යෙදුමෙන් කියවන්න

168 8. සකුණග‍්ඝිජාතකවණ‍්ණනා අට‍්ඨකථා

[168] 8. සකුණග‍්ඝිජාතකවණ‍්ණනා

සකුණග්ඝි ජාතකය

සෙනො බලසා පතමානොති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අත‍්තජ‍්ඣාසයං සකුණොවාදසුත‍්තං (සං· නි· 5.372) ආරබ‍්භ කථෙසි. එකදිවසඤ‍්හි සත්‍ථා භික‍්ඛූ ආමන‍්තෙත්‍වා “ගොචරෙ, භික‍්ඛවෙ, චරථ සකෙ පෙත‍්තිකෙ විසයෙ”ති (සං· නි· 5.372) ඉමං සංයුත‍්තමහාවග‍්ගෙ සුත‍්තන‍්තං කථෙන‍්තො “තුම‍්හෙ තාව තිට‍්ඨථ, පුබ‍්බෙ තිරච‍්ඡානගතාපි සකං පෙත‍්තිකවිසයං පහාය අගොචරෙ චරන‍්තා පච‍්චාමිත‍්තානං හත්‍ථපථං ගන‍්ත්‍වාපි අත‍්තනො පඤ‍්ඤාසම‍්පත‍්තියා උපායකොසල‍්ලෙන පච‍්චාමිත‍්තානං හත්‍ථා මුච‍්චිංසූ”ති වත්‍වා අතීතං ආහරි.

සෙණො බලසා පනමානො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් තම අදහස් අනුව සකුණෝවාද සූත්‍රය මුල්කරගෙන දේශනා කළ සේක. එක්දිනක් බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් අමතා මහණෙනි! සිය පියා ගිය මගෙහි යමින් ගොදුරු සොයව් යන මේ සංයුත්ත නිකායේ මහා වග්ගයෙහි සූත්‍රාන්තය දේශනා කරමින් තෙපි සිටිව්! පෙර තිරිසන්ගත සතුන් පවා සිය පියා ගිය මග හැර අස්ථානයේ හැසිරෙන්නාහු සතුරන්ගේ අතට පත්ව, තම නුවණින් උපාය කුසලතාවයෙන් සතුරන්ගේ අතින් මිදුනාහයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො ලාපසකුණයොනියං නිබ‍්බත‍්තිත්‍වා නඞ‍්ගලකට‍්ඨකරණෙ ලෙඩ‍්ඩුට‍්ඨානෙ වාසං කප‍්පෙසි. සො එකදිවසං “සකවිසයෙ ගොචරගහණං පහාය පරවිසයෙ ගොචරං ගණ‍්හිස‍්සාමී”ති අටවිපරියන‍්තං අගමාසි. අථ නං තත්‍ථ ගොචරං ගණ‍්හන‍්තං දිස‍්වා සකුණග‍්ඝි සහසා අජ‍්ඣප‍්පත‍්තා අග‍්ගහෙසි. සො සකුණග‍්ඝියා හරියමානො එවං පරිදෙවසි – “මයමෙවම‍්හ අලක‍්ඛිකා, මයං අප‍්පපුඤ‍්ඤා, යෙ මයං අගොචරෙ චරිම‍්හ පරවිසයෙ, සචෙජ‍්ජ මයං ගොචරෙ චරෙය්‍යාම සකෙ පෙත‍්තිකෙ විසයෙ, න ම්‍යායං සකුණග‍්ඝි අලං අභවිස‍්ස යදිදං යුද‍්ධායා”ති. “කො පන, තෙ ලාප, ගොචරො සකො පෙත‍්තිකො විසයො”ති? “යදිදං නඞ‍්ගලකට‍්ඨකරණං ලෙඩ‍්ඩුට‍්ඨාන”න‍්ති. අථ නං සකුණග‍්ඝි සකෙ බලෙ අපත්‍ථද‍්ධා අමුඤ‍්චි – “ගච‍්ඡ ඛො, ත්‍වං ලාප, තත්‍රපි මෙ ගන‍්ත්‍වා න මොක‍්ඛසී”ති. සො තත්‍ථ ගන‍්ත්‍වා මහන‍්තං ලෙඩ‍්ඩුං අභිරුහිත්‍වා “එහි ඛො දානි සකුණග‍්ඝී”ති සෙනං අව‍්හයන‍්තො අට‍්ඨාසි. සකුණග‍්ඝි සකෙ බලෙ අපත්‍ථද‍්ධා උභො පක‍්ඛෙ සන‍්නය‍්හ ලාපසකුණං සහසා අජ‍්ඣප‍්පත‍්තා. යදා පන තං ලාපො “බහුආගතා ඛො ම්‍යායං සකුණග‍්ඝී”ති අඤ‍්ඤාසි, අථ පරිවත‍්තිත්‍වා තස‍්සෙව ලෙඩ‍්ඩුස‍්ස අන‍්තරං පච‍්චාපාදි. සකුණග‍්ඝි වෙගං සන්‍ධාරෙතුං අසක‍්කොන‍්තී තත්‍ථෙව උරං පච‍්චතාළෙසි. එවං සා භින‍්නෙන හදයෙන නික‍්ඛන‍්තෙහි අක‍්ඛීහි ජීවිතක‍්ඛයං පාපුණි.

පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ කැටකුරුළු යෝනියේ ඉපදී සී සානවිට නඟුලට කැපී මතු වූ මැටි කැට ඇති තැන වාසය කෙළේය. හෙතෙම එක්දිනක් තමන්ට අයිති ප්‍රදේශයේ ගොදුරු ගැනීම හැර අනුන්ගේ සීමාවෙහි ගොදුරු ගන්නෙමැයි වනාන්තර කෙළවරට ගියේය. ඉක්බිති එහි ගොදුරු ගන්නා වූ ඌ දැක උකුස්සියක් වහා පැමිණ අල්ලා ගත්තාය. උකුස්සිය විසින් ගෙනයනු ලබද්දී ඒ කැට කුරුල්ලා යම්බඳු වූ අපි අපට අයිති නැති ස්ථානයෙහි, අන් අයගේ කොටසෙහි හැසිරුණෙමුද ඒ අපිම මහා අවාසනාවන්තයෝ වෙමු. මඳපින් ඇත්තෝ වෙමු. ඉදින් අද අපි අපට අයත් කොටසෙහි පියා ගිය මග අනුව හැසුරුනෙමු නම් මේ උකුස්සිය මෙවැනි මා සමග යුද කිරීමට (මා අල්ලා ගැනීමට) සුදුසු නොවන්නට ඉඩතිබුණු යනුවෙන් හඬන්නට විය. එවිට උකුස්සිය ‘හොඳයි, කැට කුරුල්ලාණෙනි, නුඹේ පියා නියම කළ සීමාව කුමක්ද? සීසාන විට නඟුලට කැපෙන මැටිකැට ඇති තැන අපේ සීමාවයි. ඉක්බිති ස්වකීය බලයෙහි උඩඟු නොවූ උකුස්සිය කැට කුරුල්ලාණෙනි, ඔබ යන්න. එහිදීත් ඔබට මගෙන් මිදීමක් නැතැයි කියා ඌ මුදා හැරියාය. කැට කුරුල්ලා එහි ගොස් ලොකු මැටි පිඩැල්ලක් මත නැගී උකුස්සියනි, දැන් එවයි උකුස්සිය කැඳවමින් සිටියේය. ඌ සිය බලයෙහි දැඩි වූයේ (දැඩි විශ්වාස ඇත්තේ) පියාපත් දෙකෙහි පිහිටා කැට කුරුල්ලා වෙත වේගයෙන් පැමිණියේය. කැට කුරුල්ලා මේ උකුස්සිය බොහෝ සෙයින් මා වෙත පැමිණියේ යයි දැනගත් විට පෙරළී ඒ මැටි පිඬැල්ල අතරට රිංගා ගත්තේය. උකුස්සිය වේගය පාලනය කරගන්නට නොහැකිව ඒ මැටි පිඬැල්ලෙහිම පපුව ඇන ගත්තාය. මෙසේ උකුස්සිය බිඳුණු හදවතින් පිටතට නික්මුණු ඇස් ඇතිව මරණයට පත්වූවාය.

සත්‍ථා ඉමං අතීතං දස‍්සෙත්‍වා “එවං, භික‍්ඛවෙ, තිරච‍්ඡානගතාපි අගොචරෙ චරන‍්තා සපත‍්තහත්‍ථං ගච‍්ඡන‍්ති, ගොචරෙ පන සකෙ පෙත‍්තිකෙ විසයෙ චරන‍්තා සපත‍්තෙ නිග‍්ගණ‍්හන‍්ති, තස‍්මා තුම‍්හෙපි මා අගොචරෙ චරථ පරවිසයෙ. අගොචරෙ , භික‍්ඛවෙ, චරතං පරවිසයෙ ලච‍්ඡති මාරො ඔතාරං, ලච‍්ඡති මාරො ආරම‍්මණං. කො ච, භික‍්ඛවෙ, භික‍්ඛුනො අගොචරො පරවිසයො? යදිදං පඤ‍්ච කාමගුණා. කතමෙ පඤ‍්ච? චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා…පෙ… අයං, භික‍්ඛවෙ, භික‍්ඛුනො අගොචරො පරවිසයො”ති වත්‍වා අභිසම‍්බුද‍්ධො හුත්‍වා පඨමං ගාථමාහ –

