූ, පොළොව බබුළුවන තා වඳිමි. තා විසින් අද රක්නා ලද මේ දවස සුවසේ වසමු.
තත්ථ උදෙතීති පාචීනලොකධාතුතො උග්ගච්ඡති. චක්ඛුමාති සකලචක්කවාළවාසීනං අන්ධකාරං විධමිත්වා චක්ඛුපටිලාභකරණෙන යං තෙන තෙසං දින්නං චක්ඛු, තෙන චක්ඛුනා චක්ඛුමා. එකරාජාති සකලචක්කවාළෙ ආලොකකරානං අන්තරෙ සෙට්ඨවිසිට්ඨට්ඨෙන එකරාජා. හරිස්සවණ්ණොති හරිසමානවණ්ණො, සුවණ්ණවණ්ණොති අත්ථො. පථවිප්පභාසොති පථවියා පභාසො. තං තං නමස්සාමීති තස්මා තං එවරූපං භවන්තං නමස්සාමි වන්දාමි. තයාජ්ජ ගුත්තා විහරෙමු දිවසන්ති තයා අජ්ජ රක්ඛිතා ගොපිතා හුත්වා ඉමං දිවසං චතුඉරියාපථවිහාරෙන සුඛං විහරෙය්යාම.
එහි, උදෙති යනු පෙරදිග අහසින් උදා වෙයි. චක්ඛුමා යනු සියලු සක්වල වාසීන්ගේ අඳුර නසා ඇස් ලැබීම (පෙනීම) සිදුකරන නිසා (සූර්යයා) විසින් ඔවුන්ට දෙන ලද යම් ඇසක් ඇද්ද ඒ ඇස කරණකොට ඇස් ඇත්තා වූ. ඒකරාජා යනු සියලුම සක්වල එළිය කරන්නන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වන බැවින් ඒකරාජ නමි. හරිස්ස වණ්ණොති රන්වන් පැහැ ඇත්තේ ස්වර්ණ වර්ණය යනු අර්ථයි. පොළොව බබුළුවයි යන අර්ථයෙන් පඨවිප්පභාසො. තං තං නමස්සාමි යනු ඒ නිසා එබඳු වූ ඒ පින්වතුන් වහන්සේට නමස්කාර කරන්නෙමි. වඳින්නෙමි. තයජ්ජ ගුත්තා විහරෙමු දිවසං යනු තා විසින් අද රක්ෂා කරන ලද්දාහු වී මේ දවස සිව් ඉරියව්වෙන් යුතුව සැපසේ වසන්නෙමු.
එවං බොධිසත්තො ඉමාය ගාථාය සූරියං නමස්සිත්වා දුතියගාථාය අතීතෙ පරිනිබ්බුතෙ බුද්ධෙ චෙව බුද්ධගුණෙ ච නමස්සති.
මෙසේ බෝධිසත්ත්වයන් වහන්සේ මේ ගාථාවෙන් හිරුට වැඳ දෙවන ගාථාවෙන් අතීතයේ පිරිනිවන්පෑ බුදුවරයන් වහන්සේලාට මෙන්ම බුදුගුණයන්ට ද නමස්කාර කරයි.
“යෙ බ්රාහ්මණා වෙදගූ සබ්බධම්මෙ, තෙ මෙ නමො තෙ ච මං පාලයන්තු; නමත්ථු බුද්ධානං නමත්ථු බොධියා, නමො විමුත්තානං නමො විමුත්තියා; ඉමං සො පරිත්තං කත්වා, මොරො චරති එසනා”ති.
යෙ බ්රාහ්මණා වෙදගූ සබ්බ ධම්මෙ, තෙ මෙ නමො තෙ ච මං පාලයන්තු, නමත්ථු බුද්ධානං නමත්ථු බොධියා, නමො විමුත්තානං නමො විමුත්තියා, ඉමං සො පරිත්තං කත්වා මොරො චරති එසනාති.
