6. කළායමුට්ඨිජාතකවණ්ණනා 176 අට්ඨකථා
6. කළායමුට්ඨිජාතකවණ්ණනා (176)
6. කළායමුට්ඨි ජාතකය (176)
බාලො වතායං දුමසාඛගොචරොති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො කොසලරාජානං ආරබ්භ කථෙසි. එකස්මිඤ්හි සමයෙ වස්සකාලෙ කොසලරඤ්ඤො පච්චන්තො කුපි. තත්ථ ඨිතා යොධා ද්වෙ තීණි යුද්ධානි කත්වා පච්චත්ථිකෙ අභිභවිතුං අසක්කොන්තා රඤ්ඤො සාසනං පෙසෙසුං. රාජා අකාලෙ වස්සානෙයෙව නික්ඛමිත්වා ජෙතවනසමීපෙ ඛන්ධාවාරං බන්ධිත්වා චින්තෙසි – “අහං අකාලෙ නික්ඛන්තො, කන්දරපදරාදයො උදකපූරා, දුග්ගමො මග්ගො, සත්ථාරං උපසඞ්කමිස්සාමි, සො මං ‘කහං ගච්ඡසි, මහාරාජා’ති පුච්ඡිස්සති, අථාහං එතමත්ථං ආරොචෙස්සාමි, න ඛො පන මං සත්ථා සම්පරායිකෙනෙවත්ථෙන අනුග්ගණ්හාති, දිට්ඨධම්මිකෙනාපි අනුග්ගණ්හාතියෙව, තස්මිං සචෙ මෙ ගමනෙන අවුඩ්ඪි භවිස්සති, ‘අකාලො, මහාරාජා’ති වක්ඛති. සචෙ පන වුඩ්ඩි භවිස්සති, තුණ්හී භවිස්සතී”ති. සො ජෙතවනං පවිසිත්වා සත්ථාරං වන්දිත්වා එකමන්තං නිසීදි. සත්ථා “හන්ද කුතො නු ත්වං, මහාරාජ, ආගච්ඡසි දිවා දිවස්සා”ති පුච්ඡි. “භන්තෙ, අහං පච්චන්තං වූපසමෙතුං නික්ඛන්තො ‘තුම්හෙ වන්දිත්වා ගමිස්සාමී’ති ආගතොම්හී”ති . සත්ථා “පුබ්බෙපි, මහාරාජ, රාජානො සෙනාය අබ්භුග්ගච්ඡමානාය පණ්ඩිතානං කථං සුත්වා අකාලෙ අබ්භුග්ගමනං නාම න ගමිංසූ”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
බාලො වතායං සාඛගොචරො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරනසේක් කොසොල් රජතුමා මුල්කරගෙන දේශනා කළ සේක. එක් වැසි කාලයක පසේනදී කොසොල් මහරජතුමාගේ පසල් දනව්වක කැළඹීමක් ඇතිවිය. එහි සිටියා වූ යෝධයෝ (ආරක්ෂක භටයෝ) දෙතුන්වරක් යුද කළත් පසල්දනව් වැසියන් පාලනය කිරීමට, යටත් කිරීමට නොහැකිව රජතුමාට හසුනක් යැවූහ. රජතුමා නොකල්හි වැස්ස පවතිද්දීම නික්මී දෙව්රම් වෙහෙර සමීපයෙහි කඳවුරු බැඳ මේ කාලයෙහි යුද කටයුතු සඳහා යන්නේ දියකදුරු ආදියෙහි දිය පිරි මාර්ගය අවහිරව ඇත. බුදුරජාණන් වහන්සේ වෙත එළඹෙන්නෙමි. උන්වහන්සේ මහරජතුමනි! කොහි යන්නෙහිදැයි මගෙන් විමසන සේක. එවිට මම මේ කාරණය කියන්නෙමි. බුදුරජාණන් වහන්සේ වනාහි පරලොව අභිවෘද්ධිය සඳහා පමණක් මට අනුග්‍රහ නොදක්වන සේක. මෙළොව අභිවෘද්ධිය සඳහාද අනුග්‍රහ දක්වන