10. විනීලජාතකවණ්ණනා 160 අට්ඨකථා
10. විනීලජාතකවණ්ණනා (160)
10. විනීලක ජාතකය (160)
එවමෙව නූන රාජානන්ති ඉදං සත්ථා වෙළුවනෙ විහරන්තො දෙවදත්තස්ස සුගතාලයං ආරබ්භ කථෙසි. දෙවදත්තෙ හි ගයාසීසගතානං ද්වින්නං අග්ගසාවකානං සුගතාලයං දස්සෙත්වා නිපන්නෙ උභොපි ථෙරා ධම්මං දෙසෙත්වා අත්තනො නිස්සිතකෙ ආදාය වෙළුවනං අගමිංසු. තෙ සත්ථාරා “සාරිපුත්ත, දෙවදත්තො තුම්හෙ දිස්වා කිං අකාසී”ති පුට්ඨා “භන්තෙ, සුගතාලයං දස්සෙත්වා මහාවිනාසං පාපුණී”ති ආරොචෙසුං. සත්ථා “න ඛො, සාරිපුත්ත, දෙවදත්තො ඉදානෙව මම අනුකිරියං කරොන්තො විනාසං පත්තො, පුබ්බෙපි පාපුණියෙවා”ති වත්වා ථෙරෙහි යාචිතො අතීතං ආහරි.
එවමෙව නූන රාජානං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවාසය කරන සේක් දෙව්දත් තෙරුන් වහන්සේ බුදුකෙනෙකුගේ ස්වරූපය ගැනීම මුල් කරගෙන මේ දේශනා කළ සේක. දෙව්දත් තෙරුන් වහන්සේ ගයා ශීර්ෂයට වැඩම කළ අගසව් දෙනමට බුද්ධ විලාශය දක්වා සැතපුණු කල අගසව් දෙදෙනා වහන්සේ ධර්මදේශනා පවත්වා තමන් ඇසුරුකොට වෙසෙන භික්ෂු පිරිස (පන්සියයක්) රැගෙන වේළුවනාරාමයට ගියාහුය. එවිට බුදුරජාණන් වහන්සේ විසින් අගසව් දෙනම අමතා සාරිපුත්තයෙනි! දෙව්දත් තෙරුන් වහන්සේ තොප දැක කුමක් කළාහුදැයි විචාරණ ලද්දාහු ස්වාමීනි! ඔහු බුද්ධ ලීලාව දක්වා මහත් විනාශයට පැමිණියේ යයි දන්වා සිටියහ. බුදුරජාණන් වහන්සේ සාරිපුත්තයෙනි! දේවදත්ත තෙර මාව අනුකරණය කරන්නට ගොස් විනාශයට පත් වූයේ අද පමණක් නොවේ, පෙරත් විනාශයට පත්වූයේ යයි වදාරා තෙරුන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ විදෙහරට්ඨෙ මිථිලායං විදෙහරාජෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො තස්ස අග්ගමහෙසියා කුච්ඡිම්හි නිබ්බත්ති. සො වයප්පත්තො තක්කසිලායං සබ්බසිප්පානි උග්ගණ්හිත්වා පිතු අච්චයෙන රජ්ජෙ පතිට්ඨාසි. තදා එකස්ස සුවණ්ණහංසරාජස්ස ගොචරභූමියං කාකියා සද්ධිං සංවාසො අහොසි. සා පුත්තං විජායි. සො නෙව මාතුපතිරූපකො අහොසි, න පිතු. අථස්ස විනීලකධාතුකත්තා “විනීලකො”ත්වෙව නාමං අකංසු. හංසරාජා අභිණ්හං ගන්ත්වා පුත්තං පස්සති. අපරෙ පනස්ස ද්වෙ හංසපොතකා පුත්තා අහෙසුං. තෙ පිතරං අභිණ්හං මනුස්සපථං ගච්ඡන්තං දිස්වා පුච්ඡිංසු – “තාත, තුම්හෙ කස්මා අභිණ්හං මනුස්සපථං ගච්ඡථා”ති? “තාතා, එකාය මෙ කාකියා සද්ධිං සංවාසමන්වාය එකො පුත්තො ජාතො, ‘විනීලකො’තිස්ස නාමං, තමහං දට්ඨුං ගච්ඡාමී”ති. “කහං පනෙතෙ වසන්තී”ති? “විදෙහරට්ඨෙ මිථිලාය අවිදූරෙ අසුකස්මිං