2. දද්දරජාතකවණ්ණනා 172 අට්ඨකථා
2. දද්දරජාතකවණ්ණනා (172)
2. දද්දර ජාතකය (172)
කො නු සද්දෙන මහතාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො කොකාලිකං ආරබ්භ කථෙසි. තස්මිඤ්හි කාලෙ බහූ බහුස්සුතා භික්ඛූ මනොසිලාතලෙ නදමානා තරුණසීහා විය ආකාසගඞ්ගං ඔතාරෙන්තා විය සඞ්ඝමජ්ඣෙ සරභාණං භණන්ති. කොකාලිකො තෙසු සරභාණං භණන්තෙසු අත්තනො තුච්ඡභාවං අජානිත්වාව “අහම්පි සරභාණං භණිස්සාමී”ති භික්ඛූනං අන්තරං පවිසිත්වා “අම්හාකං සරභාණං න පාපෙන්ති. සචෙ අම්හාකම්පි පාපෙය්යුං, මයම්පි භණෙය්යාමා”ති භික්ඛුසඞ්ඝස්ස නාමං අග්ගහෙත්වාව තත්ථ තත්ථ කථෙන්තො ආහිණ්ඩති. තස්ස සා කථා භික්ඛුසඞ්ඝෙ පාකටා ජාතා. භික්ඛූ “වීමංසිස්සාම තාව න”න්ති සඤ්ඤාය එවමාහංසු – “ආවුසො කොකාලික, අජ්ජ සඞ්ඝස්ස සරභාණං භණාහී”ති. සො අත්තනො බලං අජානිත්වාව “සාධූ”ති සම්පටිච්ඡිත්වා “අජ්ජ සරභාණං භණිස්සාමී”ති අත්තනො සප්පායං යාගුං පිවි, ඛජ්ජකං ඛාදි, සප්පායෙනෙව සූපෙන භුඤ්ජි.
කොනු සද්දෙන යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරනසේක් කෝකාලික භික්ෂුව මුල් කරගෙන වදාළ සේක. ඒ කාලයෙහි බොහෝ ඇසූ පිරූ තැන් ඇති භික්ෂූහු, රතු සිරියල් තලාවක නාදකරන තරුණ සිංහයන් මෙන් අහස් ගඟට බසින්නාක් මෙන් සංඝයා වැඳ දහම් කොටස කියත්. ඒ භික්ෂූන් දහම් කොටස කියන කල්හි කෝකාලික භික්ෂුව තමාගේ නුවණ හිස් බව නොදැනම මම ද දහම් කොටස් කියන්නෙමියි භික්ෂූන් අතරට පැමිණ අපට දහම් කොටස කීමට අවස්ථාවක් ලබා නොදෙති. ඉදින් අපටත් අවස්ථාවක් ලබාදනේනාහු නම් අපිත් කියන්නෙමුයි භික්ෂු සංඝයාගේ නම ඉදිරිපත් නොකරම ඒ ඒ තැන කියමින් ඇවිදියි. උන්වහන්සේගේ ඒ කථාව භික්ෂු සංඝයා අතරෙහි ප්‍රකට විය. භික්ෂූහු පළමුකොටම කෝකාලික භික්ෂුව විමසන්නෙමුයි යන හැඟීමෙන් “ඇවැත්නි! කෝකාලික, අද සංඝයාට ධම්මපද දේශනාව සිදු කරන්නයි කීහ. කෝකාලික ද තමන්ගේ බලය නොදැනම යහපතැයි පිළිගෙන අද ධම්මපද කියන්නෙමියි තමන්ට යෝග්‍ය කැඳ වැළඳුවේය. කැවිලි වැළඳුවේය. යෝග්‍ය එළවලුවලින් දන් වැළඳුවේය.
සූරියෙ අත්ථඞ්ගතෙ ධම්මස්සවනකාලෙ ඝොසිතෙ භික්ඛුසඞ්ඝො සන්නිපති. සො කණ්ටකුරණ්ඩකවණ්ණං කාසාවං නිවාසෙත්වා කණිකාරපුප්ඵවණ්ණං චීවරං පාරුපිත්වා සඞ්ඝමජ්ඣං පවිසිත්වා ථෙරෙ වන්දිත්වා අලඞ්කතරතනමණ්ඩපෙ පඤ්ඤත්තවරධම්මාසනං අභිරුහිත්වා චිත්රබීජනිං ගහෙත්වා “සරභාණං භණිස්සාමී”ති නිසීදි, තාවදෙවස්ස සරීරා සෙදා මුච්චිංසු, සාරජ්ජං ඔක්කමි, පුබ්බගාථාය පඨමං පදං උදාහරිත්වා අනන්තරං න පස්සි. සො කම්පමානො ආසනා ඔරුය්හ ලජ්ජිතො සඞ්ඝමජ්ඣතො අපක්කම්ම අත්තනො පරිවෙණං අගමාසි. අඤ්ඤො බහුස්සුතො භික්ඛු සරභාණං භණි. තතො පට්ඨාය භික්ඛූ තස්ස තුච්ඡභාවං ජානිංසු. අථෙකදිවසං ධම්මසභායං භික්ඛූ කථං සමුට්ඨාපෙසුං – “ආවුසො, පඨමං කොකාලිකස්ස තුච්ඡභාවො දුජ්ජානො, ඉදානි පනෙස සයං නදිත්වා පාකටො ජාතො”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, කොකාලිකො ඉදානෙව නදිත්වා පාකටො ජාතො, පුබ්බෙපි නදිත්වා පාකටො අහොසී”ති වත්වා අතීතං ආහරි.