සියලු (රූපාදීස්කන්ධ) ධර්මයන් සිය නැණින් දැනගත්තා වූ යම් (ක්ෂීණාශ්රව) බමුණු කෙනෙක් ඇද්ද ඔවුනට මගේ නමස්කාරය වේවා! ඒ උතුමෝ මා පාලනය කෙරෙත්වා. බුදුවරයනට මාගේ නමස්කාරය වේවා! බෝධි ඥානයටද මාගේ නමස්කාරය වේවා! අරහත් ඵල විමුක්තියෙන් විමුක්තිය ලැබූ අයටද මාගේ නමස්කාරය වේවා! (තදංගාදී) විමුක්තියටද මාගේ නමස්කාරය වේවා! ඒ මයුරයා මේ පිරිතකොට ගොදුරු සෙවීම පිණිස හැසිරේ.
තත්ථ යෙ බ්රාහ්මණාති යෙ බාහිතපාපා විසුද්ධිබ්රාහ්මණා. වෙදගූති වෙදානං පාරං ගතාතිපි වෙදගූ, වෙදෙහි පාරං ගතාතිපි වෙදගූ. ඉධ පන සබ්බෙ සඞ්ඛතාසඞ්ඛතධම්මෙ විදිතෙ පාකටෙ කත්වා ගතාති වෙදගූ. තෙනෙවාහ “සබ්බධම්මෙ”ති. සබ්බෙ ඛන්ධායතනධාතුධම්මෙ සලක්ඛණසාමඤ්ඤලක්ඛණවසෙන අත්තනො ඤාණස්ස විදිතෙ පාකටෙ කත්වා ගතා, තිණ්ණං මාරානං මත්ථකං මද්දිත්වා දසසහස්සිලොකධාතුං උන්නාදෙත්වා බොධිතලෙ සම්මාසම්බොධිං පත්වා සංසාරං වා අතික්කන්තාති අත්ථො. තෙ මෙ නමොති තෙ මම ඉමං නමක්කාරං පටිච්ඡන්තු. තෙ ච මං පාලයන්තූති එවං මයා නමස්සිතා ච තෙ භගවන්තො මං පාලෙන්තු රක්ඛන්තු ගොපෙන්තු. නමත්ථු බුද්ධානං නමත්ථු බොධියා, නමො විමුත්තානං නමො විමුත්තියාති අයං මම නමක්කාරො අතීතානං පරිනිබ්බුතානං බුද්ධානං අත්ථු, තෙසඤ්ඤෙව චතූසු ච මග්ගෙසු චතූසු ඵලෙසු ඤාණසඞ්ඛාතාය බොධියා අත්ථු, තථා තෙසඤ්ඤෙව අරහත්තඵලවිමුත්තියා විමුත්තානං අත්ථු, යා ච නෙසං තදඞ්ගවිමුත්ති වික්ඛම්භනවිමුත්ති සමුච්ඡෙදවිමුත්ති පටිප්පස්සද්ධිවිමුත්ති නිස්සරණවිමුත්තීති පඤ්චවිධා විමුත්ති, තස්සා නෙසං විමුත්තියාපි අයං මය්හං නමක්කාරො අත්ථූති. “ඉමං සො පරිත්තං කත්වා, මොරො චරති එසනා”ති ඉදං පන පදද්වයං සත්ථා අභිසම්බුද්ධො හුත්වා ආහ. තස්සත්ථො – භික්ඛවෙ, සො මොරො ඉමං පරිත්තං ඉමං රක්ඛං කත්වා අත්තනො ගොචරභූමියං පුප්ඵඵලාදීනං අත්ථාය නානප්පකාරාය එසනාය චරති.
