3. සුසීමජාතකවණ්ණනා 163 අට්ඨකථා
3. සුසීමජාතකවණ්ණනා (163)
3. සුසීම ජාතකය (163)
කාළා මිගා සෙතදන්තා තවීමෙති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො ඡන්දකදානං ආරබ්භ කථෙසි. සාවත්ථියඤ්හි කදාචි එකමෙව කුලං බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස දානං දෙති, කදාචි අඤ්ඤතිත්ථියානං දෙති, කදාචි ගණබන්ධනෙන බහූ එකතො හුත්වා දෙන්ති, කදාචි වීථිසභාගෙන, කදාචි සකලනගරවාසිනො ඡන්දකං සංහරිත්වා දානං දෙන්ති. ඉමස්මිං පන කාලෙ සකලනගරවාසිනො ඡන්දකං සංහරිත්වා සබ්බපරික්ඛාරදානං සජ්ජෙත්වා ද්වෙ කොට්ඨාසා හුත්වා එකච්චෙ “ඉමං සබ්බපරික්ඛාරදානං අඤ්ඤතිත්ථියානං දස්සාමා”ති ආහංසු, එකච්චෙ “බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්සා”ති. එවං පුනප්පුනං කථාය වත්තමානාය අඤ්ඤතිත්ථියසාවකෙහි අඤ්ඤතිත්ථියානඤ්ඤෙව , බුද්ධසාවකෙහි “‘බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්සෙවා’ති වුත්තෙ සම්බහුලං කරිසාමා”ති සම්බහුලාය කථාය “බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස දස්සාමා”ති වදන්තායෙව බහුකා ජාතා, තෙසඤ්ඤෙව කථා පතිට්ඨාසි . අඤ්ඤතිත්ථියසාවකා බුද්ධානං දාතබ්බදානස්ස අන්තරායං කාතුං නාසක්ඛිංසු. නාගරා බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං නිමන්තෙත්වා සත්තාහං මහාදානං පවත්තෙත්වා සත්තමෙ දිවසෙ සබ්බපරික්ඛාරෙ අදංසු. සත්ථා අනුමොදනං කත්වා මහාජනං මග්ගඵලෙහි පබොධෙත්වා ජෙතවනවිහාරමෙව ගන්ත්වා භික්ඛුසඞ්ඝෙන වත්තෙ දස්සිතෙ ගන්ධකුටිප්පමුඛෙ ඨත්වා සුගතොවාදං දත්වා ගන්ධකුටිං පාවිසි.
කාළා මිගා සෙත දන්තා තව ඉමෙ යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් විහාරයෙහි වැඩවාසය කරන සේක් වැඩිදෙනාගේ කැමැත්ත අනුව දුන් දානයක් මුල් කරගෙන වදාළ සේක. සැවැත්නුවර වාසීහු එක් දිනක එක් පවුලක් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝයාට දන්දෙයි. කිසියම් දිනක සමූහ වශයෙන් බොහෝදෙනා එක්වී දන් දෙති. කිසියම් දිනෙක විථී වශයෙන්ද කිසිදිනක සියලු නගරවාසීන්ගේ කැමැත්ත අනුව දන් දෙත්. මේ කාලයෙහි සියලු නුවර වැස්සන්ගේ කැමැත්ත ඇතිව සියලු පිරිකර සහිත දානයක් සූදානම් කොට කොටස් දෙකකට බෙදී එක් පිරිසක් මේ සියලු පිරිකර දානය අන්‍ය තීර්ථකයන්ට දෙමුයි කීවාහුය. අනෙක් පිරිස බුදුරජුන් ප්‍රධාන භික්ෂු සංඝයාට දෙමුයි කීහ. මෙසේ නැවත නැවතත් මේ කථාව පවතිද්දී අන්‍ය තීර්ථක ශ්‍රාවකයෝ අන්‍ය තීර්ථකයන්ටත් බෞද්ධ ශ්‍රාවකයෝ බුදුන් ප්‍රධාන භික්ෂු සංඝයාටත් දෙමුයි කී කල්හි වැඩිදෙනාගේ කැමැත්ත අනුව බුද්ධ ප්රමුඛ මහා සංඝයාට දෙමු කියද්දී එයට කවුරුත් එකඟ වූහ. අන්‍ය තීර්ථක ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේට දියයුතු දානයට අනතුරක් කරන්නට අසමත් වූහ. නුවරවාසීහු බුදුරජුන් ප්‍රධාන සංඝයාට ආරාධනාකොට සත්දිනක් මහදන් පවත්වා සත්වෙනි දින සියලු පිරිකර දුන්නාහුය. බුදුරජාණන් වහන්සේ අනුමෝදනාව කොට මහජනයාට මාර්ගඵල අවබෝධ කරවා දෙව්රමටම වැඩමකර භික්ෂු සංඝයා විසින් වත් දැක්වූ කල්හි ගඳකිළිය ඉදිරිපිට වැඩසිට සුගතෝවාදී (බුද්ධ අවවාද) දී ගඳකිළියට වැඩම කළ සේක.
