යෙදුමෙන් කියවන්න

7. සමිද‍්ධිජාතකවණ‍්ණනා 167 අට‍්ඨකථා

7. සමිද‍්ධිජාතකවණ‍්ණනා (167)

7. සමිද්ධි ජාතකය (167)

අභුත්‍වා භික‍්ඛසි භික‍්ඛූති ඉදං සත්‍ථා රාජගහං උපනිස‍්සාය තපොදාරාමෙ විහරන‍්තො සමිද‍්ධිථෙරං ආරබ‍්භ කථෙසි. එකදිවසඤ‍්හි ආයස‍්මා සමිද‍්ධි සබ‍්බරත‍්තිං පධානං පදහිත්‍වා අරුණුග‍්ගමනවෙලාය න‍්හත්‍වා සුවණ‍්ණවණ‍්ණං අත‍්තභාවං සුක‍්ඛාපයමානො අන‍්තරවාසකං නිවාසෙත්‍වා උත‍්තරාසඞ‍්ගං හත්‍ථෙන ගහෙත්‍වා අට‍්ඨාසි සුපරිකම‍්මකතා විය සුවණ‍්ණපටිමා. අත‍්තභාවසමිද‍්ධියායෙව හිස‍්ස “සමිද‍්ධී”ති නාමං අහොසි. අථස‍්ස සරීරසොභග‍්ගං දිස‍්වා එකා දෙවධීතා පටිබද‍්ධචිත‍්තා ථෙරං එවමාහ – “ත්‍වං ඛොසි, භික‍්ඛු, දහරො යුවා සුසු කාළකෙසො භද්‍රෙන යොබ‍්බනෙන සමන‍්නාගතො අභිරූපො දස‍්සනීයො පාසාදිකො, එවරූපස‍්ස තව කාමෙ අපරිභුඤ‍්ජිත්‍වා කො අත්‍ථො පබ‍්බජ‍්ජාය, කාමෙ තාව පරිභුඤ‍්ජස‍්සු, පච‍්ඡා පබ‍්බජිත්‍වා සමණධම‍්මං කරිස‍්සසී”ති. අථ නං ථෙරො ආහ – “දෙවධීතෙ, ‘අසුකස‍්මිං නාම වයෙ ඨිතො මරිස‍්සාමී’ති මම මරණකාලං න ජානාමි, එස මෙ කාලො පටිච‍්ඡන‍්නො, තස‍්මා තරුණකාලෙයෙව සමණධම‍්මං කත්‍වා දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සාමී”ති. සා ථෙරස‍්ස සන‍්තිකා පටිසන්‍ථාරං අලභිත්‍වා තත්‍ථෙව අන‍්තරධායි. ථෙරො සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා එතමත්‍ථං ආරොචෙසි. සත්‍ථා “න ඛො, සමිද‍්ධි, ත්‍වඤ‍්ඤෙව එතරහි දෙවධීතාය පලොභිතො, පුබ‍්බෙපි දෙවධීතරො පබ‍්බජිතෙ පලොභිංසුයෙවා”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

