යෙදුමෙන් කියවන්න

6. උපසාළකජාතකවණ‍්ණනා 166 අට‍්ඨකථා

6. උපසාළකජාතකවණ‍්ණනා (166)

6. උපසාළ්හක ජාතකය (166)

උපසාළකනාමානීති ඉදං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො එකං උපසාළකං නාම සුසානසුද‍්ධිකං බ්‍රාහ‍්මණං ආරබ‍්භ කථෙසි. සො කිර අඩ‍්ඪො අහොසි මහද‍්ධනො, දිට‍්ඨිගතිකත‍්තා පන ධුරවිහාරෙ වසන‍්තානම‍්පි බුද‍්ධානං සඞ‍්ගහං නාම න අකාසි. පුත‍්තො පනස‍්ස පණ‍්ඩිතො අහොසි ඤාණසම‍්පන‍්නො. සො මහල‍්ලකකාලෙ පුත‍්තං ආහ – “මා ඛො මං, තාත, අඤ‍්ඤස‍්ස වසලස‍්ස ඣාපිතසුසානෙ ඣාපෙහි, එකස‍්මිං පන අනුච‍්ඡිට‍්ඨසුසානෙයෙව මං ඣාපෙය්‍යාසී”ති. “තාත, අහං තුම‍්හාකං ඣාපෙතබ‍්බයුත‍්තකං ඨානං න ජානාමි, සාධු වත මං ආදාය ගන‍්ත්‍වා ‘ඉමස‍්මිං ඨානෙ මං ඣාපෙය්‍යාසී’ති තුම‍්හෙව ආචික‍්ඛථා”ති. බ්‍රාහ‍්මණො “සාධු, තාතා”ති තං ආදාය නගරා නික‍්ඛමිත්‍වා ගිජ‍්ඣකූටමත්‍ථකං අභිරුහිත්‍වා “තාත, ඉදං අඤ‍්ඤස‍්ස වසලස‍්ස අඣාපිතට‍්ඨානං, එත්‍ථ මං ඣාපෙය්‍යාසී”ති වත්‍වා පුත‍්තෙන සද‍්ධිං පබ‍්බතා ඔතරිතුං ආරභි.

උප සාළ්හක නාමානං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් උපසාළ්හක නම් එක්තරා සොහොන් පිරිසිදු කරන බමුණෙකු අරබයා වදාළ සේක. ඔහු වනාහි ආඪ්‍ය වූ මහ ධනවත් පුද්ගලයෙක් විය. මිසදිටු බැවින් සමීප විහාරස්ථානයෙහි වැඩවසන්නා වූ බුදුරජාණන් වහන්සේට පුද පූජා නො කෙළේය. ඔහුගේ පුතා වනාහි නුවණ ඇත්තෙක් විය. ඤාණවන්තය. ඒ පියා මහලු කල්හි දරුව! වෙනත් වසන (නීච) අයකු දවන ලද සොහොනේ මා නොදවන්න. එක්තරා නො ඉඳුල් සොහොන් බිමකම මා ආදාහනය කරන්නැයි පුතාට කීවේය. පියාණෙනි! මම ඔබවහන්සේ දැවිය යුතු ස්ථානයක් නො දනිමි. එම නිසා මාව රැගෙන ගොස් මෙන්න මේ ස්ථානයේ මාව දැවිය යුතුයයි නුඹවහන්සේ විසින්ම කියනු මැනවි. බමුණා දරුව, යහපතැයි කියා ඔහු කැඳවා ගෙන නුවරින් නික්මී ගිජුකුළු පව් මතට නැග දරුව, මේ ස්ථානය වෙනත් වසලයකු නොදැවූ ස්ථානයකි. මෙහි මා දැවිය යුතුයි කියා පුතා සමග පර්වතයෙන් බැසීමට පටන් ගත්තේය.

