යෙදුමෙන් කියවන්න

1. අසදිසජාතකවණ‍්ණනා 181 අට‍්ඨකථා

1. අසදිසජාතකවණ‍්ණනා (181)

1. අසදිස ජාතකය (181)

ධනුග‍්ගහො අසදිසොති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො මහාභිනික‍්ඛමනං ආරබ‍්භ කථෙසි. එකදිවසඤ‍්හි භික‍්ඛූ ධම‍්මසභායං සන‍්නිසින‍්නා භගවතො මහානික‍්ඛමපාරමිං වණ‍්ණෙන‍්තා නිසීදිංසු. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, තථාගතො ඉදානෙව මහාභිනික‍්ඛමනං නික‍්ඛන‍්තො, පුබ‍්බෙපි සෙතච‍්ඡත‍්තං පහාය නික‍්ඛන‍්තොයෙවා”ති වත්‍වා අතීතං ආහරි.

ධනුග්ගහො අසදිසො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවන මහා විහාරයෙහි වැඩවාසය කරන සේක් උන්වහන්සේගේ මහභිනික්මන මුල්කරගෙන දේශනා කළ සේක. එක්දිනක් භික්‍ෂූන් වහන්සේලා දම්සභාවෙහි රැස්ව භාග්‍යවතුන් වහන්සේගේ මහා නෙක්ඛම්ම පාරමිතාව වර්ණනා කරමින් වැඩ සිටියාහුය. එහි වැඩමකළ ශාස්තෲන් වහන්සේ, මහණෙනි! තථාගතයන් වහන්සේ දැන් පමණක් මහභිනික්මන් කළාහු නොවෙති. පෙරත් රජසැප හැරදමා (සේසත හැරදමා) නික්මුණාහු යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො තස‍්ස අග‍්ගමහෙසියා කුච‍්ඡිම‍්හි පටිසන්‍ධිං ගණ‍්හි, තස‍්ස සොත්‍ථිනා ජාතස‍්ස නාමග‍්ගහණදිවසෙ “අසදිසකුමාරො”ති නාමං අකංසු. අථස‍්ස ආධාවිත්‍වා පරිධාවිත්‍වා විචරණකාලෙ අඤ‍්ඤො පුඤ‍්ඤවා සත‍්තො දෙවියා කුච‍්ඡිම‍්හි පටිසන්‍ධිං ගණ‍්හි, තස‍්ස සොත්‍ථිනා ජාතස‍්ස නාමග‍්ගහණදිවසෙ “බ්‍රහ‍්මදත‍්තකුමාරො”ති නාමං අකංසු. තෙසු බොධිසත‍්තො සොළසවස‍්සකාලෙ තක‍්කසිලං ගන‍්ත්‍වා දිසාපාමොක‍්ඛස‍්ස ආචරියස‍්ස සන‍්තිකෙ තයො වෙදෙ අට‍්ඨාරස ච සිප‍්පානි උග‍්ගණ‍්හිත්‍වා තෙසු ඉස‍්සාසසිප‍්පෙ අසදිසො හුත්‍වා බාරාණසිං පච‍්චාගමි. රාජා කාලං කරොන‍්තො “අසදිසකුමාරස‍්ස රජ‍්ජං දත්‍වා බ්‍රහ‍්මදත‍්තස‍්ස ඔපරජ‍්ජං දෙථා”ති වත්‍වා කාලමකාසි. තස‍්මිං කාලකතෙ බොධිසත‍්තො අත‍්තනො රජ‍්ජෙ දීයමානෙ “න මය‍්හං රජ‍්ජෙනත්‍ථො”ති පටික‍්ඛිපි, බ්‍රහ‍්මදත‍්තං රජ‍්ජෙ අභිසිඤ‍්චිංසු. බොධිසත‍්තො “මය‍්හං රජ‍්ජෙන අත්‍ථො නත්‍ථී”ති කිඤ‍්චිපි න ඉච‍්ඡි, කනිට‍්ඨෙ රජ‍්ජං කාරෙන‍්තෙ පකතියා වසනාකාරෙනෙව වසි. රාජපාදමූලිකා “අසදිසකුමාරො රජ‍්ජං පත්‍ථෙතී”ති වත්‍වා රඤ‍්ඤො සන‍්තිකෙ බොධිසත‍්තං පරිභින්‍දිංසු. සොපි තෙසං වචනං ගහෙත්‍වා පරිභින‍්නචිත‍්තො “භාතරං මෙ ගණ‍්හථා”ති මනුස‍්සෙ පයොජෙසි.

පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ ඔහුගේ අගමෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගත් සේක. ඒ දරුවා සුවසේ උපන් බැවින්, නම් තබන දවසේ “අසදිස” කුමරායයි නම් කළාහුය. ඉක්බිති මොහු ඒ මේ අත දුවපැන හැසිරෙන කාලයේ තවත් පිං ඇති දරුවෙක් (සත්ත්වයෙක්) දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඔහුද සුවසේ උපන් බැවින් නම් තබන දවසේ “බඹදත්” කුමරා යයි නම් කළාහුය. ඔවුන් දෙදෙනාගෙන් බෝසතාණන් වහන්සේ සොළොස් වයස් කාලයේ තක්සලා නුවරට ගොස් දිසාපාමොක් ඇදුරුතුමාගේ සමීපයෙහි ත්‍රිවේදයද අටළොස් ශිල්පද ඉගෙනගෙන දුනු ශිල්පයෙහි අසමාන පුහුණුවක් ලබාගෙන බරණැසට පෙරළා පැමිණියේය. පිය මහරජතුමා අවසාන කාලයේ අසදිස කුමාරයාට රාජ්‍යය දී බඹදත් කුමරුට යුවරජකම දෙවයි කියා සිටියදී කලුරිය කෙළේය. පියා කලුරිය කළ කල්හි බෝසතාණන් වහන්සේ තමන්ට රජකම දෙද්දී මට රාජ්‍යයෙන් ඵලක් නැතැයි රජකම ප්‍රතික්‍ෂේප කළහ. ඒ නිසා බඹදත් කුමරු රාජ්‍යයෙන් අභිෂේක කළහ. බෝධිසත්ත්වයන් වහන්සේ මට කීර්තියෙන් ප්‍රයෝජනයක් නැතැයි කිසිවක් නොකැමැති වූ සේක. කණිටු සොහොයුරා රජ කරද්දී සාමාන්‍ය ස්වභාවයෙන්ම විසුවේය. රජතුමා ළඟින්ම ඇසුරු කරන්නෝ අසදිස කුමාරයා රජකම බලාපොරොත්තු වන්නේ යයි කියා රජු කෙරෙහි බෝධිසත්ත්වයන් බිඳවූහ. රජතුමාද ඔවුන්ගේ වචනය විශ්වාසකොට බිඳුණු සිත් ඇත්තේ මගේ සහෝදරයා අත්අඩංගුවට ගනිව් යයි මිනිසුන් යෙදවීය.

අථෙකො බොධිසත‍්තස‍්ස අත්‍ථචරකො තං කාරණං බොධිසත‍්තස‍්ස ආරොචෙසි. බොධිසත‍්තො කනිට‍්ඨභාතිකස‍්ස කුජ‍්ඣිත්‍වා නගරා නික‍්ඛමිත්‍වා අඤ‍්ඤං රට‍්ඨං ගන‍්ත්‍වා “එකො ධනුග‍්ගහො ආගන‍්ත්‍වා රාජද‍්වාරෙ ඨිතො”ති රඤ‍්ඤො ආරොචාපෙසි. රාජා “කිත‍්තකං භොගං ඉච‍්ඡසී”ති පුච‍්ඡි . “එකසංවච‍්ඡරෙන සතසහස‍්ස”න‍්ති. “සාධු ආගච‍්ඡතූ”ති. අථ නං ආගන‍්ත්‍වා සමීපෙ ඨිතං පුච‍්ඡි – “ත්‍වං ධනග‍්ගහොසී”ති? “ආම, දෙවා”ති. “සාධු මං උපට‍්ඨහස‍්සූ”ති. සො තතො පට‍්ඨාය රාජානං උපට‍්ඨහි. තස‍්ස පරිබ‍්බයං දීයමානං දිස‍්වා “අතිබහුං ලභතී”ති පොරාණකධනුග‍්ගහා උජ‍්ඣායිංසු. අථෙකදිවසං රාජා උය්‍යානං ගන‍්ත්‍වා මඞ‍්ගලසිලාපට‍්ටසමීපෙ සාණිපාකාරං පරික‍්ඛිපාපෙත්‍වා අම‍්බරුක‍්ඛමූලෙ මහාසයනෙ නිපන‍්නො උද‍්ධං ඔලොකෙන‍්තො රුක‍්ඛග‍්ගෙ එකං අම‍්බපිණ‍්ඩිං දිස‍්වා “ඉමං න සක‍්කා අභිරුහිත්‍වා ගණ‍්හිතු”න‍්ති ධනුග‍්ගහෙ පක‍්කොසාපෙත්‍වා “ඉමං අම‍්බපිණ‍්ඩිං සරෙන ඡින්‍දිත්‍වා පාතෙතුං සක‍්ඛිස‍්සථා”ති ආහ. න තං, දෙව, අම‍්හාකං ගරු, දෙවෙන පන නො බහුවාරෙ කම‍්මං දිට‍්ඨපුබ‍්බං, අධුනාගතො ධනුග‍්ගහො අම‍්හෙහි බහුතරං ලභති, තං පාතාපෙථාති.

