1. ඉන්දසමානගොත්තජාතකවණ්ණනා 161 අට්ඨකථා
1. ඉන්දසමානගොත්තජාතකවණ්ණනා (161)
1. ඉන්දසමානගොත්ත ජාතකය (161)
න සන්ථවං කාපුරිසෙන කයිරාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං දුබ්බචජාතිකං ආරබ්භ කථෙසි. තස්ස වත්ථු නවකනිපාතෙ ගිජ්ඣජාතකෙ (ජා· 1.9.1 ආදයො) ආවිභවිස්සති. සත්ථා පන තං භික්ඛුං “පුබ්බෙපි ත්වං, භික්ඛු, දුබ්බචතාය පණ්ඩිතානං වචනං අකත්වා මත්තහත්ථිපාදෙහි සඤ්චුණ්ණිතො”ති වත්වා අතීතං ආහරි.
න සන්ථවං කාපුරිසෙන කයිරා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් එක් අකීකරු භික්ෂුවක් මුල් කරගෙන වදාළ සේක. එම කථාපුවත නවවන නිපාතයෙහි ගිජ්ඣ ජාතකයෙහි මතු සඳහන් වන්නේය. බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවට මහණ, නුඹ පෙරත් අකීකරුකමින් නුවන ඇත්තන්ගේ වචනය පිළි නොගෙන මත් ඇතාගේ පාවලින් සුනුවිසුනු කරන ලද්දේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා වුඩ්ඪිප්පත්තො ඝරාවාසං පහාය ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා පඤ්චන්නං ඉසිසතානං ගණසත්ථා හුත්වා හිමවන්තපදෙසෙ වාසං කප්පෙසි. තදා තෙසු තාපසෙසු ඉන්දසමානගොත්තො නාමෙකො තාපසො අහොසි දුබ්බචො අනොවාදකො. සො එකං හත්ථිපොතකං පොසෙසි. බොධිසත්තො සුත්වා තං පක්කොසිත්‍වා “සච්චං කිර ත්වං හත්ථිපොතකං පොසෙසී”ති පුච්ඡි. “සච්චං, ආචරිය, මතමාතිකං එකං හත්ථිපොතකං පොසෙමී”ති. “හත්ථිනො නාම වුඩ්ඪිප්පත්තා පොසකෙයෙව මාරෙන්ති, මා තං පොසෙහී”ති. “තෙන විනා වත්තිතුං න සක්කොමි ආචරියා”ති. “තෙන හි පඤ්ඤායිස්සසී”ති. සො තෙන පොසියමානො අපරභාගෙ මහාසරීරො අහොසි.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ බමුණු කුලයෙහි ඉපදී වැඩිවියට පත්වූයේ ගිහිගෙයි වාසය අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදි වී පන්සියයක් තාපසවරුන්ට නායක වී හිමාල වන පෙදෙසෙහි වාසය කළ සේක. එකල ඒ තාපසවරුන් අතරෙහි ඉන්දස ගොත්ත නම් අකීකරු අවවාද නොපිළිගන්නා එක් තාපසයෙක් සිටියේය. හෙතෙම එක් ඇත් පොව්වෙකු පෝෂණය කළේය. බෝසතාණන් වහන්සේ ඒ බව අසා ඔහු කැඳවා ඇත්තද, නුඹ ඇත් පොව්වෙකු පෝෂණය කරන්නෙහි දැයි විචාළේය. ගුරුතුමාණෙනි! එය ඇත්තයි. මව මළ එක් ඇත් පොව්වෙකු පෝෂණය කරමියි පිළිතුරු දුන්නේය. ඇත්තු නම් වැඩුනාම පෝෂණය කරන්නුන්ද මරණයට පත් කරති. ඒ නිසා ඒ ඇත්පැටවා පෝෂණය නොකරන්නැයි කීහ. ගුරුතුමනි! ඒ ඇතාගෙන් තොරව මට ජීවත්විය නොහැකිය. එසේ නම් ඉදිරියේදී ඔබට වෙන්නේ කුමක්දැයි පෙනේවි. ඒ ඇතා ඔහු විසින් පෝෂණය කරනු ලබන්නේ පසුකලෙක ලොකු ශරීරයක් ඇතිවිය.
