යෙදුමෙන් කියවන්න

2. සන්‍ථවවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

2. සන්‍ථව වර්‍ගය

173. න සන්‍ථවං කාපුරිසෙන කයිරා අරියො හි අරියෙන පජානමත්‍ථං විරානුවුත්‍ථොපි කරොති පාපං ගජො යථා ඉන්‍දසමානගොත‍්තං.

173. අර්‍ත්‍ථය දන්නා වූ (ආචාර) ආර්‍ය පුද්ගල තෙමේ අනාර්‍ය්‍ය වූ කුත්සිත පුද්ගලයා හි සහවාසය නො කරන්නේ ය. (කුමක් හෙයින් ද යත්) බොහෝ කාලයක් එක් වැ වාසය කළත් පව් කරන්නේ ය. බොහෝ කාලයක් එක් වැ වාසය කළ ඉන්‍දසමානගොත්ත නම් තාපසයා මැරූ හස්තියා මෙනි.

174. යංත්‍වෙව ජඤ‍්ඤා සදිසො මමන‍්ති සීලෙන පඤ‍්ඤාය සුතෙන චාපි. තෙනෙව මෙත‍්තිං කයිරාථ සද‍්ධිං, සුඛාවහො සප‍්පුරිසෙන සඞ‍්ගමොති.

174. ශීලයෙන් ද ප්‍රඥාවෙන් ද ශ්‍රැතයෙන් ද,යම් තැනැත්තකු මා හා සදෘශ යයි දන්නේ ද ඔහු හා සමග ම මිත්‍රත්‍වය කරන්නේ මැනැවි. සත්පුරුෂයා හා එක් වැ වාසය සුව එළවන්නේ යි.

1. ඉන්‍දසමානගොත‍්තජාතකං.

1. ඉන්‍දසමානගොත්ත ජාතක යි.

175. න සත්‍ථවස‍්මා පරමත්‍ථි පාපියො යො සන්‍ථවො කාපුරිසෙන හොති, සන‍්තප‍්පිතො සප‍්පිනා පායසෙන කිච‍්ඡා කතං පණ‍්ණකුටිං අදඩ‍්ඪහි.

175. කුත්සිත පුරුෂයා සමඟ යම් සහවාසයෙක් වේ ද ඒ සහවාසයට වඩා අධික වූ අන් නපුරෙක් නැත. (කුමක් හෙයින් ද යත්) ගිතෙලින් කිරිබත් සන්තර්පිත වූ හෙවත් පුදනු ලැබූ ගින්න දුකසේ කරන ලද (ඒ කිරිබත පිසූ) අතුපැල දැවි ද (එහෙයිනි.)

176. න සන්‍ථවස‍්මා පරමත්‍ථි සෙය්‍යො යො සන්‍ථවො සප‍්පුරිසෙන හොති, සීහස‍්ස ව්‍යග‍්ඝස‍්ස ච දීපිනො ච සාමා මුඛං ලෙහති සන්‍ථවෙනා’ති.

176. සත්පුරුෂයා හා යම් සහවාසයෙක් වේ ද ඒ සහවාසයට වඩා අධික වූ අන් උතුම් බවෙක් නැත. (කුමක් මෙන් ද යත්) සහවාසය කරණ කොටගෙනැ සාමා මෘගධේනුව සිංහයාගේ ද ව්‍යාඝ්‍රයාගේ ද දිවියාගේ ද මුහුණ ලොවි. (එමෙනි)

2. සන්‍ථවජාතකං.

2. සන්‍ථව ජාතක යි.

177. කාළා මිගා සෙතදන‍්තා තව ඉමෙ පරොසතං හෙමජාලාහිසඤ‍්ඡන‍්නා, තෙ තෙ දදාමීති සුසීම බ්‍රූසි අනුස‍්සරං පෙත‍්තිපිතාමහානං.

177. සුසීම මහරජ, තොපගේ මේ සියයකට අධික වූ සුදු දළ ඇති කළුපැහැ ඇත්හු රන්දැලින් සාදන ලදහ. තෙල ඇතුන් පියමුතුන් සිරිත් සිහි කෙරෙමින් ඔවුනට (අන් බමුණනට) දෙමි යි කීයෙහි සැබැවෙක් ද?

178. කාළා මිගා සෙතදන‍්තා මම ඉමෙ පරොසතං හෙමජාලාභිසඤ‍්ජන‍්නා, තෙ තෙ දදාමීති වදාමි මාණව අනුස‍්සරං පෙත‍්තිපිතාමහානත‍්ති.

178. මාණවකය, මාගේ මේ සියයකට අධික වූ සුදු දළ ඇති කළුපැහැ ඇත්හු රන්දැලින් සදන ලදහ. ඔවුන් පියමුතුන් සිරිත් සිහි කෙරෙමින් ඒ බමුණනට දෙමි යි කීමි.

