4. ගිජ්ඣජාතකවණ්ණනා 164 අට්ඨකථා
4. ගිජ්ඣජාතකවණ්ණනා (164)
4. ගිජ්ඣ ජාතකය (164)
යං නු ගිජ්ඣො යොජනසතන්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං මාතුපොසකභික්ඛුං ආරබ්භ කථෙසි. වත්ථු සාමජාතකෙ (ජා· 2.22.296 ආදයො) ආවිභවිස්සති. සත්ථා පන තං භික්ඛුං “සච්චං කිර ත්වං, භික්ඛු, ගිහී පොසෙසී”ති පුච්ඡිත්වා “සච්ච”න්ති වුත්තෙ “කිං පන තෙ හොන්තී”ති පුච්ඡිත්වා “මාතාපිතරො මෙ, භන්තෙ”ති වුත්තෙ “සාධු සාධූ”ති තස්ස සාධුකාරං දත්වා “මා, භික්ඛවෙ, ඉමං භික්ඛුං උජ්ඣායිත්ථ, පොරාණකපණ්ඩිතාපි ගුණවසෙන අඤ්ඤාතකානම්පි උපකාරං අකංසු, ඉමස්ස පන මාතාපිතූනං උපකාරකරණං භාරොයෙවා”ති වත්වා අතීතං ආහරි.
යන්නු ගිජ්ඣො යොජනසතං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් මවට උපස්ථාන කරන එක් භික්ෂුවක මුල් කරගෙන දේශනා කළ සේක. මේ පුවත සාම ජාතකයෙහි මතු සඳහන් වන්නේය. බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුව අමතා ඇත්තද මහණ? ඔබ ගිහියන් පෝෂණය කරන්නෙහිදැයි විමසා එසේය ස්වාමීනියි කී කල්හි ඒ කවුරුන්දැයි විමසා, ස්වාමීනි! මගේ මව්පියන් යයි කී කල්හි යහපත යහපතැයි සාධුකාර දී, මහණෙනි! ඒ භික්ෂුවට දොස් නොකියව්. පෙර නුවණ ඇති අය ගුණ වශයෙන් සලකා, ඤාතීන් නොවන අයට පවා උපකාර කළාහුය. මව්පියන්ට උපකාර කිරීම මොහුට භාර දෙයකැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො ගිජ්ඣකූටපබ්බතෙ ගිජ්ඣයොනියං නිබ්බත්තිත්වා මාතාපිතරො පොසෙති. අථෙකස්මිං කාලෙ මහතී වාතවුට්ඨි අහොසි. ගිජ්ඣා වාතවුට්ඨිං සහිතුං අසක්කොන්තා සීතභයෙන බාරාණසිං ගන්ත්වා පාකාරසමීපෙ ච පරිඛාසමීපෙ ච සීතෙන කම්පමානා නිසීදිංසු. තදා බාරාණසිසෙට්ඨි නගරා නික්ඛමිත්වා න්හායිතුං ගච්ඡන්තො තෙ ගිජ්ඣෙ කිලමන්තෙ දිස්වා එකස්මිං අනොවස්සකට්ඨානෙ සන්නිපාතෙත්වා අග්ගිං කාරාපෙත්වා ගොසුසානං පෙසෙත්වා ගොමංසං ආහරාපෙත්වා තෙසං දාපෙත්වා ආරක්ඛං ඨපෙසි. ගිජ්ඣා වූපසන්තාය වාතවුට්ඨියා කල්ලසරීරා හුත්වා පබ්බතමෙව අගමංසු. තෙ තත්ථෙව සන්නිපතිත්වා එවං මන්තයිංසු – “බාරාණසිසෙට්ඨිනා අම්හාකං උපකාරො කතො, කතූපකාරස්ස ච නාම පච්චුපකාරං කාතුං වට්ටති, තස්මා ඉතො පට්ඨාය තුම්හෙසු යො යං වත්ථං වා ආභරණං වා ලභති, තෙන තං බාරාණසිසෙට්ඨිස්ස ගෙහෙ ආකාසඞ්ගණෙ පාතෙතබ්බ”න්ති.