සායන්හසමයෙ භික්ඛූ ධම්මසභායං සන්නිපතිත්වා කථං සමුට්ඨාපෙසුං – “ආවුසො, අඤ්ඤතිත්ථියසාවකා බුද්ධානං දාතබ්බදානස්ස අන්තරායකරණත්ථාය වායමන්තාපි අන්තරායං කාතුං නාසක්ඛිංසු, තං සබ්බපරික්ඛාරදානං බුද්ධානංයෙව පාදමූලං ආගතං, අහො බුද්ධබලං නාම මහන්ත”න්ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, එතෙ අඤ්ඤතිත්ථියසාවකා ඉදානෙව මය්හං දාතබ්බදානස්ස අන්තරායකරණත්ථාය වායමන්ති, පුබ්බෙපි වායමිංසු, සො පන පරික්ඛාරො සබ්බකාලෙපි මමෙව පාදමූලං ආගච්ඡතී”ති වත්වා අතීතං ආහරි.
සවස් භාගයෙහි භික්ෂූහු දම් සභාවට රැස්ව ඇවැත්නි, අන්‍ය තීර්ථක ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේට දියයුතු දානයට බාධා කිරීමට උත්සාහ කළත් අනතුරක් කිරීම අපොහොසත් වූහ. ඒ සියලු පිරිකර දානය බුදුරජාණන් වහන්සේගේ පාමුලට ආවේය. අහෝ බුදු බලයක මහිමය යනුවෙන් කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි, කවර කථාවකින් යුක්තව මෙහි සිටියාහුදැයි විචාරා මෙනම් කථාව ගැන යයි කී කල්හි, මහණෙනි, මේ අන්‍ය තීර්ථක ශ්‍රාවකයෝ මට දිය යුතු දානයට අනතුරු කිරීම දැනුත් උත්සාහ කරති. පෙරත් උත්සාහ කළාහුය. ඒ පිරිකර වනාහි හැමකල්හිම මගේ පාමුලටම පැමිණියේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං සුසීමො නාම රාජා අහොසි. තදා බොධිසත්තො තස්ස පුරොහිතස්ස බ්රාහ්මණියා කුච්ඡිම්හි පටිසන්ධිං ගණ්හි, තස්ස සොළසවස්සිකකාලෙ පිතා කාලමකාසි. සො පන ධරමානකාලෙ රඤ්ඤො හත්ථිමඞ්ගලකාරකො අහොසි. හත්ථීනං මඞ්ගලකරණට්ඨානෙ ආභතඋපකරණභණ්ඩඤ්ච හත්ථාලඞ්කාරඤ්ච සබ්බං සොයෙව අලත්ථ. එවමස්ස එකෙකස්මිං මඞ්ගලෙ කොටිමත්තං ධනං උප්පජ්ජති. අථ තස්මිං කාලෙ හත්ථිමඞ්ගලඡණො සම්පාපුණි. සෙසා බ්රාහ්මණා රාජානං උපසඞ්කමිත්වා “මහාරාජ, හත්ථිමඞ්ගලඡණො සම්පත්තො, මඞ්ගලං කාතුං වට්ටති. පුරොහිතබ්රාහ්මණස්ස පන පුත්තො අතිදහරො, නෙව තයො වෙදෙ ජානාති, න හත්ථිසුත්තං, මයං හත්ථිමඞ්ගලං කරිස්සාමා”ති ආහංසු. රාජා “සාධූ”ති සම්පටිච්ඡි. බ්රාහ්මණා පුරොහිතපුත්තස්ස හත්ථිමඞ්ගලං කාතුං අදත්වා “හත්ථිමඞ්ගලං කත්වා මයං ධනං ගණ්හිස්සාමා”ති හට්ඨතුට්ඨා විචරන්ති. අථ “චතුත්ථෙ දිවසෙ හත්ථිමඞ්ගලං භවිස්සතී”ති බොධිසත්තස්ස මාතා තං පවත්තිං සුත්වා “හත්ථිමඞ්ගලකරණං නාම යාව සත්තමා කුලපරිවට්ටා අම්හාකං වංසො, වංසො ච නො ඔසක්කිස්සති, ධනා ච පරිහායිස්සාමා”ති අනුසොචමානා පරොදි.