හිරු බැස ගිය පසු බණ ඇසීමට මේ කාලයයි ඝෝෂා කළ (දැන්වූ) කල්හි භික්ෂු සංඝයා රැස්වූහ. කෝකාලික භික්ෂුව කටු කරඬු මල්පැහැය ඇති කහවතක් ඇඳගෙන කිණිහිරි මල් පැහැති සිවුරක් පොරවාගෙන සංඝයා මැදට පිවිස තෙරුන් වහන්සේලාට වැඳ, සරසන ලද රුවන් මණ්ඩපයෙහි පනවන ලද උතුම් ධර්මාසනය නැග සරසන ලද විජිනිපත ගෙන ධම්මපද දේශනා කරන්නෙමියි හිඳ ගත්තේය. එකෙණෙහි උන්වහන්සේගේ ශරීරයෙන් දහඩිය ගැලුවේය. ලජ්ජාවට පත්විය. පළමු ගාථාවෙහි පළමු පදය දේශනාකොට ඊළඟ පදය නොදුටුවේය. සිහිනොවීය. හෙතෙම වෙවුලමින් ධර්ම ආසනයෙන් බැස ලජ්ජාවෙන් සංඝයා මධ්‍යයෙන් බැහැරව තමන්ගේ පන්සලට වැඩියේය. වෙනත් බහුශ්‍රැත භික්ෂුවක් ධර්මාසනාරූඪව ධම්මපද ගාථා වදාළ සේක. එතැන් පටන් භික්ෂූහු කෝකාලික භික්ෂුවගේ හිස් බව දැන ගත්තාහුය. ඉක්බිති එක්දිනක් භික්ෂූහු දම්සභාවෙහිදී ඇවැත්නි! කෝකාලික භික්ෂුවගේ හිස්බව පළමුව දැනගැනීමට අපහසු විය. දැන් වනාහි මේ තෙමේ තමන්ම වහසි බැණ (නාදකොට) ප්‍රකට කෙළේය යන කථාව මතු කළාහුය. බුදුරජාණන් වහන්සේ එහි වැඩමකොට මහණෙනි! මා එන්නට පෙර නුඹලා මෙහි කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විමසා කෝකාලිකගේ සිද්ධිය පිළිබඳව යයි කී කල්හි, මහණෙනි! කෝකාලික නාදකොට හෙවත් පුරසාරම් කියා ප්‍රකට වූයේ දැන් පමණක් නොවේ. පෙරත් නාදකොට ප්‍රකට වූයේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො හිමවන්තපදෙසෙ සීහයොනියං නිබ්බත්තිත්වා බහූනං සීහානං රාජා අහොසි. සො අනෙකසීහපරිවාරො රජතගුහායං වාසං කප්පෙසි. තස්ස අවිදූරෙ එකිස්සාය ගුහාය එකො සිඞ්ගාලොපි වසති. අථෙකදිවසං දෙවෙ වස්සිත්වා විගතෙ සබ්බෙ සීහා සීහරාජස්සෙව ගුහද්වාරෙ සන්නිපතිත්වා සීහනාදං නදන්තා සීහකීළං කීළිංසු. තෙසං එවං නදිත්වා කීළනකාලෙ සොපි සිඞ්ගාලො නදති. සීහා තස්ස සද්දං සුත්වා “අයං සිඞ්ගාලො අම්හෙහි සද්ධිං නදතී”ති ලජ්ජිතා තුණ්හී අහෙසුං. තෙසං තුණ්හීභූතකාලෙ බොධිසත්තස්ස පුත්තො සීහපොතකො “තාත, ඉමෙ සීහා නදිත්වා සීහකීළං කීළන්තා එතස්ස සද්දං සුත්වා ලජ්ජාය තුණ්හී ජාතා, කො නාමෙස අත්තනො සද්දෙන අත්තානං ජානාපෙතී”ති පිතරං පුච්ඡන්තො පඨමං ගාථමාහ –
පෙර බරණැස් නුවර බඹදත් රජු කරන කල්හි බෝධිසත්ත්වයන් වහන්සේ හිමාලය වන පෙදෙසේ සිංහ යෝනියෙහි ඉපිද බොහෝ සිංහයන්ගේ රජා විය. හෙතෙම නොයෙක් සිංහයන් පිරිවරාගෙන රිදී ගුහාවක වාසය කරයි. ඒ අසල එක්තරා ගුහාවක එක් හිවලෙක්ද වාසය කරයි. ඉක්බිති දිනක් වැස්ස වැස නතර වූවාට පසු සියලු සිංහයෝ සිංහ රජුගේ ගුහා දොරටුව ළඟට රැස්වී සිංහනාද පවත්වමින් ඔවුන්ගේ ක්‍රීඩා කළාහුය. ඔවුන් එසේ නාදකොට සෙල්ලම් කරන අවස්ථාවේ ඒ හිවලාද නාද කෙළේය. සිංහයෝ හිවලාගේ හඬ අසා මේ හිවලාත් අප සමග නාද කරන්නේ යයි ලජ්ජාවට පත්ව නිහඬ වූහ. සිංහයන් නිහඬ වූ කල්හි බෝසත් සිංහයාගේ පුත් වූ සිංහ පෝතකයා, පියාණෙනි! මේ සිංහයෝ නාද පවත්වමින් සිංහ ක්‍රීඩා කරමින් සිටියදී එකකුගේ හඬ අසා ලජ්ජාවෙන් නිහඬ වූහ. තමන්ගේ හඬින් තමා කවුරුන්දැයි දන්වා සිටින මොහු කවරෙක්දැයි පියාගෙන් විමසන්නේ,
“කො නු සද්දෙන මහතා, අභිනාදෙති දද්දරං; තං සීහා නප්පටිනදන්ති, කො නාමෙසො මිගාධිභූ”ති.