ඉක්බිති බෝසතාණන් වහන්සේගේ යහපතෙහි හැසිරෙන එක් තැනැත්තෙක් ඒ බව දැන්වීය. බෝසතාණන් වහන්සේ බාල සහෝදරයාට කිපී වෙනත් රටකට ගොස් එක් දුනුවායෙක් අවුත් රජ දොරටුවේ සිටියේ යයි රජු දැනුවත් කරවූහ. රජතුමා ධනය කොපමණ බලාපොරොත්තු වන්නේදැයි විචාළේය. වසරකට කහවණු ලක්ෂයක් අවශ්‍ය බව කී විට හොඳයි එන්නැයි කීවේය. ඉක්බිති රජතුමා අවුත් සමීපයේ සිටි ඔහුගෙන් නුඹ දුනුවායෙක්දැයි ඇසීය. එසේය දේවයන් වහන්ස! යහපති. මට උපස්ථාන කරනුයි කීය. හෙතෙම එතැන් පටන් රජුට උපස්ථාන කෙළේය. ඔහුට වියදම් දෙන ප්‍රමාණය දැක ලොකු වැටුපක් ලබන්නේ යයි පැරණි දුනුවායෝ දොස් නැගූහ. ඉක්බිති එක්දිනක් රජතුමා උයනට ගොස් මඟුල් ගල්තලාව සමීපයෙහි තිරරෙදිවලින් වටකරවා අඹගස මුල මහා යහනක වැතිරුණේ උඩ බලමින් ගස මුදුනෙහි එක් අඹ පොකුරක් දැක මෙය ගසට නැග කඩාගන්න නොහැකියයි සිතා දුනුවායන් කැඳවා මේ අඹ පොකුර ඊතලෙන් විද කඩා හෙළන්නට හැකිදැයි ඇසීය. දේවයන් වහන්ස! මෙය අපට බැරිකමක් නැත. දේවයන් වහන්සේ විසින් බොහෝ වාරවලදී අපේ ක්‍රියා දැක ඇත. එහෙත් අළුතෙන් පැමිණි දුනුවායා අපට වඩා වැඩි වැටුප් ලබයි. ඔහු ලවා කඩවා ගනු මැනවියි කීහ.

රාජා බොධිසත‍්තං පක‍්කොසාපෙත්‍වා “සක‍්ඛිස‍්සසි, තාත, එතං පාතෙතු”න‍්ති පුච‍්ඡි. “ආම, මහාරාජ, එකං ඔකාසං ලභමානො සක‍්ඛිස‍්සාමී”ති. “කතරොකාස”න‍්ති? “තුම‍්හාකං සයනස‍්ස අන‍්තොකාස”න‍්ති. රාජා සයනං හරාපෙත්‍වා ඔකාසං කාරෙසි. බොධිසත‍්තස‍්ස හත්‍ථෙ ධනු නත්‍ථි, නිවාසනන‍්තරෙ ධනුං සන‍්නය‍්හිත්‍වා විචරති, තස‍්මා “සාණිං ලද‍්ධුං වට‍්ටතී”ති ආහ. රාජා “සාධූ”ති සාණිං ආහරාපෙත්‍වා පරික‍්ඛිපාපෙසි. බොධිසත‍්තො අන‍්තොසාණිං පවිසිත්‍වා උපරිනිවත්‍ථං සෙතවත්‍ථං හරිත්‍වා එකං රත‍්තපටං නිවාසෙත්‍වා කච‍්ඡං බන්‍ධිත්‍වා එකං රත‍්තපටං උදරෙ බන්‍ධිත්‍වා පසිබ‍්බකතො සන්‍ධියුත‍්තං ඛග‍්ගං නීහරිත්‍වා වාමපස‍්සෙ සන‍්නය‍්හිත්‍වා සුවණ‍්ණකඤ‍්චුකං පටිමුඤ‍්චිත්‍වා චාපනාළිං පිට‍්ඨියං සන‍්නය‍්හිත්‍වා සන්‍ධියුත‍්තමෙණ‍්ඩකමහාධනුං ආදාය පවාළවණ‍්ණං ජියං ආරොපෙත්‍වා උණ‍්හීසං සීසෙ පටිමුඤ‍්චිත්‍වා තිඛිණඛුරප‍්පං නඛෙහි පරිවත‍්තයමානො සාණිං ද‍්විධා කත්‍වා පථවිං ඵාලෙත්‍වා අලඞ‍්කතනාගකුමාරො විය නික‍්ඛමිත්‍වා සරඛිපනට‍්ඨානං ගන‍්ත්‍වා ඛුරප‍්පං සන‍්නය‍්හිත්‍වා රාජානං ආහ – “කිං, මහාරාජ, එතං අම‍්බපිණ‍්ඩිං උද‍්ධං ආරොහනකණ‍්ඩෙන පාතෙමි, උදාහු අධො ඔරොහනකණ‍්ඩෙනා”ති . “තාත, බහූ මයා ආරොහනකණ‍්ඩෙන පාතෙන‍්තා දිට‍්ඨපුබ‍්බා, ඔරොහනකණ‍්ඩෙන පන පාතෙන‍්තා මයා න දිට‍්ඨපුබ‍්බා, ඔරොහනකණ‍්ඩෙන පාතෙහී”ති. “මහාරාජ, ඉදං කණ‍්ඩං දූරං ආරොහිස‍්සති, යාව චාතුමහාරාජිකභවනං, තාව ගන‍්ත්‍වා සයං ඔරොහිස‍්සති, යාවස‍්ස ඔරොහනං, තාව තුම‍්හෙහි අධිවාසෙතුං වට‍්ටතී”ති. රාජා “සාධූ”ති සම‍්පටිච‍්ඡි.