එහි යෙ බ්රාහ්මණා යනු යමෙක් බහා තබන ලද පව් ඇත්තාහුද පිරිසිදු වූ බමුණෝ වූවාහුද වෙදගූ යනු වේදයන්ගේ පරතෙරට ගියාහු යන අර්ථයෙන් වෙදගූ නමි. වේදයන් කරණකොට ගියාහුය යන අර්ථයෙන්ද පරතෙරට වෙදගූ නමි. මෙහි වනාහි සංඛත අසංඛත ධර්ම දැනගෙන ප්‍රකටකොට ගියාහුය යන අර්ථයෙන් වෙදගූ නමි. එබැවින්ම සබ්බ ධම්මෙ යනුවෙන් කීය. සියලු ස්කන්ධ ආයතන ධාතු යන ධර්මයන් ස්වලක්ෂණ, සාමාන්‍ය ලක්ෂණ වශයෙන් තමන්ගේ නුවණින් දැන, ප්‍රකට කොට ගියාහු ත්‍රිවිධ මාරයන්ගේ (මච්චුමාර, කිලෙසමාර, අභිසංඛාර මාර) මුදුන මැඩ දසදහසක් ලෝකධාතූන් මහත් සේ නාදකරවා බෝමැඩදී සම්බුද්ධත්වයට පැමිණ උන්වහන්සේලා මාගේ මේ නමස්කාරය පිළිගනිත්වා! තෙ මෙ නමො යනු උන්වහන්සේලා මාගේ මේ නමස්කාරය පිළිගනිත්වා! තෙ ච මං පාලයන්තු යනු මෙසේ මා විසින් නමස්කාර කරන ලද්දේ ඒ භාග්‍යවතුන් වහන්සේලා මාව පාලනය කෙරෙත්වා! ආරක්ෂා කරත්වා! රකිත්වා! නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා නමො විමුත්තියා යනු මේ මාගේ නමස්කාරය අතීතයේ පිරිනිවි බුදුවරයන් වහන්සේලාට වේවා! උන්වහන්සේලාගේම සිව් මගෙහි ද සිව් ඵලයෙහි ද නුවණ නමැති බෝධිය පිණිස වේවා! එසේම රහත්ඵල විමුත්තියෙන් මිදුනා වූ උන්වහන්සේලාට වේවා! උන්වහන්සේලාගේ තදංග විමුක්ති, විෂ්කම්භන විමුක්ති, සමුච්ඡේද විමුක්ති, පටිප්පස්සද්ධි විමුක්ති, නිස්සරණ විමුක්ති යනුවෙන් යම් පස් ආකාර විමුක්තියක් වේද උන්වහන්සේලාගේ ඒ විමුක්තියට ද මගේ මේ නමස්කාරය වේවා! ඉමං සො පරිත්තං කත්වා මොරො චරති එසනා යනු මේ පද දෙක වනාහි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව වදාළ සේක. එහි අර්ථය මහණෙනි! ඒ මොණරා මේ පිරිත මේ ආරක්ෂාව කරගෙන තමන්ගේ ගොදුරුබිම මල් ගෙඩි ආදිය පිණිස නොයෙක් ආකාර සෙවීම් පිණිස හැසිරෙයි.
එවං දිවසං චරිත්වා සායං පබ්බතමත්ථකෙ නිසීදිත්වා අත්ථඞ්ගතං සූරියං ඔලොකෙන්තො බුද්ධගුණෙ ආවජ්ජෙත්වා නිවාසට්ඨානෙ රක්ඛාවරණත්ථාය පුන බ්රහ්මමන්තං බන්ධන්තො “අපෙතය”න්තිආදිමාහ.
මෙසේ දවල් කල හැසිර හවස් කාලයෙහි පර්වතය මත හිඳ බැස යන හිරු දෙස බලමින් බුදුගුණ සිහිකොට වසන තැන ආරක්ෂා රැකවරණය පිණිස නැවත බ්‍රහ්ම මන්ත්‍රය කියමින් අපෙතයං යන ගාථා කීවේය.
“අපෙතයං චක්ඛුමා එකරාජා, හරිස්සවණ්ණො පථවිප්පභාසො; තං තං නමස්සාමි හරිස්සවණ්ණං පථවිප්පභාසං, තයාජ්ජ ගුත්තා විහරෙමු රත්තිං.
අපෙතයං චක්ඛුමා එකරාජා, හරිස්ස වණ්ණො පඨවිප්පභාසො, තං තං නමස්සාමි හරිස්ස වණ්ණං පඨවිප්පභාසං, තයජ්ජ ගුත්තා විහරෙමු රත්තිං.
“යෙ බ්රාහ්මණා වෙදගූ සබ්බධම්මෙ, තෙ මෙ නමො තෙ ච මං පාලයන්තු; නමත්ථු බුද්ධානං නමත්ථු බොධියා, නමො විමුත්තානං නමො විමුත්තියා; ඉමං සො පරිත්තං කත්වා, මොරො වාසමකප්පයී”ති.
