යෙදුමෙන් කියවන්න

3. කල්‍යාණධම‍්මවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

3. කල්‍යාණධම්ම වර්‍ගය

193. කල්‍යාණධම‍්මොති යදා ජනින්‍ද ලොකෙ සමඤ‍්ඤා අනුපාපුණාති, තස‍්මා න හීයෙථ නරො සපඤ‍්ඤො හිරියාපි සන‍්තො ධුරමාදියන‍්ති.

193. නිරිඳුනි, ලොව්හි යම් කලෙකැ කල්‍යාණධර්‍ම ඇත්තේ යයි සම්මතයට පැමිණි ද නුවණැති මනුෂ්‍ය තෙමේ ඒ සොඳුරුබව නො පිරිහෙළයි. විළිබියෙන් යුත් සත්පුරුෂයෝ පැවිද්ද ලබාගනිත්.

194. සායං සමඤ‍්ඤා ඉධ ම’ජ‍්ජපත‍්තා කල්‍යාණධම‍්මොති ජනින්‍ද ලොකෙ, තා’හං සමෙක‍්ඛං ඉධ පබ‍්බජිස‍්සං. න හි ම’ත්‍ථි ඡන්‍දො ඉධ කාමභොගෙ’ති.

194. නිරිඳුනි, ලොව්හි කල්‍යාණධර්‍ම යයි යමක් ඇත්තේ ද ඒ මේ ප්‍රඥප්තිය මා විසින් අද ලබන ලද ද ඒ ප්‍රඥප්තිය මම බලන්නෙම්, පැවිදි වන්නෙමි, කාමානුභවයෙහි කැමැත්තෙක් නැති.

1. කල්‍යාණධම‍්මජාතකං.

1. කල්‍යාණධම්ම ජාතක යි.

195. කො නු සද‍්දෙන මහතා අභිනාදෙති දද‍්දරං, කිං සීහා නප‍්පටිනන්‍දන‍්ති කො නාමෙසො මිගාධිභූ

195. මෘගරාජය, මේ රිදී පර්‍වතය මහත් ශබ්දයෙන් ගුගුරුවන්නේ කවරෙක් ද කවර හෙයින් සිංහයෝ ප්‍රතිනාද නො කෙරෙත් ද මේ තෙමේ කිනම් ඇත්තෙක් ද.

196. අධමො මිගජාතානං සිගාලො තාත වස‍්සති, ජාතිමස‍්ස ජිගුච‍්ඡන‍්තා තුණ‍්හී සීහා සමච‍්ඡරෙති.

196. පුත්‍රය, මෘගජාතීනට අධම වූ සිවලා හඬයි. මොහුගේ ජාතිය පිළිකුල් කෙරෙමින් නිහඬ වැ හිඳිත්.

2. දද‍්දරජාතකං.

2. දද්දර ජාතක යි.

197. තාත මාණවකො එසො තාලමූලං අපස‍්සිතො, අගාරකඤ‍්චිදං අත්‍ථි හන්‍ද දෙමස‍්ස’ගාරකං.

197. පියාණෙනි, තෙල මාණවක තල්ගසමුලැ ඇසුරු කොට සිටී. මේ ගෙය ද ඉඩ ඇත. එබැවින් මොහුට අපගේ ගෙය ඉඩ දෙමු.

198. මා ඛො තං තාත පක‍්කොසි දූසෙය්‍ය නො අගාරකං, නෙතාදිසං මුඛං හොති බ්‍රාහ‍්මණස‍්ස සුසීලිනො’ති.

198. දරුව, ඔහු නො කැඳව, අපගේ ගෙය දූෂණය කරන්නේ ය, සුසිල්වත් බමුණකුගේ මුහුණ මෙබඳු නො වේ.

3. මක‍්කටජාතකං.

3. මක්කට ජාතක යි.

199. අදම‍්හ තෙ වාරි පහූතරූපං ඝම‍්මාභිතත‍්තස‍්ස පිපාසිතස‍්ස, සොදානි පීත්‍වාන කිකිං කිරොසි අසංගමො පාපජනෙන සෙය්‍යො.

199. හිරු රැසින් තැවී පිපාසිත වූ තට බොහෝ ජලය දුනිමි. හේ තෝ ජලය බී දැන් කිං කිං (යි වඳුරු ශබ්ද) කෙරෙහි ය. පාපජනයන් හා එක් නොවීම ශ්‍රේෂ්ඨ යි.

200. කො තෙ සුතො වා දිට‍්ඨො වා සීලවා නාම මක‍්කටො, ඉදානි කො තං ඌහච‍්ච ඵසා අස‍්මාක ධම‍්මතා’ති.