අභුත්‍වා භික්ඛසි භික්ඛු යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ඇසුරුකොට තපෝදාරාමයේ වැඩවාසය කරන සේක් සමිද්ධි තෙරුන් අරබයා වදාළ සේක. එක්දිනක් සමෘද්ධි තෙරුන් වහන්සේ මුළු රැයක් කෙලෙස් තැවීම සඳහා උත්සාහ කොට අරුණු නැගෙන වේලාවෙහි ස්නානය කොට රන්වන් සිරුර තෙත සිඳුවමින් අඳනය ඇඳගෙන සිවුර අතින් ගෙන මනාසේ ඔපමට්ටම් කළ රන් පිළිමයක් මෙන් සිටි සේක. පිරිපුන් සිරුරක් ඇති බැවින් උන්වහන්සේට සමිද්ධි යයි නමක් විය. ඉක්බිති උන්වහන්සේගේ ශරීර සෞභාග්‍යය දැක එක්තරා දෙව්දුවක් උන්වහන්සේ පිළිබඳ සිත් ඇතිව තෙරුන් වහන්සේ වෙත පැමිණ භික්‍ෂූන් වහන්ස! නුඹවහන්සේ වනාහි ලාබාලය. තරුණය. කලුකෙස් ඇත්තෝය. භද්‍ර යෞවනයෙන් යුක්තය. විශිෂ්ට වූ රූ ඇත්තෝය. දැකුම්කලුය. දුටුවන් පහදවන සුළුය. මෙසේ ඇතිකල්හි කම්සැප නොවිඳ මහණදම් පිරීමෙන් ඇති ඵලය කුමක්ද? පළමුකොට කම්සුව විඳිත්වා! පසුව පැවිදිව මහණදම් පුරන්නෙහි යයි කීවාය. ඉක්බිති ඇයට තෙරුන් වහන්සේ දෙව්දුවනි! අසවල් නම් වයසෙහි සිටියේ මැරෙන්නෙමියි කියා මගේ මරණයට කල් නොදනිමි. මට ඒ කාලය සැඟවුනේය. ඒ නිසා තරුණ කාලයේදීම මහණදම් පුරා දුක් කෙළවර කරන්නෙමියි කී සේක. දෙව්දුව තෙරුන් වහන්සේගේ සමීපයෙන් සුහද පිළිතුරක් නොලබා එහිම අතුරුදහන් වූවාය. තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත එළඹ එම කරුණ සැලකර සිටි සේක. එවිට බුදුරජාණන් වහන්සේ සමිද්ධි! දැන් දෙව්දුව විසින් ඔබව පොළඹවන ලද්දේ නොවෙයි. පෙරත් දෙව් දූවරු පැවිද්දන් පෙළඹවූහයි වදාරා සමිද්ධි තෙරුන් විසින් අයදින ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො එකස‍්මිං කාසිගාමකෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො සබ‍්බසිප‍්පෙසු නිප‍්ඵත‍්තිං පත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙත්‍වා හිමවන‍්තපදෙසෙ එකං ජාතස‍්සරං නිස‍්සාය වාසං කප‍්පෙසි. සො සබ‍්බරත‍්තිං පධානං පදහිත්‍වා අරුණුග‍්ගමනවෙලාය න‍්හත්‍වා එකං වක‍්කලං නිවාසෙත්‍වා එකං හත්‍ථෙන ගහෙත්‍වා සරීරං වොදකං කරොන‍්තො අට‍්ඨාසි. අථස‍්ස රූපසොභග‍්ගප‍්පත‍්තං අත‍්තභාවං ඔලොකෙත්‍වා පටිබද‍්ධචිත‍්තා එකා දෙවධීතා බොධිසත‍්තං පලොභයමානා පඨමං ගාථමාහ –

පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරන කල්හි අප මහ බෝසතාණන් වහන්සේ කසීරට එක්තරා බමුණු කුලයක ඉපිද වැඩිවියට පත්වු විට සියලු ශිල්පයන්හි නිමාවට පත්ව තවුස් පැවිද්දෙන් පැවිදිව පඤ්ච අභිඥා සහ සමාපත්ති අට උපදවාගෙන හිමාලය වන පෙදෙසෙහි එක්තරා ස්වාභාවික විලක් ඇසුරුකොට වාසය කළ සේක. හෙතෙම මුලු රාත්‍රියෙහිම කෙලෙස් දුරු කිරීමට වීර්ය වඩා අරුණ උදාවන වේලාවෙහි ජලස්නානය කොට එක් වැහැරි සිවුරක් හැඳ එක් සිවුරක් අතින් ගෙන සිරුරේ තෙත සිඳුවමින් සිටියෝය. ඉක්බිති රූපයෙන් අගතැන්පත් මොහුගේ සිරුර බලා පිළිසිඳ සිත් ඇතිව එක් දෙව්දුවක් බෝසතාණන් වහන්සේ පොළොඹවමින්

“අභුත්‍වා භික‍්ඛසි භික‍්ඛු, න හි භුත්‍වාන භික‍්ඛසි; භුත්‍වාන භික‍්ඛු භික‍්ඛස‍්සු, මා තං කාලො උපච‍්චගා”ති.