අථෙකස්මිං කාලෙ තෙ ඉසයො වනමූලඵලාඵලත්ථාය දූරං ගන්ත්වා තත්ථෙව කතිපාහං වසිංසු. හත්ථීපි අග්ගදක්ඛිණවාතෙ පභින්නමදො හුත්වා තස්ස පණ්ණසාලං විද්ධංසෙත්වා පානීයඝටං භින්දිත්වා පාසාණඵලකං ඛිපිත්වා ආලම්බනඵලකං ලුඤ්චිත්වා “තං තාපසං මාරෙත්වාව ගමිස්සාමී”ති එකං ගහනට්ඨානං පවිසිත්වා තස්ස ආගමනමග්ගං ඔලොකෙන්තො අට්ඨාසි. ඉන්දසමානගොත්තො තස්ස ගොචරං ගහෙත්වා සබ්බෙසං පුරතොව ආගච්ඡන්තො තං දිස්වා පකතිසඤ්ඤායෙවස්ස සන්තිකං අගමාසි. අථ නං සො හත්ථී ගහනට්ඨානා නික්ඛමිත්වා සොණ්ඩාය පරාමසිත්වා භූමියං පාතෙත්වා සීසං පාදෙන අක්කමිත්වා ජීවිතක්ඛයං පාපෙත්වා මද්දිත්වා කොඤ්චනාදං කත්වා අරඤ්ඤං පාවිසි. සෙසතාපසා තං පවත්තිං බොධිසත්තස්ස ආරොචෙසුං . බොධිසත්තො “කාපුරිසෙහි නාම සද්ධිං සංසග්ගො න කාතබ්බො”ති වත්වා ඉමා ගාථා ආහ –
ඉක්බිති එක් කලෙක ඒ තාපසවරු වන මුල් ලොකු කුඩා ගෙඩි ජාති (පලාඵල) පිණිස දුර ගොස් එහිම දින කීපයක් ගතකළහ. ඇතා ද අග්‍ර දක්ෂිණ වාතයෙන් වෑහෙන මද ඇතිව තවුසාගේ අසපුව විනාශකොට පැන් කලය බිඳ, ගල්පුවරුව උදුරා දමා වැතිර හිදිනා පෝරුව කඩාදමා ඒ තාපසයා මරා දමා යන්නෙමැයි වන ලැහැබට පිවිස එන්නා වූ මාර්ගය බලමින් සිටියේය. ඉන්දස ගොත්ත තවුසා ඇතාට ආහාර රැගෙන හැමට පළමු එන්නේ ඇතා දැක පෙර හිතවත්කම් අනුව ඇතා ළඟට ගියේය. ඉක්බිති ඒ ඇතා වදුලෙන් නික්ම අවුත් තවුසා සොඬින් අල්ලා බිම හෙළා හිස පයින් පාගා මරණයට පත්කොට මැඩ කුඤ්චනාද කොට කැලයට පිවිසියේය. සෙසු තවුසෝ ඒ සිද්ධිය දැක බෝසත් තවුසාට සැළ කළහ. බෝසත් තවුසා අසත්පුරුෂයන් සමග ආශ්‍රය නොකළ යුතුයයි කියා
“න සන්ථවං කාපුරිසෙන කයිරා, අරියො අනරියෙන පජානමත්ථං; චිරානුවුත්ථොපි කරොති පාපං, ගජො යථා ඉන්දසමානගොත්තං.
නසන්ථවං කාපුරිසෙන කයිරා, අරියො අනරියෙන පජානමත්ථං, චිරානුවුත්ථොපි කරොති පාපං, ගජො යථා ඉන්දසමාන ගොත්තං.
“යං ත්වෙව ජඤ්ඤා සදිසො මමන්ති, සීලෙන පඤ්ඤාය සුතෙන චාපි; තෙනෙව මෙත්තිං කයිරාථ සද්ධිං, සුඛො හවෙ සප්පුරිසෙන සඞ්ගමො”ති.
යංත්ථෙව ජඤ්ඤා සදිසො මමන්ති, සීලෙන පඤ්ඤාය සුතෙන චාපි, තෙනෙව මෙත්තිං කයිරාථ සද්ධිං, සුඛාවහො සප්පුරිසෙන සංගමො.
යන මේ ගාථා කීවේය.
අර්ථය දන්නා වූ ආර්ය පුද්ගල තෙමේ අනාර්ය වූ පිළිකුල් පුද්ගලයා සමග ඇසුරු නොකරන්නේය. කුමක් නිසාද? බොහෝ කාලයක් එක්ව වාසය කළත් නපුරක් කරන්නේය. බොහෝ කාලයක් එක්ව වාසය කළ ඉන්දසමාන ගොත්ත නම් තවුසා මැරූ හස්තියා මෙනි.සීලයෙන් ද ප්‍රඥාවෙන් ද ශ්‍රැතයෙන් ද යම් තැනැත්තෙකු මා හා සමාන යයි දන්නේ ද ඔහු හා සමගම මිත්‍රත්වය කිරීම යහපති. සත්පුරුෂයා හා එක්ව වාසය සුව එළවන්නේය.