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ ගිජුලිහිණියන් වෙසෙන පර්වතයෙහි ගිජුලිහිණි යෝනියෙහි ඉපද මව්පියන් පෝෂණය කරති. ඉක්බිති එක් කාලයකදී මහත් සුළං කුණාටුවක් ඇති විය. ගිජුලිහිණියෝ සුළං කුණාටුව විඳ දරා ගන්නට නොහැකි වූවාහු සීතලට බියෙන් බරණැස ගොස් පවුරු අසලද දියඅගල් අසලද සීතලෙන් ගැහි ගැහී සිටියෝය. බරණැස් සිටුතුමා නගරයෙන් නික්මී ජලස්නානය යන්නේ ඒ ගිජුලිහිණියන් වෙහෙස වී සිටිනු දැක එක්තරා නොතෙමෙන තැනකට පමුණුවා ගිනි දල්වා මැරුණු ගවයන් දමන සොහොනට යවා ගව මස් ගෙන්වා උන්ට දී ආරක්ෂාව සැලසුවේය. ගිජුලිහිණියෝ සුළං කුණාටුව සංසිඳුනුවිට නිරෝගී සිරුර ඇතිව පර්වතයටම ගියහ. ඔවුහු එහිම රැස්වී මෙසේ සාකච්ඡා කළහ. බරණැස් සිටුතුමා විසින් අපට බොහෝ උපකාර කරන ලදි. උදව් කළ තැනැත්තාට ප්‍රති උපකාරයක් කිරීම වටියි. ඒ නිසා මෙතැන් පටන් නුඹලා අතරින් යමෙක් යම්කිසි වස්ත්‍රයක් හෝ ආභරණයක් හෝ ලබයිද? ඔහු විසින් එය බරණැස් සිටුතුමාගේ මාළිගයේ ඉහළ මිදුලෙහි (ආකාශ අංගනයෙහි) දැමිය යුතුයි.
තතො පට්ඨාය ගිජ්ඣා මනුස්සානං වත්ථාභරණානි ආතපෙ සුක්ඛාපෙන්තානං පමාදං ඔලොකෙත්වා සෙනා විය මංසපෙසිං සහසා ගහෙත්වා බාරාණසිසෙට්ඨිස්ස ගෙහෙ ආකාසඞ්ගණෙ පාතෙන්ති. සො ගිජ්ඣානං ආහරණභාවං ඤත්වා සබ්බානි තානි විසුංයෙව ඨපෙසි. “ගිජ්ඣා නගරං විලුම්පන්තී”ති රඤ්ඤො ආරොචෙසුං. රාජා “එකං ගිජ්ඣම්පි තාව ගණ්හථ, සබ්බං ආහරාපෙස්සාමී”ති තත්ථ තත්ථ පාසෙ චෙව ජාලානි ච ඔඩ්ඩාපෙසි. මාතුපොසකගිජ්ඣො පාසෙ බජ්ඣි, තං ගහෙත්වා “රඤ්ඤො දස්සෙස්සාමා”ති නෙන්ති. බාරාණසිසෙට්ඨි රාජුපට්ඨානං ගච්ඡන්තො තෙ මනුස්සෙ ගිජ්ඣං ගහෙත්වා ගච්ඡන්තෙ දිස්වා “මා ඉමං ගිජ්ඣං බාධයිංසූ”ති සද්ධිඤ්ඤෙව අගමාසි. ගිජ්ඣං රඤ්ඤො දස්සෙසුං. අථ නං රාජා පුච්ඡි – “තුම්හෙ නගරං විලුම්පිත්වා වත්ථාදීනි ගණ්හථා”ති. “ආම, මහාරාජා”ති. “කස්ස තානි දින්නානී”ති? “බාරාණසිසෙට්ඨිස්සා”ති. “කිංකාරණා”ති? “අම්හාකං තෙන ජීවිතං ද්වින්නං, උපකාරස්ස නාම පච්චුපකාරං කාතුං වට්ටති, තස්මා අදම්හා”ති. අථ නං රාජා “ගිජ්ඣා කිර යොජනසතමත්ථකෙ ඨත්වා කුණපං පස්සන්ති, කස්මා ත්වං අත්තනො ඔඩ්ඩිතං පාසං න පස්සසී”ති වත්වා පඨමං ගාථමාහ –
