5. ආදිච්චුපට්ඨානජාතකවණ්ණනා 175 අට්ඨකථා
5. ආදිච්චුපට්ඨානජාතකවණ්ණනා (175)
5. ආදිච්චුපට්ඨාන ජාතකය (175)
සබ්බෙසු කිර භූතෙසූති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං කුහකභික්ඛුං ආරබ්භ කථෙසි. වත්ථු හෙට්ඨා කථිතසදිසමෙව.
සබ්බෙසු කිර භූතෙසු යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් එක්තරා කුහක (බොරු සිල් පෙන්වන) භික්ෂුවක අරබයා දේශනා කළ සේක. කථා වස්තුව යට (මුලින්) කියන ලද පරිදිමය.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො කාසිරට්ඨෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො තක්කසිලායං සබ්බසිප්පානි උග්ගණ්හිත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා අභිඤ්ඤා ච සමාපත්තියො ච නිබ්බත්තෙත්වා මහාපරිවාරො ගණසත්ථා හුත්වා හිමවන්තෙ වාසං කප්පෙසි. සො තත්ථ චිරං වසිත්වා ලොණම්බිලසෙවනත්ථාය පබ්බතා ඔරුය්හ පච්චන්තෙ එකං ගාමං නිස්සාය පණ්ණසාලායං වාසං උපගඤ්ඡි. අථෙකො ලොලමක්කටො ඉසිගණෙ භික්ඛාචාරං ගතෙ අස්සමපදං ආගන්ත්වා පණ්ණසාලා උත්තිණ්ණා කරොති, පානීයඝටෙසු උදකං ඡඩ්ඩෙති, කුණ්ඩිකං භින්දති, අග්ගිසාලායං වච්චං කරොති. තාපසා වස්සං වසිත්වා “ඉදානි හිමවන්තො පුප්ඵඵලසමිද්ධො රමණීයො, තත්ථෙව ගමිස්සාමා”ති පච්චන්තගාමවාසිකෙ ආපුච්ඡිංසු. මනුස්සා “ස්වෙ, භන්තෙ, මයං භික්ඛං ගහෙත්වා අස්සමපදං ආගමිස්සාම, තං පරිභුඤ්ජිත්වාව ගමිස්සථා”ති වත්වා දුතියදිවසෙ පහූතං ඛාදනීයභොජනීයං ගහෙත්වා තත්ථ අගමංසු. තං දිස්වා සො මක්කටො චින්තෙසි – “කොහඤ්ඤං කත්වා මනුස්සෙ ආරාධෙත්වා මය්හම්පි ඛාදනීයභොජනීයං ආහරාපෙස්සාමී”ති. සො තාපසචරණං චරන්තො විය සීලවා විය ච හුත්වා තාපසානං අවිදූරෙ සූරියං නමස්සමානො අට්ඨාසි. මනුස්සා තං දිස්වා “සීලවන්තානං සන්තිකෙ වසන්තා සීලවන්තා හොන්තී”ති වත්වා පඨමං ගාථමාහ –
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝධිසත්ත්වයන් වහන්සේ කසීරට බමුණු කුලයක ඉපද වැඩිවියට පත්ව තක්සලා නුවරින් ශිල්ප ඉගෙනගෙන තවුස් පැවිද්දෙන් පැවිදිව අභිඥාද සමාපත්තිද උපදවාගෙන මහත් පිරිවර ඇතිව නායක ශාස්තෲවරයා වී හිමාල වනයෙහි වාසය කළ සේක. හෙතෙම එහි බොහෝ කාලයක් වාසයකොට ලුනුඇඹුල් සෙවීම පිණිස පර්වතයෙන් බැස පසල් දනව්වක එක් ගමක් ඇසුරුකොට පන්සලක වාසයට එළඹි සේක. ඉක්බිති එක් කෑදර වඳුරෙක් තවුස් පිරිස පිඬු සිඟීමට ගියකල්හි අසපුවට අවුත් සෙවිලිකොට ඇති තණකොළ ගලවා දමයි. පැන් කළවල ජලය ඉවත දමයි. පැන් කෙණ්ඩිය බිඳ දමයි. ගිනිහල්ගෙයි මලපහ කරයි. තාපසවරු වස් වැස දැන් හිමාල වනය මල්ගෙඩිවලින් සමෘද්ධිවත්ය. සිත් අලවන්නේය. එහිම යන්නෙමුයි, පසල් දනව්වෙහි වැසියන්ගෙන් විමසූහ. මිනිස්සු, ස්වාමීනි! හෙට අපි භික්ෂාව ගෙන අසපුවට එන්නෙමු. එය අනුභවකොට යන්නැයි කියා දෙවන දවසේ බොහෝ කන බොන දෑ රැගෙන එහි ගියාහුය. එය දැය ඒ වඳුරා කුහක බව පෙන්වා මිනිසුන් සිත් දිනාගෙන මටද කෑ යුතු බොජුන් ගෙන්වා ගන්නෙමියි සිතුවේය. හෙතෙම තපස් රකින්නෙකු මෙන් සිල් ඇත්තෙකු මෙන් පෙන්වා තවුසන්ගේ නුදුරෙහි හිරු දෙවියන්ට (සූර්යයාට) වඳිමින් සිටියේය. මිනිස්සු වඳුරා දැක සිල්වතුන් ළඟ වසන්නෝ සිල්වන්ත යයි කියා,
“සබ්බෙසු කිර භූතෙසු, සන්ති සීලසමාහිතා; පස්ස සාඛමිගං ජම්මං, ආදිච්චමුපතිට්ඨතී”ති.
