8. කච්ඡපජාතකවණ්ණනා 178 අට්ඨකථා
8. කච්ඡපජාතකවණ්ණනා (178)
8. කච්ඡප ජාතකය (178)
ජනිත්තං මෙ භවිත්තං මෙති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං අහිවාතකරොගමුත්තං ආරබ්භ කථෙසි. සාවත්ථියං කිර එකස්මිං කුලෙ අහිවාතකරොගො උප්පජ්ජි. මාතාපිතරො පුත්තං ආහංසු – “තාත, මා ඉමස්මිං ගෙහෙ වස, භිත්තිං භින්දිත්වා පලායිත්වා යත්ථ කත්ථචි ගන්ත්වා ජීවිතං රක්ඛ, පච්ඡා ආගන්ත්වා ඉමස්මිං නාම ඨානෙ මහානිධානං අත්ථි, තං උද්ධරිත්වා කුටුම්බං සණ්ඨපෙත්වා සුඛෙන ජීවෙය්යාසී”ති. පුත්තො තෙසං වචනං සම්පටිච්ඡිත්වා භිත්තිං භින්දිත්වා පලායිත්වා අත්තනො රොගෙ වූපසන්තෙ ආගන්ත්වා මහානිධානං උද්ධරිත්වා කුටුම්බං සණ්ඨපෙත්වා ඝරාවාසං වසි. සො එකදිවසං සප්පිතෙලාදීනි චෙව වත්ථච්ඡාදනාදීනි ච ගාහාපෙත්වා ජෙතවනං ගන්ත්වා සත්ථාරං වන්දිත්වා නිසීදි. සත්ථා තෙන සද්ධිං පටිසන්ථාරං කත්වා “තුම්හාකං ගෙහෙ අහිවාතකරොගො උප්පන්නොති අස්සුම්හ, කින්ති කත්වා මුත්තොසී”ති පුච්ඡි, සො තං පවත්තිං ආචික්ඛි. සත්ථා “පුබ්බෙපි ඛො, උපාසක, භයෙ උප්පන්නෙ අත්තනො වසනට්ඨානෙ ආලයං කත්වා අඤ්ඤත්ථ අගතා ජීවිතක්ඛයං පාපුණිංසු, අනාලයං පන කත්වා අඤ්ඤත්ථ ගතා ජීවිතං ලභිංසූ”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
ජනිත්තම්මෙ භවිත්තම්මෙ යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් මහා මාරිය (අභිවාතක) යෙන් මිදීමක් මුල්කරගෙන දේශනා කළ සේක. සැවැත්නුවර එක් කුලගෙයක මහාමාරිය රෝගය ඇතිවිය. දෙමාපියෝ පුතාට දරුව, මේ ගෙදර නොහැසිරෙන්න. බිත්තිය බිඳගෙන පලාගොස් යම්කිසි තැනකට ගොස් ජීවිතය රැකගන්න. පසුකලෙක මෙහි අවුත් අසවල් ස්ථානයේ ඇති මහත් නිදානය ගොඩගෙන විවාහවී සැපෙන් ජීවත් වන්නැයි කීහ. පුතා ඔවුන්ගේ කීම පිළිගෙන බිත්තිය බිඳ පලාගොස් තමන්ගේ රෝගය සංසිඳුනාට පසුව ආපසු අවුත් මහා නිධානය ගොඩගෙන ගිහි ගෙයි විසුවේය. ඔහු එක්දිනක් ගිතෙල් තෙල් ආදිය ද රැගෙන රෙදි පොරෝණාදියද ගෙන්වාගෙන