9. සතධම්මජාතකවණ්ණනා 179 අට්ඨකථා
9. සතධම්මජාතකවණ්ණනා (179)
9. සතධම්ම ජාතකය (179)
තඤ්ච අප්පන්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකවීසතිවිධං අනෙසනං ආරබ්භ කථෙසි. එකස්මිඤ්හි කාලෙ බහූ භික්ඛූ වෙජ්ජකම්මෙන දූතකම්මෙන පහිණකම්මෙන ජඞ්ඝපෙසනිකෙන පිණ්ඩපටිපිණ්ඩෙනාති එවරූපාය එකවීසතිවිධාය අනෙසනාය ජීවිකං කප්පෙසුං. සා සාකෙතජාතකෙ (ජා· 1.2.173-174) ආවිභවිස්සති. සත්ථා තෙසං තථා ජීවිකකප්පනභාවං ඤත්වා “එතරහි ඛො බහූ භික්ඛූ අනෙසනාය ජීවිකං කප්පෙන්ති, තෙ පන එවං ජීවිකං කප්පෙත්වා යක්ඛත්තභාවා පෙතත්තභාවා න මුච්චිස්සන්ති, ධුරගොණා හුත්වාව නිබ්බත්තිස්සන්ති, නිරයෙ පටිසන්ධිං ගණ්හිස්සන්ති, එතෙසං හිතත්ථාය සුඛත්ථාය අත්තජ්ඣාසයං සකපටිභානං එකං ධම්මදෙසනං කථෙතුං වට්ටතී”ති භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා “න, භික්ඛවෙ, එකවීසතිවිධාය අනෙසනාය පච්චයා උප්පාදෙතබ්බා. අනෙසනාය හි උප්පන්නො පිණ්ඩපාතො ආදිත්තලොහගුළසදිසො හලාහලවිසූපමො. අනෙසනා හි නාමෙසා බුද්ධපච්චෙකබුද්ධසාවකෙහි ගරහිතබ්බා පටිකුට්ඨා. අනෙසනාය උප්පන්නං පිණ්ඩපාතං භුඤ්ජන්තස්ස හි හාසො වා සොමනස්සං වා නත්ථි. එවං උප්පන්නො හි පිණ්ඩපාතො මම සාසනෙ චණ්ඩාලස්ස උච්ඡිට්ඨභොජනසදිසො, තස්ස පරිභොගො සතධම්මමාණවස්ස චණ්ඩාලුච්ඡිට්ඨභත්තපරිභොගො විය හොතී”ති වත්වා අතීතං ආහරි.
තඤ්ච අප්පං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් භික්ෂූන් වහන්සේ විසින් අනුගමනය නොකළ යුතු විසිඑක් වැදෑරුම් අනෙසන (නුසුදුසු ජීවිකාවන්) මුල් කරගෙන දේශනා කළ සේක. එක් කලෙක බොහෝ භික්ෂූහු වෙදකම් කිරීමෙන් ගිහියන්ගේ පණිවිඩ ඒ ඒ තැනට ගෙනයාම නම් වූ දූතකර්මයන් ගෙන් ගෙට අසුන් ගෙන යාම නම් වූ පහේන ගමනත් මද දෙයක් දී වැඩිපුර ගන්නා බව යනාදී මෙබඳු විසිඑක් වැදෑරුම් භික්ෂූන්ට නුසුදුසු ජීවන ක්‍රම අනුගමනය කළාහුය. ඒ විස්තරය සාකේත ජාතකයෙහි මතු සඳහන් වන්නේය. බුදුරජාණන් වහන්සේ ඔවුන් එසේ ජීවත් වනබව දැන “මෙකල බොහෝ භික්ෂූහු නුසුදුසු ලෙස දිවි ගෙවත්ද ඔවුන් වනාහි මෙසේ දිවි ගෙවා යක්ෂ හෝ ප්‍රේත ආත්මවලින් නොමිදෙන්නෝය. ගැල උසුලන ගොනුන් වී උපදිති. නිරයෙහි උපදිති. එසේ ජීවත් වෙන්නන්ගේ හිතසුව පිණිස සැප පිණිස තම අදහස අනුව, සිය වැටහීම අනුව එක් දම් දෙසුමක් කිරීමට සුදුසු යයි භික්ෂු සංඝයා රැස් කරවා, මහණෙනි! විසිඑක් වැදෑරුම් වූ නුසුදුසු පරිදි ප්‍රත්‍යය ඉපදවීම නොකළ යුතුයි. නුසුදුසු පරිදි උපදවා ගන්නා පිණ්ඩපාතය දැල්වෙන යකඩ ගුලි හා සමානයි. නපුරු විෂක් හා සමානයි. නුසුදුසු ලෙස මේ ප්‍රත්‍යය සෙවීම බුදු, පසේබුදු, ශ්‍රාවකයන් වහන්සේලා