අභුත්‍වා භික්ඛසි භික්ඛු! නහි භුත්‍වාන භික්ඛසි, භුත්‍වාන භික්ඛු භික්ඛස්සු මා තං කාලො උපච්චගා.

යන මේ පළමු ගාථාව කීවාය.

මහණ! පස්කම් සුව නොවළඳා පිඬු සිඟන්නෙහිය. පස්කම් සැප වළඳා පසුව පිඬු පිණිස හැසිරිය යුතුයි. තරුණ කාලයෙහි පස්කම් සුව වළඳා මහලු කල පිඬු සිඟන්න. තරුණ කාලය නොඉක්මවන්න.

තත්‍ථ අභුත්‍වා භික‍්ඛසි භික‍්ඛූති භික‍්ඛු ත්‍වං දහරකාලෙ කිලෙසකාමවසෙන වත්‍ථුකාමෙ අභුත්‍වාව භික‍්ඛාය චරසි. න හි භුත්‍වාන භික‍්ඛසීති නනු නාම පඤ‍්ච කාමගුණෙ භුත්‍වා භික‍්ඛාය චරිතබ‍්බං, කාමෙ අභුත්‍වාව භික‍්ඛාචරියං උපගතොසි. භුත්‍වාන භික‍්ඛු භික‍්ඛස‍්සූති භික‍්ඛු දහරකාලෙ තාව කාමෙ භුඤ‍්ජිත්‍වා පච‍්ඡා මහල‍්ලකකාලෙ භික‍්ඛස‍්සු. මා තං කාලො උපච‍්චගාති අයං කාමෙ භුඤ‍්ජනකාලො දහරකාලො, තං මා අතික‍්කමතූති.

එහි, අභුත්‍වා භික්ඛසි භික්ඛු යනු මහණ! නුඹ තරුණ කාලයෙහි ක්ලේශ කාම වශයෙන් (රාගයෙන්) කාම වස්තූන් නොවළඳාම පිඬු පිණිස හැසිරෙන්නෙහි, නහි භුත්‍වාන භික්ඛසි යනු පස්කම් සුව වළඳා පිඬු පිණිස හැසිරිය යුතු නොවේද? ඔබ කම්සැප නොවිඳම පිඬු පිණිස හැසිරීමට එළඹියෙහිය. භුත්‍වාන භික්ඛු භික්ඛස්සු යනු මහණ! පළමුව තරුණ කාලයේ කම්සැප විඳින්න. එසේ කොට පසුව මහලුකල පිඬු පිණිස හැසිරෙන්න. මා තං කාලො උපච්චගාති, මේ කම්සුව වළඳන තරුණ කාලයයි. එම කාලය නොඉක්මවන්න.

බොධිසත‍්තො දෙවතාය වචනං සුත්‍වා අත‍්තනො අජ‍්ඣාසයං පකාසෙන‍්තො දුතියං ගාථමාහ –

බෝසතාණන් වහන්සේ දෙව්දුවගේ කථාව අසා තමන්ගේ අදහස්ද දක්වනු කැමැත්තේ

“කාලං වොහං න ජානාමි, ඡන‍්නො කාලො න දිස‍්සති; තස‍්මා අභුත්‍වා භික‍්ඛාමි, මා මං කාලො උපච‍්චගා”ති.

කාලං වොහං නජානාමි ඡන්නො කාලො නදිස්සති, තස්මිං අභුත්‍වා භික්ඛාමි මා මං කාලො උපච්චගා.

යන දෙවන ගාථාව කීහ.

මම කාලය නොදනිමි. සැඟවුනු කාලය නොපෙනේ. එබැවින් කාමයන් අනුභව නොකොට පිඬු පිණිස හැසිරෙමි. මගේ තපස් කාලය නොඉක්මවේවා!