සත්‍ථා පන තං දිවසං පච‍්චූසකාලෙ බොධනෙය්‍යබන්‍ධවෙ ඔලොකෙන‍්තො තෙසං පිතාපුත‍්තානං සොතාපත‍්තිමග‍්ගස‍්ස උපනිස‍්සයං අද‍්දස. තස‍්මා මග‍්ගං ගහෙත්‍වා ඨිතලුද‍්දකො විය පබ‍්බතපාදං ගන‍්ත්‍වා තෙසං පබ‍්බතමත්‍ථකා ඔතරන‍්තානං ආගමයමානො නිසීදි, තෙ ඔතරන‍්තා සත්‍ථාරං අද‍්දසංසු. සත්‍ථා පටිසන්‍ථාරං කරොන‍්තො “කහං ගමිස‍්සථ බ්‍රාහ‍්මණා”ති පුච‍්ඡි. මාණවො තමත්‍ථං ආරොචෙසි. සත්‍ථා “තෙන හි එහි, තව පිතරා ආචික‍්ඛිතට‍්ඨානං ගච‍්ඡාමා”ති උභො පිතාපුත‍්තෙ ගහෙත්‍වා පබ‍්බතමත්‍ථකං ආරුය‍්හ “කතරං ඨාන”න‍්ති පුච‍්ඡි. මාණවො “ඉමෙසං තිණ‍්ණං පබ‍්බතානං අන‍්තරං ආචික‍්ඛි, භන‍්තෙ”ති ආහ. සත්‍ථා “න ඛො, මාණව, තව පිතා ඉදානෙව සුසානසුද‍්ධිකො, පුබ‍්බෙපි සුසානසුද‍්ධිකොව, න චෙස ඉදානෙව ‘ඉමස‍්මිං ඨානෙ මං ඣාපෙය්‍යාසී’ති තව ආචික‍්ඛති, පුබ‍්බෙපි ඉමස‍්මිංයෙව ඨානෙ අත‍්තනො ඣාපිතභාවං ආචික‍්ඛී”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

බුදුරජාණන් වහන්සේ එදවස අළුයම් කාලයෙහි ධර්මය අවබෝධයට සුදුසු අය මහා කරුණා සමාපත්තියට සමවැදී බලන්නාහු ඒ පිය පුත් දෙදෙනාට සෝවාන් වීමට හේතු සම්පත් ඇති බව දුටු සේක. එම නිසා මග සෝදිසියෙන් සිටි වැද්දෙකු මෙන් පර්වතය පාමුලට ගොස් පර්වත මුදුනේ සිට බසින්නා වූ පිය පුතුන් දෙදෙනාගේ පැමිණීම අපේක්‍ෂාවෙන් වැඩසිටි සේක. බසින්නා වූ ඔවුහු බුදුරජුන් දුටුවාහුය. බුදුරජාණන් වහන්සේ පිළිසඳර කරමින් බමුණ! කොහි ගියාහුදැයි විචාළ සේක. එවිට මානවකයා ඒ කාරණය සැල කළේය. බුදුරජාණන් වහන්සේ එසේ නම් එන්න. ඔබේ පියා කියන ලද තැනට යමුයි පිය පුතු දෙදෙනා රැගෙන පර්වතය මුදුනට නැග කුමන ස්ථානයදැයි විචාළ සේක. මානවකයා ස්වාමීනි, මේ පර්වත තුන අතර කියන ලදැයි කීවේය. බුදුරජාණන් වහන්සේ මානවකය! ඔබේ පියා දැන් පමණක් නොව පෙරත් සුසාන සුද්ධිකයෙක්මය. මොහු මා මෙතන දවන්නැයි ඔබට කීවේ දැන් පමණක් නොවේ. පෙරත් මේ ස්ථානයෙහිම තබා දවන බව කීවේයයි වදාරා ඔහු විසින් ඉල්ලන ලද්දේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ ඉමස‍්මිඤ‍්ඤෙව රාජගහෙ අයමෙව උපසාළකො බ්‍රාහ‍්මණො අයමෙවස‍්ස පුත‍්තො අහොසි. තදා බොධිසත‍්තො මගධරට‍්ඨෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා පරිපුණ‍්ණසිප‍්පො ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙත්‍වා ඣානකීළං කීළන‍්තො හිමවන‍්තපදෙසෙ චිරං වසිත්‍වා ලොණම‍්බිලසෙවනත්‍ථාය ගිජ‍්ඣකූටෙ පණ‍්ණසාලායං විහාසි. තදා සො බ්‍රාහ‍්මණො ඉමිනාව නියාමෙන පුත‍්තං වත්‍වා පුත‍්තෙන “තුම‍්හෙයෙව මෙ තථාරූපං ඨානං ආචික‍්ඛථා”ති වුත‍්තෙ “ඉදමෙව ඨාන”න‍්ති ආචික‍්ඛිත්‍වා පුත‍්තෙන සද‍්ධිං ඔතරන‍්තො බොධිසත‍්තං දිස‍්වා තස‍්ස සන‍්තිකං උපසඞ‍්කමි. බොධිසත‍්තො ඉමිනාව නියාමෙන පුච‍්ඡිත්‍වා මාණවස‍්ස වචනං සුත්‍වා “එහි, තව පිතරා ආචික‍්ඛිතට‍්ඨානස‍්ස උච‍්ඡිට‍්ඨභාවං වා අනුච‍්ඡිට‍්ඨභාවං වා ජානිස‍්සාමා”ති තෙහි සද‍්ධිං පබ‍්බතමත්‍ථකං ආරුය‍්හ “ඉදං තිණ‍්ණං පබ‍්බතානං අන‍්තරං අනුච‍්ඡිට‍්ඨට‍්ඨාන”න‍්ති මාණවෙන වුත‍්තෙ “මාණව, ඉමස‍්මිංයෙව ඨානෙ ඣාපිතකානං පමාණං නත්‍ථි, තවෙව පිතා ඉමස‍්මිංයෙව රාජගහෙ බ්‍රාහ‍්මණකුලෙයෙව නිබ‍්බත‍්තිත්‍වා උපසාළකොයෙව නාම හුත්‍වා ඉමස‍්මිංයෙව පබ‍්බතන‍්තරෙ චුද‍්දස ජාතිසහස‍්සානි ඣාපිතො. පථවියඤ‍්හි අඣාපිතට‍්ඨානං වා අසුසානට‍්ඨානං වා සීසානං අනිවෙසිතට‍්ඨානං වා ලද‍්ධුං න සක‍්කා”ති පුබ‍්බෙනිවාසඤාණෙන පරිච‍්ඡින්‍දිත්‍වා ඉමං ගාථාද‍්වයමාහ –