විසින් ගරහන ලද්දකි. නුසුදුසු පරිදි උපදවන පිණ්ඩපාතය වළඳන භික්ෂුවට හිනාවක් හෝ සතුටක් හෝ නැත. මෙසේ උපදවා ගන්නා පිණ්ඩපාතය මගේ ශාසනයෙහිදී සැඩොලාගේ ඉඳුල් ආහාරය හා සමානයි. ඒ ප්‍රත්‍ය පරිභෝග කිරීම සතධම්ම මානවකයාගේ සැඩොලා විසින් ඉඳුල් කළ බත පරිභෝගය හා සමාන වේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො චණ්ඩාලයොනියං නිබ්බත්තිත්වා වයප්පත්තො කෙනචිදෙව කරණීයෙන පාථෙය්යතණ්ඩුලෙ ච භත්තපුටඤ්ච ගහෙත්වා මග්ගං පටිපජ්ජි. තස්මිඤ්හි කාලෙ බාරාණසියං එකො මාණවො අත්ථි සතධම්මො නාම උදිච්චබ්රාහ්මණමහාසාලකුලෙ නිබ්බත්තො. සොපි කෙනචිදෙව කරණීයෙන තණ්ඩුලෙ ච භත්තපුටඤ්ච අගහෙත්වාව මග්ගං පටිපජ්ජි, තෙ උභොපි මහාමග්ගෙ සමාගච්ඡිංසු. මාණවො බොධිසත්තං “කිංජාතිකොසී”ති පුච්ඡි. සො “අහං චණ්ඩාලො”ති වත්වා “ත්වං කිංජාතිකොසී”ති මාණවං පුච්ඡි . “උදිච්චබ්රාහ්මණො අහ”න්ති. “සාධු ගච්ඡාමා”ති තෙ උභොපි මග්ගං අගමංසු. බොධිසත්තො පාතරාසවෙලාය උදකඵාසුකට්ඨානෙ නිසීදිත්වා හත්ථෙ ධොවිත්වා භත්තපුටං මොචෙත්වා “මාණව, භත්තං භුඤ්ජාහී”ති ආහ. “නත්ථි, අරෙ චණ්ඩාල, මම භත්තෙන අත්ථො”ති. බොධිසත්තො “සාධූ”ති පුටකභත්තං උච්ඡිට්ඨං අකත්වාව අත්තනො යාපනමත්තං අඤ්ඤස්මිං පණ්ණෙ පක්ඛිපිත්වා පුටකභත්තං බන්ධිත්වා එකමන්තෙ ඨපෙත්වා භුඤ්ජිත්වා පානීයං පිවිත්වා ධොතහත්ථපාදො තණ්ඩුලෙ ච සෙසභත්තඤ්ච ආදාය “ගච්ඡාම, මාණවා”ති මග්ගං පටිපජ්ජි.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ සැඩොල් කුලයෙහි ඉපිද වැඩිවියට පත්වූවාහු කිසියම් කටයුත්තක් සඳහා මගදී ප්‍රයෝජනයට අවශ්‍ය සහල් ද බත් මුලක්ද ගෙන මගට පිළිපන්නෝය. එකල බරණැස ප්‍රසිද්ධ බමුණු මහසල් කුලයක උපන් සතධම්ම නම් එක් මානවකයෙක් සිටී. ඔහුද කිසියම් කටයුත්තක් සඳහා සහල් හෝ බත්මුලක් හෝ නෙගෙනම මගට පිළිපන්නේය. මේ දෙදෙනාම මහමග එකට ගමන් කළාහ. මානවකයා බෝසතාණන්ගෙන් ඔබ කිනම් ජාතිකයෙක්දැයි විචාළේය. ඒ මම නම් සැඩොලෙක්මියි කියා, නුඹ කිනම් ජාතිකයෙක්දැයි මානවකයාගෙන් විචාළේය. මම ප්‍රසිද්ධ බමුණෙක්මි. හොඳයි යමුයි දෙදෙනාම මගට පිළිපන්හ. බෝසතාණන් වහන්සේ උදේ කෑම වේලාවෙහි ජල පහසුව ඇති තැනක හිඳ අත් සෝදාගෙන බත්මුල ලිහා මානවකයාට බත් අනුභව කරන්නයි කීහ. බොල! චණ්ඩාලය! මට බතෙන් කාරියක් නැතැයි කීය. බෝසතාණන් වහන්සේ යහපතැයි කියා බත්මුල ඉඳුල් නොකරම තමන්ට යැපෙන ප්‍රමාණයට වෙනත් කොළයක බහා මුල බැඳ පසෙක තබා අනුභව කොට පැන් බී සෝදන ලද අත් පා ඇතිව සහල්ද ඉතිරි බත් කොටසද ගෙන යමු තරුණය කියා මගට පිළිපන්නෝය. ඔවුහු දවස පුරාම ගොස් සවස් කාලයේ දෙදෙනාම එක් ජල පහසුව ඇති තැනක නා ගොඩට ආවාහුය.