රජතුමා බෝසතාණන් වහන්සේ කැඳවා දරුව! මේ අඹපොකුර බිම හෙළිය හැකිවන්නේදැයි ඇසීය. එසේය මහරජ, එක් අවස්ථාවක් ලබමින් හැකිවන්නෙමියි කීහ. කොතැනකටදැයි රජ ඇසීය. ඔබවහන්සේගේ සයනය තුළට යයි බෝසත්හු කීහ. රජතුමා සයනය ඉවත්කරවා ඉඩ සැලැස්වීය. බෝධිසත්ත්වයන් වහන්සේගේ අතෙහි දුන්නක් නැත. ඇඳුම් අතරෙහි සන්නද්ධකොට තබා හැසිරෙයි. ඒ නිසා වටතිරයක් ලැබිය යුතුයයි කීහ. රජතුමා යහපතැයි තිරයක් ගෙන්වා වට කෙරෙව්වේය. බෝසතාණන් වහන්සේ තිරය ඇතුළට පිවිස උඩින් ඇඳ ඇති සුදු වස්ත්‍රය ඉවත්කොට එක් රතුපාට වස්ත්‍රයක් ඇඳ බඳපටිය බැඳ පසිම්බුවෙන් සන්ධි යුක්ත (කෑලි සතක) කඩුව පිටතට ගෙන වම් උරේ එල්ලාගෙන සන්නද්ධ වී රන් හැට්ටය ඇඳගෙන ඊතල කොපුව පිටෙහි එල්ලාගෙන කෑලි සවිකර තැනූ (සන්ධි යුක්ත) බැටළු අඟෙන් සාදන ලද දුන්න අතින් ගෙන පබලු වැලක් වැනි ඉතා රතු දුන් ලනුවක් ලාගෙන නළල්පට හිසේ ගැට ගසා තියුණු ඊතලය නියවලින් පෙරළමින් තිරය දෙබෑකොට පොළොව පලාගෙන මතුවෙන සරසන ලද නා කුමාරයෙකු මෙන් නික්මී ඊතල විදින තැනට ගොස් ඊතලය සන්නද්ධ කොට රජතුමාට කීහ. මහරජතුමනි! කෙසේද? මේ අඹ පොකුර උඩට යන ඊ පහරින් මම බිම හෙළන්නෙම්ද? නැතිනම් පහළට එන ඊ පහරින් බිම හෙළන්නෙම්ද? දරුව! මම බොහෝවිට උඩට යන ඊ පහරින් කැඩෙනු දැක ඇත්තෙමි. පහළට එන ඊ පහරින් කැඩෙනු දැක නැත්තෙමි. පහලට එන ඊ පහරින් හෙළන්නැයි කීය. මේ ඊතලය චාතුර්මහාරාජික භවනය දක්වා ඉහළට ගොස් තෙමේම බසින්නේය. ඊතලය බසිනතුරු ඔබවහන්සේ විසින් ඉවසා සිටීමට වටීයයි කීහ. රජතුමා යහපතැයි පිළිගත්තේය.