යෙ බ්රාහ්මණා වෙදගූ සබ්බ ධම්මෙ, තෙ මෙ නමො තෙ ච මං පාලයන්තු, නමත්ථු බුද්ධානං නමත්ථු බොධියා, නමො විමුත්තානං නමො විමුත්තියා, ඉමං සො පරිත්තං කත්වා මොරො වාසමකප්පයීති.
ඇස් ඇත්තා වූ එකම රජා වූ රන් වූ පොළොව බබුළුවන්නා වූ හිරු අවරට යෙයි. එහෙයින් රන්වන් වූ පොළොව බබුළුවන්නා වූ ඔබට නමස්කාර කරමි. තොප විසින් ආරක්ෂා කරන ලද අපි රාත්‍රියෙහි වාසය කරමු.සියලු ධර්මයන් සිය නැණින් දැනගන්නා වූ යම් (ක්ෂීණාශ්රව) බ්‍රාහ්මණ කෙනෙක් ඇද්ද ඔවුනට මාගේ නමස්කාරය වේවා! ඒ උතුමෝ මා පාලනය කරත්වා, බුදුවරයනට මාගේ නමස්කාරය වේවා! බෝධි ඥානයට ද මාගේ නමස්කාරය වේවා! අර්හත් ඵල විමුක්තියෙන් විමුක්ත වූ අයට මාගේ නමස්කාරය වේවා! විමුත්තියද මාගේ නමස්කාරය වේවා! ඒ මයුරයා මේ පිරිත කොට (කියා) වාසය කළේයි.
තත්ථ අපෙතීති අපයාති අත්ථං ගච්ඡති. ඉමං සො පරිත්තං කත්වා, මොරො වාසමකප්පයීති ඉදම්පි අභිසම්බුද්ධො හුත්වා ආහ. තස්සත්ථො – භික්ඛවෙ , සො මොරො ඉමං පරිත්තං ඉමං රක්ඛං කත්වා අත්තනො නිවාසට්ඨානෙ වාසං කප්පයිත්ථ, තස්ස රත්තිං වා දිවා වා ඉමස්ස පරිත්තස්සානුභාවෙන නෙව භයං, න ලොමහංසො අහොසි.
එහි, අපෙති යනු නොපෙනී යයි. අස්ථයට යයි. ඉමං සො පරිත්තං කත්වා මොරොවා සමකප්පයි යනු මෙයද බුදුවී වදාළ සේක. එහි අර්ථය නම් මහණෙනි! ඒ මොණරා මේ පිරිත මේ ආරක්ෂාව කොට තමාගේ වාසස්ථානයේ වාසය කෙළේය. මොණරාට රාත්‍රියෙහි හෝ දවාලෙහි හෝ මේ පිරිතේ ආනුභාවයෙන් භයක් හෝ ලොමුදැහැ ගැම්මක් හෝ නොවීය.
අථෙකො බාරාණසියා අවිදූරෙ නෙසාදගාමවාසී නෙසාදො හිමවන්තපදෙසෙ විචරන්තො තස්මිං දණ්ඩකහිරඤ්ඤපබ්බතමත්ථකෙ නිසින්නං බොධිසත්තං දිස්වා ආගන්ත්වා පුත්තස්ස ආරොචෙසි. අථෙකදිවසං ඛෙමා නාම බාරාණසිරඤ්ඤො දෙවී සුපිනෙන සුවණ්ණවණ්ණං මොරං ධම්මං දෙසෙන්තං දිස්වා පබුද්ධකාලෙ රඤ්ඤො ආරොචෙසි – “අහං, දෙව, සුවණ්ණවණ්ණස්ස මොරස්ස ධම්මං සොතුකාමා”ති. රාජා අමච්චෙ පුච්ඡි. අමච්චා “බ්රාහ්මණා ජානිස්සන්තී”ති ආහංසු. බ්රාහ්මණා තං සුත්වා “සුවණ්ණවණ්ණා මොරා නාම හොන්තී”ති වත්වා “කත්ථ හොන්තී”ති වුත්තෙ “නෙසාදා ජානිස්සන්තී”ති ආහංසු. රාජා නෙසාදෙ සන්නිපාතෙත්වා පුච්ඡි. අථ සො නෙසාදපුත්තො “ආම, මහාරාජ, දණ්ඩකහිරඤ්ඤපබ්බතො නාම අත්ථි, තත්ථ සුවණ්ණවණ්ණො මොරො වසතී”ති ආහ. “තෙන හි තං මොරං අමාරෙත්වා බන්ධිත්වාව ආනෙහී”ති. නෙසාදො ගන්ත්වා තස්ස ගොචරභූමියං පාසෙ ඔඩ්ඩෙසි. මොරෙන අක්කන්තට්ඨානෙපි පාසො න සඤ්චරති. නෙසාදො ගණ්හිතුං අසක්කොන්තො සත්ත වස්සානි විචරිත්වා තත්ථෙව කාලමකාසි. ඛෙමාපි දෙවී පත්ථිතං අලභමානා කාලමකාසි.