200. කවර නම් වඳුරෙක් සිල්වතැ යි තා විසින් අසන ලද ද දක්නා ලද ද, දැන් තා හිසැ වර්චස් හෙළා කිලිටි කෙරෙමි. මෝ තොමෝ අපගේ ධර්‍මතා යි.

4. දුතියමක‍්කටජාතකං.

4. දුතියමක්කට ජාතක යි.

201. සබ‍්බෙසු කිර භූතෙසු සන‍්ති සීලසමාහිතා, පස‍්ස සාඛා මිගං ජම‍්මං ආදිච‍්චමුපතිට‍්ඨති.

201. සියලු භූතයන් (සත්ත්‍වයන්) කෙරෙහි සිල්වත් එකඟ සිතැත්තෝ ඇත්ල. හීන වූ වඳුරා බලව. (හෙතෙමේ) සූර්‍ය්‍යයා වඳිමින් සිටී.

202. නාස‍්ස සීලං විජානාථ අනඤ‍්ඤාය පසංසථ අග‍්ගිහුත‍්තඤ‍්ච ඌහන‍්තං ද‍්වෙ ච භින‍්නා කමණ‍්ඩලූ’ති.

202. මොහුගේ ශීලය නො දන්නහු ය, නො දැනැ ප්‍රශංසා කරන්නහු ය. (මොහු විසින්) ගිනිදෙවි පුදන කෙණෙස්ස ද වර්චසින් කිලිටි කරන ලද, දෙ කුණ්ඩිකාවෝ ද බිඳින ලදහ.

5. ආදිච‍්චුපට‍්ඨානජාතකං.

5. ආදිච්චුපට්ඨාන ජාතක යි.

203. බාලො වතායං දුමසාඛගොචරො පඤ‍්ඤා ජනින්‍ද නයිමස‍්ස විජ‍්ජති, කළායමුට‍්ඨං අවකිරිය කෙවලං එකං කළායං පතිතං ගවෙසති.

203. ජනේශ්වරය, වෘක්‍ෂශාඛාවන්හි හැසිරෙන මේ වඳුරා එකතින් මැ අඥාන ය, මොහුට නුවණ නැත. කළුමෑමිට බිම හෙළා බිමහුණු එක් මැ මෑඇටය සොයයි.

204. එවමෙව මයං රාජ යෙ චඤ‍්ඤෙ අතිලොභිනො, අප‍්පෙන බහු ජිය්‍යාම කළායෙනෙව වානරොති.

204. එපරිද්දෙන් මැ මහරජ, දැඩි ලෝභී වූ අපි ද යම් අනෙක් කෙනෙක් දැ යි යන සියල්ලෝ මැ මෑඇට මිටින් වඳුරා මෙන් බෙහෙවින් පිරිහෙමු.

6. කළායමුට‍්ඨිජාතකං.

6. කළායමුට්ඨි ජාතක යි.

205. ධනුහත්‍ථ කලාපෙහි නෙත‍්තිංසවරධාරිහි, සමන‍්තා පරිකිණ‍්ණම‍්හා කථං මොක‍්ඛො භවිස‍්සති.

205. දුනු හියවුරු ගත් දුනුවායන් විසින් ද උතුම් කඩු ගත් යෝධයන් විසින් ද හාත්පසින් පිරිවරනලදුම්හ. මෙයින් මිදීමෙක් කෙසේ නම් වන්නේ ද,

206. අප‍්පෙව බහුකිච‍්චානං අත්‍ථො ජායෙථ කොචි නං, අත්‍ථි රුක‍්ඛස‍්ස අච‍්ඡින‍්නං ඛජ‍්ජතඤ‍්ඤෙව තින්‍දුකන‍්තී.

206. බොහෝ කටයුතු ඇතියනට කිසි අර්‍ත්‍ථයෙක් උපන්නේ වි නම් යෙහෙක. තිඹිරි ගසෙහි ඵල නො කැඩූ තැන් ඇත. තින්‍දුක ඵල කන්නට ලැබේවා.

7. තින්‍දුකජාතකං.

7. තින්‍දුක ජාතක යි.

207. ජනිත‍්තම‍්මෙ භවිත‍්තම‍්මෙ ඉති පඞ‍්කෙ අවස‍්සයිං, තං මං පඞ‍්කො අජ‍්ඣභවි යථා දුබ‍්බලකං තථා තං තං වදාමි භග‍්ගව සුණොහි වචනං මම.

207. මාගේ උපන් බිම ය කියා ද වැඩුණු බිම ය කියා ද මඩෙහි වැදැ හොත්තෙමි. මා ඒ මඩ දුර්‍වලවූවකු යම්සේ ද එසේ මැ විනාශයට පැමිණවී ය. භාර්‍ගවය, එහෙයින් තට කියමි. මාගේ වචන අසව.

