10. විනීලකජාතකං
171. එවමෙව නූන රාජානං වෙදෙහං මිථිලග්ගහං, අස්සා වහන්ති ආජඤ්ඤා යථා හංසා විනීලකං.
171. කාරණාකාරණ දන්නා වූ හංසයෝ යම්සේ විනීලක නම් වූ මා උසුළද්ද එමෙන් මැ විදේහාධිපති වූ මියුලු නුවරැ රජු අශ්වයෝ උසුළත්.
172. විනීල දුග්ගං භජසි අභූමිං තාත සෙවසි, ගාමන්තිකානි සෙවස්සු එතං මාතාලයං තවා’ති.
172. විනීලය, තෝ පර්වත දූර්ගය සෙවුනෙහි දරුව, තට භූමි නො වූ පර්වත විෂමස්ථානය සෙවුනෙහි ග්රාමාන්තයෙහි වූ (කසළගොඩ අමුසොහොන් ආදී) ස්ථානයෝ සේවන කර, තෙල තොප මවගේ වාසස්ථාන යි.
10. විනීලකජාතකං.
10. විනීල ජාතක යි.
දළ්හවග්ගො පඨමො.
පළමුවැනි දළ්හ වර්ග යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
වරමල්ලිකදද්දරසුකරකො උරගුත්තම පඤ්චම ගග්ගවරො, මහතී චමූ යා ච සිගාලවරො සුහනුත්තමමොරවිනීල දස.
උතුම් මල්ලික (රාජෝවාදක) යැ, දද්දර (සිඟාල) යැ, ශුකර ජාතක යැ, උරගජාතක යැ, පස්වැනි ගග්ගජාතක යැ, මහාසේනා ඇති (අලීනචිත්ත) ජාතක යැ, සිඟාල (ගුණ) ජාතක යැ, සුහනු ජාතක යැ, උතුම් වූ මොර ජාතක යැ, විසීලක ජාතක යැ, යන දසය යි.