යටගිය දවස බරණැස් නුවර සුසීම නම් රජ කෙනෙක් සිටියේය. එකල බෝසතාණන් වහන්සේ රජතුමාගේ පුරෝහිතයාගේ බැමිණියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඔහුගේ සොළොස් වයස් කාලයේදී පියා කලුරිය කළේය. ඒ පියා ජීවත්ව සිටි කාලයේදී රජුගේ ඇතුන් පිළිබඳ මංගල චාරිත්‍ර සිදු කරන්නා විය. ඇතුන්ට මංගල කටයුතු කරන ස්ථානයෙහි ගෙනෙන ලද උපකරණ බඩුද ඇතුන්ගේ ඇඳුම් පැළඳුම්ද සියල්ල ඔහුම ලැබුවේය. මෙසේ මොහුට එක් එක් මංගල අවස්ථාවකදී කෝටියක් පමණ ධනය උපදියි. ඉක්බිති එකල ඇතුන් සම්බන්ධ කරගෙන කරනු ලබන උත්සවය පැමිණියේය. සෙසු බමුණෝ රජු වෙත එළඹ මහරජ! ඇතුන් මඟුල් උළෙල පැමිණියේය. මංගල උත්සවය කරන්නට වටියි. පුරෝහිත බමුණාගේ පුතා ඉතා ලාබාලය. වේදත්‍රය නොදනී. ඇතුන් පිළිබඳව පිළිවෙත් (සූත්‍රය) නොදනී. අපි ඇත් මංගල්‍යය කරන්නෙමුයි කීවාහුය. රජතුමා යහපතැයි පිළිගත්තේය. බමුණෝ පෙරෙවි බමුණාගේ පුතාට ඇත් යාගය කරන්නට නොදී අපි ඇත් යාගය කොට ධනය ගන්නෙමුයි තුටු පහටුව හැසිරෙත්.
බොධිසත්තො “කස්මා, අම්ම, රොදසී”ති වත්වා තං කාරණං සුත්වා “නනු, අම්ම, අහං මඞ්ගලං කරිස්සාමී”ති ආහ. “තාත, ත්වං නෙව තයො වෙදෙ ජානාසි, න හත්ථිසුත්තං, කථං මඞ්ගලං කරිස්සසී”ති. “අම්ම, කදා පන හත්ථිමඞ්ගලං කරිස්සතී”ති? “ඉතො චතුත්ථෙ දිවසෙ, තාතා”ති. “අම්ම, තයො පන වෙදෙ පගුණෙ කත්වා හත්ථිසුත්තං ජානනකආචරියො කහං වසතී”ති? “තාත, එවරූපො දිසාපාමොක්ඛො ආචරියො ඉතො වීසයොජනසතමත්ථකෙ ගන්ධාරරට්ඨෙ තක්කසිලායං වසතී”ති. “අම්ම, අම්හාකං වංසං න නාසෙස්සාමි, අහං ස්වෙ එකදිවසෙනෙව තක්කසිලං ගන්ත්වා එකරත්තෙනෙව තයො වෙදෙ ච හත්ථිසුත්තඤ්ච උග්ගණ්හිත්වා පුනදිවසෙ ආගන්ත්වා චතුත්ථෙ දිවසෙ හත්ථිමඞ්ගලං කරිස්සාමි, මා රොදී”ති මාතරං සමස්සාසෙත්‍වා පුනදිවසෙ බොධිසත්තො පාතොව භුඤ්ජිත්වා එකකොව නික්ඛමිත්වා එකදිවසෙනෙව තක්කසිලං ගන්ත්වා ආචරියං වන්දිත්වා එකමන්තං නිසීදි.