අථ නං පුන ආහ – “මහාරාජ, ඉදං කණ‍්ඩං පන ආරොහමානං අම‍්බපිණ‍්ඩිවණ‍්ටං යාවමජ‍්ඣං කන‍්තමානං ආරොහිස‍්සති, ඔරොහමානං කෙසග‍්ගමත‍්තම‍්පි ඉතො වා එත‍්තො වා අගන‍්ත්‍වා උජුඤ‍්ඤෙව පතිත්‍වා අම‍්බපිණ‍්ඩිං ගහෙත්‍වා ඔතරිස‍්සති, පස‍්ස, මහාරාජා”ති වෙගං ජනෙත්‍වා කණ‍්ඩං ඛිපි. තං කණ‍්ඩං අම‍්බපිණ‍්ඩිවණ‍්ටං යාවමජ‍්ඣං කන‍්තමානං අභිරුහි. බොධිසත‍්තො “ඉදානි තං කණ‍්ඩං යාව චාතුමහාරාජිකභවනං ගතං භවිස‍්සතී”ති ඤත්‍වා පඨමං ඛිත‍්තකණ‍්ඩතො අධිකතරං වෙගං ජනෙත්‍වා අඤ‍්ඤං කණ‍්ඩං ඛිපි, තං ගන‍්ත්‍වා පුරිමකණ‍්ඩපුඞ‍්ඛෙ පහරිත්‍වා නිවත‍්තිත්‍වා සයං තාවතිංසභවනං අභිරුහි. තත්‍ථ නං දෙවතා අග‍්ගහෙසුං, නිවත‍්තනකණ‍්ඩස‍්ස වාතඡින‍්නසද‍්දො අසනිසද‍්දො විය අහොසි. මහාජනෙන “කිං එසො සද‍්දො”ති වුත‍්තෙ බොධිසත‍්තො “නිවත‍්තනකණ‍්ඩස‍්ස සද‍්දො”ති වත්‍වා අත‍්තනො අත‍්තනො සරීරෙ කණ‍්ඩස‍්ස පතනභාවං ඤත්‍වා භීතතසිතං මහාජනං “මා භායිත්‍ථා”ති සමස‍්සාසෙත්‍වා “කණ‍්ඩස‍්ස භූමියං පතිතුං න දස‍්සාමී”ති ආහ. කණ‍්ඩං ඔතරමානං කෙසග‍්ගමත‍්තම‍්පි ඉතො වා එත‍්තො වා අගන‍්ත්‍වා උජුඤ‍්ඤෙව පතිත්‍වා අම‍්බපිණ‍්ඩිං ඡින්‍දි. බොධිසත‍්තො අම‍්බපිණ‍්ඩියා ච කණ‍්ඩස‍්ස ච භූමියං පතිතුං අදත්‍වා ආකාසෙයෙව සම‍්පටිච‍්ඡන‍්තො එකෙන හත්‍ථෙන අම‍්බපිණ‍්ඩිං, එකෙන හත්‍ථෙන කණ‍්ඩං අග‍්ගහෙසි. මහාජනො තං අච‍්ඡරියං දිස‍්වා “න නො එවරූපං දිට‍්ඨපුබ‍්බ”න‍්ති මහාපුරිසං පසංසති උන‍්නදති අප‍්ඵොටෙති අඞ‍්ගුලියො විධූනති, චෙලුක‍්ඛෙපසහස‍්සානි පවත‍්තෙති. රාජපරිසාය තුට‍්ඨපහට‍්ඨාය බොධිසත‍්තස‍්ස දින‍්නධනං කොටිමත‍්තං අහොසි. රාජාපිස‍්ස ධනවස‍්සං වස‍්සෙන‍්තො විය බහුං ධනං මහන‍්තඤ‍්ච යසං අදාසි.

දුනුවායා නැවතත් රජුට මෙසේ කීවේය. මහරජතුමනි! මේ ඊතලය වනාහි ඉහළ නගිමින් අඹපොකුරේ නටුව මැද සාරාගෙන ඉහළ නගින්නේය. පහළට බසිමින් කෙසඟක් පමණවත් ඒ මේ අත නොගොස් සෑරූ සීමාවටම වැටී අඹපොකුර ගෙන බසින්නේය. මහරජතුමනි! බලනු මැනවියි වේගය උපදවා ඊතලය විද්දේය. ඊතලය අඹපොකුරේ නටුව වැද සාරාගෙන ඉහළ නැංගේය. බෝසතාණෝ දැන් ඒ ඊතලය චාතුර්මහා රාජික භවනය දක්වා යන්නට ඇතැයි දැනගෙන පළමුව යැවූ ඊතලයට වඩා වේගයෙන් අනිත් ඊය වැද්දේය. එය ගොස් මුලින් යැවූ ඊයේ පසු කෙළවරට පහර ගසා ආපසු හරවා එම ඊය තව්තිසා භවනට නැගුනේය. එහිදී එය දෙවියෝ අල්ලා ගත්හ. ආපසු එන ඊතලයේ හුළං කපාගෙන එන ශබ්දය හෙණහඬ මෙන් විය. මහජනයා විසින් මේ කිනම් ශබ්දයක්දැයි කීකල්හි බෝසතාණන් වහන්සේ ආපසු එන ඊතලයේ ශබ්දයයි කියා තම තමන්ගේ ශරීරවලට ඊය වැදේ යයි බියෙන් තැති ගත් මහජනයා බිය නොවන්නයි කියා අස්වසා ඊතලය බිමට වැටෙන්නට නොදෙන්නෙමියි කීවේය. ඊතලය පහළට එමින් කෙසඟක් පමණවත් එහා මෙහා නොගොස් නටුවේ වල සෑරූ සීමාවටම වැටී අඹ පොකුර නටුවෙන් සින්දේය. බෝසතාණන් වහන්සේ අඹපොකුර ද ඊතලය ද බිම වැටෙන්නට නොදී අහසේදීම (උඩදීම) පිළිගනිමින් එක් අතකින් අඹ පොකුරත්, අනිත් අතින් ඊයත් අල්ලා ගත්හ. මහජනයා ඒ අසිරිය (පුදුමය) දැක අප විසින් මෙබඳු පුදුමයක් මීට පෙර දැක නැතැයි මහා පුරුෂයාට ප්‍රශංසා කරති. මහත් නාද කරති. අත්පොළසන් දෙති. අසුරුසන් දෙති. උණබට දහස් ගණනින් නාද පතුරුවති. තුටුපහටු වූ රජ පිරිස බෝසතාණන් වහන්සේට දුන් ධනය කෝටි ගණනකි. රජතුමාද ඔහුට ධන වර්ෂාවක් වස්වන්නාක් මෙන් බොහෝ ධනය හා කිත් පැසසුම්ද ලබා දුන්නේය.