සේක. ඒ නිසා ඉදින් මාගේ යාමෙන් අවැඩක් වන්නේ නම් මහරජ! අකාලයයි කියති. ඉදින් වනාහි වැඩක් වන්නේ නම් නිහඬ වන සේක යනුවෙන් සිතීය. රජතුමා දෙව්රමට ගොස් ශාස්තෲන් වහන්සේට වැඳ එකත්පසෙක හිඳගත්තේය. බුදුරජාණන් වහන්සේ මහරජ! ඔබ කොහිසිට මේ මහදවල් ආවෙහිද? ස්වාමීනි! මම පසල් දනව්වක කැළඹීමක් සංසිඳුවන්නට යන ගමන් ඔබවහන්සේට වැඳ නමස්කාර කොට යන්නට ආවෙමියි කීය. එවිට උන්වහන්සේ මහරජ! පෙරත් රජවරු සේනා සමග විශේෂ ගමන් යනවිට නුවණ ඇති අයගේ කීම අසා නොකල්හි ගමන් නොගියාහුයයි වදාරා ඔහු විසින් අයදින ලද්දාහු අතීත කථාව ගෙනහැර පෑ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො තස්ස අත්ථධම්මානුසාසකො සබ්බත්ථකඅමච්චො අහොසි. අථ රඤ්ඤො පච්චන්තෙ කුපිතෙ පච්චන්තයොධා පණ්ණං පෙසෙසුං. රාජා වස්සකාලෙ නික්ඛමිත්වා උය්යානෙ ඛන්ධාවාරං බන්ධි, බොධිසත්තො රඤ්ඤො සන්තිකෙ අට්ඨාසි. තස්මිං ඛණෙ අස්සානං කළායෙ සෙදෙත්වා ආහරිත්වා දොණියං පක්ඛිපිංසු. උය්යානෙ මක්කටෙසු එකො මක්කටො රුක්ඛා ඔතරිත්වා තතො කළායෙ ගහෙත්වා මුඛං පූරෙත්වා හත්ථෙහිපි ගහෙත්වා උප්පතිත්වා රුක්ඛෙ නිසීදිත්වා ඛාදිතුං ආරභි, අථස්ස ඛාදමානස්ස හත්ථකො එකො කළායො භූමියං පති. සො මුඛෙන ච හත්ථෙහි ච ගහිතෙ සබ්බෙ කළායෙ ඡඩ්ඩෙත්වා රුක්ඛා ඔරුය්හ තමෙව කළායං ඔලොකෙන්තො තං කළායං අදිස්වාව පුන රුක්ඛං අභිරුහිත්වා අඩ්ඩෙ සහස්සපරාජිතො විය සොචමානො දුම්මුඛො රුක්ඛසාඛායං නිසීදි. රාජා මක්කටස්ස කිරියං දිස්වා බොධිසත්තං ආමන්තෙත්වා “පස්සථ, කිං නාමෙතං මක්කටෙන කත”න්ති පුච්ඡි. බොධිසත්තො “මහාරාජ, බහුං අනවලොකෙත්වා අප්පං ඔලොකෙත්වා දුබ්බුද්ධිනො බාලා එවරූපං කරොන්තියෙවා”ති වත්වා පඨමං ගාථමාහ –
පෙර බරණැස් නුවර බඹදත් රජු රජකරන සමයෙහි බෝධිසත්ත්වයන් වහන්සේ රජුට අරථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන හැම කාර්යයටම සම්බන්ධ ඇමතිවරයා වූ සේක. ඉක්බිති රජුගේ පසල් දනව්වක් කිපුණු කල්හි ප්‍රත්‍යන්ත යෝධයෝ රජුට හසුන්පත් යැවූහ. රජතුමා වැසිකල්හි නික්මී උයනෙහි කඳවුරු බැන්දේය. බෝසතාණන් වහන්සේ රජු සමීපයේ සිටි සේක. ඒ අවස්ථාවෙහි අශ්වයන්ට කළු මෑ ඇට පොඟවා ගෙනවුත් ඔරුවක දැමූහ. උයනෙහි වඳුරන් අතුරෙන් එක් වඳුරෙක් ගසින් බැස එයින් මෑ ඇට ගෙන මුඛයෙහි පුරවාගෙන