දෙව්රම් වෙහෙරට ගොස් ශාස්තෲන් වහන්සේ වැඳ හිඳ ගත්තේය. බුදුරජාණන් වහන්සේ ඔහු සමග පිළිසඳර කථාකොට තොපගේ නිවසෙහි මහාමාරිය රෝගය ඇතිවූ බව ඇසුවෙමි. කුමක්කොට එයින් මිදුනෙහිදැයි විචාළ සේක. හෙතෙම ඒ පුවත ප්‍රකාශ කෙළේය. එවිට බුදුරජාණන් වහන්සේ උපාසකය! පෙරත් සමහරු භයක් ඇතිවූ විට තමන් වසන තැනට ආසාකොට වෙන තැනකට නොගොස් මරණයට පැමිණියාහුය. වාසස්ථානයට ආසා නොකොට වෙනත් තැනකට ගිය අය ජීවිතය ලැබුවාහුයයි වදාරා සිටිවිට ඔහු විසින් අයදින ලද්දේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො කාසිගාමකෙ කුම්භකාරකුලෙ නිබ්බත්තිත්වා කුම්භකාරකම්මං කත්වා පුත්තදාරං පොසෙසි. තදා පන බාරාණසියං මහානදියා සද්ධිං එකාබද්ධො මහාජාතස්සරො අහොසි. සො බහුඋදකකාලෙ නදියා සද්ධිං එකොදකො හොති, උදකෙ මන්දීභූතෙ විසුං හොති. මච්ඡකච්ඡපා පන “ඉමස්මිං සංවච්ඡරෙ සුවුට්ඨිකා භවිස්සති, ඉමස්මිං සංවච්ඡරෙ දුබ්බුට්ඨිකා”ති ජානන්ති. අථ තස්මිං සරෙ නිබ්බත්තමච්ඡකච්ඡපා “ඉමස්මිං සංවච්ඡරෙ දුබ්බුට්ඨිකා භවිස්සතී”ති ඤත්වා උදකස්ස එකාබද්ධකාලෙයෙව තම්හා සරා නික්ඛමිත්වා නදිං අගමිංසු. එකො පන කච්ඡපො “ඉදං මෙ ජාතට්ඨානං වඩ්ඪිතට්ඨානං, මාතාපිතූහි වසිතට්ඨානං, න සක්කොමි ඉමං ජහිතු”න්ති නදිං න අගමාසි. අථ නිදාඝසමයෙ තත්ථ උදකං ඡිජ්ජි, සො කච්ඡපො බොධිසත්තස්ස මත්තිකගහණට්ඨානෙ භූමිං ඛණිත්වා පාවිසි. බොධිසත්තො “මත්තිකං ගහෙස්සාමී”ති තත්ථ ගන්ත්වා මහාකුද්දාලෙන භූමිං ඛණන්තො කච්ඡපස්ස පිට්ඨිං භින්දිත්වා මත්තිකපිණ්ඩං විය කුද්දාලෙනෙව නං උද්ධරිත්වා ථලෙ පාතෙසි. සො වෙදනාප්පත්තො හුත්වා “වසනට්ඨානෙ ආලයං ජහිතුං අසක්කොන්තො එවං විනාසං පාපුණි”න්ති වත්වා පරිදෙවමානො ඉමා ගාථා අවොච –
