යෙදුමෙන් කියවන්න

3. මක‍්කටජාතකවණ‍්ණනා 173 අට‍්ඨකථා

3. මක‍්කටජාතකවණ‍්ණනා (173)

3. මක්කට ජාතකය (173)

තාතමාණවකො එසොති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං කුහකභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. වත්‍ථු පකිණ‍්ණකනිපාතෙ උද‍්දාලකජාතකෙ (ජා· 1.14.62 ආදයො) ආවිභවිස‍්සති. තදා පන සත්‍ථා “භික‍්ඛවෙ, නායං භික‍්ඛු ඉදානෙව කුහකො, පුබ‍්බෙපි මක‍්කටො හුත්‍වා අග‍්ගිස‍්ස කාරණා කොහඤ‍්ඤං අකාසියෙවා”ති වත්‍වා අතීතං ආහරි.

තාත! මාණවකො එසො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් එක්තරා කුහක (නැති ගුණ පෙන්වන) භික්‍ෂුවක මුල් කරගෙන දේශනා කළ සේක. කථා පුවත ප්‍රකීර්ණක නිපාතයෙහි උද්දාල ජාතකයෙහි මතු සඳහන් වන්නේය. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි! මේ භික්‍ෂුව කුහකයෙක් වූයේ දැන් පමණක් නොව, පෙරත් වඳුරෙකු වී ගිනි නිසා කුහක කම් කෙළේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො එකස‍්මිං කාසිගාමකෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො තක‍්කසිලායං සිප‍්පං උග‍්ගණ‍්හිත්‍වා ඝරාවාසං සණ‍්ඨපෙසි. අථස‍්ස බ්‍රාහ‍්මණී එකං පුත‍්තං විජායිත්‍වා පුත‍්තස‍්ස ආධාවිත්‍වා පරිධාවිත්‍වා විචරණකාලෙ කාලමකාසි. බොධිසත‍්තො තස‍්සා පෙතකිච‍්චං කත්‍වා “කිං මෙ දානි ඝරාවාසෙන, පුත‍්තං ගහෙත්‍වා පබ‍්බජිස‍්සාමී”ති අස‍්සුමුඛං ඤාතිමිත‍්තවග‍්ගං පහාය පුත‍්තං ආදාය හිමවන‍්තං පවිසිත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා තත්‍ථ වනමූලඵලාහාරො වාසං කප‍්පෙසි. සො එකදිවසං වස‍්සානකාලෙ දෙවෙ වස‍්සන‍්තෙ සාරදාරූනි අග‍්ගිං ජාලෙත්‍වා විසිබ‍්බන‍්තො ඵලකත්‍ථරෙ නිපජ‍්ජි, පුත‍්තොපිස‍්ස තාපසකුමාරකො පිතු පාදෙ සම‍්බාහන‍්තොව නිසීදි.

පෙර බරණැස් නුවර බඹදත් රජු රජකරද්දී බෝසතාණන් වහන්සේ එක්තරා කසීගමක බමුණු කුලයක ඉපදී වැඩිවියට පත්ව තක්සලා නුවරින් ශිල්ප ඉගෙන ගෙන අවුත් ගෘහ ජීවිතයට පිවිසි සේක. ඉක්බිති ඔහුගේ බැමිණිය එක් පුතෙකු බිහිකර පුතා දුවපැන ඇවිදින කාලයේදීම මව මිය ගියාය. බෝසතාණන් වහන්සේ ඇගේ අවමඟුල් කටයුතු සිදුකර දැන් මට ගිහිගෙයි වාසය කිරීමෙන් ඇති ඵලය කුමක්ද? පැවිදි වන්නෙමියි සිතා හඬා වැටෙන නෑ මිතුරු කැල හැර දමා තම පුතා රැගෙන හිමාල වනයට පිවිස තවුස් පැවිදිව එහි වන මුල්, පළතුරු ආහාරය ගනිමින් වාසය කෙළේය. හෙතෙම එක්දිනක් වැසි කාලයක වැසි වසිද්දී අරටු සහිත දර දල්වා ගිනි තපිමින් ලෑල්ලෙහි නිදාගත්තේය. මොහුගේ පුත් තාපස කුමරා පා සම්භාහනය කරමින් හුන්නේය.