ඉක්බිති හතරවෙනි දින ඇත් මංගලය වන්නේ යයි බෝසත් බව ඒ පුවත අසා ඇත් මංගලය කිරීම නම් හත්මුතු පරපුර තෙක් අපගේ වංශයයි. අපගේ වංශයද පසුබසී. ධනයෙන්ද පිරිහෙන්නෙමුයි සෝක කරමින් හැඬුවාය. බෝධිසත්ත්වයන් වහන්සේ මෑණියනි! කුමක් නිසා අඬන්නෙහිදැයි විමසා ඒ සිද්ධිය අසා මෑණියනි! මම හත්ථි මංගලය කරන්නෙමියි කීහ. දරුව! නුඹ වේදත්‍රය නොදන්නෙහිය. හත්ථි සූත්‍රයද නොදන්නෙහිය. කෙසේ මංගල්‍යය කරන්නෙහිද? එවිට මෑණියනි! ඇත් යාගය කවදා කරන්නාහුද? පුතුනි! මින් දින හතරකින් එය සිදු වන්නේය. මෑණියනි! තුන්වේදය ඉගෙනගෙන හත්ථි සූත්‍රය දන්නා ගුරුවරු කොහි වාසය කරත්දැයි විමසීය. දරුව! එවැනි දිසාපාමොක් ඇදුරෙකු මෙයින් එක්සිය විසි යොදුනක් ඈත ගන්ධාර රටේ තක්ෂිලාවෙහි වාසය කරතියි කීවාය. මෑණියනි! අපේ වංශය නොනසන්නෙමි. හෙට එක දවසින්ම තක්සලාවට ගොස් එකරැයින්ම වේදත්‍රය හා හත්ථි සූත්‍රය ඉගෙනගෙන දෙවැනි දින ඇවිත් හතරවෙනි දින ඇත් මංගල්‍යය කරන්නෙමි. නොහඬන්නැයි මව සනසා බෝසතාණන් වහන්සේ පසුදින උදෙන්ම ආහාර ගෙන තනියම නික්මී එක් දිනකින්ම තක්සලා නුවරට ගොස් ගුරුවරයා හමුවී වැඳ එකත්පසෙක හිඳ ගත්තේය.
අථ නං ආචරියො “කුතො ආගතොසි, තාතා”ති පුච්ඡි. “බාරාණසිතො, ආචරියා”ති. “කෙනත්ථෙනා”ති? “තුම්හාකං සන්තිකෙ තයො වෙදෙ ච හත්ථිසුත්තඤ්ච උග්ගණ්හනත්ථායා”ති. “සාධු, තාත, උග්ගණ්හා”ති. බොධිසත්තො “ආචරිය, මය්හං කම්මං අච්චායික”න්ති සබ්බං පවත්තිං ආරොචෙත්වා “අහං එකදිවසෙනෙව වීසයොජනසතං ආගතො, අජ්ජෙවෙකරත්තිං මය්හමෙව ඔකාසං කරොථ, ඉතො තතියදිවසෙ හත්ථිමඞ්ගලං භවිස්සති, අහං එකෙනෙව උද්දෙසමග්ගෙන සබ්බං උග්ගණ්හිස්සාමී”ති වත්වා ආචරියං ඔකාසං කාරෙත්වා ආචරියස්ස භුත්තකාලෙ සයං භුඤ්ජිත්වා ආචරියස්ස පාදෙ ධොවිත්වා සහස්සත්ථවිකං පුරතො ඨපෙත්වා වන්දිත්වා එකමන්තං නිසින්නො පරියත්තිං පට්ඨපෙත්වා අරුණෙ උග්ගච්ඡන්තෙ තයො වෙදෙ ච හත්ථිසුත්තඤ්ච නිට්ඨපෙත්වා “අඤ්ඤොපි අත්ථි, ආචරියා”ති පුච්ඡිත්වා “නත්ථි තාත, සබ්බං නිට්ඨිත”න්ති වුත්තෙ “ආචරිය, ඉමස්මිං ගන්ථෙ එත්තකං පදපච්චාභට්ඨං, එත්තකං සජ්ඣායසම්මොහට්ඨානං, ඉතො පට්ඨාය තුම්හෙ අන්තෙවාසිකෙ එවං වාචෙය්යාථා”ති ආචරියස්ස සිප්පං සොධෙත්වා පාතොව භුඤ්ජිත්වා ආචරියං වන්දිත්වා එකදිවසෙනෙව බාරාණසිං පච්චාගන්ත්වා මාතරං වන්දිත්වා “උග්ගහිතං තෙ, තාත, සිප්ප”න්ති වුත්තෙ “ආම, අම්මා”ති වත්වා මාතරං පරිතොසෙසි.