ඉක්බිති බරණැසට නුදුරෙහි වැදි ගමක වාසය කළ එක් වැද්දෙක් හිමාල වන ප්‍රදේශයේ හැසිරෙමින් ඒදණ්ඩක හිරඤ්ඤ පර්වතය මතුයෙහි සිටින්නා වූ බෝසතාණන් දැක ගෙදර අවුත් පුතා දැන්වීය. ඉක්බිති දිනක් ඛේමා නම් බරණැස් රජුගේ දේවීන් වහන්සේ සිහිනෙන් රන්වන් මොණරෙකු ධර්මදේශනා කරනු දැක රජතුමාට දේවයන් වහන්ස! මම රන්වන් මොණරෙකුගේ ධර්ම දේශනාවක් අසනු කැමැත්තෙමියි දැන්වූවාය. රජතුමා ඒ ගැන ඇමතිවරුන්ගෙන් විචාළේය. ඇමතිවරු ඒ පිළිබඳව බමුණන් දනිතියි කීහ. බමුණෝ රන්වන් මොණරුන් සිටින බව කීහ. කොහි සිටිත්දැයි විමසූවිට වැද්දෝ දනිත් යයි කීවාහුය. රජතුමා වැද්දන් රැස්කරවා විචාළේය. එහිදී ඒ ගැන දන්නා වැදිපුත්‍රයා එසේය මහරජතුමනි, හිමවත දණ්ඩක හිරඤ්ඤ නම් පර්වතයක් ඇත. එහි රන්වන් පැහැති මොණරෙක් වාසය කරයි. එසේ නම් ඒ මොණරා නොමරා බැදගෙන ගෙනවයි කීවේය. වැදිපුත්‍රයා එහි ගොස් ඒ මොණරාගේ ගොදුර බිම මලපුඩුව එළුවේය. නමුත් මොණරා විසින් පාගන ලද තැන මලපුඩුව එහා මෙයා නොයයි. වැදි පුත්‍රයාට ඌ අල්ලා ගැනීමට නොහැකි වන්නේ සත් අවුරුද්දක් හැසිර එහිම කලුරිය කළේය. ඛේමා දේවිය ද ප්‍රාර්ථනාව ඉටු නොවීම නිසා කලුරිය කළාය.
