7. තින්දුකජාතකවණ්ණනා 177 අට්ඨකථා
7. තින්දුකජාතකවණ්ණනා (177)
7. තින්දුක ජාතකය (177)
ධනුහත්ථකලාපෙහීති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො පඤ්ඤාපාරමිං ආරබ්භ කථෙසි. සත්ථා හි මහාබොධිජාතකෙ (ජා· 2.18.124 ආදයො) විය උමඞ්ගජාතකෙ (ජා· 2.22.590 ආදයො) විය ච අත්තනො පඤ්ඤාය වණ්ණං වණ්ණිතං සුත්වා “න, භික්ඛවෙ, ඉදානෙව තථාගතො පඤ්ඤවා, පුබ්බෙපි පඤ්ඤවා උපායකුසලොයෙවා”ති වත්වා අතීතං ආහරි.
ධනුහත්ථකලාපෙහි යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන සේක් උන්වහන්සේගේ ප්‍රඥා පාරමිතාව මුල් කරගෙන දේශනා කළ සේක. බුදුරජාණන් වහන්සේ මහාබෝධි ජාතකයෙහි මෙන්ද උම්මග්ග ජාතකයෙහි මෙන්ද තමන් වහන්සේ ප්‍රඥාවෙන් හා උපායශීලීව ක්‍රියා කෙළේ දැන් පමණක් නොවේ. පෙරත් එසේ ක්‍රියා කෙළේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො වානරයොනියං නිබ්බත්තිත්වා අසීතිසහස්සවානරගණපරිවාරො හිමවන්තපදෙසෙ වාසං කප්පෙසි. තස්සාසන්නෙ එකො පච්චන්තගාමකො කදාචි වසති, කදාචි උබ්බසති. තස්ස පන ගාමස්ස මජ්ඣෙ සාඛාවිටපසම්පන්නො මධුරඵලො එකො තින්දුකරුක්ඛො අත්ථි, වානරගණො උබ්බසිතකාලෙ ආගන්ත්වා තස්ස ඵලානි ඛාදති. අථාපරස්මිං ඵලවාරෙ සො ගාමො පුන ආවාසො අහොසි දළ්හපරික්ඛිත්තො ද්වාරයුත්තො, සොපි රුක්ඛො ඵලභාරනමිතසාඛො අට්ඨාසි. වානරගණො චින්තෙසි – “මයං පුබ්බෙ අසුකගාමෙ තින්දුකඵලානි ඛාදාම, ඵලිතො නු ඛො සො එතරහි රුක්ඛො, උදාහු නො, ආවසිතො සො ගාමො, උදාහු නො”ති. එවඤ්ච පන චින්තෙත්වා “ගච්ඡ ඉමං පවත්තිං ජානාහී”ති එකං වානරං පෙසෙසි. සො ගන්ත්වා රුක්ඛස්ස ච ඵලිතභාවං ගාමස්ස ච ගාළ්හවාසභාවං ඤත්වා ආගන්ත්වා වානරානං ආරොචෙසි.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝධිසත්ත්වයන් වහන්සේ වඳුරු ආත්මයෙහි ඉපිද අසූදහසක් වඳුරන් පිරිවරාගෙන හිමාල වනයෙහි වාසය කළ සේක. ඒ අසල එක් පිටිසර ගමක් විය. සමහර කලෙක මිනිස්සු වාසය කරති. සමහර කාලයක නොවසති. ඒ ගම මැද අතුපතර විහිදුනු මිහිරි ගෙඩි ඇති එක් තිඹිරි ගසක් ඇත. වඳුරු සමූහයා මිනිසුන් නොවසන කාලයෙහි අවුත් එහි ගෙඩි අනුභව කරති. ඉක්බිති ගෙඩි හටගන්නා අනිත් වාරයෙහි ඒ ගම ජනාවාස විය. බට දඬුවලින් වටකරන ලද්දේ දොර ඇති නිවාස තනති. ඒ ගසද ඵල බරින් නැමුණු අතු ඇති විය. වඳුරු සමූහයා අපි පෙර අසවල් ගමෙහි තිඹිරි ගෙඩි කෑවෙමු. ගසේ ගෙඩි හටගෙන තිබේද? මිනිස්සු පදිංචිව සිටිත්ද? නොසිටිත්දැයි මෙසේ සිතූහ. මෙසේ සිතා යව. මේ තොරතුරු දැන එවයි එක් වඳුරෙකු යැවූහ. ඒ වඳුරා ගොස් ගසේ ගෙඩි හටගෙන ඇති බවත්, ගමෙහිද මිනිසුන් බහුලව ඇති බවත් දැනගෙන අවුත් දැන්වීය.