ඉක්බිති ගුරුතුමා දරුව! නුඹ කොහි සිට ආවෙහිදැයි විචාළේය. ගුරුතුමනි! බරණැස සිට ආවෙමි. කුමක් සඳහාදැයි විමසූ විට නුඹවහන්සේ ළඟ ත්රිවේදය ද ඇත් සුතුරද ඉගෙනීම පිණිස යයි කී විට, හොඳයි දරුව! ඉගෙන ගනුවයි කීවේය. බෝසතාණෝ ගුරුතුමනි! මගේ කටයුත්ත අත්‍යවශ්‍ය එකකැයි කියා සියලු සිද්ධිය දන්වා මම එක් දවසකින්ම එක්සිය විසියොදුනක් ආවෙමි. අද එක් රැයක් මා වෙනුවෙන්ම අවකාශ ලබා දෙන්න. මෙයින් තුන්වන දිනයේ ඇත් මංගල්‍යය සිදු කරන්නේය. මම එකම උදෙසීම් මාර්ගයෙන් සියල්ල ඉගෙන ගන්නෙමියි කියා ගුරුතුමා ලවා අවකාශ සලස්වා ගුරුතුමා ආහාර අනුභව කළ පසුව තමාත් අනුභවකොට ගුරුතුමාගේ පා සෝදා දහසින් බැඳි පියල්ල හෙවත් ගුරු පූජාව දෙපා මුල තබා වැඳ එකත්පසෙක සිටිමින් ඉගෙනීම පටන්ගෙන අරුණ නැගෙද්දීම වේදත්රයත්, ඇත් සුතුරත් නිමවා ගුරුතුමනි! තවත් ඉගෙන ගැනීම යමක් ඇත්දැයි විමසා, නැත දරුව! සියල්ල නිමකර ඇතැයි කී කල්හි ගුරුතුමනි! මේ ග්රන්ථයෙහි මෙපමණක් පද ගිලිහී ඇත. මෙපමණක් හැදෑරීමේදී මුලා වෙන තැන්ය. එම නිසා මෙතැන් පටන් අතවැසියන් මෙසේ ඉගැන්විය යුතුයයි ගුරුවරයාගේ ශිල්ප ඉගැන්වීමේ අඩුපාඩු ශුද්ධකොට උදෙන්ම ආහාර ගෙන ගුරුතුමා වැඳ එක් දිනකින්ම බරණැස ආපසු ඇවිත් මව වැඳ දරුව! ඔබ විසින් ඒ ශිල්පය උගන්නා ලදදැයි විමසූවිට එසේය මෑණියනියි කියා මව සන්තෝෂ කෙළේය.