රාජා “මොරං මෙ නිස්සාය දෙවී කාලකතා”ති කුජ්ඣිත්වා “හිමවන්තපදෙසෙ දණ්ඩකහිරඤ්ඤපබ්බතො නාම අත්ථි, තත්ථ සුවණ්ණවණ්ණො මොරො වසති, යෙ තස්ස මංසං ඛාදන්ති, තෙ අජරා අමරා හොන්තී”ති අක්ඛරං සුවණ්ණපට්ටෙ ලිඛාපෙත්වා සුවණ්ණපට්ටං මඤ්ජූසාය නික්ඛිපාපෙසි. තස්මිං කාලකතෙ අඤ්ඤො රාජා රජ්ජං පත්වා සුවණ්ණපට්ටං වාචෙත්වා “අජරො අමරො භවිස්සාමී”ති අඤ්ඤං නෙසාදං පෙසෙසි. සොපි ගන්ත්වා බොධිසත්තං ගහෙතුං අසක්කොන්තො තත්ථෙව කාලමකාසි. එතෙනෙව නියාමෙන ඡ රාජපරිවට්ටා ගතා. අථ සත්තමො රාජා රජ්ජං පත්වා එකං නෙසාදං පහිණි. සො ගන්ත්වා බොධිසත්තෙන අක්කන්තට්ඨානෙපි පාසස්ස අසඤ්චරණභාවං, අත්තනො පරිත්තං කත්වා ගොචරභූමිගමනභාවඤ්චස්ස ඤත්වා පච්චන්තං ඔතරිත්වා එකං මොරිං ගහෙත්වා යථා හත්ථතාළසද්දෙන නච්චති, අච්ඡරාසද්දෙන ච වස්සති, එවං සික්ඛාපෙත්වා තං ආදාය ගන්ත්වා මොරෙන පරිත්තෙ අකතෙ පාතොයෙව පාසයට්ඨියො රොපෙත්වා පාසෙ ඔඩ්ඩෙත්වා මොරිං වස්සාපෙසි. මොරො විසභාගං මාතුගාමසද්දං සුත්වා කිලෙසාතුරො හුත්වා පරිත්තං කාතුං අසක්කුණිත්වා ගන්ත්වා පාසෙ බජ්ඣි. අථ නං නෙසාදො ගහෙත්වා ගන්ත්වා බාරාණසිරඤ්ඤො අදාසි.
රජතුමා මොණරා නිසා මගේ දේවීන් වහන්සේ කලුරිය කළාහු යයි කිපී මෙසේ සටහන් තැබීය. “හිමවත් පෙදෙසේ දණ්ඩක හිරඤ්ඤ නම් පර්වතයක් ඇත. එහි රන්වන් පැහැති මොණරෙක් වාසය කරයි. යමෙක් ඒ මොණරාගේ මස් අනුභව කරත් නම් ඔවුහු අජරාමර වන්නෝ යයි රන්පතක ලියවා එය පෙට්ටියක බහා තැබීය. රජ මළ පසු අනෙක් රජ කෙනෙක් රජවී රන්පත කියවා අජරාමර වන්නෙමියි වෙනත් වැදි පුත්‍රයෙකු ඒ සඳහා එහි යැවීය. ඔහුද ගොස් බෝසත් මොණරා අල්ලා ගැනීමට නොහැකි වූයේ එහිම මළේය. මේ නියායෙන්ම රජ පරපුරු හයක් ගතවිය. අනතුරුව හත්වෙනි වරට පත්වූ රජතුමාද එක් වැදිපුත්රයෙකු එහි යැව්වේය. ඒ වැදිපුත්‍රයා දණ්ඩක හිරඤ්ඤ පර්වතයට ගොස් බෝසත් මොණරා විසින් සැරිසරන ස්ථානයෙහි මලපුඩුව ගෙන වැටෙන බවත් තමා පිරිත් කියා ගොදුරු බිමට යන බවත් දැන පසල් ගමකට අවුත් එක් සෙබඩක් අල්ලාගෙන, යම්සේ අත්තල ගටන හඬට නටයිද අසුරු සන් ගසන හඬින් හඬලයි ද මෙසේ පුහුණු කරවා ඒ සෙබඩා රැගෙන හිමවතට ගොස් මොණරා විසින් ආරක්ෂක පිරිත කීමට පළමුව උදෙන්ම මලපුඩුව ඉඳුවා උගුල අටවා සෙබඩ හැඬලවීය. මොණරා විසභාග වූ (රාග නිශ්රිත) ස්ත්‍රී හඬ අසා කෙළෙස් වසඟය පත්වී පිරිත් කීමට නොහැකි වී ගොස් උගුලෙහි බැඳුණේය.