වානරා තස්ස ඵලිතභාවං සුත්වා “මධුරානි තින්දුකඵලානි ඛාදිස්සාමා”ති උස්සාහජාතා වානරින්දස්ස තමත්ථං ආරොචෙසුං. වානරින්දො “ගාමො ආවාසො අනාවාසො”ති පුච්ඡි. “ආවාසො, දෙවා”ති. “තෙන හි න ගන්තබ්බං. මනුස්සා හි බහුමායා හොන්තී”ති. “දෙව, මනුස්සානං පටිසල්ලානවෙලාය අඩ්ඪරත්තසමයෙ ඛාදිස්සාමා”ති බහූ ගන්ත්වා වානරින්දං සම්පටිච්ඡාපෙත්වා හිමවන්තා ඔතරිත්වා තස්ස ගාමස්ස අවිදූරෙ මනුස්සානං පටිසල්ලානකාලං ආගමයමානා මහාපාසාණපිට්ඨෙ සයිත්‍වා මජ්ඣිමයාමෙ මනුස්සෙසු නිද්දං ඔක්කමන්තෙසු රුක්ඛං ආරුය්හ ඵලානි ඛාදිංසු. අථෙකො පුරිසො සරීරකිච්චෙන ගෙහා නික්ඛමිත්වා ගාමමජ්ඣගතො වානරෙ දිස්වා මනුස්සානං ආචික්ඛි. බහූ මනුස්සා ධනුකලාපං සන්නය්හිත්වා නානාවුධහත්ථා ලෙඩ්ඩුදණ්ඩාදීනි ආදාය “පභාතාය රත්තියා වානරෙ ගණ්හිස්සාමා”ති රුක්ඛං පරිවාරෙත්වා අට්ඨංසු. අසීතිසහස්සවානරා මනුස්සෙ දිස්වා මරණභයතජ්ජිතා “නත්ථි නො අඤ්ඤං පටිස්සරණං අඤ්ඤත්ර වානරින්දෙනා”ති තස්ස සන්තිකං ගන්ත්වා පඨමං ගාථමාහංසු –
වඳුරෝ තිඹිරි ගෙඩි හටගෙන ඇති බැව් අසා මිහිරි තිඹිරි ගෙඩි කන්නෙමුයි උනන්දු වූවාහු බොහෝ වඳුරෝ වඳුරු නායකයාට ඒ බව සැල කළාහුය. වඳුරු නායකයා ගම ජනාවාසද නැද්දැයි විචාළේය. නායකතුමනි! එය ජනාවාස වී ඇත. “එසේනම් එහි යා යුතුයි. මිනිස්සු බොහෝ මායම් දනිති” යනුවෙන් නායක වඳුරා කීය. නායකතුමනි! මිනිසුන් නිදාගන්නා වේලාවේ මධ්‍යම රාත්‍රියෙහි ගොස් කන්නෙමුයි කීහ. බොහෝ වඳුරෝ ගොස් නායක වඳුරා කැමති කරවාගෙන හිමාලයෙන් බැස ඒ ගමට නුදුරෙහි මිනිසුන් නිදාගන්නා වේලාව බලාපොරොත්තු වෙමින් මහ ගල්තලාව මත නිදා මැදියම් රැයෙහි මිනිසුන් නින්දට ගියකල්හි ගසට නැග ගෙඩි කෑවාහුය. ඉක්බිති එක් පුරුෂයෙක් ශරීරකෘත්‍යය (වැසිකිළි යාම) සඳහා ගෙයින් නික්මී ගම මැදට ගියේ වඳුරන් දැක මිනිසුන්ට කීවේය. බොහෝ මිනිස්සු දුනු හියවුරෙන් සන්නද්ධ වී, නොයෙක් ආයුධ ගත් අත් ඇතිව ගල්කැට දඬුමුගුරු ආදිය රැගෙන රැය පහන් වූ විට වඳුරන් ටික අල්ලා ගන්නෙමුයි ගස වටකරගෙන සිටියාහුය. අසූදහසක් වඳුරෝ මිනිසුන් දැක මරණ බියෙන් තැතිගෙන අපට වඳුරු නායක හැර වෙනත් පිළිසරණක් නැතැයි නායකයා සමීපයට ගොස්,
“ධනුහත්ථකලාපෙහි, නෙත්තිංසවරධාරිභි; සමන්තා පරිකිණ්ණම්හ, කථං මොක්ඛො භවිස්සතී”ති.