තෙ සකලදිවසං ගන්ත්වා සායං උභොපි එකස්මිං උදකඵාසුකට්ඨානෙ න්හත්වා පච්චුත්තරිංසු. බොධිසත්තො ඵාසුකට්ඨානෙ නිසීදිත්වා භත්තපුටං මොචෙත්වා මාණවං අනාපුච්ඡිත්වා භුඤ්ජිතුං ආරභි. මාණවො සකලදිවසං මග්ගගමනෙන කිලන්තො ඡාතජ්ඣත්තො “සචෙ මෙ භත්තං දස්සති, භුඤ්ජිස්සාමී”ති ඔලොකෙන්තො අට්ඨාසි. ඉතරො කිඤ්චි අවත්වා භුඤ්ජතෙව. මාණවො චින්තෙසි – “අයං චණ්ඩාලො මය්හං අවත්වාව සබ්බං භුඤ්ජති නිප්පීළෙත්වාපි තං ගහෙත්වා උපරි උච්ඡිට්ඨභත්තං ඡඩ්ඩෙත්වා සෙසං භුඤ්ජිතුං වට්ටතී”ති. සො තථා කත්වා උච්ඡිට්ඨභත්තං භුඤ්ජි. අථස්ස භුත්තමත්තස්සෙව “මයා අත්තනො ජාතිගොත්තකුලපදෙසානං අනනුච්ඡවිකං කතං, චණ්ඩාලස්ස නාම මෙ උච්ඡිට්ඨභත්තං භුත්ත”න්ති බලවවිප්පටිසාරො උප්පජ්ජි, තාවදෙවස්ස සලොහිතං භත්තං මුඛතො උග්ගච්ඡි. සො “අප්පමත්තකස්ස වත මෙ කාරණා අනනුච්ඡවිකං කම්මං කත”න්ති උප්පන්නබලවසොකතාය පරිදෙවමානො පඨමං ගාථමාහ –
බෝසතාණන් වහන්සේ පහසු තැනක හිඳ බත්මුල ලිහා මානවකයාගෙන් නොවිමසා අනුභව කරන්නට පටන් ගත්තේය. දවස පුරාම ඇවිද ගමන් විඩාවෙන් ක්ලාන්ත වූ මානවකයා සාගින්නෙන් පෙළෙන්නේ ඉදින් මට බත් දෙන්නේ නම් අනුභව කරන්නෙමියි බලමින් සිටියේය. අනිකාද කිසිවක් නොකියා අනුභව කෙළේමය. මානවකයා මේ සැඩොලා මට නොදීම සියල්ල අනුභව කරයි. පීඩා කොට එය ගෙන උඩින් ඇති ඉඳුල් බත් ඉවත දමා ඉතිරිවා අනුභව කරන්නට වටියි සිතුවේය. ඔහු එසේකොට ඉඳුල් බත් අනුභව කෙළේය. ඉක්බිති අනුභව කළ අවස්ථාවේදීම මොහුට මා විසින් ජාති කුල ගෝත්‍රයට නුසුදුසු ක්‍රියාවක් කරන ලදි. මවිසින් සැඩොලාගේ ඉඳුල් බත් කන ලදී යයි බලවත් විපිළිසර භාවයක් උපන්නේය. එවේලේම ලේ සහිත බත් ඔහුගේ මුවින් පිටවිය. හෙතෙම අල්පමාත්‍ර වූ කරුණක් නිසා මා විසින් මේ නුසුදුසු ක්‍රියාව කරන ලදී යයි උපන් බලවත් සෝකයෙන් වැළපෙමින්
“තඤ්ච අප්පඤ්ච උච්ඡිට්ඨං, තඤ්ච කිච්ඡෙන නො අදා; සොහං බ්රාහ්මණජාතිකො, යං භුත්තං තම්පි උග්ගත”න්ති.