රාජා තස්ස රූපසම්පත්තිං දිස්වා තුට්ඨමානසො ආසනං දාපෙසි. බොධිසත්තො පඤ්ඤත්තාසනෙ නිසීදිත්වා “මහාරාජ, කස්මා මං ගණ්හාපෙසී”ති පුච්ඡි. “යෙ කිර තව මංසං ඛාදන්ති, තෙ අජරා අමරා හොන්ති, ස්වාහං තව මංසං ඛාදිත්වා අජරො අමරො හොතුකාමො තං ගණ්හාපෙසි”න්ති. “මහාරාජ, මම තාව මංසං ඛාදන්තා අජරා අමරා හොන්තු, අහං පන මරිස්සාමී”ති ? “ආම, මරිස්සසී”ති. “මයි මරන්තෙ පන මම මංසමෙව ඛාදිත්වා කින්ති කත්වා න මරිස්සන්තී”ති? “ත්වං සුවණ්ණවණ්ණො, තස්මා කිර තව මංසං ඛාදකා අජරා අමරා භවිස්සන්තී”ති. “මහාරාජ, අහං පන න අකාරණා සුවණ්ණවණ්ණො ජාතො, පුබ්බෙ පනාහං ඉමස්මිංයෙව නගරෙ චක්කවත්තී රාජා හුත්වා සයම්පි පඤ්ච සීලානි රක්ඛිං, සකලචක්කවාළවාසිනොපි රක්ඛාපෙසිං, ස්වාහං කාලං කරිත්වා තාවතිංසභවනෙ නිබ්බත්තො, තත්ථ යාවතායුකං ඨත්වා තතො චුතො අඤ්ඤස්ස අකුසලස්ස නිස්සන්දෙන මොරයොනියං නිබ්බත්තිත්වාපි පොරාණසීලානුභාවෙන සුවණ්ණවණ්ණො ජාතො”ති. “‘ත්වං චක්කවත්තී රාජා හුත්වා සීලං රක්ඛිත්වා සීලඵලෙන සුවණ්ණවණ්ණො ජාතො’ති කථමිදං අම්හෙහි සද්ධාතබ්බං. අත්ථි නො කොචි සක්ඛී”ති ? “අත්ථි, මහාරාජා”ති. “කො නාමා”ති? “මහාරාජ, අහං චක්කවත්තිකාලෙ රතනමයෙ රථෙ නිසීදිත්වා ආකාසෙ විචරිං, සො මෙ රථො මඞ්ගලපොක්ඛරණියා අන්තොභූමියං නිදහාපිතො, තං මඞ්ගලපොක්ඛරණිතො උක්ඛිපාපෙහි, සො මෙ සක්ඛි භවිස්සතී”ති.
ඉක්බිති වැදි පුත්‍රයා මොණරා අල්ලාගෙන ගොස් බරණැස් රජුට දුන්නේය. රජතුමා මොණරාගේ රූසිරිය දැක සතුටු සිත් ඇත්තේ අසුනක් දෙවීය. බෝසත් මොණරා පනවන ලද අසුනෙහි හිඳගෙන මහරජ! කුමක් නිසා මා ගෙන්වා ගන්නෙහිදැයි විචාළ්ය. යමෙක් නුඹේ මස් කන්නාහු නම් ඔවුහු අජරාමර වෙති. ඒ නිසා මම නුඹේ මස් කා අජරාමර වෙනු කැමැත්තෙම් නුඹව ගෙන්වා ගත්තේ යයි කීවේය. මහරජ! මගේ මස් කන්නෝ අජරාමර වෙත්වා! මම වනාහි මැරෙන්නෙම්ද? ඔව් මැරෙන්නෙහිය. මා මැරෙන කල මගේ මස් ම අනුභව කොට කුමක් නොමැරෙන්නාහුද? නුඹ රන්වන් පැහැයෙන් යුක්තයි. ඒ නිසා නුඹේ මස් කන අය අජරාමර වන්නාහු යයි කීවේය. මහරජතුමනි! මම රන්වන් වූයේ නිකම්ම නොවේ. පෙර මම මේ නගරයෙහිම සක්විති රජවී තමාත් පන්සිල් රකිමින් සියලු සක්වල වාසීන් ලවාද පන්සිල් රැක්කවූයෙමි. ඒ මම කලුරිය කොට තව්තිසා භවනෙහි උපන්නේ එහි දිවි ඇති තෙක් සිට එයින් චුත වූයේ වෙනත් අකුශලයක විපාක වශයෙන් මොණර ආත්මයෙහි ඉපදී පෙර රැකි සිල් බලයෙන් රන්වන්ව උපන්නෙමි. නුඹ සක්විති රජවී සිල් රැක ඒ බලයෙන් රන්වන් වූවෙහිය යන්න මා විසින් කෙසේ විශ්වාස කළයුද? එයට කිසියම් සාක්ෂියක් ඇත්ද? ඇත මහරජ! ඒ කුමක්ද? මහරජ, මම සක්විති රජ කල රණින් කළ රථයක නැඟී හිඳ අහසෙහි සැරිසැරුවෙමි. ඒ රථය තොපගේ මගුල් පොකුණේ දිය ඉස්සා මඟුල් පොකුණෙන් ගොඩට ගෙන්වා ගන්න. එය මගේ සාක්ෂිය වන්නේය. රජතුමා යහපතැයි පිළිගෙන පොකුණේ ජලය ඉවත්කොට රථය ගෙනවුත් දක්වා බෝසතාණන් වහන්සේගේ කීම විශ්වාස කෙළේය.