ධනුහත්ථ කලාපෙහි නෙත්තිංස වරධාරිහි, සමන්තා පරිකිණ්ණම්හා කථං මොක්ඛො භවිස්සති.
යන පළමු ගාථාව කීවාහුය.
“දුනු හියවුරු ගත් දුනුවායන් විසින්ද, උතුම් කඩුගත් යෝධයන් විසින්ද හාත්පසින් පිරිවරන ලදුම්හ. මෙයින් මිදීමක් නම් කෙසේ වන්නේද?”
තත්ථ ධනුහත්ථකලාපෙහීති ධනුකලාපහත්ථෙහි, ධනූනි චෙව සරකලාපෙ ච ගහෙත්වා ඨිතෙහීති අත්ථො. නෙත්තිංසවරධාරිභීති නෙත්තිංසා වුච්චන්ති ඛග්ගා, උත්තමඛග්ගධාරීහීති අත්ථො. පරිකිණ්ණම්හාති පරිවාරිතම්හ. කථන්ති කෙන නු ඛො උපායෙන අම්හාකං මොක්ඛො භවිස්සතීති.
එහි, ධනුහත්ථකලාපෙහි යනු දුනු හියවුරු ගත් ඇති අය විසින් දුනු සහ ඊතල හියවුරු ගෙන සිටියවුන් විසිර යන අර්ථයි. නෙත්තිංස වරධාරීහි යනු නෙත්තිංසා යනු කඩුයි. උතුම් කඩු දරන්නන් විසින් යන අර්ථයි. පරිකණ්ණම්හා යනු පිරිවරණ ලදුම්හ. කථං යනු කිසියම් උපායකින් අපට මොක්ඛො භවිස්සති විදීමක් වන්නේද?
තෙසං කථං සුත්වා වානරින්දො “මා භායිත්ථ, මනුස්සා නාම බහුකිච්චා, අජ්ජපි මජ්ඣිමයාමො වත්තති, අපි නාම තෙසං ‘අම්හෙ මාරෙස්සාමා’ති පරිවාරිතානං ඉමස්ස කිච්චස්ස අන්තරායකරං අඤ්ඤං කිච්චං උප්පජ්ජෙය්යා”ති වානරෙ සමස්සාසෙත්‍වා දුතියං ගාථමාහ –
ඔවුන්ගේ කථාව අසා වඳුරු නායකයා බිය නොවන්න! මිනිසුන්ට නම් වැඩ අධිකයි. අද ද මැදියම් රැය තවම පවතී. අපව මරන්නෙමුයි සිටියවුන්ට මේ ක්‍රියාවට බාධාවන අන්දමේ වෙනත් ක්‍රියාවක් උපදවන්නේ නම් යෙහෙකැයි සිතා වඳුරන් සනසා
“අප්පෙව බහුකිච්චානං, අත්ථො ජායෙථ කොචි නං; අත්ථි රුක්ඛස්ස අච්ඡින්නං, ඛජ්ජථඤ්ඤෙව තින්දුක”න්ති.
අප්පෙව බහුකිච්චානං අත්ථො ජායෙථ කොචිනං, අත්ථි රුක්ඛස්ස අච්ඡින්නං ඛජ්ජතඤ්ඤෙව තින්දුකං.
යන දෙවන ගාථාව කීවේය.
“බොහෝ වැඩපල ඇති අයට කිසියම් අර්ථයෙක් උපන්නේ නම් යෙහෙක, තිඹිරි ගසෙහි ගෙඩි නොකැඩූ තැන් ඇත. තිඹිරිගෙඩි කන්නට ලැබේවා!”
තත්ථ නන්ති නිපාතමත්තං, අප්පෙව බහුකිච්චානං මනුස්සානං අඤ්ඤො කොචි අත්ථො උප්පජ්ජෙය්යාති අයමෙවෙත්ථ අත්ථො. අත්ථි රුක්ඛස්ස අච්ඡින්නන්ති ඉමස්ස රුක්ඛස්ස ඵලානං ආකඩ්ඪනපරිකඩ්ඪනවසෙන අච්ඡින්නං බහු ඨානං අත්ථි. ඛජ්ජථඤ්ඤෙව තින්දුකන්ති තින්දුකඵලං ඛජ්ජථඤ්ඤෙව. තුම්හෙ හි යාවතකෙන වො අත්ථො අත්ථි, තත්තකං ඛාදථ, අම්හාකං පහරණකාලං ජානිස්සාමාති.