3. සුසීමජාතකං.

3. සුසීම ජාතක යි.

179. යන‍්නු ගිජ‍්ඣො යොජනසතං කුණපානි අවෙක‍්ඛති, කස‍්මා ජාලඤ‍්ච පාසඤ‍්ච ආසජ‍්ජාපි න බුජ‍්ඣසි.

179. ගිජුලිහිණියා යොදුන් සියයක් ඉක්මවා සිටියා වූ ද කුණපයන් දකී. (එහෙත්) මරුදැලටත් මලපුඬුවටත් පැමිණ ද කුමක් හෙයින් එය නො දත්හි ද,

180. යදා පරාභවො හොති පොසො ජීවිතසඞ‍්ඛයෙ, අථ ජාලඤ‍්ච පාසඤ‍්ච ආසජ‍්ජාපි න බුජ‍්ඣතී’ති.

180. ජීවිතාවසානය පැමිණි යම් කලෙක්හි විනාශය වන්නේ ද එකල්හි සත්ත්‍ව තෙමේ මරුදැලට ද මලපුඬුවට ද පැමිණත් (ජීවිත විනාශ කාරණය) නො දනී.

4. ගිජ‍්ඣජාතකං.

4. ගිජ්ඣ ජාතක යි.

181. සන්‍ධිං කත්‍වා අමිත‍්තෙන අණ‍්ඩජෙන ජලාබුජ, විවරිය දාඨං සෙසි කුතො තං භයමාගතං.

181. ජලාබුජය (මුගටිය) සතුරු වූ අණ්ඩජයා (සර්‍පයා) සමඟ මිතුරුකම් කොට දළ විවෘත කැරැගෙනැ හෝනෙහි ය. තට බිය කොයින් ආයේ ද,

182. සඞ‍්කෙථෙව අමිත‍්තස‍්මිං මිත‍්තස‍්මිම‍්පි න විස‍්සසෙ, අභයා භයමුප‍්පන‍්නං අපි මූලානි කන‍්තතී’ති.

182. සතුරා කෙරෙහි දු සැක කරන්නේ මැ ය. මිතුරා කෙරෙහි දු විශ්වාස නො කරන්නේ ය. මිත්‍ර වූ අභයස්ථානයෙන් උපන් බිය මුල් ද කපා විනාශ කරන්නේ ය.

5. නකුලජාතකං.

5. නකුල ජාතක යි.

183. උපසාළ‍්හකනාමානං සහස‍්සානි චතුද‍්දස‍්ස, අස‍්මිං පදෙසෙ දඩ‍්ඪානි නත්‍ථි ලොකෙ අනාමතං.

183. උපසාළ්හක නමින් තුදුස් දහස් දෙනෙක් මේ ප්‍රදේශයෙහි දවන ලදහ. මේ ලොව්හි අමාතස්ථානයෙක් නැත.

184. යම‍්හි සච‍්චඤ‍්ච ධම‍්මො ච අහිංසා සංයමො දමො, එතදරියා සෙවන‍්ති එතං ලොකෙ අනාමතන‍්ති.

184. යම් පුද්ගලයකු කෙරෙහි සත්‍යය ද ධර්‍මය ද අවිහිංසාව ද ශීලසංයමය ද ඉන්‍ද්‍රියදමනය ද යන මේ ගුණයෝ වෙත් ද ආර්‍ය්‍යයෝ මේ ස්ථානය සේවනය පිණිස එළඹෙත්. ලොව්හි මේ ගුණසමූහය (අමෘතභාවය සිදු කරනුයෙන්) අමෘතස්ථාන නම් වේ.

6. උපසාළ‍්හජාතකං.

6. උපසාළ්හක ජාතක යි.

185. අභුත්‍වා භික‍්ඛසි භික‍්ඛු න හි භුත්‍වාන භික‍්ඛසි, භුත්‍වාන භික‍්ඛු භික‍්ඛස‍්සු මා තං කාලො උපච‍්චගා.

185. මහණ, යොවුන් වියෙහි කාමයන් අනුභව නො කොට භික්‍ෂාවෙහි හැසිරෙහි. කාමයන් අනුභව කොට භික්‍ෂාවෙහි නො හැසිරෙන්නෙහි. මහණ, තරුණ කාලයෙහි කාමයන් අනුභව කොට මහලු වියෙහි භික්‍ෂාවෙහි හැසිරෙව. (කාමයන් අනුභවයට සුදුසු කාලය තොප නො ඉක්මේවා).

186. කාලං වොහං න ජානාමි ඡන‍්නො කාලො න දිසස‍්ති, තස‍්මා අභුත්‍වා භික‍්ඛාමි මා මං කාලො උපච‍්චගාති.

186. මම (ඔබ කියන) කාලය නො දනිමි. කාලය සැඟවුණේ නො දක්නා ලැබෙයි. එහෙයින් කාමයන් අනුභව නො කොට භික්‍ෂාවෙහි හැසිරෙමි. මා තපස්කාලය නො ඉක්මේවා.