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ ගමක කුඹල් කර්මාන්තය කොට අඹුදරුවන් පෝෂණය කෙළේය. එකල බරණැස මහ ගඟ සමග එකට බැඳුණු ස්වාභාවික විලක් තිබුණේය. ඒ විල වතුර වැඩිවූ විට ගඟ සමග එකම ජලාශයක් විය. ජලය අඩු වූ විට වෙන් වෙයි. මාළුවෝ ද කැස්බෑවෝ ද වනාහි මේ අවුරුද්දේ හොඳින් වැසි ඇතිවන්නෝය. මේ වසරේ වැසි නොවන්නේයයි දනිති. ඉක්බිති ඒ විලෙහි උපන් මස් කැස්බෑවෝ මේ අවුරුදු කාලයේ වැස්ස නැතිවන බව දැනගෙන ජලය ඒකාබද්ධ වන කාලයේදීම ඒ විලෙන් නික්මී ගඟට ගියාහුය. එක් කැස්බෑවෙක් මේ විල මගේ උපන් ස්ථානයයි. වැඩුණු තැනයි. මව්පියන් වාසය කළ තැනයි කියා මෙය අත්හැර යන්නට නොහැකි වෙමියි කියා ගඟට නොගියේය. ඉක්බිති නියඟය පැමිණිවිට විලෙහි දිය සිඳුණේය. ඒ කැස්බෑවා බෝසතාණන් වහන්සේ මැටි ගන්නා ස්ථානයේ බිම හාරා පිවිසියේය. බෝසතාණෝ මැටි ගන්නෙමියි එතනට ගොස් මහ උදැල්ලකින් බිම හාරන්නේ කැස්බෑවාගේ පිට බිඳී මැටිපිඬක් මෙන් ඌ උදැල්ලත් සමග උඩට ගොඩබිම හෙළීය. කැස්බෑවා වේදනාවට පත්ව මම වසන තැන ගැන ආසාව අත්හැරිය නොහැකි වූ නිසා මෙබඳු විනාශයකට පැමිණියෙමියි කියා වැළපෙමින්,
“ජනිත්තං මෙ භවිත්තං මෙ, ඉති පඞ්කෙ අවස්සයිං; තං මං පඞ්කො අජ්ඣභවි, යථා දුබ්බලකං තථා; තං තං වදාමි භග්ගව, සුණොහි වචනං මම.
ජනිත්තම්මෙ භාවිත්තම්මෙ ඉති පංකෙ අවස්සයිං, තං මං පංකො අජ්ඣභවි යථා දුබ්බලකං තථා, තං තං වදාමි භග්ගව! සුණොහි වචනං මම.
“ගාමෙ වා යදි වාරඤ්ඤෙ, සුඛං යත්රාධිගච්ඡති; තං ජනිත්තං භවිත්තඤ්ච, පුරිසස්ස පජානතො; යම්හි ජීවෙ තම්හි ගච්ඡෙ, න නිකෙතහතො සියා”ති.
ගාමෙ වා යදි වාරඤ්ඤෙ සුඛං යත්රාධිගච්ඡති, තං ජනිත්තං භවිත්තං ච පුරිසස්ස පජානතො, යම්හි ජීවෙ තම්හි ගච්ඡෙ නනිකෙත හතො සියා.
යන මේ ගාථා කීවේය.
“මාගේ උපන් බිමය කියාද, වැඩුණු බිමය කියාද මඩෙහි වැද හොත්තෙමි. ඒ මඩ දුර්වල වූවෙකු විනාශයට පමුණුවන්නේ යම්සේද එසේම මා විනාශයට පැමිණවීය. භාර්ගවය! එහෙයින් තට කියමි. මාගේ වචන අසව.”“ගමෙහි වේවයි ආරණ්‍යයෙහි වේවයි යම් තැනෙක්හි සුව පැමිණියේද ඒ ස්ථානය කරුණු දන්නා වූ පුරුෂයාට උපන් තැනද වැඩුණු තැනද වේ. යම් තැනෙක්හි ජීවත්විය හැක්කේද එතැනට යන්නේය. වසන තැන නැති වූයේ නොවන්නේය.”