තත්ථ න සන්ථවං කාපුරිසෙන කයිරාති කුච්ඡිතෙන කොධපුරිසෙන සද්ධිං තණ්හාසන්ථවං වා මිත්තසන්ථවං වා න කයිරාථ. අරියො අනරියෙන පජානමත්ථන්ති අරියොති චත්තාරො අරියා ආචාරඅරියො ලිඞ්ගඅරියො දස්සනඅරියො පටිවෙධඅරියොති. තෙසු ආචාරඅරියො ඉධ අධිප්පෙතො. සො පජානමත්ථං අත්ථං පජානන්තො අත්ථානත්ථකුසලො ආචාරෙ ඨිතො අරියපුග්ගලො අනරියෙන නිල්ලජ්ජෙන දුස්සීලෙන සද්ධිං සන්ථවං න කරෙය්යාති අත්ථො. කිං කාරණා? චිරානුවුත්ථොපි කරොති පාපන්ති, යස්මා අනරියො චිරං එකතො අනුවුත්ථොපි තං එකතො නිවාසං අගණෙත්වා කරොති පාපං ලාමකකම්මං කරොතියෙව. යථා කිං? ගජො යථා ඉන්දසමානගොත්තන්ති, යථා සො ගජො ඉන්දසමානගොත්තං මාරෙන්තො පාපං අකාසීති අත්ථො. යං ත්වෙව ජඤ්ඤා සදිසො මමන්තිආදීසු යං ත්වෙව පුග්ගලං “අයං මම සීලාදීහි සදිසො”ති ජානෙය්ය, තෙනෙව සද්ධිං මෙත්තිං කයිරාථ, සප්පුරිසෙන සද්ධිං සමාගමො සුඛාවහොති.
එහි, නසන්ථවං කාපුරිසෙන කයිරා යනු පිළිකුල් කටයුතු වූ කිපෙනසුළු වූ පුරුෂයා සමග තෘෂ්ණාවෙන් කරන ඇසුරක් හෝ මිතුරුකමින් කරන ඇසුරක් හෝ නොකරව්. අරියො අනරියෙන පජානමත්ථං යනු ආර්යයෝ සතර දෙනෙකි. එනම්, ආචාර අරියලිංග අරියදස්සන අරියපටිවෙධ අරිය (මේවායෙහි අර්ථ දැනගැනීමට 3.1.2 තිලමුට්ඨි ජාතකය බලන්න.) මොවුන් අතුරෙන් යහපත් වූ ආචාර ඇත්තා මෙහිදී අදහස් කරන ලදි. හෙතෙම දතයුතු දෙයෙහි අර්ථය දන්නේ අර්ථ හා අනර්ථ තෝරා ගැනීමෙහි දක්ෂ වූයේ යහපැවැත්මෙහි පිහිටියේ ආර්ය පුද්ගලයාය. අනාර්ය වූ ලජ්ජා නැති දුසිල් වූවන් සමග ආශ්‍රය නො කරන්නේය යන අර්ථයි. කුමක් නිසාද? චිරානුවුත්ථොපි කරොති පාපං යනු යම් හෙයකින් අනාර්යයෝ කලක් එකට ඇසුරු කළත් ඔහු එක්ව වාසය නොසලකා පව් කරයි. ලාමක පාප කර්මයන් කරන්නේමය. කෙසේද? ගජො යථා ඉන්දසමාන ගොත්තං යනු යම්සේ ඒ ඇතා ඉන්දසමාන ගොත්ත නම් තවුසා මරන්නේ පවක් කෙළේය යන අර්ථයි. යංත්ථෙව ජඤ්ඤ සදිසො මමං යනු ආදියෙහි යම්කිසි පුද්ගලයෙක් සීලාදියෙන් මා හා සමාන යයි දන්නේ නම් ඔහු සමග මෛත්‍රී කරව්. සත්පුරුෂයා සමග එක්වීම සැප ගෙන දෙයි.
එවං බොධිසත්තො “අනොවාදකෙන නාම න භවිතබ්බං, සුසික්ඛිතෙන භවිතුං වට්ටතී”ති ඉසිගණං ඔවදිත්වා ඉන්දසමානගොත්තස්ස සරීරකිච්චං කාරෙත්වා බ්රහ්මවිහාරෙ භාවෙත්වා බ්රහ්මලොකූපගො අහොසි.
මෙසේ බෝසතාණන් වහන්සේ අවවාද නොපිළිගන්නෙකු නොවිය යුතුයි. මනා හික්මීමක් ඇත්තෙකු විය යුතුයි. තාපසවරුන්ට ඔවා දී ඉන්දසමාන ගොත්ත තවුසාගේ අවසන් කටයුතු කරවා බ්‍රහ්ම විහාර වඩා බඹලොව උපන්නේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා ඉන්දසමානගොත්තො අයං දුබ්බචො අහොසි, ගණසත්ථා පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එදා ඉන්දසමාන ගොත්ත තවුසා මේ අකීකරු භික්ෂුවයි. නායක තවුසා වනාහි මම ම වූයෙමි යි දක්වා වදාළ සේක.
ඉන්දසමානගොත්තජාතකවණ්ණනා පඨමා.