අතීතයෙහි මේ රජගහ නුවරම මේ උපසාළ්හක බමුණාම මොහුගේම පුතා වී උපන්නේය. එකල බෝසතාණන් වහන්සේ මගධ රට බමුණු කුලයක ඉපදී පිරිපුන් ශිල්ප ඇත්තෝ තවුස් පැවිද්දෙන් පැවිදිව පඤ්ච අභිඥාවන් ද අට්ඨ සමාපත්තීන් ද උපදවා ධ්‍යාන භාවනා කරමින් හිමවත් පෙදෙසෙහි කලක් වාසයකොට ලුනු ඇඹුල් සෙවීම පිණිස ගිජුකුළු පව්වේ පන්සලක වාසය කළහ. එකල ඒ බමුණා මේ ක්‍රමයටම පුතාට කියා පුතා විසින් තොපම මට එවැනි තැනක් කියවයි කී කල්හි මේ ස්ථානයම කියා පුතා සමග පර්වතයෙන් බසින්නේ බෝසතාණන් වහන්සේ දැක ඔහු සමීපයට එළඹියේය. බෝසතාණන් වහන්සේ මේ ක්‍රමයටම විමසා මානවකයාගේ කීම අසා ඔබේ පියා විසින් කියන ලද ස්ථානයට එව. ඉඳුල් බව හෝ නොඉඳුල් බව දැන ගන්නෙමුයි ඔවුන් සමග පර්වතය මතුවට නැග මේ පර්වත තුන අතරේ මිනී නොදැමූ තැන යයි මානවකයා කී කල්හි, මානවකය! මේ ස්ථානයෙහිම දමන ලද බමුණන්ගේ ප්‍රමාණයක් නැත. ඔබේ පියාම මේ රජගහ නුවරම බමුණු කුලයෙහිම ඉපිද උපසාළ්හක නමින්ම මේ පර්වත අතරෙහිම ආත්ම දහ හතර දහසක්ම ආදාහනය කරන ලදි. මහ පොළොවෙහි ආදාහනය නොකළ තැනක් හෝ සොහොන් බිමක් නොවූ තැන්හි හෝ මිනී හිස් නොතිබූ තැනක් හෝ සොයා ගැනීමට නොහැකි යයි පෙර විසූ කඳ පිළිවෙල දන්නා නුවණින් පිරිසිඳ දක්වා

“උපසාළකනාමානි , සහස‍්සානි චතුද‍්දස; අස‍්මිං පදෙසෙ දඩ‍්ඪානි, නත්‍ථි ලොකෙ අනාමතං.

උපසාළ්හක නාමානං සහස්සා නි චතුද්දස, අස්මිං පදෙසෙ දඩ්ඪානි නත්‍ථි ලොකෙ අනාමතං.

“යම‍්හි සච‍්චඤ‍්ච ධම‍්මො ච, අහිංසා සංයමො දමො; එතං අරියා සෙවන‍්ති, එතං ලොකෙ අනාමත”න‍්ති.

යම්හි සච්චඤ්ච ධම්මො ච අහිංසා සඤ්ඤමො දමො, එතදරියා සෙවන්ති එතං ලොකෙ අනාමතං

යන මේ ගාථා දෙක කීවේය.