තත්ථ ජනිත්තං මෙ භවිත්තං මෙති ඉදං මම ජාතට්ඨානං, ඉදං මම වඩ්ඪිතට්ඨානං. ඉති පඞ්කෙ අවස්සයින්ති ඉමිනා කාරණෙනාහං ඉමස්මිං කද්දමෙ අවස්සයිං නිපජ්ජිං, වාසං කප්පෙසින්ති අත්ථො. අජ්ඣභවීති අධිඅභවි විනාසං පාපෙසි. භග්ගවාති කුම්භකාරං ආලපති. කුම්භකාරානඤ්හි නාමගොත්තපඤ්ඤත්ති එසා, යදිදං භග්ගවාති. සුඛන්ති කායිකචෙතසිකස්සාදං. තං ජනිත්තං භවිත්තඤ්චාති තං ජාතට්ඨානඤ්ච වඩ්ඪිතට්ඨානඤ්ච. “ජානිත්තං භාවිත්ත”න්ති දීඝවසෙනපි පාඨො, සොයෙවත්ථො. පජානතොති අත්ථානත්ථං කාරණාකාරණං ජානන්තස්ස. න නිකෙතහතො සියාති නිකෙතෙ ආලයං කත්වා අඤ්ඤත්ථ අගන්ත්වා නිකෙතෙන හතො, එවරූපං මරණදුක්ඛං පාපිතො න භවෙය්‍යාති.
එහි, ජනිත්තම්මෙ භවිත්තම්මෙ යනු මේ මාගේ උපන් ස්ථානයයි. ඉති පංකෙ අවස්සයිං යනු මේ කාරණයෙන් මම මේ මඩෙහි හොත්තෙමි. වාසය කළෙමියි යන අර්ථයි. අජ්ඣභවි යනු අධි අභවි විනාශයට පැමිණවීය. භග්ගවා යනු කුඹල්කරුට අමතයි. මේ භග්ගව යන වචනය කුඹල්කරුවන්ට නම් වශයෙන් ගෝත්‍ර වශයෙන් පැනවීමයි. සුඛං යනු කයේ හා සිතිවිලිවල ආස්වාදයයි. තං ජනිත්තං භවිත්තඤ්ච යනු ඒ උපන් තැන හා වැඩුණු ස්ථානයද ජානිතං භාවිතං යනුවෙන් දීර්ඝ වශයෙන්ද පාඨයක් ඇත. එම අර්ථයමයි. පජානකො යනු අර්ථා අනර්ථ, කාරණා අකාරණා දන්නහුගේ, න භිකෙත හතොසියා යනු වාසස්ථානයට ආසාකොට වෙන තැනකට නොගොස් වාසස්ථානයෙන් නැසුනේ මෙබඳු මරණ දුකකට පැමිණි කෙනෙක් නො වන්නේය.
එවං සො බොධිසත්තෙන සද්ධිං කථෙන්තො කාලමකාසි. බොධිසත්තො තං ගහෙත්වා සකලගාමවාසිනො සන්නිපාතාපෙත්වා තෙ මනුස්සෙ ඔවදන්තො එවමාහ – “පස්සථ ඉමං කච්ඡපං, අයං අඤ්ඤෙසං මච්ඡකච්ඡපානං මහානදිං ගමනකාලෙ අත්තනො වසනට්ඨානෙ ආලයං ඡින්දිතුං අසක්කොන්තො තෙහි සද්ධිං අගන්ත්වා මම මත්තිකගහණට්ඨානං පවිසිත්වා නිපජ්ජි. අථස්සාහං මත්තිකං ගණ්හන්තො මහාකුද්දාලෙන පිට්ඨිං භින්දිත්වා මත්තිකපිණ්ඩං විය නං ථලෙ පාතෙසිං, අයං අත්තනා කතකම්මං සරිත්වා ද්වීහි ගාථාහි පරිදෙවිත්වා කාලමකාසි. එවමෙස අත්තනො වසනට්ඨානෙ ආලයං කත්වා මරණං පත්තො, තුම්හෙපි මා ඉමිනා කච්ඡපෙන සදිසා අහුවත්ථ, ඉතො පට්ඨාය ‘මය්හං රූපං මය්හං සද්දො මය්හං ගන්ධො මය්හං රසො මය්හං ඵොට්ඨබ්බො මය්හං පුත්තො මය්හං ධීතා මය්හං දාසදාසිපරිච්ඡෙදො මය්හං හිරඤ්ඤසුවණ්ණ’න්ති තණ්හාවසෙන උපභොගවසෙන මා ගණ්හිත්ථ, එකකොවෙස සත්තො තීසු භවෙසු පරිවත්තතී”ති. එවං බුද්ධලීලාය මහාජනස්ස ඔවාදමදාසි, සො ඔවාදො සකලජම්බුදීපං පත්ථරිත්වා සට්ඨිමත්තානි වස්සසහස්සානි අට්ඨාසි. මහාජනො බොධිසත්තස්ස ඔවාදෙ ඨත්වා දානාදීනි පුඤ්ඤානි කත්වා ආයුපරියොසානෙ සග්ගපුරං පූරෙසි, බොධිසත්තොපි තථෙව පුඤ්ඤානි කත්වා සග්ගපුරං පූරෙසි.