නාම ඨානෙ එකස්මිං තාලග්ගෙ වසන්තී”ති. “තාත, මනුස්සපථො නාම සාසඞ්කො සප්පටිභයො, තුම්හෙ මා ගච්ඡථ, මයං ගන්ත්වා තං ආනෙස්සාමා”ති ද්වෙ හංසපොතකා පිතරා ආචික්ඛිතසඤ්ඤාය තත්ථ ගන්ත්වා තං විනීලකං එකස්මිං දණ්ඩකෙ නිසීදාපෙත්වා මුඛතුණ්ඩකෙන දණ්ඩකොටියං ඩංසිත්වා මිථිලානගරමත්ථකෙන පායිංසු. තස්මිං ඛණෙ විදෙහරාජා සබ්බසෙතචතුසින්ධවයුත්තරථවරෙ නිසීදිත්වා නගරං පදක්ඛිණං කරොති. විනීලකො තං දිස්වා චින්තෙසි – “මය්හං විදෙහරඤ්ඤා කිං නානාකාරණං, එස චතුසින්ධවයුත්තරථෙ නිසීදිත්වා නගරං අනුසඤ්චරති, අහං පන හංසයුත්තරථෙ නිසීදිත්වා ගච්ඡාමී”ති. සො ආකාසෙන ගච්ඡන්තො පඨමං ගාථමාහ –
පෙර විදේහ රට මිථිලා නුවර වේදේහ රජු රජ කරන කල්හි බෝධිසත්ත්වයන් වහන්සේ ඔහුගේ අගමෙහෙසියගේ කුස පිළිසිඳ ගෙන ඉපිද වැඩිවියට පැමිණියාහු තක්සලා නුවර සියලු ශිල්ප ඉගෙන ගෙන පියාගේ ඇවෑමෙන් රාජ්‍යයෙහි පිහිටියහ. එකල්හි එක් රන්වන් හංස රාජයෙක් ගොදුරුබිමේදී කැවිඩියක (කාක්කියක) සමග සංවාසයෙහි යෙදුනේය. කැවිඩිය පුතෙකු (පැටවෙකු) බිහිකළාය. ඒ පැටවාට මවගේ හෝ තාත්තාගේ ස්වරූපය නොවීය. ඉක්බිති ඔහු ඉතා නිල්පැහැ වූ බැවින් ‘විනීලක’ යයි නම් තැබූහ. හංසරාජයා නිතර ගොස් පුත්‍රයා (පැටවා) බලයි. හංසයාට පුත් වූ අන්‍ය හංස පෝතකයෝ දෙදෙනෙක් සිටියාහුය. ඔවුහු තම පියා නිතර මිනිස් වාසයට යනු දැක පියාණෙනි! ඔබ කුමක් නිසා නිතර මිනිස් වාසයට යන්නෙහිදැයි ප්‍රශ්න කෙළේය. දරුවනි! එක් කැවිඩියක හා සංවාසයෙහි යෙදීමෙන් එක් පුත්‍රයෙක් උපන්නේය. ඔහුගේ නම විනීලකයි. මම ඔහු දැකීමට යමියි පිළිතුරු දුන්නේය. ඔව්හු කොතැන්හි වසත්ද? විදේහ රටේ මිථිලාවට නුදුරෙහි අසවල් නම් තැන එක්තරා තල්ගසෙක මුදුනේ වසතියි කීවේය. පියාණෙනි! මිනිස් වාසය නම් සැක සහිතය. බිය සහිතය. ඔබතුමා එහි නොයන්න. අපි ගොස් ඔහුව රැගෙන එන්නෙමුයි කියා හංස පෝතකයෝ දෙදෙනා පියා විසින් කියන ලද සලකුණු අනුව එහි ගොස් ඒ විනීලකයා එක් කුඩා ලීයක හිඳුවා හොටෙන් දඬු කෙළවර අල්ලාගෙන මිථිලා නගරය උඩින් නික්මුණාහ. ඒ අවස්ථාවෙහි වේදේහ රජතුමා සම්පූර්ණ සුදු අසුන් හතර දෙදෙනකු යෙදූ උතුම් රථයක හිඳ නගරය පැදකුණු කරයි. විනීලක ඒ සිද්ධිය දැක මෙසේ සිතුවේය. මගේත් විදේහ රජුගේත් අතර කවර වෙනසක්ද? එතුමා අසුන් හතර දෙනෙකු යෙදූ රථයක හිඳ නගරයෙහි ඔබිමොබ හැසිරෙයි. මම වනාහි හංසයන් යෙදූ රථයක (ලීයක හිඳ) හිඳ ගමන් කරමියි හෙතෙම අහසින් යමින්,
“එවමෙව නූන රාජානං, වෙදෙහං මිථිලග්ගහං; අස්සා වහන්ති ආජඤ්ඤා, යථා හංසා විනීලක”න්ති.