අථෙකො වනමක‍්කටො සීතෙන පීළියමානො තස‍්ස පණ‍්ණසාලාය තං අග‍්ගිං දිස‍්වා “සචාහං එත්‍ථ පවිසිස‍්සාමි, ‘මක‍්කටො මක‍්කටො’ති මං පොථෙත්‍වා නීහරිස‍්සන‍්ති, අග‍්ගිං විසිබ‍්බෙතුං න ලභිස‍්සාමි, අත්‍ථි දානි මෙ උපායො, තාපසවෙසං ගහෙත්‍වා කොහඤ‍්ඤං කත්‍වා පවිසිස‍්සාමී”ති චින‍්තෙත්‍වා එකස‍්ස මතතාපසස‍්ස වක‍්කලානි නිවාසෙත්‍වා පච‍්ඡිඤ‍්ච අඞ‍්කුසයට‍්ඨිඤ‍්ච ගහෙත්‍වා පණ‍්ණසාලද‍්වාරෙ එකං තාලරුක‍්ඛං නිස‍්සාය සංකුටිතො අට‍්ඨාසි. තාපසකුමාරකො තං දිස‍්වා මක‍්කටභාවං අජානන‍්තො “එකො මහල‍්ලකතාපසො සීතෙන පීළිතො අග‍්ගිං විසිබ‍්බෙතුං ආගතො භවිස‍්සතී”ති පිතු තාපසස‍්ස කථෙත්‍වා “එතං පණ‍්ණසාලං පවෙසෙත්‍වා විසිබ‍්බාපෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා පිතරං ආලපන‍්තො පඨමං ගාථමාහ –

ඉක්බිති එක් වන වඳුරෙක් සීතලෙන් පෙළෙමින් තවුසාගේ අසපුවේ ඒ ගිනිගොඩ දැක ඉදින් මෙහි පිවිසෙන්නෙමි නම් වඳුරෙක් වඳුරෙක් යයි කියා මට තලා නෙරපයි. ගිනි තපින්න නොලබන්නෙමි. දැන් මට කිසියම් උපායක් ඇත. තවුස් වෙස් ගෙන කුහකකම පෙන්වා පිවිසෙන්නෙමියි සිතා මියගිය එක් තවුසෙකුගේ වැහැරි සිවුරු ඇඳගෙන පසුදා පැසද (කූඩය) පළතුරු නෙළන කෙක්කද ගෙන අසපු දොරටව අසල ඒ තල්ගසක් ඇසුරුකොට ගුලිවී සිටියේය. තවුස් කුමරා දැක වඳුරෙකු බව නොදන්නේ එක් මහලු තවුසෙකු සීතලෙන් පෙළෙන්නේ ගිනි තපින්න එන්නට ඇතැයි තවුසාට කථාකොට මොහු පන්සල තුළට කැඳවා ගිනි තපින්නට සලස්වන්නෙමියි සිතා පියා අමතන්නේ,

“තාත මාණවකො එසො, තාලමූලං අපස‍්සිතො; අගාරකඤ‍්චිදං අත්‍ථි, හන්‍ද දෙමස‍්සගාරක”න‍්ති.

තාත මාණවකො එසො තාලමූලං අපස්සිතො, අගාර කඤ්චිදං අත්‍ථි හන්‍ද දෙමස්ස ගාරකං.

යන පළමු ගාථාව කීවේය.

පියාණෙනි! මේ මානවකයා තල්ගස මුල ඇසුරු කොට සිටී. මේ ගෙයද ඉඩ ඇත. එබැවින් මොහුට අපගේ ගෙයි ඉඩ දෙමු.

තත්‍ථ මාණවකොති සත‍්තාධිවචනං. තෙන “තාත, එසො එකො මාණවකො සත‍්තො එකො තාපසො”ති දීපෙති. තාලමූලං අපස‍්සිතොති තාලක‍්ඛන්‍ධං නිස‍්සාය ඨිතො. අගාරකඤ‍්චිදං අත්‍ථීති ඉදඤ‍්ච අම‍්හාකං පබ‍්බජිතාගාරං අත්‍ථි, පණ‍්ණසාලං සන්‍ධාය වදති. හන්‍දාති වවස‍්සග‍්ගත්‍ථෙ නිපාතො. දෙමස‍්සගාරකන‍්ති එතස‍්ස එකමන‍්තෙ වසනත්‍ථාය අගාරකං දෙම.

එහි, මාණවකො එසො යනු සත්ත්වයෙකුට නමකි. එහෙයින් පියාණෙනි! එක් තරුණ සත්ත්වයෙකි. එක් තවුසෙක් යයි ප්‍රකට කරයි. තාල මූලං අපස්සිතො යනු තල්ගසක් ඇසුරුකොට සිටියේය. අගාරකඤ්චිදං අත්‍ථි යනු අපගේ මේ පැවිදි ගෙයද ඇත. පන්සල සඳහා කියයි. හන්‍දා යනු පරිත්‍යාග කිරීම් අර්ථයෙහි නිපාතයකි. දෙමස්සගාරකං යනු මොහුට එකත්පසෙක විසීම පිණිස ගෙය දෙමු.