අත්වලිනුත් ගෙන උඩ පැන ගසෙහි හිඳ කන්නට පටන් ගත්තේය. ඉක්බිති කනු ලබන්නා වූ මොහුගේ අතින් එක් මෑ ඇටයක් බිම වැටුනේය. වඳුරා කටින්ද අත්වලින්ද ගන්නා ලද සියලු මුංඇට ඉවත විසිකර ගසින් බැස ඒ මෑඇටයටම සොයන්නේ ඒ මෑ ඇටය නොදැකම නැවත ගසට නැගී නඩු දහසක් පැරදුනු එකකු මෙන් සෝක කරමින් දුර්මුඛව ගසේ අත්තෙහි හිඳ ගත්තේය. රජතුමා වඳුරාගේ ක්‍රියාව දැක බෝධිසත්ත්වයන් වහන්සේ අමතා මිත්‍රය! වඳුරා විසින් මේ කෙළේ කුමක්දැයි විචාළේය. බෝධිසත්ත්වයන් වහන්සේ මහරජ! බොහෝ දේ ගැන නොබලා අල්ප දේ ගැන බලා බුද්ධිය අඩු බාලයෝ මෙබඳු දේ කරන්නෝ යයි කියා
“බාලො වතායං දුමසාඛගොචරො, පඤ්ඤා ජනින්ද නයිමස්ස විජ්ජති; කළායමුට්ඨිං අවකිරිය කෙවලං, එකං කළායං පතිතං ගවෙසතී”ති.
බාලො වතාය ධුම සාඛ ගොචරො, පඤ්ඤා ජනින්ද! නයිමස්ස විජ්ජ ති, කළාය මුට්ඨිං අවකිරිය කෙවලං, එකං කළායං පතිතං ගවෙසතී.
යන පළමු ගාථාව කීහ.
“ජන නායකයාණෙනි! ගස් අතුවල හැසිරෙන මේ වඳුරා ඉඳුරාම මෝඩයෙකි. මොහුට නුවණ නැත. කළු මෑ ඇට මිට බිම හෙළා බිම වැටුණු එකම මෑ ඇටය සොයයි.”
තත්ථ දුමසාඛගොචරොති මක්කටො. සො හි දුමසාඛාසු ගොචරං ගණ්හාති, සාව අස්ස ගොචරො සඤ්චරණභූමිභූතා, තස්මා “දුමසාඛගොචරො”ති වුච්චති. ජනින්දාති රාජානං ආලපති. රාජා හි පරමිස්සරභාවෙන ජනස්ස ඉන්දොති ජනින්දො. කළායමුට්ඨින්ති චණකමුට්ඨිං. “කාළරාජමාසමුට්ඨි”න්තිපි වදන්තියෙව. අවකිරියාති අවකිරිත්වා. කෙවලන්ති සබ්බං. ගවෙසතීති භූමියං පතිතං එකමෙව පරියෙසති.
එහි දූමසාඛ ගොචරො යනු වඳුරාය. ඌ වනාහි ගස්වල අතුවල ඇති දෑ ආහාරයට ගනියි. යම්තාක් මොහුගේ ආහාර සැරිසරන තැන්වල ඇති දේවලය. ඒ නිසා දූමසාඛ ගෝචර යයි කියනු ලැබේ. ජනින්ද යනු රජුට අමතයි. රජතුමා වනාහි පරම ඉසුරු බැවින් ජනයාගේ අධිපතියා නිසා ජනින්ද නම් වේ. කළාය මුට්ඨිං අවකිරියාති විසුරුවා, කෙවලන්ති සියල්ල, ගවෙසති යනු බිම වැටුණු එකම මෑඇටය සොයයි යනුයි.
එවං වත්වා පුන බොධිසත්තො තං උපසඞ්කමිත්වා රාජානං ආමන්තෙත්වා දුතියං ගාථමාහ –
මෙසේ කියා නැවත බෝධිසත්ත්වයන් වහන්සේ රජුට අමතමින්
“එවමෙව මයං රාජ, යෙ චඤ්ඤෙ අතිලොභිනො; අප්පෙන බහුං ජිය්යාම, කළායෙනෙව වානරො”ති.
එව මෙව මයං රාජ! යෙ චඤ්ඤෙ අතිලොභිනො, අප්පෙන බහුජිය්යම කළායෙනෙව වානරො.
යන දෙවන ගාථාව කීහ.