පුනදිවසෙ හත්ථිමඞ්ගලඡණො පටියාදියිත්ථ. සතමත්තෙ හත්ථිසොණ්ඩාලඞ්කාරෙ ච සුවණ්ණද්ධජෙ හෙමජාලසඤ්ඡන්නෙ කත්වා ඨපෙසුං, රාජඞ්ගණං අලඞ්කරිංසු. බ්රාහ්මණා “මයං හත්ථිමඞ්ගලං කරිස්සාම, මයං කරිස්සාමා”ති මණ්ඩිතපසාධිතා අට්ඨංසු. සුසීමොපි රාජා සබ්බාලඞ්කාරපටිමණ්ඩිතො උපකරණභණ්ඩං ගාහාපෙත්වා මඞ්ගලට්ඨානං අගමාසි. බොධිසත්තොපි කුමාරපරිහාරෙන අලඞ්කතො අත්තනො පරිසාය පුරක්ඛතපරිවාරිතො රඤ්ඤො සන්තිකං ගන්ත්වා “සච්චං කිර, මහාරාජ, තුම්හෙ අම්හාකං වංසඤ්ච අත්තනො වංසඤ්ච නාසෙත්වා ‘අඤ්ඤෙහි බ්රාහ්මණෙහි හත්ථිමඞ්ගලං කාරෙත්වා හත්ථාලඞ්කාරඤ්ච උපකරණානි ච තෙසං දස්සාමා’ති අවචුත්ථා”ති වත්වා පඨමං ගාථමාහ –
දෙවන දිනයේ ඇතුන්ගේ මංගල උත්සවය පිළියෙල කළහ. සියයක් පමණ ඇතුන් රන් අලංකාරයෙන් සරසා රන් ධජ, රන් දැල්වලින් වසා තැබූහ. රජ මිදුල අලංකාර කළහ. බමුණෝ අපි ඇත් මඟුල කරන්නෙමුයි සැරසී සැදී පැහැදී සිටියාහුය. සුසීම රජතුමා ද සියලු අලංකාරයෙන් සැරසී මංගල්‍යයට අවශ්‍ය ආභරණ භාණ්ඩ ගෙන්වාගෙන මංගල්‍යය පවත්වන ස්ථානයට ගියේය. බෝසතාණන් වහන්සේත් කුමාර අලංකාරයෙන් සැරසී තම පිරිස විසින් පෙරටුකොට පිරිවරාගෙන රජු සමීපයට ගොස් මහරජතුමනි! ඇත්තද? නුඹවහන්සේ අපගේ වංසය නසා සෙසු බමුණන් ලවා ඇත් මංගල්‍යය පවත්වා ඇත් සැරසිලි හා උපකරණ ඔවුන්ට දෙන්නමුයි කීවාහුදැයි කියා,
“කාළා මිගා සෙතදන්තා තවීමෙ, පරොසතං හෙමජාලාභිඡන්නා; තෙ තෙ දදාමීති සුසීම බ්රූසි, අනුස්සරං පෙත්තිපිතාමහාන”න්ති.
කාළා මිගා සෙතදන්තා තව ඉමෙ, පරො සතං හෙමජාලාහි සඤ්ජාන්නා, තෙ තෙ දදාමීති සුසීම! බ්‍රෑසි, අනුස්සරං පෙත්තිපිතා මහාන්ති.
යන පළමු ගාථාව කීහ.
සුසීම මහරජ, තොපගේ මේ සියයකට අධික වූ සුදු දළ ඇති කළුපැහැ ඇත්හු රන්දැලින් සරසන ලදහ. ඒ ඇතුන් පිය මුතුන් මිත්තන්ගේ සිරිත් සිහි කෙරෙමින් ඔවුන්ට (අන් බමුණන්ට) දෙමියි කීයේ සැබෑවක්ද?
තත්ථ තෙ තෙ දදාමීති සුසීම බ්රූසීති තෙ එතෙ තව සන්තකෙ “කාළා මිගා සෙතදන්තා”ති එවං ගතෙ පරොසතං සබ්බාලඞ්කාරපටිමණ්ඩිතෙ හත්ථී අඤ්ඤෙසං බ්රාහ්මණානං දදාමීති සච්චං කිර, භො සුසීම, එවං බ්රූසීති අත්ථො. අනුස්සරං පෙත්තිපිතාමහානන්ති අම්හාකඤ්ච අත්තනො ච වංසෙ පිතුපිතාමහානං ආචිණ්ණං සරන්තොයෙව. ඉදං වුත්තං හොති – මහාරාජ, යාව සත්තමකුලපරිවට්ටා තුම්හාකං පෙත්තිපිතාමහානං අම්හාකං පෙත්තිපිතාමහා ච හත්ථිමඞ්ගලං කරොන්ති, සො ත්වං එවං අනුස්සරන්තොපි අම්හාකඤ්ච අත්තනො ච වංසං නාසෙත්වා සච්චං කිර එවං බ්රූසීති.