මෙතැන් පටන් ගිජුලිහිණියෝ අව්වෙහි වේලෙන මිනිසුන්ගේ වස්ත්රාභරණ ප්‍රමාදයක් බලා මස්වැදලි වහා ඩැහැගෙන යන්නා සේ වහා රැගෙන ගොස් බරණැස් සිටුතුමාගේ අහස් මිදුලේ හෙළත්. සිටුතුමා ගිජුලිහිණියන් ගෙන දමන ආභරණ බව දැන ඒ සියල්ලම වෙන වෙනම තැබුවේය. “ගිජු ලිහිණියෝ නගරය මංපහරන්නෝය” යි රජුට කීවාහුය. රජතුමා පළමුකොට එක් ගිජු ලිහිණියෙකු අල්ලා ගනිව්. සියල්ල ගෙන්වා ගන්නෙමියි සිතා ඒ ඒ තැන මළපුඩු ද උල්ද ඇටවීය. මව්පියන්ට උපස්ථාන කරන ගිජුලිහිණියා මළපුඩුවෙහි බැඳුනේය. ඌ රැගෙන රජුට පෙන්වන්නෙමුයි ගෙන යති. බරණැස් සිටුතුමා රජුට උපස්ථානයට යන්නේ ඒ මිනිසුන් ගිජුලිහිණියා රැගෙන යනු දැක මේ ගිජුලිහිණියාට බාධා නොකරත්වායි සිතා ඔවුන් සමග ගියේය. ගිජුලිහිණියා රජුට දැක්වූහ. එවිට රජතුමා ගිජු ලිහිණියාගෙන් නුඹ නගරයේ මංපැහැරීම් කරමින් වස්ත්‍රාදිය පැහැර ගන්නෙහිදැ?යි විමසීය. එසේය මහරජ! ඒවා කවරෙකුට දෙන ලදද? බරණැස් සිටුතුමාටයි. ඒ කුමක් නිසාද? මොහු විසින් අපගේ ජීවිතය බේරා දෙන ලදි. උදව් කළ අයෙකුට ප්‍රතිඋපකාර කිරීම වටියි. ඒ නිසා දුන්නෙමි. ඉක්බිති රජතුමා ගිජුලිහිණියෝ වනාහි යොදුන් සියයක් ඈතක සිටත් ගොදුරු දකිත්. කුමක් නිසා නුඹ තමන්ට අටවන ලද උගුල (පුඩුව) නොදැක්කෙහිදැයි කියා
“යං නු ගිජ්ඣො යොජනසතං, කුණපානි අවෙක්ඛති; කස්මා ජාලඤ්ච පාසඤ්ච, ආසජ්ජාපි න බුජ්ඣසී”ති.
යන්නූ ගිජ්ඣො යොජනසතං කුණපානි අවෙක්ඛති, තස්මා ජාලඤ්ච පාසඤ්ච ආසජ්ජාපි නබුජ්ඣසි.
යන පළමු ගාථාව කීවේය.
ගිජු ලිහිණියා යොදුන් සියයක් ඉක්මවා සිටියා වූද කුණපයන් දකී. එහෙත් මරු දැළටත් මළපුඩුවටත් පැමිණ ද කුමක් හෙයින් එය නොදුටුවෙහිද?
තත්ථ යන්ති නිපාතමත්තං, නූති නාමත්ථෙ නිපාතො. ගිජ්ඣො නාම යොජනසතං අතික්කමිත්වා ඨිතානි කුණපානි අවෙක්ඛති, පස්සතීති අත්ථො. ආසජ්ජාපීති ආසාදෙත්වාපි, සම්පාපුණිත්වාපීති අත්ථො. “ත්වං අත්තනො අත්ථාය ඔඩ්ඩිතං ජාලඤ්ච පාසඤ්ච පත්වාපි කස්මා න බුජ්ඣසී”ති පුච්ඡි.