7. සමිද‍්ධිජාතකං.

7. සමිද්ධි ජාතක යි.

187. සෙනො බලසා පතමානො ලාප ගොචරඨායිනං, සහසා අජ‍්ඣප‍්පත‍්තො මරණං තෙනුපාගමි.

187. වේගයෙන් දිවෙන උකුසු ගෝචරයෙහි සිටියා වූ කිරිල්ල වෙතට වහා පැමිණියේ ඒ ශීඝ්‍ර ගමනින් මරණයට පැමිණියේ ය.

188. සොහං නයෙන සම‍්පන‍්නො පෙත‍්තිකෙ ගොචරෙ රතො, අපෙතසත‍්තු මොදාමි සම‍්පස‍්සංමි අත්‍ථමත‍්තනොති.

188. නීතියෙන් සම්පූර්‍ණයෙමි, පිය පරපුරෙන් ආ ගෝචරයෙහි ඇලුණෙමි. පහ වූ සතුරා ඇති ඒ මම තමහට අර්‍ත්‍ථයක් බලාපොරොත්තුවෙමින් සතුටු වෙමි.

8. සකුණග‍්ඝිජාතකං.

8. සකුණග්සි ජාතක යි.

189. යො චෙ මෙත‍්තෙන චිත‍්තෙන සබ‍්බලොකානුකම‍්පති, උද‍්ධං අධො ච තිරියඤ‍්ච අප‍්පමාණෙන සබ‍්බසො.

189. යමෙක් ඒකාන්තයෙන් මැ අප්‍රමාණ වූ මෛත්‍රි සිතින් උඩින් ද යටින් ද සරසින් දැ යි සර්‍වප්‍රකාරයෙන් සකල ලෝකයා කෙරෙහි අනුකම්පා කෙරේ ද,

190. අප‍්පමාණං හිතං චිත‍්තං පරිපුණ‍්ණං සුභාවිතං, යං පමාණකතං කම‍්මං න තං තත්‍රාවසිස‍්සතී’ති.

190. අප්‍රමාණ වූ හිත වූ මෛත්‍රී චිත්තය සම්පූර්‍ණ කොට මනා වැ වඩන ලද ද, (එසේ මැ) ප්‍රමාණවත් වැ කරන ලද (යම් කාමාවචර) කුශලකර්‍මයෙක් වේ ද ඒ කර්‍මය මෛත්‍රී චිත්තයෙහි නො සිටිනේ ය. (අර්‍පණාප්‍රාප්ත මෛත්‍රී චිත්තය කාමාවචර කුශල කර්‍මය යටපත් කොට සිටි යනු අදහසය.)

9. අරකජාතකං.

9. අරක ජාතක යි.

191. නායං පුරෙ උන‍්නමති තොරණග‍්ගෙ කකණ‍්ටකො, මහොසධ විජානාහි කෙන ථද‍්ධො කකණ‍්ටකො.

191. තොරණෙහි අගැ සිටින මේ කටුස්සා පූර්‍වයෙහි උඩඟු නො වී ය. මහෞෂධය, කටුස්සා කවර හෙයින් උඩඟු වී දැ යි දනුව.

192. අලද‍්ධපුබ‍්බං ලද‍්ධානං අද‍්ධමාසං කකණ‍්ටකො, අතිමඤ‍්ඤති රාජානං වෙදෙහං මිථිලග‍්ගහන‍්ති.

192. කටුස්සා පෙරැ නො ලද විරූ අඩමස්සක් ලදින් මියුලු නුවරැ වේදේහ රජු ඉක්මවා සිතා යි.

10. කකණ‍්ටක ජාතකං.

10. කකණ්ටක ජාතක යි.

සන්‍ථවවග‍්ගො දුතියො

දෙවෙනි සන්‍ථව වර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

අථ ඉන්‍දසමානසපණ‍්ණකුටි සුසිමුත‍්තමගිජ‍්ඣජලාබුජකා, උපසාළ‍්හකභික‍්ඛු සලාපවරො අථ මෙන‍්තවරො දස උන‍්නමතීති.

පණ්ණකුටිය සැවූ සන්‍ථවජාතකය සමඟ ඉන්‍දිසමාන ගොත්ත ජාතකය යැ. උතුම් වූ සුසීම ජාතක යැ. ගිජ්ඣ ජාතක යැ, (ජලාබුජක) නකුල ජාතක යැ, උපසාළ්හක යැ. (භික්‍ඛු) සමිද්ධි ජාතකයැ. (ලාප) සකුණග්සී ජාතක යැ, (මෙත් වැඩූ) අරක ජාතක යැ. (උන්නමනය ඇති) කකණ්ටක ජාතකය යන දසය වෙත්.