“මහරජ! එපරිද්දෙන්ම දැඩි ලෝභී වූ අපිද යම් අනෙක් කෙනෙක්දැයි යන සියල්ලෝම මෑ ඇට මිටින් පැරදුණු වඳුරා මෙන් බෙහෙවින් පිරිහෙමු.”
තත්රායං සඞ්ඛෙපත්ථො – මහාරාජ, එවමෙව මයඤ්ච යෙ චඤ්ඤෙ ලොභාභිභූතා ජනා සබ්බෙපි අප්පෙන බහුං ජිය්යාම. මයඤ්හි එතරහි අකාලෙ වස්සානසමයෙ මග්ගං ගච්ඡන්තා අප්පකස්ස අත්ථස්ස කාරණා බහුකා අත්ථා පරිහායාම. කළායෙනෙව වානරොති යථා අයං වානරො එකං කළායං පරියෙසමානො තෙනෙකෙන කළායෙන සබ්බකළායෙහි පරිහීනො, එවං මයම්පි අකාලෙන කන්දරපදරාදීසු පූරෙසු ගච්ඡමානා අප්පමත්තකං අත්ථං පරියෙසමානා බහූහි හත්ථිවාහනඅස්සවාහනාදීහි චෙව බලකායෙන ච පරිහායිස්සාම. තස්මා අකාලෙ ගන්තුං න වට්ටතීති රඤ්ඤො ඔවාදං අදාසි.
මේ එහි කෙටි අරුතයි. මහරජ, එවමෙව මයඤ්ච අඤ්ඤෙච එසේම අපි ද අන්‍යයෝද ලෝභයෙන් මඩනා ලද සියලු ජනයා, අප්පෙන බහුං ජිය්යාව අපි වනාහි දැන් නොකල්හි වැසි සමයේ මගෙහි ස්වල්ප ප්‍රයෝජනයකට යන්නාහු බොහෝ ප්රයෝජනයෙන් පිරිහෙමු. කළායෙනෙව වානරො යන මේ වඳුරා එක් මෑ ඇටයක් සොයමින් එක් මෑ ඇටයක් නිසා සියලු මෑවලින් පිරිහුණේ යම්සේද, එසේම අපිද නොකල්හි දියකදුරු ආදිය ජලයෙන් පිරුණු කල්හි යාමෙන් ස්වල්පමාත්‍ර වූ ප්‍රයෝජනයක් සොයමින් බොහෝ ඇත් වාහන, අස් වාහන, මෙන්ම බලසේනාවෙන්ද පිරිහෙන්නෙමු. ඒ නිසා නොකල්හි යන්නට නොවටින්නේ යයි රජුට ඔවදන් දුන් සේක.
රාජා තස්ස කථං සුත්වා තතො නිවත්තිත්වා බාරාණසිමෙව පාවිසි. චොරාපි “රාජා කිර චොරමද්දනං කරිස්සාමීති නගරා නික්ඛන්තො”ති සුත්වා පච්චන්තතො පලායිංසු. පච්චුප්පන්නෙපි චොරා “කොසලරාජා කිර නික්ඛන්තො”ති සුත්වා පලායිංසු. රාජා සත්ථු ධම්මදෙසනං සුත්වා උට්ඨායාසනා වන්දිත්වා පදක්ඛිණං කත්වා සාවත්ථිමෙව පාවිසි.
රජතුමා බෝසතාණන් වහන්සේගේ කථාව අසා එතනින් නැවතී ආපසු බරණැස් නගරයටම පිවිසියේය. සොරුද රජ සොරුන් මැඩලීම පිණිස නගරයෙන් නික්මුණේ යයි අසා පසල්දනව්වෙන් පලා ගියාහුය. වත්මන් සොරුද කොසොල් රජ නික්මුනේයයි අසා පලා ගියාහුය. කොසොල් රජ බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනාව අසා අස්නෙන් නැගිට වැඳ පැදකුණුකොට සැවැත්නුවරට පිවිසියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා රාජා ආනන්දො අහොසි, පණ්ඩිතාමච්චො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල්හි රජතුමා ආනන්දය, නුවණ ඇති ඇමතියා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.
කළායමුට්ඨිජාතකවණ්ණනා ඡට්ඨා.