සබ්බෙසු කිර භූතෙසු සන්ති සීල සමාහිතො, පස්ස සාඛාමිගං ජම්මං ආදිච්ච මුප තිට්ඨති.
යන පළමු ගාථාව කීවාහුය.
“සියලු සත්ත්වයන් කෙරෙහි සිල්වත් එකඟ සිත් ඇත්තෝ සිටිත්ලු. හීන වූ ගති ඇති වඳුරා බලව! වඳුරා සූර්යයා වඳිමින් සිටියි.”
තත්ථ සන්ති සීලසමාහිතාති සීලෙන සමන්නාගතා සංවිජ්ජන්ති, සීලවන්තා ච සමාහිතා ච එකග්ගචිත්තා සංවිජ්ජන්තීතිපි අත්ථො. ජම්මන්ති ලාමකං. ආදිච්චමුපතිට්ඨතීති සූරියං නමස්සමානො තිට්ඨති.
එහි, සන්ති සීල සමාහිතා යනු සීලයෙන් යුක්ත වූවෝ විද්‍යමාන වෙත්. සිල්වත්හු ද තැන්පත් සිත් ඇත්තෝද එකඟ සිත් වැන්නෝ ද විද්‍යමාන වෙත් යන අර්ථයි. ජම්මං යනු පහත්, ලාමක, ආදිච්චමුපතිට්ඨති යනු හිරුට වඳිමින් සිටියි.
එවං තෙ මනුස්සෙ තස්ස ගුණං කථෙන්තෙ දිස්වා බොධිසත්තො “තුම්හෙ ඉමස්ස ලොලමක්කටස්ස සීලාචාරං අජානිත්වා අවත්ථුස්මිංයෙව පසන්නා”ති වත්වා දුතියං ගාථමාහ –
මෙසේ ඒ මිනිසුන් වඳුරාගේ ගුණ කියනු දැක බෝසතාණන් වහන්සේ තෙපි මේ කපටි වඳුරාගේ සීලාචාරකම නොදැන පැහැදිය යුතු තැනම පැහැදුනේ යයි කියා
“නාස්ස සීලං විජානාථ, අනඤ්ඤාය පසංසථ; අග්ගිහුත්තඤ්ච උහන්නං, ද්වෙ ච භින්නා කමණ්ඩලූ”ති.
නාස්ස සීලං විජානාථ අනඤ්ඤාය පසංසථ, අග්ගිහුත්තඤ්ච ඌහන්තං දෙව ච භින්නං කමණ්ඩලූ.
යන දෙවන ගාථාව කීවේය.
“මොහුගේ සීලය නොදන්නහුය. නොදැන ප්‍රශංසා කරන්නාහුය. වඳුරා විසින් ගිනි දෙවියා පුදන කෙණෙස්ස ද වර්චසින් කිලිටි කරන ලදි. කෙණ්ඩි දෙකද බිඳින ලදි.”
තත්ථ අනඤ්ඤායාති අජානිත්වා. උහන්නන්ති ඉමිනා පාපමක්කටෙන ඌහදං. කමණ්ඩලූති කුණ්ඩිකා. “ද්වෙ ච කුණ්ඩිකා තෙන භින්නා”ති එවමස්ස අගුණං කථෙසි.
එහි, අනඤ්ඤාය යනු නොදැන, ඌහන්තං යනු මේ පවිටු වඳුරා විසින් කිලිටි කරන ලද, කමණ්ඩලූ යනු කෙණ්ඩිය ද්වෙ ච කුණ්ඩිකා තෙන පැන් කෙණ්ඩි දෙක ද ඔහු විසින් භින්නාති බිඳින ලදැයි අගුණ කීහ.
මනුස්සා මක්කටස්ස කුහකභාවං ඤත්වා ලෙඩ්ඩුඤ්ච යට්ඨිඤ්ච ගහෙත්වා පොථෙත්වා පලාපෙත්වා ඉසිගණස්ස භික්ඛං අදංසු. ඉසයොපි හිමවන්තමෙව ගන්ත්වා අපරිහීනජ්ඣානා බ්රහ්මලොකපරායණා අහෙසුං.
මිනිස්සු වඳුරාගේ කුහක බව දැන මැටිකැට හා කෝටුවලින් තලා පලවා හැර තවුස් පිරිසට භික්ෂාව දුන්නාහුය. සෘෂිවරුද හිමාල වනයටම ගොස් නොපිරිහුණු ධ්‍යාන ඇත්තාහු බඹලොව උපන්නාහුය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා මක්කටො අයං කුහකො භික්ඛු අහොසි, ඉසිගණො බුද්ධපරිසා, ගණසත්ථා පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල වඳුරා මේ කුහක භික්ෂුවයි. තවුස් පිරිස බුදුපිරිසයි. නායක තවුසා නම් මම ම වූවෙමි යි වදාළ සේක.
ආදිච්චුපට්ඨානජාතකවණ්ණනා පඤ්චමා.