යෙදුමෙන් කියවන්න

5. නකුලජාතකවණ‍්ණනා 165 අට‍්ඨකථා

5. නකුලජාතකවණ‍්ණනා (165)

5. නකුල ජාතකය (165)

සද‍්ධිං කත්‍වා අමිත‍්තෙනාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො සෙණිභණ‍්ඩනං ආරබ‍්භ කථෙසි. වත්‍ථු හෙට‍්ඨා උරගජාතකෙ (ජා· 1.2.7-8) කථිතසදිසමෙව. ඉධාපි සත්‍ථා “න, භික‍්ඛවෙ, ඉමෙ ද‍්වෙ මහාමත‍්තා ඉදානෙව මයා සමග‍්ගා කතා, පුබ‍්බෙපාහං ඉමෙ සමග‍්ගෙ අකාසිංයෙවා”ති වත්‍වා අතීතං ආහරි.

සන්‍ධිං කත්‍වා අධිත්තෙන යනු මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් හමුදාවේ නියුක්ත වූවන්ගේ දබරයක් අරබයා වදාළ සේක. කථා වස්තුව උරග ජාතකයෙහි මුලදී කියන ලද ක්‍රමයටමය. එහිදී බුදුරජාණන් වහන්සේ මහණෙනි! මේ මහ ඇමතියන් දෙදෙනා මා විසින් සමගි කරන ලද්දේ දැන් පමණක් නොව පෙරත් මම මේ දෙදෙනා සමගි කළෙමියි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො එකස‍්මිං ගාමකෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො තක‍්කසිලායං සබ‍්බසිප‍්පානි උග‍්ගහෙත්‍වා ඝරාවාසං පහාය ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙත්‍වා උඤ‍්ඡාචරියාය වනමූලඵලාහාරො හිමවන‍්තපදෙසෙ වාසං කප‍්පෙසි. තස‍්ස චඞ‍්කමනකොටියං එකස‍්මිං වම‍්මිකෙ නකුලො, තස‍්සෙව සන‍්තිකෙ එකස‍්මිං රුක‍්ඛබිලෙ සප‍්පො ච වාසං කප‍්පෙසි. තෙ උභොපි අහිනකුලා නිච‍්චකාලං කලහං කරොන‍්ති. බොධිසත‍්තො තෙසං කලහෙ ආදීනවඤ‍්ච මෙත‍්තාභාවනාය ච ආනිසංසං කථෙත්‍වා “කලහං නාම අකත්‍වා සමග‍්ගවාසං වසිතුං වට‍්ටතී”ති ඔවදිත්‍වා උභොපි තෙ සමග‍්ගෙ අකාසි. අථ සප‍්පස‍්ස බහිනික‍්ඛන‍්තකාලෙ නකුලො චඞ‍්කමනකොටියං වම‍්මිකස‍්ස බිලද‍්වාරෙ සීසං නීහරිත්‍වා මුඛං විවරිත්‍වා නිපන‍්නො අස‍්සසන‍්තො පස‍්සසන‍්තො නිද‍්දං උපගඤ‍්ඡි. බොධිසත‍්තො තං තථා නිද‍්දායමානං දිස‍්වා “කිං නු ඛො තෙ නිස‍්සාය භයං උප‍්පන‍්න”න‍්ති පුච‍්ඡන‍්තො පඨමං ගාථමාහ –

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කල්හි බෝසතාණන් වහන්සේ එක් ගමක බමුණු කුලයෙහි ඉපදී වැඩිවියට පත්වූවාහු තක්සලා නුවරින් සියලු ශිල්ප ඉගෙන ගෙන ගිහිගෙය අත්හැර තාපස පැවිද්දෙන් පැවිදිව පඤ්ච අභිඥා හා සමාපත්ති අට උපදවාගෙන පිඬුසිඟා හැසිරීමෙන් වන, මුල්, ගෙඩි ජාතිය ආහාරයට ගනිමින් හිමවත් පෙදෙසෙහි වාසය කළ සේක. ඔහුගේ සක්මන් කෙළවර එක් තුඹසක (හුඹහක) මුගටියෙක්ද ඒ අසලම එක් ගස් බෙනයක සර්පයෙක්ද වාසය කෙළේය. ඒ සර්ප මුගටි දෙදෙනා නිතරම කෝලාහල කරත්. බෝසතාණන් වහන්සේ ඔවුන්ට කෝලාහල කිරීමේ ආදීනව හා මෙත් වැඩීමේ ආනිසංසද කියා කලහ නොකොට සමගිව විසීමට වටීයයි අවවාද දී ඔවුන් දෙදෙනා සමගි කළහ. ඉක්බිති සර්පයා බැහැර යන අවස්ථාවක මුගටියා සක්මන් කෙළවර හුඹස් බිලයෙහි දොරකඩ හිස තබා කර අරගෙන හුන්නේ ආශ්වාස ප්‍රශ්වාස කරමින් නින්දට ගියේය. බෝසතාණන් වහන්සේ ඌ එසේ නිදන අයුරු දැක කුමක් නිසා තට භයක් උපන්නාදැයි විමසමින්,

“සන්‍ධිං කත්‍වා අමිත‍්තෙන, අණ‍්ඩජෙන ජලාබුජ; විවරිය දාඨං සෙසි, කුතො තෙ භයමාගත”න‍්ති.