තත්‍ථ කාලං වොහං න ජානාමීති වොති නිපාතමත‍්තං. අහං පන “පඨමවයෙ වා මයා මරිතබ‍්බං මජ‍්ඣිමවයෙ වා පච‍්ඡිමවයෙ වා”ති එවං අත‍්තනො මරණකාලං න ජානාමි. පණ‍්ඩිතෙන හි පුග‍්ගලෙන –

එහි කාලං වොහං න ජානාමි යනු වො යනු නිපාත මාත්‍රයකි. මම ප්‍රථම වයසෙහි. (අවුරුදු 1-33) හෝ මධ්‍යම වයසෙහි (අවුරුදු 34-66) හෝ පශ්චිම වයසෙහි (අවුරුදු 67-100) හෝ මා විසින් මරණයට පත්විය යුතුයයි මෙසේ තමාගේ මරණ කාලය නොදනිමි. අති පණ්ඩිත පුද්ගලයා විසින් ද,

“ජීවිතං බ්‍යාධි කාලො ච, දෙහනික‍්ඛෙපනං ගති; පඤ‍්චෙතෙ ජීවලොකස‍්මිං, අනිමිත‍්තා න නායරෙ”ති.

ජීවිතං ව්‍යාධි කාලො ච දෙහ නික්ඛෙපනං ගති, පඤ්චෙතෙ ජීවලොකස්මිං අනිමිත්තා න ඤායරෙ ති.

මෙපමණ කලක් ජීවත් වෙමි. අසවල් රෝගයෙන් මිය යයි. පෙරවරු පස්වරු ආදී අසවල් කාලයේ මිය යයි. මළසිරුර අසවල් තැන දමයි. මියගොස් අසවල් තැන උපදියි යන මේ රකුණු පහ මේ ජීව ලෝකයෙහි තීරණය කළ නොහැකි හෙයින් අනිමිත්තය. දැනගත නොහැකියි.

ඡන‍්නො කාලො න දිස‍්සතීති යස‍්මා “අසුකස‍්මිං නාම වයකාලෙ හෙමන‍්තාදිඋතුකාලෙ වා මයා මරිතබ‍්බ”න‍්ති මය‍්හම‍්පෙස ඡන‍්නො හුත්‍වා කාලො න දිස‍්සති, සුප‍්පටිච‍්ඡන‍්නො හුත්‍වා ඨිතො න පඤ‍්ඤායති. තස‍්මා අභුත්‍වා භික‍්ඛාමීති තෙන කාරණෙන පඤ‍්ච කාමගුණෙ අභුත්‍වා භික‍්ඛාමි. මා මං කාලො උපච‍්චගාති මං සමණධම‍්මකරණකාලො මා අතික‍්කමතූති අත්‍ථො. ඉමිනා කාරණෙන දහරොව සමානො පබ‍්බජිත්‍වා සමණධම‍්මං කරොමීති. දෙවධීතා බොධිසත‍්තස‍්ස වචනං සුත්‍වා තත්‍ථෙව අන‍්තරධායි.

ඡන්නො කාලො නදිස්සති යනු ඒ නිසා අසවල් නම් වයස් කාලයේදී හෝ හේමන්ත (සීතල කාලය) ආදී සෘතු කාලයේ හෝ මවිසින් මරණයට පත්විය යුතුයයි මට ඒ වැසී ඇති කාලය නොපෙනේ. මනාකොට වැසී සිටියේ නොපැහැදිළිය. තස්මා අභුත්‍වා භික්ඛාමි යනු ඒ කරුණෙන් කම්සුව නොවළඳාම පිඬු සිඟමි. මා චං කාලො උපච්චගා යනු මා මහණදම් පුරණ කාලය ඉක්ම නොයේවා! මේ කාරණයෙන් ලාබාල කාලයේදීම පැවිදිව මහණදම් පුරමි. දෙව්දුව බෝසතාණන් වහන්සේගේ වචනය අසා එහිම අතුරුදන් වූවාය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා දෙවධීතා අයං දෙවධීතා අහොසි, අහමෙව තෙන සමයෙන තාපසො අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල දෙව්දුව ද මේ දෙව්දුවම වූවාය. මම ම එකල තාපසයා වූයෙමි යි වදාළ සේක.

සමිද‍්ධිජාතකවණ‍්ණනා සත‍්තමා.