බොධිසත‍්තො පුත‍්තස‍්ස වචනං සුත්‍වා උට‍්ඨාය පණ‍්ණසාලද‍්වාරෙ ඨත්‍වා ඔලොකෙන‍්තො තස‍්ස මක‍්කටභාවං ඤත්‍වා “තාත, මනුස‍්සානං නාම න එවරූපං මුඛං හොති, මක‍්කටො එස, නයිධ පක‍්කොසිතබ‍්බො”ති වත්‍වා දුතියං ගාථමාහ –

බෝසතාණන් වහන්සේ පුතාගේ කීම අසා නැගිට අසපු දොරටුවෙහි සිට බලන්නේ ඔහුගේ වානර භාවය දැන දරුව! මිනිසුන්ට නම් මෙබඳු මුහුණක් නැත. මොහු වඳුරෙක්. ඒ නිසා මොහු නොකැඳවීය යුතුයි කියා

“මා ඛො ත්‍වං තාත පක‍්කොසි, දූසෙය්‍ය නො අගාරකං; නෙතාදිසං මුඛං හොති, බ්‍රාහ‍්මණස‍්ස සුසීලිනො”ති.

මා ඛො තං තාත! පක්කොසි දූසෙය්‍ය නොඅගාරකං, නෙතා දිසං මුඛං හොති බ්‍රාහ්මණස්ස සුසීලනො.

යන දෙවන ගාථාව කීවේය.

දරුව! මොහු නොකැඳව. අපේ ගෙය අපිරිසිදු කරන්නේය. සුසිල්වත් බමුණෙකුගේ මුහුණ මෙබඳු නොවේ.

තත්‍ථ දූසෙය්‍ය නො අගාරකන‍්ති අයඤ‍්හි ඉධ පවිට‍්ඨො සමානො ඉමං කිච‍්ඡෙන කතං පණ‍්ණසාලං අග‍්ගිනා වා ඣාපෙන‍්තො උච‍්චාරාදීනි වා කරොන‍්තො දූසෙය්‍ය. නෙතාදිසන‍්ති “එතාදිසං බ්‍රාහ‍්මණස‍්ස සුසීලිනො මුඛං න හොති, මක‍්කටො එසො”ති වත්‍වා බොධිසත‍්තො එකං උම‍්මුකං ගහෙත්‍වා “කිං එත්‍ථ තිට‍්ඨසී”ති ඛිපිත්‍වා තං පලාපෙසි. මක‍්කටො වක‍්කලානි ඡඩ‍්ඩෙත්‍වා රුක‍්ඛං අභිරුහිත්‍වා වනසණ‍්ඩං පාවිසි. බොධිසත‍්තො චත‍්තාරො බ්‍රහ‍්මවිහාරෙ භාවෙත්‍වා බ්‍රහ‍්මලොකූපගො අහොසි.

එහි, දූසෙය්‍ය නො අගාරකං යනු මොහු මෙහි ඇතුල් වූවොත් මහන්සියෙන් තනාගත් මේ පන්සල ගින්නෙන් හෝ දවාලන්නේය. මල මුත්‍රා කිරීමෙන් හෝ අපවිත්‍ර කරන්නේය. නෙතාදිසං යනු සිල්වත් බමුණෙකුගේ මුහුණ මෙබඳු නොවේ. මොහු වඳුරෙක් යයි කියා බෝසතාණන් වහන්සේ එක් ගිනිපෙනෙල්ලක් ගෙන මෙහි සිටින්නේ කුමටදැයි දමා ගසා ඌ පලවා හැරියේය. වඳුරා වැහැරි සිවුරු ඉවත දා ගසකට නැග කැලෑ පෙදෙසට පිවිසියේය. බෝසතාණන් වහන්සේ සිව්බඹ විහරණ වඩා බඹලොව උපන්නේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා මක‍්කටො අයං කුහකභික‍්ඛු අහොසි, තාපසකුමාරො රාහුලො, තාපසො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ජාතක දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එදා වඳුරුව උපන්නේ මේ කුහක භික්‍ෂුවයි. තවුස් කුමරා රාහුලය. තවුසා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.

මක‍්කටජාතකවණ‍්ණනා තතියා.