උපසාළ්හක නමින් ම දාහතර දහසක් ආත්මවලදී මේ ප්‍රදේශයේදීම දවන ලදි. ලොව නොමැරුණු තැනක් නැත.යම් පුද්ගලයෙකු තුළ සත්‍යයද දහමද අවිහිංසාවද, සන්සුන්කමද, ඉන්‍ද්‍රිය දමනයද ඇත්තේ නම් ආර්යයෝ එතැන ඇසුරු කරත්. එය ලොවෙහි නොමැරීමයි.

තත්‍ථ අනාමතන‍්ති මතට‍්ඨානං. තඤ‍්හි උපචාරවසෙන “අමත”න‍්ති වුච‍්චති, තං පටිසෙධෙන‍්තො “අනාමත”න‍්ති ආහ. “අනමත”න‍්තිපි පාඨො, ලොකස‍්මිඤ‍්හි අනමතට‍්ඨානං අසුසානං නාම නත්‍ථීති අත්‍ථො. යම‍්හි සච‍්චඤ‍්ච ධම‍්මො චාති යස‍්මිං පුග‍්ගලෙ චතුසච‍්චවත්‍ථුකං පුබ‍්බභාගසච‍්චඤාණඤ‍්ච ලොකුත‍්තරධම‍්මො ච අත්‍ථි. අහිංසාති පරෙසං අවිහෙසා අවිහෙඨනා. සංයමොති සීලසංයමො. දමොති ඉන්‍ද්‍රියදමනං. ඉදඤ‍්ච ගුණජාතං යම‍්හි පුග‍්ගලෙ අත්‍ථි, එතං අරියා සෙවන‍්තීති, අරියා බුද‍්ධා ච පච‍්චෙකබුද‍්ධා ච බුද‍්ධසාවකා ච එතං ඨානං සෙවන‍්ති, එවරූපං පුග‍්ගලං උපසඞ‍්කමන‍්ති භජන‍්තීති අත්‍ථො. එතං ලොකෙ අනාමතන‍්ති එතං ගුණජාතං ලොකෙ අමතභාවසාධනතො අනාමතං නාම.

එහි, අනාමතං යනු නො මැරුණ තැන, සමීප වශයෙන් නිවන යයි කියනු ලැබේ. මරණය වැළැක්වීම් වශයෙන් අමත යයි කීය. අනමතං යනුද පාඨයි. ලෝකයෙහි නොමැරෙන තැනක් සොහොනක් නොවූ තැනක් නම් නැත යන අර්ථයි. යම්හි සච්චඤ්ච ධම්මොච යනු යම් පුද්ගලයෙකු කෙරෙහි චතුරාර්ය සත්‍යයට වස්තු වූ පූර්වභාග සත්‍ය ඥානයද ලොව්තුරු දහමද ඇත. අහිංසා යනු අනුන්ට හිංසා නොකිරීම, පීඩා නොකිරීම, සඤ්ඤමො යනු සීල සංවරය, දමො යනු ඉන්‍ද්‍රිය දමනය. මේ ගුණ ධර්ම යම් පුද්ගලයෙකු තුළ ඇත්ද? එතදරියා සෙවන්ති යනු ආර්ය වූ බුදුවරයෝද, පසේ බුදුරවයෝද, බුද්ධ ශ්‍රාවකයෝද මේ තැන සේවනය කරත්. මෙබඳු පුද්ගලයෙකු වෙත එළඹෙත් භජනය කරත් යන අර්ථයි. එතං ලොකො අනාමතං යනු මේ ගුණය ලෝකයෙහි නොමැරෙන බව සාධනය කරන බැවින් අමත නමි.

එවං බොධිසත‍්තො පිතාපුත‍්තානං ධම‍්මං දෙසෙත්‍වා චත‍්තාරො බ්‍රහ‍්මවිහාරෙ භාවෙත්‍වා බ්‍රහ‍්මලොකපරායණො අහොසි.

මෙසේ බෝසතාණන් වහන්සේ පිය පුතුන්ට දහම් දෙසා සිව්බඹ විහරණ වඩා බඹලොව උපන්නෝය.

සත්‍ථා ඉමං ධම‍්මං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ උභො පිතාපුත‍්තා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහිංසු. “තදා පිතාපුත‍්තාව එතරහි පිතාපුත‍්තා අහෙසුං, තාපසො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය වදාරා ජාතක කථාව නිමවා වදාළ සේක. සත්‍යය දේශනාව කෙළවර පිය පුත් දෙදෙනා සෝවාන් ඵලයෙහි පිහිටියාහුය. එකල පියපුත් දෙදෙනා දැනුත් පිය පුත් වූහ. තාපසයා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.

උපසාළකජාතකවණ‍්ණනා ඡට‍්ඨා.