10. දුද්දදජාතකවණ්ණනා 180 අට්ඨකථා
10. දුද්දදජාතකවණ්ණනා (180)
10. දුද්දද ජාතකය (180)
දුද්දදං දදමානානන්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො ගණදානං ආරබ්භ කථෙසි. සාවත්ථියං කිර ද්වෙ සහායකා කුටුම්බියපුත්තා ඡන්දකං සංහරිත්වා සබ්බපරික්ඛාරදානං සජ්ජෙත්වා බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං නිමන්තෙත්වා සත්තාහං මහාදානං පවත්තෙත්වා සත්තමෙ දිවසෙ සබ්බපරික්ඛාරෙ අදංසු. තෙසු ගණජෙට්ඨකො සත්ථාරං වන්දිත්වා එකමන්තං නිසීදිත්වා “භන්තෙ, ඉමස්මිං දානෙ බහුදායකාපි අත්ථි අප්පදායකාපි, තෙසං සබ්බෙසම්පි ‘ඉදං දානං මහප්ඵලං හොතූ’”ති දානං නිය්යාදෙසි. සත්ථා “තුම්හෙහි ඛො උපාසකා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස දානං දත්වා එවං නිය්යාදෙන්තෙහි මහාකම්මං කතං, පොරාණකපණ්ඩිතාපි දානං දත්වා එවමෙව නිය්යාදිංසූ”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
දුද්දදං දදමානානං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් සාමූහිකව දුන් දානයක් මුල් කරගෙන වදාළ සේක. සැවැත්නුවර වනාහි යහලු කෙළඹි පුත්‍රයෝ සම්මාදම් කොට සියලු පිරිකර සහිත දානයක් සූදානම්කොට බුදුරජාණන් වහන්සේ ප්‍රධාන භික්ෂු සංඝයාට ආරාධනා කොට සතියක් මහදන් දී සත්වෙනි දින සියලු පිරිකර පූජා කළහ. ඔවුන් අතුරෙන් පිරිසේ නායකයා බුදුරජාණන් වහන්සේට වැඳ එකත්පසෙක සිට ස්වාමීනි! මේ දානයෙහි වැඩිපුර කැපවී ක්‍රියා කළ අයද සිටිති. ඒ සියලු දොනටම මේ දානය මහත්ඵල වේවායි දානමය පින පැවරුවේය. එවිට බුදුරජාණන් වහන්සේ උපාසකවරුනි, තොප වනාහි බුදුපාමොක් මහසඟනට දන් දී මෙසේ පිං පැවරීමෙන් මහත් කුශල කර්මයක් කරන ලදි. පෙර නුවණ ඇති ජනයාද දන් දී මෙසේම පිං පැමිණවූහයි වදාරා, ඒ උපාසකයා විසින් අයදින ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො කාසිරට්ඨෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො තක්කසිලායං සබ්බසිප්පානි උග්ගණ්හිත්වා ඝරාවාසං පහාය ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා ගණසත්ථා හුත්වා හිමවන්තපදෙසෙ චිරං වසිත්වා ලොණම්බිලසෙවනත්ථාය ජනපදචාරිකං චරමානො බාරාණසිං පත්වා රාජුය්යානෙ වසිත්වා පුනදිවසෙ ද්වාරගාමෙ සපරිවාරො භික්ඛාය චරි. මනුස්සා භික්ඛං අදංසු. පුනදිවසෙ බාරාණසියං චරි, මනුස්සා සම්පියායමානා භික්ඛං දත්වා ගණබන්ධනෙන ඡන්දකං සංහරිත්වා දානං සජ්ජෙත්වා ඉසිගණස්ස මහාදානං පවත්තයිංසු. දානපරියොසානෙ ගණජෙට්ඨකො එවමෙව වත්වා ඉමිනාව නියාමෙන දානං නිය්යාදෙසි. බොධිසත්තො “ආවුසො, චිත්තප්පසාදෙ සති අප්පකං නාම දානං නත්ථී”ති වත්වා අනුමොදනං කරොන්තො ඉමා ගාථා අවොච –