මෙසේ කැස්බෑවා බෝධිසත්ත්වයන් වහන්සේ සමග කථා කරමින්ම කලුරිය කෙළේය. බෝසතාණන් වහන්සේ කැස්බෑවා රැගෙන සියලු ගම්වාසීන් රැස්කරවා ඒ මිනිසුන්ට ඔවදන් දෙමින් මෙසේ කී සේක. බලන්න! මේ කැස්බෑවා දෙස. මේ තෙමේ සෙසු මසුන් කැස්බෑවන් මහ මඟට යන අවස්ථාවෙහි තමන්ගේ වාසස්ථානයෙහි ආලය අත්හැරීමට නොහැකිව ඔවුන් සමග නොගොස් මැටි ගොඩක් තුළට පිවිස හුන්නේය. ඉක්බිති මම මැටි ගන්නේ මහ උදැල්ලකින් මොහුගේ පිට බිඳී මැටිපිඬක් මෙන් ඌ ගොඩට හෙලුවෙමි. මේ තෙමේ තමන් කළ ක්‍රියාව සිහිකොට ගාථා දෙකක් කියා වැළපී කලුරිය කෙළේය. මෙසේ මොහු තමන්ගේ වාසස්ථානයට ආසාකොට මරණයට පැමිණියේය. ඒ නිසා නුඹලාත් මේ කැස්බෑවා මෙන් නොවිය යුතුයි. මෙතැන් පටන් මාගේ රූපය, මාගේ ශබ්දය, මාගේ ගන්ධය, මාගේ රසය, මාගේ ස්පර්ශය, මගේ පුතා, මගේ දුව, මගේ දාස දාසීන් යයි වෙන්කොට රන්රුවන් තෘෂ්ණා වශයෙන් හෝ පරිභෝග කළ යුතු දෑ වශයෙන් හෝ නොගනිව්. මේ එක් එක් සත්ත්වයාම තුන් භවයෙහි සැරිසරන්නේ යයි මෙසේ බුදුවරයෙකුගේ ලීලාවෙන් මහජනයාට අවවාද දුන් සේක. ඒ අවවාද සියලු දඹදිව පැතිරී හත්සියයක් අවුරුදු අවවාද වශයෙන් පැවතියේ යයි කී සේක. මහජනයා බෝසතාණන් වහන්සේගේ අවවාදයෙහි පිහිටා දානාදී පිංකම්කොට දෙව්ලොව උපන්හ. බෝසතාණන් වහන්සේ ද එසේම පිංකම්කොට දෙව්ලොව උපන් සේක.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ සො කුලපුත්තො සොතාපත්තිඵලෙ පතිට්ඨාසි. “තදා කච්ඡපො ආනන්දො අහොසි, කුම්භකාරො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය දේශනාකොට ජාතක කථාව නිමවා වදාළ සේක. සත්‍ය දේශනාවගේ කෙළවර ඒ කුලපුත්‍රයා සේවාන් ඵලයෙහි පිහිටියේය. එකල කැස්බෑවා නම් ආනන්දය. කුඹල්කරුවා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.
කච්ඡපජාතකවණ්ණනා අට්ඨමා.