2. සන්ථවජාතකවණ්ණනා 162 අට්ඨකථා
2. සන්ථවජාතකවණ්ණනා (162)
2. සන්ථව ජාතකය (162)
න සන්ථවස්මා පරමත්ථි පාපියොති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො අග්ගිජුහනං ආරබ්භ කථෙසි. වත්ථු හෙට්ඨා නඞ්ගුට්ඨජාතකෙ (ජා· 1.1.144 ආදයො) කථිතසදිසමෙව. භික්ඛූ තෙ අග්ගිං ජුහන්තෙ දිස්වා “භන්තෙ, ජටිලා නානප්පකාරං මිච්ඡාතපං කරොන්ති, අත්ථි නු ඛො එත්ථ වුඩ්ඪී”ති භගවන්තං පුච්ඡිංසු. “න, භික්ඛවෙ, එත්ථකාචි වුඩ්ඪි නාම අත්ථි, පොරාණකපණ්ඩිතාපි අග්ගිජුහනෙ වුඩ්ඪි අත්ථීති සඤ්ඤාය චිරං අග්ගිං ජුහිත්වා තස්මිං කම්මෙ අවුඩ්ඪිමෙව දිස්වා අග්ගිං උදකෙන නිබ්බාපෙත්වා සාඛාදීහි පොථෙත්වා පුන නිවත්තිත්වාපි න ඔලොකෙසු”න්ති වත්වා අතීතං ආහරි.
න සන්ථවස්මා පරමත්ථි පාපියො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරනසේක් ගිනිදෙවියන් පිදීමක් මුල් කරගෙන වදාළ සේක. මෙහි වර්තමාන කථාව යට නංගුට්ඨ ජාතකයෙහි කියන ලද පරිදිමය. භික්ෂූහු ඔවුන් (ජටිලයන්) ගිනිදෙවියන් පුදනු දැක ස්වාමීනි! ජටිලයෝ නොයෙක් ආකාර වැරදි තපස් රකිති. මෙයින් අභිවෘද්ධියක් යහපතක් ඇද්දැයි බුදුරජාණන් වහන්සේගෙන් විචාළහ. උන්වහන්සේ මහණෙනි! එයින් කිසිම ප්‍රයෝජනයක් නැතැයි වදාළ සේක. පෙර නුවණ ඇති අය පවා ගිනි පිදීමෙහි අභිවෘද්ධියක් ඇතැයි යන හැඟීමෙන් කාලයක් ගිනි පුදා එම ක්‍රියාවෙහි අවැඩක්ම දැක ගින්න ජලයෙන් නිවා අතු ආදියෙන් පහර දී නැවත හැරී නොබැලූහයි වදාරා අතීත කථාව ගෙනහැර පෑ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො බ්රාහ්මණකුලෙ නිබ්බත්ති. මාතාපිතරො තස්ස ජාතග්ගිං ගහෙත්වා තං සොළසවස්සුද්දෙසෙ ඨිතං ආහංසු – “කිං, තාත, ජාතග්ගිං ගහෙත්වා අරඤ්ඤෙ අග්ගිං පරිචරිස්සසි, උදාහු තයො වෙදෙ උග්ගණ්හිත්වා කුටුම්බං සණ්ඨපෙත්වා ඝරාවාසං වසිස්සසී”ති. සො “න මෙ ඝරාවාසෙන අත්ථො, අරඤ්ඤෙ අග්ගිං පරිචරිත්වා බ්රහ්මලොකපරායණො භවිස්සාමී”ති ජාතග්ගිං ගහෙත්වා මාතාපිතරො වන්දිත්වා අරඤ්ඤං පවිසිත්වා පණ්ණසාලාය වාසං කප්පෙත්වා අග්ගිං පරිචරි. සො එකදිවසං නිමන්තිතට්ඨානං ගන්ත්වා සප්පිනා පායාසං ලභිත්වා “ඉමං පායාසං මහාබ්රහ්මුනො යජිස්සාමී”ති තං පායාසං ආහරිත්වා අග්ගිං ජාලෙත්වා “අග්ගිං තාව භවන්තං සප්පියුත්තං පායාසං පායෙමී”ති පායාසං අග්ගිම්හි පක්ඛිපි. බහුසිනෙහෙ පායාසෙ අග්ගිම්හි පක්ඛිත්තමත්තෙයෙව අග්ගි ජලිත්වා පච්චුග්ගතාහි අච්චීහි පණ්ණසාලං ඣාපෙසි. බ්රාහ්මණො භීතතසිතො පලායිත්වා බහි ඨත්වා “කාපුරිසෙහි නාම සන්ථවො න කාතබ්බො, ඉදානි මෙ ඉමිනා අග්ගිනා කිච්ඡෙන කතා පණ්ණසාලා ඣාපිතා”ති වත්වා පඨමං ගාථමාහ –
