4. දුබ්භියමක්කටජාතකණ්ණනා 174 අට්ඨකථා
4. දුබ්භියමක්කටජාතකණ්ණනා (174)
4. දුබ්භිය මක්කට ජාතකය (174)
අදම්හ තෙ වාරි පහූතරූපන්ති ඉදං සත්ථා වෙළුවනෙ විහරන්තො දෙවදත්තං ආරබ්භ කථෙසි. එකදිවසඤ්හි ධම්මසභායං භික්ඛූ දෙවදත්තස්ස අකතඤ්ඤුමිත්තදුබ්භිභාවං කථෙන්තා නිසීදිංසු. සත්ථා ආගන්ත්වා “න, භික්ඛවෙ, දෙවදත්තො ඉදානෙව අකතඤ්ඤූ මිත්තදුබ්භී, පුබ්බෙපි එවරූපො අහොසී”ති වත්වා අතීතං ආහරි.
අදම්හ තෙ වාරි බහූතරූපං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවාසය කරන සේක් දෙව්දත් තෙරුන් වහන්සේ අරබයා වදාළ සේක. එක්දිනක් දම් සභාවෙහි භික්ෂූන් වහන්සේලා දෙව්දත් තෙරුන්ගේ කෙළෙහිගුණ නොදත්, මිත්‍රද්‍රෝහී භාවය කියමින් හුන්නාහුය. බුදුරජාණන් වහන්සේ, මහණෙනි! දේවදත්ත අකෘතඥ මිත්‍රද්‍රෝහී වූයේ දැන් පමණක් නොවෙයි. පෙරත් මෙබඳු ස්වභාව වූයේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො එකස්මිං කාසිගාමකෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො ඝරාවාසං සණ්ඨපෙසි. තස්මිං පන සමයෙ කාසිරට්ඨෙ වත්තනිමහාමග්ගෙ එකො ගම්භීරො උදපානො හොති අනොතරණීයො තිරච්ඡානානං, මග්ගප්පටිපන්නා පුඤ්ඤත්ථිකා මනුස්සා දීඝරජ්ජුකෙන වාරකෙන උදකං උස්සිඤ්චිත්වා එකිස්සා දොණියා පූරෙත්වා තිරච්ඡානානං පානීයං දෙන්ති. තස්ස සාමන්තතො මහන්තං අරඤ්ඤං, තත්ථ බහූ මක්කටා වසන්ති. අථ තස්මිං මග්ගෙ ද්වෙ තීණි දිවසානි මනුස්සසඤ්චාරො පච්ඡිජ්ජි, තිරච්ඡානා පානීයං න ලභිංසු. එකො මක්කටො පිපාසාතුරො හුත්වා පානීයං පරියෙසන්තො උදපානස්ස සන්තිකෙ විචරති. බොධිසත්තො කෙනචිදෙව කරණීයෙන තං මග්ගං පටිපජ්ජිත්වා තත්ථ ගච්ඡන්තො පානීයං උත්තාරෙත්වා පිවිත්වා හත්ථපාදෙ ධොවිත්වා ඨිතො තං මක්කටං අද්දස. අථස්ස පිපාසිතභාවං ඤත්වා පානීයං උස්සිඤ්චිත්වා දොණියං ආකිරිත්වා අදාසි, දත්වා ච පන “විස්සමිස්සාමී”ති එකස්මිං රුක්ඛමූලෙ නිපජ්ජි. මක්කටො පානීයං පිවිත්වා අවිදූරෙ නිසීදිත්වා මුඛමක්කටිකං කරොන්තො බොධිසත්තං භිංසාපෙසි. බොධිසත්තො තස්ස තං කිරියං දිස්වා “අරෙ දුට්ඨමක්කට, අහං තව පිපාසිතස්ස කිලන්තස්ස බහුං පානීයං අදාසිං, ඉදානි ත්වං මය්හං මුඛමක්කටිකං කරොසි, අහො පාපජනස්ස නාම කතො උපකාරො නිරත්ථකො”ති වත්වා පඨමං ගාථමාහ –