එව මෙව නූන රාජානං වෙදෙහං මිථිලග්ගහං, අස්සා වහන්ති ආජඤ්ඤා යථා හංසා විනීලකං.
යන පළමු ගාථාව කීවේය.
කාරණා කාරණ දන්නා වූ හංසයෝ මා උසුළන්නා සේ අශ්වයෝ විදේහයට අධිපති වූ මියුලු නුවර රජතුමා උසුළති.
තත්ථ එවමෙවාති එවං එව, නූනාති පරිවිතක්කෙ නිපාතො. එකංසෙපි වට්ටතියෙව. වෙදෙහන්ති විදෙහරට්ඨසාමිකං. මිථිලග්ගහන්ති මිථිලගෙහං, මිථිලායං ඝරං පරිග්ගහෙත්වා වසමානන්ති අත්ථො. ආජඤ්ඤාති කාරණාකාරණාජානනකා. යථා හංසා විනීලකන්ති යථා ඉමෙ හංසා මං විනීලකං වහන්ති, එවමෙව වහන්තීති.
එහි, එව මෙව යනු මෙසේම, නූනාති-සිතා බැලීමේ නිපාතයකි. ඒකාන්ත යන අර්ථයෙහිද සුදුසු වේ. වෙදෙහං යනු වේදේහ රටට අධිපති, මිථිලග්ගහං යනු මිථිලා ගෙය, මිථිලාවෙහි ගෙයක් කොට වසන්නේය යන අර්ථයි. ආජඤ්ඤාති - කාරණා කාරණ දන්නා, යථාහංසා විනීලකං යම්සේ මේ හංසයෝ විනීලක නම් වූ මාව උසුලත්ද එසේම (මේ අශ්වයෝ රජතුමා) උසුලති.
හංසපොතකා තස්ස වචනං සුත්වා කුජ්ඣිත්වා “ඉධෙව නං පාතෙත්වා ගමිස්සාමා”ති චිත්තං උප්පාදෙත්වාපි “එවං කතෙ පිතා නො කිං වක්ඛතී”ති ගරහභයෙන පිතු සන්තිකං නෙත්වා තෙන කතකිරියං පිතු ආචික්ඛිංසු. අථ නං පිතා කුජ්ඣිත්වා “කිං ත්වං මම පුත්තෙහි අධිකතරොසි, යො මම පුත්තෙ අභිභවිත්වා රථෙ යුත්තසින්ධවෙ විය කරොසි, අත්තනො පමාණං න ජානාසි. ඉමං ඨානං තව අගොචරො, අත්තනො මාතු වසනට්ඨානමෙව ගච්ඡාහී”ති තජ්ජෙත්වා දුතියං ගාථමාහ –
හංස පෝතකයෝ විනීලකගේ වචන අසා කිපී මෙහිම මොහු බිම හෙළා යන්නෙමුයි සිතාත් එසේ කළොත් පියා අපට මොනවා කියාදැයි ගැරහීමට බියෙන් පියා ළඟට පමුණුවා ඔහු විසින් කළ කී දෙය පියාට කීවාහුය. ඉක්බිති පියා ඔහුට කිපී ඇයි නුඹ මගේ පුත්‍රයන්ට වඩා අධිකතරද? යමෙක් මගේ පුත්‍රයන් යටපත් කරගෙන රථයෙහි යෙදූ අසුන් මෙන් සමාන කළාද? තමන්ගේ තරම නොදන්නෙහිය. මේ ස්ථානය ඔබට නුසුදුසුයි. තමන්ගේ මව වසන තැනටම යවයි තර්ජනය කොට
“විනීල දුග්ගං භජසි, අභූමිං තාත සෙවසි; ගාමන්තකානි සෙවස්සු, එතං මාතාලයං තවා”ති.