එහි නායං යනු නිපාත මාත්‍රයකි. අප්පෙව බහුකිච්චානං මිනිසුන්ට වෙනත්, කොචි අත්ථො කටයුත්තක් උපදින්නේ නම් මැනවි යන මෙය මෙහි අර්ථයයි. අත්ථි රුක්ඛස්ස අච්චින්නං යනු මේ ගසේ ගෙඩි එහාට මෙහාට සෙලවීම් වශයෙන් නොඩකන ලද බොහෝ තැන් ඇත. ඛජ්ජතඤ්ඤෙව තින්දුකං යනු තිඹිරි ගෙඩි කනු ලබාවා. තොපි ඇතිතරම් ගෙඩි කනු. පහරදෙන කාලයේ අපි දැන ගන්නෙමු.
එවං මහාසත්තො කපිගණං සමස්සාසෙසි. එත්තකඤ්හි අස්සාසං අලභමානා සබ්බෙපි තෙ ඵලිතෙන හදයෙන ජීවිතක්ඛයං පාපුණෙය්යුං. මහාසත්තො පන එවං වානරගණං අස්සාසෙත්වා “සබ්බෙ වානරෙ සමානෙථා”ති ආහ. සමානෙන්තා තස්ස භාගිනෙය්‍යං සෙනකං නාම වානරං අදිස්වා “සෙනකො නාගතො”ති ආරොචෙසුං. “සචෙ සෙනකො නාගතො, තුම්හෙ මා භායිත්ථ, ඉදානි වො සො සොත්ථිං කරිස්සතී”ති. සෙනකොපි ඛො වානරගණස්ස ගමනකාලෙ නිද්දායිත්වා පච්ඡා පබුද්ධො කඤ්චි අදිස්වා පදානුපදිකො හුත්වා ආගච්ඡන්තො මනුස්සෙ දිස්වා “වානරගණස්ස භයං උප්පන්න”න්ති ඤත්වා එකස්මිං පරියන්තෙ ගෙහෙ අග්ගිං ජාලෙත්වා සුත්තං කන්තන්තියා මහල්ලකිත්ථියා සන්තිකං ගන්ත්වා ඛෙත්තං ගච්ඡන්තො ගාමදාරකො විය එකං උම්මුකං ගහෙත්වා උපරිවාතෙ ඨත්වා ගාමං පදීපෙසි. මනුස්සා මක්කටෙ ඡඩ්ඩෙත්වා අග්ගිං නිබ්බාපෙතුං අගමංසු. වානරා පලායන්තා සෙනකස්සත්ථාය එකෙකං ඵලං ගහෙත්වා පලායිංසු.
මෙසේ මහා සත්ත්වයා වඳුරු සමූහයා සැනසුවේය. එපමණකින් ආස්වාසයක්වත් නොලබන ඒ සියලු දෙනාම පැලුණු හදවතින් මරණයට පැමිණෙන්නාහුයයි බෝධිසත්ත්වයන් වහන්සේ මෙසේ වඳුරු සමූහයා සනසා සියලු වඳුරන් එක්රැස් වෙව් යයි කීහ. එක්රැස් වෙමින් බලනවිට ඔහුගේ බෑණා වන සේනක නම් වඳුරා නොදැක වඳුරු සමූහයාට සේනක නැතැයි කීවාහුය. ඉදින් සේනක නොපැමිණියා නම් තෙපි බිය නොවව්. දැන් තොපට ඔහු යහපතක් කරන්නේයයි කීය. සේනකයාද වඳුරු සමූහයා එන අවස්ථාවෙහි නිදා පසුව පිබිදී කිසිවෙකු නොදැක ඔවුන් ආ මග එමින් මිනිසුන් දැක වඳුරු සමූහයාට භයක් උපන්නේ යයි දැන ගමේ කෙළවර එක් ගෙයක ගිනිදල්වා කපු කටින මහලු ස්ත්‍රියක ළඟට ගොස් කෙතක යන ගම් දරුවෙකු මෙන් එක් ගිනි පෙණෙල්ලක් ගෙන සුළඟ ඉහළට හමනවිට ගමට ගිනි දැල්වීය. මිනිස්සු වඳුරන් හැර ගිනි නිවීමට ගියහ. වඳුරෝ පලා යද්දී සේනක සඳහාද එක් එක් ඵලය බැගින් රැගෙනම පලා ගියාහුය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා භාගිනෙය්යො සෙනකො මහානාමො සක්කො අහොසි, වානරගණො බුද්ධපරිසා, වානරින්දො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එදා බෑණා වූ සේනක මහානාම ශාක්‍යයා විය. වඳුරු පිරිස බුදු පිරිසයි. වඳුරු රජ වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.
තින්දුකජාතකවණ්ණනා සත්තමා.