බුදුරජාණන් වහන්සේ මේ අතීත කථාව ගෙනහැර දක්වා, මහණෙනි! මෙසේ තිරිසන්ගත සත්තු පවා නුසුදුසු තැන්වල හැසිරීමෙන් සතුරන් අතට පත්වෙති. ගොදුරු ගැනීමේදී තමන්ගේ පියා ගියමග පියා ගිය සීමාවේ හැසිරෙන්නේ නම් සතුරන් අතට පත් නොවෙත්. ඒ නිසා තෙපිත් නුසුදුසු තැන් අනුන්ගේ සීමාවෙහි, නොහැසිරෙව්. මහණෙනි! අනුන්ගේ සීමාවෙහි හැසිරෙන තැනැත්තාට මරණයට ඉඩකඩක් ලබයි. මාරයා ආහාරයක් ලබයි. මහණෙනි, භික්‍ෂුවට නුසුදුසු තැන අනුන්ගේ සීමාව කුමක්ද? මේ පංචකාම ගුණයයි. ඒ පහ මොනවාද? ඇසට අරමුණු වන රූපය, කනට අරමුණු වන ශබ්දය, නාසයට අරමුණු වන ගඳසුවඳ, දිවට දැනෙන රසය, කයට දැනෙන ස්පර්ශය. මහණෙනි, මේ භික්‍ෂුවට නුසුදුසු තැනයි. අනුන්ගේ සීමාවයි යනුවෙන් වදාරා බුදුවී

“සෙනො බලසා පතමානො, ලාපං ගොචරඨායිනං; සහසා අජ‍්ඣප‍්පත‍්තොව, මරණං තෙනුපාගමී”ති.

සෙණො බලසා පතමානො ලාප ගොචරඨායිනං, සහසා අජ්ඣප්පත්තො මරණං තෙනුපාගමි.

යන පළමු ගාථාව වදාළසේක.

වේගයෙන් දිවෙන උකුස්සා සුදුසු තැන සිටියා වූ කිරිල්ල වෙතට වහා පැමිණියේය. ඒ සීඝ්‍ර ගමනින් මරණයට පැමිණියේය.

තත්‍ථ බලසා පතමානොති “ලාපං ගණ‍්හිස‍්සාමී”ති බලෙන ථාමෙන පතමානො. ගොචරඨායිනන‍්ති සකවිසයා නික‍්ඛමිත්‍වා ගොචරත්‍ථාය අටවිපරියන‍්තෙ ඨිතං. අජ‍්ඣප‍්පත‍්තොති සම‍්පත‍්තො. මරණං තෙනුපාගමීති තෙන කාරණෙන මරණං පත‍්තො.

එහි, බලසා පතමානො යනු කැට කුරුල්ලා ගන්නෙමියි බලයෙන්, ශක්තියෙන් වැඩෙන්නේ. අගොචරඨායිනං යනු තමන්ගේ සීමාවෙන් නික්මී ගොදුරු පිණිස වනය කෙළවර සිටියේ, අජ්ජප්පත්තො යනු පැමිණියේ. මරණ තෙනුපාගමි යනු එයින් මරණයට පැමිණියේය.

තස‍්මිං පන මරණං පත‍්තෙ ලාපො නික‍්ඛමිත්‍වා “දිට‍්ඨා වත මෙ පච‍්චාමිත‍්තස‍්ස පිට‍්ඨී”ති තස‍්ස හදයෙ ඨත්‍වා උදානං උදානෙන‍්තො දුතියං ගාථමාහ –

උකුස්සා මරණයට පැමිණිවිට කැට කුරුල්ලා එළියට අවුත් මවිසින් සතුරා පිටු දක්නා ලදැයි කියා උකුස්සාගේ පපුව මත සිට උදන් අනමින්,

“සොහං නයෙන සම‍්පන‍්නො, පෙත‍්තිකෙ ගොචරෙ රතො; අපෙතසත‍්තු මොදාමි, සම‍්පස‍්සං අත්‍ථමත‍්තනො”ති.

සොහං නයෙන සම්පන්නො පෙත්තිකෙ ගොචරෙ රතො, අපෙත සත්තු මොදාමි සම්පස්සං අත්‍ථමත්තනො.

යන දෙවන ගාථාව කීවේය.

උපායෙන් යුක්ත වූ පියාගේ ගොදුරු සීමාවෙහි ඇලුණු පහ වූ සතුරා ඇති ඒ මම තමන්ට යහපතක් බලාපොරොත්තු වෙමින් සතුටු වෙමි.

තත්‍ථ නයෙනාති උපායෙන. අත්‍ථමත‍්තනොති අත‍්තනො අරොගභාවසඞ‍්ඛාතං වුඩ‍්ඪිං.

එහි, නයෙන යනු උපායෙන්, අත්තමත්තනො යනු තමන්ගේ නිරෝගී බව නැමති අභිවෘද්ධියයි.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ බහූ භික‍්ඛූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසු. “තදා සෙනො දෙවදත‍්තො අහොසි, ලාපො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා සිව්සස් වදාරා ජාතක කථාව නිමවා වදාළ සේක. ඒ සත්‍ය දේශනාවගේ කෙළවර බොහෝ භික්‍ෂූහු සෝවාන් ඵල ආදියට පැමිණියාහුය. එකල උකුස්සා දෙව්දත් තෙර ය. කැට කුරුල්ලා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.

සකුණග‍්ඝිජාතකවණ‍්ණනා අට‍්ඨමා.