සන්‍ධිං කත්‍වා අමිත්තෙන අණ්ඩජෙන ජලාබුජ!, විවරියං දාඨං සයසි කුතො තං භයමාගතං

යන පළමු ගාථාව කීහ.

ජලාබුජය (මුගටිය) සතුරු වු අණ්ඩජයා (සර්පයා) සමග මිතුරුකම් කොට දළ විවෘත කරගෙන හෝනෙහිය. තට බිය කොයින් ආයේද?

තත්‍ථ සන්‍ධිං කත්‍වාති මිත‍්තභාවං කරිත්‍වා. අණ‍්ඩජෙනාති අණ‍්ඩකොසෙ නිබ‍්බත‍්තෙන නාගෙන. ජලාබුජාති නකුලං ආලපති. සො හි ජලාබුම‍්හි ජාතත‍්තා “ජලාබුජො”ති වුච‍්චති. විවරියාති විවරිත්‍වා.

එහි, සන්‍ධිං කත්‍වා යනු මිතුරුකම් කොට, අණ්ඩජෙනා යනු බිත්තරයෙන් උපන්නා වූ නයා විසින් ජලාබුජ යනු මුගටියාට අමතයි. ඌ වනාහි වැදෑ මහෙහි උපන් බැවින් ජලාභුජ යයි කියනු ලැබේ. විචරියා හනු හැසිර.

එවං බොධිසත‍්තෙන වුත‍්තො නකුලො “අය්‍ය, පච‍්චාමිත‍්තො නාම න අවජානිතබ‍්බො ආසඞ‍්කිතබ‍්බොයෙවා”ති වත්‍වා දුතියං ගාථමාහ –

මෙසේ බෝසතාණන් වහන්සේ විසින් කී කල්හි, ආර්යයනි! (කිසිවකු විසින්) සතුරා හෙළා නොදැකිය යුතුය. සැක කටයුත්තේම යයි කියා

“සඞ‍්කෙථෙව අමිත‍්තස‍්මිං, මිත‍්තස‍්මිම‍්පි න විස‍්සසෙ; අභයා භයමුප‍්පන‍්නං, අපි මූලානි කන‍්තතී”ති.

සංඛෙථෙව අමිත්තස්මිං මිත්තස්මිම්පි න විස්සසෙ, අභයා භය මුප්පන්නං අපි මූලං නිකන්තති.

යන ගාථාව කීවේය.

සතුරා කෙරෙහි ද සැක කරන්නේ ම ය. මිතුරා කෙරෙහිදු විශ්වාස නො කරන්නේය. මිත්‍ර වූ අභයස්ථානයෙන් උපන් බිය මුල්ද කපා විනාශ කරන්නේය.

තත්‍ථ අභයා භයමුප‍්පන‍්නන‍්ති න ඉතො තෙ භයමුප‍්පන‍්නන‍්ති අභයො, කො සො? මිත‍්තො. යඤ‍්හි මිත‍්තස‍්මිම‍්පි විස‍්සාසෙ සති තතො භයං උප‍්පජ‍්ජති, තං මූලානිපි කන‍්තති, මිත‍්තස‍්ස සබ‍්බරන්‍ධානං විදිතත‍්තා මූලඝච‍්චාය සංවත‍්තතීති අත්‍ථො.

එහි, අභයා භය මුප්පන්නං යනු මෙයින් තට බිය නූපන්නේ යයි අභය වේ. ඒ කවරෙක්ද? මිතුරාය. යමෙකුට මිත්‍රයා කෙරෙහිද විශ්වාසය ඇතිකල්හි එයින් භයක් උපදියි. ඒ මුල්ද කපා විනාශ කරන්නේය. මිත්‍රයාගේ සියලු සිදුරු (දොස්) දැන ගත් බැවින් සමූල ඝාතනය පිණිස පවතීය යන අර්ථයි.

අථ නං බොධිසත‍්තො “මා භායි, යථා සප‍්පො තයි න දුබ‍්භති, එවමහං කරිස‍්සාමි, ත්‍වං ඉතො පට‍්ඨාය තස‍්මිං ආසඞ‍්කං මා කරී”ති ඔවදිත්‍වා චත‍්තාරො බ්‍රහ‍්මවිහාරෙ භාවෙත්‍වා බ්‍රහ‍්මලොකපරායණො අහොසි. තෙපි යථාකම‍්මං ගතා.

ඉක්බිති ඔහුට බෝසතාණන් වහන්සේ බිය නොවන්න. යම්සේ සර්පයා තා කෙරෙහි ද්වේෂ නොකරයිද මම එසේ කළෙමි. නුඹ මෙතැන් පටන් ඌ කෙරෙහි සැක නොකරවයි අවවාද දී සිව් බඹ විහරණ වඩා බඹලොව උපන්නේය. ඔවුහු ද කම් වූ පරිද්දෙන් මිය පරළොව ගියහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා සප‍්පො ච නකුලො ච ඉමෙ ද‍්වෙ මහාමත‍්තා අහෙසුං, තාපසො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල්හි සර්පයාද මුගටියාද මේ ඇමතිවරු දෙදෙනා වූහ. තාපසයා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.

නකුලජාතකවණ‍්ණනා පඤ‍්චමා.