එවං බොධිසත‍්තෙ තෙන රඤ‍්ඤා සක‍්කතෙ ගරුකතෙ තත්‍ථ වසන‍්තෙ “අසදිසකුමාරො කිර බාරාණසියං නත්‍ථී”ති සත‍්ත රාජානො ආගන‍්ත්‍වා බාරාණසිනගරං පරිවාරෙත්‍වා “රජ‍්ජං වා දෙතු යුද‍්ධං වා”ති රඤ‍්ඤො පණ‍්ණං පෙසෙසුං. රාජා මරණභයභීතො “කුහිං මෙ භාතා වසතී”ති පුච‍්ඡිත්‍වා “එකං සාමන‍්තරාජානං උපට‍්ඨහතී”ති සුත්‍වා “මම භාතිකෙ අනාගච‍්ඡන‍්තෙ මය‍්හං ජීවිතං නත්‍ථි, ගච‍්ඡථ තස‍්ස මම වචනෙන පාදෙ වන්‍දිත්‍වා ඛමාපෙත්‍වා ගණ‍්හිත්‍වා ආගච‍්ඡථා”ති දූතෙ පාහෙසි. තෙ ගන‍්ත්‍වා බොධිසත‍්තස‍්ස තං පවත‍්තිං ආරොචෙසුං. බොධිසත‍්තො තං රාජානං ආපුච‍්ඡිත්‍වා බාරාණසිං පච‍්චාගන‍්ත්‍වා රාජානං “මා භායී”ති සමස‍්සාසෙත්‍වා කණ‍්ඩෙ අක‍්ඛරානි ඡින්‍දිත්‍වා “අහං අසදිසකුමාරො ආගතො, අඤ‍්ඤං එකකණ‍්ඩං ඛිපන‍්තො සබ‍්බෙසං වො ජීවිතං හරිස‍්සාමි, ජීවිතෙන අත්‍ථිකා පලායන‍්තූ”ති අට‍්ටාලකෙ ඨත්‍වා සත‍්තන‍්නං රාජූනං භුඤ‍්ජන‍්තානං කඤ‍්චනපාතිමකුලෙයෙව කණ‍්ඩං පාතෙසි. තෙ අක‍්ඛරානි දිස‍්වා මරණභයභීතා සබ‍්බෙව පලායිංසු. එවං මහාසත‍්තො ඛුද‍්දකමක‍්ඛිකාය පිවනමත‍්තම‍්පි ලොහිතං අනුප‍්පාදෙත්‍වා සත‍්ත රාජානො පලාපෙත්‍වා කනිට‍්ඨභාතරං අපලොකෙත්‍වා කාමෙ පහාය ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙත්‍වා ජීවිතපරියොසානෙ බ්‍රහ‍්මලොකූපගො අහොසි.

මෙසේ රජතුමා විසින් සත්කාර ගරුකාර කරන ලද බෝසතාණන් වහන්සේ එහි වසන කල්හි අසදිස කුමාරයා බරණැස් නුවර නැතැයි දැනගත් රජවරුන් සත්දෙනෙක් පැමිණ බරණැස් නුවර වටකරගෙන රාජ්‍යය දෙව; නැත්නම් යුද කරවයි රජුට තල්පතක් (ලිපියක්) යැවූහ. බඹදත් කුමරා මර බියෙන් බියපත් වී මාගේ සහෝදරයා කොහි වසන්නේදැයි විචාරා එක් අසල්වැසි රජ කෙනෙකුට උපස්ථාන කරන්නේ යයි අසා සහෝදරයා නොපැමිණියහොත් මගේ දිවි නැත. යව්; මාගේ වචනයෙන් ඔහුගේ පා වැඳ ක්‍ෂමා කරවා කැඳවාගෙන එවයි දූතයන් යැවීය. ඔවුහු ගොස් බෝසතාණන්ට ඒ පුවත සැල කළාහුය. බෝසතාණන් වහන්සේ ඒ පුවත රජතුමාට පවසා බරණැසට ආපසු ගොස් සහෝදර රජතුමාට බිය නොවන්නැයි අස්වසා ඊතලයක අකුරු කපා අසදිස කුමාරයා වන මම ආවෙමි. තවත් එක් ඊතලයක් විදිමින් තොප හැමදෙනාගේ දිවි තොර කරන්නෙමි. ජීවත්වීමට කැමති අය පලා යවයි අටල්ලෙහි (මුරගෙයි) සිට සත් රජවරුන් අනුභව කරන රන්තලියෙහි ඇති මොට්ටුව මත ඊතලය හෙලූහ. ඔවුහු ඒ අකුරු දැක මර බියෙන් සියල්ලෝම පලා ගියහ. මෙසේ බෝසතාණන් වහන්සේ කුඩා මැස්සෙකු බොන තරම්වත් ලේ බිඳක්වත් නොසොල්වා, සත් රජවරුන් පලවාහැර බාල සහෝදරයා දෙස බලා, කම්සැප හැරදමා තවුස් පැවිද්දෙන් පැවිදිව අභිඥා හා සමාපත්ති උපදවාගෙන දිවි කෙළවර බඹලොව උපන්නාහ.