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ කසී රට එක්තරා ගක බමුණු කුලයක ඉපිද වැඩිවියට පැමිණියාහු ගෘහ ජීවිතයට පත්වූහ. එකල වනාහි කසී රටෙහි මහමග අසල තිරිසනුන්ට බැසිය නොහැකි එක් ගැඹුරු ළිඳක් ඇත. මගට පිවිසෙන පිං කැමති අය දිග ලණුවක් යෙදූ කලයකින් වතුර ඇද එක් ඔරුවකට පුරවා තිරිසන්ගත සතුන්ට වතුර බොන්නට දෙති. එහි හාත්පස මහ වනයක් ඇත. එහි බොහෝ වඳුරෝ වාසය කරත්. ඉක්බිති ඒ මාර්ගයෙහි දෙතුන්දිනක් මිනිස් සංචාරය නතර විය. තිරිසන් සත්තු ජලය නොලැබූහ. පිපාසයෙන් පෙළුණු එක් වඳුරෙක් ජලය සොයමින් ළිඳ සමීපයෙහි හැසිරෙයි. බෝසතාණන් වහන්සේ කිසියම් කටයුත්තක් සඳහා ඒ මගට පිවිස එහි යන්නාහු පැන් පිරිසිදුකර පානයකොට අත් පා සෝදාගෙන සිටින විට ඒ වඳුරා දුටු සේක. ඉක්බිති වඳුරාට දිය පිපාස බව දැන පැන් ඇද ඔරුවෙහි දමා දුන් සේක. පැන් දී විඩා සංසිඳුවා ගැනීම සදහා එක් ගසක් මුල නිදා ගත්තේය. වඳුරා පැන් බී නුදුරෙහි හිඳගෙන විහිලු කරමින් බෝසතාණන් වහන්සේට පීඩා කරවීය. බෝසතාණන් වහන්සේ වඳුරාගේ ඒ ක්‍රියාව දැක එම්බල දුෂ්ට වානරය! පිපාසයෙන් ක්ලාන්ත වූ තට මම බොහෝ පැන් දුන්නෙමි. දැන් නුඹ මට මුඛ විකාර, විහිලු කරන්නෙහිද? අහෝ පවිටාට කළ උපකාරය නිරර්ථක යයි කියා,
“අදම්හ තෙ වාරි පහූතරූපං, ඝම්මාභිතත්තස්ස පිපාසිතස්ස; සො දානි පිත්වාන කිරිඞ්කරොසි, අසඞ්ගමො පාපජනෙන සෙය්යො”ති.
අදම්හ තෙ වාරි බහූතරූපං, සම්මාභිතත්තස්ස පිපාසිතස්ස, සොදානි පීත්වාන කිකිං කරොසි, අසංගමො පාපජනෙන සෙය්යො.
යන පළමු ගාථාව කී සේක.
“හිරු රැසින් තැවී පිපාසිත වූ නුඹට බොහෝ ජලය දුන්නෙමි. ඒ නුඹ ජලය බී දැන් කිං කිං වඳුරු හඬ කරන්නෙහිය. පාප ජනයන් හා එක් නොවීම ශ්‍රේෂ්ඨයි.”
තත්ථ සො දානි පිත්වාන කිරිඞ්කරොසීති සො ඉදානි ත්වං මයා දින්නපානීයං පිවිත්වා මුඛමක්කටිකං කරොන්තො “කිරි කිරී”ති සද්දං කරොසි. අසඞ්ගමො පාපජනෙන සෙය්යොති පාපජනෙන සද්ධිං සඞ්ගමො න සෙය්යො, අසඞ්ගමොව සෙය්යොති.
එහි, සොදාති පීත්වානන කිකිං කරොසි යනු ඒ නුඹ දැන් මා විසින් දෙන ලද පැන් බී මුඛ විකාර කරමින් කිකී යන ශබ්ද කරන්නෙහිද? අසංගමො පාප ජනෙන සෙය්යො යනු පව්කාරයා සමග එක්වීම උතුම් නොවේ. එක් නොවීම ශ්‍රේෂ්ඨයි.