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී අප මහබෝසතාණන් වහන්සේ බමුණු කුලයෙහි උපන් සේක. මව්පියෝ ඔහු උපන්දින දැල්වූ ගිනි (ජාතග්ගි) රැගෙන ඔහු සොළොස් වයසට පැමිණි කල්හි මෙසේ කීහ. පුත, නුඹ උපන්දින දැල්වූ ගිනි රැගෙන කැලයෙහි ගිනි පුදන්නෙහිද? නැතිනම් ත්රිවේදය ඉගෙනගෙන පවුලක් පෝෂණය කරමින් ගිහිගෙයි වසන්නෙහිදැයි ඇසූහ. ඔහු මට ගිහිගෙයි විසීමෙන් ප්‍රයෝජනයක් නැත. වනයෙහි ගිනි පුදා බඹලොව උපදින්නෙමැයි උපන්දින දැල්වූ ගිනි රැගෙන මව්පියන් වැඳ කැලයට පිවිස පන්සලක වාසය කරමින් ගිනි පිදීය. ඔහු එක්දිනක් ආරාධිත තැනකට ගොස් ගිතෙල් සහිත කිරිබතක් ලැබ මේ කිරිබත මහා බ්‍රහ්මයාට පුදන්නෙමියි ඒ කිරිබත ගෙනවුත් ගිනි දල්වා පළමුකොට ගින්න මගින් බ්‍රහ්මයාට ගිතෙල් සහිත කිරිබත් වළඳවමියි කිරිබත ගින්නෙහි දැම්මේය. බොහෝ තෙල් ඇති කිරිබත ගින්නෙහි දැවූ කල්හිම ගින්න ඇවිලී උඩට නැගුණු ගිනිදැල්වලින් පන්සල දැවීය. බමුණා බියෙන් තැති ගත්තේ පලා ගොස් පිටත සිට අසත්පුරුෂයන් සමග ආශ්‍රය නොකළ යුතුයි. දැන් මේ ගින්නෙන් මා විසින් මහන්සියෙන් තැනූ පන්සල දවන ලදී යයි කියා,
“න සන්ථවස්මා පරමත්ථි පාපියො, යො සන්ථවො කාපුරිසෙන හොති; සන්තප්පිතො සප්පිනා පායසෙන, කිච්ඡාකතං පණ්ණකුටිං අදය්හී”ති.
න සන්ථවස්මා පරමත්ථි පාපියො, යො සන්ථවො කාපුරිසෙන හොති, සන්තප්පිතො සප්පිනා පායසෙන, කිච්ඡා කතං පණ්ණකුටිං අදඩ්ඪහි.
යන මේ පළමු ගාථාව කීවේය.
ගැරහිය යුතු පුරුෂයා සමග යම් සහවාසයක් වේද, ඒ සහවාසයට වඩා අධික වූ අන් නපුරෙක් නැත. කුමක් මෙන් ද යත් ගිතෙල් මුසු කිරිබතෙන් පුදනු ලැබූ ගින්න දුකසේ තනන ලද අතුපැල දැවීද? එහෙයිනි.
තත්ථ න සන්ථවස්මාති තණ්හාසන්ථවාපි ච මිත්තසන්ථවාපි චාති දුවිධාපි එතස්මා සන්ථවා පරං උත්තරි අඤ්ඤං පාපතරං නත්ථි, ලාමකතරං නාම නත්ථීති අත්ථො. යො සන්ථවො කාපුරිසෙනාති යො පාපකෙන කාපුරිසෙන සද්ධිං දුවිධොපි සන්ථවො, තතො පාපතරං අඤ්ඤං නත්ථි. කස්මා? සන්තප්පිතො …පෙ…අදය්හීති, යස්මා සප්පිනා ච පායාසෙන ච සන්තප්පිතොපි අයං අග්ගි මයා කිච්ඡෙන කතං පණ්ණසාලං ඣාපෙසීති අත්ථො.