එහි, තෙ තෙ දදාමීති සුසීම! බ්‍රෑසී යනු ඒ උපකරණ ඔවුන්ට හෝ ඔවුන්ට අයිති දේ. කාලමිගා සෙත දන්තා යනු පින්වත් සුසීම රජතුමනි, මෙසේ සියලු අලංකාරයෙන් සරසන ලද සියයකට අධික ඇතුන් අනිත් බමුණන් දෙමියි ඔබවහන්සේ කීවාහුද? එය සත්‍යයක්ද යන අර්ථයි. අනුස්සරං පෙත්ති පිතාමහානං යනු අපගේද ඔබගේද වංසයෙහි පියා සීයා ආදීන් විසින් පුරුදු කරන ලද සිරිත් සිහි කරමින්ම මෙය කියන ලද්දේ වෙයි. සත්මුතු පරම්පරාව දක්වාම මහරජ! නුඹවහන්සේගේ පියා, මුත්තා ආදිකොට ඇති අයත් අපේ පියා මුත්තා ආදිකොට ඇති අයත් අපේ පියා මුත්තා ආදිකොට ඇති අයත් ඇත් මංගල්‍යය කරති. ඒ නුඹ වහන්සේ මෙසේ සිහි කරමින්ම අපගේද තමන්ගේද වංසය නසා මෙසේ කීවෙහුය යි කීම සත්‍යයක්ද?
සුසීමො රාජා බොධිසත්තස්ස වචනං සුත්වා දුතියං ගාථමාහ –
බෝසතුන්ගේ වචනය අසා සුසීම රජතුමා,
“කාළා මිගා සෙතදන්තා මමීමෙ, පරොසතං හෙමජාලාභිඡන්නා; තෙ තෙ දදාමීති වදාමි මාණව, අනුස්සරං පෙත්තිපිතාමහාන”න්ති.
කාලා මිගා සෙතදන්තා මම ඉමෙ, පරොසතං හෙමජාලාභි සඤ්ජන්නා, තෙ තෙ දදාමීති වදාමි මාණව, අනුස්සරං පෙත්ති පිතා මහාන්ති.
යන දෙවන ගාථාව කීවේය.
“මානවකය! මාගේ මේ සියයකට අධික වූ සුදු දළ ඇති කළුපැහැ ඇත්හු රන්දැලින් සරසන ලදහ. ඔවුන් පියමුතුන් සිරිත් සිහි කෙරෙමින් ඒ බමුණන්ට දෙමියි කීමි.
තත්ථ තෙ තෙ දදාමීති තෙ එතෙ හත්ථී අඤ්ඤෙසං බ්රාහ්මණානං දදාමීති සච්චමෙව මාණව වදාමි, නෙව හත්ථී බ්රාහ්මණානං දදාමීති අත්ථො. අනුස්සරන්ති පෙත්තිපිතාමහානං කිරියං අනුස්සරාමියෙව, නො නානුස්සරාමි, අම්හාකං පෙත්තිපිතාමහානං හත්ථිමඞ්ගලං තුම්හාකං පෙත්තිපිතාමහා කරොන්තීති පන අනුස්සරන්තොපි එවං වදාමියෙවාති අධිප්පායෙනෙවමාහ.
එහි, තෙ තෙ දදාමි යනු ඒ ඇතුන් අනෙක් බමුණන්ට දෙමියි ඇත්තක්ම කියමි, මාණවකය, ඒ ඇතුන් බමුණන්ට දෙමියි යනු හෝ අර්ථයි. අනුස්සරං යනු පියා-සීයා ආදිකොට ඇති අයගේ කටයුතු සිහිකිරීමය. සිහි නොකරන්නේ නොවෙමි. අපේ පියා මුත්තා ආදීන්ගේ ඇත් මංගල්‍යය නුඹවහන්සේගේ පියා මුත්තා ආදීහු කරති යන්න සිහි කරමින්ම මෙසේ කියමි යන අදහසින්ම මෙසේ කීවේය.