තං සුත්වා සො මිත්තදුබ්භී මක්කටො “ත්වං ‘එත්තකෙනවෙතං නිට්ඨිත’න්ති සඤ්ඤං කරොසි, ඉදානි තෙ සීසෙ වච්චං පාතෙත්වා ගමිස්සාමී”ති වත්වා දුතියං ගාථමාහ –
ඒ අසා මිත්‍රද්‍රෝහී වඳුරා මෙපමණකින්ම ඒ ක්‍රියාව නිමවී යයි නුඹ සිතුවෙහිද? දැන් නුඹේ හිසෙහි වර්චස හෙළා යන්නෙමියි කියා
“කො තෙ සුතො වා දිට්ඨො වා, සීලවා නාම මක්කටො; ඉදානි ඛො තං ඔහච්ඡං, එසා අස්මාක ධම්මතා”ති.
කො තෙ සුතො වා දිට්ඨො වා සීලවා නාම මක්කටො, ඉදානි ඛො තං ඌහච්ච අසමාක ධම්මතං.
යන දෙවන ගාථාව කීවේය.
“කවර නම් වඳුරෙක් සිල්වතැයි තා විසින් අසන ලදද? දක්නා ලදද? දැන් තා හිස මතට වර්චස් හෙළා කිළිටි කෙරෙමි. එය වඳුරන් වැනි අපේ ධර්මතාවයයි.”
තත්රායං සඞ්ඛෙපත්ථො – භො බ්‍රාහ්මණ, “මක්කටො කතගුණජානනකො ආචාරසම්පන්නො සීලවා නාම අත්ථී”ති කහං තයා සුතො වා දිට්ඨො වා, ඉදානි ඛො අහං තං ඔහච්ඡං වච්චං තෙ සීසෙ කත්වා පක්කමිස්සාමි, අස්මාකඤ්හි මක්කටානං නාම එසා ධම්මතා අයං ජාතිසභාවො, යදිදං උපකාරකස්ස සීසෙ වච්චං කාතබ්බන්ති.
මේ එහි කෙටි අරුතයි. එම්බා බමුණ! මක්කටො වඳුරා කළගුණ දන්නේ ආචාර සම්පන්න වූයේ. සීලවා නාම සිල්වත්කම් ඇත්තේයයි නුඹ විසින් කොහිදී සුතො වා දිට්ඨො වා අසා හෝ දැක හෝ තිබේද? ඉදානි ඛො දැන් මම, තං ඌහච්ච නුඹේ හිසෙහි වර්චස් කොට යන්නෙමි. අස්මාකං අප වඳුරන්ගේ, එසා ධම්මතා උදව් කළ කෙනාගේ හිසෙහි වර්චස් කළ යුතුය යන්න මේ ජන්ම ගතියයි.
තං සුත්වා බොධිසත්තො උට්ඨාය ගන්තුං ආරභි. මක්කටො තඞ්ඛණඤ්ඤෙව උප්පතිත්වා සාඛායං නිසීදිත්වා ඔලම්බකං ඔතරන්තො විය තස්ස සීසෙ වච්චං පාතෙත්වා විරවන්තො වනසණ්ඩං පාවිසි. බොධිසත්තො න්හත්වා අගමාසි.
ඒ අසා බෝසතාණන් වහන්සේ නැගිට යන්නට පටන් ගත්හ. වඳුරා ඒ අවස්ථාවෙහිම උඩට පැන අත්තෙහි හිඳගෙන ලඹයක් බාන්නාක් මෙන් ඔහුගේ හිසට වර්චස් (කොට) හෙළා කෑ ගසමින් වනලැහැබට පිවිසියේය. බෝසතාණන් වහන්සේ හිස් සෝදා නා ගියේය.
සත්ථා “න, භික්ඛවෙ, ඉදානෙව දෙවදත්තො, පුබ්බෙපි මයා කතගුණං න ජානාසියෙවා”ති වත්වා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා මක්කටො දෙවදත්තො අහොසි, බ්රාහ්මණො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මහණෙනි! දෙව්දත් අකෘතඥ වූයේ දැන් පමණක් නොවෙයි. පෙරත් මා විසින් කරන ලද ගුණ නොසැලකුවේ යයි වදාරා මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල වඳුරා දෙව්දත්ය. බමුණා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.
දුබ්භියමක්කටජාතකවණ්ණනා චතුත්ථා.