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ කසීරට බමුණු කුලයක ඉපදී වැඩිවියට පත්වූවාහු තක්සලා නුවරින් සියලු ශිල්ප ඉගෙනගෙන ගිහිගෙයි වාසය අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදිව තවුස් පිරිසේ අනුශාසකයා වී හිමාල වනයෙහි කලක් වාසයකොට ලුනු ඇඹුල් සෙවීම පිණිස ජනපද චාරිකාවෙහි හැසිරෙමින් බරණැස් නුවරට පැමිණ රජ උයනෙහි වාසයකොට දෙවන දවසේ නුවර දොරටුව අසල ගමක පිරිවර සමග පිඬුසිඟා හැසිරුණෝය. මිනිස්සු දානය දුන්නාහුය. දෙවන දවසේ බරණැස් නුවර හැසිරුණෝය. මිනිස්සු සතුටින් පිළිගෙන භික්ෂාව දී සාමූහිකව සම්මාදම් එකතුකොට දන් පිළියෙල කොට තවුස් පිරිසට මහදන් පැවැත්වූහ. දන් දී අවසානයේ පිරිස් නායකයාද මෙසේම කියා මේ ක්‍රමයෙන්ම දානමය පින පැවරීය. බෝසතාණන් වහන්සේ ඇවැත්නි! සිතේ පැහැදීම ඇතිවිට දානය අල්පයයි සැලකීමක් නම් නැතැයි කියා අනුමෝදනා කරමින්
“දුද්දදං දදමානානං, දුක්කරං කම්ම කුබ්බතං; අසන්තො නානුකුබ්බන්ති, සතං ධම්මො දුරන්නයො.
දුද්දදං දදමානානං දුක්කරං කම්මකුබ්බතං, අසන්තො නානුකුබ්බන්ති සතං ධම්මං දුරන්නයො.
“තස්මා සතඤ්ච අසතං, නානා හොති ඉතො ගති; අසන්තො නිරයං යන්ති, සන්තො සග්ගපරායණා”ති.
තස්මා සතඤ්ච අසතඤ්ච නානා හොති ඉතො ගති, අසන්නො නිරයං යන්ති සන්තො සග්ගපරායණා
යන මේ ගාථාව කීවේය.
අසත්පුරුෂයෝ (හැමදෙනා විසින්ම නොකළ හැකි හෙයින්) දුද්දද නම් වූ දන් දෙන්නවුන්ද, දුෂ්කර වූ ක්‍රියා කරන්නවුන්ද අනුකරණය නො කෙරෙති. (එසේම) සත්පුරුෂයන්ගේ ස්වභාව සංඛ්‍යාත දානය (මෙබඳු ඵලවිපාක ඇතැයි නොදත හැකි වෙති. එහෙයින් සත්පුරුෂයන්ගේද, අසත්පුරුෂයන්ගේද මෙයින් මතු භවයෙහි ප්රතිසන්ධිය වෙනස් වෙයි. අසත්පුරුෂයෝ නිරයට යෙති. සත්පුරුෂයෝ සර්ග පරායන වෙත්.
තත්ථ දුද්දදන්ති දානං නාම ලොභදොසවසිකෙහි අපණ්ඩිතෙහි දාතුං න සක්කා, තස්මා “දුද්දද”න්ති වුච්චති. තං දදමානානං. දුක්කරං කම්ම කුබ්බතන්ති තදෙව දානකම්මං සබ්බෙහි කාතුං න සක්කාති දුක්කරං. තං කුරුමානානං. අසන්තොති අපණ්ඩිතා බාලා. නානුකුබ්බන්තීති තං කම්මං නානුකරොන්ති. සතං ධම්මොති පණ්ඩිතානං සභාවො. දානං සන්ධායෙතං වුත්තං. දුරන්නයොති ඵලසම්බන්ධවසෙන දුජ්ජානො, එවරූපස්ස දානස්ස එවරූපො ඵලවිපාකො හොතීති දුරනුබොධො. අපිච දුරන්නයොති දුරධිගමො, අපණ්ඩිතෙහි දානං දත්වා දානඵලං නාම ලද්ධුං න සක්කාතිපි අත්ථො. නානා හොති ඉතො ගතීති ඉතො චවිත්වා පරලොකං ගච්ඡන්තානං පටිසන්ධිග්ගහණං නානා හොති. අසන්තො නිරයං යන්තීති අපණ්ඩිතා දුස්සීලා දානං අදත්වා සීලං අරක්ඛිත්වා නිරයං ගච්ඡන්ති. සන්තො සග්ගපරායණාති පණ්ඩිතා පන දානං දත්වා සීලං රක්ඛිත්වා උපොසථකම්මං කරිත්වා තීණි සුචරිතානි පූරෙත්වා සග්ගපරායණා හොන්ති, මහන්තං සග්ගසුඛසම්පත්තිං අනුභවන්තීති.