අථ නං බොධිසත්තො එතදවොච – “මහාරාජ, අම්හාකඤ්ච අත්තනො ච වංසං අනුස්සරන්තොයෙව කස්මා මං ඨපෙත්වා අඤ්ඤෙහි හත්ථිමඞ්ගලං කාරාපෙථා”ති. “ත්වං කිර, තාත, තයො වෙදෙ හත්ථිසුත්තඤ්ච න ජානාසී”ති මය්හං ආරොචෙසුං, තෙනාහං අඤ්ඤෙහි බ්රාහ්මණෙහි කාරාපෙමීති. “තෙන හි, මහාරාජ, එත්තකෙසු බ්රාහ්මණෙසු එකබ්රාහ්මණොපි තීසු වෙදෙසු වා හත්ථිසුත්තෙසු වා එකදෙසම්පි යදි මයා සද්ධිං කථෙතුං සමත්තො අත්ථි, උට්ඨහතු, තයොපි වෙදෙ හත්ථිසුත්තඤ්ච සද්ධිං හත්ථිමඞ්ගලකරණෙන මං ඨපෙත්වා අඤ්ඤො සකලජම්බුදීපෙපි ජානන්තො නාම නත්ථී”ති සීහනාදං නදි. එකබ්රාහ්මණොපි තස්ස පටිසත්තු හුත්වා උට්ඨාතුං නාසක්ඛි. බොධිසත්තො අත්තනො කුලවංසං පතිට්ඨාපෙත්වා මඞ්ගලං කත්වා බහුං ධනං ආදාය අත්තනො නිවෙසනං අගමාසි.
ඉක්බිති රජතුමාට බෝසතාණන් වහන්සේ මෙය කීහ. මහරජ, අපගේද තමන්ගේද වංසය සිහිකරමින්ම කුමක් නිසා මා හැර සෙසු බමුණන් ලවා ඇත් මංගල්‍යය කරවන්නෙහුද? දරුව! නුඹ වනාහි ත්‍රිවේදයත්, හත්ථි සූත්‍රයත් නොදන්නෙහි යයි මට කීවාහුය. ඒ නිසා මම අනෙක් බමුණන් ලවා කරවමියි කීය. එසේනම් මහරජ! මෙපමණ බමුණන් අතුරෙන් එක් බමුණෙක් හෝ වේදෙහි හෝ, හත්ථි සූත්‍රවල හෝ එක් කොටසක් හෝ මා සමග කීමට සමත් කෙනෙක් ඇත්නම් ඉදිරිපත් වේවා! ත්‍රිවේදයද ඇත් සුතුරද සමග ඇත් මංගල්‍යය කිරීම පිළිබඳ මා හැර මුළු දඹදිවම දන්නා අනිකෙක් නැතැයි සිංහනාද කළහ. එවිට එකද බමුණෙක් හෝ විරුද්ධව නැගී සිටීම අසමත් විය. බෝසතාණන් වහන්සේ තමන්ගේ කුල ගෞරවය පිහිටුවා මංගල්‍යය කොට බොහෝ ධනය ගෙන නිවසට ගියහ.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ කෙචි සොතාපන්නා අහෙසුං, කෙචි සකදාගාමිනො, කෙචි අනාගාමිනො, කෙචි අරහත්තං පාපුණිංසු. “තදා මාතා මහාමායා අහොසි, පිතා සුද්ධොදනමහාරාජා, සුසීමො රාජා ආනන්දො, දිසාපාමොක්ඛො ආචරියො සාරිපුත්තො, මාණවො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය ප්‍රකාශකොට ජාතක කථාව නිමවා වදාළ සේක. සමහරෙක් සෝවාන් වූහ. සමහරෙක් සකෘදාගාමි වූහ. සමහරෙක් අනාගාමි වූහ. සමහරෙක් රහත් වූහ. එකල මව මහාමායා දේවිය වූවාය. පියා සුදොවුන් මහරජ විය. සුසීම රජ ආනන්දය. දිසාපාමොක් ඇදුරුතුමා සැරියුත්ය. මානවකයා ලොව්තුරා බුදුවූ මම ම වූයෙමි යි වදාළ සේක.
සුසීමජාතකවණ්ණනා තතියා.