එහි, සන්ථවසමාති - තෘෂ්ණා ඇසුරටත් මිත්‍ර ඇසුරටත් යන දෙයාකාර ඇසුරට වඩා උසස් පාපතර වඩාත් පාපී වූ ලාමකතර (වඩාත් ලාමක වූ) අනිත් ඇසුරක් නැත යන අර්ථයි. යො සන්ථවො කාපුරිසෙන යනු පවිටෙකු සමග ගැරහිය යුතු වූ අයෙකු සමග ඇතිකර ගන්නා වූ යම් මේ දෙයාකාර ඇසුරක් වේද එම ආශ්‍රයට වඩා පව්කාර අනික් ආශ්‍රයක් නැත. කුමක් නිසාද? සන්තප්පිතො -පෙ- අදඩ්ඪමි යනු යම් හෙයකින් ගිතෙල් කිරිබතින් සපතන ලද මේ ගින්න මා විසින් මහන්සියෙන් කරන ලද අසපුව දවන ලද ද එහෙයිනි යන අර්ථයයි.
සො එවං වත්වා “න මෙ තයා මිත්තදුබ්භිනා අත්ථො”ති තං අග්ගිං උදකෙන නිබ්බාපෙත්වා සාඛාහි පොථෙත්වා අන්තොහිමවන්තං පවිසිත්වා එකං සාමමිගිං සීහස්ස ච බ්යග්ඝස්ස ච දීපිනො ච මුඛං ලෙහන්තිං දිස්වා “සප්පුරිසෙහි සද්ධිං සන්ථවා පරං සෙය්යො නාම නත්ථී”ති චින්තෙත්වා දුතියං ගාථමාහ –
බමුණා මෙසේ කියා මිත්‍රද්‍රෝහී නුඹගෙන් මට ප්‍රයෝජනයක් නැතැයි ඒ ගින්න ජලයෙන් නිවා අතුවලින් තලා හිමාල වනය අභ්‍යන්තරයට පිවිසෙන්නේ අතරමග සිංහයෙකු, ව්‍යාඝ්‍රයෙකු, දිවියෙකු යන තුන්දෙනාගේ මුහුණ ලෙව ලෙව සිටි සාමා මුවදෙනක දැක සත්පුරුෂයන් සමග කරන ආශ්‍රයට වඩා අතිශයින් ශ්‍රේෂ්ඨ ඇසුරක් නැතැයි සිතා
“න සන්ථවස්මා පරමත්ථි සෙය්යො, යො සන්ථවො සප්පුරිසෙන හොති; සීහස්ස බ්යග්ඝස්ස ච දීපිනො ච, සාමා මුඛං ලෙහති සන්ථවෙනා”ති.
න සන්ථසවස්මා පරමත්ථි සෙය්යො, යො සන්ථවො සප්පුරිසෙන හොති, සීහස්ස ව්යග්ඝස්සච දීපිනොච, සාමා මුධං ලෙහති සන්ථවෙනාති.
යන මේ දෙවන ගාථාව කීවේය.
සත්පුරුෂයා හා යම් සහවාසයෙක් වේද ඒ සහවාසයට වඩා අධික වූ අන් උතුම් භවෙක් නැත. (කුමක් හෙයින්ද යත්) සහවාසය කරණ කොටගෙන සාමා මෘගධේනුව සිංහයාගේ ව්‍යාඝ්‍රයාගේද දිවියාගේද මුහුණ ලෙවීම මෙනි.
තත්ථ සාමා මුඛං ලෙහති සන්ථවෙනාති සාමා නාම මිගී ඉමෙසං තිණ්ණං ජනානං සන්ථවෙන සිනෙහෙන මුඛං ලෙහතීති.
තත්ථ - එහි, සාමා මුඛං ලෙහති සන්ථවෙනා යනු - සාමා මෘග ධේනුව මේ තිදෙනාගේ ආශ්රයෙන් ස්නේහයෙන් මුහුණ ලෙව කන්නීයයි.
එවං වත්වා බොධිසත්තො අන්තොහිමවන්තං පවිසිත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා අභිඤ්ඤා ච සමාපත්තියො ච නිබ්බත්තෙත්වා ජීවිතපරියොසානෙ බ්රහ්මලොකූපගො අහොසි.
මෙසේ කියා බෝසතාණන් වහන්සේ හිමාලය වනය තුළට පිවිස තවුස් පැවිද්දෙන් පැවිදිව පඤ්ච අභිඥා ද අෂ්ට සමාපත්ති ද උපදවාගෙන ජීවිතයාගේ කෙළවර බඹලොව උපන්නෝය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තෙන සමයෙන තාපසො අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල තාපසයා මම ම වූයෙමි යි වදාළ සේක.
සන්ථවජාතකවණ්ණනා දුතියා.