එහි, දුද්දදං යනු දානය නම් ලෝභය ආදිකොට ඇති කෙලෙස් දොස්වලින් යුතු අසත්පුරුෂයන් විසින් දීමට නොහැකිය. ඒ නිසා දුද්දද යයි කියනු ලැබේ. තං එය, දද්දමානානං දුක්කරං කම්ම කුබ්බතං යනු ඒ දානමය පිංකම සියලුදෙනා විසින් ක්‍රියාත්මක කිරීමට නොහැකි නිසා දුෂ්කර වූ ඒ දානමය ක්‍රියාව කරන්නවුන් අසන්තොති පණ්ඩිත නොවූ අය, බාලයෝ නානුකුබ්බන්ති යනු ඒ කර්මය අනුකරණය නොකරත්. සතං ධම්මො යනු නුවණ ඇති අයගේ ස්වභාවයයි. දානය සඳහා මෙය කියන ලදි. දුරන්නයො යනු දානඵලය සම්බන්ධයෙන් දැනගැනීමට අපහසු, මෙබඳු දානයාගේ මෙබඳු ඵලවිපාක වේයයි අවබෝධ කරගැනීමට අපහසු. තවද, දුරන්නයො යනු දුරධිගමො, මෝඩයන් විසින් දානයක් දී දානයෙහි ඵලවිපාකයක් නම් ලැබීමට නොහැකිය යන අර්ථයි. නානාහොති ඉතො ගති යනු මෙයින් චුතවී පරලොව යන්නවුන්ගේ පිළිසිඳ ගැනීම් නන් අයුරු වෙයි. අසන්තො නිරයං යන්ති යනු මෝඩ දුසිල් අය දන් නොදී සිල් නොරැක අපායට යත්, සන්තො සග්ගපරායණා යනු නුවණ ඇති අය දන් දී සිල් රැක, පෙහෙවස් වැස තුන් සුචරිත ධර්මයන් පුරා දෙව්ලොව යත්. මහත් සග සුව සැප අනුභව කරත් යනුයි.
එවං බොධිසත්තො අනුමොදනං කත්වා චත්තාරො වස්සිකෙ මාසෙ තත්ථෙව වසිත්වා වස්සාතික්කමෙ හිමවන්තං ගන්ත්වා ඣානං නිබ්බත්තෙත්වා අපරිහීනජ්ඣානො බ්රහ්මලොකූපගො අහොසි.
මෙසේ බෝසතාණන් වහන්සේ දානානුමෝදනාව කොට වැසි හාරමස එහිම වාසයකොට වැසි ඉක්මුණු කල්හි හිමාල වනයට ගොස් ධ්‍යාන උපදවා නොපිරිහුණු ධ්‍යාන ඇත්තාහු බඹලොව උපන් සේක.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා ඉසිගණො බුද්ධපරිසා අහොසි, ගණසත්ථා පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල තවුස් පිරිස මේ බුදුපිරිසයි. නායක තවුසා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.
දුද්දදජාතකවණ්ණනා දසමා.
කල්යාණවග්ගො තතියො.
තෙවැනි කල්‍යාණ ධර්ම වර්ගය නිමියේය.
තස්සුද්දානං –
කල්යාණධම්මං දද්දරං, මක්කටි දුබ්භිමක්කටං; ආදිච්චුපට්ඨානඤ්චෙව, කළායමුට්ඨි තින්දුකං; කච්ඡපං සතධම්මඤ්ච, දුද්දදන්ති ච තෙ දස.