සත්‍ථා “එවං, භික‍්ඛවෙ, අසදිසකුමාරො සත‍්ත රාජානො පලාපෙත්‍වා විජිතසඞ‍්ගාමො ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිතො”ති අභිසම‍්බුද‍්ධො හුත්‍වා ඉමා ගාථා අවොච –

බුදුරජාණන් වහන්සේ මහණෙනි! මෙසේ අසදිස කුමාරයා සත් රජවරුන් පලවාහැර දිනන ලද යුද ඇත්තේ තවුස් පැවිද්දෙන් පැවිදි වූයේ යයි සම්මා සම්බුදු වී

“ධනුග‍්ගහො අසදිසො, රාජපුත‍්තො මහබ‍්බලො; දූරෙපාතී අක‍්ඛණවෙධී, මහාකායප‍්පදාලනො.

ධනුග්ගහො අසදිසො රාජ පුත්තො මහබ්බලො, දූරෙපතී අක්ඛණ වෙධී මහා කායප්පදාලනො.

“සබ‍්බාමිත‍්තෙ රණං කත්‍වා, න ච කඤ‍්චි විහෙඨයි; භාතරං සොත්‍ථිං කත්‍වාන, සංයමං අජ‍්ඣුපාගමී”ති.

සබ්බාමිත්තෙ රණං කත්‍වා නච කිඤ්චි විහෙඨයි, භාතරං සොත්‍ථිං කත්‍වාන සඤ්ඤමං අජ්ඣුපාගමි.

යන මේ ගාථා වදාළ සේක.

මහත් වූ බල ඇති ඊතලය දුරට විදිනා වූ ඉලක්ක නොවරදවා විදින මහාකායයන් පලන්නා වූ අසදිස නැමති රාජපුත්‍ර දුනුවායා

සියලු සතුරන් යුදකොට පලවාහැර කිසිවක්හු නො පෙළීය. මලනුවන් සුවපත්කොට සීල සංයමයට හෙවත් පැවිද්දට පැමිණියෙමි.

තත්‍ථ අසදිසොති න කෙවලං නාමෙනෙව, බලවීරියපඤ‍්ඤාහිපි අසදිසොව. මහබ‍්බලොති කායබලෙනපි පඤ‍්ඤාබලෙනපි මහබ‍්බලො. දූරෙපාතීති යාව චාතුමහාරාජිකභවනා තාවතිංසභවනා ච කණ‍්ඩං පෙසෙතුං සමත්‍ථතාය දූරෙපාතී. අක‍්ඛණවෙධීති අවිරාධිතවෙධී. අථ වා අක‍්ඛණා වුච‍්චති විජ‍්ජු, යාව එකා විජ‍්ජු නිච‍්ඡරති, තාව තෙනොභාසෙන සත‍්තට‍්ඨ වාරෙ කණ‍්ඩානි ගහෙත්‍වා විජ‍්ඣතීති අක‍්ඛණවෙධී. මහාකායප‍්පදාලනොති මහන‍්තෙ කායෙ පදාලෙති. චම‍්මකායො, දාරුකායො, ලොහකායො, අයොකායො, වාලිකකායො, උදකකායො, ඵලකකායොති ඉමෙ සත‍්ත මහාකායා නාම. තත්‍ථ අඤ‍්ඤො චම‍්මකායපදාලනො මහිංසචම‍්මං විනිවිජ‍්ඣති, සො පන සතම‍්පි මහිංසචම‍්මානං විනිවිජ‍්ඣතියෙව. අඤ‍්ඤො අට‍්ඨඞ‍්ගුලබහලං උදුම‍්බරපදරං, චතුරඞ‍්ගුලබහලං අසනපදරං විනිවිජ‍්ඣති, සො පන ඵලකසතම‍්පි එකතො බද‍්ධං විනිවිජ‍්ඣති, තථා ද‍්වඞ‍්ගුලබහලං තම‍්බලොහපට‍්ටං, අඞ‍්ගුලබහලං අයපට‍්ටං. වාලිකසකටස‍්ස බදරසකටස‍්ස පලාලසකටස‍්ස වා පච‍්ඡාභාගෙන කණ‍්ඩං පවෙසෙත්‍වා පුරෙභාගෙන අතිපාතෙති, පකතියා උදකෙ චතුඋසභට‍්ඨානං කණ‍්ඩං පෙසෙති, ථලෙ අට‍්ඨඋසභන‍්ති එවං ඉමෙසං සත‍්තන‍්නං මහාකායානං පදාලනතො මහාකායප‍්පදාලනො. සබ‍්බාමිත‍්තෙති සබ‍්බෙ අමිත‍්තෙ. රණං කත්‍වාති යුද‍්ධං කත්‍වා පලාපෙසීති අත්‍ථො. න ච කඤ‍්චි විහෙඨයීති එකම‍්පි න විහෙඨෙසි. අවිහෙඨයන‍්තොයෙව පන තෙහි සද‍්ධිං කණ‍්ඩපෙසනෙනෙව රණං කත්‍වා. සංයමං අජ‍්ඣුපාගමීති සීලසංයමං පබ‍්බජ‍්ජං උපගතො.