විනීල! දුග්ගං භජසි අභූමිං තාත! සෙවසි, ගාමන්තිකානි සෙවස්සු එතං මාතාලයං තවා.
යන දෙවන ගාථාව කීවේය.
විනීලක! ඔබ දුර්ගය හෙවත් හිමවත ඇසුරු කරව. දරුව! නොබිම සේවනය කරව. ගම් කෙළවර සේවනය කරව. මේ අසූචි දමන ස්ථානය ඔබට සුදුසුයි.
තත්ථ විනීලාති තං නාමෙනාලපති. දුග්ගං භජසීති ඉමෙසං වසෙන ගිරිදුග්ගං භජසි. අභූමිං, තාත, සෙවසීති, තාත, ගිරිවිසමං නාම තව අභූමි , තං සෙවසි උපගච්ඡසි. එතං මාතාලයං තවාති එතං ගාමන්තං උක්කාරට්ඨානං ආමකසුසානට්ඨානඤ්ච තව මාතු ආලයං ගෙහං වසනට්ඨානං, තත්ථ ගච්ඡාහීති. එවං තං තජ්ජෙත්වා “ගච්ඡථ, නං මිථිලනගරස්ස උක්කාරභූමියඤ්ඤෙව ඔතාරෙත්වා එථා”ති පුත්තෙ ආණාපෙසි, තෙ තථා අකංසු.
එහි, විනීල යනු ඌට නමින් අමතයි. දුග්ගං භජසි යනු ඔවුන්ගේ විසීමෙන් ගිරිදුර්ග ඇසුරු කරහි. අභූමිං තාත සෙවසි යනු දරුව! විෂම වූ පර්වත නුඹ භූමිය නොවේ. (නුඹ) එය ඇසුරු කරහි. එයට එළඹෙහි. එතං මාතාලයං තව යනු මේ ගම කෙළවර වූ අසූචි දමන තැන්ද අමු සොහොන් ද නුඹට මව් ගෙදරයි. වාසස්ථානයයි එහි යව. මෙසේ කවුඩාට තර්ජනය කොට යවා මිථිලා නුවර අසූචි දමන ස්ථානයටම බස්සා එවයි පුතුන්ට අණ කෙළේය. ඔවුහු එසේ කළාහුය. බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා විනීලකො දෙවදත්තො අහොසි, ද්වෙ හංසපොතකා ද්වෙ අග්ගසාවකා අහෙසුං, පිතා ආනන්දො අහොසි, විදෙහරාජා පන අහමෙව අහොසි”න්ති.
එකල විනීලක නම් දේවදත්තය. හංස පෝතකයන් දෙදෙනා අගසව් දෙදෙනාය. පියා ආනන්දය. වේදේහ රජතුමා නම් ලොව්තුරා බුදුවූ මම ම වූයෙමි යි වදාළ සේක.
විනීලජාතකවණ්ණනා දසමා.
දළ්හවග්ගො පඨමො.
පළමුවන දළ්හ වර්ගය නිමියේය.
තස්සුද්දානං –
රාජොවාදඤ්ච සිඞ්ගාලං, සූකරං උරගං භග්ගං; අලීනචිත්තගුණඤ්ච, සුහනු මොරවිනීලං.