එහි, යං යනු නිපාත මාත්‍රයකි. නූ යනු නාමාර්ථයේ නිපාතයකි. ගිජ්ඣො යොජනසතං ගිජුලිහිණියා යොදුන් සියයක් ඉක්මවා සිටියේ. කුණපානි අවෙක්ඛති කුණප දකින්නේය යන අර්ථයි. ආසජ්ජාපි යනු ඉතා ළංව, පැමිණ, යන අර්ථයි. නුඹ තමන් සඳහා අටවන ලද දැලද, පුඩුවටද පැමිණ කුමක් නිසා නබුජ්ඣසි යනු අවබෝධ කර නොගන්නෙහි දැයි විචාළේය.
ගිජ්ඣො තස්ස වචනං සුත්වා දුතියං ගාථමාහ –
ගිජුලිහිණියා රජතුමාගේ කීම අසා,
“යදා පරාභවො හොති, පොසො ජීවිතසඞ්ඛයෙ; අථ ජාලඤ්ච පාසඤ්ච, ආසජ්ජාපි න බුජ්ඣතී”ති.
යදා පරාභවො හොති පොසො ජීවිත සංඛයෙ, අථ ජාලඤ්ච පාසඤ්ච ආසජ්ජාපි න බුජ්ඣති.
යන දෙවන ගාථාව කීවේය.
ජීවිතාවසානය පැමිණි යම් කලෙක්හි විනාශය වන්නෝද එකල්හි සත්ව තෙමේ මරු දැලටද මලපුඩුවටද පැමිණෙත් (ජීවිත විනාශ කාරණය) නොදනී.
තත්ථ පරාභවොති විනාසො. පොසොති සත්තො.
එහි, පරා භවො යනු විනාසය, පොසො යනු සත්ත්වයා,
ගිජ්ඣස්ස වචනං සුත්වා රාජා සෙට්ඨිං පුච්ඡි – “සච්චං කිර, මහාසෙට්ඨි, ගිජ්ඣෙහි තුම්හාකං ගෙහෙ වත්ථාදීනි ආභතානී”ති. “සච්චං, දෙවා”ති. “කහං තානී”ති? “දෙව, මයා තානි සබ්බානි විසුං ඨපිතානි, යං යෙසං සන්තකං, තං තෙසං දස්සාමි, ඉමං ගිජ්ඣං විස්සජ්ජෙථා”ති ගිජ්ඣං විස්සජ්ජාපෙත්වා මහාසෙට්ඨිං සබ්බෙසං සන්තකානි දාපෙසි.
ගිජුලිහිණියාගේ කථාව අසා රජතුමා සිටාණන්ගේ ඇත්තද මහ සිටුතුමනි? ගිජුලිහිණියන් විසින් තොපගේ ගෙට වස්ත්‍රාදිය ගෙනෙන ලදදැයි විමසීය. ඇත්තයි දේවයන් වහන්ස! ඒවා කොහිද? දේවයන් වහන්ස! මා විසින් සියල්ල වෙන වෙනම තබා ඇත. යමක් යමෙකුට අයිතිනම් එය ඔහුට දෙමි. මේ ගිජුලිහිණියා මුදාහරිනු මැනවයි ගිජුලිහිණියා මුදාහැර යවා මහ සිටුතුමා හැමෝටම අයිති පරිදි දෙවාපීය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ මාතුපොසකභික්ඛු සොතාපත්තිඵලෙ පතිට්ඨහි. “තදා රාජා ආනන්දො අහොසි, බාරාණසිසෙට්ඨි සාරිපුත්තො, මාතුපොසකගිජ්ඣො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කොට ජාතක කථාව නිමවා වදාළ සේක. සත්‍ය දේශනාවගේ කෙළවර මවට උපස්ථාන කළ භික්ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. එකල රජතුමා ආනන්දය. බරණැස් සිටුතුමා සැරියුත්ය. මව් පෝෂණය කළ ගිජුලිහිණියා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
ගිජ්ඣජාතකවණ්ණනා චතුත්ථා.