එහි, අසදිසො යනු හුදෙක් නමින් පමණක් නොව බලයෙන්, වීර්යයෙන් හා නුවණින්ද අසමාන වේමය. මහබ්බලො යනු කාය බලයෙන් හා ඤාණ බලයෙන්ද මහ බල ඇති, දූරෙපති යනු චාතුර්මහා රාජිකය හා තාවතිංස භවනය දක්වා ඊතලය යැවීමට සමත් බැවින් දුර හෙළන්නා වූ අක්ඛණවෙධී යනු නොවරද්දාම විදින්නා වූ. නැතහොත් විදුලියට අක්ඛණං යයි කියනු ලැබේ. එක් විදුලියක් නික්මෙනවිට ඒ එළියෙන් සත්අට වරක් ඊතල ගෙන විදියි යන අර්ථයෙන් අක්ඛණවෙධී නම් වේ. මහාකායප්ප දාලොන යනු ලොකු ශරීර පලයි. 1. සම්කය, 2. දරකය, 3. ලෝහ කය, 4. යකඩ කය, 5. වැලිතලා කය, 6. ජලකය, 7. ලෑලි කය, මේ හත මහා කාය නමි. එහි සම්කය පලන අනිකෙක් මීහරක් හම සිදුරු කරයි. ඔහු වනාහි මීහරක් සම් සියයක් පසාරු කරයි. අනිකෙක් අඟල් අටක් ඝන තිඹිරි ලෑල්ලක් අඟල් හතරක් ඝන පියා ලෑල්ලක් (පියා පෝරු) සිදුරු කරයි. හෙතෙම (බෝසත්තුමා) වනාහි එකට බැඳි ලෑලි සියයක් වුවද සිදුරු කරයි. එසේම දෑඟුල් (අඟල් 2) ඝන තඹ තහඩුවක්ද අඟලක් ඝන වූ යකඩ තහඩුවක්ද, වැලි කරත්තයක හෝ ලෑලි කරත්තයක හෝ පිදුරු කරත්තයක හෝ පසුපසින් ඊයක් යවා ඉදිරිපසින් විදියි. ප්‍රකෘති ජලයෙහි සතර උසබක් (රියන් පන්සිය හැටක්-560) පමණ ගැඹුරු තැනකට වුවද ඊ යවයි. ගොඩබිම අට උස්බක් (රියන් එක්දහස් එකසිය විස්සක්-1120 පමණ ගැඹුරට විදියි) මෙසේ මේ මහාකාය සත පලන බැවින් මහාකායප්පලනො නම් වේ. සබ්බාමිත්තෙ යනු සියලු අමිත්‍රයන්, රණංකත්‍වා යනු යුද්ධකොට පලවා හැරියේය යන අර්ථයි. නචකිඤ්චි විහෙඨයි යනු එකෙකුද නොවෙහෙසුවේය. වෙහෙසට පත් නොකරමින්ම ඊතලය යැවීම් පමණකින්ම යුදකොට සඤ්ඤමං අජ්ඣුපාගමී යු සීල සංවරයට පැවිද්දට එළඹියේය යනුයි.

එවං සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා කනිට‍්ඨභාතා ආනන්‍දො අහොසි, අසදිසකුමාරො පන අහමෙව අහොසි”න‍්ති.

මෙසේ ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල බාල සහෝදරයා ආනන්දය. අසදිස කුමාරයා වනාහි මම ම වෙමි යි වදාළ සේක.

අසදිසජාතකවණ‍්ණනා පඨමා.