තඤ්ච අප්පඤ්ච උච්ඡිට්ඨං තඤ්ච කිච්ඡෙන නොඅදා, සො හං බ්‍රාහ්මණ ජාතිකො යං භුත්තං තම්පි උග්ගතං.
යන පළමු ගාථාව කීවේය.
ඒ බතද ස්වල්පය, ඒ ස්වල්ප බතද ඉඳුල්ය. ඒ මද වූ ඉඳුල් වූ බත දුකසේ දුන්නේය. (ලැබුණි) ඒ මම පිරිසිදු බමුණු කුල ඇත්තෙමි. මවිසින් කන ලද ඒ ආහාරය ද ලේත් සමග උඩට නැගී වමනය විය.
තත්රායං සඞ්ඛෙපත්ථො – යං මයා භුත්තං, තං අප්පඤ්ච උච්ඡිට්ඨඤ්ච, තඤ්ච සො චණ්ඩාලො න අත්තනො රුචියා මං අදාසි, අථ ඛො නිප්පීළියමානො කිච්ඡෙන කසිරෙන අදාසි, සොහං පරිසුද්ධබ්රාහ්මණජාතිකො, තෙනෙව මෙ යං භුත්තං, තම්පි සද්ධිං ලොහිතෙන උග්ගතන්ති.
මේ එහි සංක්ෂේප අර්ථයි. යමක් මා විසින් අනුභව කරන ලද ද එයද අප්පං උච්ඡිට්ඨංතංච නො ටිකක් ඉඳුල්ය. එයද අපට ඒ සැඩොලා තමන්ගේ කැමැත්තෙන් තොරව ඉක්බිති වනාහි පෙළමින් කිච්ඡෙන අපහසුවෙන් දුන්නේය. සොහං ඒ මම පිරිසිදු බමුණෙක් හෙයින් මවිසින්, යං භුත්තං තම්පි යමක් අනුභව කරන ලදද එය ලේ සමග, උග්ගතන්ති වැමෑරියේය. වමනය විය.
එවං මාණවො පරිදෙවිත්වා “කිං දානි මෙ එවරූපං අනනුච්ඡවිකං කම්මං කත්වා ජීවිතෙනා”ති අරඤ්ඤං පවිසිත්වා කස්සචි අත්තානං අදස්සෙත්වාව අනාථමරණං පත්තො.
මෙසේ මානවකයා වැළපී කිම දැන් මා විසින් මෙබඳු නුසුදුසු ක්‍රියාවක් කොට ජීවත් වීමෙන් ඇති ඵලය කුමක්ද? වනගතව කිසිවෙකුට නොපෙනී රහසිගතව පිළිසරණක් නැතිව මළේය.
සත්ථා ඉමං අතීතං දස්සෙත්වා “සෙය්යථාපි, භික්ඛවෙ, සතධම්මමාණවස්ස තං චණ්ඩාලුච්ඡිට්ඨකං භුඤ්ජිත්වා අත්තනො අයුත්තභොජනස්ස භුත්තත්තා නෙව හාසො, න සොමනස්සං උප්පජ්ජි, එවමෙව යො ඉමස්මිං සාසනෙ පබ්බජිතො අනෙසනාය ජීවිකං කප්පෙන්තො තථාලද්ධපච්චයං පරිභුඤ්ජති, තස්ස බුද්ධපටිකුට්ඨගරහිතජීවිතභාවතො නෙව හාසො, න සොමනස්සං උප්පජ්ජතී”ති වත්වා අභිසම්බුද්ධො හුත්වා දුතියං ගාථමාහ –
බුදුරජාණන් වහන්සේ මේ අතීත කථාව දක්වා මහණෙනි! යම්සේ සතධම්ම මානවකයාට ඒ සැඩොලා ඉඳුල් කළ බත අනුභව කොට තමා විසින් යුතු නැති ආහාරය අනුභව කළ බැවින් සිනාවක් හෝ සතුටක් උපන්නේ නැත. මෙසේ යමෙක් මේ බුදු සසුනෙහි පැවිදි වූයේ නුසුදුසු පරිදි දිවි ගෙවන්නේ එසේ ලබන ලද සිවුපසය පරිභෝග කරයි නම් බුදුරජාණන් වහන්සේ පිළිකුල් කළ ගරහන ලද ජීවිත ඇතිව ජීවත් වූ බැවින් සිනාවක් හෝ සොම්නසක් උපදින්නේ නැතැයි වදාරා බුදුවී
“එවං ධම්මං නිරංකත්වා, යො අධම්මෙන ජීවති; සතධම්මොව ලාභෙන, ලද්ධෙනපි න නන්දතී”ති.