කොනු සද්දෙන මහතා අභිනාදෙති දද්දරං, කිං සීහා නප්පටිනන්දන්ති කොනාමෙසො මිගාධිභූ.
යන පළමු ගාථාව කීවේය.
මෘගරාජය! මේ රිදී පර්වතය මහත් ශබ්දයෙන් ගුගුරුවන්නේය. කවරෙක්ද? කවර හෙයින් සිංහයෝ පිළිතුරු නාද නොකෙරෙත්ද? මේ තෙමේ කිනම් ඇත්තෙක්ද?
තත්ථ අභිනාදෙති දද්දරන්ති දද්දරං රජතපබ්බතං එකනාදං කරොති. මිගාධිභූති පිතරං ආලපති. අයඤ්හෙත්ථ අත්ථො – මිගාධිභූ මිගජෙට්ඨක සීහරාජ පුච්ඡාමි තං “කො නාමෙසො”ති.
එහි, අභිනාදෙති දද්දරං යනු දද්දර පර්වතය එකම නාදයක් කරයි. මිගාධිභූ යනු පියා අමතයි. මේ එහි අර්ථයයි. සිංහයන්ගේ අධිපතිතුමනි, සිංහ ප්‍රධානිය! සිංහ රජුනි! ඒ කවරෙක්දැයි නුඹෙන් විමසමි.
අථස්ස වචනං සුත්වා පිතා දුතියං ගාථමාහ –
ඉක්බිති ඔහුගේ වචනය අසා පියා
“අධමො මිගජාතානං, සිඞ්ගාලො තාත වස්සති; ජාතිමස්ස ජිගුච්ඡන්තා, තුණ්හී සීහා සමච්චරෙ”ති.
අධමො මිගජාතානං සිගාලො තාත වස්සති, ජාතිමස්ස ජිගුච්ඡන්තා තුණ්හී සීහා සමච්ඡරෙ.
යන ගාථාව කීවේය.
දරුව! මෘග ජාතීන්ට අධම වූ හිවලා හඬයි. මොහුගේ වර්ගය පිළිකුල් කරමින් සිංහයෝ නිහඬව සිටිත්.
තත්ථ සමච්චරෙති සන්ති උපසග්ගමත්තං, අච්චන්තීති අත්ථො, තුණ්හී හුත්වා නිසීදන්තීති වුත්තං හොති. පොත්ථකෙසු පන “සමච්ඡරෙ”ති ලිඛන්ති.
එහි, සමච්ඡරෙ යනු සං යනු උපසර්ග මාත්‍රයකි. නැවතී සිටිත් යන අර්ථයි. තුණ්හී අච්ඡන්ති, නිහඬව හිඳිත් යයි කියන ලද්දේ වෙයි. පොත්වල වනාහි සමච්ඡරෙති යනුවෙන් ලියත්.
සත්ථා “න, භික්ඛවෙ, කොකාලිකො ඉදානෙව අත්තනො නාදෙන අත්තානං පාකටං කරොති, පුබ්බෙපි අකාසියෙවා”ති වත්වා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා සිඞ්ගාලො කොකාලිකො අහොසි, සීහපොතකො රාහුලො, සීහරාජා පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මහණෙනි! කෝකාලික තමන්ගේ නාදයෙන් තමන් ප්‍රකට කෙළේ දැන් පමණක් නොවේ. පෙරත් ප්‍රකට කෙළේ යයි මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල හිවලා නම් මේ කෝකාලිකය. සිංහ පෝතකයා නම් රාහුලය. සිංහ රජ වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
දද්දරජාතකවණ්ණනා දුතියා.