208. ගාමෙ වා යදි රඤ‍්ඤෙ සුඛං යත්‍රාධිගච‍්ඡති, තං ජනිත‍්තං භවිත‍්තඤ‍්ච පුරිසස‍්ස පජානතො, යම‍්හි ජීවෙ තම‍්හි ගච‍්ඡෙ න නිකෙතහතො සියාති.

208. ගමෙහි වේවයි අරණ්‍යයෙහි වේවයි යම් තැනෙක්හි සුව පැමිණියේ ද ඒ ස්ථානය කරුණු දන්නා වූ පුරුෂයාට උපන් තැන ද වැඩුණු තැන ද වේ. යම් තැනෙක්හි ජීවත්වියහැක්කේ ද එතැනට යන්නේ ය. වසනතැන නැති වූයේ නො වන්නේ යි.

8. කච‍්ඡපජාතකං.

8. කච්ඡප ජාතක යි.

209. තඤ‍්ච අප‍්පඤ‍්ච උච‍්ඡිට‍්ඨං තඤ‍්ච කිච‍්ඡෙන නො අදා, සොහං බ්‍රාහ‍්මණජාතිකො මං භුත‍්තං තම‍්පි උග‍්ගතං.

209. ඒ බත ද ස්වල්පය (මඳ ය), ඒ මඳබත ද ඉඳුල් ය, ඒ මඳ වූ ඉඳුල් වූ බත දුකසේ දින (ලැබිණ). ඒ මම පිරිසිදු බමුණුකුල ඇත්තෙමි. මා විසින් කන ලද එකී ආහාරය ද ලේත් සමඟ උඩට නැඟිණ (වමනය විය).

210. එවං ධම‍්මං නිරං කත්‍වා යො අධම‍්මෙන ජීවති, සතධම‍්මොව ලාභෙන ලද‍්ධෙනපි න නන්‍දතී’ති.

210. එලෙසින් (ආජීව පාරිශුද්ධි ශීල නම් වූ) ධර්‍මය දුරු කොට යම් මහණෙක් අධර්‍මයෙන් ජීවත් වේ ද හේ සතධර්‍ම බ්‍රාහ්මණයා මෙන් ලද අහරින් තුටු නො වේ. (දුකට පැමිණේ.)

9. සතධම‍්මජාතකං.

9. සතධම්ම ජාතක යි.

211. දුද‍්දදං දදමානානං දුක‍්කරං කම‍්මකුබ‍්බතං, අසන‍්තො නානුකුබ‍්බන‍්ති සතං ධම‍්මො දුරන‍්නයො.

211. අසත්පුරුෂයෝ (හැම දෙනා විසින් මැ නො කළ හැකි හෙයින්) දුද්දද නම් වූ දන් දෙන්නවුන් ද දුෂ්කර ක්‍රියා කරන්නවුන් ද අනුකරණ නො කෙරෙති. (එසේ මැ) සත්පුරුෂයන්ගේ ස්වභාව සඞ්ඛ්‍යාත දානය (මෙ බඳු ඵලවිපාක ඇතැයි) නො දත හැකි වෙති.

212. තස‍්මා සතඤ‍්ච අසතඤ‍්ච නානා හොති ඉතො ගති, අසන‍්තො නිරයං යන‍්ති සන‍්තො සග‍්ගපරායණා’ති.

212. එහෙයින් සත්පුරුෂයන්ගේ ද අසත්පුරුෂයන්ගේ ද මෙයින් මතු භවයෙහි ප්‍රතිසන්‍ධිය වෙනස් වෙයි. අසත්පුරුෂයෝ නිරයට යෙති. සත්පුරුෂයෝ සවර්‍ගපරායණ වෙත්.

10. දුද‍්දදජාතකං.

10. දුද්දද ජාතක යි.

කල්‍යාණධම‍්මවග‍්ගො තතියො.

තෙවන කල්‍යාණ වර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

සුසමඤ‍්ඤමිගාධිභූ මාණවකො වාරිපහුතරූපාදිච‍්චුපට‍්ඨානා, සකළායසතින්‍දුකපඞ‍්ක පුන සතධම‍්ම සුදුද‍්දදකෙන දස.

සුසමඤ්ඤ කල්‍යාණධම්ම ජාතක යැ (මිගාධිභූ) දද්දර ජාතක යැ, (මාධවක) මක්කට ජාතක යැ, (වාරි පහූත) දුතිය මක්කට ජාතක යැ, ආදිච්චුපට්ඨාන ජාතක යැ, කළායමුට්ඨි තින්‍දුක ජාතක සහිත වූ (පඞ්ක) කච්ඡප ජාතක යැ, සතධම්ම ජාතකය හා දුද්දද ජාතකයෙන් දසය වේ.