එවං ධම්මං නිරං කත්වා යො අධම්මෙන ජීවති, සතධම්මො ව ලාභෙන ලද්ධෙනපි න නන්දති
යන දෙවන ගාථාව වදාළ සේක.
එලෙසින් (ආජීව පාරිශුද්ධි සීල නම්) ධර්මය දුරුකොට යම් මහණෙක් අධර්මයෙන් ජීවත් වේද, හේ සතධම්ම බ්‍රාහ්මණයා මෙන් ලද අහරින් තුටු නොවේ. (දුකට පැමිණ)
තත්ථ ධම්මන්ති ආජීවපාරිසුද්ධිසීලධම්මං. නිරංකත්වාති නීහරිත්වා ඡඩ්ඩෙත්වා. අධම්මෙනාති එකවීසතියා අනෙසනසඞ්ඛාතෙන මිච්ඡාජීවෙන. සතධම්මොති තස්ස නාමං, “සන්තධම්මො”තිපි පාඨො. න නන්දතීති යථා සතධම්මො මාණවො “චණ්ඩාලුච්ඡිට්ඨකං මෙ ලද්ධ”න්ති තෙන ලාභෙන න නන්දති, එවං ඉමස්මිම්පි සාසනෙ පබ්බජිතො කුලපුත්තො අනෙසනාය ලද්ධලාභං පරිභුඤ්ජන්තො න නන්දති න තුස්සති, “බුද්ධගරහිතජීවිකාය ජීවාමී”ති දොමනස්සප්පත්තො හොති. තස්මා අනෙසනාය ජීවිකං කප්පෙන්තස්ස සතධම්මමාණවස්සෙව අරඤ්ඤං පවිසිත්වා අනාථමරණං මරිතුං වරන්ති.
එහි, ධම්මං යනු ආජීව පාරිශුද්ධි සීල ධර්මයයි. නිරං කත්වා යනු බැහැරකොට ඉවතලා, අධම්මෙන යනු විසිඑක් වැදෑරුම් නුසුදුසු දිවි පැවතුම් නමැති වැරදි ජීවන ක්‍රමයෙන් සත ධම්මො යනු ඔහුගේ නම, සන්ත ධම්මො යනුද පාඨයකි. නනන්දති යනු සතධම්ම මානවකයා සැඩොලා ඉඳුල් කළ බත් මා විසින් ලබන ලදැයි ඒ ලාභයෙන් සතුටු නොවෙන්නා සේ මේ ශාසනයේ පැවිදි වූ කුල පුත්‍රයා නුසුදුසු ලෙස ලබන ලද ලාභය අනුභව කරමින් සතුටු නොවෙයි. සන්තෝෂ නොවෙයි. ගැරහිය යුතු ජීවන ක්‍රමයෙන් ජීවත් වෙමියි, දොම්නසට පත් වූයේම වෙයි. ඒ නිසා නුසුදුසු විධියට දිවි ගෙවන්නාට සතධම්ම මානවකයාට මෙන් වනයට ගොස් අනාථව මරණයට පත්වීම උතුම්ය.
එවං සත්ථා ඉමං ධම්මදෙසනං දෙසෙත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ බහූ භික්ඛූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසු. “තදා මාණවො ආනන්දො අහොසි, අහමෙව චණ්ඩාලපුත්තො අහොසි”න්ති.
මෙසේ බුදුරජාණන් වහන්සේ මේ සතධම්ම ධර්මදේශනාව දක්වා සිව්සස් දේශනාකොට ජාතක කථාව නිමවා වදාළ සේක. චතුරාර්ය සත්‍ය දේශනාවගේ කෙළවර බොහෝ භික්ෂූහු සෝවාන් ආදී මාර්ගඵල වලට පැමිණියාහුය. එකල මම ම සැඩොල් පුත්‍රයා වූයෙමි යි වදාළහ.
සතධම්මජාතකවණ්ණනා නවමා.