රාජා “සාධූ”ති පටිස්සුණිත්වා පොක්ඛරණිතො උදකං හරාපෙත්වා රථං නීහරාපෙත්වා බොධිසත්තස්ස සද්දහි. බොධිසත්තො “මහාරාජ, ඨපෙත්වා අමතමහානිබ්බානං අවසෙසා සබ්බෙ සඞ්ඛතධම්මා හුත්වා අභාවිනො අනිච්චා ඛයවයධම්මායෙවා”ති රඤ්ඤො ධම්මං දෙසෙත්වා රාජානං පඤ්චසු සීලෙසු පතිට්ඨාපෙසි. රාජා පසන්නො බොධිසත්තං රජ්ජෙන පූජෙත්වා මහන්තං සක්කාරං අකාසි. සො රජ්ජං තස්සෙව පටිනිය්යාදෙත්වා කතිපාහං වසිත්වා “අප්පමත්තො හොහි, මහාරාජා”ති ඔවදිත්වා ආකාසෙ උප්පතිත්වා දණ්ඩකහිරඤ්ඤපබ්බතමෙව අගමාසි. රාජාපි බොධිසත්තස්ස ඔවාදෙ ඨත්වා දානාදීනි පුඤ්ඤානි කත්වා යථාකම්මං ගතො.
බෝසතාණෝ මහරජ! අමා මහ නිවන හැර සෙසු සියලු සංස්කාර ධර්මයෝ ඇතිව නැතිවන්නාහුය. අනිත්‍යයහ. නැතිවන ධර්මයෝම යයි කියා රජුට දහම් දෙසා රජතුමා පන්සිල්හි පිහිටවූහ. රජතුමා පැහැදුනේ බෝසතාණන් වහන්සේට රාජ්‍යයෙන් පුදා මහත් සත්කාර කළේය. මොණරා රාජ්‍යය රජතුමාටම පවරා කීපදිනක් වාසයකොට නොපමා වන්න මහරජතුමනියි අවවාද කොට අහසට පැන දණ්ඩක හිරඤ්ඤ පර්වතයටම ගියේය. රජතුමාද බෝසතාණන් වහන්සේගේ අවවාදයෙහි පිහිටියේ දානාදී පිංකම් කොට කම්වූ පරිද්දෙන් මියපරළොව ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ උක්කණ්ඨිතභික්ඛු අරහත්තෙ පතිට්ඨහි. “තදා රාජා ආනන්දො අහොසි, සුවණ්ණමොරො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා සිව්සස් දේශනාකොට ජාතක කථාව නිමවා වදාළ සේක. චතුරාර්ය සත්‍ය දේශනාවගේ කෙළවර ඒ කලකිරුණු භික්ෂුව රහත් ඵලයෙහි පිහිටියේය. එකල රජ ආනන්ද තෙරය. රන්වන් මොණරා බුදුවූ මම ම වූයෙමි යි වදාළ සේක.
මොරජාතකවණ්ණනා නවමා.